Katha Ahura

රණ හංසි | 11 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (3 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

11 කොටස

???

එතකොට ම ඒක ඇතුලෙන් මතු වුනේ තවත් බොක්ස් එකක් ෂුවර් එකටම මේක නම් අර ඩබලගෙ මොකක්ම හරි නසරාණි වැඩක්ම තමා කොහොම හරි බොක්ස් හතර පහක්ම ඔය විදියට මං ඕපන් කර කර බැලුවෙ මගෙ රතුකට්ට පනින්න ඔන්න මෙන්න තියෙද්දි

ඊළගට මතුවුණ බොක්ස් එක මං ඕපන් කලේ මේකෙන් පස්සෙත් බොක්ස් එකක් මතුවුනොත් මේකෙන්ම මේ ඩබලට දමල ගහනවයි කියල හිතන් ඇයි යකූ ඔහොමත් බයිට් වෙන්න පුලුවනැයි බර්ත්ඩේ එක කියල
???

“අ..ර්ර්ර්ර් මී හරක් දෙන්නා”

ඒක ඕපන් කරනවත් එක්කම ඒක ඇතුලෙන් මතු වුනේ ලයිෆ්බෝයි සබන් කැටේකුයි කොහු බ්‍රෂ් එකකුයි
???

“උබ නාන්නෙත් නෑනෙ ඒ නිසා ඕක ගාලා ඔය බ්‍රෂ් එකෙන් හොදට කුණු අතුල්ලලා නා ගනින්”

ඒත් එක්කම සද්දෙට කෑ ගහල කිව්වෙ ලොකූ යි කෙශාන් අයිය යි

“මං තමුසෙලා දෙන්නට…….”

“ඒයි මෝඩ ජෝඩුව ඔහොම හිටු”

කට්ටියටම හිනාවෙද්දී මං පුපුර පුපුර අර ජෝඩුවගෙ පස්සෙන් පැන්නුවේ ඒ දෙන්නත් කකුල් දෙකට වැද වැද දුවද්දී

ටික වෙලාවකින් මං ගේ ඇතුලට ආවෙ කොයි වෙලේ හරි අර ඩබලව මට අහුවෙයිනෙ කියල හැමදාම දුව දුව ඉන්නයැ

?????

අපි හැමෝම කයිය ගගහ ඉදල දවල්ට ත් කාල සිතූ යි රිතූ යි ගෙදර ගියේ සදුදා ඉදන් අපි බලපු කෝස් එකට යන්න ලෑස්ති වෙමු යි කියල කතාකරගෙන

ඊට ටික වෙලාවකට පස්සෙ ලොකුත් තුෂාරි අක්කව ගෙදරට දාලා එන්නම් කියල ගියේ කෙශාන් අයියට ඉන්න කියල එයා ඉක්මණට එනව කියල.පස්සෙ අනූ ත් නිදිමතයි කියල කාමරේට රිංගගත්තෙ මායි කෙශාන් අයියයි විතරක් සාලෙ තනිවෙද්දී

ටික වෙලාවක් එහෙම්මම ඉදල මං ශේප් එකේ බැලුවෙ කෙශාන් අයියා දිහා මේන් මේක ඉන්නව ෆෝන් එකට එබිල ඇදන් ඉන්න රෙද්ද කව්රු හරි ඇවිත් ගලවන් ගියත් දන්නෑ වගේ

“ආපෝ දැන්නම් පට්ට කම්මැලි අප්පා”

“මොකෝ ඉතින් මේකා ලග හිටියට කතාකරන එකක්‍ යැ තියෙන ආඩම්බර කම විතරක්”

“වෙන උන් එක්කල නම් හොදට සිරික්කිය දාන් ඉන්න පුලුවන්”

“මේ අහින්සක මට තමා පිප්පිල්ල”

“හැටි විතරක් රිලා මොටා”

මං එයා දිහා බලාගෙන කුටු කුටු ගගා බැන බැනම ඇවිත් ඉදගත්තෙ මිදුලේ තිබුන සිමෙන්ති බංකුවෙන්

ඔය අතරෙ කෙශාන් ඇස් කොණෙන් දැක්කා හිරූ තමන් දිහා බලන් ඉන්නවා ඒ කෙශාන් ට ඒ කියපුවා ඇහුනත් කෙශාන් කිසිවක් නොකියා කටවහන් අහගෙන හිටියට නැගෙන්නට ගියපු හිනාවත් යටිතොල හපාගෙන ආයාසයෙන් මැඩගෙන

ඒත් එක්කම ඒ හිනාව එලියට පැන්නෙ හිරූ එකපාරටම තමාටත් ගස්සගෙන එතනින් යදදි

බංකුවට වෙලා ඇස් දෙකත් වහගෙන කල්ප්නාවක ඉදපු මං ඒ කල්පනාවෙන් මිදුනෙ මං ලගින් කව්රු හරි ඉදගන්නව වගේ දැනුන නිසා වෙන කව්රුත් නෙවෙයි ඒ කෙශාන් අයියා

එයත් කතා නොකර එහෙම්මම ඉදන් ඉද්දි මාත් ඒ විදියටම හිටියේ එයාව ගනන් ගත්තෙ නෑ වගේ

“මාව තමුසෙට පෙන්නෙ රිලා මොටෙක් වගේද ආහ්?”

“ඇහ්”

කෙශාන් අයියා මගෙන් අහපු දේත් එක්ක මං සිමෙන්ති බංකුවෙන් කෙළින් වුනෙ ඉද්ද ගැහැව්වා වගේ
???

“යකො මේකාට පරචිත්තවිජානන ඤාණය වත් පහල වෙලාද දන්නෑ”

එහෙම හිතන් ගමන් මං එයා දිහා බැලුවෙ නිකන් තක්බීරි වෙලා වගේ

“අර කුටු කුටු ගගා මට බැනපුවා ඇහුනා හොදේ”

හපොයි මේකාට ඇහිලනේ මාළුවා නහින්නෙත් කට හිනදා කියනවනේ සේරටම මුල මගෙ මේ බ්‍රේක් නැති කට තමා අඩේ මේකා මාව මරල හංගයිද දන්නෑ මං හැදුවෙ ශේප් ටක්ගාල ගෙට දුවන්න

“ආ..හ්හ්හ්”

______________________________________________

කෙශාන් හිරූව මරයිද ලමායි ???එනම් ඔන්න කට්ටියටම මල ගෙදර එන්න ලෑස්ති වෙන්නොඕඕඕ

කමෙන්ට් එකක් දාගෙන ඔයාලගෙ අදහස් කියාගෙනම යන්නෝඕඕඕඕඕඕ

14 thoughts on “රණ හංසි | 11 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

          1. අනේ මංදා අක්කියෝ…. සැරෙන් සැරේ ඔලුව කැක්කුමක් ඇවිත් ටිකකින් නැතුව යනවා…. ගොඩක්ම phone screen එක දිහා බලාගෙන ඉද්දියි ගොඩක් රෑ වෙනකම් ඇස් ඇරන් ඉද්දියි….

  1. රිතූ ?

    දඟයෝ… ඔයාගේ කමෙන්ට් පෙන්ඩින් අප්පා ???

    පාඩම් කරනවා, phone එක ඔබන්න වෙලාවක් නෑ කිව්වම මම කන්පියුස් වුණා ????
    පස්සේ නේ හරියටම කියලා තිබ්බ එක දැක්කේ ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.