Katha Ahura

රණ හංසි | 13 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

13 කොටස

ඒ පැත්ත බලපු ගමන් මගෙ ඇස් දෙක ජිල් බෝල සයිස් වුනෙ එතන හිටන් ඉදපු දෙන්නා දැකලා වෙන කව්රුත් නෙවෙයි අනූ යි ලොකූ යි ඒ හිටන් හිටියෙ

හපොයි වසල හමාරයි මීට වඩා හොදයි ජාපාල ඇට ටිකක් හොයාගෙන කෑවා නම්
??

“සේරටම කලින් ඔය අහිංසක කොල්ලගෙ ඇග උඩින් බැහැපිය යකෝ”

ලොකූ දිහා බලාගෙන කල්පනාවෙ ඉදපු මං  පියවි සිහියට ආවෙ ඒ බෙලෙක්කට හොල්ලලා ලොකූ කියපු කතාවට

ඇහ් මොකක්ද යකෝ ඒ කිව්වෙ ඇත්ත නේන්නම්  මං තාමත් ඉන්නෙ මේයාගෙ උකුල උඩනේ ඒක මතක් උන සැණින් මං පටගාලා නැගිට්ටා

“තොපි දෙන්නා හදන්නෙ මේ ගමේ මිනිස්සුන්ට ෆ්‍රී ෂෝ පෙන්නන්න්ද යකුනේ”

කියාගෙන ලොකූ අපි ලගට ආවාම මට හිතුනේ එතනම වලක් කපාගෙන වැලලෙන්න සැක් ලැජ්ජාව බිම දිගේ බේරෙනවා මට නිකන් දැනුනෙ මගෙ කන් දෙක දෙපැත්තෙන් රත් වේගෙන එනව වගේ

“ඒකනේ ලොකූ මෙව්ව දැක්කම මේ සූටි අපේ මල් වගේ තියෙන හිත් තැලෙනවනේ”

ඒ පාර අනූ කිව්වෙ හතරට පහට ඇඹරිලා ඇස් දෙකත් නටව නටව අනේ මං ඉතින් කියන්නෑ මේකිගෙ සූටි කොහෙද කියලා

“නැහ් ම්චන් මෙහ් මෙහ්…”

කෙශාන් අයිය ත් ඔලුව කස කස වටපිට බැලුවෙ ලැජ්ජාව වහගන්න කියන්න දෙයක් නැතිකමටද කොහෙද

“ආහ් මස්සිනේ උබ මොකද මේ උබ ඇඹරෙන්නෙ”

“උබත් මේකිට ගනන් උස්ස උස්ස කිණ්ඩි දදා එහෙම ඉදල අන්තිමේ මේකිව කොහොමහරි ට්‍රැක් එකට දාගත්තානේ”

ලොකූ ඒක ඇහැව්වෙ හිනාවෙවී කෙශාන් අයියා ලගට ගිහින් එයාගෙ කරටත් අත දාගන්න ගමන්

ඒ සැණින් ලොකූ ඒ කියපු කතාවට මං ඒ දෙන්නම දිහා බැලුවෙ ඇස් හීන් කරල

ඒත් එක්කම කෙශාන් අයියා මං දිහා බලලා මනමාල හිනාවක් දාලා ඇහැකුත්  හගල ලොකූ දිහා බලල හිනාවෙවී බලාගත්තෙ බිම

??????

“ඇයි මොකෝ උබ ඔහොම බලන්නෙ?”

“මූ උබව මගෙන් ඉල්ලුවෙ තොපි දෙන්නා අර වෙලාගෙන බිමපත්බෑවුන දවසෙ”

“එදා මූ මාවත් ඇදගෙන උබලගෙ ක්ලාස් එක ලගට ආවෙ ඕක කියන්න තමා කොහෙද ඉතින් උබ එදා කාලි අම්මා වගෙ අර කොල්ලෙක් ව මරන් කන්න හැදුවනෙ”

“මුගෙත් තියෙන ආඩම්බර කමට උබලාගෙ  එග්සෑම් එකෙන් පස්සෙ කියනවයි කියල උබට ගනන් උස්ස උස්ස හිටිය දැන්නෙ මට තෙරුනෙ එහෙමා කලෙ උබව ට්‍රැක් එකාට දාගන්න කියල”

“ඊයේ රෑ තමයි මූ අපිට කිව්වෙ අද ප්‍රපෝස් කරල උබව සර්ප්‍රයිස් කරනවයි කියල”

“මාත් මේ තුෂාරි ව දාල ඉක්මණට දුවන් ආවෙ ඒක මතක් වෙලා”

“මොකද ඕක කියන්න කියන්න ගිහින් මේකා උබෙන් මැරුන් කාලද දන්නෑ කියල හිතන ගමන්”

“මෙතනට ඇවිත් වාහනෙන් බැස්සාම ගැරඬි දෙන්නෙක් වගෙ වෙලාගෙන ඉන්න තොපි දෙන්නව දැක්කාම මමනෙ සර්ප්‍රයිස් වෙලා තියෙන්නෙ බලන් ගියාම”

ලොකූ ඒ කියපුවා මං අහන් හිටියෙ කටත් ඇරන් හැබැයි ලොකූ අර අනිතිමට කියපු එකට නම් මට හිතුනේ දිව හපාගෙන මැරෙන්න. ඒ මදිවට අනූ ත් ලොකූගෙ එහාපැත්තෙන් ඉදන් මට කිණ්ඩි දානවා හපොයි දෙයියනේ ලැජ්ජාවෙ බෑ
???

??????

කෙශාන් අයියා ගෙදර ගිහිල්ලත් මට කෝල් එකක් අරගත්තෙ මං නිදාගන්න හදද්දිම වගේ කොහොමහරි අපි ටිකක් වෙලා කියව කියව ඉදල නිදාගනිද්දි දොලහාත් පහුවෙලා කියව කියව හිටියයි කිව්වට මං තමා කියෙව්වෙ එයා කලෙ අහන් ඉදපු එක

??????

සදුදා කෝස් එකට යන්න ලෑස්ති වෙලා අපි කතා වුණෙ ඒක ඉවර වෙලා එහෙම්මම ගිහින් අපි දෙන්නට ලොකූගෙ වෙඩින් එකට අදින්න ඕන කරන ඒවත් අරන් එමුයි කියල මොකද අම්මලා කලින්ම ඔය වැඩ කරගත්ත නිසා

ඒක කිව්ව විතරයි මං දැක්කා අපෙ ලොකූගෙ මූණ හතරැස් වෙනවා.පව් අප්පා මගෙ ලොකූ
???

ඇයි ඉතින් එයා දන්නවනෙ අපි එක්කල රෙදි ගන්න ගියා වගෙ නෙවෙයි අන්තිමට එයාට එන්නා වෙන්නෙ රෙදි නැතුව කියල
???

“හරි හරි එහෙනම් ක්ලාස් එක ඉවර වුනාම කෝල් එකක් දෙනවකෝ තොපි දෙන්නව තනියම යැව්වොත් මොන මගුලක් කරගනීද දන්නෑනෙ”

“තුෂාරිටත් මොනවදෝ ගන්න තියෙනව කිව්වා මං එයාවත් ගෙදරින් අරගෙන කෙශානයා එක්කම එන්නම්”

ලොකූ මූණත් බෙරිකරන් එහෙම කිව්වෙ මං ඒකට මල් හිනාවක් දාලා එක පයින් කැමති වෙද්දී

“ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවෙ කිව්වලු”

අනූ සද්දෙට කිව්වෙ මට කිණ්ඩියට හිනාවෙලා ලොකූ ට ඇහැකුත් ගහලා

ඒත් එක්කම මං ඒ දෙන්නටම ගස්සල අහක බලාගත්තෙ අර දෙන්නත් එක්කල සද්දෙට හිනාවෙද්දී

???????

ක්ලාස් එකත් ඉවර වෙලා අපි කට්ටියත් එක්කම ගියෙ ෂොපිං කරන්න

“යසස් මේ මේක කොහොමද?”

“චුට්ටක් බලන්නකෝ අනෙ”

______________________________________________

යසස් පව්ද ලමායි????

හා හා හොරපාරෙන් යන්නෑ කමෙන්ට් එකක් දාගෙන යන්නෝඕඕඕඕ

11 thoughts on “රණ හංසි | 13 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. මානසික රෝග විද්‍යාතනය,
    අංගොඩ,
    මුල්ලේරියාව දකුණ.
    2022.03.17

    ජේසු පිහිටයි! බුදු සරණයි!

    ආදරණීය සොයුරු සොයුරියන් වෙත,

    කිසිවෙක් නැති කමෙන්ට් බොක්ස්
    හිනාවන් නැති දැඩි නිහඩතාවන්
    දකින පෙනෙන විට මට මේ දැන්
    මතක් වේ පෙර මෙහි වූ රූ සිත්තම්

    අක්කලා මල්ලිලා සිටියා හිනා වී
    අයියලා හා නංගිලා සිටියා දබර වී
    ඒ මතක එන විට මා වෙතට පාවී
    අසමි ඇද්ද ඔබට පාර අමතක වී

    මීට,
    කවී.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.