Katha Ahura

රණ හංසි | 12 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * * ❤️❤️

12 කොටස

ඒත් මේකා මගෙ අතින් ඇදපු පාරට මාව හරියට අර හින්දි ෆිල්ම් එකක වගේ කැරකිල ගිහින් වැටුනෙ එයාගෙ උකුලට යකූ අතින් අදිනව නම් කියල ඇදපන්කො තව ටිකෙන් මගෙනෙ හොම්බ කට සමතලා වෙන්නෙ

“ඇහ් හපොයි දෙයියනේ මේ මොකක්ද මේ වුනෙ?”

මං හිතුවා විතරයි කියන්න ගියෙ නෑ.කතාකරන්නෙ කොහෙද තාමත් උන දේ හිතාගන්න බැරුව මගෙ ඇසුත් ජිල් බෝල සයිස් වෙලා කටත් ලොක් වෙලා වගෙ තියෙන්නෙ

“කොහෙද පැනල දුවන්න හැදුවෙ ආ..හ්”

කෙශාන් අයියා මගෙ කනට ලං වෙලා ඒකා.අහපු විදියට මාව හිරිවැටිල ගියා.මොනවා කරනාවද මන්දා මෝඩයා ලැජ්ජාවෙ බෑ.

“නැහ් මෙහ් මෙහ් ම්මං…”

ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් තමන් දිහා බලලා ක්ෂණිකව ආපහු බිම බලන් ගොත ගගහ මොනාහරි කියන්න හදන කෙල්ලව දැක්කාම කෙශාන්ගෙ මුවේ ඇදුනෙ ලස්සන හිනාවක්

“කෝ මෙහෙ බලන්න”

කෙශාන් අයියා එහෙම කිව්වහම මං බිම බලාගෙනම කල්පනා කලේ මෙයගෙ ඔලුවෙ වයර්වත් මාරු වෙලාද කියල මෙච්චර හොදට කතාකරන්නෙ ඇත්තනෙ අනේ කොයි වෙලෙත් ඉතින් කරන්නෙ පුප්පන එකනෙ

“කෝ මෙහෙ බලන්නවා ඉතින්”

ඒ පාර කෙශාන් කිව්වෙ ටිකක් සද්දෙට හිරූ ව බයකරන්න හිතන්

ආ ඔය ආවෙ මෙයාගෙ සුපුරුදු වර්ශන් එක ඒ හඩට ගැස්සුණ මං සැණින් බැලුවෙ එයා දිහා

අනේ මේ ඇස් දෙක මං මේ එයාගෙ ඇස් මෙච්චර ලගට දකිනවමයි එයාගෙ ඇස් පිහාටු හරිම දිගයි අනේ හරිම ෂෝයි අප්පා

“කෝ ඔය ඇස් දෙක වහගන්න”

එයාගෙ ඇස් දෙක දිහාම වශී වෙලා වගේ බලන් ඉදපු මං පියවි සිහියට ආවෙ එයගෙ කටහඬට

අනේ ගොන් හංසියෝ උබට මොකද බන් මේ වෙලා තියෙන්නෙ කෝ බන් උබෙ කට වෙන එකෙක් එහෙම මෙහෙම කලා නම් ඌ මේ වෙද්දිත් ඇක්සිඩන්ට් වෝර්ඩ් නේද

“ඇහ්”

හිතින් කොහොම හිතුවත් මගෙ කටින් පිටවුනෙ එච්චරයි ගායිස්

කෙශාන්ට හිනාත් ගියා කෙල්ල බෙල්ලත් දික්කරන් ඒක අහපු විදියට

“ඇහ් නෙවෙයි ඔය ඇස් දෙක වහගන්නවා”

“මැට්ටි”

කෙශාන් හිනාවෙලාම කිව්වෙ කෙල්ලගෙ ඔලුවටත් ඇගිල්ලෙන් ඇනලා

අඩේ ඒ පාර මොකක්ද දන්නෑ කරන්න හදන්නෙ මේකා ඇස් දෙක වහගන්න කියල මගෙ බෙල්ලවත් මිරිකයිද දන්නෑ දෙයියනේ

එහෙම හිත හිත මං ඇස් දෙක වහගත්තා විතරයි ඒත් එක්කම මගෙ බෙල්ලට දැනුන සීතල ස්පර්ශයත් සමග මගෙ අත ගියෙ බෙල්ලට

ඒත් එක්කම මං ඇස් ඇරල බැලුවහම දැක්කෙ මගෙ කරට දාලා තියෙන හාර්ට් එක හැඩේ පෙන්ඩන්ට් එකක් තියෙන ලස්සන ගෝල්ඩන් චේන් එකක් කිසිම දෙයක් හිතාගන්න බැරුව ඒක එහාට මෙහාට හරව හරව බලද්දි ඒක පිටිපස්සෙ තිබ්බ දේ දැකල මට කෑ ගැස්සුනේ ඉබේටම

“අනේ……..හ්”

ඒක පිටිපස්සෙ ඉංග්‍රීසි වැල් අකුරෙන් ගහල තිබ්බෙ H️K කියල

“අයි ලව් යූ මැණික”

ඒ ඇහුන දේත් සමග මගෙ ඇස් වලට කඳුළු පිරෙද්දී ඒත් සමගම නලලට දැනුන දෙතොල් පහස නිසා මගෙ ඇස් දෙකෙන් කඳුළු කඩා හැලුනෙ මං එයා දිහා බලලා බද දෙපසින් අත් දෙක දාලා අඩ අඩම එයගෙ පපුවට ඔලුව තියාගනිද්දී

“ඒයි මෝඩ කෙල්ල අඩන්නෙපා ඕයි”

කෙල්ලව තුරුල් කරන් කෙශාන් කිව්වෙ කෙල්ලගෙ හිස්මුදුනත් ඉඹලා සීරුවට ඇගේ හිස පිරිමදින ගමන්

“මාත් ආදරෙයි”

ඒ ඉරියව්වෙන්ම ඉඳගෙන මං හීන් හඩින් කෙදිරුවෙ ඔලුව උස්සල එයාගෙ මූණ බලන්න තියෙන ලැජ්ජාවට

“ඇහ් මොකක්ද ඒ කිව්වෙ කෝ මට හරියට ඇහුනෙ නෑනේ”

කෙශාන් එහෙම කිව්වෙ හිරූ ව ටිකක් අවුස්සන්න හිතන්

“ඔයා ඇස් දෙක වහන් නේද හිටියෙ ?”

“ඔන්න අපි නම් මුකුත් දැක්කෙ නැතෝ”

ඒත් එක්කම අපි දෙන්නත් එක්ක ගැස්සිලා බැලුවෙ ඒ කටහඬ ආපු පැත්ත

______________________________________________

ඕගොල්ලොත් ඇස් වහන් නේද හිටියේ???රොමෑන්ටික් වැඩිද මන්දා

ඕගොල්ලො හිතන්නෙ කවුද පිටිපස්සෙ හිටියේ ???

අදහස් කියාගෙන රේට් කරගෙනම යන්න යාළුවනේ ️️️

8 thoughts on “රණ හංසි | 12 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. Hee hee good morning කට්ටිය..ඒකෙන් කමෙන්ට් දාන්න බෑ කියල අපි එහෙම සැලෙනවත…. .ඒකෙන් නැත්තම් වෙන එකවුන්ට් එකකින් එනව ඒකටත් කෙලවුනොත් තව එකකින් එනවා හුම්ම්ම් ??????gm ඉස්කොලෙ යන්න ලෑස්ති වෙනො පස්සෙ එන්නම් හොඩේ gb ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.