Katha Ahura

රණ හංසි | 14 කොටස | කොටස් වශයෙන් පළවන කතා

4.9/5 - (21 votes)

* * * * * * * * * * * * * * * * * *
❤️❤️

14 කොටස

අපරාදෙ කියන්න බෑ ඒක කිව්ව විතරයි ලොකූ අක්ක දිහා බැලුවෙ මේකිගෙ කොහෙන් කන්නද කියල හිතාගන්න බැරුවද කොහෙද

අක්කා ඔය මේක ඇතුලට ඇවිත් අපෙ ලොකූ ගෙන් ඕක අහන කී වෙනි වතාවද මන්දා අක්කත් මරු ඈ අපිටම සෙට් වෙනවා

“ඕකත් ඇදුමක් ද ඕයි ? තමුසෙ දැන් මගෙන් ඔහොම පෙන්න පෙන්න අහපු එක ඇදුමක් වත්”

“ඒක පාර ගන්න මගුලක් අරන් ඉවර කරනවකෝ”

ලොකූ කිව්වෙ මූණත් රතු කරන් අපි දෙන්නා දිහාත් බලල

“මේ බන් අපි දැන් කීයෙ ඉදලද බලපන් මේක ඇතුලෙ ඉන්නෙ”

“මේ බලපන් මුන් නිකන් ඇදුම් තෝරන්නෙ හරියට ගෙදර ඉදන් රෙදි නැතුව ආවා වගෙනේ”

ඒ කෙශාන් අයියා අප්පේ බලන්නෙපැයි දෙන්නගෙ මූණු දෙකේ ලස්සන අබ ඇට දැම්මොත් පුපුරන සයිස් හැබැයි ඔහොම නොවුනානම් තමා පුදුමෙ මොකද අපි දැන් මේකග ඇවිත් පැය දෙකාමාරක් විතර ඇති
???

“එහෙම තමයි අනේ අපි ඔගොල්ලො වගෙයැ ගන්න දේ හොදට හොයල බලලා ගැලපෙන ම ලස්සන ම දේ තමයි ගන්නෙ”

අක්කා ඒක ගස්සල පද්දලා තාලෙට ලස්සනට ඇස් දෙකත් නටව නටව කියද්දි මටයි අනූටයි බකස් ගාල හිනාගියෙ අර ඩබලම අපි දිහා අමුවෙන් කන සයිස් එකට බලද්දී

“මේ අපි පහල ඉන්නම් තුන්දෙනත් එක්කල ඕන මගුලක් අරන් එනවල මෙන්න කාඩ් එක”

එහෙම කියල අපි තුන්දෙනාට ම රවල කාඩ් එකත් අක්කගෙ අතින් තියලා ලොකූ කෙශාන් අයියවත් ඇදගෙන එතනින් ගියේ අපි තුන්දෙනා කටවල් ඇරන් බලන් ඉද්දි

අම්මෝ ඒ ගියපු විදියට තව ටිකෙන් දෙන්නම එතන තිබ්බ ඩමියත් පෙරලගෙන  බිම පතබෑවෙනවා

?????

පැයකින් විතර අපි බිල් එකත් පේ කරල ආවෙ පාර්කින් එකට  අප්පේ බලන්න ලස්සනයි මූණවල් දෙක අපි එද්දි පුපුරනවා දෙන්නම

අපි තුන්දෙනත් එක්කම එතනට ගිහින් ඒ දෙන්නටම දැම්මෙ ගොන් හිනාවක්
???

“මේ නංගි ඔයාට එන්නැද්ද මොනාහරි කරවෙන ගදක්”

ඒත් එක්කම අක්කා ඇහැව්වෙ නහයෙන් මොනාදෝ ඉව කරනවා වගේ වට පිටත් බල බල හෙන සීරියස් මූඩ් එකේ ඒ සැණින්  අනූත් අක්කා වගේම වටපිට බල බල ඇඹරෙද්දි වැඩේ තේරුන මට හිනාගියේ සද්දෙට

“බලපන් දැන් වෙලාව කීයද කියලා අහ්”

“තොපි එක්ක රෙදි ගන්න ආවට වඩා හොදයි අපි දෙන්නත් එක්කම කලුගල් දෙකක් බැදන් මුහුදට පැන්නනම්”

එහෙම කියල අපි තුන්දෙනාට ම රවල ලොකූ දොරත් ඇරන් වාහනෙට නගින්න හැදුවෙ මං බිමට පාත් වෙලා හෙන සීරියස් ලුක් එකෙන් දෙයක් හොයන්න ගනිද්දී

“ඒ ගමන මොනාද උබ නිකන් දෙකට කැපිච්ව පනුවා වගෙ හතරට පහට ඇඹරි ඇඹරි ඔච්වරටම හොයන්නෙ”

වාහනේ දොරත් වහල ලොකූ මගෙ ලගට ඇවිත් ඇහැව්වෙ අක්කයි අනූ යි කෙශාන් අයියා යි කටවල ඇරන් බලන් ඉද්දි

“නෑ නෑ ලොකූ මං මේ ටිකක් ලොකු කලුගල් දෙකක් හෙව්වෙ”

සැක් ඒක කිව්වා විතරයි මුන් දෙන්නම මට රැව්වෙ නැතැයි එකසිය ගානට
???

“තොපි දෙන්නත් ඔතනට වෙලා කැරකි පලන්නෙ නැතුව නැගපියව් වාහනේට”

හැබැයි වෙච්ච නෝන්ඩිය වහගන්නද කොහෙද ලොකූ ඒක කිව්වෙ මං කියපු කතාවට හැක හැක ගාල හිනාවෙවී ඉදපු අක්කටයි අනූ ටයි සද්දෙට කෑ ගහලා

?????

“ලොකූ මේ………”

වාහනේ යන ගමන් මං ශේප් එකෙ කතා කලේ ලොකූට

“ඇයි මොකෝ ”

ලොකූ කේන්තියෙන් ඇහැව්වෙ ඩ්‍රයිව් කරන ගමන් මිරර් එකෙන් කෙශාන් අයියත් මං දිහා ඇස් හීනි කරල බලද්දී

හාපෝ ලොකූ ඒක අහපු කැත මට බයටම කෙලපිඩකුත් ගිලුනා

“මට බඩගිනියී”

මං කෙකර බබා ඉන්නැතුව ගත්කටටම කියල දැම්මෙ ආයෙ ඉතින් ඕක කටින් නැතුව වෙන කොහෙන්වත් කියන්නෙ නෑනෙ

“අනේ ඔව් ලොකූ මටත්”

ඒ අපෙ අනූ

“ඔව් යසස් මටත් බඩගිනි අපි මොනාහරි කාලා යමුකො”

ඒ ගමන අක්කත් කිව්වෙ මූණ ඇදකරන්

“ආහ් තොපි තුන්දෙනාට දැන්ද ඔය ගින්න දැනුනෙ”

“ඇයි අර අරක ඇතුලෙ පැළවෙලා රෙදි නැතුව වගෙ රෙදි හොයද්දී ඕක දැනුනෙ නැද්ද”

ලොකූ කියද්දි අපි තුන්දෙනාම මූණත් ඇදකරන් කටවල් වහන් බිම බලාගත්තෙ ඒ අහපු එව්වට කටඋත්තර නැතිවෙද්දී
???
පව් ඔෆිස් එකේ ඉදල ඒ දෙන්නා එන්න ඇත්තෙ කෑම ත් නොකා වෙන්නැති නොකිව්වට ඒ දෙන්නාත් ඉන්නවා ඇත්තෙ සෑහෙන්න බඩගින්නෙ

“සොරි”

අපි තුන්දෙනාම බිම බලාගෙන කිව්වෙ බිදුන හඩින්
???

?????

කොහොමහරි අපි එළියෙන් කෑමත් කාලා ගෙදර එද්දි හොදටම හවස් වෙලා අම්මෝ පට්‍ට මහන්සියි ඉතින්

මං කාමරේට ආපු සැණින් දුවන් ගිහින් උඩුබැලි අතට වැටුනෙ ඇද උඩට

“අ..ර්ර්ර්ර්ර් මං උබට හැමදාම කියනවා නේද ගෙම්බියේ කොහෙ හරි ගිහින් ආපු ගමන් ඔහොම ඇදේ පෙරලෙන්න එපා කියල මඩකරියා වගේ”

ඒ කන ගාවින් ඇහුනෙ ඉතින් අනූගෙ ටිං කිරි වොයිස් එක ඇත්ත තමයි ඕකි ඔය ඉඔක මට  කියන මේ කී වෙනි වතාවද මන්දා කොච්චර කිව්වත් ඉතින් මං අහන එකැක් යැ
???

“හරි හරි බන් මුලින්ම උබ ගිහින් වොෂ් එකක් දාන් වරෙන්කෝ උබටයි මටයි දෙන්නටම එකපාර ඕක අස්සට රිංගන්න බෑනේ බන්”

“ඒක සදාචාරසම්පන්න නෑනේ මචී”

මං කිව්වෙ අනූ කියපු එක එච්වර ගණනකට නොගෙන ඒක කිව්වා විතරයි මේන් මේකි මටත් රවල රින්ගගත්තෙ නැතැයි වොෂ් රූම් එක අස්සට

යකූ ඉතින් ඕක ඔච්චරටම කෙන්තිගන්න දෙයක්‍ යැ මං ඇත්තනෙ කිව්වෙ හුම්
???

______________________________________________

ඒකනේ හිරූ පව්නෙද යාලුවනේ???

7 thoughts on “රණ හංසි | 14 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.