Katha Ahura

රණ හංසි | 15 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (4 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

15 කොටස

ලොකූ ගෙ වෙඩින් එකටත් තව සතියයි තියෙන්නෙ අදත් උදෙන්ම ඔය කෙශාන් අයියා අපෙ දිහා ආවෙ අයියත් එක්ක මොකක්දෝ වැඩකට යන්න තියෙනවයි කියල ලොකූ කතාකලයි කියල

හැබැයි ඉතින් දැන් මෙයා ඇවිත් පැය දෙකක් විතර වෙනවා ලොකූ ත් ලෑස්ති වෙලා ඇවිත් අපි දෙන්නවත් අල්ලන් කයිය ගගහ ඉන්නවා මිසක් ඔය යනවයි කියපු ගමන යන පාටක් නම් පේන්න නෑ.

මට පෙන්නෙ මේක උදේ පාන්දරම මට බොරුවක් කියල ඇවිත් තියෙන්නෙ මොකක් හරිම යටිකූට්ටු වැඩකටද කොහෙද

“ඒ බන් මගේ ෆොන් එක නෑනේ”

ටික වෙලාවකින් වෙලාවත් බලලා කෙශාන් අයියා කිව්වෙ සාක්කු දෙකත් අතගාන ගමන්

“උබ වාහනේ දාල ආවද දන්නෑ”

ලොකූ කිව්වෙ හැමතැනම වගේ බලල

“නෑ නෑ බන් මං ඇතුලට එද්දී අරගෙන ආවෙ”

“මේ උබේ ෆොන් එකෙන් කෝල් එකක් ගනින්කො බලන්න”

කෙශාන් අයියා ලොකූ ට කිව්වෙ ඔලුවත් අතගගා

“අයියෝ මගෙ ෆෝන් එක ඕෆ් වෙලා බන් ”

“සුදූ උබේ ෆොන් එකෙන් ගනින්කො”

සාක්කුවට අත දාලා ෆෝන් එක අරන් බලලා ඔලුවට අතකුත් ගහන් ලොකූ මට කිව්වෙ ම්ට හීන් දාඩිය දාද්දි
???

“ලොකූ මෙහ්.. මෙහ්…”

ඒ සැණින් මට මතක් වෙච්ච දෙයක් එක්ක මං ගල්වෙලා වගෙ හිටන් හිටියෙ කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරුව
???

“මොකද බන් උබ ගල් ගිලල වගේ ඉන්නෙ”

ලොකූ මගෙන් එහෙම අහනවත් එක්කම වගේ කෙශාන් අයියා මගෙ අතින් ෆෝන් එක අරන් එයාගෙ නම්බර් එක ඩයල් කලෙ මට හිතන්නවත් ඉඩක් නොතියා

ඔය අතරෙ කෙශාන්ගෙ ඇස් දෙක ජිල් බෝල සයිස් වුනෙ හිරූ ගෙ ෆෝන් එකේ තමන්ගෙ නම්බර් එක ගහපු සැණින් වැටුන නම දැකල

“ඒ ගමන උබ මොකද ඕක දිහා කන්න වගෙ බලන් ඉන්නෙ”

ලොකූ එහෙම අහගෙන ඇවිත් කෙශාන් අයියගෙ අතෙ තිබ්බ මගෙ ෆෝන් එකට ඒකෙ තිබුන දේ දැකල ලොකූත් ටික වෙලාවක් ඇස් කටේ දාන් බලාන් හිටියෙ මගෙ ෆෝන් එක දිහා

ඊටපස්සෙ කෙශාන් අයියා දිහා බලල සද්දෙට හිනා වෙන්න ගත්තෙ එයා ෆෝන් එකෙන් මූණ උස්සල මං දිහාට මාව අමුවෙන් කන සයිස් එකේ බැල්මක් දාද්දි

“උබ මොනා වුනත් මූට ගැළපෙනම නමින් තමා ඈ ඕක සේව් කරන් ඉන්නෙ”

“චීන පටස්”

“මරු නම ඈ ආදරේ දෝරෙ ගලනවා බලාපන්කෝ”

එහෙම කියල ලොකූ තව සද්දෙට හිනාවෙන්න ගත්තෙ මං නිකන් හොල්මන්ද පොල්කොළ සීන් එකෙන් ඉද්දි

“උබට මං …….”

ඒත් එක්කම එහෙම කියල කෙශාන් අයියා මගෙ පස්සෙන් පන්නන්න ගත්තෙ මාත් පණ එපෝ කියල දුවන්න ගනිද්දී

“අනේ සොරි සොරි ඉතින්”

දුවන ගමන් මං පස්ස හැරි හැරි බල බලා කිව්වෙ අද නම් මෙකාට අහුවුණොත් මගෙ කෑල්ලක් වත් හොයාගන්න වෙන්නැති නිසා

ඒත් මේකා නවත්තන්න පාටක් නෑ වගේ මට පෙන්නෙ මං හැදුවෙ ටක්ගාල කාමරේට පැනල දොර වහගන්න වැඩක් නෑ ගායිස් එතකොටත් මං පරක්කු වැඩියි

ඒත් එක්කම කෙශාන් අයියා කාමරේ ඇතුලට ඇවිත් මාව ඇදල අරන් හිරකරගත්තෙ බිත්තියට ඊටත් පස්සෙ එයා මගෙ ඇස් දෙකට එබුනෙ මං ඒ බැල්මට ගැස්සෙද්දි

“අනේ අහන්නකෝ සොරි සොරි”

“ඔයා එක්ක තිබුන කේන්තියට මං එදා එහෙම සේව් කලෙ මං ඒක වෙනස් කරන්නම් ප්ලීස්ස්”

මගෙ හාර්ට් එකත් එකාසිය ගානට ගැහෙද්දි බයටම මං කියවගෙන කියවගෙන ගියෙ ඒ සැණින් එයා මගෙ දෙතොල් අල්ලගනිද්දි
???

මගෙ ඇග ඇතුලෙන් නිකන් අකුණු හත අටක් පුපුරනවා වගෙ  දැනෙද්දී ටිකෙන් ටික මාත් ඒ පහසට නතු වුනේ එයාගෙ ෂර්ට් එක බද ලගින් මගෙ අත් දෙකට පොඩිවෙද්දී

ටිකවෙලාවකින් හිරූ ගෙ දෙතොල් වලින් මිදුන කෙශාන් ට හිනාගියේ තාමත් ඇස් දෙක වහන් කෙශාන් ගෙ ෂර්ට් එකත් පොඩිකරන් අල්ලන් ඉන්න කෙල්ලව දැකලා

“ඒයි ඇස් අරිනවා පිස්සි දීලා ඉවරයි”

කෙශාන් කිව්වෙ මනමාල හිනාවක් දාල හිරූ ගෙ මූණට එබිල

ඒත් එක්කම මං පියවි සිහියට ආවත් මං මූණත් රතු කරන් ඇස් දෙක වහගෙනම හිටියේ එයාගෙ මූණ බලන්න තිබ්බ ලැජ්ජාවට
???

“මොකෝ තව ඔනි වෙලාද ඇස් වහන් ඉන්නෙ හැබැයි පස්සෙ මං නරකයි එහෙම කියන්න එපා හොදේ මැණික”

කෙශාන් කිව්වෙ ඇස් දෙකත් වහන් මූණත් රතුකරන් ඉන්න හිරූගෙ කනට කරලා

ඒක කිව්ව විතරයි මගෙ ඇස් දෙක ඇරුනෙ ඉබේ ඒත් එක්කම මං ටක්ගාල බලාගත්තෙ බිම හාපූ ලැජ්ජාවෙ බෑ අප්පා️
?❤️?

කෙශාන් ට නම් හිනා ගියෙ ඒක කියපු සැණින් ඇස් ඇරපු හිරූ මූණත් රතු කරන් බිම බලාගත්ත විදියට

“කෙශාන් ඉක්මණට මෙහෙ වරෙන් උබේ ෆෝන් එක හම්බුනා බන් ”

ඒත් එක්කම සාලෙන් ඇහුනෙ ලොකූගෙ කටහඬ

“ඕක වෙනස් කලේ නැත්තම් ඊළඟ පාර දඩුවම ඔයිට වඩා සැර වෙයි හොදේ”

කෙශාන් අයියා මගෙ කනට ලංවෙලා එහෙම කියල දොර ලගට ගිහින් ආපහු මං දිහා බලල මනමාල හිනාවක් දාලා ඇහැකුත් ගැහැව්වෙ මං ලැජ්ජාවෙන් මූණත් රතු කරන් බිම බලාගනිද්දී

“හපොයි දෙයියනේ විලි ලැජ්ජාවෙ බෑ”

“මෝඩයා”

කෙශාන් අයියා ගියාට පස්සෙ මං දොර දිහා බලාගෙන මගේ ඔලුවටත් එකක් ඇනගත්තෙ දැන් ටිකකට කලින් වුන දේ මතක් වෙලා මගෙ මුවේ ලස්සන හිනාවක් ඇදෙද්දී

අද තමා ඉතින් ලොකූගෙ වෙඩින් එක උදෙන්ම අම්මා ඇවිත් මාවයි අනූ වයි නැගිට්ටුවහම අපි දෙන්නම ගියෙ සැලොන් එකට අපි යද්දි රිතූ යි සිතූ යි ත් ඇවිත් හිටියා අපි හතර දෙනත් එක්කම ලෑස්ති වෙලා ගියෙ හොටෙල් එකට

ලොකූ ලත් ටිකකින් ෆොටෝ ගහල ආවෙ හොටෙල් එකට අම්මේ අපේ ලොකූ අද මාර ලස්සනයි ඈ වෙන කාටද ඉතින් ආඩම්බර

ටික වෙලාවකින් මං ශේප් එකේ ඇස් කරකො කරකො හෙව්වේ මගෙ ප්‍රේම කුමාරයා ව ඇයි ඉතින් බැරි වෙලා හරි ඕක අර ත්‍රිබලට මාට්ටු උනොත් එහෙම මෙතන මගෙ රෙදි ගලෝනවනෙ

______________________________________________

මතක් කරල කමෙන්ට් එකක් දාගෙනම යන්නෝඕඕඕඕඕ☺️☺️☺️☺️

2 thoughts on “රණ හංසි | 15 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.