Katha Ahura

රණ හංසි | 18 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

18 කොටස

අවසානයට පෙර)

වසර තුනකට පසු ,

කෙශාන් හැමදාමත් වගේ බීච් එකට ඇවිත් බලන් හිටියෙ රැලි නගන මහ මුහුද දිහා

“හ්හ්ම්ම්ම්”

බර හුස්මක් පහත හෙලලා මං එතනින් ඇස් අරගෙන බැලුවෙ මට ටිකක් එහාට වෙන්න හිටපු පොඩි කොලු පැටියෙක් උඩ පැන පැන හිනා වෙවී සබන් බෝල පා කරනවා

ඒත් සමගම කෙශාන්ගෙ මතකය දිව යන්නෙ ඈත අතීතයට

?????

“ඒයි ඒයි කොහෙද ඔය දුවන්න හදන්නෙ”

මං කිව්වෙ බීච් එකට ඇවිත් මුහුද දැක්ක ගමන් මාවත් අතඇරලා දුවන්න හදන හිරූගෙ අතින් තදකරල අල්ලන්

“රැල්ල පාගන්නනේ”

ඒ ගමන පුංචි එකෙක් වගේ කටත් හද හද ඒ පැත්තට අතත් දික් කර කර කිව්වෙ

“ඇයි මේ වටේ පිටෙ උනාට ෆ්‍රී ෂෝ  පෙන්නන්නද”

“අද ඕන්නෑ හැමදාම රැල්ල පාගනවනේ මේන් මෙහාට වෙලා ඉන්නවා මගෙ යකා අවුස්සගන්නැතුව”

ආපු හිනාවත් හන්ගන් මං කිව්වෙ ටිකක සැරෙන් වගේ

ඒක කිව්වා විතරයි ඒ ගමන මටත් ගස්සල මූණත් හතරැස් කරන් ගිහින් ඉද්ගත්තෙ බෙන්ච් එකක

මාත් ඉතින් කටට ආපු හිනාවත් ගිලගෙනම ගිහින් ලගින් ඉදගත්තෙ හිරූ ගෙ කොණ්ඩෙත් අවුල් කරන්

වෙනදට කැඩිච්ච රේඩියෝ එකක් වගේ කියවන එක්කෙනා මොකෝ අද සයිලන්ට් කියලා බලන්න  මං බැලුවෙ එයා දිහා ඒත් එක්කම මං බැලුවෙ එයා බලන් ඉන්න පැත්ත  

පුංචි ගෑණුළමයෙක් උඩ පැන පැන හිනාවෙවී සබන් බෝල පුම්බන දිහා එයා බලන් හිටියෙ හීන් හිනාවක් මූණෙ රදවන් හරි ආසාවෙන්

“මොකෝ ඕනිද”

මං ඇහුවෙ හිරූ ගේ කනට ලං වෙලා

“හ්ම්”

කෙල්ල කිව්වෙ එතනින් ඇස් අහකට නොගෙන

“දෙන්නම්කො දවසක මං මදි නොකියන්නම”

“බෑ බෑ මට මේ දැන් ඕනි”

ඒ ගමන මේකි කිව්වෙ මගෙ අත් දෙකෙනුත් ඇද ඇද

“ඇහ්”

මගෙ ඇස් ජිල් බෝල සයිස් වුනෙ ඒ කියපු කතාවට යකෝ මේකිට මාර හදිස්සියක්නෙ තියෙන්නෙ මේකිගෙ ලැජ්ජා නහරෙ කපලා ගෙදර තියලද දන්නෑ ආවෙ
???

“මේ දැන් කොහොමද බන් ලමයෙක් හදන්නෙ”

“අර්ර්ර් මෝඩයා මං කිව්වෙ ළමයෙක් ගැන නෙවෙයි මටත් අර වගේ සබන් බෝල උඩ යවන්න ඔනිකියල කිව්වෙ”

“මොනා කිව්වත් හිතන්නේ අනික් පැත්තටනේ ”

“ඌයි බන්”

මගෙ පැත්ත හැරිල එහෙම කියල මගෙ උරහිසටත් පාරක් ගහල ඒ ගමන මේකි ඔරවගෙනම එහාපැත්ත හැරුනෙ මං රිදෙන උරහිස අතකින් පිරිමද්දී

??????

මතකයේ ගිලිලා හිටපු මං පියවි සිහියට ආවෙ මගේ ෆෝන් එක රිං වෙන්න ගත්ත නිසා

එය කනේ තබා ගන්නවාත් සමගම මං ඉද්ද ගැහුවා වගෙ බෙන්ච් එකෙන් නැගිට්ටෙ එහා පැත්තෙන් මට ඒ ඇහුන දේවල් ඇත්තමද කියල හිතාගන්නත් බැරුව

ඒ සැණින් මං වාහනේ අරගෙන හොස්පිට්ල් එකට ගියේ පිස්සුවෙන් වගේ

??????

මං අමාරුවෙන්ම උත්සහ කලේ මගෙ ඇස් ඇරගන්න ඒත් මගේ ඇස් හරියට නිකන් එකට ඇලිලා වගේ තියෙන්නෙ ඇගටත් හරිම අමුතුයි ඒත් සමගම මට දැනුනෙ ඇස් ඇරගන්නා බැරි තරමේ තද නිදිමතක්

මං කොච්චර වෙලා නිදාගත්තද කියල කියල මං දන්නෑ ඒත් කලින් සැරේට වඩා සැහැල්ලුවක් දැනුණා.මං හිමින් හිමින් ඇස් ඇරියාම මගෙ ඇස් වලට වැටුනෙ ලොකු ඈලෝකයක් ඒත් එක්කම මට දැනුනා මගේ ළඟ ඉන්න කව්රුහරි මගෙ ඔලුව අතගානවා වගේ ඒත් රූප අපහැදිලි යි .

මං ආයෙම ටික වෙලාවක් ඇස් වහන් ඉදලා ආපහු ඇරියෙ ආලොකයට මගෙ ඇස් හුරුකරගන්න.

“මගෙ රත්තරං”

ඒත් එක්කම මට ඇහුනෙ අම්මගෙ කටහඬ

“දැන් කොහොමද පුතේ”

ඇස් වල කඳුළු පුරවන් අම්මා ඇහුවෙ මගෙන්

“මට දැන් හොදයි අම්මා ඇයි මේ අඩන්නෙ දැන්”

මං අම්මට කිව්වෙ හමෝම දිහා බලන ගමන් අනිත් අයත් මං දිහා බලන් ඉන්නෙ ඇස් වල කඳුළු පුරවන් ලොකූයි කෙශාන් අයියා යිත් ඉතින් වෙනසක් නෑ.සේරටම වඩා හපන් දෙන්නම හත්අවුරුද්දකින් වත් රැවුල කපල නැද්ද කොහෙදෝ

“කව්ද අම්මා මේ බමුණො දෙන්නා”

මං ඇහැව්වෙ කෙශාන් අයියාව යි ලොකූවයි ඇස් දෙකෙන් පෙන්නන ගමන්

“මේ දෙන්නාටම කියන්න අම්මා ගිහින් ඔය රැවුලයි කොණ්ඩෙයි කපන් එන්න කියලා”

මං එහෙම කියනවත් එක්කම ලොකූ ඇවිත් මාව කිටිකිටියේ බදාගත්තෙ කෙශාන් අයියා ඇස් වල කදුලු පුරවන් හිනාවෙද්දී

අම්මලා එළියට ගියාට පස්සෙ කෙශාන් අයියත් ඇවිත් මාව කිටිකිටියේ තුරුල් කරන් මගෙ හිස්මුදුන ඉම්බෙ හංගන්න දෙයක් නෑ දැන් ගෙදරින් අපි දෙන්නා ගැන දන්නවා කියලා

හපොයි දෙයියනේ ඒ වෙලාවෙනම් දැනුන ලැජ්ජාවට මට හිතුනා අපරාදෙ මට සිහිය ආවෙ කියලා

ඒත් එක්කම ආපහු අම්මලා ඇතුලට ආවෙ තුෂාරි අක්කත් එක්ක

_____________________________________________

එහෙනම් අපි අවසාන කොටසින් හම්බෙමු යාළුවනේ ☺️☺️☺️

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපෝ

5 thoughts on “රණ හංසි | 18 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.