Katha Ahura

රණ හංසි | 19 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

19 කොටස
(අවසාන කොටස)

?????

මං ඇස්පිය නොහෙලාම බලන් හිටියෙ තුෂාරි අක්කා අතේ ඉදන් එයාගෙ බෙල්ලෙ එල්ලිලා මගේ දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න ලස්සන කොලු පැංචා දිහා අනේ එයා මගෙ ලොකූ වගේමයි

මුකුත් හිතා ගන්න බැරුව මං ලොකූ දිහායි පුංචි එකා දිහායි මාරුවෙන් මාරුවට බලද්දි එයා අක්කගෙ අතින් බිමට පැනලා දුවන් ඇවිත් මගෙ දිහා බලන් එල්ලුනේ ලොකූගෙ කකුලේ

“අනේ ලොකූ මෙ.. ම්… ම්මෙහ්….”

මං ගොත ගගහා අහන්න ගියපු දේ ලොකූ තේරුම් ගත්තා වගෙ ඔලුව වැනුවෙ ඒ චූටි පැටියාව වඩාගන්න ගමන්

“අනේ එත් ක් කොහොමද එයා මෙච්චර ලොකු වෙන්නෙ”

මං ඇස් දෙකේ කදුලුත් පුරෝගෙනම ලොකූගෙන් ඇහැව්වෙ කෙශාන් අයියා මාව එයාගෙ ගතට වාරු කර ගනිද්දී

“උබ අවුරුදු තුනක්ම මේ ඇදට වෙලා සිහියක් නැතුව ඉද්දි ඒ කොල්ලා ලොකු වෙනව තමා බන්”

කෙශාන් අයියා මගෙ හිසත් පිරිමදිමින් එහෙම කියද්දි මං ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් බැලුවෙ එයා දිහා

ඒත් එක්කම ඒ චූටි පැටියා ලොකූගෙ අතින් මගෙ ඇද උඩට පැනලා ඇගිල්ලකුත් කටේ ගහන් මං දිහා බලලා අනිත් අතින් මගෙ මූණ ඇල්ලුවෙ මං කිටිකිටියේ ඒ චූටි පැටියව බදාගෙන ඉඹිද්දි

මට සිහිය ආවාට පස්සෙ ඩොක්ටර්ස්ලා එහෙම කිව්වෙ මගෙ රිපෝට්ස් වල අවුලක් නැති නිසා සති දෙකකින් වගේ මට ගෙදර යන්න පුලුවන් කියලා

???????

සති දෙකකින් විතර මං ගෙදර ආවෙ උඩ පැන පැන මොනාඋනත් හොස්පිට්ල් එක වගේද ගායිස් ගෙදර

මං ගෙදර ඇවිත් නිදාගන්න කියලා හැදුවා විතරයි පොලීසියෙන් වගෙ කාමරේට කඩන් පැන්නෙ මගෙ මිතුරු කැල

“ආ නෝනා හාමු සිරියහන් ගබඩාවට ආවෙ සැතපෙන්න වෙන්නැති නේ”

සිතූ ඇහැව්වෙ කින්ඩියට වගේ

“ඇයි තොට අවුරුදු තුනක්ම නිදාගත්තා මදිද”

ඒ අනූ

“හැබැයි මාරි බිස්කට් එකක් කාලා නයිටක් එහෙම ගහන්න තිබ්බ චාන්ස් එකනෙ උබ නැතිකලෙ”

ඒ ඉතින් රිතූ ව අනෙ ඇත්තමයි ඉදකින් විතරක් මෙහෙමත් යාලුවො

මං ඉතිං ශේප් එකේ තුන්දෙනාට ම දැම්මෙ ගොන් හිනාවක්
???

“ඔව් ඔව් තෝ හිනාවෙයන් මෝඩ ඊරි”

“තෝ දන්නවද අපිට එදා පිස්සු හැදුනෙ නැති එක විතරයි මී හරකි”

අනූ බැන්නෙ මගෙ ඔලුවටත් එකක් ඇනලා

“හරි හරි බන් දැන් ඕක නවත්තපල්ලකෝ බන්”

මං කිව්වට මුන් අහනවායැ යනකනුත් කලේ මට බැනපු එක තමා හැබැයි කොච්චර මොනා කලත් උන් තුන්දෙනා මට පණ ඇරලා

??????

අවුරුදු දෙකකට පසු,

අවුරුදු දෙකක ගෙවිලා ගියේ හිතාගන්නවත් බැරි විදියට මීට අවුරුදු දෙකකට කලින් කිසිම හැඟීමක් දැනීමක් නැතුව ඇදක් උඩ වැටිල හිටිය මං අද ලස්සන මනාලියක් හැබැයි ඉතින් මගෙ බොක්කලා තුන්දෙනාම මට කලින් ඉස්සර උනා

කෙශාන් අයියට නම් ඕනි වුනෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ගෙදර ආපු ගමන්ම මැරි කරල මාව එයා ලගට ගන්න මං තමා ඉතින් කියල කියල ඒක අවුරුදු දෙකකට කල්දාගත්තෙ

??????

කල්පනාවෙ ඉදපු මං සිහියට ආවෙ අපි ෆොටෝ ගහන තැනට ආපුවම මං ඉතින් වාහනෙන් බැහැලා හෙමිට ගියෙ එයා ඉස්සරහට

“අම්මෙ අද මේකාගෙ ලස්සන අද වෙඩින් එකට එන කෙල්ලන්ට එහෙම මෙයා මනමාලයා කියල අමතක වෙයිද දන්නෑ”
???

මං එහෙම හිතුවෙ එයා දිහා බලන්

“ලස්සනයි”

ඒත් එක්කම මගෙ කනට ලං වෙලා රහසින් වගෙ කිව්වෙ කෙශාන් අයියා

ඒත් එක්කම එයා මාව ඇදල අරන් මගෙ නලලට දෙතොල් තියල කම්මුලකුත් සිපගත්තෙ මං ලැජ්ජාවෙන් මිරිකෙද්දි

මොනාකරනවද මන්දා අප්පා මෙයත් මට නම් ලැජ්ජාවෙ බෑ
??❤️

??????

ෆොටෝ ගහන්න ගියාමනම් මට එපා වෙලා හිටියේ එහට හැරෙන්නයි මෙහට හැරෙන්නයි කැරකෙන්නයි මට නම් එපා වෙලා හිටියේ

“මේ අයියේ ඔයාට හිතෙන්නැද්ද මීට වඩා හොදයි අපි දෙන්නා හදපානේ ජම්පින් ගොයින් උනා නම් හොදයි කියල”

ෆොටෝ ගහන අතරෙ මං කිව්වෙ කෙශාන් අයියගෙ කනට කරල

සැක් ඒක කිව්ව විතරයි මේකා රැව්වෙ නැතැයි මට
???

???????

අපේ වෙඩින් එකත් දවස් දෙකක් නැතුව එක දවසින් ගන්න තිරණය කලේ ඒක හැමෝටම පහසු නිසා

හවස් වෙද්දී මායි කෙශාන් අයියයි ගිහින් චේන්ජ් වෙලා අත්දෙකත් පටලන් හෝල් එකට ආවෙ හැමෝගෙම ඇස් අපි වෙත යොමු වෙද්දි

ටිකකින් මගෙ බොක්කේ යාලුවො ටික එකතු වෙලා එයාලගෙ හබීලත් එක්කලා සර්ප්‍රයිස් ඩාන්ස් එකක් කලේ මායි කෙශාන් අයියා යි කටත් ඇරන් බලන් ඉද්දි

අම්මේ ඉතින් දැන් තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ මං හිතුවෙ මුන් අද මගෙ රෙදි ගලවයි කියලා අම්මේ නූලෙන් බේරුනේ

ටිකකින් අපි පිටත් වෙන වෙලාව ලං වුනාම මං අම්මවයි තාත්තාවයි බදාගෙන ඇඩුවෙ එයා මං දිහා දුකෙන් බලන් ඉද්දි

ටිකකින් මං කදුලු පුරොගෙන ගිහින් ලොලොකූටත් දණගහලා වදින්න හදද්දී ලොකූ මාව බදාගත්තෙ කිටිකිටියේ මං මොනා කලත් ලොකූ මට මාර ආදරෙයි ලොකූ යි මායි හිටියෙ හරියට යාලුවො වගේ අද ඉදන් මං මේ පවුලට අයිති නෑ කියල හිතුවාම මට දැනුනෙ කියාගන්න බැරි දුකක් මාත් ලොකූට තුරුල් වෙලා ඉකි ගගහා ඇඩුවා

ඉතින් දගකාරියක් වෙච්ච මං ආඩම්බරයෙක් වෙච්ච එයා එක්ක මගේ ජීවිතේ තවත් පියවරක් ඉදිරියට තිබ්බෙ හැමෝගෙම ආශිර්වාදයත් රැගෙන සුබපැතුම් මැද

නිමි.

______________________________________________

ඉතින් අදින් කතාව ඉවරයි යාළුවනේ මේක මගේ පළවෙනි කතාව ගොඩාක් අයගෙන් හොද කමෙන්ට් හම්බුනා ඒ කමෙන්ට් කරපු හැමෝටමයි මගෙ කතාව කියවපු හැමෝටමයි තැන්කිව් ගොඩාක්
❤️❤️❤️

ඉතින් කොටස් 19ක් පුරාවටම “රණ හංසි ” එක්ක රැදිලා හිටපු ඔයගොල්ලො හැමෝටම ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

අලුත් කතාවකින් ආපහු හම්බෙමු යාළුවනේ අඩුපාඩු එහෙම තියෙ නම් කතාවෙ කියගෙන යන්න කමෙන්ට් කරන්න බැරි වුන අය එහෙම ඉන්නවනම් කමෙන්ට් කරන් රේට් කරන් යන්න
ඔයගොල්ලො හැමෝටම බුදුසරණයි
පරිස්සමින් ඉන්න☺️❤️☺️❤️❤️???

10 thoughts on “රණ හංසි | 19 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. රිතූ ?

      සුබ පැතුම් නෙරා????

      කතාව ඉවරයි,,, අද අනිවා කමෙන්ට් එකක් දෙන්නම්

      1
  1. රිතූ ?

    සමා වෙන්න ඕන කමෙන්ට් එක පරක්කු වුණාට….. ලබන සතියේ එක්සෑම් අනේ… ඉතින් පාඩම් කරන්න ඕනි නේ ?
    ඒ මදිවට අපිට ඒලෙවල් ඔක්තොම්බර් මාසේ ලු?
    කමක් නෑ මට මැච් එක බලන්න පුලුවන් නිවීසැනසිල්ලේ ?

    හයියෝ හයියෝ.. මම කියන්න ආවේ එකක්… කිව්වේ තව එකක් ? මට පිස්සු…

    හරි හරි කතාව ගැන කියනවා නම් කතාව සුපිරියි…..

    මම මේක කලින් කියෙව්වා…. හරිම ලස්සනයි…

    හිරූ, කෙශාන්…❤

    මම මේ කතාවට ආස විශේෂ හේතුවක් තියේ.. ඒ තමා මමත් මේ කතාවේ චරිතයක් වෙච්ච එක ? ගැම්මක් තමා…

    මේ කතාවේ මම ආසම කොටස තමා අර රිතූ, සිතූ දෙන්නා ලියුම සැලෝන් එකේ එක්කෙනාට දුන්නට පස්සේ එතන වුණු සීන් ටික ??? හැබැයි කොල්ලා පව් අප්පා ?????

    කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි
    තව කතාවක් අරන් ඉක්මනට එන්න….
    අපි බලන් ඉන්නවා….

    බුදු සරණයි
    ජේසු පිහිටයි ❤

  2. ඔන්න ඉතින් දැන් තමයි මට නිවී සැනසිල්ලේ කතාව කියවන්න වෙලාවක් හම්බවුණේ…. ඉතින් තරහ වෙන්න එපා මෙච්චර දවස් කමෙන්ට් කළේ නෑ කියලා…..

    කතාව කියවන් යද්දි සමහර තැන්වල ටිකක් පැටලෙන ගතියක් තිබුණා…. ඒ කියන්නෙ දෙබස් තියෙන තැන්වල එහෙම කවුද කියන්නෙ කියලා ටිකක් තේරුම් ගන්න අමාරු වුණා…. එකම කෙනා කියන ඒවා කොටස් විදියට වෙන වෙනම උඩු කොමා අස්සෙ දාලා තිබුණු නිසයි එහෙම වුණේ…. කියන දේ කොටස්වලට කඩලා ස්පේස් තියලා ටයිප් කරාට නම් කමක් නෑ…. හැබැයි ඒ ඔක්කොම එකම කොමා එකක් අස්සෙ දාන්න…. එතකොට අපිට කියවද්දි කතාව තේරුම් ගන්න ලේසියි….

    තව සමහර තැන් තිබ්බා ටයිම් ලයින් එකක් දැම්මා නම් හොඳයි කියලා හිතෙන…. උදාහරණයක් විදියට ගත්තොත් පහළොස් වෙනි කොටසෙ ලොකූගෙ වෙඩින් එකට තව සතියයි තියෙන්නේ කියලා විස්තරයක් දාලා එකපාරටම කියලා තියෙනවා අද ලොකූගෙ වෙඩින් එක කියලා…. දවස් දෙකක් ගැන එහෙම විස්තර කරද්දි ලයින් එකක් මැද්දෙන් දැම්මා නම් කියවන්න පහසුයි…..

    තව මට පැටලුණු තැනක් තමයි මේ කතාව කියන කෙනා…. කතාව පටන් ගන්නෙ හිරූව ප්‍රධාන කරගෙන…. ඒ කියන්නෙ හිරූ හිතන එයාට දැනෙන දේවල් තමයි අකුරු වෙලා තියෙන්නේ….. ඒ වුණාට සමහර තැන්වල සැරෙන් සැරේ කේෂාන්ව ප්‍රධාන කරලා තියෙනවා… එහෙම වෙද්දි ඒක අපේ රස වින්දනයට බාධාවක්…. කේෂාන්ව ප්‍රධාන කරන්න ඕන තැන්වල එතන ඉදන් කතා කරන්නෙ කේෂාන් කියලා වරහනක් අස්සෙ දැම්මා නම් එහෙම තැන්වලදි අපිට පැටලෙන්නෙ නෑ….

    සමහර තැන්වල පොඩි පොඩි ටයිපින් මිස්ටේක් වගයකුත් තිබ්බා…. වෙලාවක් තියෙනවා නම් කතාව ටයිප් කරලා ඉවර වෙලා ආපහු සැරයක් කියවලා බලන්න… එතකොට ඒවගේ වැරදි හදාගන්න පුළුවන්….

    ම්…. තව….. කතාව මැද ඉමෝජි පාවිච්චි කරන එකත් ගොඩක් අඩු කරන්න…. පුළුවන් තරම් උත්සහ කරන්න ඒ ඉමෝජිවලින් කියවෙන දේ වචනවලින් කියන්න….. එතකොට පුළුවන් කතාව හුඟක් දැනෙන විදිහට ලියන්න….

    දැන් ඉතින් මට බනින්න එහෙම එපා කතාව ඉවර වෙලා දවස් දහයකට විතර පස්සෙ කමෙන්ට් කරලා කතාවෙ වැරදිම කිව්වා කියලා…. එහෙම කිව්වෙ තරහකට එහෙම නෙමේ….. ඔයාගෙ ඊළඟ කතාව මේකට වඩා ගොඩක් ලස්සන වගේම ගොඩක් සාර්ථක කතාවක් වෙයි මං කලින් කියලා තියෙන දේවල් හරියට හදාගත්තොත්…..

    මේක ලස්සන නෑ කියලා මං කියනවා එහෙම නෙවෙයි….. ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි…. මේ කතාව නිසා මං හුඟක් ලේ පිරිසිදු කරගත්තා….. මේකෙ සමහර කොටස් තියෙනවා මතක් වෙද්දිත් හිනා යන…. ඒවගේම ගොඩක් කොටස් ඉවර වෙද්දි ඊළඟ කොටස ගැන හිතන්න දෙයක් තිබුණා…. කුතුහලය නම් මට එච්චර දැනුණෙ නැත්තෙ මං එක දිගට කියවගෙන ගිය නිසා වෙන්න ඇති….. ඔයා ලස්සනට ඔයාගෙ හිතට ආපු සිතුවිලි වචන කරලා තියෙනවා….

    ඉතින් ඔයාගෙ හැකියාව තව තවත් වැඩි වර්ධනය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා….. සතුටින් පරිස්සමින් ඉන්න….. ඒවගේම තවත් කතාවක් අරන් ඉක්මනටම ආපහු එන්න…. ජේසු පිහිටයි…. බුදු සරණයි…..

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.