Katha Ahura

රණ හංසි | 01 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (3 votes)

* * * * * * * * * * * * * * * * * *
❤️❤️

01 කොටස

ඒ හංසියෝ නැගිටපං යෝධියේ ”

උදේ පාන්දරම නිදාගන්න දෙන්නෙ නැතුව කව්ද බං මේ මාව එහාටයි මෙහාටයි හොල්ලන මී හරකා

“මේ උබට මං ආයෙ කියන්නෑ.හයාමාරයි යකෝ නැගිටපියකෝ අපි යන ඉස්කෝලෙ අයිතිකාරයා අපේ සීය නෙවෙයි යකෝ නැගිටපන්කෝ ”

“ම්හ්….”

මං යාන්තං එක ඇහැක් විතරක් ඇරල බලලා ආපහු අනික් පැත්තට හැරුණා විතරයි ඇහ් මොකක්ද මට ඒ කිව්වේ හයාමාරයි කියලා නෙහ්

“හුටා”

මං දඩිබිඩි ගාලා ඇදෙන් නැගිට්ටෙ තව ටිකෙන් පෙරවගෙන ඉදපු රෙද්ද පැටලිලා නමෝ විත්තියෙන් භූමි වන්දනා කරන්න ගිහින් බෙරුණේ අනූනවයෙන්

“ඒ ගමන උබට මොන කුලප්පුවක් හැදිලද හරකියේ”

“පුළුවන් නං ඕක පල්ලෙ වැටිල කඩාගනින්කො අණ්ඩක් ”

අම්මේ ඉතිං ඔය ඇහෙන ටිං කිරි වොයිස් එක වෙන කගෙවත් නෙවෙයි මගෙ බොක්ක අනූගේ ඒකිත් මගෙ වයසෙම තමා අපෙ නැන්දාගෙ දුව

මං ගැන කියනෝනම් යාළුවනේ මං තමා අපේ පවුලෙ ඉන්න එකම අහිංසක දූ සිගිත්ත හිරුණි හංසිකා රණසිංහ.තාම අවුරුදු විස්සක සුටි කෙල්ලෙක්
???

ඔන්න මං පැය බාගෙට යුනිෆෝම් එකත් දාගෙන බාගෙට ගොතපු කොණ්ඩෙත් අතින් අල්ලගෙන ටයි පටියත් බෙල්ල වටේ ඔතන් බෑග් එකත් අරන් සාලෙට දුවන් එනකොට අපරාදෙ කියන්න බෑ අපේ අයිය යි අනුවයි මං දිහා බලන් ඉන්නේ හරියට මං දිහා මං නිකන් කැලෙන් පැනපු වැදිරියෙක් ගානට

සැක් වස නෝන්ඩිය මං ශේප් එකේ දෙන්නටම විරිත්තල එතනින් ලෙස්සල කුස්සියට එනකොට අම්ම කෑම එක බෙදනවා

“අනේ ඇත්තමයි සුදූ ඔයාට ටිකක් උදෙන් නැගිටලා ලෑස්තිවෙන්න බැරිද මං අහගෙන ලොකු දුව අද උදෙත් කෑ ගහනව”

“හරි හරි සූටි මැණික මං හෙට උදෙන්ම නැගිටින්නම්කෝ”

මං ශේප් එකේ අපෙ අම්මට ගොං හිනාවක් දාලා කිව්වෙ අම්මගෙ කම්මුලකුත් සිපගෙන

මං පටස් ගාලා කෑම එකත් දාගෙන අම්මටයි තාත්තටයිත් වැදල අරකිවත් ඇදගෙන වාහනේ ලගට දිව්වෙ අම්මා කෑම කාලා යනවා කියලා කුස්සියෙ ඉදල කෑ ගහද්දි

අම්මේ ඉතිං ඉස්කෝලෙට එද්දිම අපේ සෙට් එක ඉන්නවා මූණවල් හතරැස් කරන් රැකගෙන ගේට් එක ළග

අනේ ඉතිං ඔය බලන් ඉන්නෙ මට තියෙන ආදරේකට නෙවෙයි අප්පා මගේ බත් ගෙඩියට තියෙන කෑදරේට මිසක්

??????

“ඒ ඒ බං මේ…”

ඔය තියෙන්නෙ මං ඒත් බැලුවා මොකෝ මේකිගෙ චැටර් බොක්ස් එක අද වැහිලා කියලා ඔය ඉතිං අපෙ සිතුවා තමා මට එහා පැත්තෙ ඉදන් එහෙන් මෙහෙන් අනින්නෙ

“හ්ම්…”

“මේ බලපන්කෝ බං”

මේං ඒ පාර මේකි මට ආපහු අනිනවා වැලමිටෙන්

“අනේ බං මට මේ ගාණ හදාගන්න දියන්කො බං”

මං කිව්වෙ පොතටම ඇස් අලවගෙන

———————————–

මේක මගේ පළවෙනි කතාව හොදයිද ලස්සනයිද දන්නෑ. අඩුපාඩු එහෙම තියේ නම් කියාගෙන යන්න☺️☺️☺️☺️

11 thoughts on “රණ හංසි | 01 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

      1. ආ අක්කියෝ…. මං අද උදේ දැක්කනෙ ඔයා කොස්සත් අතේ තියන් නගර සංචාරය කරනවා….??
        Thanks akki….?

        1
  1. රිතූ ?

    මම මේ කතාව කියවලා තියෙනෝ….. මම අන්තිම දවසට කමෙන්ට් එකක් දෙන්නම්… නැත්තන් දැන් කමෙන්ට් කරන්න ගියොත් මට කතාව කියවෙයි ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.