Katha Ahura

ලේ සළකුණු | හත්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

4/5 - (36 votes)

ලේ සළකුණු

හත්වන කොටස

” එතකොට මොනවා වෙලාද මර්ඩර් එක වුණේ ?” තාත්තා ඇහුවා .

” වික්‍රමසිංහ සර්ගේ මල්ලී බැංකු මැනේජර කෙනෙක් . නෝනා ටීචර් කෙනෙක් . එයාලගෙ දුව මැරෙද්දි නවය වසරේ. තුන්දෙනාම මැරුනා. නෝනයි දුවයි මරලා වික්‍රමසිංහ සර්ගේ මල්ලී සුයිසයිඩ් කරගෙන . ඇහැට දැක්කා කියලා වික්‍රමසිංහ සර් තමා සාක්ෂි දුන්නේ ” සුගත් අංකල් කිව්වා .

“අනේ දෙයියනේ . මොකක්ද ඉතිං මරන්න හේතුව ?” අම්මා ඇහුවේ කම්බුලට අත තියාගෙන .

” සරත් වික්‍රමසිංහ මහත්තයා දුවට දවස් ගානක් තිස්සේ කරදර කරනවලු . එක දවසක් නෝනා ගෙදර එද්දී සරත් මහත්තයා පොඩි කෙල්ලට දස වද දීලා දූෂණය කරනවලු. නෝනා ඒක දැක්කා කියලා නෝනා ඇද උඩ පිහියෙන් ඇනලා මරලා දාලා . කෙල්ල ආයෙත් දූෂණය කරද්දි තමා නිහාල් වික්‍රමසිංහ මහත්තයා ඒ ගෙදර ඇවිත් තියෙන්නේ . දොර ඇරලා තිබුණ නිසා ගෙට යනකොට දැකලා. ඒ බව දැකපු සරත් මහත්තයා කෙල්ලගේ බෙල්ල මිරිකලා කාමරේ දොර වහලා ෆෑන් එකේ එල්ලිලා සුයිසයිඩ් කරගෙන . නිහාල් මහත්තයා තමා කෝල් කරලා පොලිසියට කිව්වෙත්” සුගත් අංකල් කිව්වා .

අයියයි, මායි මූණෙන් මූණ බැලුවේ එහෙනම් අපි දැක්කේ ඒ මනුස්සයා නේද කියලා හිතුන් නිසා.

” ඉතිං ගමේ මිනිස්සු මොකද කියන්නේ ” තාත්තා එහෙම ඇහුවම අපට පුදුම හිතුනෙ ඇසින් දුටු සාක්ෂි තියෙද්දි මිනිස්සු හිතන ඒවා වැදගත් වෙන්නේ කොහොමද කියලා .

“මිනිස්සු නම් කියන්නේ සරත් මහත්තයා එහෙම කරන්නේ නෑ කියලා . තරුෂි දුවගේ ඉස්කෝලේ අයත් කිව්වා ඒක වෙන්න බෑ කියලා ” සුගත් අංකල් කිව්වා .

ඒක තමා එහෙනම් තරුෂි ඒ ගෙදර එයාලගේ කිව්වේ  කියලා මට තේරුණා .

තාත්තා එකපාරටම එයාගේ සාක්කුවෙන් අර පොත් ඇදලා අරගෙන පිටු පෙරල පෙරලා බැලුවා .

” මේක මර්ඩර් එකක් සුගත් . ඒත් සරත් වික්‍රමසිංහ නෙවෙයි නිහාල් වික්‍රමසිංහ කරලා තියෙන්නේ ” තාත්තා එහෙම කිව්වම අපි හැමෝම පුදුම වුණා.

“මොකක් සර්? සර් චෝදනා කරන්නේ මංත්‍රී කෙනෙක්ට. මිනිහට ලොකූ කනෙක්ෂන් තියෙනවා . සාක්ෂි නැතුව මොකුත් කිව්වොත් සර්ට කරදර වෙයි ” සුගත් අංකල් කිව්වා .

” මාත් පොලිසියේ අවුරුදු තිහක් ඉදලා තියෙනවා සුගත් . සාක්ෂි නැතුව මොකුත් කියන්නේ නෑ මං. මේ ඒ මැරුණ ළමයගේ ඩයිරි එක. මේකේ දින වකවානු එක්ක තියෙනවා ලොකු තාත්තා ඒ ළමයට කරදර කරා කියලා . අම්මට තාත්තාට කිව්වොත් මරනවා කියලා තර්ජනය කරා කියලා ” තාත්තා කිව්වේ අර පොත පෙන්නලා.

අපිට පුදුම හිතුන .

“එහෙනම් සර් පවුලම මැරෙන්නේ මොකටද ” සුගත් අංකල් ඇහුවේ මට අහන්න ඕන වෙලා තිබ්බ දෙයක් .

“අපි මනුස්සයා ඇරෙස්ට් කරලම අහලා බලමු” තාත්තා කිව්වා .

***********************************************

එදා රෑ අපි පොලිස් ක්වාටස්වල නතරවුණා. පහුවදා තාත්තා තරුෂිගේ ඩයිරි එක උසාවියට ඉදිරිපත් කරලා නිහාල් වික්‍රමසිංහ කියන කෙනා ඇරෙස්ට් කරල තිබුණ . ඒ මිනිහා අන්තිමට පාපොච්චාරණය කරලා ඒ තුන්දෙනාම මැරුවෙ එයා කියලා .

තරුෂි තනියම ඉන්න වෙලාවක එයාව රේප් කරලා. ඒ වෙලාවෙදි තරුෂිගේ අම්මා ගෙදරට ඇවිත් තිබුණ . තරුෂිගේ අම්මා තරුෂිගේ තාත්තාට ඒ බව කෝල් කරලා කියන්න ලෑස්ති වෙලා. ඒත් නිහාල් කියන මනුස්සයා තරුෂිගේ අම්මටත් කරදර කරලා මරලා දාලා ආයෙත් තරුෂිට කරදර කරද්දී තරුෂිගේ තාත්තා ඇවිත් තිබුණේ . තරුෂිගේ තාත්තගේ ඔලුවට ගහලා ෆෑන් එකේ එල්ලලා තියෙන්නේ නිහාල් කියන මනුස්සයා . තරුෂිගේ තාත්තා ඉස්සරහම තරුෂිට ආයෙත් කරදර කරලා එයාවත් මරලා තමා පොලිසියට බොරු කෝල් එකක් දීලා තියෙන්නේ .

කොහොම හරි මනුස්සයා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා . හිරේට යවලා දවස් තුනකින් මිනිහා හිරේදි එල්ලිලා මැරිලා කියලා නිව්ස්වලට කිව්වා . ගමේ මිනිස්සු නම් කිව්වේ  තරුෂිලගෙන් බේරෙන්න මිනිහා යන්ත්‍රයක් දාගෙන හිටිය නිසා මෙච්චර කල් බේරිලා හිට්‍යත් හිරේට යනකොට යන්ත්‍රය ගලවලා යන්නවුන නිසා කලකම් පලදීලා මැරුනා කියලා .

තරුෂිගේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේම ගමේ අය ලොකු දානයක් දීලා පිං අනුමෝදනා කරා. ඒත් අපි ආයෙමත් ඒ ගෙදරට නම් ගියේ නෑ . අපි පොලිස් ක්වාටස්වල නතර වුණා .

වෙච්ච සිද්ධි මතක් වෙනකොට තාමත් බය හිතුනත් තරුෂිගේ මිනීමරුවා අල්ලලා දෙන්න තාත්තාට පුලුවන් වුණ එජ ගැන මට සතුටක් දැනුණා .

——————නිමි————–

– නයෝමී නදීරා ධීරසිංහ –

18 thoughts on “ලේ සළකුණු | හත්වන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා…කතාව අාසාවෙන් කියෙව්වේ….තව ලස්සන කතාවක් ඕනා අපිට….

    7
  2. K.K.Damayanthi

    කතාව ලස්සනට ඉවර උනා අක්කියෝ….. ඒත් මන් හිතුවෙ නෑ රේප් කේස් එකක් කියලා….. මන් අද රානම් කියවන්නෑ කියලා හිතන් හිටියේ…වේත් අන්තිම කොටස නිසා කියෙව්වා ඔන්න..
    ??????
    ආයිත් ලස්සන …. බය හිතෙන් හොල්මන් කතාවක් ලියන්න අක්කියෝ….
    ?????
    ඔයාට මන් සුභ පතනවා…..
    ???????

    3
          1. K.K.Damayanthi

            මේ මගෙ කතාවකට කමෙන්ට් එකක් දාන්න මන් ඔයාට දාන්නම් මැසේජ් එකක්

            1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.