Katha Ahura

ලේ සළකුණු | හයවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක

3.5/5 - (10 votes)

ලේ සළකුණු

හයවන කොටස

වෙලාව කීයද කියලා බැලුවේ ඉබේම . අටට පහයි කියලා ඔරලෝසුවේ වෙලාව සටහන් වෙලා තිබ්බා .

“තාත්තා ඒ වළලලා තිබුණ දේ දැක්කද?” කියලා අයියා තාත්තගෙන් ඇහුවේ මට අහන්න ඕන වෙලා තිබුණ දෙයක් .

“ඔව්. මොකක්ද පොතක් තිබුණ” කියලා තාත්තා සාක්කුවට අත දාලා පොඩි පොතක් එළියට ගත්තා .

“ඩයිරියක් වගේ” කියලා මං කිව්වා .

“ඔයාටත් ඕන්නැති එකක් නෑ. පොලීසියේ වුණාම ඕක තමා කරදරේ. ප්‍රශ්න හොයාගන ළගට ගිහිං ප්‍රශ්න දාගන්නේ” අම්මා තරහෙන් කිව්වා .

” මොනාද ඕකේ තියෙන්නේ ?” මං ඇහුවේ කුතුහලය නිසා .

“චූටි ඔයාටත් ඕන්නැති දෙයක් නෑ. මෙච්චර දෙයක් වෙලත් ඔයාට ඒකද දැන් වැදගත් .” අම්මා කිව්වේ සැරෙන් .

අම්මා කියන දේත් ඇත්ත තමා. ජීවිතේ ගැන සුවර් එකක් නැතුව මේ ඉන්න වෙලාවේ මෙතනින් යන ක්‍රමයක් ගැන  හිතන්නැතුව මාත් ප්‍රශ්න දාගන්න ලැස්ති වෙනවා කියලා මට හිතුනා .

එකපාරටම අකුණක් ගහද්දිමයි මං දැක්කේ ජනේලයෙන් අපේ දිහා බලාගෙන ඉන්න තරුෂි . එයාගේ බෙල්ල පැත්තකට කඩා වැටිලා තිබුණ .

“හෑ….” මං හයියෙන් කෑ ගැහුවෙ ඒ පැත්තට ඇගිල්ල දික් කරලා.

“තාත්තේ අපි පිරිත් දාමු” කියලා අයියා තාත්තා එක්ක රේඩියෝ එක දැම්මා .

පිරිත් ගියේ විනාඩි දෙකක් තුනක් විතර . එකපාරටම බල්බ් නිවී නිවී පත්තු වෙලා නිවිලම ගියේ කලුවරේ අපි බය කරලා . ලයිට් ගිය නිසා රේඩියෝ එකත් වැඩ නෑ.

“ම-ර-න-වා….උඹලා ඔක්කොම …. හහ්….හහ්” තරුෂිගේ වියරු කටහඩ ගේ පුරා දෝංකාර දුන්නා .

“උඹට මොනාද ඕන ? ඇයි අපට මෙහෙම කරදර කරන්නේ ?” තාත්තා ඇහුවේ කෑ ගහලා .

” මට….මට ඕන වුණේ මගේ තාත්තා එක්ක සතුටින් ඉන්න මගේ ගෙදර . ඒත් අරූ ඒකට මට ඉඩ දුන්නේ නැ. මගේ ගෙදර උඹලට සතුටින් ඉන්න දෙන්නෙත් නෑ මං හා හහ්…” ඒ හිනාව මගේ බය තවත් වැඩි කරා.

අපි හතරදෙනාම බුදු ගුණ කියලා කරණීයමෙත්ත සූත්‍රය එකවැර කියන්න පටන් ගත්තේ සද්දේ වැඩි කරලා.

“ඕක නවත්තපං…. නවත්තපං … මට ගේ ඇතුළට එන්න බෑ. හොද හිතින් කියන්නේ නවත්තපං  ” තරුෂි පිස්සුවෙන් වගෙ කෑගහන්න පටන් ගත්තේ දොර ජනේල ඔක්කොම සද්දෙන් හෙලවෙද්දි.

දැන් දැන් දොර කඩාගෙන ඇතුළට එයි කියන බයට මගේ කකුල් වෙව්ලන්න ගත්තා . අයියා ෆෝන් එකේ ටෝච් එකෙන් වෙලාව කීයද කියලා බැලුවා . වෙලාව 8.30යි. තාමත් පොලිසියෙන් ආවේ නෑ.

බඩගින්නට බඩත් කෑ ගහනවා . අද දවසටම එක වේලයි කෑවේ. මෙහෙන් යන්න තියෙනවා නම් කෑම ඕනිත් නෑ කියලා මට හිතුනා.

එතකොටම ඇහුනේ පද්මාවත් ෆිල්ම් එක සද්දෙන් යනවා. අයියගේ ලැප් එක සට් ඩවුන් නොකර කාමරේ දාලානේ ආවේ . අයියයි මායි මූණෙන් මූණ බලාගෙන ඉද්දි කාමරේ අඩි සද්දයක් ඇහෙන්න පටන් ගත්තා .

“අනේ මට බයයි අම්මී” මං රහසිං අම්මට කිව්වේ අපි තාමත් කරණීයමෙත්ත සූත්‍රය කිය කිය හිටිය නිසා .

ඒත් එක්කම එළියේ අඩි සද්දයක් ඇහුණේ අපේ බය තවත් වැඩි කරලා . ඒ මදිවට දොරට ගහනවා .

“සර්…. අපි ආවා දොර අරින්න ” කියලා කතා කරාමයි හිතට සහනයක් දැනුණේ .

තාත්තා ඉක්මනින් ගිහිං දොර ඇරලා

“ජීෆ් එක එනවා ඇහුනෙත් නෑනේ ” කියලා කිව්වා .

“වැස්ස නිසා වෙන්න ඇති සර්…  හැමතැනටම ලයිට් තියෙනවා . මෙහෙට විතරයි නැත්තේ නේද ” කියලා ආව කෙනෙක් කිව්වා විතරයි ලයිට් ආවා.

“සර් එහෙනම් යන්ද අපි ?” කියලා ආව කෙනෙක් ඇහුවා .

“පොඩ්ඩක් ඉන්න අපි ඇදුම් දෙකක් තුනක් ගන්නකල්” කියලා අම්මා නැගිට්ටා .

“අම්මයි තාත්තයි කාමරේට ගියා .
මායි අයියයි ඉස්සර වෙලා මගේ කාමරේට ගිහිං ඇදුම් ලෑස්ති කරන් ඊළඟට අයියගේ කාමරේට බයෙන් බයෙන් ගියා . ඒත් කාමරේ අර මනුස්සයා හිටියේ නෑ.

හැබැයි කාමරේ හැමතැනකම වගේ ලේ සළකුණු තියෙනවා අපි දැක්කා ..

ගෙදර දොර වහලා ගිහිං අපි ජීෆ් එකට නැග්ගේ හිතේ සැහැල්ලුවෙන් .

නිකමට වගේ ගේ දිහා හැරිලා බලද්දී මං දැක්කේ තරුෂි ගේ ඇතුළෙ ඉදන් අපි යන දිහා බලාගෙන ඉන්නවා කියලා .

අපට ටික දුරයි පාරේ යන්න ලැබුණේ ජීෆ් එක ඉස්සරහට ගහක අත්තක් කඩා වැටුණා .

“හොද වෙලාවට. තත්පරයක් මිස් වුණා නම් වාහනේ උඩ..” කියලා ඩ්‍රයිවර් වාහනේ අයිනකින් ඉස්සරහට අරගෙන දිගටම යන්න ගියා.

“එද්දිත් ගහක් කඩා වැටුණා . දැනුත් එකක්…සර්ලත් මරු පොට් එකකට සල්ලි දීලා ඇවිත් තියෙන්නේ ..” ජීෆ් එකේ ආව  අනිත් පොලිස් අංකල් කිව්වා .

“ඇයි.. සුගත් මොකක්ද ඒ කතාවේ තේරුම?” තාත්තා ඇහුවා .

“සර් මොකුත් හිතන්න එපා මෙහෙම කිව්වට. සර් නිසාම ආවා මිසක් නැත්තම් අපි අද එන්නෙවත් නෑ ඔතනට. ඔය මර්ඩර් වගයක්, සුයිසයිඩ් වෙච්ච තැනක්. මාස නවයක් තිස්සේ වහලා දාලා තිබුණ ගෙයක් . මිනිස්සු කියන්නේ හොල්මන් ගෙදර කියලා .කිසො කෙනෙක් යන්නෙ එන්නේ නෑ. සර් ඇඩ්‍රස් එක කිව්වම අපි පුදුම වුණා. අපි ආවෙත් බයෙන් . දැක්කනේ ගස් වැටිලා බාධා වුණ හැටි” සුගත් කියන අංකල් කිව්වා .

“මේ ගේ අපට දුන්නේ මිස්ටර් වික්‍රමසිංහ . එයාගේ ගෙයක් කියලනේ අපට කිව්වේ ” අම්මා කිව්වා .

“ආ… මිස්ටර් වික්‍රමසිංහගේ මල්ලිගේ ගේ තමා ඕක. එයාලා මැරුනට පස්සේ වික්‍රමසිංහ සර්ට ඕක අයිති වුණා . මිනිහා කපටිකමින් සර්ලට ගේ විකුණුවා. මිනිස්සු බයට කට අරින්නේ නෑ. මිනිහා මංත්‍රී නිසා. “සුගත් කිව්ව

-නයෝමී නදීරා ධීරසිංහ –

7 thoughts on “ලේ සළකුණු | හයවන කොටස |හොල්මන් කතා | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    ආහ්… ඒක තමයි… මේ …….
    මෙච්චර හොල්මන් වෙන්නේ …
    මට නම් ඇත්තටම බයයි අනේ…….
    ඕවා බලනකොට ගෙවල් වලටත් යන්න බයයි …. තරුෂි වගේ කෙනෙක් ඇවිත් මරනවාඅ කියලා කිව්වොත්….
    ඇයි තරුෂිගෙ අම්මා කෝ….. එයාට මොකද වෙලා තියෙන්නෙ…. තාත්තයි දුවයි විතරද ගෙදර ඉන්නේ . ..
    මට ප්‍රශ්න ගොඩායි අනේ ……….
    ?????????
    කතාව නම් එල හොදේ…
    ?????????

  2. Ayesh imalka

    කතාව සුපර්……. මට මැවිලා පේනවා…… ම්ම්ම්ම්……. නියමයි……. ????? GOOD LUCK…..!!!!!!

  3. Thakshi Deepali Jayasuriya

    ඩයරියේ හැමදේම අැති….එයාලා ගියාට ඩයරිය අරන් ගිය නිසා තරුෂි පස්සෙන් එයිද ????
    කතාව නම් කියලා වැඩක් නෑ…????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.