Katha Ahura

ලේ | 07 කොටස | හොල්මන් කතා

4.5/5 - (4 votes)

07 කොටස

හොදටම බය වුන මම ගහ උඩ බලද්දී දැක්කේ කොන්ඩේ කඩාගත්ත ගෑනු කෙනෙක් ගහ උඩ අත්තකට වෙලා මම දිහා බලන් ඉන්න හැටී.

කලූම කලූ පාට හමක් තිබ්බ ඒ ගැනූකෙනා මම දැක්කේ යක්ශනියක් වගේ….ඉරුනු සායකුයි හැට්ටයකුයි ඇදගෙන හිටපු ඇගේ ඇදුම් කුනු වලින්ම වැහිලා තිබ්බා…

ඔලුව එහාට මෙහාට කරමින් මම දිහා බලන් හිටපු ඇය එකපාරට ගහෙන් බිමට පැන්නේ….

” අලුතින් බොන්න බීමක් ඇවිල්ලා…අලුතින් කන්න කෑමක් ඇවිල්ලා…..ඉක්මනටම ඉක්මනටම ,පව්…..පව්…..”

තාලයට සින්දුවක් කියාගෙන. ඉන්පසු ඇය අත් එහෙට මෙහෙට කරමින් නටමින් ඇය ,මම දිහා බලාගෙන අමුතු රංගනේක යෙදුනා……මට ඇය දිහා බලද්දී හැගුනේ මේ ඉන්නේ පිස්සු ගෑනියක් කියලා…..

මොහොතකින් ඇගේ රංගනය නතර කරපු ඇය මම දිහා බලලා හිනා වුනේ ඇස් ලොකුකරලා හොඩු පුම්බහෙන. ඒ හිනාවට මම හොදටම බයවුනා.

“උබ කවුද……කවුද උබ ,ඇයි මෙහාට ආවේ…..”

කිය කිය ඇය ටික ටික මා ලගට ලංවුනා….

” උබ දන්නවද ,උබ මේ ඇවිල්ලා තියෙන්නේ යක්ශනියක් ඉන්න ගෙදරකට…..ඒ යක්ශනී ඇහරෙන්නේ රෑට , ”

කියපු ඇය එක අතක් අර බංගලාවට දික්කෙරුවා.

“අන්න අර බංගලාවේ වහපු කාමරයකට වෙලා ඒ යක්ශනී දවල් දවසෙම ඉන්නේ නිදාගෙන….රෑට තමා ඇහරෙන්නේ…….ඒ යක්ශනී බොන්නේ උබලා වගේ තරුන කොල්ලන්ගේ ලේ….කන්නේ ඒ කොල්ලෝ මරලා උන්ගේ මස්………..පව්………උබට වෙන්නෙත් දැන් ඒක….පව්……..

උබ යක්ශනී ට රැවටිලා…..යක්ශනී උබ රවටලා
කහට රහට රහට කහට ,,උබගේ ලේ බී යකින්න උබෙ මස් කයි අදුරු රෑට…….”

පිස්සු ගැහනිය මම වටේට කැරකි කැරකී නටද්දී ඒවා අහල මම හොදටම බයවුනා.. ඒත් ඇයට එහෙම වැඩිවෙලා නටන්න හම්බවුනේ නෑ…මම දැක්කා මාකස් අපි හිටපු පැත්තට එනවා…..

“සිරිනා……..උබ ආයෙත් ආවාද,,,,,මම කියල තියෙනවා නේද උබට මේ පැත්තට එන්න එපා කියලා…..”

මාකස් හිටියේ හොදටම කෝපවෙලා…

“පලයන් මෙතනින් දැන් දෑහට නොපෙනී….ගියේ නැත්නම් ඇදුම ගලවල ගහක බැදලා උබේ ඇගට දිමි ගොටු දානවා…….”

“පව්…ඒත් දිමියන්ටපව් නෑ……….අර යකින්න දිමියන්ගෙන් ලේ බොන්නේ නෑනේ. දිමියන්ගේ මස් කන්නේ නෑනේ……”

කියපු සිරිනා මමලගට ලංවුනා….

“යක්ශනී ලේ බොන්නෙ දිමියන්ගේන් නෙමේ ,උබල වගේ උන්ගෙන්”

සිරිනා ඒක කිව්වේ රහසින්…

“මෙන්න මෙහෙ වරෙන් යන්න පිස්සු ගෑනී….”

මාකස් එක පාරටම පැනලා සිරිනාව අල්ල ගත්තා….

“අත ඇරපන් අත ඇරපන්,උබ හදන්නේ මාවත් මරලා මගේ මස් උයලා අර යක්ශනීට කන්න දෙන්නද……..”

සිරින මාකස්ගෙන් ගැලවෙන්න උත්සහ කෙරුවත් ඊට ඇයට ගැලවෙන්ඩ බැරිවුනා…සිරිනවත් ඇදගෙන ගිය මාකස් මොහොතකින් යකිනි කැලේ ගස් කොලන් අතර නොපෙනී යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

** ඒ පිස්සු සිරිනා කියපු දේවල් හිත හිත පුටුවක ඉදගෙන ඉන්නකොට යි මාකස් සිරිනව නැතිව් ආපහු ආවේ…

“පිස්සු ගෑනීයක් මහත්තයා…..සතියකට සැරයක් විතර ඇවිල්ලා පිස්සු කියවල කියවල ඉදලා යනවා……”

මාකස් කිව්වා.

” ඒත් ඒ ගෑනු කෙනා කොහෙද ඉන්නේ…මේ යකිනි කැලේ මේ බංගලාව කිට්ටිව තව ගෙවල් තියෙනවා ද”

“අපෝ නෑ මහත්තයා ,තව හැතම්මක් යනකම්වත් ගෙයක් දොරක් නෑ…..ඒ පිස්සු ගැනී කාගේ කවුද කියලවත් දන්නේ නෑ…..එකපාරටම මතුවෙනවා…..අපිත් ඉතින් කරදර කරන්නේ නෑ…මොකක් හරි චාටුවෙන් දෙයක් කියලා එක්කගෙන ගිහිල්ලා දානවා….මහත්තයා ඒ පිස්සු ගැනී කිව්ව දේවල් වලට බය වුනේ නෑනේ….එහෙම පිස්සු කතා කොහෙන් ඒ ගෑනීගේ කටට එනවද කියලා දෙයියො තමා දන්නේ ඉතින්….මහත්තයා ඒ කිව්ව දේවල් ගැන එච්චර හිතන්න එපා….”

“න්…..නෑ…..මට එච්චර ගානක් නෑ….”

එහෙම කිව්වත් ඒ පිස්සු ගෑනීය කියපු කලපු දේවල් වලට මගේ හිත ගැස්සිලා තිබ්බා..

කෙමෙන් කෙමෙන් හවස් යාමයත් ගෙවිලා රාත්රියත් උදා වෙන්න ලංවුනා..අද රැයත් මේ පාලු බංගලාවේ ගෙවන එක ගැන මම හිටියේ ඒ තරම් සතුටින් නෙමේ….නිශා ඊයේ රෑ දැක්කට පස්සේ තවමත් දැක්කේ නෑ…

මාකස් දවසේම මට එක එක කැම හදලා දුන්නා…මොකක්දෝ මන්දා හේතුවකල අද මට වෙනදට වැඩිය නින්ද යනවා….මුලු දවසම වගේ මම හිටියේ නිදා ගෙන වගේ.

එකවරම නින්දදත් නොනින්දත් අතර හිටපු මම ඇහරුනේ වාහනය ක හෝන් හඩකින් . ඒ වෙද්දී රාත්රිය උදා වෙලා තිබ්බා.තද හිස රදයකුත් දැනෙද්දී මට මට වැටහුනෙ ……………….තවත් කොටසකට

ලයික් කමෙන්ට්ස් නම් ගොඩක් අඩුයි ,ඒත් කතාව කියවන අය වෙනුවෙන් ලියනවා…

හැමදාම වගේ මගේ කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කෝටම ගොඩාක් ස්තුතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

2 thoughts on “ලේ | 07 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.