Katha Ahura

ලේ | 11 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

11 කොටස

” හ්වා…..හ් ම්ම්ම්ම්ම්ම්…..”

විශ්වාස කරන්න. මට ඇහුනේ එදා මට සදීරලා පහර දෙද්දී යකිනි කැලේ ඇතුලෙන් ඇහුනු ඒ බිවිසුනු හඩමයි. මේ හඩ ගැන තිබ්බ කුතුහලය නිසාමයි මම මාකස්ව හොයාගෙන ගියේ.

” මාකස් මොකක්ද අර කැලේ මේ ලග පාතිනම ඇහුන ඒ හඩ…..”

” මොන හඩද මහත්තයා……..”

මම අහපු දේට මාකස් කිව්වේ නලලත් එක්ක රැලි කරලා….

” ඇයි දැන් පොඩ්ඩකට කලින් ඇහුනේ,, ඇයි මාකස්ට ඇහුනෙ නැද්ද”

” නෑ මටනම් ඇහුනේ නෑ……එහෙම හඩක්…සමහරවිට මහත්තයට මේ කැලේ අතුලේ ඉන්න මොකෙක් හරි සතෙක් ගොරවන ශබ්දේ ඇහෙන්න ඇති..මහත්තයා දැක්කේ නැති වුනාට මේ යකිනි කැලේ ඇතුලේ හරියට සත්තු ඉන්නවා….කොටි වලස්සු ,අලි හාවෝ ,හැම එකාම ඒ එකෙන් ගොරවන හඩ ඇහෙන්න ඇතී….”

” නෑ මාකස් ඒක හරි අමුතුයි මම කවදාවත් අහල නැති හඩක්…ඇත්තටම මාක්ස්ට ඇහුනේ නැද්ද….”

” නෑ………මට ඇහුනේ නෑ……”

මාකස් අහක බලන් කියද්දී මට වැටහුනේ ඔහු කියන්නේ බොරුවක් කියලා…..ඒත් ඒ ඇයි මම හිතද්දීමයි මාකස්

” මහත්තයා ඊයේ රෑ නෝන දුන්න පොත ලියන්න පටන් ගත්තද ”

කියලා මගෙන් ඇහුවේ….එතකොටයි මට ඒ පොත ගැන මතකෙට ආවෙත්..

” නෑ……මාකස් දැන්වත් පටන් ගන්න ඕනා……….”

කියලා මම ඉක්මනට කාමරේට ආවේ ඒ වැඩේ කරන්න.

” ඉකමනින් මේ පොත ඉවර කරලා ඉතිරි සල්ලිත් අරන් ඉකමනට මෙහෙන යන්න ඕනා…”

සිතිවිල්ලෙන් මම මේසේ ලග පුටුවේ ඉදගෙන ඒ පොතේ පලවෙනි පිටුව පෙරලුවා..

” මියගිය අයට නැවත පණ ගැන්වීමේ අරුම පුදුම ගුරුකම”

ඉස්සරවෙලාම ඒ පොතේ මත්ෘකාව වුනේ ඒකා.

” හරි අමුතුයි පොතක්…එහෙම දේවල් වෙන්න පුලුවන්ද ”

සිතිවිල්ලෙන් මම ඒ දේ ලියාගෙන ගියා .

” මිය ගිය කෙනාට පණ දෙන්නනම් ඒ සදහා ජීවත්වෙලා ඉන්නකෙනෙකුගේ හදවතක් අවශය වේ….අහසේ අන්දකාරම රාත්රියේ මිය ගිය කෙනා නිරුවත් කර ඒ ඉදිරියේ ,පණ පිටින් ඉන්න කෙනා තැබිය යුතුයි….ඉන්පසු ,පණ පිටින්ම අර පුද්ගලයා ගේ හදවත කපා අතට ගත යුතුවේ….ඉන්පසු ඒ හදවත ගෙන මියගිය කෙනාගේ හදවත තියෙන තැන උඩින් හම මත තැබිය යුතුයි. හදවත කපා ගත් කෙනාගේ ලෙයින් මියගිය කෙනාගේ නිරුවත් සිරුර සම්පූර්නයෙන්ම නැහවිය යුතුයි…ලේ මියගිය කෙනාගේ කටටත් වැක්කෙරිය යුතුයි.

ඉන්පසු යලිත් අර හදවත ගෙන එය මන්තර වලින් පුරා පැය ගානක් එකදිගට මතුරා බලවත් කල යුතුයි……මොහොතකින් මිය ගිය කෙනාට පණ එයි…..

ඒත් ඒ පන ආපු මියගිය කෙනා ජීවත්වෙන්නේ සාමාන්ය මිනිසෙක් විදිහට නෙමේ…ඔහු ට පන එන්නේ මල නොමල අමුනුශ්ය ආත්මයක් විදිහටයි….. ඔවුන්ගේ ආහාරය වන්නේ මීනිස් මස් හා මිනිස් ලේ වේ……..”

ඒක ලියල ඉවරකරද්දීමයි දොරට කවුරු හරි ගහන හඩක් ඇහුනේ……

** ” ටක්……ටක්……ට….ක්..”

අර ලියපු බිවිසුනු දේට සිත යොමුකරලා හිටපු මම ඒ හඩට බයට උඩ ගියා..

” මහත්තයා දොර අරින්න…..”

මට ඇහුනේ මාකස්ගේ හඩ….දොර අරිද්දී මම දැක්කේ මාකස කැම පිගානකුත් එක්ක දොර ලග ඉන්න හැටී..

” මොකද මාකස් මේ…”

මම ඇහුවේ කෑම පිගාන දිහාත් බලමින්.

” මහත්තයා අර පොත ලියනවා ඇති හිතලා මම දවල් කෑම කාමරේටම ගෙනාවා……”

” අයියෝ ඇයි කාමරේට ගේන්න වද වුනේ ….මට කතා කෙරුවනම් එනවනේ…..”

” ඕක මොකක්ද මහත්තයා ,,,,,”

කියපු මාකස් කෑම පිගාන මේසේ උඩින් තියලා එබුනේ මම ලිය ලියා හිටිය පොතට…..

” මහත්තයා පොතේ ගොඩක් ලියලා නේද….”

” මොන පොතේ හැටියට බොහොම පොඩ්ඩයි….මහ අමුතු පොතක් මාකස්….නෝනා මොකද දන්නේ නෑ මේ වගේ දේවල්වලට ආස…”

“අපේ නෝනත් හරි අමුතු කෙනෙක්නේ…..”

“අමුතු කෙනෙක් කිව්වේ……”

මම ඇහුවේ කුතුහලයෙන් .

” ආ…..නෑ….මේ…..මම කිව්වේ අමුතු අදහස් දරන කෙනෙක් කියලා……..එහෙනම් මහත්තයා ඉතිරි ටික දවල්ට කාලම පටන් ගන්න…..”

මාකස් කියපු දෙට ,,,මම හා කියන්න හිස වනද්දී මාකස් කාමරෙන් පිට වුනේ වරක් මට ගෙනාවා කැම පිගාන දිහාත් බලලා…….

මාකස් ගියාට පස්සේ මම මාකස් ගෙනාව වතුර වීදුරුව අතට ගත්තේ කන්න කලින් වතුර පොඩ්ඩක් බොන පුරුද්ද නිසා.. නිකමට වගේ කාමරේ ජනේලෙන් එලිය බලද්දී මම දැක්කේ කලුයි සුදුයි බල්ලෙක් මා දිහා හිටගෙන බලන් ඉන්න හැටී. ඇටසැකිල්ලක් වගේ හිටපු බල්ලගේ බඩ පොත්තටම ඇලිලා තිබ්බේ මාසෙකින්වත් කන්න හම්බවෙලා නෑ වගේ….

මම දත්වල්ට දිව උපයෝගීකරන් බල්ලා දිහා බලන් හඩක් නැගුවේ බල්ලගෙ අවදානය ගන්න.

බල්ලා මොහොතකින් මම ලගටම ජනේලෙ එහ පැත්තට ආවේ නගුටත් වනමින් හිනාවෙමින්. ලගට ම එද්දීයි මම දැක්කේ ඒ ඉන්නේ බල්ලෙක් නෙමේ බලු කික්කියක් කියලා…තනපුඩු පහලට එල්ලෙමින් තිබ්බා…

” කීකී…..උබ කැලේ අතරමන් වුනාද,,,,පාර හොයාගන්න බැරි වුනාද…බඩගිනිද…….හාවෙක්වත් අල්ල ගන්න බැරි වුනාද……”

මම අහද්දී බලු කික්කිය ” කීක්…කීක්….” ගැවෙ හරිම මිත්රශීලී හඩින් .මට පව් කියලා හිතුනා …..මගේ ඇස් එකපාරටම ගියේ මාකස් ගෙනාව කෑම එක ලගට…

” හිටින් මම උබට කන්න දෙයක් දෙන්නම්,කාල බඩ පුරවගනින්.”

කියපු මම ඉක්මනට කෑම පිගානා අරන් නිශාගෙ නිවසින් එලියට බැස්සා…මට ඕන වුනේ මේ දේ මාකස්ට හොරෙන් කරන්න…

නිශාගේ නිවසින් පොඩ්ඩක් ඈතට එක්ක ගිය බලු කික්කිට මම තේක්ක කොලයක් තරම් ලොකු ගහක කොලයක් කඩලා ඒකට බත් පිගානම හැලුවා…..

බලු කික්කිය ඒ බත් කාගෙන කාගෙන ගියේ හරි ආසාවෙන්. ඒ සමගම ඇහුන හඩින් මම හොදටම බයවුනා……

“හ්වා………හ්……ම්….ම්…….”

අර කලින් ඇහුන බිවිසුන හඩ මට ඇහුනේ ඉතාමත් ලග පාතින්. ඒ වෙද්දී කික්කී හිටියේ මම් දුන්න බත් ඔක්කොම කාලා………..තවත් කොටසකට

කතාව කියවන ,,කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

2 thoughts on “ලේ | 11 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.