Katha Ahura

ලේ | 17 කොටස | හොල්මන් කතා

කතාව කොහොමද?

17 කොටස

වැඩිවෙලාවක් ගියේ නෑ මට ඒ අමුත්ත හොයාගන්න. මෙතෙක් දවසක් මගේ බෙල්ලේ එල්ලී එල්ලී තිබ්බ සුරය අතුරුදහන් වෙලා තිබ්බා.

මට එකපාරම මතක් වුනේ ඒ සුරය ඉස්සරවෙලාම මගේ ගෙලට දාද්දී ගුරුන්නාන්සේ කියපු කතාව….

” කොල්ලො මේ යන්තරේ ඇතුලට 1008 වාරයක් මතුරල ජීවම් කරලා බලවත් කරපු තෙල් මේ සුරය ඇතුලට දාල තියෙන්නෙ. මේක දාගෙන ඉන්දෙද්ඩී උබට මාරක කරදරයක් ආවට් ඒ තෙල් වල බලේ හින්දා අනූනමයි තුන්කාලෙන් හරි උබ බේරෙනවා…..ඒ හින්දා උබේ අපලේ ඇතා හෝ නැතා මේ සුරය ගලවන්න එපා…

මේ දැන් ඉදන් අවුරුදු 07යනකම් මේ සුරේ බලේ තියෙනවා…..එතනින් එහාට නෑ…එතකොට මගෙ හිතේ උබෙ ඔය අපලෙත් ඉවර වෙලා තියෙයි…..කොල්ලගේ කේන්දරෙත් මාත් බැලෙව්වා….

මේ දවස්වල යන්නේ කුජ මහ දසාවේ කේතූ අන්තරය. කුජයි ,කේතුයි දෙන්නම ඉන්නෙ දොලහේ….කුජ දුර්වලයි ,කේතු දොලහෙ ඉන්නකොට ටිකක් සල්ලි එහෙම වියදම් කරන්න ලෝබයි තමා….ඒත් කුජ වියදම් කාර ග්රහයෙක් හින්දා කේතුව ඉන්නෙ යටත් කරගෙන.

ලේ වලට අදිපති කුජ කොල්ලගේ මාරක ග්රහයා….කේතු අමුනුශ්ය ගුප්ත බලපෑම් කරන ග්රහයෙක් කේතූ අතුරු දසාවක් හින්දා අමුනුශ්ය බලපෑම් එහෙමත් මේ කාලේ වැඩී…

කුජ කේතු දෙන්නම ඉන්නේ ණය බර , හිරේ විලංගුව වට්ටම වගේ දේවල් වලට කාරක දොලොස් වැන්නේ……

ඒ හින්දා මේ කලේනම් කොල්ලගේ කෙන්දරේ අන්තිම නරකයි….මම මේ ජීවම් කරල දාපු තෙල් සුරය ඒ කලෙ ගෙවනකම්ම දාගෙන ඉදපන් කොල්ලෝ……උබත් නංගියේ කොල්ලට ටිකක් ඒ ගැන තේරුම් කරලා දියන්.”

එදා ගුරුන්නාන්සේ ඒ සුරය මගෙ කරට දැම්මේ අම්මාටත් එහෙම කියලා.

ඒ හින්දමයි අම්මා අර තරම්ම මගේ සුරය කරෙන් ගලවන්න එපා කියලා බල කරෙ..

නමතු දැන් ඒ සුරය මම ලග නෑ…සිතට අවිනිශ්චිත බියක් දැනෙද්දී මම ඉන්න කාමරේ අස්සක් මුල්ලක් නෑරම ඒ සුරේ හෙව්වා. ඒත් වැඩක් වුනේ නෑ සුරය අතුරුදහන් වෙලා.

” මට නින්ද ගියවෙලාවේ මාකස් ඇවිල්ලා ගලවගෙන ගියාද…මාකස් ඉස්සරවෙලාම මගේ කරෙ සුරේ තියෙන වෙලාවේ බලන් හිටියේ අමුතු විදිහටම….”

ඒ ගැන සිතද්දීමයි මට නිශාව මතක් වුනේ..

** ” දෙවියනේ මාකස් විතරක් නෙමේ එදා රෑ නිශා මගේ පපුව දිහා බලන් හිටියේ මේ සුරේ වෙන්න ඇතී……”

බියමුසු හැගීම් වලින් මගේ හිත තෙරපෙද්දි මම හැකි ඉක්මනින් දුවගෙන ගියේ මාකස්ව හොයාගෙන.

මම ඒ කමරෙව්ට යද්දී මාකස් කාමරේ හිටියෙ දොරවහගෙන්…

“ගර්………ගර්……….”

ගොරවන හඩින් මට තේරුනෙ මාකස් ඉන්නේ නිදාගෙන කියලා.

දොර ඇරගෙන මම හැකි ඉක්මනින් මාකස්ගේ කාමරේට පැන්නා. මම හරි මාකස් උඩුබැලි අතට නිදන් උන්නා…

යකාගේ කම්මල වගේ තිබ්බ ඒ කාමරේ මම හැමදේම එහාට මෙහාට ඇද ඇද ඊට පස්සේ හොයන්න ගත්තේ මගේ සුරය.

සෑහෙන්න වෙලාවක් හෙව්වත් හම්බවුනේ නෑ…ඊට පස්සේ මම ඕනාකමින් මාකස් දිහා බැලුවා. ඉනෙ ගහගෙන ඉන්න යතුරු කැරල්ල දකිද්දී මට අදහසක් ආවේ එකපාරටම මයි.

පරිස්සමට ඒකත් අරගෙන මම මාකස්ගේ කාමරෙන් එලියට පැන්නා.

යතුරු කැරෙල්ලෙ යතුරු කීපයක් තිබ්බා.

” මේ ගෙදර හැම දොරේම යතුරු මෙතන ඇතී…..”

සිතිවිල්ලත් එක්ක මම ඉක්මනට ගියේ අර තරුණයා හිරකරන් ඉන්න කාමරේ හොයාගෙන. ඔහුගෙන් මේ දේවල්වල ඇත්ත නැත්ත හොයග්න්න පුලුවන්..සිතෙද්දීම මම හිටියේ ඒ දොර ලග……

එතන තිබ්බ එක යතුරකින් දොර ඇරෙද්දී මම ඉක්මන් අඩියෙන් අර් තරුණයා හොයන් ගියා…

කාමරේ පුරාම තිබ්බේ දැඩි අන්දකාරයක්….පොල්වේ යටට තිබ්බ පඩිපෙලෙන් බැහගෙන ඒ අන්දකාරය අස්සේ මමයද්දී අර තරුණයා හිටියා. ගල් කනුවේ ,දම්වැලක බැදලා හිටපු ඔහු හිටියේ නිදාගෙන.

” නැගිටින්ඩ නැගිටින්ඩ ”

ඔහුගේ ඇගින් හොලවා මම කිව්වත් ඔහු හිටියේ නින්දේමයි….සෑහෙන වෙලාවක් මම ඔහුව නැගිට්ටවන්ඩ හැදුවත් ඔහුගේ ඇස් ඇරුනේ නෑ…..ඒ හින්දාම කිසිම දෙයක් ඔහුගෙන් අහගන්න බැරි වුනා.

ආයෙත් මමමාකස්ගේ කාමරේට දිව්වා..ඔහු පෙර පරිදිම හිටියේ ගොරවමින් නිදාගෙන.

” මේ ගෙදර දොරවල් ඔක්ගෙම යතුරු මෙතන ඇති……මොකක් හරි හෝඩුවාවක් ඒ කාමරවලින් දැනගන්න පුලුවන් වුනොත්, මාකස් ඇහරෙන්න කලින් කරන දෙයක් කරන්න ඕනා.”

සිතිවිල්ලෙන් මම ඉක්මනින් ගිහින් තවත් වහල තිබ්බ දොරක් යතුරකින් ඇර ගත්තා….

“ක්රී……..ස්……ක්රී……….ස් ”

කාමරේ අරිද්දීම වවුල් රංචු පිටින් පියඹගෙන ගියේ මගේ ඇගෙත් හැපිලා. කාමරේ තැනක පරන කාලෙට අයත් විශාල අල්මාරිය ක් තිබ්බා. පුදුමේ කියන්නේ මම දැක්කා ඒ වහපු අල්මාරියේ යතුරත් දොරේම……….

මම ඉක්මනින් ගිහින් ඒ දොර ඇරියේ ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියල දැනගන්න කුතුහලයෙන්……තවත් කොටසකට

අල්මාරිය ඇතුලේ මොනව ඇද්ද………මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් මොනවද තියෙන්නේ කියලා අනුමාන කරයි කියලා…

කතාව කියවන ,,,,,කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩක් ස්තූතීයී.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ල

7 thoughts on “ලේ | 17 කොටස | හොල්මන් කතා”

  1. Mokadda ane…කුතුහලය thiyala nawaththanna epa ayyo…mara lassana kathawak anee…tikak digata danna….mn ආසාවෙන් kiyawanne oyage katha…gud luke ..???

  2. Deepali Jayasuriya

    මොනාද මේ කරන්නේ…දැන් ඉතින් පැය 24ක් බලන් ඉන්න ඕනානේ මොකද වෙන්නේ කියලා හිත හිත…ලස්සනම ලස්සනයි කතාව….හරිම අාසාවෙන් කියවන්නේ…මොන වැඩේ තිබ්බත් අනිවාර්යෙන් කියෝනවා…best of luck… අල්මාරිය අැතුලේ තියෙන්නේ ලේ බෝතල්ද ??? අනේ මන්දා

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.