Katha Ahura

ලේ | 18 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

18 කොටස

අල්මාරියේ තට්ටු ඔක්කොම උඩ පුරවලා තිබ්බේ මුදල් නෝට්ටු මිටිවලින්.

” මෙච්චර සල්ලි ගොඩක්”

හිතපු මම ඒ දිහා බලන් හිටියේ අසුත් ලොකුකරන්. මෙච්චර සල්ලී කන්දරාවක් මම මීට කලින් කවදාවත් දැකල තිබුනේ නෑ. නිශාට කොහෙන්ද මෙච්චර සල්ලී

සිතිවිල්ලෙන්

මම එක මිටියක් අතට අරගෙන බලද්දී දැක්කේ එතන ප්න්දාහේ මිටි වලින්ම එතනම ලක්ශ දෙකක් විතර ඇති කියලා.

” මෙතනින් මිටි තුන හතරක් හොරෙන් අරන් ගියොත් නිශා දුන්න ලක්ශ පහලොවත් එකතු කරලා ණය කාරයන්ට දෙන්න පුලුවන්….අර කෙහෙල් මල් පොත ආයේ ලියන්න ඕනෙත් නෑ…..මෙතනින් මිටි දෙක තුනක් ගත්තට නිශාට වෙනස හොයාගන්න බැරිවෙයි…..”

මම මදක් කල්පනා කෙරුවා….

” සල්ලිත් අරන් දැන්ම පිටවෙන්න ඕනා……ඒත් තව ටිකකින් රෑ වෙයි…..රෑවෙලා මේ යකිනි කැලේ පාර හොයාගන්ඩ බැරිවෙයිද….සතෙකුට්ස් අහුවුනොත් එහෙම…..”

මට එකපාරටම මතක් වුනේ අර ඇසෙන බිවිසුනු හඩ.

” නෑ ඉස්සරවෙලා කරන්න ඕනා…සල්ලී හොරෙන් අරන් ගිහින් කොහෙහරි හංගන එක….ඊට අස්සේ කොහොම හරි අර සුරය හොයාගන්න ඕනා……”

හිටපු මම ඉක්මනින් අල්මාරියෙන් සල්ලී නෝට්ටු මිටි හතරක් අරගෙන ඉනටත් කලිසමත් අතර ගහ ගත්තා…….ඇදන් ඉන්න ටී ශට් එකට කලිසම යටවෙන හින්දා කටවත් සැක හිතෙන්නේ නෑ මාව දැක්කත් මම ලග සල්ලී තියෙනවා කියලා……

නිශාගෙ ගෙට ටිකක් ලග බෙනයක් තිබ්බ ගහක බෙනේට මම ඒ සල්ලී සොපින් උරේකට දාල හැංගුවා….ඒ දේ කරලා ආපහු ඇවිත් මාකස්ගේ කාමරේට එබුනේ මාකස් තව්ම නිදිද බලන්න….මට මේ දේවල් කරන්න ඕනනම් අඩුම විනාඩි දහයක් යන්න ඇති.

“ගර්………ගර්……..”

මාකස් තවමත් අර විදිහට නිදී…..මම ආයේ පාරක් වහල තිබ්බ කාමරේක දොරක් ලගට කිට්ටු වුනේ මේ කාමරේ තියෙන්නේ මොනවද බලන්න.

නිශාගේ නිවසෙ අනිත් කාමරවල අඩුම එක ජනේලයක්වත් තිබ්බත් මේ කාමරේ ජනේල තිබ්බේ නෑ….කාමරේ බිත්තියේ උඩම පොඩි කවුලුවක් තිබ්බත් එකෙන් ඕනනම් වවුලෙක් වගෙ පොඩි සතෙක් ඇතුලුවෙයි….

මාකස්ගෙන් හොරා ගත්ත යතුරු කැරැල්ලේ එක යතුරකින් ඒ කාමරෙත් දොර ඇරුනේ මද හඩක් නගමින්.අන්ද කාර කාමරේ ,අර පොඩි කවුලුවෙන් ඉර එලිය වැටිලා මදක් අදුර කපලා තිබ්බා….

ඒ එලියෙන් මම දැක්කේ කාමරේ මැද තියෙන මිනීපෙට්ටියක් තරමේ උස මහත පියන වහල තිබ්බ පෙට්ටියක්.

” මොකක්ද මේ පෙට්ටිය මොනවද මේක ඇතුලේ තියෙන්නේ…….”

කුතුහලයෙන් මම ඒක ලගට ගිහින් ඒකේ පියන් ඉස්සුවා……

” අම්මෝ…………”

එට ඇතුලෙ තිබ්බ දේ දැක්කම මම පස්සට විසිවුනේ බයට.

** පෙට්ටිය ඇතුලේ නිදාගෙන හිටියේ නිශා……ඒත් මම බයවුනේ නිශාව දැකල නෙමෙ..ඇය ඉන්න විදිහ දැකලා…….

උඩු බැල්ලට ඇස් දෙක වහගෙන නිදම් හිටපු ඇය ඇදගෙන හිටියේ සුදු දිග නිදන ගවුමක්….ඇයගේ මුවේ ගලාගෙන ගිය විදිහට වියලුනු ලේ තිබ්බ…ඒත් මම හොදටම බය වුනේ ඒ කිසිවක් දැකල නෙමේ…….මම බයවුනේ…ඇගේ මුව දෙපැත්තෙන් ඉස්සරහට නෙරලා තිබ්බ ඒ උල් දත් දෙක දැකලා….

මට එකපාරම මතක් වුනා එදා පිස්සු සිරින කියපු දේවල්.

” ඔය ගෙදර ඉන්නේ යකින්නක්……ඒ යකින්න අවදිවෙන්නේ රෑට , ඒ යකින්න කන්නේ උබල වගේ උන්ගේ මස් ,බොන්නේ උබල වගේ උන්ගේ ලේ……”

සිරින කියපු දේවල් විතරක් නෙමේ අර පොතේ මම ලියපු දෙවල්……..ඒ ගැන මතක් වෙලා මගේ බිය දෙගුන තෙගුන වුනා….

දැන්නම් හොදටම සුවර නිශා යකින්සා කියන්නේ අර පොතේ තියෙන විදිහටම අමුනුශ්ය ආත්මයක්
…මාව මෙහාට රවට්ටලා ගෙනාවේ මාවත් මරන්න………”

මම වෙව්ලන දෑතින් අර පෙට්ටියේ පියන වැහුවා…….

” එදා රෑ නිශා ආවේ මගේ ලේ බොන්න…..අර සුරේ බලෙ හින්දා තමා ඒ දේ කරන්න බැරිවෙලා තියෙන්නේ……”

දම්වැලක පුරුක්වගේ හැම දේම එකට සම්බන්ද වෙලා තිබුනා……

” මාත් දැන් මේ යකින්නගේ ගොදුරක් වෙයි…..මගෙ සුරය….ඒක අර මාකසය මම නින්ද ගිය වෙලාවේ හොරකම් කරන්න ඇතී…..දැන් මම මොකද කරන්නේ…..”

මගේ හිස යකාගෙ කම්මල වගේ..මම හැකි ඉක්මනින් මාකස්ගේ කාමරේට රිංගුවේ තව පාරක් අර සුරය ඒ කාමරේ තියෙනවද බලන්න….

සැක නොසිතෙන්නේ මාකස්ගේ ඉනේ ආපහු අර යතුරු කැරැල්ල ගහලා .මම අස්සක් මුල්ලක් නෑරම ඒක හෙවුවා….

ඒත් මම පරාදයි……

” දෙයියනේ ඒ සුරේ නෑ…..දැන් මම මොකද කරන්නේ….”

මට කිසිදෙයක් හිතාගන්න බෑ…..අදුර වැටෙනත් තව තිබ්බේ පැය දෙහකටත් අඩු කාලයක්……

” රෑ වෙන්න කලින් මම මේ යක්ශ බංගලාවෙන් පැන්ල යන්න ඕනා……”

මාකස්ගේ කාමරෙන් මම පිහියක් හොයාගත්තේ ආරක්ශාවට…පලමුව මට හිතුනා ඒ පිහියෙන් මාකස්ව මරලා දාන්න්ත්……ඒත් ඒක මට අවාසීයක් වෙයි හිතලා ඒ අදහස අයින් කර ගත්තා…….

මගේ එකම අරමුන වුනේ මේ කැලෙන පිටවෙලා යන එක. ඒ දේම හිතේ තිබ්බ නිසා අර ලක්ශා ගානක් සල්ලිවත් මට මතක් වුනේ නෑ…….

ඒ වෙද්දී මම නිශාගේ ගෙදර ඉදන් සෑහෙන දුරක යකිනි කැලේ මැදට ඇවිත් හිටියා. යකින් කැලේ අක්රමනය කරමින් මේ වෙද්දී ටිකෙන් ට්ක අදුරත් අක්රමනය කරල තිබ්බා…

” දැන්නම් මාකස් මම ගෙදර නෑ කියලා හොයාගෙන ඇතී…..”

මට සිතෙන විටමයි අර බිවිසුනු හඩ මගේ ලග පාතිනම් ඇහුනේ……

“හ්වා……..හ්…….ම්……ම්….ම්ම්….”

දෙවන පාර ඒ හඩ ඇහුනේ මගෙ කනලගින් වගේ………..මම හොදටම බයවෙද්දී මට ඒ සමගම ඇහුනේ වේගෙන් මම ඉන්න පැත්තට දිවගෙන එන සතෙකුගේ හඩක්.

දෙවියනේ ඊට පස්සෙ මම දැකපු දේ……..මම ඉස්සරහ ගිනිපිටවන දෑසින් එකපාරටම මතුවුනේ……………..තවත් කොටසකට

කතාව කියවන ,, කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

8 thoughts on “ලේ | 18 කොටස | හොල්මන් කතා”

  1. Ane mokadda anee..eka harima lassana kathawak.hodama hariyen nawaththannepa ane..thawa tikak digata kathawa danna..asawen kiyawanne me kathawa.oyage katha hari lassanai.????all the best..thawath me wage lassana katha liyanna.

  2. Matath hithune ekamai.katin le peri peri thiyena as walin gini pitawena tharam rathu pata wiyaru as thiyena kalu pata lom pirunu loku ballek wennathi…loku dath dekak kata depaththen dik wela eliyata awith thiyena ekek…හි හි…දන්නෑ…හෙටම තමා බලන්න වෙන්නෙ…?????

  3. Prabhani Jayalath

    හරිම ලස්සන යි මේ කතාව…තව ටිකක් දාන්න තිබ්බෙ ?…. හොදට ලියන්න…?
    ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.