Katha Ahura

වැහිබර සවසක අඳුරත් රැගෙන ආ ‘අමුතු අමුත්තා’ | ගන්දර කලපුව -1 || නවකතාව||

2.7/5 - (4 votes)

වැහිබර සවසක කලුතර ගාලුපාර අද්දර ගඟසිරි හෝටලයට අමුත්තෙකු ගොඩ වැදුනේය. හෝටලය තුළ වැහි අඳුරේ හිඳ සිටි කීප දෙනා මේ අමුත්තා ගැන කිසිවගක්‌ නැතිව තම තමන්ගේ මේස මතවූ මාළුÊපාන්, පැටිස්‌, කට්‌ලට්‌ස්‌, සීනි බනිස්‌ හෝ කේක්‌ කමින් තේ බොමින් වල්පල් දෙඩූහ.

එක්‌ මේසයක්‌ අසල තනිවම හිඳ සිටි උපසේන යන්තම් හිස ඔසවා බලා අමුත්තා ගැන වගක්‌ නැතිව තම කාරියේ යෙදුනේය. අමුත්තා උස මහත අයකු බවත් තද පැහැ දිග කබායක්‌ වැනි ඇඳුමක්‌ ඇඳ සිටි බවත් පමණක්‌ උපසේනගේ මනසේ යන්තම් සනිටුහන් විය.

එහෙත් මොහොතකින් ඒ සේයාව මතකයේ මැවී මැකී ගොස්‌ උපසේන යළිsත් තම කෙටි ලිපියට සිත යොමු කළේය.

“පුතා

මගේ ෙµdaන් එකේ චාඡ් ඉවරයි. මේ හදිසියේ කෙටියෙන් ලියන්නෙ. බොස්‌ මාව තව ටිකකින් පික්‌ කරනවා අසයිමන්ට්‌ එකට කතරගම යන්න.

මතක්‌ වෙලා අම්මාට වෙලාවට බෙහෙත් ටික දෙන්න මම දවස්‌ තුනකින් ගෙදර එනවා.

තෙරුවන් සරණයි

දෙවි පිහිටයි

තාත්තා.”

ලිපිය ලියූ උපසේන යන්තමට එය කියවා බලා කලු හම් බෑගයෙන් ගත් කුඩා දුඹුරු කවරයක බහා එහි ලිපිනය ලියුවේය.

40 එදිරිසිංහ පාර,

මිරිහාන

නුගේගොඩ.

කවර තුඩ දිව ගා හසුන සීල් තැබූ උපසේන ඒ මුද්දර සහිත කවරය මොහොතකට බෑගය යටින් තැබුවේ හෝටලයේ ආවතේව කොලුවා. උණු උණු තේ කෝප්පයක්‌ ගෙන ආ බැවිනි.

පොද වැස්‌සක්‌ වැටෙන්නට විය. තේ කෝප්පයේ උණුසුමෙන් නැඟි හුමාලය මීදුමක්‌ මෙන් උපසේන ඉදිරියෙන් පාවී නැඟී ගියේය. ඒ අතරින් මොහොතකට ඔහුට අමුත්තාගේ දැස පෙනුණි. ලොකු හැඟුම්බර දැසක්‌ කලුම කලු කලු ඉංගිරියාව හිසෙහි ලා සිටි කැප් තොප්පිය ස්‌කොට්‌ලන්තය වැනි තැනක මිනිසෙකු ලන තොප්පියක්‌ වැනි හැඩයකි. එහි ලා දුඹුරු කොටු වැටී තිබුණි. නලල වසා ගත් වැස්‌මත් පැතලි මුදුනත් සහිත තොප්පිය අනතුරුව උපසේනට සිහිපත් කළේ කොහෝ හෝ ධනවත් රටක ගොල්µa ක්‍රීඩාවේ යෙදෙන ධනවතෙකුගේ තොප්පියකි. අමුත්තා එයට යටින් මෙන් උපසේන දිහා බැලුවේය. එය උකුසු බැල්මකි. යම් කිසි ආනර්ෂණයක්‌ වෙයි. ආවතේව කොලුවා බයාදුව අමුත්තා අතට ගියවිට අමුත්තා ගැඹුරු හඬ කින් “කහට එකක්‌” කීවේය.

ආවතේව කොලුවා උපසේන පසුකර ගෙන මුළුතැන්ගේ අතට යන ගමන් “තේ එක රසද, සර්? කියා ඇසුවේ හීන් කටහඬකිනි. උපසේන “ඔව්” කියන විටත් කොලුවා එතැන පසුකර ගෙන ගොසිනි.

උපසේන තේ උගුර බොන ගමන් හොරැහින් මෙන් අමුත්තා දෙස බැලුවේය. අර තොප්පිය කොහේදොa හෝ දැක පුරුදු තොප්පියක්‌ ආතර් කොනන්ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක්‌ හෝම්ස්‌ නම් රහස්‌ පරික්‍ෂකයා පළඳින්නේ එවන් හිස්‌ වැසුමක්‌ නොවේද? නෑ නෑ මේ හැඩය වෙනස්‌ තමා සිතන්නේ මොන තරම් අනම් මනම්ද? කාගෙවත් තොප්පියක්‌ තමාට මොන කෙංගෙඩියකටද?

උපසේන උවමනාවට වඩා සිතන්නේ යෑයි ඔහුගේ බිරිඳ සුභා කියා තිබිණි. සුභා…….. සුභාට කොහොම ඇතිද? ඇගේ දිය වැඩියාව හෘදය රෝගය කිසිවක්‌ සුව කළ හැකි රෝග නොවේ. ඒවා ව්‍යාධිය. ජීවත්වෙන තාක්‌කල් බෙහෙත් හේත් අවශ්‍යයි. පුතා බිමල් ඉන්නා එක කොයි තරම් හයියක්‌ද? බිමල් දෙමාපියන්ට ආදරෙයි ඇත්තෙන්ම දහ අට වියට පා තබන බිමල් දරුවෙකුට වඩා පියෙකු මෙනි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට හිඳගත් බිමල් මේ දිනවල ගෙදරම හිඳීමත් ලොකු හයියකි.

බිමල්ට ලියූ ලිපිය සුරැකිව මේසය මතවිය. උපසේන තේ කෝප්පය රස විඳිමින් යළි පියවි ලොවට එද්දී දුටුවේ මාළු පාන් එකක්‌ බුදින අමුත්තාවයි. ඔහු අවට ලෝකය ගැන වගක්‌ නැතිවාක්‌ මෙනි කෑවේ. ලොකු ලොකු කටවල් රසවිඳින තලුමරණ ශබ්දය උපසේනටද ඇසිණි. එක්‌වරම අමුත්තා උපසේන දෙස එක එල්ලේ බැලුවේය. අතකින් ගත් මාළු පාන් කෑල්ල සිටිවනම අල්ලාගෙන ගල්

ගැසී තලු මැරීමද හදිසියේ නතර කර මොහොතකට දෙකකට තුනකට ඔහු උපසේනගේ දැස්‌ දෙස රවා බලා සිටියේය. ඒ රැවුමේ ආකර්ෂණයක්‌ විය. උපසේනට ඉවත බැලිය නොහැකි විය.

අමුත්තා යන්තමට හිස සැලුවා පමණි. එය “එන්න” කියන්නාක්‌ වැනි සියුම් සංඥවකි. උපසේන “මටද” කියන්නාක්‌ වෙන් බලා අවට බැලුවේ අමුත්තා වෙන කෙනෙකුට කථා කරනවාදොaයි යන සැකයකිනි. නැහැ නැහැ උපසේනටම තමා අඬ ගාන්නේ උපසේන පුටුව තල්ලු කරමින් නැගිට්‌ටේ හඬක්‌ නඟමිනි. පුටුවේ හඬ උපසේනගේ සියුම් හඬට කළවම් විය. වෙන කෙනෙකුට ඇසුණාද නැද්ද යන වග උපසේනට ගණනක්‌ නොවීය. ඔහු නැඟිට අමුත්තා වෙතට ගියේය.

මෙහෙන් ඉඳගන්න “අමුත්තා බැරෑරුම් හඬින් කීවේය. මුහුණේ සිනහවක්‌ නොවීය. දැසේ වූයේ “මං දන්නවා” වැනි බැල්මකි.

උපසේන අමුත්තාට මුහුණලා හිඳ ගත්තේය.

කොහේ යනිං ගමන්ද? අමුත්තා ඇසුවේය. ඇත්තෙන්ම අමුත්තා කීවේ “ගමන්” කියා නොවේ “”ගමං” කියායි. ඔහු කථා කළ ආකාරයේද මේ කිසි අමුත්තක්‌ විය. කිරාමැන බලන සෙමින් සිත බලා කෙරෙන කථාවක්‌.

“මං කතරගම් යනවා”

“කතරගං?” කී අමුත්තා හ්ම් හඬක්‌ නඟා යළිත් මාළුÊපාන් කෑල්ලක්‌ හපා විකන්නට විය. ඔහු කෑවේද සෙමින්ය. උපසේන බලා සිටියේය. අමුත්තා යළිත් ඉහළ බලා “ආ” කියන්න අමතක වුණා. මගේ නම කාලිංග”

උපසේන අත දිගු කළේ නොසිතාමය. කාලිංග දකුණතේ වූ මාළු පාන් කෑල්ල කටට ඔබා ගනිමින් අත දිගු කළේය.

ඒ අතේ වූයේ දැඩි සීතලකි. උපසේන කඩිනමින් යළි අත ඇද ගත්තද යම්කිසි විදුලි සැරයක්‌ ඒ අත ඔස්‌සේ ඇදුනාක්‌ මෙන් ඔහුට ඇසිල්ලකින් දැනුණි.

“මං උපසේන” උපසේනට ගොත ගැසිණි. කාලිංගගේ දැසේ වූ ආකස්‌මික ආකර්ෂණය විස්‌තර කළ නොහැක. කබායට යටින් කමිසයක කොටසක්‌ පෙනුණි. එය සුදු කලු ඉරි තිරස්‌ව දිවු කමිසයකි. ඒ ඉරි නටන්නාක්‌ මෙනි.

කතරගං යන්නේ මොකොටද? කාලිංගේ කටහඬ ගැඹුරුය. මුහුණේ යන්තම් දළ රැවුලක්‌ වැඩී ගෙන එයි.

“ආ” මං යනවා අපේ පත්තරේ වැඩකට…….”

පත්තරේ? හා හා හරි හරි මේ ජර්නලිස්‌ට්‌ කෙනෙක්‌.

“ඕ ඔව් අපේ බොස්‌ මාව මෙතනින් ගන්නවා කිව්වා.”

හ-රි හරි කාලිංග කල්පනාවෙන් මෙන් විමසුමෙන් බලා මොන පත්තරේද? කියා ඇසුවේය.

ජන දින

ආ එහෙනං ඔය බලං ඉන්න මිස්‌ට අතුකෝරාල එනකල් වෙන්නැති?

ඔ ඔව් අඳුරනවාද?

එයා ලියන දේවල් මං කියවල තියෙනවා මොකද මං නොදන්නේ? මගේ ගෙදරත් ඇවිත් යනවා.”

“ඇත්තට ·”

“ඇත්ත නැතිව බොරු කියන්නේ මොකොටද?”

උපසේනට සිනා නොවී නොහැකි විය. තමා ඇත්තට? යෑයි ඇසුවේ පුරුද්දටය. සුභා ඔය “ඇත්තට?” පැනයට අකමැතිය “ඇත්තටද?” කියලා අහන්නේ මං බොරු කියනවා කියලා හිතන නිසාද? සුභා නිතර අසයි.

“ඇත්තට?” දැන් ඒක පුරුද්දක්‌ වෙලාය.

“ඉතිං කතරගං ගිහිං?”

“ආ මම ලිපි පෙලක්‌ ලියනවා කතරගම රාවණා රජුන්ට තියෙන සම්බන්ධය ගැන……….

“හා – හා පුරාවිද්‍යා වැඩක්‌?”

“එහෙම කියන්නත් පුළුවන්”

වදනේ මඳ නිහැඩියාවක්‌. ඒ අතරේ ඇසෙන්නේ වැස්‌සේ චිරි චිරියයි.

උපසේන තමා අත වූ දුරකථනය දෙස බැලුවේය. සමහරවිට එහි බැටරියේ ශක්‌තිය බිංදුවක්‌වත් ඉතිරිවී ඇත්නම් අතුකෝරල මහත්මයා තවම පමා ඇයි? එන්න බැරිකමක්‌ ඇත්නම් තමාට පණිවිඩයක්‌ දෙන්නේ කොහොමද?

“මගෙ මේ ෙµdaන් එකේ බැටරිය…..”

චාඡ් ඉවරද?”

ඒ වගේ

කෝල් එකක්‌ ගන්න ඕනෑද”

“ආ පෝ සුලු දෙයක්‌නෙ, නොම්මරේ කියන්න” උපසේන මතකයෙන් බොස්‌ගේ නොම්මරය කියද්දී කාලිංග නොම්මර එබුවේය. එහෙත් එක්‌වනම උපසේන අතට දුරකථනය නොදී තමාම කථා කළේය.

“ආ මිස්‌ට අතුකෝරාලද? මම කාලිංග දිය වඩන ඔව් ඔව් ආං?”

උපසේනගේ කුතහලය ඉහවහා යන්නට විය. මේ මිනිහා දැන් පුද්ගලික සංවාදයක්‌ පටන් අරන්.

මිස්‌ට අතුකෝරාල ලියන ඒවා මං කියවල හරියට රස විඳිනවා. මම දැන් මේ ඉන්නෙ කලුතර උපසේන එක්‌ක හරි හරි මම කියන්නම් හරි හරි හා හා මගේ ගෙදර තියෙන්නේ? කලපුව ළඟ හොඳයි මම එහෙම කෝල් එකක්‌ ගන්නං කී කාලිංග දුරකථනය විසංධි කළේය.

උපසේන ගොළුවිය. මේ මිනිහා මගේ බොස්‌ට `කතා කරලා ෙµdaන් එක තිබ්බා ·”

කාලිංගේ සිනහව නිරායුධ කරන සුලුය. දැස තියුණුය.

මොනවද මිස්‌ට කාලිංග බොස්‌ කිව්වේ?”

“හරි සේරම හරි” කී කාලිංග දුරකථනය තමා ඉදිරියේ මේසය මත දමා ඇඟිල්ලකින් කරකවා තම දැත් ඉදිරියට දිග හැර මේසය මත දැත්ල ඉදිරියට අද්දවා ගෙන ගියේ මේ සේරම ඉඩ ටික මගේ කියන්නාක්‌ මෙනි.

දැන් උපසේනට කාලිංගගේ කබායේ යන්තම් පුස්‌ ගඳක්‌ මුසුව කපුරු සුවඳක්‌ දැනුණි.

“මොනවද සේරම හරි?

“මාත් එක්‌ක යමු”

“කොහෙද?”

“කලපුවෙ මගේ ගෙදර”

“කොහේද?”

“ගන්දර”

“ගන්දර? මාතර පහුකරලා?”

කාලිංග සිනාසුණේය. නෑ නෑ ඒ ගන්දර වෙනයි මේ ගන්දර අපේ ගන්දර එතැන කලපුව අද්දර මගේ ගෙදර වැඩි ඈත නැහැ.”

මං මොකටද එහේ යන්නෙ”

“ආං ඔව් මම කීවේ නෑනේ?” මිස්‌ට අතුකෝරාල පොඩ්ඩක්‌ පරක්‌කු වෙනවා කිව්වා උපසේනට කථා කරන්න විදියක්‌ නැතුව ඉඳලා තියෙන්නේ.”

“ඉතිං ඉතිං”

ඉතිං ඉතිං ඉන්නකො කියන කං මං කථා කළාම කීවා එහෙම නං ඔයාට මාත් එක්‌ක අපේ දිහා යන්න පොඩ්ඩක්‌ රෙස්‌ට්‌ කරන්න මිස්‌ට අතුකෝරාල එහාට එන්නං කිව්වා.”

“එන්න? දන්නවාද? පාර?”

කාලිංග සිනාසුණේය. වුවමනාවටත් වඩා සිනාසුණේය.

“පොඩි ළමයෙක්‌යෑ මිස්‌ට අතුකෝරාල? අපිට ආයෙ කථා කරාවි එතකොට මං පාර කියා දෙන්න හරි ලේසියි හොයාගන්න. යං කො මං පෙන්නන්න. කලපුව ළඟම…..”

“මොන කලපුවද?”

“ගංදර කලපුව”

“ගංදර කලපුව?”

“ඔව් ගංදර කලපුව කී කාලිංග පුටුව පසුපසට තල්ලු කරමින් නැගිට්‌ටේය. “ගන්න බෑග් එක අපි යමු”

ඒ කටහෙŒ යම් කිසි විධානයක්‌ විය. යම්කිසි හදිසියක්‌.

“ගංදර කලපුව…….”

“යමු…”

උපසේන තමා හිඳ සිටි මේසය වෙතට ගොස්‌ කඩිනමින් තම බෑගය අතට ගත්තේය.

කාලිංග අනුව ඉදිරි අංගනයට බට ඔහු ආපසු හැරී බැලුවේ නැත.

ඒ බැලුවා නම් ඔහුට තමා පුතා වෙනුවෙන් ලියු ලිපිය පෙනෙන්නට ඉඩ තිබිණි.

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.