Katha Ahura

සංසාර පුරුද්දද මේ ❤️ | කෙටි කතා | කතා අහුර කෙටි කතා තරගය 2020

කතාව කොහොමද?

සංසාර පුරුද්දද මේ…. ❤️

” ආවීන්…. අනේ මං මොකද කරන්නේ ? ” මං ෆෝන් එක අරං ආවින්ට වට්සැප් මැසේජ් එකක් දැම්මා…

” මටත් තේරෙන්නේ නෑ නෙතූ මොනවා කරන්නද කියලා” ආවීන් එහෙම රිප්ලයි කරා…

” මට හැම වෙලාවෙම ඔයා මතක් වෙනවා ආවීන්.. මට තේරෙන්නේ නෑ මං ඒකට මොනා කරන්නද කියලා.. මං කරන්නේ වැරැද්දක් තමා.. ඒත්… ඒත් මට ඔයා අමතක කරන්න බෑ..” කියලා මං ආයෙත් මැසේජ් එකක් දැම්මා ..

“මං දන්නවා නෙතූ .. ඔයා මෙහෙම හරි මං ගාව ඉන්න එක මට සැනසීමක්..” ආවීන් එහෙම රිප්ලයි කරාම මට දැනුනේ ලොකු දුකක්… මං කෙනෙක්ගේ ජීවිතේම විනාශ කරා නේද කියලා දැනෙද්දි හිතට දැනුණු බර කියලා නිම කරන්න බෑ…

එහෙමම ඇදට වැටිලා මට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න අවුරුදු දෙකේ චූටි දූ පැටියා දිහා බලාගෙන මං කල්පනා කරේ ආවීන් මට අමතක වුණේ කොහොමද කියලා ..

මගේ නම නෙතුෂි දිනේන්ද්‍රා නානායක්කාර … මං පේරාදෙණිය කැම්පස් එකෙන් ඉගෙන ගෙන දැන් ළමාරක්ෂක නිලධාරි විදියට වැඩ කරනවා… කැම්පස් කාලේම යාලුවෙලා මැරි කරපු මගේ මහත්තයා ඉංජිනියර් කෙනෙක්.. බැදලා අවුරුද්දකින් විතර චූටි දූ පැටියා අපි ලගට ආවට පස්සේ ඉතින් දෙන්නටම බිසී.. ඔෆිස් වැඩයි, ගෙදර වැඩයි , බබාගේ වැඩයි ඔක්කොම කරන්න වෙනවනේ ඉතින්.. බබාට අවුරුදු එක හමාරක් වෙනකල්ම මං මගේ අම්මා ගාව හිටියා..

මගේ ගෙවල් නුවර වුණත් මං පුංචි කාලේ එක වසර ඉදන් ඉස්කෝලේ ගියේ මොණරාගල .. අපේ පුංචිලාගේ ගෙදර ඉදන්.. පහ වසර ශිෂ්‍යත්ව විභාගෙන් පස්සේ මං නුවරට ආවා.. ටික ටික ලොකු වෙද්දී මට මොණරාගල ඉස්කෝලේ , යාලුවො හැමදේම අමතක වෙලා ගියේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ.. එහෙම අමතක නොවුනා නම් අද මේ වගේ ජීවිත නාස්ති වෙන්නේ නෑ නේද කියලා මං මට දෝෂාරෝපණය කරගත්තේ වෙනදා වගේම ..

ආවීන් … ආවීන් මට මුණ ගැහෙන්නේ අහම්බෙන්… දවස් දෙක්ක නිවාඩුවකින් පස්සේ මං ඔෆීස් යද්දී ඔෆීස් එකේ යාලුවො සෙට් එකම වටවෙලා ෆෝම් වගයක් ෆිල් කරනවා..

“ගුඩ් මෝර්නිං.. කට්ටිය මොකෝ මේ උදේ පාන්දරම කරන්නේ?” මං ඇහුවේ හිනා වෙවී..

” ක්‍රෙඩිට් කාඩ් එක ගන්න බං..” කෝකිල හිනාවෙවී කිව්වා ..

“ඈ… මං දන්නෙවත් නෑනේ… උඹල මට කිව්වෙවත් නෑ…” එහෙම කියලා හිනාවෙවී මං මගේ ටේබල් එක උඩ බෑග් එක තියලා එතනට යද්දිම

” ආ.. මිස් මං ඔෆීස් එකට එද්දි මිස් හිටියේ නෑ…මං නේෂන් ට්‍රස්ට් බෑන්ක් එකෙන් ..මම ආවීන් .. මිස් වාඩිවෙන්නකො මං විස්තර කියන්නම් …” කියලා බෑන්ක් එකෙන් ආව මිස්ට ආවීන් මට ක්‍රෙඩිට් කාඩ් එක ගැන පැහැදිලි කරා..

“මිස්ට ආවීන් … මං හස්බන්ඩ්ගෙන් අහලා ගන්නවද නැද්ද කියලා කියන්නම් ” එහෙම කියලා මං පුටුවෙන් නැගිට්ටේ හස්බන්ඩ්ට කෝල් කරලා මේ ගැන අහන්න..

“ඕකේ.. නෝ ප්‍රොබ්ලම් මිස්.. මිස්ට මාස්ටර් ඩිග්‍රි එක තියෙන නිසා ලක්ෂ දෙක හමාරක ලිමිට් එකක් තියෙන කාඩ් එකක් ගන්න පුලුවන් … ” මං යද්දිම මිස්ට ආවීන් එහෙම කිව්වා..

හස්බන්ඩ්ට කෝල් කරාම එයා කිව්වේ ඕවා ගත්තා වගේ නෙවෙයි ගෙවන්න ගියාම… කැමති නම් ගන්න කියලා .. හස්බන්ඩ්ට ක්‍රෙඩිට් කාඩ් 3ක්ම තියෙනවා …මං ඒවගෙන් මුකුත් අරගෙනත් නෑනේ.. මාත් එකක් ගන්නවා කියලා හිතාගෙන මං ආයෙත් ආවීන් ඉන්න කැබින් එකට ගියා..

“මිස්ට ආවීන් .. මට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න.. ” මං එහෙම කියලා පුටුවෙන් වාඩි වුණා .. මිස්ට ආවීන් ක්‍රෙඩිට් කාඩ් එක ගැන විස්තර කරත් මං ඕනෑකමකින් ඒවා අහගෙන හිටියේ නෑ..

මං කල්පනා කරේ හස්බන්ඩ් ගැන. මං ජොබ් එකක් කරන එක ගැන එයා එච්චර කැමැත්තක් නෑ.. එයාගේ අම්මා කොහොමත් කැමති නෑ… හස්බන්ඩ් වැඩ කරන්නේ කොළඹ … මං වැඩ කරන්නේ මහියංගනේ.. මැරි කරද්දිම මං කිව්වේ කවදා හරි ගවමන්ට් ජොබ් එකක් ලැබුනොත් මට යන්න ඕනි කියලා .. මොකද ඒ වෙනකොටත් මං ප්‍රයිවට් ජොබ් එකක් කරා.. මැරි කරපු නිසා ඒකෙන් අයින් වෙන්න කියලා හස්බන්ඩ් කිව්වම මාත් දෙපාරක් නොහිතා අයින් වුණා ..

හස්බන්ඩ්ගෙ අම්මා නෑදෑයන් ඉස්සරහ මට ජොබ් එකක් නෑ කියලා පුලුවන් තරම් අසරණ කරා.. මට ඕනි ඇදුමක් ගන්න වුණත් හස්බන්ඩ්ගෙන් සිය පාරක් විතර සල්ලි ඉල්ලන්න වුණා … එහෙම ගද්දිත් ඇයි ගෙදර ඇදුම් තියෙනවා නේද අහන්න තරම් හස්බන්ඩ්ගෙ අම්මා නපුරු වුණා .. ඒ ඔක්කොම මං ප්‍රයිවට් ජොබ් එක කරලා ගත්ත ඒවා.

කොහොම හරි රණඩු මැදින් ගිය පවුල් ජීවිතේට දූ පැටියා ආවම හැමදේම වෙනස් වෙයි කියලා හිතුවත් වුණේ නොහිතපු දෙයක්.. මැරි කරලා අවුරුද්දකින් දූ පැටියා අපි ළගට ආවත් ළමයෙක් හැදුවා කලින් වැඩියි.. මිනිස්සුන්ට මූණ දෙන්න ලැජ්ජයි… ජොබ් එකකුත් නෑ තව.. මගේ කොල්ලට ඔක්කොම වියදම් කරන්න පුලුවන්ද කියලා ගොඩක් හිත රිදෙන කතා කිව්වා ..

ඔක්කොම ඉවසගෙන ඉද්දිත් පුතෙක් එහෙම ලැබුනොත් මෙහෙ පස් පාගන්න එපා.. දුවෙක් නම් කමක් නෑ කියන්න තරම් හස්බන්ඩ්ගෙ අම්මා නපුරු වුණා .. අම්ම එහෙම කියන්න එපා කියලවත් හස්බන්ඩ්ට කියන්න බැරි වුණ එක ගැන මට තිබ්බේ ලොකු දුකක් වගේම මං ගොඩක් බයේ හිටියේ පුතෙක් ලැබුනොත් මාව ඩිවෝස් කරයි කියලා ..

ප්‍රෙග්නට් වෙලත් හිතේ සැනසීමෙන් ඉන්න නැති, ආසා දෙයක් හස්බන්ඩ් ගෙනත් නොදී මානසිකව වැටිලා ඉද්දිමගේ අම්මයි,අප්පච්චි හැමදේම ගෙනත් දීල ආදරෙන් මාව බලාගත්තා.. කොහොම හරි දූ පැටියා ආවට පස්සේ ටිකක් විතර අපි රණඩු නොවී හොදට හිටියා … අපි වෙනම ගෙදරක සතුටින් හිටියා … දූපැටියට අවුරුද්දක් වෙද්දී දූ පැටියගේ වාසනාවට වගේ මට ගවමන්ට් ජොබ් එක ලැබුණේ ජොබ් එක ගැන බලාපොරොත්තු අත් හැරලා තියෙද්දී …

හැමෝගෙම ආශිර්වාදය එක්ක ජොබ් එකට ගියත් මට ජොබ් එක ලැබුණේ ගම්පහට… දූ පැටියා බලාගන්න කෙනෙක් නැති නිසා හස්බන්ඩ් කිව්වේ මට මාරුවක් ඉල්ලන්න කියලා.. ඒත් නුවරට නෙවෙයි මහියංගනයට… දූ පැටියා ගැන හිතලා මං අකමැත්තෙන් වුණත් හස්බන්ඩ්ගෙ මහගෙදර ඉදලා ජොබ් එකට යන්න කැමති වුණා .

හස්බන්ඩ්ගෙ අම්මා දූ පැටියා බලාගන්න නිසා මං එහේ ඉදන් ඔෆීස් ගියා. ඒත් ප්‍රශ්න නැතුවාම නෙවේ.. දූ පැටියට මං ආදරෙ නෑ කියලා හැමවෙලාවෙම දූපැටියට දැනෙන විදියට හස්බන්ඩ්ගෙ අම්මා හැසිරෙන්න ගත්තා වගේම එයා කියන නරක වචන බබා කියන්න පුරුදු වෙන්න පටන් ගත්තා .. මේ ගැන හස්බන්ඩ්ට කිව්වත් එයා ගනන් ගත්තේ නැති නිසා මං හිටියේ ගොඩක් දුකින්.. යාලුවෙලා මැරි කරපු කෙනෙක් කියලා හිතාගන්නවත් බැරි තරම් වේදනාවකින් හිටියේ මං..

ඔහොම ඉද්දි තමා මං ඔෆීස් එකේ යාලුවො එක්ක ක්‍රෙඩිට් කාඩ් එක ගත්තේ.. ඔක්කොම ඩීටේල්ස් ෆිල් කරලා ආවීන් මට එයාගේ නම්බර් එක දීලා ඩිග්‍රි සටිෆිකේට් වට්ස් ඇප් කරන්න කියලා කිව්වා .. මං හා කියලා ගෙදර ගියත් බබාගේ වැඩයි ගෙදර වැඩයි එක්ක මට ඒක අමතක වුණා ..

රෑ 7ට විතර ආවීන් නේෂන් ට්‍රස්ට් බෑන්ක් කියන නම්බර් එකෙන් මට කෝල් එකක් ආවා..

“ආ..මිස් නෙතූෂි… මං ආවීන්.. නේෂන් ට්‍රස්ට් බෑන්ක් එකෙන්.. මිස්ගේ ඩිග්‍රි සටිෆිකේට් තාම එව්වේ නෑනේ.. අනික් හැමෝම එව්වා.. මං මිස්ට මතක් කරන්න කියලා කතා කරේ” ආවීන් එහෙම කිව්වා .

“ආ.. මිස්ට ආවීන් .. සොරි මට අමතක වුණා .. මං දැන් එවන්නම්…”මං එහෙම කියද්දි

” නෑ.. නෑ.. මිස් නෙතුෂි ..හදිසි නෑ.. ඔයාගෙ වැඩ ඉවරවෙලා මට එවන්නකෝ.. මං තියන්නමි..” කියලා ආවීන් ෆෝන් එක තිබ්බා..

ආයෙමත් මට යවන්න අමතක වෙයි කියලා ඒ ගමන්ම මං සටිෆිකේට් ෆොටෝ ගහලා යැව්වා.. ක්ලියර් ඇතිද කියලා මැසේජ් එකක් දැම්මා..

ක්ලියර් මදි මිස්.. කමක් නෑ මං හෙට ඔෆීස් ඇවිත් ෆොටෝ ගහගන්නම්.. කියලා මිස්ට ආවීන් රිප්ලයි කරා..

කමක් නැද්ද එහෙම .. කරදරයිනේ නේද .. කියලා මං අහද්දි,

නෑ.. නෑ.. කරදරයක් නෑ.. මං කොහොමත් ඔෆීස් එනවා කියලා රිප්ලයි එකක් ආවා..

ඕකේ, තැන්කූ කියලා රිප්ලයි කරලා මං සටිෆිකේට් බෑග් එකට දාගත්තා..

*******************************************

කිව්වා වගේම පහුවදා මිස්ට ආවීන් ඔෆීස් එකට ඇවිත් හිටියා .. සටිෆිකේට් ෆොටෝ ගහගෙන එයා ගියා.. කොහොම හරි සතියකට විතර පස්සේ ඔෆීස් එකේ හැමෝටම ක්‍රෙඩිට් කාඩ් එක හම්බුනා . ක්‍රෙඩිට් කාඩ් එක ඇක්ටිව් කරගන්න අපේ අකවුන්ට් නම්බර් එක දැනගන්න හැමෝම ආවීන් ට කෝල් කරා..

මාත් ආවින්ට කෝල් කරාම වට්සැප් මැසේජ් එකක් දාලා තියන්න… නම්බර් එක එවන්නම් කියලා කිව්ව නිසා මාත් මැසේජ් එකක් දාලා තිබ්බා.. ක්‍රෙඩිට් කාඩ් එක ඇක්ටිව් කරගෙන මං දූ පැටියට ඇදුම් දාන්න කබඩ් එකකුත් අරං ගෙදර ගියා..

ක්‍රෙඩිට් කාඩ් එකෙන් මොනවා හරි ගත්තම මාස 6න් 12න් 24න් ගෙවන්න පුලුවන් කියලා තමා මිස්ට ආවීන් කියලා තිබිබේ.. ඒත් දවසක් හොට්ලයින් එකට කෝල් කරාම මාස 6න් බෑ කිව්ව නිසා මං මිස්ට ආවින්ට කෝල් එකක් අරං ඒ ගැන ඇහුවා.. එහෙම හෙල්ප් කරපු ආවීන් හිටපු ගමන්

“කාලද ඉන්නේ? මොකද කරන්නේ ?” කියලා වට්ස් ඇප් මැසේජ් එකක් දැම්මම මට පුදුම හිතුනා වගේම ඇනයක් වෙයි වගේ කියලත් හිතුනා..

“ඇයි ඔයා මගෙන් ඔහොම අහන්නේ.. කෑවද බිව්වද කියලා හොයන බෑන්ක් එකක් දැක්කමයි මිස්ට ආවීන් ..” කියලා මං රිප්ලයි කරා..

” මං හිතුවා ඔයා ඔහොම අහයි කියලා.. ?” ආවීන් රිප්ලයි කරා.

“ඉතින් මං ඇත්තනේ කිව්වේ ..” මං මැසේජ් එකක් දැම්මා ..

“ඔව්.. ඔව්.. ඔයා අකමැති නම් මං මැසේජ් කරන්නේ නෑ” මිස්ට ආවීන් එහෙම කිව්වා.

” ඔයා ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මැසේජ් කරන්න..අං මැරි කරලා බබෙකුත් ඉන්නවා..” මං එහෙම රිප්ලයි කරාම ආවීන් කිව්වේ

“මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ මිස් නෙතුෂි .. ඔයාට කරදරයක් නම් මං මැසේජ් කරන්නේ නෑ කියලා .

මං කියන දේ තේරුම් ගන්නකෝ ආවීන් .. මං බැදපු කෙනෙක් .. හස්බන්ඩ් කැමති නෑ මං පිරිමි ලමයි එක්ක මැසේජ් කරනවට. අනික මං එහෙම කරන එකත් හොද නෑ.. ඒකයි කියන්නේ.. මං එහෙම රිප්ලයි කරා.

මට තේරෙනවා නෙතුෂි … ඒත් මට ඔයා හොදට මතකයි.. ඒකයි මැසේජ් කරේ.. මිස්ට ආවීන් එහෙම කිව්වම මට ඇතිවුනේ පුදුමයක්.. මාව විතරක් මතක ඇයි කියලා ..

ඇයි ඒ? මං අන්තිමට ක්‍රෙඩිට් කාඩ් එක ගත්ත නිසාද.. මං එහෙම ඇහුවම

නෑ .. නෑ.. මාස්ටර් ඩිග්‍රි එක තිබ්බේ ඔයාට විතරයි.. ඒකයි.. ආවීන් එහෙම කිව්වා..

******************************************

හවස එෆ්බී පැත්තේ ගියාම ආවීන් මට රික්වෙස්ට් එකක් එවලා තියෙනවා දැක්කා.. ආවීන් මට වඩා අවුරුද්දක් වැඩිමල්.. හෝම්ටවුන් එක මොණරාගල .. දැන් පදිංචි කොළඹ කියලා දාලා තිබ්බා .. මං රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරා.. හැමදාම වගේ ආවීන් දවටස මැසේජ් තුනක් හතරක් දාන්න පුරුදු වුණා .මාත් ඒවට රිප්ලයි කරේ එයා අනවශ්‍ය විදියට වැඩ කරනවා වගේ නොදැනුනු නිසා .. ඔහොම ඉද්දි දවසක් ආවීන් ඇහුවා ඔයා මොණරාගල ඉස්කෝලේ ගියාද කියලා.. මං ඔව් , ඔයා කොහොමද දන්නේ? කියලා ඇහුවම නිකමට ඇහුවේ කියලා කිව්වා..

කොහොම හරි සතියක ට්‍රේනින් එකකට මං නුවර ආවා. නුවර මගේ යාලුවෙක්ටත් ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනිවෙලා ආවීන්ට කෝල් කරලා යාලුවට ක්‍රෙඩිට් කාඩ් එකක් හදලා දුන්නා.. ඒකෙන් එයා දැනගත්තා මං නුවර ඇවිත් කියලා.. ට්‍රේනින් ඉවරවෙන දවසත් ආවීන් ඇහුවා … ට්‍රේනින් ඉවර වුණේ සිකුරාදා දවසක.. මං ඉරිදා ආයේත් මහියංගනේ යනවා කියලා ආවීන් ට කිව්වා ..

සෙනසුරාදා උදේම ගෙදර බෙල් එක රින්ග් වුන නිසා මං දුවලා ගිහින් ගෙදර දොර ඇරියා.. මට ඇස් අදහාගන්න බැරි වුණා .. ඇවිත් හිටියේ ආවීන්.. එයා එක්ක දැකලා පුරුදු මූණු දෙකක්..

එකපාරටම මට පත්මා ආන්ටිවයි, දිසානායක අංකල්වයි මතක් වුණා ..

“එ— එ–න්–න …එන්න ආන්ටි… එන්න අංකල්… මං පුදුමෙන් එහෙම කිව්වා ..

“දූට අපිව මතකයි …” හිනාවෙලා මගේ ඔලුවත් අතගාලා පත්මා ආන්ටි ගේ ඇතුළට ඇවිත් වාඩි වුණා .. දිසානායක අංකල් මුකුත් නොකියම ඇවිත් වාඩි වුණා .. ආවීන් දොර ළගටම වෙලා හිටගෙන හිටියේ හරියට මං එයාට ගේ ඇතුළට එන්න කිව්වේ නැති නිසා තරහ වෙලා වගේ..

“ආවීන් ඔයත් එන්න…” මං පුටුවක් පෙන්නලා කිව්වා ..

ඇති යන්තම්.. ඔයාට මාව මතක් වුණා .. මං හිතුවා අම්මලා දැක්කම මාව මතක නෑ කියලා .. ආවීන් එහෙම කිව්වම මට පොඩි කාලේ මතක් වෙන්න පටන් ගත්තේ ..

පත්මා ආන්ටි ආවින්ගේ අම්මා නම් මං පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙන්නේ ආවීන් එක්ක..

*******************************************

“නෙතූ නංගි එන්න.. මං සෙල්ලම් ගෙයක් හැදුවා … ” ආවින්ගේ හඩ මගේ කන් ඇතුලෙ දෝංකාර දුන්නා..

“අසිනි … ඔයා අනිත් සෙල්ලම් ගෙදරට යන්න..මේක මං හැදුවේ නෙතූ නංගිට. මං නෙතූ නංගි එක්ක මේ ගෙදර සෙල්ලම් කරන්නේ.. මං කවදා හරි කසාද බදින්නේ නෙතූ නංගිව… ” නොතේරුම්කමට වුණත් පොඩි කාලේ සෙල්ලම් කරද්දී ආවීන් කියපු දේවල් මට මතක් වුණේ හරියට මං මැරිලා ඉපදිලා වගේ.. මෙච්චර කාලයක් මේවා මතක් නොවුනේ කොහොමද කියලා හිතෙද්දි මගේ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනා..

පුංචිලාගේ ගෙදරට අල්ලපු ගෙදර තමා පත්මා ආන්ටගේ ගෙදර .. හැමදාම ඉස්කෝලේ ඇරිලා අපි එකට සෙල්ලම් කරා.. කෑවා.. බිව්ව…පාඩම් කරා..ඒත් ඒ හැමදේම මට අමතක වෙලා තිබ්බා ..

” අනේ අඩන්නෙපා දූ” පත්මා ආන්ටි දුවගෙන ඇවිත් මාව බදාගත්තම මගේ ඇඩුම තවත් වැඩිවුණා ..

අපේ අම්මා දුවගෙන ආවේ ඒ සද්දෙට..

“අනේ පත්මා අක්කා.. දැක්ක කල්.. ” අම්මා එහෙම කියලා

“කොහෙද අක්කේ දැන් ඉන්නෙ..අං අපේ නංගිගෙන් ඇහුවම කිව්වේ දුව නුවරට ඇවිත් මාස හතරකට පස්සේ ඔයාලා ගියා. කොහාට ගියාද කියලා දන්නේ නෑ කිව්වා කියලා” අම්මා එහෙම කිව්වම පත්මා ආන්ටි දිසානායක අංකලුයි මූණෙන් මූණ බලාගත්තා..

“මට කොළඹට මාරුවක් ලැබිලා අපි එහේ ගියා නංගි . දැන් එහේ පදිංචි ” දිසානායක අංකල් එහෙම කිව්වා ..

” කෝල් එකක්වත් දෙන්න එපැයි අක්කේ .. මං කොච්චර දුක් වුනාද,, නංගි වැඩට ගිහින් එනකල් අක්කනෙ දුව බලාගත්තේ… ” අම්මා එහෙම කිව්වේ මාව පෙන්නලා .

ඒක ඇත්ත.. පුංචි උසාවියේ වැඩ කරේ.. හවස 6 වුණා එයා එද්දි .. බාප්පට ටවුන් එකේ කඩයක් තිබ්බා .. කඩේ වැඩ කරලා බාප්ප ගෙදර එද්දි රෑ 8 විතර වුණා .. ඉතින් පුංචි එනකල් මං ආවින්ලගේ ගෙදර හිටියේ ..

“පුතා දැන් බැදලද… ” අම්මා ආවීන් දිහාට හැරිලා එහෙම අහද්දිම පත්මා ආන්ටි අඩන්න පටන් ගත්තා ..

“අනේ ඇයි අක්කේ ” අම්මා ආන්ටි ලගට දුවගෙන ගියා..

” තවත් මේවා හංගගෙන ඉදලා වැඩක් නෑ.. දැන්වත් කියලා දාමු” දිසානායක අංකල් එහෙම කිව්වම ආවීන් වගේම පත්මා ආන්ටි බයවෙලා බලාගෙන හිටියා ..

“මේකා කවදාවත් කසාද බදින්නේ නැතිලු… මේකා පොඩි කාලේ ඉදලම ආදරේ කරලා තියෙන්නේ නෙතුෂි දූට විතරයි … නෙතුෂි නැතුව වෙන කෙනෙක් ගැන හිතන්න බෑ කියලා මැරෙන්න ලෑස්ති ..” දිසානායක අංකල් එක හුස්මට කියාගෙන ගියේ දුකින් වගේම තරහින්..

මට දැනුනේ දැන් පපුව පැලිලා මැරෙයි වගේ පපුව කැක්කුමක්…

“අ-නේ අයියා මොනාද මේ කියන්නේ.. අපි ඔයාලා ගැන් කොච්චර හෙව්වද.. අපේ දූ කසාද බැදලා ඉන්නේ දැන්.. නැත්තම් ආවීන්ට දෙන්න අපේ කිසිම අකමැත්තක් නෑ.. ” අම්මා අඩ අඩ කිව්වා .

” මං කොච්චර කිව්වද පත්මට. නෙතුෂි දූ කැම්පස් ඉද්දි අපි මේක කියමු කියලා .. කෝ කැමති වුණේ නෑනේ .. දැන් විදවනවා.. ” දිසානායක අංකල් එහෙම කිව්වම මං පුදුම වුණේ කැම්පස් ඉද්දි මං ගැන එයාලා හොයලා බලලා තියෙන නිසා .

” දෙවියනේ.. දූ කැම්පස් ගියා කියලා දැනගෙන හිටියා කියන්නේ ඔයාලා දූ ගැන හොයලා තියෙනවා . ඇයි ඉතින් අපට කතා නොකරේ?? ” අම්මා අඩ අඩම ඇහුවා .

“මේවට කුසුම් නංගි , පියල් මල්ලියි වග කියන්න ඕනි” දිසානායක අංකල් එහෙම කිව්වම පුංචි බාප්පයි කොහොමද මේකට සම්බන්ධ කියලා මං කල්පනා කරා..

එතකොට පත්මා ආන්ටි විස්තර ඔක්කොම කියන්න පටන් ගත්තා. එයාලා කොළඹ ගියාටනිතරම මං ගැන අහලා.. හොයලා… බලලා.. මං කැම්පස් සිලෙක්ට් වුණත් ආවීනට කැම්පස් යන්න රිසල්ට් මදි වෙලා.. එයා බෑන්ක් එකට ගිහින්.. ආවීන්ගේ අම්මලා මුලින් විවාහ යෝජනාව පුංචිලාට ගෙනාවත් මං කැම්පස් ගිය නිසා ආවීන් වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ කියලා එයාලට කියලා.

ආවීන් මාසෙකට සැරයක් ඇවිත් මං ගැන හොයල බලලා හොරෙන්.. මං යාලුවෙලා කියලා දැනගත්තම එයා ගොඩක් සතුටු වෙලා. ඉංජිනියර් කෙනෙක් නිසා මං සතුටින් ඉදිවි කියලා .. අඩ අඩ පත්මා ඇන්ටිට කියලා හැමදාම නෙතූ සතුටින් නම් මට ඇති අම්මා කියලා ..

මේ ඔක්කොම අහගෙන ඉදලා මට පුංචිලා ගැන ලොකු තරහක් ආවා වගේම ආවීන්ට මං කරලා තියෙන දේ ගැන ලොකු දුකක් ආවේ..

අම්මා ඒ ගමන්ම පුංචිලාට කෝල් කරලා ගොඩක් දොස් කිව්වා … ඒ වගේම අම්මා පත්මා ඇන්ටිලාගෙන් සමාව ඉල්ලුවා.. අම්මා හදපු තේ බීලා පත්මා ආන්ටි අම්මා එක්ක කතා කරද්දී ආවීන් එක්ක මං ටිකක් එළියට ආවා..

” ආවීන් … මට සමාවෙන්න … මට ඔයා අදුරගන්න බැරි වුණ ” මං දුකින් එහෙම කිව්වම

” නෙතූ .. සමාව ඉල්ලන්න එපා. මමයි වැරැද්ද කරේ.. මං ඔයා ගාවට මුලින්ම ආවා නම් මේ වගේ වෙන්නේ නෑ.. මං හිතුවා ඔයා සතුටින් කියලා.. ඒත් දැනුයි මං දන්නේ ඔයා දුකින් කියලා .. ” ආවීන් පසුතැවිල්ලෙන් එහෙම කිව්වා .

” මට ආයේ හැරෙන්න බෑ ආවීන් .. මට දරුවෙක් ඉන්නවා .. ” මං ආවීන් ට එහෙම කිව්වම

” මට දූ බලන්න ඕනි නෙතූ …” ආවීන් එහෙම කියලා මගේ අත අල්ලගත්තා..

හ්ම්… ලොකු හුස්මක් පිට කරපු මං ආවීන් දූ පැටියා නිදාගෙන හිටිය කාමරේට එක්ක ගියා..

“ඔයා වගේමයි නෙතූ ” ආවීන් එහෙම කිව්වා.

කියාගන්න බැරි දුකකින් මගේ ඇස්වලට කදුලු පිරෙද්දී ආවීන්

“අඩන්න එපා නෙතූ … ඔයා හිනාවෙලා ඉන්න.. ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න මට ඕනි නෑ.. ඒත් මං ඔයාව ආරක්ෂා කරනවා. ඔයාගේ සතුට වෙනුවෙන් ඕනි දෙයක් කරනවා මං… ” ආවීන් ඇත්තටම එහෙම කිව්වා කියලා මගේ හදවතටම දැනුනා..

” ආවීන් .. මට දැන් මේ ඉන්න විදියට ඉන්න වෙනවා. මොන ප්‍රශ්න ආවත්.. ඒත් ඔයා මැරි කරන්න ඕනි… මට පොරොන්දු වෙන්න ” ආවීන් ගෙන් මං එහෙම ඉල්ලුවම,

“මැරි කරන්න තියා මට තව කෙල්ලෙක්වත් නෑනේ… ඒක එදාට බලමු.. එතකන් මෙහෙම හරි ඔයා මං ගාව ඉන්න.. ” කියලා ආවීන් එයාගේ පපුවට අත තියාගත්තා..

ආවීන් ලා ගියාට පස්සේ අපේ ගෙදර මළ ගෙදරක් වගේ..

“මගේම නංගි මට මෙහෙම කරයි කියලා මං හිතුවෙ නෑ.. පව් අර දරුව.. අවුරුදු කීයක් නම් අපේ කෙල්ල මත්තේ නැහිලද… ” අම්මා කියවන්න පටන්ගත්තා..

” ඒ දරුව නම් පව් තමා. ඒත් දැන් ඕවා කතා කරා කියලා කිසි තේරුමක් නෑ.. අපේ දූටත් දුක හිතෙයි.. දැන් ඔය කතාව නතර කරන්න..” අප්පච්චි එහෙම කිව්වේ මං ගැන හිතලා කියලා මං දන්නවා..

**********************************************

මේ සිද්දියෙන් පස්සේ ආවීන්ට මැසේජ් කරන්න එපා කියලා මං කිව්වේ නෑ.. මොකද එයා වැරැද්දක් කරන්න කියලා මට කිව්වේ නෑ. හැබැයි අනේ නෙතූ මට ඔයාව බලන්න ඕනි .. ඔයා සාරියට ලස්සනයි… කියලා හැමදාම ඔෆීස් එකේදී ෆොටෝ එකක් නම් ඉල්ලගත්තා.. ආවීන් ගේ අහිංසක ඉල්ලීමට බෑ කියන්න බැරිකමට මං ෆොටෝ යැව්වා වගේම වැරැද්දක් කියලා දැන දැනත් ආවීන්ගේ ෆොටෝ එකකුත් ඉල්ලගත්තා..

ආවීන් අපේ ඔෆීස් එකට ඇවිත් තියෙන්නේ මං ඉන්නවා කියලා දැනගෙන නෙවෙයි .. අහම්බෙන් … එහෙම ඇවිල්ලත් මට එයාව අදුරගන්න බැරිවුණා ..

*******************************************

හස්බන්ඩ්ගෙ අම්මා හැමදාම වගේ මාත් එක්ක රණඩු වෙනවා .. හස්බන්ඩ් එක දවසක් නිවාඩු ආව දවසක එකපාරටම කිව්වා තමුසෙගෙයි මගෙයි ආයේ කිසිම සම්බන්ධයක් නෑ.. දරුව වෙනුවෙන් කරන වැඩකදි විතරක් එකට ඉමු කියලා.. ඒ ඇයි අහනවත් එක්කම මගේ කම්බුලට ගැහුවෙ මට තමුසේ පේන්න බෑ.. කියලා.. හේතුවක් නොදන්නවා වුණත් එයාට මාව් එපා වෙලා කියලා මට තේරෙනවා .. කොහොම වුණත් මං හැමදේම ඉවසගෙන ඉන්නවා දූ වෙනුවෙන් ..

තාමත් මං පසුතැවිල්ලෙන් ඉන්නේ ආවීන් වගේ හොද කෙනෙක් මැරි කරන්න බැරිවුණ එකට වගේම මගෙන් එයාට වුණ වැරැද්දට …

සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති …
සමරු සයුරකි ආදරේ … මිහිරි රහසකි ආදරේ ..
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති …

තුන් හිතකින්වත් නොහිතූ එක බැල්මෙන් පැතුම් පැතූ
දයිවය පෙන්වූ පරිදි හමුවීම අහම්බයකි..
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති …

සිංදුව අහගෙනම මං ඇස් පියාගත්තේ එන විදියට ජීවිතේට මූණ දෙනවා කියලා හිතාගෙන ..

(මේක ඇත්ත කතාවක්.. ඔයාලට හිතෙන දේත් කියාගෙන යන්න.. කතාවට හරියටම සාධාරණයක් වෙලා නෑ කියලා මට හිතෙනවා.. මං ගොඩක් දේ අඩුවෙන් තමා ලිව්වේ)

-නයෝමී නදීරා ධීරසිංහ-

118 thoughts on “සංසාර පුරුද්දද මේ ❤️ | කෙටි කතා | කතා අහුර කෙටි කතා තරගය 2020”

  1. Sadamali nuwanthika

    කතාව ගොඩාක් ලස්සනයි …මන් එක හුස්මට කියවගෙන ගියා…ඒ තරමටම හිත්ස්ට දැනුනා . මාරම ලස්සනයි …අක්කියෙක්ද,නංගියෙක්ද කියල නම් දන් නෑ…කවුරු උනත් ගොඩාක් ලස්සනට කතාව ලියල තියනවා…මන් ඔයාට හදවතින්ම සුබ පතනවා…තෙරුවන් සරනයි ??

    1
    1. nayomi nadeera

      ගොඩක් ස්තූති ඔයාගේ අදහස්වලට … ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි

  2. විෂාකා නෙත්සරනි

    dhan thama kiyawala iwara une. harima lassana kathawak. dhukbara awasanayak. habai eya dharuwek inna amma kenek hatiyata thoora gaththe hari paththa. ????

          1. විෂාකා නෙත්සරනි

            Hari ehnm kmk ne akkita. Welawak thibunoth uthsaaha karala balanna akkiya. Oyata beri wena ekak ne.

  3. දේවාෂි

    දුකයි අක්කෙ… කෙනෙක්ගේ එක නරක සිතුවිල්ලක් නිසා ගොඩක් අය දුක් විදිනවා… එදා අර පුංචිලා එහෙම කිව්වේ නැත්නම් අද ගොඩක් අය සතුටින්… ???❤❤?

    1. මේ මොකක්ද බන් මේ කමෙන්ට් එක.. දූපිය…. ගිහින් දිග කමෙන්ට් එකක් කොටාන වර……… ???

    2. දේවාෂි

      අපොයි නිදිමරගාතේ කොටපු මේ සුට්ටන් කොමෙන්ට් එක දාන්න අක්කන්ඩි කුණු කූඩෙට….?
      නෙතූට උන දේට වඩා මට ආවින් කොල්ලා ගැන දුකයි අක්කේ.. එයා තමන්ගේ ආදරේ අමතක කරන්නේ නැහැ ඒ නිසාම දුක් විදිනවා….??
      අනේ මම නම් ලව් කරන්නේ නැහැ හුම්.. මට නම් බැහැ අඩන්න…. අනික දැන් එක්කෙනෙක්ට ආදරේ කරාම අනිත් අය පව් නේ….???? ඒ නිසා ඕන නැහැ

      අම්මපා අර පුංචි බාප්පයි කියන යමපල්ලෝ දෙන්නව යවන්න ඕන අපායට…. හ්හ්….???
      ඒ දෙන්නා නෙතූගේ අම්මා නෙවෙයි නේ… හ්හ්… මේ කිසි දෙයක් ඔහොම වෙන්නේ නැහැ නේ ඒ දෙන්නා එදා අරම මල විකාර ගොන් හරක් බූරු වැඩක් නොකරා නම්…. ???
      අනික ආවින්…. ඒ ගොන් ගහටත් යන්න තිබ්බා නෙතූ ගාවට… මෙතන මූද හත් ගව්වක් දුරින් තියන් අමුඩ ගහනවා කියන්නේ ඕකට තමයි….??? මූට කශේරුකාවේ පොඩි අවුලක් තියෙද කියලාත් හිතෙනවා…????

      කොහොම උනත් ඒ ජීවිත ඔක්කොම එක වගේ විනාස වෙලා මම හිතන විදියට.. ජීවිතේ ගන්න සමහර ඉක්මන් තීරණ අපිව නැති කරනවා….???

      ලස්සනයි අක්කියෝ කතාව බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ ❤❤???

        1. දේවාෂි

          හොඳයි සුදූ…. තාම නිකන් උතුර දකුණ මාරු වෙලා ඉන්නේ… දැන් නේ නැගිට්ටේ…ඒකයි.?????

          1. Amesha sonali

            ඔයා දැන්ද නැගිට්ටේ…
            මම නම් 4 ට නැගිට්ටේ ..?

      1. මදූ_දිල්ශා

        වැඩි දෙනෙකුගෙ හිත රිදවලා එක්කෙනෙකුව බැහැ බඳින්න ඒක නිසා මැරෙන් තුරා නොබැද ඉන්නවා…?????
        එහෙමද දේවාෂි?????

        1. දේවාෂි

          හිකිස් ඔව් ඔව් මදූ අක්කියෝ….?? අනික ඒකෙන් හොඳක් වෙනවා… මොකද දන්නවද… මාව බදින එක්කෙනා පව් කියලා මගේ අයියන්ඩි හැමවෙලාවෙම කියනෝ…?? ඒ නිසා අහිංසක ජීවිතයක් විනාස නොකර පැත්තකට වෙලා ඉන්නෝ…???????

    3. nayomi nadeera

      ගොඩක් ස්තූති දේවාෂි…ඔව් ඒක ඇත්ත .. අපි කරන කියන දේවල් ගැන දහස් වාරයක් හිතන්න ඕනි .. නැත්තම් කාට හරි වැරද්දක් වෙන්න පුලුවන් .. ස්තූති ඔයාගේ අදහස්වලට ❤️❤️

  4. අනේ හරිම ලස්සනයි නයෝ අක්කි… පව් ආවීන්… එහෙම කොල්ලෝ අඩුයි.. මුළු ජිවිත කාලෙම එක කෙල්ලෙක් ගැන හිතන එක ලේසි නැ… එහෙම කොල්ලෙක් හම්බෙන්නත් පින තියෙන්න ඕන… වෙලාවකට හිතෙනවා මෙහෙම⁣ කොල්ලෝ මේ ලෝකේ ඉන්නවාද කියලත්… ඇති.. ඒත් ටිකයි.. ගොඩක් ඉන්නේ නෙතුගේ හස්බන් වගේ අය… මං හිතන විදියට… මේ වගේ හස්බන්ලා දකිද්දී මැරි කරන්නත් බය හිතෙනවා..? දුක් විදින්න වුනොත් එහෙම…

    ඇත්ත කතාවක් වුනත් මාර ලස්සනයි අක්කි… ආදර්ශ ගොඩයි.. නෙතු වැරැද්දක් කරත් ඒක වැරැද්දක් කියා පිලිගන්නවා.. ඇත්තටම හස්බන් ඉද්දි තව පිරිමි කෙනෙක්ට මැසේජ් කරන එක වැරදි නේ නේද.. ඒත් හස්බන්ගෙන් ලැබෙන්න ඕන ආදරේ නොලැබෙනකොට වයිෆ්ලා ඉබේම වැරැද්දට පෙලබෙනවා.. ඒ හින්දා මෙතනදි නෙතුට විතරක් වැරැද්ද පටවන්න බැ එයාගේ හස්බනුත් වැරදි…

    තවත් කතාවක් ඉක්මනටම අරන් එන්න අක්කි… අක්කිගේ ගොඩක් කතා අද සමාජේ ගැන.. සමාජේට ගැලපෙන්න ලියන්නේ… ගොඩක් ස්තූතියි අක්කි.. පරෙස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි !…
    ??????

    1. nayomi nadeera

      බය වෙන්න එපා දුලා.. එහෙම හහස්බන්ඩ් ලා හිටියට හැමෝම ඒ වගේ නරක නෑ.. මාත් මැරි කරලා ඉන්නේ .. මට ඉන්නවා හොද හස්බන්ඩ් කෙනෙක් .. ඉතින් ඔයාටත් හොද හස්බන්ඩ් කෙනෙක් ලැබෙයි . මගේ යාලුවෙක්ගෙ කතාවක් මං ලිව්වේ .. ඔයාලා බය කරන්න නෙවෙයි . එහෙම අය සමාජයේ ඉන්නවා කියලා කියන්න ? ගොඩක් ස්තූති ඔයාගේ අදහස්වලට ❤️❤️ .. ලොකු ශක්තියක් මට.. පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි

  5. මදූ_දිල්ශා

    කතාව හරිම ලස්සනයි නන්ගා❤️❤️❤️❤️❤️❤️ ඔයා ලස්සනට ලියල තියෙනවා…තවත් මේ වගේ කතා ලියන්න අපිට බලන්න…

    අයිති කර ගන්නට බැරී
    නමුත් මනසින් පෙම් බැදී
    පෙම් කතාවක් ලෝකෙ කාටත් තියෙනවා……….?

    1. ඒ කතාව නම් ඇත්තම ඇත්ත අක්කියෝ…. ඒ වගේ කතාවක් හැමෝටම තියෙනවා… ??????

      1. මදූ_දිල්ශා

        අනිවාර්යයෙන් නන්ගි පැටියෝ…දුල් කොහොමද ඔයාට ❤️

      1. මදූ_දිල්ශා

        වෙරි බෑඩ් කියන්නත් සෑඩ් තමා අමේශා???? කොන්දට අත් ගහගෙනම ඉන්නෝ???? ඔයාට කොහොමද පැටියො

        1. Amesha sonali

          මමත් ඉතින් නිතරම මල්ලිගෙන් ගුටි වැසි වලට ලක් වෙනෝ….ඒත් ඉතින් jolly

          1. මදූ_දිල්ශා

            මල්ලියෙක් ඉන්නව නම්.පාලු නෑ නෙ ඔයාට

    2. හ්ම් පිලිගනිමි ඒ කතාව… ඒකපාර්ශ්වික ආදරේ… ඒකත් සුන්දරයි… නේද අක්කි ..??

        1. මදූ_දිල්ශා

          අනික මට මගේ ජීවිතෙන් තේරුන දෙයක් තියෙනවා අපි ආදරේ කරන්න ඕනී අපිට ආදරේ කරන කෙනෙක්ට මිසක් අපි ආදරේ කරන කෙනෙක්ට නෙවෙයි කියන එක

          මොකද අපි ආදරේ කරන කෙනා ඇත්තටම අපිට ආදරේ නැතිවෙන්න පුළුවන් යම් කිසි ආකර්ෂණීය බාවයකට අපිට කැමති වෙන්න පුළුවන් නමුත් අපිට ආදරේ කරන කෙනාට වැදගත් රූපය වත් සල්ලිවත් වෙන කිසිම දෙයක් නෙවෙයි එයාට වටින්නෙ මාව ඉතිම් එහෙම කෙනෙක්ට නොදැනීම කාලයත් එක්ක ආදරේ දැනෙන්න ගන්නව එතකොට ජීවිතේ කොයිතරම් ප්‍රශ්න ආවත් හරි ලස්සනට ගලන් යනව…..

          මේ මට දැනුන දේ කීවෙ මන්

  6. ??????????????
    ලෝකවාසි සියලුම පියවරුන්ට සුභම සුභ පියවරුන්ගේ දිනයක් වේවා…..!
    ??????????????

    1. තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙනවා එක හුස්මට කතාව කියවලා.. නූලෙන් බේරුනෙ.. ?

      වස්තු කොටේ…. හරිම ලස්සනයි කතාව.. කාලෙ තාලෙට ගැලපෙනම කතාවක්.. ආවින් පව්….. ඒ ආදරේ…….. අනේ හරි පුදුම ආදරයක්.. නෙතූ…….. මේ වගේ අය ඕනි තරම් අද කාලෙ ඉන්නවා.. හැම පැත්තෙන්ම විදවන කෙල්ලො බැදීම් නිසා අසරණ උනු ජීවිත ඕනි තරම් තියෙනවා මේ ලෝකෙ. නෙතූ කරන්නෙ වැරද්දක්.. ආවීන්ට හස්බන්ඩ්ට දූ පැටියට ඒ වගේම එයා එයාටම කරන්නෙත් ලොකු වරදක්.. ඒත් එයාව මේ තත්වෙට පත්වෙන්නෙ එයාගෙ නැන්දම්මා හස්බන්ඩ් දෙන්නා නිසා.. හස්බන්ඩ් ඇත්තටම වැරදී.. ගොඩක් පිරිමි ආදරේ කරන කාලෙ දෙන ආදරේ කසාද බැන්දට පස්සෙ බිරිදකට දෙන්නෙ නෑ.. ඒ නිසා බිරිදක් කොච්චර හිතින් විදවනවද කියලා තේරුම් ගන්න බෑ කාටවත්ම මොකද බිරිද කියන චරිතෙ කියන්නෙ හැමදේම හිතින් විදවන කෙනෙක්… හැමදේම දරාගෙන ඉන්න කෙනෙක්.. හැබැයි හැමතැනකදිම අසරණ වෙන්නෙත් එයාලම තමයි.. ආවීන්… ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.. සාමාන්‍යයෙන් කසාද බැදපු ගැහැනියෙකුට පිරිමියෙක් ලන් වෙන්නෙ වෙනත් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන.. ගැහැනියෙකුගෙ අසරණ කමින් අයුතු ප්‍රෝජන ගන්න මාන බලන පිරිමි අතුරින් ආවීන් කියන්නෙ මැණිකක්…

      තව කතාවක් ඕනි මැණික හොදද… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… සුභ පතනවා පැටියෝ ඔයාට… දළදා සමිදු පිහිටයි…. බුදුසරණයි…!!!!

      1. nayomi nadeera

        ගොඩක් ස්තූති දුල්… ඔයාගේ අදහස්වලට ❤️❤️ ඔයා කිව්ව කතාව හරියටම හරි.. ?? සමාජයේ විවිධ මිනිස්සු ඉන්නවනේ .. හොද අය වගේම නරක අයත් . ගොඩක් ස්තූති දිග කමෙන්ට් එකක් දැම්මට. බුදු සරණයි

    2. ඇකයේ මා
      නොදැරුවත්
      ලයේ ලේ
      කිරි නොවුනත්
      ඔබේ ආලේ
      මා හට නොපෙන්නුවත්
      දහඩිය වඟුරා
      මහන්සියෙන් මා
      උස්මහත් කල
      ආදරණීය
      මහා උත්තම පුරුෂයා
      ඔබයි
      මගේ පියාණෙනි..!

      1. Amesha sonali

        සුබ පියවරුන්ගේ දිනයක් වේවා ???????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    3. මදූ_දිල්ශා

      ඇත්තටම මගේ තාත්ත ගැන මන් කතා කරන්නෑ කවදාවත් ඔයාල වගේ තාත්තලගෙ ආදරේ ලබන වාසනවන්ත දරුවො අතරෙ මන් වගේ අයත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව ජීවිතේට දුවේ කියලා කතා නොකරපු එක මොහොතක් මන් ලග නොහිටපු එයා වෙනුවෙන් නෙවෙයි ඔයාලට ඔය වගේ ආදරේ දෙන සියලුම පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා????

    1. සුභ උදෑසනක් හැමෝටම.. තව ටිකක් ගියානම් උදෑසනක් නෙවේ කියන්න වෙන්නේ…??

  7. Rithuki abhiseka

    කතාව හුගක් ලස්සනයි අක්කේ
    පුංචිලා කරපු දේ නිසා දුක් විදින්න වුනේ නේතූටයි ආවින්ටයි??
    තවත් කතා ලියන්න අක්කියෝ???

      1. Rithuki abhiseka

        ඉන්නවා අක්කී????
        ඔයත් දැන් රිතූ කියලද කියන්නෙ කෝ එතකොට අභී?????

  8. දේවාෂි

    සුබ උදෑසනක් වේවා මැණික් කැට ටිකට….( තිරුවානා ගල් ටික වගේ හිටියට මම මගේ අක්කලා නගාලා සැට් එකට ආයේ බොක්කෙන්ම විතරක් නෙවෙයි උණ්ඩුකපුච්චෙන්ම ලව් නේ….)??????????????❤❤❤

        1. මදූ_දිල්ශා

          සස්සන නපුරු කුමාරයෙක් අනේ??❤️❤️ ගෙම්බෙක් වෙලා ඉද්දි මන් උම්ම එකක් දීල බේර ගත්තෙ එයාව?????

          වෙලාවට හබියා මේකෙ නෑ ????

          1. දේවාෂි

            අපොයි… එතකොට අක්ක දැන් මෙ ගෙම්බා කිව්වේ අපේ මස්සිනාටද….?????

  9. Amesha sonali

    අනේ…පව් නෙතූයි ආවින් …
    නෙතූගෙ පුංචි ,බාප්පා යි නිසා දුක්විදින්නේ අර අහිංසකයෝ දෙන්නා..???
    මට කියන්න දෙයක් නෑ ..
    නයෝමි අක්කී thz මෙහෙම කතාවක් ලිවුවාට..
    Good luck

      1. Amesha sonali

        නයෝමි අක්කි මේ කතාව නවකතාවක් විදිහට ලියන්නකෝ..ෂෝයි එකට තියෙයි අනේ ??

        1. nayomi nadeera

          මට දිගට කතා ලියන්න අමාරුයි අනේ ?? නව කතාවක් කියලා පටන් අරං කෙටි කතාවක් විදියට ඉවර කර්නවා ?

    1. අයිති කරගන්නට බැරි
      නමුත් මනසින් පෙම් බැදී
      පෙම් කතාවක් ලෝකේ
      කාටත් තියෙනවා……..

      අන්න ඒක නම් ඇත්ත.ආවීන් නම් මාරම කොල්ලෙක් එකම කෙල්ලෙක් ගැන මේ විදියට නොවෙනස් ආදරේකින් ඉන්න පුළුවන් කියන එකනම් ඇත්තටම පුදුමයි.මේ අක්කි ඇත්තටම මේ කොල්ලා මේ විදියට තාමත් ආදරේ කරනවද.ඒක මාරයි.හැබැයි මහම මහ පොල් බූරු පැටියෙක් .අපායට හරි කලි යන්න එපැයි අප්පා.පේන බලලා හඳහන් හදනවනේ.ඕක කලින්ම කිව්වනම් අද දෙන්නම ගොඩක් සතුටින්.අපරාදේ දැන් කීදෙනෙක් දුක් දුකෙන්ද.ජීවිතේ සමහර තීරන හරිම වෙලාවෙ හරියටම ගන්න ඕනේ.නැත්නම් ඉතින් අවසානේ දුකක් විතරම්‍යි.

      තව දෙයක් තමයි ඇයි අනේ මේ කොල්ලෝ බඳින්න කලින් පන ඇරලා ආදරේ කරනවා.හැබැයි බැදලා ටික කාලයයි ආදරේ අතුරුදහන් .ඇත්තටම වැඩියෙන් ආදරේ කරන්න ඕනේ බැන්දට පස්සෙයි.එහෙම නැති උනොත් ඒක අපායක් වගේ ජීවිතයක් ගානට වැටෙනවා.හැමදාම වෙනස් නොවී ආදරේ කරන්න පුළුවන් නම් ඒක තමා වටින්නේ.. එහෙම උනා නම් විදවන්නේ නැතිව ජීවිතේ ලස්සනට විදින්න පුලුවන් ……?????????

      කතාව හදවතටම දැනුනා.???
      සුබ පතනවා අක්කි ඔයාට.
      තව කතාවක් ලියමුකෝ….
      ????????
      ජේසු පිහිටයි !!!!!

      1. nayomi nadeera

        ගොඩක් ස්තූති නංගි .. ඔව් ඒ කොල්ලා තාමත් ආදරේ කරනවා පිස්සෙක් වගෙ .. හැබැයි ගෑනු ලමයා පොරොන්දුවක් ගත්තා එයාගෙන් මැරි කරලා සතුටින් ජීවත් වෙන්න ඕනි කියලා .. කොල්ලා හා කිව්ව නිසා කොල්ලගේ අම්මයි තාත්තයි සැනසීමෙන් ඉන්නවා . ? ගොඩක් ස්තූති නංගි ඔයාගේ අදහස්වලට ❤️❤️ ගොඩක් වටිනවා මට අදහස්… ජේසු පිහිටයි නංගි ❤️

  10. Kathawa godak lassanata liyla ??????….mn nam kiynne nethu thawath widawan nathuwa eyata adare karana kena lgta giya nm hari…thamange watinakamak nathi manussayek ekka pawlak ekka jeewath wenawata wadiya eka hodai ????

  11. නිරෝෂා ලක්මාලි

    යාළු වෙලා කසාඳ බැඳලත් ඔහොම ජීවිතයක් ලැබෙන එක නම් ලොකු දුකක් නේද. චුටී දූ නිසා කිසිම තීරණයක් ගන්න බෑනේ. ආවීන් නෙතුෂිට ආදරේ කරාට දවසක දරු පැටියට වෙනසක් කරොත්. ගොඩක් දේවල් හිතන්න වෙනවා. හැබැයි ආවීන් ඉස්සර වෙලා තිබුණා නම් මේ හැමෝගෙම ජීවිත සතුටින්.
    ?????

    1. nayomi nadeera

      ඔව් ඒක ඇත්ත ..ගොඩක් ස්තූති නිරෝෂා ඔයාගේ අදහස්වලට ❤️❤️

  12. Chamodya Madusanki

    මුලින්ම කියන්න ඕනි කතාවනම් පට්ට අක්කියෝ මාරම ලස්සනයි…??

    පව් ආවින් වගේම නෙතූත්☹️☹️ ආවින් ඉස්සර උනානම් හැමෝගෙම ජීවිත සතුටින් තියෙන්න ඉඩ තිබ්බා. තව කී දෙනෙක් ආදරේ හිතේ හිර කරගෙන ඉන්නවා ඇත්ද ආවින් වගේ. ආවින්ගේ තාත්තා කතාව කීවේ නැත්තම් නෙතූ කවදාවත් අවීන් ආදරේ කරනවා කියලා දැන ගන්න එකක් නෑ….

    ඇත්තටම නෙතූගේ පුංචි එක්කයි බාප්පා එක්කයි එක කේන්තියක් අම්මපා?? එයාලා හින්දා කී දෙනෙක් දුක් විදිනවද අප්පා…

    ආයෙත් කියනෝ කතාවනම් එලකිරි… පට්ටම ලස්සනයි

    ?????????
    එක තරුවක
    එක වරුවක
    කදුලු අතර මා සිටියා
    ඔබ දවසක
    හැම දවසක
    මා රිදවූ බව හැගුනා
    නමුදු දිනක
    ඔබ මතු දින
    සතුට අරන් එයි සිතුනා
    නෑ එන්නේ
    ඔබ එන්නේ
    හඩන සුසුම් මට කිව්වා

    ✍️✍️ආවින්…
    ??????????
    බුදුසරණයි අක්කියෝ
    පරිස්සමින් සතුටින් ඉන්න
    තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
    ආදරෙයි????

    1. nayomi nadeera

      ගොඩක් ස්තූති චමෝද්‍ය්යා නංගි ඔයාගේ අදහස්වලට ❤️❤️ .. ලස්සනයි ඔයාගේ නිසදැස…පරිස්සමෙන් ඉන්න .. ? බුදු සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.