Katha Ahura

සඳලතා |8 වන කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

සඳලතා නිසා 08 කොටස

” සුනිමල් අයියේ පොඩ්ඩක් ඉන්ඩ මම කුස්සියට ගිහින් අරගෙන එන්නම්”

මට විශ්වාස කරන්නත් බෑ ,සදලතා එහෙම කිව්වා. ඒ විතරක් නෙමේ අර කලින් තිබ්බ තරහ මූන සදලතාගෙ මූනෙන් තිබ්බෙත් සම්පූර්ණයෙන් ම අතුරුදහන් වෙලා. මට තේරුනේ මම තරගයක ක්‍රීඩකයෙක් ,ඉන්නේ දිනුම් කනුව අතලග වගෙ.

සදලතා මට වතුර විදූරුවක් ගේන්න කුස්සිය පැත්තට ‍යද්දී මම අහස දිහා බලාගෙන .

” දෙයියනේ මට බාදාකරන්ඩ කවුරුවත් එන්ඩනම් එපා……….”

කියල පැතුවා.

” ටිලින් ,ටිලින් ටිලින් ටිලින්….”

එකපාරම පාර පැත්තෙන් ඇහුන බයිසිකල් සීනූ හඩට මම හොදටම බයවුනා. මම ඒ පැත්‍ත බලද්දී දැක්කේ ලියුම් කාරයා සදලතාගේ වත්‍තට ඇතුල්වෙන කඩුල්ල එහා පැත්තට වෙලා සදලතාගේ ගේ දිහා බලන් බෙල් එක ගහන විදිහ.

කුස්සියට ගිය සදලතා වතුර වීදුරුවකුත් අතැතිව දිවගෙන ආවේ බෙල් හඩ ඇහිලා වෙන්න ඇතී.

” මෙන්න සුනිමල් අයියේ වතුර…..එක….”

කියපු සදලතා….

” කාගෙන්ද දන්නෙ නෑ ලියුම ”

කියාගෙන ලියුම් කාරය උන්නු පැත්තට දුවගෙන ගියා.

මම උන්නු තැන ඉදලා ලියුම් කාරයා උන්නු තැනට මීටර් හතලිහක් විතර දුරක් තිබ්බා.

” සුනිමල් ලියුම් කාරය වෙන්න ඇත්තෙ උබේ වෙලාවට වෙන්න ඇතී. ඉක්මනට වතුර ටික ගෙනාපු බෝතලේට අහක් කරගනින්…..”

හිත මොර දිල කියද්දී මම ඉකමනට ගෙනල්ල පදුරක් අස්සේ හංගපු කලු උරේ ඇතුලේ තිබ්බ ප්ලාස්ටික් බෝතලය අතට ගත්තා. සදලතාලාගෙ මිදුලේ තිබ්බ විශාල කදක් තිබ්බ අඹ ගහක්. ඒකට මුවාවෙලා කාටත් හොරා මට වීදුරුවේ වතුර බෝතලයට අස් කරන්න අමාරුවුනේ නෑ.

දිග දුර හිතල පුනීලයකුත් ගෙනාපු නිසා වතුර බිංදුවක්වත් හැලෙන්නේ නැතිව ඔක්කොම වතුර බෝතලේට දාන්නත් පුලුවන් වුනා.

සදලතා ලියුම අරන් ආපහු ආවේ ඒක කඩල කියව කියව. මම අර බෝතලය කලු උරේට දාල ආයේ පාරක් අර මල් පදුර ලගින් හැංගුවේ සදලතාට නොපෙන්න.

ලියුම කියෙව්වට පස්සේ සදලතාගේ මූන ටිකක් වෙනස් වුනා.

” කාගෙන්ද සදලතා ලියුම….”

” අපේ නිකවැවගම ඉන්න ලොකු අම්මා එවල තියෙන්නේ…”

කීකිරිඳිය මුල තාමත් මගෙ හක්කේ තියෙන හින්ද්ද දන්නෙ නැ…සදලතා මාත් එක්ක හොදට කතා කෙරුවා. වෙනදටවැඩිය.

” ඒත් ඇයි ,ඔය ලියුම කියෙව්වට පස්සේ සදලතාගේ මූන වෙනස් වුනා…කරදරයක් නැනේ…”

“කරදරයක් තමයි”

” ඒ මොකක්ද ඒ….”

” අපේ ලොකු අම්මව හරකෙක් ඇදගෙන ගිහින් වැටිලා ,වැටුනු පාර අතකට මොනවද වෙලලූ…ඉතින් ලොකු අම්මා ලියුමේ ලියල එවල ලොකු අම්මට සනීප වෙනකම් එහෙ නැවතෙන්න එන්න පුලුවන්ද කියලා….”

” ඉතින් සදලත යනවද….”

මම ඇහුවේ කලබලෙන්. සදලතා ලොකුඅම්මලාගේ ගෙදර ගියොත් මම කරන්න යන දේවල හරියට ගගට ඉනි කැපුවා වගේ වෙයි.

” මට යන්න වෙනවා…වෙන කෙනෙක් නැති හින්දමයි ලොකු අම්මා මේ ලියුම මටම එවල තියෙන්නේ. ලොකු අම්මයි,මහප්පයි මට ගොඩක් ආදරෙයි. ඉතින් එයාල අසරණ වෙලා ඉන්න වෙලාවේ මට නොගිහින් බෑ……”

” ඉතින් දැන් කවද්ද යන්නේ, ”

” අද අම්මල ආපු ආම ,එයාලටත් මේ ගැන කියල හෙට උදෙන්ම යනවා….”

” කවදද ඉතින් ආයේ ආපහු එන්නේ….”

මම ඒක අහද්දී සදලතා මම දිහා බැලුවෙ විනිවිද යන බැල්මකින්. හරියට මම ප්‍රශ්න දිගින් දිගටම අහනවට ඇය එච්චර කැමති නෑ වගෙ..

” ඒක කියන්න බෑ…හිතුනොත් මම ,සදහටම ලොකුඅම්මලාගේ ගෙදර නවතිනවා……. හැමදාම එයාල මෙහෙ ආපුහම කියන්නෙ මට එහෙ එන්න නැවතෙන්න කියලා…….”

සදලතා ඒ දේ කියද්දි මට දැනුනේ මහා ආත්ම පරජයක්. සදලතා ගමේ හිටියනම් එයා දුන්න වතුරට අර වශී මන්තරේ මතුරලා ආපහු ගමට ඇවිත් මොනව හරි කරලා සදලතාට පොවන්න තිබ්බා. සදලතා ලොකුඅම්මලාගේ ගෙදර ගිහින් ආවේ නැත්තම් ඒ වැඩේ කරන එක හරිම අමාරු වැඩක්. සමහර විට ඒක කරගන්නත් බැරිදෙයි….

” ඒත් දෙයියනේ එහෙම කරන්න එපා සදලතාව ආපහු ඉක්මනට ගමට ගෙන්වන්න”

මම දෙයියන්ගෙන් ඉල්ලුවේ වෙන කරන්න දෙයක් නැති නිසා.

” ක්‍රෑ………………හ්….වෝ……..”

එකපාරම සදලතාගෙ ගෙවල් පිටිපස්සෙන් ඇහුන ඒ හඩට දෙන්නම කලබල වුනා….

” ආයෙත් අර ඉසී බැලලී ඇවිල්ලා ,අපේ බලල් පැටියට හපන්න……”

කලබලෙන් සදලතා ඒ පැත්තට දිව ගියේ මාවත් අමතක කරලා….

” සදලතා මම එහෙමනම් යනවා……..වීදුරුව පුටුව උඩ……”

දුවන් යන සදලතාට ඒක කියල ,වීදුරුවත් පුටුවක් උඩ තියලා ඉක්මනට අර පදුර ලග තිබ්බ කලු උරෙත් අතට ගත්තා… මොනව උනත් සදලතාට හොරෙන් ඒ උරේ අරන් යන්න ඒක හොදම අවස්තාවක්.

සදලතාට මම කියපු දේ ඇහිලා නැද්ද මන්දා ,පිලිතුරක් දුන්නෙ නෑ…මම එහෙන් එන්න ආවා. සදලත ඉන්න දිහාට යන්න මට හිත දුන්නේ නෑ……සදලතාගේ අම්ම හරි තාත්ත හරි ආවොත් ඒක එච්චරම හොද දෙයක් නෙමේ…….
**********************************************

ඊලග උදේ ආයෙත් මම කිරිඅම්මලාගේ ගෙදර යන්න පිටත් වුනා. මම ගමට ආපහු ආවේ බැරිවෙලා ගිය මගෙ ඇදුනුයි බඩු වගයකුයි අරන් යන්න කිව්ව නිසා ,පරන තව ඇදුම් වගයකුත් උරේකට දා ගත්ත ගෙදර අයට සැක හිතෙන්නේ නැති වෙන්න.

එදා දවල් වෙන්න කලින් මට ආයෙම සැරයක් ගමේ කිරිඅම්මලාගේ ගෙදරට පය තියන්න පුලුවන් වුනා. එහෙ ගිය ගමන්ම වගේ මම අරුනලාගේ ගෙදරත් ගියේ මම ආයේ අරවැඩෙත් කරන් ආපහු ආව කියල ගුරුන්නාන්සේ මාමට දන්නවන්නත් එක්කයි. කවුරුවත් ලග පාත නැති අවස්තාවක් බලල මම කියපු ඒ කතාවට ගුරුන්නාන්සේ පලමුව හහ් හ හහ් ගාල හිනා වුනා.

” ඒකනේ මම කිව්වේ,මම මතුරපු කීකිරිඳිය මුල හක්කේ තියාගෙන කාගෙන්හරි ගලකින් පට්ටයක් ගලවල දෙන්න කිව්වත් ,ඒකත් කොරල දෙයි….හහ් හහ් හා…..මගේ වැඩ එහෙමයි…..”

“කවදද ගුරුන්නාන්සේ මාමේ අපි දැන් ගුරුන්නාන්සේ මාමගේ ගමට යන්නේ……”

මම එක අහද්දී ගුරුන්නාන්සේ ඇගිලි දෙකක් කටේ තියාගෙන චිරිස් ගාල බුලත් කෙල පාරක් ගැහුවා මිදුලට.

” උබ එනකම්මයි උන්නේ…… නැත්නම් මම උදේ පාන්දරමයි යන්න හිතුවේ….උබ අදත් ආවේ නැතිනම් මම හිටියේ ,උබට අර වැඩේ ඕනේ නැති හින්දනේ ආයේ ආවෙ නැත්තේ කියල හෙට උදේපාන්දර යන්ඩ. මට සෑහෙන්න වැඩ කන්දරාවක් මේ වෙද්දී ගොඩ ගැහිලා. මම හිතුවේ උබ මගෙ වැඩේට කැමති නැතිවත්ද කියලා මගෙ ආවතේවකාරය වෙන්ඩ..”

” ආයේ ගුරුන්නාන්සේ මාමේ මම එහෙම අකමැතිවෙනවද අනික දවස් දෙකයිනේ පරක්කු වුනේ…….”

” එහෙනම් කොල්ලෝ හෙට උදේ පාන්දරම යන පාරේ බස් එකේ යන්න ලෑස්තිවෙලා වරෙන්………. උබේ වෙලාව කියල හිතාගනින් මම වගේ කෙනෙක් හම්බවුන එක……. හැබයි කොල්ලෝ තව දෙයක්..”

කියපු ගුරුන්නාන්සේ මම දිහා බලන් උන්නේ වැදගත්ම දෙයක් තියෙනව උබට කියන්න වගේ බැල්මකි.

” මොකක්ද ගුරුන්නාන්සේ මාමේ ”

මම ඇහුවේ කුතුහලයෙන්.

” උබ මාත් එක්ක යන්න එනවා කියලා කාටවත් කියන්ඩ එපා…ඒක රහසක්…උබ මොකක් හරි බොරුවක් කියල හොරෙන්ම හෙට පාන්දරම යන බස් එකේ නගින්ඩ හන්දියට වරෙන්. ”

” ඒත් ගුරුන්නාන්සේ ඇයි එහෙම කාටවත් කියන්ඩ එපා කියන්නේ….”

මම ඇහුවේ පුදුමෙන් .

” වෙන මොකකකටවත් නෙමේ කොල්ලෝ… මම වගේ කට්ටඩියෙක් ලග උදව්වට යනවට උබලගෙ කට්ටිය කැමති නැතිවෙයිද දන්නේ නෑනේ… අනික උබට ඒවා මේව කියල බනියි එක්ක. ඒ හින්දා හොදම දේ උබ ඒ දේ කාටවත්ම කියන්නේ නැතිව වරෙන්. මම කිව්වේ ගොඩක් දුර දිග හිතල බලල…..”

ගුරුන්නාන්සේ ගෙයි මගෙයි කතාව එතනින් එහාට අරන් යන්න බැරිවුනා. මොකද. එතනට ඒ වෙලාවේ අරුන ආපූ හින්දා.
***********************************

එදා රෑ කිරිඅම්මලාගේ ගෙදර අයට බොරුවක් කියල , පහුවදාට එලිවෙන්න පාන්දර ජාමේ මම ගමේ හන්දියට යන අදහසින් කිරිඅම්මලාගේ ගෙයින් එලියට බැස්සා.

මම කිරිඅම්මට කිව්ව බොරුව වුනේ….

” මම නැතිව ගෙදර අයට වැඩ කරගන්න අමාරුයි,ගමට ගියා වෙලාවේ තාත්ත අසනීපවෙලා දැක්කම ගෙදර ඉන්න ඕනා කියල ආයේ හිතුනා….ආපහු කිරි අම්මලාගේ ගෙදර ආවේ මම ආවේ නැත්තේ ඇයි කියල කිරි අම්මල කලබල වෙන නිසා……ඒක කියල යන්නයි ආපහු ආවේ…”

අන්න එහෙම බොරුවක් ගොතලයි මම කිරි අම්මා රැවට්ටුවේ. ඒක කිරිඅම්මා විශ්වාස කෙරුවද මම දන්නේ නෑ….ඒත් මට වෙන කියන්න හොද බොරුවක් මතක් වුනෙත් නෑ….

බස් එක මේ ගමෙන් යන්නේ පාන්දර පහයි කාලට වුනත් ,මම පාන්දර හතර හමාර වෙද්දීම එතනට ගියා . බැරි වෙලාවත් බස් එක වැරදුනොත් ඉතින් මගෙ බලාපොරොත්තු ඔක්කොම විනාශයි.

මම අරන් ගිය දේවල් වලින් වටිනම වස්තුව වුනේ සදලතා දුන්න වතුර වීදුරුවෙන් ගත්ත වතුර බෝතලේ.

පාරෙ මිනිස් පරානයක් තියා මේ පාන්දර ජාමේ බලු බල්ලෙක්වත් උන්නේ නෑ. මම හන්දියට ගිහිල්ලා පැය කාලක් යන්නත් කලියෙන් ගුරුන්නාන්සේ මාමත් සුදු ඇදුමකුත් ඇදන් පාරෙන් මතුවුනා.

ලොකු ගමන් මල්ලකට අමතරව ගුරුන්නාන්සේ මාම ආවේ කරේ ලොකු බෙරයකුත් එල්ලගෙන.

” එහෙනම් උබ මාත් එක්ක යන්න ආවා කොල්ලෝ…හහ් හහ් හා….”

මම දැකල සුපුරුදු හිනාවෙන් හිනාවුන ගුරුන්නාන්සේ ඇසුත් තිබ්බේ බැබලිලා.

” කිව්වනේ ගුරුන්නාන්සේ මාමේ මම එනවා කියලා…..”

” මාත් දැනන් උන්න ,උබ අර කෙල්ලට තියෙන ආදරේ හින්දා මේ ගමන මා එක්ක යන්න එනවමයි කියලා…….”

ගුරුන්නාන්සේ තිර හඩින් කියද්දී මම ගුරුන්නාන්සේ ගෙන් අර බෙරේ ඉල්ලගෙන මගෙ කරේ දා ගත්තා…

” හහ් හහ් හා… ඔය දැන් ඉන්නේ මගෙ නියම ආවතේවකාරයෙක් විදිහටම, හැබයි කොල්ලෝ ඔය බෙරේ මමම අරගෙන යන්නම්”

මම කරපු දේ දැකල ගුරුන්නාන්සේ එහෙම කියලත් ආපහු මගෙන් බෙරේ ගුරුන්නාන්සේ ඉල්ලගෙන ආපහු ඔහුම කරේ දාගත්තේ මම පුදුමයට පත්වෙද්දී”

” ඒත් ඇයි ගුරුන්නාන්සේ මාමේ…..”

” නෑ කොල්ලෝ මේක දැනට මම එල්ලගෙන යන්නම්….උබට කුරුණෑගලින් බැස්සම දෙන්නම්……තව දෙයක්….”

” මොකක්ද ගුරුන්නාන්සේ මාමෙ”

” බස් එකට නැග්ගම උබ මම ලගින් ඉදගන්ඩත් එපා………”

ගුරුන්නාන්සේ ඒක කියද්දී බස් එකේ එන හඩ අපිට ඇහෙන්න පටන්ගත්තා.

” ඒත් ගුරුන්නාන්සේ ”

” මම කියන විදිහට කරපන්……හේතුව පස්සේ කියන්නම්….අන්න බස් එක එනවා…………”

ගුරුන්නාන්සේ ඇයි එහෙම කියන්නේ මට ඒක ප්‍රෙහේලිකාවක් වෙද්දී බස් එක අපේ පැත්තට එමින් තිබ්බේ සැහෙන්න වේගෙන්.

ගුරුන්නාන්සේ ඒකට අත ඇල්ලුවා.

” බ්‍රා………..ස්”

හඩින් බසය අපි ලගින් නතර කරද්දී මමයි ගුරුන්නාන්සේ මාමයි ඒකට ගොඩවුනා. හිස් අසුන් ගොඩක් තිබ්බ බසයේ ගුරුන්නාන්සේ අසුනක ඉදගනිද්දී මම ඊට පස්සේ තිබ්බ ශීට් එකක ඉදගත්තේ ගුරුන්නාන්සේ මාම කියපු විදිහටමයි.

බස් එක ඇතුලේ කිරිඅම්මලාගේ ගමේ මම අදුරන කීපදෙනෙකුත් උන්නා….
******************************************

ගුරුන්නාන්සේ මමාගේ ගමට අපි ගියේ බස් තුනකම නැගලා අවසානේ. ඒ වෙද්දි හවස් වෙලා හවස් වෙලා තිබ්බ.

” ඔන්න කොල්ලෝ අපි අපේ ගමටත් ආවා…හහ් හහ් හා….මෙතන ඉදන් මගෙ ගෙදරටන ඉතින් පොඩ්ඩ දුරක් පයින් යන්න ඕනා.”

ගුරුන්නාන්සේ ඒක කිව්වේ අපී අවසානෙට බැහපු බසෙන් තුන්මංහන්දියකින් බැහල ටික දුරක් පයින් ගියාට පස්සේ…..මේ පාරනම් ගුරුන්නාන්සේ මම අර බෙරේ එල්ලගෙන යනවට විරුද්ධ වුනේ නෑ…

තවත් ටික දුරක් යද්දී මම පන්සලක් දැක්කා…..

” අර ගුරුන්නාන්සේ මාමලාගේ ගමේ පන්සල වෙන්න ඇති…”

මම කිව්වේ පන්සලේ පේන චෛත්‍ය දිහා බලාගෙන.

” හ්ම්ම්ම්ම්ම් ඒක තමා අපේ ගමෙ පන්සල…….”

පන්සලට ඇතුල්වෙන ගේට්ටුව ලගින්ම වගේ පන්සලේ නම ගහල තිබ්බා.

ඒ ගහල තිබ්බ පන්සලේ නම දැක්කට පස්සේ මගේ හිතටත් එක්ක මොකක්ද වෙලා මම කලබල වුනේ විශ්වාස කරන්න බැරි දෙයක් මම දැක්ක වගේ…………..ඊලග කොටසට සඳලතා නිසා……

ඇයි පන්සලේ නම දැක්කට පස්සේ සුනිමල් කලබල වුනේ……අනුමාන කරන්න පුලුවන් මොලකාරයෝ ටික අනුමානයක් දෙමූ ,ඊලග කොටස දානකම්……

කතාව කොටස් 09න් ඉවර කරන්න හිතුවේ…. ඒත් ඒ වැඩේ දැන් අමාරු කරනවා………කතාව හිතුවට වඩා දිගයි වගේ… කොටස් දහයෙන් ඉවර කරනවට ඔයාල අකමැති නෑනේ…….

කතාව කියවල ,ලයික් ,කමෙන්ට්ස් දෙන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.