Katha Ahura

සඳලතා |9 වන කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

සඳලතා නිසා 09 කොටස

” නිකවැවගම ශ්‍රී පූර්වාරාමය ”

පන්සලේ නමට ලියල තිබ්බේ ඒක. එදා සදලතාට ලියුම ආපු වෙලාවේ සදලත කිව්වේ එයා ගෙ ලොකුඅම්මගෙ ගමත් නිකවැවගම කියල නේ……..ඒ නිකවැවගම යි මේ නිකවැවගමයි එකක් වුනොත්. මට හිතාගන්ඩ ත් බෑ මේ වෙන දේවල්.

” ගුරුන්නාන්සේ මාමගෙ ගමේ නම නිකවැවගමද”

පන්සල පහුකරන් යද්දී මම ගුරුන්නාන්සේ න් ඇහුවා.

” ඔව්….උබ කොහොමද ඒක දන්නේ….”

ගුරුන්නාන්සේ ගේ මූනේ තිබ්බේ ප්‍රශ්නාර්ථයක්.

” නෑ…. අර පන්සලේ නමට ගහල තිබ්බේ නිකවැවගම ශ්‍රී පූර්වාරාමය කියලා ඒකයි…..”

” ආ….ඒක මිසක්කා ,ඒත් මම හිතුවා උබ කොහොමද මම කලින් කියලත් නැතිව අපේ ගමේ නම දන්නේ කියලා හහ් හහ් හා…..”

ඇත්තටම සදලතා එන්ඩ ඇත්තේ මේ ගමටද, එහෙම වුනොත් ඒක මගේ දෛවයේ සරදමක් වෙන්නත් බැරි නෑ……

හිත හිතා මම ගුරුන්නාන්සේත් එක්ක ඒ බොරලු පාරේ දිගටම ගියා. මේ ගැන කිසිවක් මම ගුරුන්නාන්සේ ට කියන්න ගියේ නෑ.

එහෙම ටිකක් දුරක් අපි ඉස්සරහට යද්දියි අපිට මිනිහෙක් හම්බවුනා. ඇස් ගෙඩි රතු වෙලා තිබ්බ ඔහු දකිද්දී මට හැගුනේ ඔහු අනිවාර්යයෙන් ම ගංජා සුරුට්ටු බොන මිනිහෙක් වෙන්න ඕනා කියල.

” ගුරුන්නාන්සේ වෙලාවට අද ගමට ආවේ……ගුරුන්නාන්සේ ගේ පැත්ත්තෙන් බලද්දී සුබ ආරංචි ක් ගමේ වෙලා තියෙනවා…”

ඔහු හරියට කතා කෙරුවේ ඔහු ගුරුන්නාන්සේ ගේ හොදම හිතවතෙක් වගේ..

” ඇයි මොකක්ද වෙලා තියෙන්නේ ගමේ……”

ගුරුන්නාන්සේ ඇහුවා.

” රණසිංහගේ ලොකු කෙල්ල ඊයේ නැතිවේලා….”

” ඔහෙප් පලයන් ,පාල උබ ඔය ඇත්‍තමද කියන්නේ….”

ගුරුන්නාන්සේ ඒක කිව්වේ මාර සතුටකින් ,කෙනෙක් ගමෙ මැරුන පුවත් අහල මිනිහෙක් මෙහෙම හිනාවෙනවා මම දැක්කමයි. ඒ හින්දාම මට ගුරුන්නාන්සේ ගැන ඇතිවුනේඅපැහදීමක්.

” ඔව් ගුරුන්නාන්සේ ඇත්තමයි ,අද උදේ තමා මැරිල තියෙන්නෙ. මොලේ ලේ කැටියක් හිරවෙලා කියල තමා කියන්නේ. ගුරුන්නාන්සේ මට සැකයි. අර වැඩේ කරගන්න්න ඕන නිසාම ගුරුන්න…….”

පාලට ඒක කියල ඉවර වෙන්න කලින් ගුරුන්නාන්සේ ඔහුගේ කතාව නතර කෙරුවේ අත දික්කරලා….ඊට පස්සේ මම දිහා ඇස් කොනින් අලපු ගුරුන්නාන්සේගේ පාල දිහා බැලුවේ තරහින්.

” මේ පාල ඇට නැති දිව එහාට මෙහාට හරවන්ඩ පුලුවන් කියල කටට එන හැම විකාරේම දොඩවන්ඩ එපා…….”

” හ්ම්ම්ම් ගුරුන්නාන්සේ , මට හිතුනේ එහෙම.. ”

කියපු පාල මම දිහාට හැරුනා.

” මේ ඉලන්දාරිය කවුද ගුරුන්නාන්සේ ”

” මේ මගෙ වැඩවල උදව්වට අඩගහගෙන ආවේ… ඔක්කොම මෙතන කියන්ඩ බෑ.. මේ පාර මැද උබ තව පොඩ්ඩ්කින් අපේ ගෙවල් පැත්තේ වරෙන්කෝ. ගොලු උක්කුවටත් එන්ඩ කියාපන්. අපිට මේ මාසේ ලොකුම ලොකු වැඩක් කරගන්ඩ පුලුවන් වෙයි. අවුරුදු ගානක් බලන් හිටිය හහ් හහ් හා………..”

” හ්ම්ම්ම්ම් මම එන්නම් ගුරුන්නාන්සේ ,මාම මේ කඩේට යන ගමන් තමා ගුරුන්නාන්සේ දැක්කේ….”

කියපු පාල අපි පහු කරලා ගියේ ගුරුන්නාන්සේ ට එහෙම පොරොන්දු වකුත් දීලා.

*************************************

එතන ඉද්ලත් කිලොමීටර් බාගයක් විතර ගිය තැනයි මම දැක්කේ ගුරුන්නාන්සේ ගේ ගෙදර. ලග පාත ගෙවල් තිබ්බේ නැති ගුරුන්නාන්සේ ගේ ගේ තිබ්බේ හුදකලා වෙලා.

කටු මැටි ගහල පොල් අතු සෙවිල්ලපු ගුරුන්නාන්සේගේ ගේ ඉස්සරහින් වෑකන්දකුත් වැවක් එක්ක තිබ්බා. අවිවාහකවූ ගුරුන්නාන්සේ හිටියේ ඒ ගෙදර තනියම. ගෙයි ඉස්සරහ පැත්තේ පොඩිවට හදපු හූනීයම් දෙයියන්ගේ දේවලායක් තිබ්බා.

ගුරුන්නාන්සේ මට ඇදක් එක්ක තිබ්බ කාමරය්ක් මට දුන්නා.

” එහෙනම් කොල්ලෝ හෙට ඉදලම වැඩේ පටන් ගමු…උබට අමාරුත් ඇතිනේ ආපු ගමන් මහන්සියට, පොඩ්ඩ්ක් නිදා ගත්තට එහෙම කාරියක් නෑ……..”

ගුරුන්නාන්සේ මට කාමරේ පෙන්නල පිටවෙලා ගියේ එහෙම කියලා.

ගුරුන්නාන්සේ කීව්වා වගේම මට ගමන් මහන්සිය නිදි මත නොතිබ්බා කිව්වා බොරූ. සරමකට මාරු වෙලා කාමරෙ නිදාගත්තෙ ඒ නිසා.
********************************

එකපාරම නින්දෙ හිටිය මම ඇහරුනෙ කාගේ හරි කටහඩක් ඇහිලා. ජනෙලෙන් පේන ඉර එලිය කිව්වේ රෑ වෙන්න දැන් ලහයි කියල.

මම පොඩ්ඩක් ඇදේ වැතිරිලා ගේ ගුරුන්නාන්සේ ගේ ගේ ඇතුලින් ඇහෙන කතාබහට කන්දී ගෙන උන්න.

” ඒ කියන්නේ ගුරුන්නාන්සේ අපි මෙච්චර කල් බලන් හිටිය ඒක හෙට අනිද්ද්ම ගොද දාගන්ඩ පුලුවන්….”

මට ඇහුන පාලගේ හඩ.

” නැතුව බං නැතුව මේ මාසේ විසි පහෙන් පස්සේ හොදම නැකතක් තියෙනවා ඕක ගොඩට ගන්ඩ.”

ගුරුන්නාන්සේ ගේ හඩ ඇහුනා.

” ගුරුන්නාන්සේ ට හොදටම ශුවර්නේ අර වැඩේට අරූ ගැලපෙනවා කියලා… මේ පාරත් කලින් පාර වගේ ඇනගන්ඩ වෙයිද… අම්මෝ එදා වුන දේවල් මතක් වෙද්දී දැනුත් මගෙ ඇග හිරිවැටෙනවා…..”

” ඒක වුනේ උබේ නොසැලකිල්ලෙන් පාල… උබ ඒකගේ වංහුන් හොයාගෙන නෑ හරියට. මේ පාර ඒ වැඩේට ඕන එකා හොයා ගත්තේ මමයි. ඌ සීයට දෙසීයක් ගැලපෙනව මේ වැඩේට… වැඩේ ගොඩ කියල හිතාගනින් මේ පාර හහ් හහ් හා………..”

ගුරුන්නාන්සේ හිනාවෙල කියන කිසිම දෙයක් මටනම් තේරුනේ නෑ.

” ඒක නෙමේ පාල රණසිංහගේ ලොකු කෙල්ල්ගෙ මිනිය ගන්නේ හෙට වෙන්න ඕන මගෙ හිතේ…..”

ගුරුන්නාන්සේ කාතව වෙන පැත්තකට හැරෙව්වා.

” ඔව් ගුරුන්නාන්සේ හෙට තමා ගන්න්නේ ,අද උදේ මැරුනේ හෙට සදුදා…අගහරුවදට කොහොමත් මිනී උස්සන්නේ නැති හින්දා හෙට තමා ගන්නේ ,ඒක නෙමේ ගුරුන්නාන්සේ මම මේ බැලුවේ අපේ අර වැඩේ කරගන්ඩ රණසිංහගේ කෙල්ලත් ගන්ඩ තිබ්බා නේද ”

” ඒකි හරියනවා ඒකී කෙල්ලෙක් නැතිව කොල්ලෙක් වෙලා ඉපදුනානම් ,අර වැඩේට ඕනා පිරිමියෙක්, ඒත් ඒකිගෙ මිනියෙන් අපිට ලොකුම ලොකු වැඩක් කරගන්ඩ පුලුවන්.”

” මම දන්නවා ගුරුන්නාන්සේ ඔය කියන්න යන දේ ගැන……..ඒකනේ මම අද ගුරුන්නාන්සේ දැක්ක වෙලාවෙම කිව්වේ රණසිංහ ගෙ ලොකු කෙල්ලගෙ මරනය ට හේතුව ගුරුන්නාන්සේ ද දන්නේ ත් නෑ කියල….දැන් එතකොට හෙට රෑ ඒක කරන්ඩ යන්න වෙනවා…”

” හ්ම්ම්ම්ම්ම් මට කරපු දේට අර ජේමිසය කියන බල්ලට පාඩමක් උගන්නන්ඩ තරම් මීට වඩා හොද අවස්තාවක් එන්නේ නෑ…..තුහ් බල්ලා මම ඕකවයි ඕකගේ පවුලටයි කරන දේ ඌට හිතාගන්න්වත් බැරි වෙයි…..”

ගුරුන්නාන්සේ කිව්වේ දැඩි ආවේගයකින්.

” ඉතින් ගුරුන්නාන්සේ ඔය වැඩේට උදව්කාටය විදිහට හෙට රෑ එන්ඩ වෙන්නේ මටද”

මට ඇහුනෙ පාලගේ හඩෙ සොබාවය අනුවනම් ඔහු ඒ වැඩෙට අකැමතියි වගෙ හැගුනේ.

” ආයේ නැතිව , ගොලු උක්කුව ටිකක් බයයි ඔය වගේ දේවල්වලට ,දැක්කෙ නැද්ද එදා……..”

” ඒත් ගුරුන්නාන්සේ අර වගේ ලොකු වාසියක් පෙනි පෙනී හෙට රෑ මේ වගේ දෙයක් කරන එක ගැන මම එච්චරම කැමති නෑ……..”

” මේ පාල තොගෙ අකැමත්ත කැමත්‍ත මට වැඩක් නෑ….මම කරන්න හිතපු දේ කරනවමයි .අතට ආපු මේ වාසිය අහක දාන්න තරම් මම මෝඩයෙක් නෙමේ අනික. හෙට වලලන රණසිංහගේ ලොකු කෙල්ලගේ මිනිය හෙට රෑ ගොඩ අරන් මම ඒක කරන එක කරනවාමයි. තනියම හරි මම ඒක කරන එක කරනවයි.”

දැඩි කෝපයකින් ගුරුන්නාන්සේ ඒක කියද්දී බයක් දැනුනේ මගෙ හිතටයි. රණසිංහ කියන කෙනාගේ මිය ගිය ලොකු කෙල්ලගේ වලලන මිනිය රෑ ගොඩ අරන් ගුරුන්නාන්සේ කරන්න හදන්නේ මොනවද.

ඊට හේතුව මේක වෙන්න ඕනා කියලා ,එක එක විකාර අදහස්වලින් මගෙ හිත තෙරපෙන්න පටන්ගත්තා . ඒත් දැන්නම් මට හිතෙනවා ගුරුන්නාන්සේ කියන කෙනා ඒ තරම් හොද පුද්ගලයෙක් නෙමේ කියලා……………ඊලග කොටසට සඳලතා නිසා

ඇත්තටම රණසිංහ කියන කෙනේගේ මිය ගිය ලොකු කෙල්ල වැලලුවට පස්සේ ඒක ගොඩ අරන් ගුරුන්නාන්සේ කරන්න හදන්නේ මොකක්ද…ඒ ගැන අපි බලමු ඊලග කොටසින්. අනුමාන කොරන අය අනුමාන කරන්නකො එතකම්…..

කතාව ලියවල ලයික් කමෙන්ට්ස් දෙන ඔක්කොටම ගොඩක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.