Katha Ahura

සඳ මිහිරි | 7 කොටස |නවකතාව|| කතා අහුර||

කතාව කොහොමද?

“අම්මා අද මට ගම්පහ වැඩ වගයක් කරගන්න යනවා. අද මම රෑට කන්න එන්න වෙන එකක් නෑ. අම්මලා කාලා නිදාගන්න.”
“හා හා පරිස්සමෙන්. කොහෙන්ද රෑට කන්නෙ. මම මොනවා හරි හදලා දෙන්නම් ලොකූ දැන්ම යන්නෙ නැත්නම්.”
“දැන්ම යන්න ඕන අම්මේ. එහේ ඕන තරම් කන්න තැන් තියනවා අම්මේ. මම ගිහින් කෝල් කරන්නම්.

“පරිස්සමෙන් ගිහින් එන්න.තුණුරුවන්ගේම සරණයි.”
මාධව අම්මාට වැදලා අඩිය ඉක්මන් කරලා ගියා.
උදේ වරුවෙම වැඩ තිබුණ නිසා කාලය යනවා මාධවට දැනුණෙවත් නෑ. මාධව ෆෝන් එකෙන් වෙලාව බලනකොට 7ට විතර ඇති.

“ඕ මයි ගෝඩ්” මාධවට කියවුණා.
“ඒ මචන් චාමර මේ වැඩ ටික බලපන්. මට ගමනක් යන්න තියනවා. උඹ ඕක මට මේල් එකක් දාපන් හොඳේ.
“එල එල උඹ පලයන් මම මේ වැඩ ටික බලා ගන්නම්. මොකක් හරි හදිසියක්ද?”
“නෑ නෑ. ම්ම්… යා..ළු…වෙ…ක් මීට් වෙන්න.”
මාධව ගොත ගහපු හැටියට කවුරු හමුවෙන්නද යන්නෙ කියලා ඕන කෙනෙක්ට හිතාගන්න පුළුවන්.
මාධව සිනාවකින් ඔහුට සංග්‍රහ කරමින් බෑග් එක ගත්තා.

“ඒනම් උඹ වැඩ ……”
“හරි හරි මම බලාගන්නම්.”
මාධව කියන්නත් කලින් චාමර කිව්වා.

කේ එෆ් සී එකට එනකොට හත හමාර විතර වෙලා. මාධව බයික් එකෙන් බැහැලා ඉක්මනට ගියා. ඒත් මිනූෂා හිටියෙ නෑ.එදා ඔවුන්ගෙ පළවෙනි හමුවීම. මාධව ටිකක් ප්‍රමාද වුණු නිසා මාධව හිතුවෙ මිනූෂා යන්න ඇති කියලා. කොහොම වුණත් පැය බාගයක් විතර බලාගෙන ඉඳලා මිනූෂාට කෝල් එකක් දුන්නා.

“සොරි මිනූෂා, වැඩ ගොඩක් තිබුණා ඒකයි එන්න පරක්කු වුණේ. හෙට උදේට අපි මීට් වෙමු.”
“නෑ නෑ මාධව මම මේ එන ගමන්. 10 මිනිට්ස් දෙන්න. මම එනවා”
“ මම හිතුවෙ ඔයා ඇවිත් මම ටිකක් පරක්කු වුණ නිසා යන්න ඇති කියලා.”
“නෝ නෝ බේබි මම මේ එන ගමන්.”
“පරිස්සමෙන් එන්න.”
මාධව එහෙම කියකොටත් මිනූෂා කෝල් එක කට් කරලා.

වෙනදා කතා කරපු විදියට නෙවෙයි අද මිනූෂා කතා කරේ. එදා මුලින්ම දැකපු මිනූෂාත් නෙවෙයි හිටියෙ. කොණ්ඩෙ අවුල් කරගෙන, ඇඳුම් වලින් වුණත් සංවර කමක් පෙනුනෙ නෑ. එදා තිබුණ ලස්සන දකින්නත් තිබුණෙ නෑ.ගොඩක් මහන්සි වෙලා වෙන්න ඇති, දැන්කාලෙ කෙල්ලො එහෙම තමයි. මාධව එහෙම හිතලා හිත හදා ගත්තා.

“ඇයි ඔයා අද කතා නැත්තෙ බේබී”
මිනූෂා මාධවගෙන් ඇහුවා.
“ඒක නෙවෙයි, ඔයාලට මෙච්චර සල්ලි තිබිලත් ඇයි ඔයා ජොබ් එකක් කරන්නෙ?
මාධව එහෙම ඇහුවෙ තවත් දේවල් දැනගැනීමේ අරමුණින්.

“මම කැමති මටම කියලා ස්ථාවරයක් හදා ගන්න.”
මාධවට මිනූෂා ගැන පැහැදීමක් ඇති වුණා. වෙන සල්ලිකාර කෙල්ලන්ට වඩා මිනූෂා හිතන විදිය වෙනස් කියලා ඔහුට හිතුනා. ඇයගේ දෙමව්පියන්ද ඒ ලෙස හිතනවා ඇති කියලා මාධව හිතුවා.

“මොනවා හරි කියන්නකෝ ස්වීටි.”
“ඔයාලගෙ ගෙදරින් අපිට කැමති වෙයිද මිනූෂා?”
මාධවට අහන්න තිබුණෙ ප්‍රශ්නම විතරයි.

“මොකද්ද අයියෝ, ඔයා මගෙන් අහන්නෙම ප්‍රශ්න විතරයිනේ. අපි ගැන කතා කරමුකෝ”
“කියන්නකෝ”
“ම්….. කැමති නැති වුණත් මම ඔයත් එක්ක එනවා.”
තාම ඔවුන් හමුවෙලා තියෙන්නෙ දවස් දෙකයි. කිසිම ගාණක් නැතුව කියපු හැටියට මාධවට පුදුම හිතුණා.

“මම කැමතියි ඔයාගෙ අම්මලයි අපේ අම්මලයි දෙගොල්ලොන්ගෙම කැමැත්ත ඇතුව පෝරුවට නගින්න.”
“අයියෝ ……. බේබී ඔයා හිතන්නෙ කෙල්ලෙක් වගේනේ.”
මිනූෂා හයියෙන් හිනා වෙමින් කිව්වා. එයා හිනාවෙනකොට පුදුම ලස්සනයි. මාධවට මිනුෂා නැති කරගන්න ලෝබ කමක් මතු වුණා. “කොහොම හරි හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි අපි මැරි කරන්නෙ” මාධව දැඩිව හිතා ගත්තා.
………………………………………………………………………………………………………………

මිහිරි පවුලේ බාලයා. අයියා කෙනෙක් විතරක් නෙවෙයි එයාට අක්කා කෙනෙකුත් හිටියා. නේරංජනා, ඒ කියන්නෙ මිහිරිගෙ අක්කා, පවුලෙ වැඩිමලා. ගෙදර අය කිව්වෙ ලොක්කි කියලා. ඒ තුන් දෙනා හිටිය විදියට ගමේ සමහර අය ඊර්ෂ්‍ කලා. ඒ තරම් සහෝදරකමක් ඔවුන්ට තිබුණෙ. ඒත් දැන් එයාලා අතරෙ නේරංජනා නෑ. ඇය හදිසි අනතුරකින් මිය යනකොට මිහිරි දහය වසරේ. ඒ සිද්ධියෙන් මිහිරි වගේම මාධවත් ලොකු කම්පනයකට ලක් වුණා.

ලස්සන පුංචි පවුලට ඇස් වහ වැදිලද මන්දා පස් දෙනා දැන් හතර දෙනා වෙලා. ඒ සිද්ධිය තාමත් ඔවුන්ගෙ සිත් වලට වේදනා දෙනවා. මාධව බය වුණා අක්ක වගේ නංගිත් එයාට නැති වෙයි කියලා. මොකද අක්කා නැති වුණේ හීනෙන්වත් නොහිතපු වෙලාවක, නොහිතපු විදියට. ඒ කාලෙ ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න ඔවුන්ට කෙසේවත් බැරි වුණා. ඒ නිසා සියළු මතකයන් ඔවුන් සඟවා දැමුවා.

ගේ මැද ලොකුවට ගහලා තිබුණ ඔවුන් පස් දෙනාගෙ පින්තූරය දැන් කොහේද කියලාවත් මාධවලා දන්නෙ නෑ. කවුද ඒක හැංගුවෙ කියලා අදටවත් කවුරුත්ම කියලා නෑ. ඇත්තටම ඒක එතනින් ගලවා දැමුවෙ මිහිරි. ඒ මතකයන් වලට මිහිරි බය වුණා. ඇය දවස් ගාණක් හැඬුවා. නමුත් ටික ටික ඇය ඇයගේ සිත හදාගන්න උත්සාහ කළා. ඒත් ඇයට ඒ මතකයන් වලින් ලොකු බලපෑමක් කළා. ඒ නිසා මිහිරිට මනෝවෛද්‍යවරයෙකුගේ උපකාර පවා අවශ්‍ය වුණා.

තවත් කොටසකින් සඳ මිහිරිසොයා යමු.
යශෝධා ගුණරත්න.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.