Katha Ahura

සිහින සිත්තරාවී | තිස්එක්වන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (2 votes)

විශේෂ කිසිම දෙයක් නොවී දවස් ගණන් ගත වුණේ නොදැනීම..සේමිණී ආන්ටිත් ලංකාවට ගිය නිසා සමහර දේවල් තනියම කරගන්න හුරුවෙන්න වුණා..රශිත්ගේ උදව්වෙන් කෝස් එකේ වැඩ කරගන්න පුලුවන් වුණ එක නම් හිතට සැනසීමක්…ටික කාලයක් ගතවෙනකොට ඉංග්‍රීසී වුණත් අමාරුවක් නැතුව ඉගෙන ගන්න පුලුවන් වුණා..හැබැයි මොන දේ කලත් රශිත්ගේ ලග තියන මගේ ෆෝන් එක නම් ලැබුණේ නෑ..ගෙදරට කතා කරන්න ඕනේ වුණාම විතරක් ෆෝන් එක ලැබෙනවා..කෝල් එක කට් වෙන්න කලින්ම රශිත් ආයෙම ඒක ගන්නවා..ලොකුම දුක හිතෙන හිතෙන වෙලාවට ගෙදරට කතා කරන්න නොලැබෙන එක..

“ඒන්ජල්..ඉක්මනට ලෑස්ති වෙනවා හරිද..පරක්කු වුණොත් මං ගියා..තමුසේ ඕනේ විදියකට එනවා..”

“තව වෙලා තියනවනේ..බෙරිහන් නොදී ඉන්නවා.”

ක්ලාස් එකේ යාලුවෙක්ගේ බර්ත් ඩේ පාර්ටි එකකට එන්න කිව්වත් මං හිටියේ යන්න විදියක් නැතුව..හැබැයි බලාගෙන ගියාම එයා රශිත්ගෙත් යාලුවෙක්..දෙන්නටම ඉන්වයිට් කරපු නිසා දෙන්නම රෑ වෙලා යන්න ලෑස්ති වුණා..අපි කීයට ගෙදරින් යනවද කීයට එනවද කියල රශිත්ගේ අම්මා කවදාවත් හෙව්වේ නෑ..හැබැයි එයාගෙම දරුවෙක්ට වගේ මට ආදරේ කලා..සමිදි ගෙදරට කෝල් එකක්වත් දෙන්නේ නැද්ද මන්දා..මොකද මේ ගෙදරට ආවත් හරි මං සමිදි එක්ක ගෙදර අය කෝල් එකක ඉන්නවා දැකලා නෑ..

පාටි එකට ඇදන් යන්න හොදයි කියලා හිතුන කලුපාට දණහිස ලගට තියන ගවුමක් ඇදලා පොඩියට වගේ මේකප් ටිකක් දාගෙන මං එලියට එද්දී රශිත් ලෑස්ති වෙලා බලන් ඉන්නවා..

“අපෝ මේ ගෑණු ගෙවල් වලින් එලියට ගන්න තියන අමාරුවක්..”

“එහෙම තමයි හලෝ..පිළිවෙලට යන තැනක යන්න එපැයි..”

“මං නොදන්න පිළිවෙල..අහගන්න එපා..”

රණ්ඩු වෙවීම දෙන්නත් එක්ක පාටි එකට ඇවිල්ලා මං මගේ යාලුවෝ එක්කත් රශිත් එයාගේ යාලුවෝ එක්කත් එකතු වුණා..පාන්දර එක දෙක වුණත් කට්ටියට ගෙවල් වල යන්න ගාණක් නෑ..සමහරු ඩ්‍රින්ක්ස් ගන්නවා ..තවත් අය ඩාන්ස් කරනවා..තවත් අය එක එක තැන් වල කතා කර කර ඉන්නවා…එකම වයසේ කට්ටිය ඉන්න නිසා කිසිම පැකිලීමක් නැතුව හැමෝම පාටි එක එන්ජෝයි කරනවා ඕන ඕන විදියට..

නිදමතක් දැනීගෙන එද්දී මං රශිත්ව හොයාගෙන ගියේ ගෙදර යමු කියන්න..හැමතැනම හෙව්වත් රශිත් නෑ..මොන ලෝකෙක ගිහින්ද මන්දා..ඒත් එක්කම මාව හොයාගෙන ආපු වේටර් කෙනෙක් මට කිව්වේ රශිත් කාර් පාර්ක් එකේ මං එනකං බලන් ඉන්නවා කියලා..යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක්ට කියලා මං පර්ස් එකත් අරන් රශිත්ට හිතින් බැන බැන කාර් පාර්ක් එකට ආවා..ලොකු එළියක් නැති නිසා හිතටත් බයයි වගේ..පේන මානෙක කිසි කෙනෙක් නෑ..ඈතින් පේන රශිත්ගේ කාර් එක ලගට හෙමින් හෙමින් යද්දී කවුදෝ මගේ අතකින් ඇදලා ළගට ගත්තා..කෑගහන්න හදනකොටම ඒ කෙනාගේ අතින් මගේ කට තද කරලා වහගත්තා..කලුවරේ ඒ කවුද කියලා අදුරගන්නවත් බෑ..එතනම නතර කරලා තිබුණ කලුපාට කාර් එකක් ඇතුළට මාව දාලා ඒ කෙනත් ඒ කාර් එකටම නැග්ගා.

“රශිත්…”

ඔව්..ඒ පිස්සා තමයි..වෙලාවකට විකාරයක්..තාමත් මගේ පපුව ගැහෙනවා..මොනවා කරනවද මන්දා..

“මොනවද හලෝ මේ කරන්නේ..බය වෙනවා කියලා දන්නේ නැද්ද..අනික මේ කලුවරේ..පිස්සුද.”

“කෑගහන්නේ නැතුව ඉන්නවකෝ..තමුසේ මෙතන විකාරයක් වෙන්න හදන්න එපා..පොඩ්ඩක් දගලන්නේ නැතුව ඉන්නවා..”

“දගලන්නේ නැතුව ඉන්නම්..කියනවකෝ මාව බය කලේ ඇයි කියලා..අනික මේ වෙන කාර් එකකට නැගලා..”

රශිත් ඉස්සි ඉස්සි පිටි පස්සේ ග්ලාස් එකෙන් කොහේදෝ බලනවා..මාත් ඉස්සිලා බැලුවත් මට පේන්නේ නෑ මුකුත්ම..පේන්නේ කොහොමද ඉතින් මේ කලුවරේ..

“මොනවද බලන්නේ..මටත් කියනවකෝ.”

“මේ විමූ..තමුසෙට එක පාරක් කිව්ව නේද..පාඩුවේ ඉන්නවා ටිකක්..”

අත් දෙකත් බැදගෙන මං ශීට් එකේ පස්සට වෙලා වාඩිවෙලා අහක බලාගත්තේ තියන තරහට..හැබැයි මේ යකාට නම් ඒකේ ගානක්වත් නැද්ද කොහෙද..කොයි තරම් වෙලාවක් මේ කාර් එක ඇතුළට වෙලා හිටියද මන්දා..නිදිමතත් වැඩියි..ඒ නිසාම රශිත් ශීට් එකේ එහායින් වෙන්න තියලා තිබුණ ෆෝන් එක අරන් මං වෙලාව බලන්න හැදුවේ..

“පිස්සුද යකෝ..මං මෙච්චර කට්ටක් කනවා..එක තත්පරේට ඒ ඔක්කොම වතුරේ යවන්නද හදන්නේ..”

“මොනාද කරන්නේ මෙතනට වෙලා..විකාර…දැන් කොච්චර වෙලාවක් කියලා හිටියද..නිදිමතයි හලෝ..”

“නිදිමත නම් නිදාගන්නවා මෙතන..මං ගෙදර එක්කන් යන්නම් පස්සේ..”

“මෙතන නිදාගන්න බෑ..අනික මේ ඇදුම් ඇදන්..”

“එහෙනම් ගලවලා නිදාගන්නවා..මල වදේ..”

“මම නෙවෙයි තමුසේ තමයි දැන් මල වදේ..”

“මෙන්න වැන්දා..කටවහන් ඉන්නවකෝ..”

ටිකක් වෙලා ඉදලා මට එහෙම්ම නින්ද ගියා..ඇහැරෙනකොට එලියත් වැටිලා..රශිත් කාර් එකේ නෑ..තාමත් හොටෙල් එකේ කාර් පාර්ක් එකේමයි අපි..ඉදගෙන ඉදලම අමාරුයි..ඒ නිසාම මං කාර් එකේ දොරත් ඇරන් එලියට බැස්සා..ඒ එක්කම වගේ මාව පහුකරන් ගියා කාර් එකෙන් එලියට බැස්ස කෙනාව දැක්කම නම් කකුල් දෙකත් එක්ක පණ නැති වුණා..දේශිත අයියා…ඒත් එයා මෙහේ..එයා එනව නම් රශිත් මට නොකියා ඉන්නේ නෑ..අනේ මන්දා..ඒත් එක්කම තවත් කෙනෙක් කාර් එකේ ඉදන් බැස්සා..දෙයියනේ..

78 thoughts on “සිහින සිත්තරාවී | තිස්එක්වන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුබ පැතුම් නිශූ මැණික????
      ????????????????????????????????????????????????????????????????????????????????????

    2. Nithu ?❤️

      සුබ පැතුම් මගේ නිශූ අක්කි බෝලේ… ??????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. අනේ සුදු අක්කියෝ සුබ පැතුම් හොඩෙ එක්කත් අමටක උනා ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Avi 1999 (kandy)?

          සුබ පැතුම් මගෙ නිෂු මැණික????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. මොනාද අනේ මේ වෙන්නෙ ?????
    කතාව කියවලා ඉවර වුණාම මාව නිකන් හොල්මන් වුණා වගේ ?
    මොනා වුණත් තාමත් මට හිතෙන්නෙ රශිත් නරක කොල්ලෙක් නෙවේ කියලා.
    ඒත් රශිත් මොනාද කාර් එකට වෙලා හැංගිලා බලන් හිටියෙ ?,විමූ නොදන්න මොනාම හරි දෙයක් රශිත් දන්නව.

    ඒත් අර දේශිත ඇයි විමූලා ඉන්න රටට ආවෙ.?දේශිත එක්ක ඇවිත් කාර් එකෙන් බැස්සෙ කවුද අනේ ?,රශිත්ම ද,එහෙමත් නැත්නම් නෙතූශවත් ද?
    අනේ දැන්නම් මගෙ ඔළුවත් පැටලිච්ච නූල් බෝලයක් වගේ.
    මෙතන හැංගුන මොකක්ම හරි රහසක් තියෙනව?
    එදා දේශිතගෙ වෙඩින් එක දවසෙ නෙතූශ රූම් එකකට ගිහින් කාවද දන්නෙ නෑ හම්බවුනේ.ඒ දේවලුයි ,මේ සිද්ධ වෙන දේවලුයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද අනේ.??????
    අද නම් ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ.

    හැබැයි රශිතුයි,විමූයි රණ්ඩු වෙද්දි නම් මරු අනේ ????

    අදත් කතාව ගොඩක්ම ගොඩක් ලස්සනයි අක්කියො.
    පරිස්සමින්,සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි??

          1. පොඩ්ඩක් මොන්ගල් වෙලා ඉන්නේ.. පාඩම් කරන්න තියනවා ගොඩක්?

  2. සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …

  3. තේජා අක්කියෝ … හෙට කමෙන්ට් එකක් දාන්නම් හොදද …???
    තරහ වෙන්න එපා නංගි එක්ක …???

  4. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ …

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …..

  5. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ?

    හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි??

    1. සුභ උදෑසනක් මගේ අක්කී …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  6. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ?? හැමොම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ????
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. ගුඩ් මෝනින් මගේ චූටියෝ ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි සුදු අක්කිත් ගොඩක් …??

    2. ගුඩ් මෝර්නින් මගෙ සින්ඩි බෝලෙ?
      ඔයත් සතුටින්,පරිස්සමින් ඉන්න මැණික.
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

          1. මං නම් බෙහෙත් ගේන්න යන්න කියල මැණික.

          1. මන් මේ අපෙ පුන්චිගෙ නන්ගි ගව ඉන්නවා ශ්….ශ්….අහ්..සද්ද කරන්න එපා ඇහැරෙයි ????

  7. තේජා අක්කියෝ ….

    මේ ජෝඩුව නම් හරි ෂෝයි අප්පා … රන්ඩු අල්ලන තරම් …??

    අම්මෝ අක්කී … මං නම් බය වුනා කෙල්ලව ඇදලා ගන්නකොට … මං හිතුවෙ මොකෙක් හරි කෙල්ලව ඉස්සුවා තමයි කියලා … එතකම් මේ මෝඩ රශිත් නේ අප්පා …???

    රශිත් මොනවා හරි කෙල්ලගෙන් හංගනවා කියලා දැන් නම් හොදටම පැහැදිලියි .. කාගෙන් ද ඒත් එයා කෙල්ලව හංගන්නේ …

    එතකොට ඇයි අර වදකාරයා ආයේ ආආවේ … එයා එක්ක ආවේ සමිදි නෙවෙයි ද…. අප්පෝ මට ප්‍රශ්න ගොඩායි ….????

    අක්කී ඔයා නම් එන්න එන්න අපිව පටලවනවා අනේ.. හිතාගන්න බෑ මොනවා වෙයිද කියලා … අනුමාන කරන්න බෑ කිසිම දෙයක් ….

    අක්කී මැණිකේ … නංගි එක්ක තරහ වෙන්න එපා හොදද කමෙන්ට් එක පොඩි වුනා කියලා …මේ දවස් ටිකේ කෙල්ලට ඇප් එකට එන්න දෙන්නේ නෑ අනේ අම්මා … අනික අම්මට මාව අහුවෙන්නෙත් ඉදලා ඉදලා ඇප් එකට ආවාම. ඉතින් මටයි ෆෝන් එකටයි බැනුම් කෝටියයි …

    මං අක්කිට සුභ පතනවා ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා …

    අදත් කතාව ගොඩක් ලස්සනයි ….

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  8. මැණිකේලා …
    මං ගිහින් එන්නම් …
    අම්මා කෑගහනවා පාඩම් කරන්න කියලා …

    පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම …
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

    1. හ්ම්..හ්ම්..එක ත.මා අක්කි පාඩම් කරන්නෙ නැයි…..
      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? සුදු අක්කියෝ පරිස්සමින් සතුටින් ඉන්න ඔනී …?????

  9. Avi 1999 (kandy)?

    තේජා අක්කි කතාව දැන්නම් ශෝයි… රශිත් විමු ශෝක් අනෙ මරු කපල් එක නේද… කොච්චරවත් රණ්ඩු නෙ එහෙම ඉද්දි මරු ??

    කතාව ඉස්සරහට වෙන දේ ගැන මම් මුකුත් කියන්නැ ඕන්?? නැත්නම් මට ඔක්කොම කියවෙයි..ඒ නිසා අක්කිගෙ අන්තිම කොටසට දිග රිප්ලයි එකක් දෙන්නම්කො හොදද??

    කතාව සුපිරියටම ලියලා තියෙනවා අක්කි ඔයා.. ඇත්තමයි මාරම ලස්සනයි.. අක්කිට තව මේ වගෙ ලස්සන කතා ලියන්ට ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම්??❤️❤️.. පරිස්සමින් සතුටින් ඉන්න මගෙ අක්කි… තෙරුවන් සරණයි ඔයාට???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.