Katha Ahura

සිහින සිත්තරාවී | තිස්දෙවන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

දේශිත අයියා ඇවිල්ලා තිබුණේ සමිදි එක්කමයි..ලොකු බඩකුත් උස්සන් කාර් එකෙන් බහින සමිදිට දේශිත අයියා නිකන්වත් උදව් කලේ නෑ..දෙන්නම මාව දැක්කා..දේශිත අයියා නම් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා..සමිදි නම් මං ලගට දුවලා වගේ ආවා..

“කොහොමද නංගී..හැමදේම හොදින් නේද..කෙල්ල ලස්සන වෙලා..”

“හොදයි අක්කේ..අක්කාව දැක්කත් සතුටුයි”

මං එහෙම කිව්වේ සමිදිගේ පිරුණු බඩ අතගාන ගමන්..අම්මාව මතක් වුණා මට..මගේ අම්මත් මෙහෙම මාව බඩේ තියාගෙන කොයි තරම් වේදනාවක් විදින්න ඇත්ද..සමිදිගේ කකුල් ඉදිමිලා..ඒ මූණ හරි වෙහෙස පාටයි..හිටියට වඩා කලු වෙලාද මන්දා..

“මට අහන්නත් බැරි වුණා..නංගී මෙතන ඇයි..කාත් එක්කද ඔයා මෙහේ ආවේ..”

ඒක අහද්දී නම් දේශිත අයියාත් අපි ලගට ලං වුණා..

“අ..හ් මං මේ..රශිත් එක්ක ආවේ අක්කේ..”

සමිදි ලාවට හිනා වුණත් දේශිත අයියගේ මූණ නම් තරහෙන් රතු වෙලා..කේන්තියෙන් වගේ මගේ දිහාම බලන් ඉන්නවා..මට ඕනේ වුණේ ඒ බැල්ම මග ඇරලා යන්න..

“ඒන්ජල්..මොකද හලෝ එළියට ආවේ..ඇතුළට වෙලා ඉන්න නේද කිව්වේ..”

රශිත් ඈත ඉදන්ම එහෙම කියාගෙන මගේ ලගට ඇවිල්ලා කරට අතක් දා ගත්තා..ඒක මට නුපුරුදු දෙයක් නෙවෙයි..එයා ඕනම වෙලාවක එහෙම කරනවා..මෙහේ සංස්කෘතියත් එක්ක ඒ වගේ දේවල් මහ ලොකුවට හිතන්න ඕන ඒවා නෙවෙයි..ඒත් දේශිත අයියට නම් ඒකේ හිතන්න ගොඩක් දේවල් තියෙන්න ඇති..

“මල්ලී..ඔයා කිව්ව නිසාමයි අපි මෙතනට ආවේ..නැත්තං කෙලින්ම ගෙදර යන්න හිටියේ..”

“මං දන්නවනේ මගේ සුදු අක්කා මේ හොටෙල් එකේ කෑම කන්න ආසයි කියලා..ඒකම තමයි මෙහෙට එන්න කිව්වේ..ඔයා ආසම විදියේ කෑමක් දෙන්න..”

අක්කලා මල්ලිලා නම් බර කතාවක්..මං ඒ දිහා බලාගෙන හිනා වෙවී හිටියේ අයියයි මමයිත් ඔහොම නිසා..ගෙදර මතක් වෙද්දි නම් දුවලා යන්න හිතෙනවා..ඒත් මොනවා කරන්නද..ඉවසන්න වෙනවනේ මේ හැමදේම පිළිවෙලක් වෙනකම්..කන්න ගිහිල්ලත් දේශිත අයියගේ ඇස් මගේ පස්සෙන්මයි..රශිත් නම් ගානක්වත් නැතුව කනවා..මට ඕනේ වුණේ එක විනාඩියකට හරි දේශිත අයියව මගහැරලා ඉන්න..

“එක්ස්කියුස් මී..මං වොශ් රූම් එකට ගිහිල්ලා එන්නම්..”

එහෙම කියලා මං නැගිටින්න හදනකොටම රශිත් පුටුවෙන් නැගිට්ටා..

“යමු..මාත් එන්නම්..”

රශිත් එක්ක වොශ් රූම් එක ලගට ආවත් මං ආවේ ඒකට යන්න වුවමනාවට නෙවෙයි..දැන් ඉතින් මොකද කරන්නේ..

“වටපිට බල බල ඉන්නේ..පිස්සුද ඕයී..යනවකෝ ඉක්මනට..”

“මට වොශ් රූම් යන්න ඕනේ නෑ රශිත් ..”

“එහෙනම් තමුසේ මාවත් ඇදන් ආවේ මොන මගුලකටද..”

“දේශිත අයියා අමුතුයි රශිත්..මට මෙතන ඉන්න බෑ..ඒ මනුස්සයා ඇස් වලින්ම මාව මරයි..අනේ අපි යමු..ප්ලීස්..”

“බය නැතුව ඉන්නවා..තමුසේ ඉන්නේ මං එක්කනේ..ආයේ බලනවා දැක්කොත් ඇස් ගලනවා මං උගේ..”

“ඇයි ඒ..”

“මගේ අක්කා නිසා..නැතුව මේ තමුසේ නිසා එහෙම නෙවෙයි..හරිද..”

අනේ මල විකාර..කවුද මෙයාට කිව්වේ මං නිසා එහෙම දෙයක් කරන්න කියලා..විකාරෙන්ද මන්දා..හිතින් බැන බැනම මං රශිත් එක්ක ආයේ ටේබල් එකට ආවා..කාලා ඉවර නිසා රශිත් මගේ අතින් හෙමීහිට අල්ලගෙන සමිදි දිහා බැලුවා..

“අක්කා මේ..දෙන්නා එක්ක හෙමිහිට එනවා හරිද..අපි යන්නම්..මෙයා මේ ඊයේ රෑ ඉදලම නිදි නෑ..අපි මෙහේනේ හිටියේ ඊයේ..රෑ පුරාම වද දීලා දැන් නිදිමතයිලු..”

“පරිස්සමට යන්න එහෙනම්..අපි එන්නම්..”

සමිදිට ඒක ගානක් නැති වුණත් මං වගේම දේශිත අයියත් රශිත් දිහා බලන් හිටියේ පුදුම වෙලා..මෙහෙම කතාවක් කියනවද දෙයියනේ..මං මුලු රෑම මේකා එක්ක හිටියා කිව්වම මිනිස්සු මොනවද හිතන්නේ..අතින් අල්ලගෙනම ඇවිල්ලා අපි දෙන්නා කාර් එකට නගිනවත් දේශිත අයියා බලාගෙන..තරහෙන් පුපුරනවා..ඔය මොනවා වුණත් ඒ දෙන්නත් දැන් එන්නේ රශිත්ගේ ගෙදරටනේ..කොච්චර නම් දවසක් මං මෙහෙම කට්ටි පැන පැන ඉන්නද..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

සමිදිලා ගෙදර ආවත් මට ඒක එච්චර ප්‍රශ්නයක් නොවුණේ නිතරම ආන්ටි අන්කල් රශිත් මේ හැමෝම ගෙදර හිටිය නිසා..මං ගොඩක් වෙලාවට කාමරේට වෙලා මගේ වැඩක් කර ගත්තේ දේශිත අයියව මගහරින්න ඕනේ නිසා..සමිදි නිතර නිතර කාමරේට ආවත් රශිත් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඇතුළට එන්නේ නෑ..ඒක මට සහනයක් වුණා..

කෝස් එකට ගිහින් ගෙදර එනවා.ඇවිල්ලා කාල නාලා නිදාගන්නවා…එකම ජීවන රටාවකට හුරුවෙලා එපා වෙලා දැන්..කොහෙවත් යන්නවත් දන්නේ නෑනේ..නැත්නම් මං හරි ආසයි නිදහසේ කොහේ හරි ඇවිදින්න..ගෙදර ඉන්නවා තරම් නිදහසක් පිට තැන්වල කොහෙද ඉතින්..

සමිදිට ටිකක් අමාරු වෙලා ආන්ටි එක්ක අන්කල් එයාව හොස්පිට්ල් අරන් ගියේ දේශිත අයියා ගෙදර හිටියේ නැති නිසා..මටත් උණ ගන්න වගේ තිබුණ නිසා මාත් එදා ගෙදර..ඇගට පණක් නොතිබුණ නිසා ආන්ටිලා ගියාට පස්සේ මං ඇදට වෙලා හිටියා..එතකොට තමයි ලෑන්ඩ් ෆෝන් එක රින්ග් වුණේ..

“හෙලෝ..”

“ඒන්ජල්..තමුසේ ගෙදරද..අම්මලා ගියා නේද අක්කා එක්ක..”

“ඔව් අක්කට ටිකක් අමාරුයි වගේ..එයාලා අක්කව එක්කන් ගියා..”

“තනියමද ඉන්නේ..”

“ඔව්..මට උණ ගන්න වගේ..මං ඒකයි ගියේ නැත්තේ..”

“දොර ලොක් කරන් පරිස්සමට ඉන්නවා..මං මේ එන ගමන්..මොකා ආවත් දොර අරින්න එපා..හරිද..”

රශිත් ෆෝන් එක තිබ්බට පස්සේ මං ආයෙම කාමරේට ආවේ ඉස්සරහ දොර ලොක් කරලා නිසා..ඇදේ හාන්සි වුණාම එහෙම්ම නින්ද ගියේ තද ඔලුවේ කැක්කුමට..මොකක්දෝ කකුල් දිගේ උඩට එනවා දැනිලා මං ගැස්සිලා වගේ ඇහැරුණේ..

“පිස්සුද දේශිත අයියේ..මොකද මේ..ය..න්න මගේ කාම..රෙන් එලියට..”

ඇදෙන් බිමට පනින ගමන් මං එහෙම කිව්වේ හිතේ ඇති වෙච්ච බයටමයි..ලොක් කරලා තිබුණ දොර මේ මනුස්සයා කොහොම ඇරගත්තද මන්දා..

“තමුසේ අයිති මට විමූ..තමුසේ ආදරේ කලේ මට..එහෙම කරලා මෙහෙට වෙලා අරූ එක්ක මගුල් නටන්න ලැජ්ජ නැද්ද..”

“ලැජ්ජ නැති වැඩ කලේ මං නෙවෙයි අයියේ..ඔයා..මට මහමෙරක් තරමට බලාපොරොත්තු දීලා මාව අතරමං කලේ ඔයා..මං කොච්චර විදෙව්වද කියලා දැන දැනත් මං ඉස්සරහම වෙන කෙනෙක්ව කසාද බැන්දා..ඒ හැමදේටම මමද වැරදි..”

“මොනවා වුණත් කමක් නෑ..තමුසේ මාව අමතක කරන්න බෑ..එච්චරයි..මං ඉන්නකං තමුසේ මගේ ලග ඉන්න ඕනේ..එහෙම නොවුණොත් සමිදිත් හොදින් ඉන්න එකක් නෑ..”

“මොනවද මේ කියන කතා..තමුන් මට කියන්නේ තමුන්ගේ හොර ගෑනි වෙන්න කියලද..මේ අහනවා..මං මැරුණත් ඒක වෙන්නේ නෑ..තවත් ලැජ්ජාවක් නැතුව මගේ ඉස්සරහම ඉන්න තමුන් පිරිමියෙක්ද..මං මේ ඔක්කොම කියනවා..හැමෝටම..තමුන්ගේ මේ වෙස් මූණ මං ගලවනවා..සමිදි වුණත් ඉන්නේ සතුටෙන් නෙවෙයි..ඒ කෙල්ලට වුණත් මේ ලැජ්ජ නැති වැඩ දරාගන්න බැරුව ඇති..”

“අරූ එක්ක පෝරුවේ නැගලා මගුල් කන්න වෙන්න ඇති හිතන් ඉන්නේ..බලපන් එහෙනම් මං අද ඔය ලොකුකම් නැති කරන හැටි..”

මං මහ හයියෙන් කෑගහද්දිම දේශිත අයියා මාව ඇදට තියලා තදකර ගත්තා..ඒ පිරිමි අත් එක්ක හැප්පෙන්න තරම් හයියක් මට නෑ..ඒත් මං මට පුලුවන් උපරිමෙන් උත්සහ කලා..කෑගැහුවා..දත් වලින් ඒ අත් හැපුවා..දිගට ලස්සනට වවලා තිබුණ මගේ නියපොතු වලින් පිට හීරුවා..ඒත් ඒ කිසිම දේකින් වැඩක් වෙන්නේ නැති තරමට ඒ පව්කාරයගේ ආශාවන් ඉවවහා ගිහින් තිබුණා..අන්තිම තත්පරේ වෙනකම් මං පුලුවන් විදියට සටන් කලා..

“ඒන්ජල්..මේ දොර අරිනවා…ඒන්ජල්..”

“අනේ රශිත් මාව බේරගන්න..දෙයියනේ..”

මගේ කෑගැහිල්ල රශිත්ට ඇහුණ බව නම් විශ්වාසයි..ඒත් තවත් කෑගහන්න ඉඩක් තියන්නේ නැතුව දේශිත අයියා අතකින් මගේ කට වහගත්තා..රශිත් තාමත් එලියේ ඉදන් මට කතා කරනවා..මට දැන් තියන එකම පිලිසරණ රශිත් විතරයි..එයත් ගියොත් මගේ ආත්මෙම මෙතන ඉවරයක් වෙලා යයි..

❤️❤️❤️❤️❤️❤️❤

93 thoughts on “සිහින සිත්තරාවී | තිස්දෙවන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. Sandu (kandy girl)

      සුබපැතුම් නිශූ මැණික ..
      ????????????
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Sandu (kandy girl)

        අපොයි.?????.ලස්සනට රටාවක් හදලා දැම්මා ඇපලුයි දොඩමුයි…..ඒක සැලඩ් වෙලා නේ වැටිලා තීන්නේ..??

        1. අනේ අනේ මගේ සඳවතියේ …???

          කමක් නෑ ඉතින් …
          තැන්කූ හොදද …???

          1. Chuuti manike

            සුබ පැතුම් සුදු අක්කියෝ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. තේජා අක්කියෝ ….

    නිකමට ඇප් එකට ආවම කතාව තියනවා දැකලා කියවන්න හිතුණා …දැන් නම් කමෙන්ට් එකක් නොදා යන්නම බෑ අප්පා ….

    මුලින්ම කියන්න ඕනි මං දේශිත ගැන පොඩ්ඩක් හරි සාධාරණව හිතාගෙන හිටියා නම් ඒ ඔක්කෝම අදින් නිමයි… ආයේ කිසිම අනුකම්පාවක් නෑ එයාට … ජරා මිනිහා…???

    පව් අර කෙල්ල බඩකුත් තියාගෙන දුක් විදිනවා නේද … දේශිත සමිදිට ආදරේ කරලාම නැද්ද මන්දා .. අඩු ගානේ එන්න ඉන්න පැටියාටවත්…

    අම්මෝ..දේශිත ඇස් වලින් කෙල්ලව පුච්චනවා. රශිත් නම් වචන වලින් ම දෙනවා නේද රිදෙන්නම.. හොද වැඩේ දේශිතට… ?? එයා එහෙම කිව්ව එකත් හොදයි කියලා හිතුණා මට .. එතකොට දැනගන්න ඇති නේ කෙල්ල තනිවෙලා නෑ කියලා …

    රශිත් සමිදි ගැන හිතලා හරි කෙල්ලව අරූගෙන් බේරගත්තොත් හොදයි… මොනා වුනත් එහෙම හරි කෙනෙක් එහෙ කෙල්ල වෙනුවෙන් ඉන්න එක වටිනවා ….

    ඒත් මේ ජරා මනුස්සයා …???
    ඇයි දෙයියනේ … සීමාවක් නැද්ද ආසාවේ.. බැදලා දැන් පොඩ්ඩෙකුත් එන්න ඉන්නවා … මුට මාර අමාරුවක්නේ තියෙන්නේ … කෙල්ලගෙන් පලිය ගන්න හදන්නේ හරියට කෙල්ල වැරැද්දක් කලා වගේනේ ….??????

    අනේ රශිත් ඇතුලට ආවොතින් හොදයි .. නැත්නම් කෙල්ල මොනා කරන්නද. දේශිතගෙ තිරිසන් ආශාවන් වල ගොදුරක් වෙනවා එයාත්..
    අනේ අක්කියෝ … රශිත් නම් දුෂ්ටයෙක් කරන්න එපා හොදද … මුලින්ම දෙනෙත් … ඊට පස්සේ දේශිත … දෙන්නම ආදරේ දීලා කෙල්ලව රැවැට්ටුවේ.. කෙල්ලව රිද්දුවේ.. ඒකනේ තව කොල්ලෙක්ට ලං වෙන්න බැරි විදියට කෙල්ලගේ හිත රළු වෙලා තියෙන්නේ ….

    ඉතින් අක්කියෝ … මාවනම් එහෙම පිටින් ම කතාවට ඇබ්බැහි කරගෙන අක්කී … දවසින් දවස හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා ඉවර කරනවා …
    අද නම් කියෙව්වා වැඩී.. අම්මා නැති නිසා මං මේ ෆෝන් එක අතට ගත්තේ… ඒත් ගොරවනවා අප්පා ….

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම අක්කියෝ ….

    1. Nithu ?❤️

      සන්කල්ප ඔයා අලුත් කෙනෙක්ද… ඔයාගෙ විස්තර ටිකක් කියන්නකෝ අදුන ගන්න… ??

    2. කොහොමද ඔයාට sankalpa ….❤️

      ඇත්තටම හිතාගන්න බෑ බෝලේ ඔයා කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා … ඒකයි එහෙම කීවේ….

      ඔයා අලුතින් ද…
      කිකියන්නකෝ විස්තර ඉතින් …..???

        1. R_s_Th_A(නිම්? )

          සන්කලපා නංඟියා කෝමද ඉතිම්?
          සාදරයෙන් පිලිගන්නෝ ඇෆ් එකට☺️☺️

  2. මං ඊයෙ හිතුව වැරදියිනෙ ?.දේශිත එක්ක එන්නෙ සමිදිම තමයි.
    සමිදි පව්.ඒ කෙල්ලත් හිතින් විදවනව ඇති.?ඒ කෙල්ලට දරුවෙක් ලැබෙන්න ඉද්දිත් දේශිතගෙන් හරියට ආදරයක් නොලැබෙද්දි, දේශිත වෙන කෙල්ලො ගැන හිතද්දි සමිදි මොකොම දරාගන්නද.?

    මොකක්ද දෙයියනේ මේ වෙන්නෙ.?අර දේශිත නම් මහ මොකෙක්ද මන්ද?මෙච්චර දවස් මොනා වුනත් දේශිත ඔච්චර තිරිසනෙක් කියල හිතුවෙ නෑ.අනේ ඇත්තට මට එන තරහ.දේශිතගෙ කනට එකක් දෙන්න හිතෙනව.දේශිත නම් මහම මහ තිරිසනෙක්.ඒ හිකනලා මොනාද දන්නෙ නෑ කෙල්ලන්ගෙ ජීවිත ගැන හිතන් ඉන්නෙ.?කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩු කියලද දන්නෙ නෑ හිතන්නෙ.?මුලින් පෙන්නපු හොඳ මූණ ගැන හිතද්දි නම් හොඳට රඟපාන්න පුළුවන් කියල නම් තේරෙනව,අනිත් මිනිස්සුන්ව රවට්ටන්න.????????????
    අනේ විමූ කෙල්ලව බේරගන්න රශිත් එයි නේද.?මොනා වුනත් අද කොටස කියවද්දි නම් මට රශිත් ගැන ලොකු පැහැදීමක් ඇති වුනේ.රශිත් නොකිව්වට එයා විමූ ගැන හිතනව,විමූට කැමතියි.
    අනේ රශිත් ඇවිත් අර දේශිතට කන පුරෝල පාරක් දෙන්න තියෙන්නෙ.?ඇත්තමයි ????????????????????????????

    නෑ මං මුකුත් කියන්නෙ නෑ.මොකද තව ඔය ගැන හිතන්න ගියොත් මට නැති ලෙඩත් හැදෙනව.

    කතාවෙ ඊලඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව.
    අර දේශිත කියන හිකනලාට හොඳ පාඩමක් උගන්නන්න ඕන.????

    අදත් කතාව ගොඩක්ම ගොඩක් ලස්සනයි අක්කියො???
    පරිස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි??

      1. ❄️?⃝ Hima ❄️᭄ꦿ

        හොදින් ඉන්නෝ රස්ත මල්ලෝ …කාලෙකින් තමා ආවෙ මේ පැත්තෙ ???

    1. හිමා කියන්නේ අක්කියෙක් ද .. මං හිතන්නේ එහෙම වෙන්න ඇති …??

      කොහොමද ඉතින් ඔයාට ….???

      1. R_s_Th_A(නිම්? )

        නිතූ අක්කියා?
        කොල්ලහ් සැෆේ ඉන්නෝ අක්කියෝ☺️
        අක්කිට කෝමද?

      1. හපොයී …. වස ලැජ්ජාවයි ….??
        ලස්සන නෙවෙයිනේ …
        හැන්ඩ්සම් වෙලා නේද …???

        1. R_s_Th_A(නිම්? )

          ඔය අපේ සියා ඉන්නෙ අක්කියෝ??
          එයා කීවා තැම්කූ කියන්න කියලා?? ?♥️

  3. අද නම් කලින්ම යන්න වෙනවා වගේ මට …
    කරන්ට් එක නැති නිසා පාඩම් කරන්න බෑ කියලා අම්මට කියලා මේ පැත්තේ ආවේ…??

    ඒත් ටිකක් සනීප මදි වගේ අද..
    මං ගිහින් එන්නම් හොදද ….

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….❤️❤️❤️

    1. නිතූ මැණික,ඔයාට තාම අසනීප අඩු නැද්ද
      එහෙනම් පාඩම් කරල දොයියගන්න නංග??????

      සුබ රාත්‍රියක් ඔයාටත්❤❤❤❤
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්
      තෙරුවන් සරණයි??

    2. Chuuti manike

      අනෙ මගෙ අක්කියෝ අක්කි ට සනීප නෑද.මගෙ සුදු අක්කි ට ඉක්මනට සනීප වෙන්න ඕනී..??????????
      සුදු අක්කි ත්ත් බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? මේ චූටියා උම්මාමාමාමාමාමාමාමාමා ???????????

    1. R_s_Th_A(නිම්? )

      හංසි අඩ්ඩෙහ් ඔයැයි අක්කියෙක්ද නංගියෙක්ද කියලා මතක නැහැනි මට??

        1. R_s_Th_A(නිම්? )

          කොල්ලහ් සැෆේ ඉන්නවා නංඟියා.??
          ආහ් මූණ දැකලා බය උනේ ඒම නැහැනි නේද?
          ඔයැයිට කෝමද ඉතිම්?

          1. Chuuti manike

            ආපෝ නෑ බයනම් උනෙ න්හ්..????
            මාත් ඉතින් ඉන්නො..?

    1. Chuuti manike

      මුලින්ම කියන්නම් මන් කලින් සින්ඩරෙල්ලා කියලා ආවෙ…හලිද
      මෙකෙ මොකක්ද මන්දා අන්ජකොරිස් එකක් උනා මොනා කරත් හරි ගියෙ න්හ්..ඊට පස්සෙ අලුතින් හැදුවාම ආවෙ හලිද්.?????

        1. Chuuti manike

          බලන්න කො අක්කියෝ මට උන වැඩක් පැය 2 ක් විත්‍ර මේක හැදුවා..

      1. R_s_Th_A(නිම්? )

        නංගිට ලොග් වෙන්න පාස්වර්ඩ් එක අමතක උනා නේද??
        මටත් අනන්තවත් ඕක වෙලා තියෙයි?

  4. R_s_Th_A(නිම්? )

    Gm දඟ සැට් එකට??♥️??
    Gm ලොකු අයියේ♥️??
    ඔන්න කස්ටියම ෆරිස්සමට සැෆෙම් සතුටි ඉන්නලා හොඳේ☺️
    අසනීෆ කාරයෝ ටිකට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනෝ ඔන්න☺️☺️ ?

    බුදු සරණයි ෆෙන්??
    Love u all♥️♥️♥️

  5. Good morning මගේ දඟ පව්ලේ හැමෝටම ❤❤❤❤
    Good morning ලොකු අයියේ ❤❤❤
    අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනට සනීප වෙන්න ඕන….
    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???
    ආදරෙයි ගොඩාරියක් ??????????????????????????????????

    1. R_s_Th_A(නිම්? )

      ආහ් පියූ අක්කියා?
      කෝමද ඉතිම් ගොඩ දවසකිනි දැක්කෙ අක්කියව☺️
      සැෆේ ඉන්නෝද?

          1. ඉන්නව ඉතිම් මැණික ?
            ඔයාට කොහොමද

  6. තේජා අක්කියෝ …….සමා වෙන්න මේ නන්ගට අද අක්කිලා දෙන්නටම Comment එකක් දාන්නම් කියලා ආවේ කොහෙද මේ වෙලාව ඒකට හරස් උනානේ….ඉමා අක්කිගේ කතාවට ccomment එකක් දානකොට වෙලාව ඉවරයි …..මන් හෙට අඅක්කිගේ කතාවට Comment එකක් දන්නම් හොදද අක්කියෝ ……අක්කිගේ කතාවේ තව කොටස් දෙකක් විතර තියෙනවා කියවන්නත් ………සොරි වෙන්න ඕනේ හොදද අක්කියෝ ???????

  7. .. Ane තේජා අක්කියෝ මොනාද අෆ්ෆා ඔයා මේ කරන්නේ අරු බැදලත් මගුල් විසේ නම් තාම ගිහින් නැ තිරිසනා….
    අර කෙල්ලනම් කොහොම හරි බෙරෙය් එත් කච කාචය එයාව වැරදියට තේරුම් ගනීද දන්නේ නැ.
    මොන නැතත් කතාව ලස්සනයි. ❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.