Katha Ahura

සිහින සිත්තරාවී | දහසයවන කොටස | නවකතා | කතා අහුර රචක

4/5 - (2 votes)

“ඔය ළමයා මෙහේ ඉන්න..හෙට උදේම මං ගෙදර ගිහින් දාන්නම්..අම්මලට විස්තරේ කියන්න පුලුවන්නේ..”

චේතියගේ අම්මගේ ඒ වචන වලට නම් මට දැණුනේ සහනයක්..අපේ අම්මා වුණත් බය වෙන එකක් නැහැ එහෙම වුණොත්..ඒත් අද රෑ මෙහේ ගෙවා ගන්න එපැයි..පිට තැනක ඉදලම නෑ අම්මලා නැතුව..අද ඒකත් කරන්න වෙලා..

සේමිණී ආන්ටි..ඒ කියන්නේ චේතියගේ අම්මා මාව එක්කගෙන ආවේ ලොකු කාමරයක් ලගට..ඇදක්,අල්මාරියක් එක්ක කණ්ණාඩි මේසයක් විතර තිබුණ කාමරේ පිළිවෙලයි..මගේ අම්මේ..ඇදේ පස් දෙනෙක්ට විතර නිදා ගන්න පුලුවන්..එච්චර ලොකුයි..

“ඇදුම් නෑනේ නේද දරුවෝ..මගේ ඇදුමක් දෙන්නං..රෑට විතරයිනේ..දොර ලොක් කරගෙන නිදා ගන්න..”

“හරි ආන්ටි..තැන්කියු..”

ඇගත් හෝදගෙන ආන්ටි දුන්න ඇදුමත් ඇදන් ඇදට ආවත් නින්ද එන්න නම් ටිකක් පරක්කුයි වගේ..අම්මලට විස්තර කියලා කෝල් එකක් දුන්න නිසා බය නෑ..ඒත් එයාලා හරි විස්තරයක් නොදන්න නිසා හිතේ ගින්දරෙන් ඇත්තේ..පව්..අම්මා කල්පනා කරනවා ඇති..කොහොමත් එයා එහෙමනේ..කල්පනා කර කර ඉද්දිම මට නින්ද ගිහින් තිබුණා..උදේ සේමිණී ආන්ටි දොරට තට්ටු කරන සද්දෙට තමයි ඇහැරුණේ..සැප මෙට්ටෙක නිදා ගත්ත හින්දද කොහෙද කිසිම අමාරුවක් නෑ ඇගට..

උදේ තේ බීලා..මූණ හෝදගෙන ආන්ටි එක්කම පහළට ආවේ ගෙදර යන්න..තනියම යවන්නේ නැතුව ආන්ටි එන එක නම් හිතට හයියක්..ඇත්තමයි..මෙහෙම මිනිස්සු අද සමාජේ අඩුයි..කෙනෙක්ට කරදරයක් වුණාම අහක බලන මිනිස්සු අතරේ සේමිණී ආන්ටිලා දෙවිවරු වගේ..

“චූටි පුතා..එන්නකෝ ළමයෝ..පරක්කු වෙනවනේ..”

“චේතිය අයියා නෙවෙයිද ආන්ටි අපි එක්ක යන්නේ..”

“අනේ නෑ දරුවෝ..මගේ පොඩි පුතා..ඊයේ එයා ගෙදර එනකොට රෑ වුණා..ඔයා නිදි ඒ වෙලාවේ..”

“ආහ්හ්..එහෙමද..”

චේතිය වගේ නොවී ටිකක් හොද වුණොත් හොදයි..නැත්තං යනකම්ම ගොරව ගොරව ඉදී..අයියයි මල්ලියි දෙන්නම එක වගේද දන්නේ නෑ..අම්මා වගේ වුණා නම් මොකද වෙන්නේ..කාගේ ගති ගුණද මන්දා..

“හායි..ගුඩ් මෝනින්..”

“ගුඩ් මෝනින්..”

“ඔයා වෙන්න ඕනේ විමංශා..”

“ඔ..ඔව්..මම තමයි..”

“ඕහ්හ්..නයිස් ටු මීට් යූ..මම දේශිත..චේතියගේ මල්ලී..”

චේතියගේ පාටක්වත් ගෑවිලා නෑනේ..දෙන්නා අහසයි පොළවයි වගේනේ..චේතිය පරඩැල වගේ හිටියට මල්ලී ඉන්නේ මේ හැන්ඩියා වගේ..මූණ පුරා වැවිලා තියන රැවුල ජිම් ගිහිල්ලද කොහෙද හදාගෙන තියන ඇග ඇස් වල තියන හිතුවක්කාර බැල්ම..අම්මෝ..කෙල්ලෝ ඇති හතර වටේම..ඕනම කෙල්ලෙක් පිස්සු වැටෙනවනේ..

ඒ එක්කම මතක් වුණේ දෙනෙත්ව..මං ගැන මොනවා හිතුවද දන්නේ නෑ..හම්බෙලා හැමදේම කියන්න ඕනේ..එයා මාව තේරුම් ගනී..කොච්චර තරහ වුණත් එයාට බෑ මං නැතුව ඉන්න..දෙනෙත් ගැන මතක් වෙද්දී මූණට ආවේ හීන් හිනාවක්..

“කවුරු මතක් වෙලාද මේ හිනා වෙන්නේ..”

“න්…නෑ අයියේ එහෙම මුකුත් නෑ..”

“කෙල්ලෙක් එහෙම නිකං හිනා වෙන්නේ නෑනේ..මොනවම හරි මතක් වෙන්න ඇති..බෝයි ෆ්‍රෙන්ඩ්වද..ආහ්හ්..”

“හ්ම්ම්..ඔව්..”

දේශිත අයියා ඉස්සරහ බොරු කියන්න මට ඕනේ වුණේ නෑ..සේමිණී ආන්ටි පොඩි වැඩකට කියලා ආයෙත් උඩට ගිය නිසා අපි දෙන්නා එළියට වෙලා කතා කර කර හිටියා..දෙනෙත්ව දැකපු පළවෙනි දවසේ ඉදලා ඊයේ වෙනකම්ම වෙච්ච හැමදේම මං දේශිත අයියා එක්ක කිව්වේ අවුරුදු ගාණක ඉදන් ඉන්න යාලුවෙක් එක්ක කියන වගේ..

“කෙල්ල දෙනෙත්ට ගොඩක් ආදරෙයි වගේ..”

“හ්ම්ම්..මගේ පළවෙනි ආදරේ..පොඩි පොඩි රණ්ඩු තිබුණට එයත් මට ආදරෙයි..”

“බය නැතුව ඉන්න..හැමදාම සතුටින් ඉන්න ලැබෙයි..”

ආන්ටි ආව නිසා  කතාව නතර කරන්න වුණත් ඒ වෙනකොටත් අපි දෙන්නා හොද යාලුවෝ වෙලා ඉවරයි..මග දිගටම මං කලේ වාහනේ නිදා ගන්න එක..ආන්ටි නම් දේශිත අයියා එක්ක කතා කර කර යනවා නින්දෙන් වගේ මට ඇහුණා..හැබැයි ඒ කතාවට සම්බන්ධ වෙනවට වඩා මට නින්ද වැදගත් වුණා..මොකද වාහන වල යනකොට වමනේ යන එකෙන් බේරෙන්න මං බෙහෙතක් විදියට පාවිච්චි කලේ නින්ද..එතකොට ප්‍රශ්නයක් නැතුව යා ගන්න පුලුවන්..

මගදී අපි වාහනේ නතර කලේ මොනව හරි කන්න කියලා හිතාගෙන..උදේ එද්දිත් කාලා ආවේ නැති නිසා තුන්දෙනාම හිටියේ බඩගින්නේ..පාර අයිනේ තිබුණු පොඩි කඩයක් වුණ එතනින් ආව සුවදට තවත් බඩගින්න වැඩි වුණා..

“චූටි පුතා..නංගි එක්ක ගිහින් මොනව හරි ගේන්න..මං වාහනේම ඉන්නම්..”

දේශිත අයියත් මමත් කඩේ ඇතුළට ගියේ කන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව..අයියා තෝසේ ඕඩර් කරපු නිසා අපි ඕඩර් එක එනකම් පැත්තකට වෙලා හිටියා..ඒ එක්කම වගේ කඩේ ඇතුළට මතු වුණ රෑපේ දැකලා නම් මං ගැස්සුනා..දෙයියනේ දෙනෙත්..සතුටත් එක්කම දුකකුත් ආවේ ඒ අතේ එල්ලිලා ඉන්න ගෑණු ළමයා දැකලා..මගේ වයසෙම වගේ කෙල්ලෙක් ඒ අතේ එල්ලිලා හිටියේ අයිතිය කියා පාන්න වගේ..මං දේශිත අයියට මුවා වුනෙත් ඒ දෙන්නා අපිව පහු කරගෙන ගියෙත් එකම වෙලාවේ..

ඇස් වලින් හෝ ගාලා කදුලු කැට වැටෙද්දී ඒවා නතර කරන්නත් මට ඕනේ වුණේ නෑ..මං බොරුවට හිත  කලබල කරගෙනද කොහෙද..දෙනෙත්ට නංගි කෙනෙක් ඉන්නවනේ..මේ එයා වෙන්න ඇති..දෙනෙත් මට බොරුවක් කරන්නේ නෑ..මටත් නොදැනීම දේශිත අයියගේ අතකින් අල්ල ගත්තේ හිතේ තිබුණ කැලඹීමත් එක්කමයි..

“මොකෝ මේ..ඒ…කෙල්ල ඇඩුවද..මොකද නංගී..කියනවකෝ..පිටිපස්සට වෙලා ඇඩුවද..”

“දෙ..දෙනෙත් ආවා..”

දේශිත අයියා දිහා බලාගෙන මං එහෙම කිව්වේ එයා කලබල වෙලා ප්‍රශ්න අහන නිසා..

“ඉතින් ආවා නම් කෝ..ඇයි ඇඩුවේ කියන්නකෝ..”

“එයා ආවේ වෙන කෙල්ලෙක් එක්කනේ..”

“මොකක්??”

“ඔව් අයියේ..කවුද කෙල්ලෙක් අතේ එල්ලිලා හිටියා..”

දේශිත අයියා මාවත් ඇදන් දෙනෙත්ලා ගිය පැත්තට ගියා..එයාලා කඩෙන් එලියට යනකම් පැත්තකට වෙලා පේන්නෙ නැති වෙන්න හිටිය අපි දෙන්නා එයාලට නොදැනෙන්න පස්සෙන් ගියා..

“අනේ..අයියේ..අපි යමු ආයේ..මෙහෙම පස්සෙන් යන්න ඕනේ නෑ..”

ඇත්ත පිළිගන්න හිතේ තියන බය නිසාමද කොහෙද මං එහෙම කිව්වේ..ඒත් දේශිත අයිය නම් මං කියන ඒවා ඇහෙන්නේ නෑ වගේ යනවා..අන්තිමේට අපි නතර වුණේ ගෙස්ට් හවුස් එකක් ඉස්සරහ..දෙනෙත් ඒ කෙල්ලවත් තුරුලු කරන් ගෙස්ට් හවුස් එකට යන විදිය දැක්කම නම් ඇගම පණ නැතුව ගියා..මං දෙනෙත් වෙනුවෙන් කොච්චර බලන් හිටියද කොච්චර කදුලු හැලුවද..ඒත් එයාට මං එක කෙල්ලෙක් විතරයි..මං මවපු හීන ඇස් ඉස්සරහම බොද වෙලා යද්දී අඩනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ..දේශිත අයියත් අසරණ වෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා..

“යමු අයි..යේ..ආන්ටි බලන් ඉන්නවා ඇති..”

“ඔයාට අඩන්න එපා කියන්න මට බෑ නංගී..ඒත් නොලැබෙන දේවල් වෙනුවෙන් අඩලා වැඩක් නෑ..ඔයා කොයි තරම් එයාට ආදරේ කලත් වැඩක් නෑ එයා ඔයාට ආදරේ නැත්තම්..දවසක හම්බෙයි..ඔයා ආදරේ කරන කෙනෙක් නෙවෙයි ඔයාට ආදරේ කරන කෙනෙක්..”

මගේ අතකිනුත් අල්ලගෙන යන දේශිත අයියා දිහා මං බලන් හිටියේ පුදුම වෙලා..නොකිව්වට එයාගේ හිතේ මොකක්දෝ දුකක් තියන බව නම් තේරුණා..තාමත් නතර නොවී වැටෙන කදුලු අනිත් අතින් පිහද ගන්න ට්‍රයි කලේ ආන්ටි බය වෙන නිසා..

32 thoughts on “සිහින සිත්තරාවී | දහසයවන කොටස | නවකතා | කතා අහුර රචක”

      1. Avi 1999 (kandy)?

        Congratulations නිතු මැණික ?? ??????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Sandali nithya

        මං නංගියෙක් අක්කි… මන් 2002 ??? ඔව් අක්කි මන් අලුත්… ??? කොකොහොමද හංසි අක්කියෝ… ❤️❤️❤️❤️

  1. Sandali nithya

    දෙනෙත් හොද කෙනෙක් නෙමේ නේද… ? ඒක විමංශා දැනගත්ත එක හොදයි… නැත්තම් බොරු බලාපොරොත්තු තියාගන්නවනේ දෙනෙත් ගැන… ? අද කාලෙ ගොඩක් පිරිමි ලමයි දෙනෙත් වගේ තමයි… හොද අයත් ඉන්නවා… හැබැයි ගොඩක් අඩුවෙන්… ?

    දේශිත හොද යාලුවෙක් වෙයි විමංශාට…? චේතිය ගැන කතාවක් වත් තිබුනේ නෑනෙ අප්පා… ? ඉක්මනට විමංශාව චේතියට සෙට් කරා නම් හරී… ????

    කතාව අදත් හරි ලස්සනයි තේජා අක්කි… ??? පරිස්සමින් ඉන්න… බුදුසරණයි ❤️❤️❤️❤️

  2. කතාව ලස්සනයි.❤️
    විමූ,චේතිය,දේශිත ?අනේ මන්ද ඉස්සරහට මොනාවෙයිද කියලා.කතාවෙ ඊලග කොටස දානකන් බලන් ඉන්නවෝ

  3. Sandu (kandy girl)

    තේජෝ..

    ඔයා කාවද සෙට් කරන්න හදන්නේ විමූට.. දේශාන්වද චේතියවද…??? දෙන්නම හොඳයි.. කවුරු සෙට් කරත් විමූට ආදරේ ලැබෙයි.. ඇත්තටම අපි ආදරේ කරන්න ඕනී..ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ අපි ආදරේ කාටද කියනවට වඩා අපිට ආදරේ කවුද කියලා තේරුම් අරන් ම ආදරේ කරන එක..

    චේතියගේ හිතේ විමූ ගැන ආදරයක් ඇති වෙලා නේද.. දේශාන්ගෙ හිතේ ඒම එකක් නෑ වගේ..කොල්ලා මිත්‍රශීලී කොල්ලෙක්..විමූට හොඳ සහෝදරයෙක් වෙයි.. අපි මේම හීන දැක්කට ඔහේ වෙන කොහේ හරි ඉන්න එකෙක් යාලු කොරයිද දන් නෑ නේහ් විමූට…?????

    ..අනී මන්දා ඒයි මට නිශූගෙ කතාවෙයි මේකෙයි චරිත පැටලෙනෝ. තව බියූගෙ කතාවෙයි ඔයාගෙ කතාවෙයි නම් දෙක පැටලෙනෝ..????????අන්තිමට කතා තුනම ඔලුව අස්සෙ ජෑම් වෙනෝ. කව්ශාලුයි චේතියයි දෙන්නම හිද අය නෙ..කමක් නෑ ඒ නිසා..☺️☺️☺️

    අර සමරසිංහයා ගැන නම් කතා කරන්න එපා..අනිවා ඕකා කෙල්ලව ගණිකා මඩමකට විකුනනන්න තමා හංගන්න ඇත්තේ.. ඔය වගේ තව කෙල්ලො කීයක් නම් විකුණන්න ඇද්ද…??????

    දෙනෙත් .. ඌ ඊට වහු කුනෙක්.. ඌට ඕනි කෙල්ලො එක්ක රූම් යන්න මිසක් හදවතින් ආදරේ කරන්න නෙවේ.. කාලකණ්ණියා.. ඌ වගේ ජරා තිරිසන්නු මට නම් පේන්න බෑ. හොඳක් නම් වෙන එකක් නෑ ඌට..????

    නංගෝ..අද කොටසේ පොඩි දෙයක් තිබ්බා.. ඔයා ඊයෙ කියලා තිබ්බා පෝන් එක චාර්ජ් නෑ ගෙදර නම්බර් මතක නෑ කියලා… අද කියලා තිබ්බා ගෙදරට සේරම විස්තර කියලා තිබ්බ නිසා කියලා කොටසක්.. ඒ දෙක අතර සම්බන්ධය ඔයා පැහැදිලිව පාඨකයාට දීලා නෑ.. මං කීවේ ඒ සිදුවීම් අතරට පෝන් එක චේතියගෙ ගෙදරදි චාර්ජ් කරන් අම්මලට කෝල් කරා කියලා කීවා නම් හොඳයි කියලා..වැරද්දක් නෙවේ ඒක.. මට හිතුනා ඒම තිබ්බා නම් කතාව හොදට ගලාගෙන යනවා කියලා.මෙතනදි ටිකක් හැප්පිලා වගේ දැනුණා..

    වෙන නම් කිසි අඩුවක් වැරද්දක් නෑ අද එපියේ.. ඔයා මටත් වඩා සිත්ග්න්න විදියට කතාව ලියලා තියේ නංගා.. බාශාවත් හොඳට තියේ..එක හුස්මට කියවන්න තරම් ආස හිතෙනෝ..

    මේ වගේ කතා ගොඩක් ලියලා දෙනවා නේද ඉස්සරහට අපිට බලන්න..??.

    මේ හැකියාව තව තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා..

    බුදු සරණයි ..

    1. Theja kaushi

      අම්මෝ..කමෙන්ට් එක කියවලා මට මහන්සි අප්පා..කමක් නෑ..ඒ වුණාට අක්කේ මං ඔයාට ගොඩක්ම කැමති ඇයි දන්නවද..ඕනේ වැරැද්දක් ඔයා ලස්සනට පැහැදිලිව පෙන්නලා දෙනවා..ආයේ ඒක නොකරන්නම මතක හිටින විදියට..බොහොම ස්තූතියි අක්කේ..??❤️❤️

  4. ශේනූ

    අපොයි දෙයියනේ චේතියව විමංශාට සෙට් වෙයිද කියලා හිත හිත ඉද්දි මේ මොකද්ද වුණේ චේතියගේ මල්ලි දේශිත කෙනෙක් ආවානේ. මොනවා වුණත් කොල්ලා නම් ඉක්මනට විමංශා එක්ක ෆිට් වෙලානේ. දේශිත ආදරේ කරයිද දන්නේ නෑ විමංශාට. දෙනෙත් හොඳයි කියලා හිතුවට. ඒකා දැන් සමරසිංහටත් හපන් වගේ නේද. විමංශා බේරුණ එක ගැන සතුටු වෙන්නයි තියෙන්නේ. නැත්නම් විමංශාගේ ජීවිතෙත් ඉවරයි. ⁣වෙලාවට ඔහොම හරි ඇත්ත ඇස් දෙකටම දැක්කේ.
    තෙරුවන් සරණයි..

  5. Avi 1999 (kandy)?

    උන්මාද සිතුවම් මැවේ බිදේ
    මිහිදුම් වලා මැද අතීතයේ
    බිදුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවෙවි එක්ටැම් ගෙ

    අනන්ත සයුරේ බියකරු දිවි දියඹෙ
    පාලු හුදෙකලා සුළග පමණි උරුමේ
    කඩා හැලෙන සිත සදා සරණ මට
    තනිවේවි එක්ටැම් ගෙ

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැගව ගියේ
    දැනේ තවම මට මලේ සුවද පොද තනිවෙවි එක්ටැම් ගෙ ???

  6. Avi 1999 (kandy)?

    තේජා අක්කියො අනෙ අද කොටස ටිකක් දුකයි අප්පා ??.. ඒ වුනාට විමු දෙනෙත්ගෙන් බේරුන එක ලොකු දෙයක් .. නැත්නම් විමු එයා නිසා අමාරුවෙ වැටෙන්න වුනත් ඉඩ තිබ්බා.. ඒ ගැන හිතෙනකොට නම් ගොඩක් සතුටුයි…. කොහොම හරි විමු ඇත්තටම දෙනෙත් කවුද කියලා අදුනගත්තනෙ.. එහෙම ඇස් පනාපිටම තමන් ආදරෙ කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඔහොම ඉන්නවා දකිද්දී ඒ දැනෙන වේදනාව කියන්ට තේරෙන්නෑ තමා ඒ වුනාට එහෙම වුනෙ තමන්ගෙම හොදට කියලා හිත හදාගෙන ශක්තිමත්ව ඉන්ට පුළුවන් නම් ගොඩක් වටිනවා … විමු එහෙම හිතලා හිත හදාගයි නේද ?? නැත්නම් දෙනෙත් ගැනම හිත හිත දුක් වෙයිද දන්නැ ??

    අපෝ දෙනෙත් වගෙ කොල්ලො නම් ඕනි තරම් ඉන්නවා අපි අතර.. කොල්ලො විතරක් නෙවෙ කෙල්ලොත් ඉන්නවා… ඒ අතින් දේශිත ,චේතිය වගෙ හොද කොල්ලොත් ඉන්නවා .. මට හිතෙනවා දැන් චේතිය නෙවෙ දේශිත, විමු දෙන්නා කතාවෙ ඉස්සරහට ආදරවන්තයො වෙයි කියලා ??.. දේශිත හොද කොල්ලෙක් කියලා මට හිතෙනවා .. අපි බලමුකො ඉස්සරහට කතාව කියවලම ??

    කතාව නම් සුපිරි අක්කි ගොඩක් ලස්සනයි … අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි අක්කිට ???

  7. තේජා අක්කියෝ ????

    මුලින්ම මට සමා වෙන්න අක්කියෝ මට දැන් දවස් දෙකක් විතර comment කරන්න බැරී උනා ….

    අක්කියෝ ඔයා විමූට කරදරයක් කරපු නැති එක නම් ලොකු දෙයක් ….
    අක්කියෝ ඔයා මේ පාර විමූට setකරන්න යන්නේ කාව්ද… ???

    දේශිත ද චේතිය ද …කවුරු set කරත් කමක් නෑ අක්කියෝ හැබැයි කෙල්ලට හොදට ආදරේ දෙන්න පුළුවන් කොල්ලෙක්ව set කරන්න හරිද අක්කියෝ ???

    දෙනෙත් ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතින් …මොනවා කියලා කියන්නද එයා ගැන ….???
    මට් නම් දෙනෙත් වගේ අයව පේන්න බෑ ..දකිනකොට උස්සලා පොලවේ ගහන්න හිතෙනවා ..වැඩේ කියන්නේ මට ඒක කරන්න බැරී එකනේ.. ???
    ඉතින් හැමදාම වගෙ කතාව නම් ලස්සනයි මගේ අක්කියෝ ???

    ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ ???❤️❤️❤️

  8. තේජා අක්කියෝ ….

    මං කිව්වේ නැද්ද අක්කිට මං මුකුත් අ කියන්නේ නෑ කියලා … ඕන් බලන්නකෝ තව එක්කෙනෙක් ඒ පාර ….???

    චේතිය හොදයි … දේශිත හොදායි වගේ මට නම් හිතන්නේ …. විමූට හරියන්නේ ඒ වගේ කෙනෙක් තමයි නේද …විමූව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ….

    සර් කාරයා ට හපන් දෙනෙත් … ජරාම ජරා මනුස්සයෙක් … එයා වගේ කෙල්ලෙක්ගේ පිට පොත්තට ළං වෙන කෙනෙක් විමූගේ ජීවිතෙන් ඈත් වුනු එකමයි හොද … නැත්නම් කෙල්ලට වෙන්නේ ජීවිත කාලෙම දුක් විදින්න ….

    ඒ අතින් පව් විමූ … කොච්චර තමන්ට වේදනා දුන්නත් දෙනෙත්ට තිබ්බ ආදරේ චුට්ටක් වත් අඩු කලේ නෑනේ …

    චේතිය උනත් දේශිත උනත් කමක් නෑ … දෙන්නගෙම වැරැද්දක් පේන්නේ නෑ …

    මට පුංචි සැකයක් තියනවා කෙල්ල නිසා අයියා මලෝ අතරේ යුද්ධයක් වත් තියේවිද කියලා … අනේ එහෙම නම් වෙන්න එපා …???

    ඉතින් අක්කී වෙනදා වගේම අදත් කතාව ගොඩක් ලස්සනයි ….

    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    1. Theja kaushi

      යුද්ධයක් ගැන නම් මාත් තාම කල්පනා කලේ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ??

  9. .කතාව ලස්සනයි හොදේ එච්චරයි කියන්නේ. ඊලග කතාවේ කමෙන්ට් එකක් දාන්නම්. Ok

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.