Katha Ahura

සිහින සිත්තරාවී | විසිනවවන කොටස | නවකතා | කතා අහුර රචක

4/5 - (1 vote)

උදෙන්ම නැගිටලා ඉක්මනින් ලෑස්ති වුණේ කෝස් එකේ පළවෙනි දවසේ වේලාසන යන්න ඕනේ නිසා..ඒත් මොන කරුමයක්ද මන්දා මට කවදාවත් නැතුව වැඩි වෙලාවක් නින්ද ගියා..සීතලට නැගිටින්න හිතෙන්නෙම නෑ..ලෑස්ති වෙලා අයියටත් මැසේජ් එකක් දාලා සාලෙට ආවට කවුරුවත් පේන්න නෑ..

“ගුඩ් මෝනින් ඒන්ජල්..”

“ගුඩ් මෝනින් රශිත්..කොහේ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නේ..”

“ඔයා යන තැනටම තමයි..”

“මොකක්..”

ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරන් මං එහෙම ඇහුවේ ගෙදර මදිවට එතනත් මේ වදේ විදින්න වෙයිද කියලා හිතන ගමන්..

“ඔයා කෝස් එක කරන තැනම තමයි මමත් කරන්නේ..මැනේජ්මන්ට්…දැට්ස් වයි අයිම් ගොයින් විත් යූ..”

පෙර පව් පල දෙන්න ගත්තම අන්තෙටම එපා වෙන විදියට පල දෙනවා..මේකත් එහෙම එකක්ද කොහෙද..මදැයි ඉතින් ඉගෙන ගන්න එකවත් නිදහසේ කරන්න හැදුවා..ෆෝන් එක රින්ග් වුණ නිසා ගෙදරින් වෙන්න ඇති කියලා මං ඉක්මනට බෑග් එකෙන් ෆෝන් එක ඇදලා ගත්තා..අනේ දෙයියනේ දේශිත අයියා..වට්සැප් එකටත් ඇඩ් වෙලා..ඉස්සරහට යන්න හිත හදාගද්දිම එයා කරන්නේ මාව පස්සට අදින එක..ඒ ආදරේ අමතක කරන්න බැරුව දුක් විදපු තරම දන්නේ මං විතරයි..යන්තම් සනීප කර ගන්න තුවාලේ එයා ඇගිල්ලෙන් ඇන ඇන පාරනවා..

“කෝල් එක ආන්සර් කරනවකෝ ඒන්ජල්..දැන් කොයි වෙලාවේ ඉදලද රින්ග් වෙන්නේ..”

මං පියවි සිහියට ආවේ රශිත්ගේ කටහඩින්..

“අ..හ්..මේ මේ කෝල් එක..”

“කෝ දෙනවා බලන්න..කවුද කියලා..”

ෆෝන් එක අතට අරන් රශිත් ඇස් උස්සලා මගේ දිහා අමුතු විදියට බැලුවා..

“හායී..මස්සිනා..අපිට තමයි කෝල් එකක් දෙන්න බැරි නේ..”

එහා පැත්තෙන් මොන මොනවදෝ දේශිත අයියා කියනවා..මට ඇහෙන්නේ නෑනේ ඉතින්..

“ඒන්ජල් ගෙදර නෑ මසී..එයා උදෙන්ම ගියා..ෆෝන් එක දාලා ගිහින්ද කොහෙද..මං ආවම කියන්නම්..”

කෝල් එක කට් කරලා ෆෝන් එක මගේ අතට දෙන ගමන් රශිත් අමුතු විදියට මං දිහා බැලුවා..මං මොනවා කියල කරන්නද ඉතින්..මම නෙවෙයිනේ කෝල් ගත්තේ..පුලුවන් ඉක්මනට නම්බර් එක මාරු කලා නම් හොදයි වගේ..

“මෙච්චරයි ඒන්ජල්..මං දන්නේ නෑ මෙතන මොකද වෙන්නේ කියලා..හැබැයි මගේ අක්කා පව්..එයාට ගින්දරක් දෙන්න එපා..ප්ලීස්..”

මොනවද දෙයියනේ මේ කියන්නේ..රශිත් මං ගැන එහෙමද හිතන් ඉන්නේ..එච්චර පව්කාරකමක් කරන්නේ නෑ මං කවදාවත්..ඇඩෙන්න වගේ..රශිත්ට අහන්න තිබුණා මගෙන් දේශිත අයියා ඇයි කෝල් කරන්නේ කියලා…ඒත් අහන්නෙවත් නැතුව එයාම හිතලා නිගමනය කරන එක වැරදියි..කාර් එකේ යතුරත් අරන් රශිත් එලියට ගියේ මටත් එන්න කියාගෙනමයි..

ක්ලාස් එක ළගට ආවත් රශිත් කිසිම කතාවක් නෑ..මාවත් පහු කරන් බෑග් එක එල්ලන් යන රශිත් පස්සෙන් මාත් ඉක්මනට අඩි තිය තිය ගියේ පළවෙනි දවස නිසා ක්ලාස් එකවත් මට හොයා ගන්න බැරි වෙයි කියන බයට..ක්ලාස් එක ළග නතර වෙලා රශිත් මගේ දිහා හැරුණේ වෙඩිල්ල වගේ..

“මේ සෙකන්ඩ් ඉයර් ක්ලාස් එක..ෆස්ට් ඉයර් එක පහළ..”

මේකා යකෝ..පඩිපෙලත් නැගලා ආවට පස්සේ ක්ලාස් පහලලු..මැරෙන්න ඔලුවට ගහන්න හිතයි..තරහකාරයෙක්වත් ඔහොම කරනවද..මං ආයෙම පහළට යන්න හැරුණා..

“මේ ෆෝන් එක දෙනවා..”

“මොකටද..” ගස්සලා අහක බලාගෙන මං එහෙම ඇහුවේ මගේ දේවල් කාටවත් වැඩක් නැති නිසා..

“මට බයයි..අපේ අක්කගේ පවුල් ජීවිතේ නැති වෙයි කියලා ඒකයි..”

හීනෙකින්වත් කරන්න නොහිතපු දේවල් කියද්දි කාටද ඉවසන්න පුලුවන්..ෆෝන් එක විසි කරලා වගේ රශිත් ලගට දාලා මං පහළට දුවගෙන ආවේ අඩාගෙනමයි..ගාර්ඩ්න් එකේ තිබුණ බංකුවකට වෙලා මං ගොඩක් වෙලා අඩන්න ඇති..මාව පහු කරන් කට්ටිය ගියත් එයාලට මං ගැන ගානක් නෑ..එක අතකට ඒකත් හොදයි..නැත්තම් අඩන්න හේතුත් කියන්න එපැයි..ඇස් රතු වෙලා..ඔලුව පුපුරන්න තරම් රිදෙනවා..මාව අඩවන්න හදන මිනිස්සු ලගටම මාව එවන්නේ ඇයි දෙයියනේ..සැනසීමක් ඇත්තෙම නැද්ද..යාන්තම් හැමදේම අමතක කරලා නැගිටින්න හදද්දිම මොකක් හරි වෙනවා..මං හිතුවේ මෙහේවත් මට නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියලා..

ක්ලාස් එකට ගියත් උගන්නන කිසිම දෙයක් තේරුනේ නෑ..හිතේ දුකට නෙවෙයි..ඉංග්‍රීසී ගොඩක් බැරි නිසා..ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තට කතා කරන්න තරම් දැනුමක් නැති නිසා මේ වෙලාවේ අසරණයි..ඔහේ බලන් හිටියට අහන් හිටියට කිසිම දෙයක් තේරුණේ නම් නෑ..ලන්ච් බ්‍රේක් එකෙත් ක්ලාස් එකටම වෙලා හිටියේ කතා කරන්නවත් කෙනෙක් නැති නිසා..එක එක අය මාත් එක්ක කතා කරන්න උත්සහ කලත් මට එයාලට උත්තර දෙන්න තරම් ඉංග්‍රීසී බෑ..කන්න දෙයක් ගන්නවත් මගේ ලග සල්ලි නෑ..රශිත්වත් ආව නම් කියලා බලන් හිටියත් එයා ආවේ නෑ..හවස හතර වෙද්දී ලෙක්චර්ස් ඉවර වුණා..සීතල ඉන්න බෑ..ජැකට් එකක්වත් ගෙනාවේ නෑනේ..සීතලේ ගැහි ගැහි ගේට් එක ලගට ගිහින් බලන් හිටියේ රශිත් එනවද කියලා..විනාඩි විස්සක් විතර බලන් හිටියත් එයා නැති නිසා හිතට දැණුනේ බයක්..මං කොහෙන් කියලා පාරවල් හොයාගෙන යන්නද..මේ නොදන්න රටක..ඒ තනිවෙච්ච හැගීම විදින්න කොහේ හරි රටකට යන්නම ඕනේ..එයාලගේ විදියට වචනයක් කතා කර ගන්න බැරුව..ඒ දේශගුණේ දරාගන්න බැරුව..අදුරන කෙනෙක් නැතුව..පාරක් දන්නේ නැතුව..ඒක කිව්වට තේරුම් ගන්න බෑ..විදලම බලන්න ඕනේ..

තව කොච්චර වෙලාවක් මං බලන් ඉන්න ඕනේද..පහත් පහුවෙලා..මාව ගල් වෙලා වගේ..ඇගට පණක් නෑ..දවසෙම කෑමක්වත් නැතුව වතුර බිබී හිටියත් දැන් බොන්න වතුර ටිකක්වත් නෑ බෝතලේ..ගේට් එක ළගම තියන පොඩි බැම්මෙන් වාඩි වුණේ හිටගෙන ඉන්න තරම් ශක්තියක් නැති නිසා..බෑග් එකට උකුලේ තියාගෙන ඔලුව බෑග් එක උඩින් තියාගෙන මං එහෙම්ම ඇස් පියා ගත්තා..ටිකකින් වාහනයක් හෝන් කරනවා ඇහුණත් ඒක බලන්නවත් මට ඔලුව උස්ස ගන්න බෑ..

“තමුසෙට පිස්සුද හලෝ..මේ පාරේ වාඩිවෙලා..නගිනවා ගිහින් කාර් එකට..”

ඔලුව උස්ස ගන්න බැරි මං කාර් එකට නගින්නේ කොහොමද..කකුල් ගල් වෙලා වගේ..ඇගිලිත් එක්ක හිරි වැටිලා..

“මෙන්න මෙහේ එනවා වදේ..”

රශිත් මාව ඇදලා ගත්ත පාරට මාව විසි වෙලා ගිහින් කාර් එකේ දොරේ වැදුණා..එහෙම්ම වැටෙන්න ගිය මං රශිත්ගේ අත් දෙකට මැදි වුණේ කාර් එකත් අල්ලගෙනමයි..

“මොකද ඒන්ජල් මේ..තමුසෙගේ ඇගත් රස්නෙයි..ජැකට් එකක් ගෙනාවේ නැද්ද..මොනවද හලෝ කරන්නේ..මෙහේ සීතලයි කියලා දන්නේ නැද්ද..ශික්..මං එනකං ඇතුළට වෙලා ඉන්න බැරි වුණාද ටිකක්..”

“ම..ග්..ගේ ඔලු..ව රිදෙනවා ර..ශිත්..”

මාව එහෙම්ම කාර් එකෙන් වාඩි කරවලා රශිත්ගේ ජැකට් එක ඉක්මනටම මගේ ඇග වැහෙන්න දැම්මා..යාන්තමට සනීපයක් දැණුනත් සීතල අඩුවක් නෑ..කකුල් දෙකත් ශීට් එක උඩින් තියාගෙන ගෙදරට එනකම්ම මං ආවේ වෙව්ල වෙව්ල..කාර් එකෙන් බැහැලා මාව වත්තන් කරන් රශිත් ගෙට එනකොට සේමිණී ආන්ටි වගේම රශිත්ගේ අම්මත් බය වෙලා දුවන් ආවා..

“අනේ ඇයි පුතේ මේ..කෙල්ලට මොකද වුණේ..”

“සීතල වැඩි වෙලා අම්මා..ජැකට් එකවත් අරන් ගිහින් නෑනේ පණ්ඩිතකමට..”

අනුකම්පාවක් කියලා දෙයක් දන්නෙවත් නැද්ද කොහෙද..කාමරේට ගිහින් උණු වතුරෙන් ඇග හෝදන් ඇදට ඇවිල්ලා බෙඩ් ශීට් එක ඔලුවේ ඉදන්ම පෙරව ගත්තේ ආයෙම හීතල හැදෙයි කියන බයට..ආපු ගමන්ම වගේ වතුර වීදුරු දෙකක් විතර බිව්ව නිසා බඩගින්නක් නෑ එච්චරටම..ඒත් මොනවා හරි කන්නත් ඕනේ..ඇස් පියවී ගෙන එද්දිම මේ යෝදයා ආයෙත් කඩාපාත් වුණා..

“ඒයී..නැගිටිනවා හලෝ..”

බෙඩ් ශීට් එක බෙල්ල ලගට පහත් කරලා මං ඇස් වලින් ඇහුවේ ඇයි කියලා..

“අම්මා කන්න කතා කරනවා..එනවා..අපිටත් බඩගිනියි..”

“මට බඩගිනි නෑ..ඔයාලා කන්න..”

කොච්චර බඩගිනි වුණත් මෙච්චර ලොකුකම් බලන්න ඕනේද..රෑට නැගිටලා මොනවා හරි කනවා කියලා හිතාගෙනයි මං එහෙම කිව්වේ..

“ඇයි ෆෝන් එක නැති සාංකාවටද කන්නෙත් නැත්තේ..”

ආපු තරහට මං එහෙම්ම ඇදෙන් වාඩි වුණා..

“රශිත් මේ..මට ෆෝන් වැඩක් නෑ..ගෙදරට කතා කරන්න ඕනේ වුණොත් මං සේමිණී ආන්ටිගෙ එකෙන් ගන්නම්..ඔය මගුල ඔයාම තියාගන්න..”

ටිකක් වෙලා මං දිහා බලන් ඉදලා රශිත් එළියට ගියා..කාගෙන් වුණත් ඔච්චර කතා අහන්නේ ඇයි..ඇත්තටම ලංකාවේ වගේ වුණා නම් මං එක මොහොතක් මෙහේ ඉන්නේ නෑ..කොහෙද ඉතින් මෙහෙන් එළියට බැස්සා කියලා මට යන්න එන්න තැනක් තියනවා කියලද..

රෑ වෙලා හෙමීට කාමරෙන් එළියට ආවේ කුස්සියට ගිහින් මොනවා හරි කන්න හිතන්..ගහෙන් වැටුණ මිනිහට ගොනත් අනින්නේ පැන පැනද කොහෙද..මේ යකා සාලෙට වෙලා ෆෝන් එක ඔබනවා..දැන් කාලා හමාරයි ඉතින්..

“මැඩම්ට බඩගිනි වෙලා වගේ..”

“නෑ…මං ආවේ වතුර ටිකක් බොන්න..”

“අනේ හලෝ මේ..ඔය ලොකුකම් පැත්තකින් තියලා කෑම කනවා..තමුසේ නොකා හිටියා කියලා මට රිදෙන්නේ නෑ..”

“මට නොකා ඉදලා පුරුදුයි..ඔය ලොකු ලොකු මහත්තුරුන්ට වගේ නෙවෙයි..දුක් විදලා හොදට හුරුයි..”

“ඒක වෙන්න ඇති පොඩි සීතලටත් කලන්තේ දාන්නේ..”

“ඔයාට ඒක පොඩි සීතලක් වෙන්න පුලුවන් රශිත්..හැබැයි මට ඒක ලොකුවට දැණුනා..දවසෙම මුකුත් කන්න නැතුව..බොන්න වතුර ටිකක් නැතුව හිටියේ..ඔයා එතන ඉදලත් මං මෙහෙට අලුත් කියලා දැනගෙනත් නිකමට බැලුවද..නෑනේ..මාත් එක්ක තියන තරහටනේ පරක්කු වෙලා ආවෙත්..පලිගන්න..ඇති තරම් පලිගන්න රශිත්..මේකත් මතක තියාගන්න මගේ හිත දන්නවා මං වැරැද්දක් කලේ නෑ කියලා..මට මේ ඔක්කොම ඇති වෙලා දැන්..”

ඇස් වලට ආපු කදුලු සැරෙන් සැරේ අතින් පිහිදන ගමන් මං රශිත්ට ඇති වෙනකම් බැන්නා..ඇස් ලොකු කරන් රශිත් බලන් ඉන්නවා…මං මෙහෙම කතා කරයි කියල එයා හිතන්නෙවත් නැතුව ඇති..මගේ හිත කොච්චර තුවාල වෙලාද කියලා දන්නේ මං විතරයි..වේදනාව කොයි තරම්ද කියන්න කවුරුවත් දන්නේ නෑ..හැබැයි සැරින් සැරේ ඒක පාරන්න නම් හැමෝටම පුලුවන්..

“ඒ..න්ජල්..”

රශිත් මට කතා කරද්දිම මං දුවගෙන ඇවිල්ලා කාමරේ දොර ලොක් කර ගත්තා..හැමදේම කරලා අන්තිමට සමාවෙන්න කියන එක ලේසියි..ඒත් අනිත් කෙනාට ඒකෙන් රිදෙන තරම් කාටවත් තේරෙන්නේ නෑ..හිතක් බිදින්න ලේසි වුණාට ඒ හිත ආයේ තිබුණා වගේ හදන්න ලේසි නෑ..දවසක තේරුම් යයි ඔයාටත් එහෙම වුණොත්..

177 thoughts on “සිහින සිත්තරාවී | විසිනවවන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුදු අක්කියෝ සුබ පැතුම් ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. R_s_Th_A(නිම්? )

            කොල්ලත් සැපේ ඉන්නෝ නංඟියා?

      1. අම්මෝ මගේ චූටියෝ …????
        තැන්කූ හොදද …
        පලතුරු වලටත් එක්කම…

    2. Sandu (kandy girl)

      සුබපැතුම් මගේ නිශූ මැණික..
      ?????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????????????????????????????????????????

          1. R_s_Th_A(නිම්? )

            කොල්ලත් සැපේ ඉන්නෝ අකියෝ?

      1. තැන්කූ මගේ අක්කියෝ ….???

        මගේ අම්මේ… පැණි රස කෑම ගො
        ගොඩායි ….????

    3. Sandali nithya

      සුබ පැතුම් මගේ අක්කි පන… ?????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????????????????????????????????????????????️?️?️?️?️?????????????????

      1. තැන්කූ මගේ නිතූ බෝලේ …????

        ඔයාත් කෑම ගොඩාරියක් ගෙනල්ලා …???

  1. මුලින්ම සොලී අක්කියෝ කලින් කතාවට comment එකක් දාන්න බැරු උනාට ??????
    ලස්සනයි අද කතාව මරු …..
    ම්..විමූ රට යන්වා නේද ආඅ…..කොහෙද සිඩ්නි නෙහ්..?????
    ම්…අම්බෝ ඒ කියන්නෙ සමිදිලාගෙ ගෙදර නේ යන්නෙ..?
    හ්ම්……අනී එයාගෙ අම්මා මාර හොදයි ??තාත්‍තාත් හොදයි හැබැයි නිහඩයි..අම්මා නිකන් රශිත වගේ.???
    හ්ම්..එයා මැනෙජ්මනට් කෝස් එකක් කරන්නෙ හඩන්නෙ…????
    අම්බෝ පව් විමූ මදෑ නිදාගන්න ආවා….රශිත ගෙ කියවිල්ලට විමූ ට නින්ද ත් එපා වෙන්නෙ ඇති.පව් ????
    හ්ම්..ඇත්ත ට ඔහොම කියවනද…දෙයියනේ මනුස්සයෙක් ට උත්තර දෙන්න පුලුවන් ද..??

    ???????????????
    අද විමූ ඉගෙන ගන්න යනවා නේ අප්පේ ඒ මදිවට අර රශිත ත් එන්වා..හයියෝ සන්සාරේ????
    ඒ ගමන අර දෙශීත යා මොකාට එන්න හදනවද මන්දා මට මාර කේන්ති යි ?????
    විමූ ජිවිතේ පටන් ගත්තා විතරයි ..??
    මොකටද කෝල් කරාඩ මන්දා….??
    මල කෙලිය කියන්නෙ රශිත තමා ෆොන් එක ගත්තෙ..රශිත වෙන දෙයක් හිටන්න ඇත්තේ..අනේ මන්දා මන්ට රශිත ට බනින හිතෙන්නෙ න්හ්..හැබැයි එයා හරි කියලා හිතෙන්නෙ න්හ්…විමූ පව් එහෙම කරනදදා නොදන්න රටක තනියෙන් තියන්නෙ මරු ඌත් බලන් ගියාම ඔක්කොම එකයි..??
    ඌ මොකක්ද කිව්වෙ පව්ල් කඩන්න එපාලු රෙද්දෙ පවුල්..ඌ විමූට වුනු කරදර දන්නෙ න්හ් නී..එකයි ඔය…ඒ හින්දා ඌට සමාව දෙන්න පුලුවන් හැබැයි හොයලා බලන්නෙ නැතුව බනින එක ගොඩාක්ක්ක් වැරදී..බල්න්න ඌ මොකක්ද කලෙ..??
    විමූ කොච්චර ඇඩුවද..හ්ම්..එයාට කොච්චර සීතලක් තියෙන්නෙ ඇත්ද…එයාට ජකට් එකකවත් නැතුවා..පව් ??????
    මටත් හිතෙන්නෙ..අරූ ඔයා පලිගන්න නම තමා ඔය වැඩේ කරන්නෙ ඇත්තෙ..අර රශිත යා අරුද..
    විමූ මදෑ කන්න ගියා එතනටත් ආවා…
    මොමාද එතනටත් ඇවිත් කිව්ව්ව් මල විකාර හැබැයි විමූ හොද උත්තර ක් දුන්නෙ…විමූ හරු ඕනි දෙයක් කරලා සමාව ගත්තටා වැඩක් න්හ්..එත් එක කියපු කෙනාට හිත ගොඩාක් පෑරුලා ඒක ආයෙ හදන්න බෑ……
    හරියට නිකන් අපි වීදුරු පිගානක් බිම දාලා එකෙන් සමාව ඉල්ලුවට එක ආයෙ හැදෙන්නෙ න්හ්නෙ…ඒ වගෙ ටමා සමාව ඉල්ලන්න ලේසියි හැබැයු ඒ හිත ක් බිදුනම හදන්න බෑ….එයා කිව්වවෙ හරු ට්හෙට්ම තමන්ට උන දවසකතමා තේඑඋම් යන්නෙ
    අපිට කියපු දෙවල් ආයෙ ගන්න බැනී…ඒ හින්දා.අපි අපෙ කටින් වචනයක් පිටකරන්න කලින් හිදාට හිටන්න ඔනී…එක වචෙනකින් මුලු ජීවිතෙම විනාශ වෙන්න පුලුවන් හැබැයි ඒ විනාශ උනු ජීවිතෙ ආයෙ හදන්න බෑ……ඇත්තටම සමාව කියන්නෙ නිකන් වචන ක් විත්‍රයි…සමාව ඉල්ලුවා කිය්ලා අර කලින් කියපු දෙවල් වෙනස් වෙන්නෙ නෑනෙ….අපෙ එක වචෙනකින් පුපුවන් යාලු කමක්,නෑදෑ කමක් එක් විනාඩි යෙන් නැති කරන්න සමාව ඉල්ලුවා කියලා මේ තිබ්බ නෑදෑ කම්.,යාලුකම්.ගොඩනැගෙන්නෙ න්හ්..ගොඩ නැගුනත්..ඒ..අතර මත භේද ..වැඩී…විශ්වාස න්හ්…රන්ඩු වෙනවා.කලින් වගෙ කවදාවත් ඉන්න බෑ….ඒ හින්දා අපෙ කටින් වචන ක් පිටකරන්න කලින් දෙපාරක් හිතන්න ඔනී.නැත්නම් අපිට තමා කව්දාහෝ විදින්න වෙන්නෙ…………………….

    අනෙ අද නම් මන් කියෙව්වා වැඩී.වගේ නේ ???
    අක්කියෝ අක්කි ගෙ කතාව ඇත්තටම ආදර්ශමත්….ඒ වගේ ම හරුම ලස්සනයි මන් හෙටත් බලන් ඉන්නෙ කතාව දානකම් ??????????
    එහෙනම් අක්කි ට බුදු සරනයි ???? දෙවි පිහිටයි ??? ආදලෙයි ???????පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම හොදද .???????
    සුබ සැන්දෑවක්….?????

  2. Sandu (kandy girl)

    මගේ තේජෝ..

    ඔයා නම් හරිම ලස්සනට කතාව ලියලා කෙල්ල.. මට කදුලුත් ආව විමූට අර වගේ කතා කරද්දී.. ඇත්තටම මාත් හරිම අකමැතී නොකරපු වරදකට මට කවුරුවත් බනිනවට චෝදනා කරනවට..අනික තුන් හිතකින්වත් අහිතක් ලොකුකමක් නැතුව කියන දෙවල් වැරදිවට අරන් මට බනිනවට, අනම් මනම් කියනවට, වැරදි කාරයා කරනවටත් කැමති නෑ. විමු වගේ ඉවසලා ඉවසලා බැරිම උනොත් මාත් එකක් දෙකක් රිදෙන්නම කියනව. මොකො නැත්තන් වෙන්නෙ අර සිල් ගත්ත නයාට උන දේ නේ..

    දුර රටක නෙවේ සමහර වෙලාවට විමූ තරම්ම අසරණ වෙනවා අපේ රටේදි උනත් සමහර තැන් වලදී.. විමූගෙ හැඟීම් මට හොදටම දැනුණා.හරියට මං විමූ වගේ. ඔයා නම් සාර්තකයි නංගා මෙතනදී..

    අද නම් රශිත් ගැනත් තිබ්බ විශ්වාසය මගේ හිතේ පලුදු උනා. මේ වගේ පොඩි දෙයකදී උනත් වරද කාගෙද හොයන් නැතිව රශිත් පිහියෙන් පපුවට අනින කතා කීවානේ..ඒම් කෙනෙක් ගැන මට තඹ සතේකට ආයෙ විශ්වාසයක් නෑ ඉස්සරහත් එන මොන ප්‍රශ්නෙකදිවත් විමූගෙ පැත්තට ඉඳී කියලා..ඒ නිසා විමූ එයාව මැරි කරනවටවත් මං කැමති නෑ දැන් නම්..බැන්ඳත් සැකේ තියෙයි පුරාම..

    විමූ කීවා වගේ බිදපු හිත ආයෙ තිබ්බ විදියටම හැදෙන් නෑ.

    මේ වගේ කතා තව ලියන්න ගොඩක්..ස්තූතියි වැඩ අස්සෙ හරි ලියනවාට.. සුබපැතුම් නංගට..

    බුදු සරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න ..

    1. හපොයී ඉතින් ….
      වෙනදා වගේම කොටස් විදියට කමෙන්ට් දාන සිස්ටම් එකම පාවිච්චි කලා නම් හරි සදවතියේ…???

      1. Sandu (kandy girl)

        ඔව් ඒයි..කරුමෙ කියන්නෙ අදහස් ලියන්න තීන හදිසියට ඒක අමතක වෙනෝ නී.. ලියලා බලද්දි ඔක්කොම එක ම කමෙන්ට් බොක්ස් එකේ.. දෙවියනේ කියලා හැරෙන්න උනේ නෑ කෝල් එකක් ඇවිත් හරි සිග්නල් අවුට් ගිහින් හරි ඇඩ් එකක් ටච් වෙලා හරි හෝම් කී එක ටච් වෙලා හරි දිග කමෙන්ට් එක අතුරුදහන් වෙනෝ..????????????

  3. R_s_Th_A(නිම්? )

    දින සති ගෙවී කාලය
    හෙමිහිට යනවා
    අටලෝ දහම අනුවම
    ජීවිත ලියවෙනවා
    ඇරඹුම සිහි කරන්නට දිනයක්
    ලං වෙනවා
    ආසිරි පතා මම මේ ලෙස
    පවසනවා..
    කිසිදා දැක නැති උවත්
    අක්කේ නුඹ සැබෑවට
    කටහඬ නුඹේ නෑ කිසිදා
    අසා මම
    එනමුත් තදින් බැඳි
    සොහොයුරු පෙමක් ලෙස
    නුඹ මම කල් ගෙව්වා
    සතුටින් සෑම දින..
    සිතන පතන හැමදේ නුඹ
    ඉටු වේවා
    දුක් දොම්නස් නුඹ හට
    ලං නොම වේවා
    තබන තබන පියවර
    හැම ජය වේවා
    තාගි බෝග වැඩි වැඩියෙන්
    හිමි වේවා??
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    පීහු අක්කියෝ සොරි වෙන්න ඕනි පරක්කු උනාට අක්කිට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා රස්තා කොල්ලහ් ප්‍රාර්තනා කරනෝ ඔන්න☺️☺️ ♥️♥️?

    1. මගෙ රස්තා මල්ලි.❤❤❤

      ගොඩාක් ස්තුතියි ඔයාගේ මේ ලස්සන ප්‍රාර්ථනාවට…?

      සතුටින් පරිස්සමින් ඉන්න මල්ලියෝ….

      බුදුසරණයි ඔයාට…

      ආදරෙයි ගොඩාක්…❤❤❤❤

      1. සුබම සුබ උපන්දිනයක් වේවා පීහු අක්කියො ???????
        ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

        අක්කියෙක් නේදෝ?????

          1. දෙමළ පොත දිහා බලාගෙන ෆෝන් එක ඔබනවා…???

            මොකද කරන්නේ ඉතින් චූටියෝ ඔයා …

          2. මන් මේ උනුහපුලියෙක් එක්ක කතා කරනවා ??????

          3. කාද මගෙඅක්කිගෙ හදවත් බින්දේ මන් ඔව්න්ව සොයා ගෙන දඩුකදේ ගසමී..?

          1. අක්කියෝ අක්කි ට කවෘහරි ගැහුවද…?

          2. ම්ම්ම්…නෑ අනේ … කෙල්ලෙක් මාව හිනස්සනවානේ අප්පා …???

          3. කවුරුන්ද මා උනුහපුලිව(නිශූ අක්කි ) සිනහා ගස්සවන්නෙ..??

  4. Sandali nithya

    ??????????

    නෙතින් දැක නැති
    සිතින් ළං වූ
    මගේ සොයුරන්ට
    පෙම් කළා මුලු හදින්

    තවත් බොහෝ කල්
    හිතින් ළං වෙමින්
    සොඳුරු ඇරඹුමකට
    මුල පුරමි ඉතින්

    හිතේ එක කොනක
    ඔව්න් ඉඩ අරන්
    මටත් නොදැනෙන්න
    ආදරෙයි ගොඩක්

    ??????????

    ලොකු අයියා, නිශූ අක්කි, අවී අක්කි, රූ අක්කි, බියූ අක්කි, හංසි අක්කි, දිල් අක්කි, රුවී අක්කි, පීහු අක්කි, රශී අක්කි, තේජා අක්කි, සඳූ අක්කි, සඳ අක්කි, තරූ මචී, රස්තා මල්ලි, බුබූ මල්ලි, සිංඩි නංගා, සිතූ නංගා, ජසී නංගා (අනේ නම් නැති අය මට සමාව දෙන්න ? මන් සුට්ටක් සුට්ටක්මත් නෙමේ සුට්ටට වැඩියෙන් අලුත් නිසා සමහර අයව මතක නෑ ?)
    ඔයාලට මන් ගොඩාක් ආදරෙයි… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️?????????????

    1. අනේ නිතූ මැණික ❤❤❤❤❤❤❤
      මාත් ගොඩාක් ආදරෙයි නංග???????????????????????????????

          1. Sandali nithya

            හොදයි මගේ අක්කි… අක්කිට කෝමද ????

    2. අපිත් ආදලෙයි නිතූ අක්කියෝ ??????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️?????????????????????????❣️❣️❣️❣️❣️???????????????️?️?️?️?️?️???????උම්ම්ම්මමාමා…?????????????

        1. හී අක්කියෝ හාට් මේ ට්ක්ක විතරයි තිබ්බෙ..තිබ්බ නම් තව් දානවා ඇතට තව දාන්න කියන්න ඔනී ??

          1. Sandali nithya

            හප්පුච්චේ මේ සින්ඩි බෝලේ නම් ????????

    3. නෙතින් නොව හදින් මයි
      අපට අප බැඳෙන්නේ
      සිතේ ඇති එක් හැගුමකින්
      එකිනෙකා දැනෙන්නේ

      මිතුරු නොව සොයුරන්ම වී
      හදවතේ රැදෙන්නේ
      හිතට සතුටක් දෙමින්
      දිවි පුරා හිදින්නේ

      නුඹේ සෙනෙහස දැනේ
      පුංචි කවිකාරියේ
      හිඳිනු සෙනෙහෙන් මතුවටත්
      ආදරෙයි මගේ නැගණියේ ….

      ❤️❤️❤️❤️❤️❤️❤️

      අනේ අනේ නිතූ මැණිකේ …
      ඒක ලස්සනයි හොදද ….????

      1. Sandali nithya

        අනේ මගේ නිශූ අක්කියෝ… ඒක හරිම ලස්සනයි… ????? මාත් ගොඩාක් ආදරෙයි මගේ අක්කි… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

          1. මොකො මැනිකෙ..කිමද ඔබ දුකින් සිටින්නෙ..??

          2. නපුරු සින්ඩි මට උනහපුලුවා කීවා
            …???

          3. කාද අප්පට්සිරී ….අක්කි කතන්දර හදන්වානී..සුවර් එකට සින්ඩරෙල්ලා ගෙ කුඩාම්ම ටමා කියන්න ඇත්තේ.?

          4. හෑ…
            ඔයා කියනවානම් එහෙම වෙන්න ඇති …??

          5. ඕ ….ඉන්නකෝ මන් එයාලාට රාජ දඩුවම දෙන්නම්..

  5. මේ චූටියෝ … අක්කී ගිහින් එන්නම් ද ටිකක් …
    අසනීපෙන් ඉන්න මාමා කෙනෙක් බලන්න යන්න කෑම හදනවා අම්මා .. මං උදව් කරලා එන්නම් ….

    1. හා හා..අක්කියෝ අක්කි ගිහින් එන්නෙකෝ හොදේ ….අක්කියෝ හැබැයි අක්කි උදව් කරාට කමක් න්හ් උයන්න් යන්න එපා හලිද..පව් නෙ මාමා…
      හලි අක්කියෝ බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? මෙ අක්කියෝ 6 ඉදන් 7 වෙනකම් මන් නෑ ආයී ටීවී බලන්න යනෝ…??
      බායී

  6. කොහොමද දගයිනේ….❤

    ලොකු අයිය ඇතුළු දග පවුල ආදරෙන් මතක් කරනවා ඔන්න…
    හැමෝම හොදින් ඉන්නවා නේද…

    අපේ ගිනි ගෙඩිය කොහොම හරි ගිනි ගෙඩියක්‌ පත්තු කරා නෙහ් ?

    මට සුභ පතපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ආශීර්වාද වලට ගොඩාක් පින්.❤

    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හොදද…

    අසනීප වෙලා ඉන්න දගයෝ ඉන්නවා නම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…??

    ඒ වගේම ඔයාලා කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම…

    බුදුසරණයි ඔයාලා හැමෝටම…

    ආදරෙයි ගොඩාක් මේ ලෙන්ගතු කමට වගේම මගෙ දගයෝ හැමෝටම….

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  7. මගේ අක්කි… පිහූ බෝලේ… ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි…❤️❤️❤️?????️?️?️?️?

    සමාවෙන්න අක්කි පරක්කු වුනාට… මං ගෙදර ඇවිත් දැන් ටිකක් වෙලා.. නිදහසක් නැනි.. වැඩ එපා වෙනෝ… ඒ හින්දා සකලේට සමාව දෙන්න හොදේ…???

    දිනෙන් දිනම වයසට නම් අපි යනවා
    ටිකෙන් ටිකම ජිවිතයට හුරු වෙනවා
    තවත් වසක් ජිවිතයේ ඇරඹෙනවා
    සතුටින් ඉන්න හැමදාකම මගේ අක්කා…

    නොදැක ඔබව හදවතටම මට දැනුනා
    මගෙම අක්කා ලෙස ඔබ මට සිහි වෙනවා
    කරන කියන පතන සියලු දේම ඔබගේ
    ජයෙන් ජයම වෙයි අක්කේ නිබඳ නුඹේ….

    1. ?Tharushi? Jayawardhana

      මුහුදේ
      අඩුව පුරවන්න කවදාවත්ම
      වැවකට බෑ
      ඒ වගේ තමයි
      ❤️තාත්තා❤️
      තාත්තගේ අඩුව පුරවන්න
      මේ ලෝකේ තියන මොන බැදීමකටවත් බෑ…

        1. ?Tharushi? Jayawardhana

          ඒකනි.. ගොඩක් අයට තාත්තා ලගින් ඉද්දි අගේ දැනෙන් නෑ..

          1. ඕ අක්කියෝ මන් නම් ඉන්නවා අක්කි ට කොහොමද

          2. ?Tharushi? Jayawardhana

            මාත් හොදින් නන්ගා.. මොකෝ එච්චර happy..?

  8. අහන්න්කො කට්ටිය මට අද හැපි ඇයි දන්නවාද…අද මන් කෝමහරි පාස් වර්ඩ් එක දැන ගත්තා ????????????????????????????????
    මන් එහෙමම් දොයියන් වෙන්න යන්වා..අද වැඩ ගොඩාක් කාලා අම්බෝ මුලු අතම රිදෙනවා..ෆොන් එකෙනෙ වැඩ දාන්නෙ..ෆෝන් එක දිහා බලන් ඉදලා ඇසුත් රිදෙනව ..ඔලුවත් රිදෙනෝ…කන්නත් බෑ.වගෙ ඒ හින්දා මන් දැම්ම දොයියන් වෙන්න යනවාඅ..???????
    ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ??? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ???? දෙවි පිහිටයි ???

    1. ?Tharushi? Jayawardhana

      ගුඩ් නයිට් නන්ගා.. බුදුසරණයි ඔයාට..!
      පරිස්සමින් ඉන්න..

    2. මගේ හොර කෙල්ල …???

      සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      සුදු අක්කිත් ආදරෙයි ගොඩක් චූටියාට ..

    3. අනේ සින්ඩි කෙල්ලෙ ???????
      කෝම හරි හොයාගත්ත නේද

      ගුඩ් නයිට් සින්ඩි නංග ???
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

        1. හොදින් ඉන්නවා මැණිකේ … මොකද කරන්නේ මේ දවස් වල ..
          ගොඩ දවසකින් දැක්කෙ …

          1. ?Tharushi? Jayawardhana

            ඔව් අක්කි ගොඩ දවසකින් එන්න බැරි උනා.. cls අක්කි මේ දවස් වල උදේ 7ට ගියාම ආයේ හවස 6ට ගෙදර එන්නේ..

        1. හොඳින් කියන්නත් බෑ මැණික.මං නම් අසනීපෙන් ඉන්නෙ
          ඔයාට කොහොමද නංග

          1. මං පොඩි අසනිපෙකින් ඉන්න නංග.ඒකයි

          1. ?Tharushi? Jayawardhana

            අක්කි ඔයා ඉන්නෝද..? කවුරුත් නැති නිසා යන්න හැදුවේ

          2. ?Tharushi? Jayawardhana

            ගුඩ් නයිට් බුදු සරණයි රූ අක්කී..
            අනිත් හැමෝටමත් ගුඩ් නයිට්
            බුදුසරණයි…!❤️❤️❤️❤️❤️

  9. . සොරි වෙන්න ඕනි පැකේජ් එක නම් අද හවස දාගත්ත එත් දැන්නම් ඉන්න බැ ටිකක් ඔළුවයි ඇස් දෙකයි රිදෙනවා.. කතාව කියෙව්වා එකට පස්සේ මන් ෆුළුවන් වෙලාවක කමෙන්ට් එකක් දෙන්නම්.
    අනේ සොරි අෆේ පිහූ අක්කිගෙ birth day එකද happy birthday අක්කි ❤️uuuuuuuummmmaaaaa ❤️??????
    ❤️හැමෝටම gn දැනට dagaya යනෝ gn ❤️
    ??

  10. අනේ මන්ද විමූ කෙල්ල තමයි හැමදාමත් අසරණ වෙන්නෙ?
    රශිත් ගැන නම් මට තේරෙන්නෙ නෑ,එයා හේතුවක්වත් නොදැන විමූට ඔහොම දොස් කියන එක නම් ගොඩක් වැරදියි.අනික ආයෙ මොකද දන්නෙ නෑ දේශිත විමූට කතා කළේ.
    මොනාද අනේ මේ විමූ කෙල්ලට වෙන්න යන්නෙ ?

    දවසකට කතාවෙ කොටස් දෙකක්වත් කියවන්න තියෙනව නම් කියල හිතෙනව??????

    පරිස්සමින් ඉන්න අක්කියො?
    තෙරුවන් සරණයි??

  11. තේජා අක්කියෝ ….

    සමාවෙන්න අක්කියෝ අදත් කමෙන්ට් එක පරක්කු උනා … මේ පිස්සු කෙල්ලට එක්සෑම් ළඟයින්‍ර් අක්කියෝ …එහෙන් චූට්ටක් ඇඟට හරි නෑ මට ….

    අනේ අක්කී … විමූ පව්නේ අප්පා … යන යන තැන කෙල්ලට වේදනාවම තමයි … එහෙ ගියාම සැනසීමක් තියේවි කියලා හිතුවෙ … ඒත් නෑ …

    නපුරු රශියා…???
    එයා නරකයි කියලා නම් හිතන්නේ නෑ … ඒත් කිසිම දෙයක් හරියට දන්නේ නැතුව එයා කෙල්ලට කෑගහද්දී මට නම් හරි තරහයි …??
    කෙල්ල ඉන්න තත්ත්වය ගැන හිතලාවත් , මං කියන්නේ පවුලෙන් ඈත් වෙලා දුකෙන් ඉන්නවා කියලා දැන දැනත් කෙල්ලව රිද්දනවා නපුරා …
    මොනවා වුනත් හැබැයි ඉතින් කොල්ලා දන්නේ නෑනේ කෙල්ලගේ ප්‍රශ්නේ මොකක්ද කියලා …තව කෙල්ලගෙන් පලිගත්තේ ඇයි අර විදියට … සීතලේ එයාව තියලා…??

    මං දේශිත ගැන නම් මුකුත් කියන්නේ නෑ … කලින් තීරණේ වෙනසකුත් නෑ ඉතින් … ??
    ඒත් මට හිතෙනවා දේශිත කෙල්ලගෙයි රශිත්ගෙයි අතරේ ප්‍රශ්න ඇති කරන්න හදනවා කියලා …. එයාලා දෙන්නව ඈත් කරනවා වගේ දෙයක් තමයි මට හිතෙන්නේ ….

    ඉතින් අක්කියෝ …. අද කොටසත් හරිම ලස්සනයි … ගොඩක් දැනුනා අක්කියෝ … අනික අක්කී කතාව අපිට මවාගන්න පුළුවන් විදියට අක්කී ලියලා තියනවා …

    ඉතින් අක්කී මං සුභ පතනවා ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා ….

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.