Katha Ahura

සුදු නෝනා ❤ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

“සුදු නෝනා මන් ආසම හපුතලේට.අපි ආයෙම එමු ”

“❤ඇයි ඔයි තරම් ඔයා අපේ ගමට ආස”

හිතට ආපු ආපු පුරුදු කටහඬ මතක් වෙද්දිම බිදිලා ගියේ ඈතින් ඇහෙන කෝච්චියේ එන්ජින් එකේ සද්දෙට වඩා අපේ උන්ගෙ කෑ ගැහිල්ලට.හරියටම අවුරුදු පහකට පස්සෙ ආයෙමත් හපුතලේට පුරුදු ශීට් එකේම හැබැයි උඹ නැතුව යාලුවො එක්ක.කොයි තරම් මතක අමතක කරලා ඉන්න හැදුවත් මොකක් හරිම තැනකදි උඹව මතක් වෙන්නෙ මේ පාර දිගටම ආපු හැම තැනකදිම මතක එකතු වෙලා තියන නිසා වෙන්න ඇති.කොළඹින් නයිට් මේල් එකේ හපුතලේ එන්න ප්ලෑන් කරගෙන දැන් සති දෙකකටත් වැඩී කොහොමින් කොහොම හරි අපේ උන් එකතු කරගෙන නයිට් මේල් එකේ එල්ලුනේ weekend එක හොඳම ට්‍රැවල් පාරක් දාන්න හිතාගෙන යාලුවොත් තැනින් තැන වැටිලා නිදාගන්නකම් උන් එක්ක පිස්සුවක් නටලා ආයෙම මොකද්දො හේතුවකට පරන ජීවිතේට එබෙන්න ලොකුම උවමනාවක් තිබ්බා.අවුරුදු පහක මතක හිතට එන්නෙ එක දිගටම…………..

“❤සුදු මහත්තයා”

“❤මේ කොහොමද අපේ ගම ?”

“❤අනේ ඔයා ආයෙම එන්න ඕන හොඳද”

“හරි ඔයා කැමතිනම් අපි හැමදාම මේ පැත්තෙ ඉමු”

“❤ඇත්තටම ?”

එඔකි මාව තුරුල් කර ගත්තේ හිතේ තිබුන ලොකුම ආසවක් ඉශ්ට උනා වගෙ.මාත් හෙමීට ඔලුව අත ගෑවෙ සීතලට ගුලි වෙලා ඉන්න කෙල්ලව ආයෙම ඇහරවන්න ලෝබ හිතුන නිසා ගමන් මහන්සිය නිසා එහෙම්ම නින්ද ගිහින්.හෙමීට නළලට කිස් එකක් දුන්නෙ ඇහැරේවි කියලා බයට.ඇහැරුනොත් කෝලම් පිස්සු වැඩ කෝටියයි.එ්කිවත් තුරුල් කරගෙන ජනේලෙන් පොඩ්ඩක් එළිය බැලුවේ ඈතින් මිටියාවතත් එක්කම තියන කඳු පේලියට ඉර එලිය වැටිලා මීදුමත් එක්ක දිලිසෙන උදේ දර්ශනේ හිත පිස්සු වට්ටන නිසා.ඉදලගස්හින්න කිට්ටුවදී ඔන්න ඇහැරුනා කොලම

❤අනෙ අහැරෙවුවේ නෑනෙ මන් තරහයි.මෙයා විතරක් තනියම ඈත බලාගෙන.මන් ආසම මේ ටිකට

ඇහැරවපු නැති හේතුව කියනවට වඩා වැරද්ද පිළිඅරන් ඉන්න එක හොඳයි කියලා හිතුනෙ කට ගහලා දිනන්න ගියානම් අත කොනිත්තගෙන  නවතින්න වෙන නිසා……………

“❤මෙතන දිනන්නෙ ඔයා නෙමෙ මම.”

හැම එකට එක කීමක්ම ඉවර වෙන්නෙ  අන්න ඒ විදියට.

නින්දෙන් ඇහැරුනේ උඹව හොයන්න උවමනාවට  ඊයේ රෑ කල්පනාවෙන්ම නින්ද ගිහින් නයිට් මේල් එක ඉදල්ගස්හින්න කිට්ටුව යාලුවො එකෙක්වත් නෑ.හැම එකෙක්ම ජනෙල් අයිනෙ.මාත් හෙමීට ඒ අස්සට රින්ගගත්තෙ පරන මතක වල ජීවත් වෙනවට වඩා යාළුවොත් එක්ක සින්දුවක් කියලා  ජොලියේ ගමන යන්න ඕන නිසා.

පහුවදා පාන්දරම යාලුවො එක්ක සීතල මීදුම මැද්දෙන් හපුතලේ station එකේ.උඹ එක්ක කියව කියව වාඩි වෙලා උන්න පරන බන්කුව ස්ටේශම කොනක එහෙම්මම. කිසිම දෙයක් වෙනස් නොවී උඹ විතරක් වෙනස් වෙලා.

“❤සුදු මහත්තයා ඔයා ආයෙම එද්දි මට මොනාද ගේන්නෙ?”

“ඔයාට මොනාවද ඕන කියන්නකො ඕනිම දෙයක් ගෙනත් දෙන්නම්”

“❤ඔන්න කොච්චිය එනවා මට ඔයා නැතුව පාලුයි ඉක්මනට මාව බලන්න එන්න.”

හපුතලේ ස්ටේෂන් එක කොනේ ඉදන් අත වනන උඹ නොපෙනී යනකන් බලන් ඉදලා අයෙම අනිත් පැත්ත හැරුනේ හිස් උන හිතක පාලුවකුත් බලාපොරොත්තු ගොඩකුත් ගැට ගහගෙන හීන කන්දක්ම මවාගෙන.

එදා දවසෙ මම ආවෙ ලොකුම පාලුවක් දුකක් හිතේ තියාගෙන කොළඹ එනකම්ම උඹ එක්ක ඉදන් වැඩ කරපු මට ආයෙම උඹ කොළඹ නො එන බව දැනෙන නිසාත් උඹව තනියම ආයෙමත් ගමේ දාලා යන්න උන නිසාදෝ ලොකුම තනිකමකින් පාලුවකින් හිත වෙලා ගන්න උනා.
ආවට වඩා කොච්චියේ ගමනට දවස් දෙක තුනක් ගත උනා වගේ ඉක්මනට ඉවරයක් නොවන කොච්චි ගමන මැද්දෙ මම උඹ නැති මහා පාලුවක කොනක හිර වෙලා කියලා මට එත්තු ගැන්විලා ඉවරයි.

කමක් නෑ ඉක්මණට එනවා ආයෙම.හිත හදා ගන්න තිබුන එකම විදිය ඒක.

ඒත්
කවදාවත් නොහිතපු විදියට ඒ උඹව දැකපු අන්තිම වතාව.අවුරුදු පහකට පස්සෙත් උඹයි මායි හිට‍පු බන්කුව ඒ විදියටම එතනම.හැම මතකයක්ම හිත හාර හාර වද දෙන්න වගේ දැනුනත් කාටවත් නොපෙන්වී ඉන්න පුළුවන් කමක් ලැබුනෙ උඹම හීන දීලා උඹම පිරෙන්න ආදරේ කරපු මේ හිතේ උඹ ගැන තියන එකම එක ආදරණීය බලාපොරොත්තුව ද කොහෙද.

“❤මොකො බන් උඹ ආපු වෙලාවෙ ඉදලා මනෝ ගහලා”

කොහේ හරි එකක් කල්පනාවට කඩන් පනිනවමයි.

“නෑ බන් අවුලක් නෑ එක ශේප්.”

කතාව යට ගැහුවෙ හරිම අමාරුවෙන්.යාලුවො එක්ක උදෙන්ම නවතින තැනට ආවත් හිත දුවන්නෙ එහෙ මෙහෙ. හිතට කිසිම සැනසීමක් නෑ.යාලුවොන්ගෙ පාටිය මැද්දෙ මන් හිතා ගත්ත එකම දේ ආයෙම උඹ එක්ක ටවුම පුරාම ඇවිදපු තැන් වල ඇවිදින්න යන්න.උඩු හිත අමාරුවෙන් ගමන නවත්තන්න උත්සහ කලත් මේක යන්න ඕන ආයාසයෙන්ම හිතුන දෙයක් නවත්තන්න අමාරු නිසා ජසියක් ගන්න මුවාවෙන් ටවුමට පැනලා යාලුවොගෙන් බේරෙන්න පුලුවන් උනා.

දැන් ඉතින් හිතේ ඉන්න උඹයි මමයි විතරයි.
වෙනදට ඇත්තටම උඹ එක්ක අතින් අල්ලන් එහෙ මෙහේ ගියපු මේ ටවුමෙ අවුරුදු ගානකට පස්සෙ මන් විතරක් තනියම ආයෙම ඒ පාර දිගේම.උඹ නැති තනිකමත් එක්ක.හිතට මොකක්දෝ වේදනාවක් දැනෙනව උනත් උඹයි මමයි ගිය පාර දිගේ ඔහේ ඇවිදගෙන යන දේ ඇරෙන්න වෙන කරන්න පුලුවන් දෙයක් මට තිබුනෙ නෑ.ඇත්තටම තිබුනෙ නෑ.

කොහෙටද යන්න ඕන මන් මගෙන්ම ඇහුවෙ ඔහේ පාර දිගේ ඇවිදින එක කිසිම තේරුමක් නැති නිසා.පාර කෙලවර තියන පලතුරු කඩෙ ඇස ගැටුනෙ එකම එක මතකයක් නිසා.

“❤අනේ මට අඹ අරන් ඕනි”

“ඉන්නකො ඉන්නකො ඉතින්”

“❤අනේ මට ඕනමයි.”

තාමත් ඒ වචන කනට කොඳුරනව වගෙ.

කාලෙකට පස්සෙ පලතුරු කඩේට ගිහින් අඹ ගෙඩියකුත් අරගෙන ආයෙම හැරුනෙ පල්ලිය පැත්තට.

ඒ දවස් වල පල්ලියෙ දේව මෙහෙය අහගෙන හවස ඈතින් මිටියාවතට ඉර බහිද්දි පහලින් මීදුම.මැද්දෙන් ලස්සනම ලස්සන රේල් පාර දිහා බලාගෙන පල්ලියෙ මල් වත්තෙ මැද්දෙ තියන බන්කුවේ ඉදගෙන මට තුරුල් වෙලා කතා කරන්න උඹට තිබ්බෙ මාරම ආසවක්.

විනාඩි පහකින් අවුරුදු පහක් ආපස්සට ආයෙමත් මම ආවෙ ඉස්සර තිබ්බ පල්ලියේ බන්කුව උඩට. කිසිම දෙයක් වෙනස් නොවී එහෙමමයි දෙවදාර ගස් පේලිය චුටිම චූටී මල් පාත්ති ටික සමාදානයේ සැතපෙන ඉංග්‍රීසිග්‍ර්රීසී නෝනා මහත්තුරූ.හුලගෙ සද්දෙට අරුක්කු වල ලී චිරි චිරි ගාන පරන පල්ලිය.හැමදේම ඒ විදියමයි.උඹයි මමයි තුරුල් වෙලා හීන මවපු බන්කුව උඩ මන් ඒ මවපු හීන ටිකම හිතේ තියාගෙන.කල්පනා කලේ උඹ මට ගත්ත අන්තිම කෝල් එක.

“❤සුදු මහත්‍තයා.මට සමාවෙන්න ”

“ඇයි මැණික මොකද මේ දුකෙන් වගේ”

“මාවත් අවුල් නොකර කියන්නකො ළමයෝ”

“❤මට ගෙදරින් යෝජනාවක් ඇවිත්
මට සමාවෙන්න මට එකට කැමති වෙන්න වෙනවා ගෙදරින් කොහෙවත් හෙල්ලෙනවත් විදියක් නෑ.මට සමාවෙන්න”

එහා පැත්තෙන් දිගටම අඬන සද්දෙ
කිසිම දෙයක් කර කියා ගන්න බැරි මම ආයෙම බැලුවෙ මේ හීනයක්ද කියන එක.උඹ තාමත් එහා පැත්තෙන් අඬන සද්දෙ

“මොනවද මැණික කියන්නෙ කොහොමද මන් උඹ නැතුව ඉන්නෙ?”

හිත එකතු කරන් අහන්න පුලුවන් උන එකම වචනේ ඒක.

“මගේ තාත්තා ලෙඩින් සුදුමහත්තයා මන් ඒ ගැනත් හිතන්න ඕන.හැම පැත්තෙන්ම මන් අසරණයි. ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි පරිස්සමින් සතුටින් ඉන්න.”

පේලියට මතක ඔක්කොම එද්දි හිතට දාරා ගන්නත් අමාරුවෙන වාර අනන්තයි.ඒ තමයි මන් උඹෙත් උඹ මගෙත් කටහඬ අහපු අන්තිම පාර.උඹ තාමත් මේ කොහේ හරි කාත් එක්කම හරි සතුටින් ඇති මට ඕනි එකම දේත් එක විතරමයි.

හිස් බන්කුවට වෙලා ඔහේ ඈත බලාගෙන කල්පනා කලේ උඹ නැතුව ජීවත් වෙන්න විදියක් නැති උනත් අනාගතේ වෙනුවෙන් උඹ ඉල්ලපු එකම එක මන් සතුටින් ඉන්න බලාපොරොත්තුව වෙනුවෙන්වත් හිත නිදහස් වෙන්න ඕන නේද කියලා.

තාමත් පරන මතක එකින් එක හිතට එන්නෙ පෝලිමට…….උඹ එක්ක කෝලම් කර කර ඇවිදපු තුරුලට වෙලා හවස් වෙනකන් අනාගතේ ගැන හින මවපු. පාරවල් දිගේ කන්න ආසම කෑමක් අරන් පිස්සුවෙන් වගේ ඇවිදපු හැම මතකයක්ම එන්නෙ පපුව කඩාගෙන යන වේදනාවකින්.

එත් උඹයි මායි ආසම එකම තැන මේ බන්කුව.

අවුරුදු පහකට පස්සේ බන්කුව උඩම පරන මතක ටික සේරම දිග ඇරෙන්නෙ එකින් එක.

“❤සුදු මහත්තයා මාව නැති උනොත් ඔයා මොනාද කරන්නෙ”

“අනේ මේ ගොන් කතා කියන්න එපා ”

ඒ වෙලාවට දැනෙන්නෙ දුකක් උනත් තරහක් හිතේ මවාගෙන ඒකට උත්තර දෙන්නෙ ඇත්තටම උඹ නැති ලෝකයක් ගැන හිතන්නවත් විදියක් නැති නිසා

“එහෙම නෙමේ මම නැතත් ඔයා පරිස්සමින් සතුටින් ඉන්න ඕන.”

ආයෙමත් තරහ මූන පෙන්නන්න කලින් නළලට කිස් ගොඩාක් දීලා ශේප් කර ගන්න එක එයාගෙ පුරුද්දක්.

ඇත්‍තටම උඹ කියපු දේ හරි.උඹ නැතත් මන් සතුටින් ඉන්නවා දකින්නයි උඹට ඕනි.

4න් එකත් අතට අරන් උඹත් එක්ක ගත්ත පරිස්සමට අරන් තියන් ඉන්න පොටෝ දෙක තුනක් ආයෙම බැලුවෙ උඹ නැතුව හිතට වද දෙන පාලුව පුදුම වේදනාවක් උන නිසා.අන්තිම පොටෝ එක මේ බන්කුව උඩම උඹයි මායි ඒ දවස් වල ගෙවුන සැහැල්ලු ජීවිතේ දැන් එන්න එන්නම විනාශ වෙලා.ඒ උඹයි මායි ගත්ත අන්තිම පොටෝ එක.කඳුළක් නැතත් ඇස් දෙක පියාගෙන කල්පනාවට වැටුනෙ උඹ එක්ක ගෙවුන සැහැල්ලු ජීවිතේ මතක් වෙද්දි හිතට පුදුම විදියට වේදනාවක් නිසා.

ආයෙම මොකද්දො හිතට වද දුන්න මතකයක් නිසා අසිහියෙන් උඹේ නම්බර් එක ටයිප් කරලා කෝල් එකක් ගත්තෙ කටහඬ අහලා තියන්න හිතාගෙන හරියට අන්තිම කෝල් එකෙන් අවුරුදු පහකට පස්සෙ.

This number is not rechable

එක අතකට එහෙම උන එකත් හොඳයි උඹේ කටහඬ ආයෙම එකම එක පාරක් හරි ඇහුනනම් මන් හිතින් ගොඩ එන්න බැරිම තැනකට ආයෙම වැටෙන්න ඉඩ වැඩී.

ඉස්සර උඹ ගමේ එද්දි මාත් උඹ එක්කම ගමට ඇවිත් හොටෙල් කාමරෙක ඉදන් උඹ හැමදාම ටවුන් එකට එද්දි උඹව බලන්න ඇවිත් නිවාඩු ඉවර වෙලා ආපහු යද්දි උඹ එක්කම යන්නෙ උඹට තිබ්බ ආදරේ කියාගන්නම බැරි නිසා.

මේ මතක අවුස්සන එක දැන්වත් ඇති මමම හිතට කියා ගත්තේ දැන්වත් උඹෙන් තොර ලෝ‍කයක් ගැන අමාරුවෙන් හරි හිතන්න ඕන නිසා.මන් කොහොම හරි උඹ නැතුව උඹ එක්ක ඉන්න පුරුදු වෙනවා හිතට තදින්ම කියා ගත්තේ උඹ එක්ක හීන මවපු බන්කුව උඩදිමයි. ඈත බලාගෙන ඉදපු කල්පනාවට සමුදෙන්න උනේ යාලුවොන්ගෙන් ආපු කෝල් එකෙන්

“කොහෙද බන් ඉන්නෙ උඹ ජසී මහනවද”

“හරි හරි බන් විනාඩි පහයි මන් එනො.”

පරන බන්කුවට දේවදාර ගස් වලට චූටිම චූටි පල්ලියට සමු දුන්නෙ ආයෙමත් එන්න හිතාගෙන උනත් ආයෙම එද්දි උඹේ මතක නැති වෙලා තියනවනම් මේ ජීවිතේ ආයෙම සැහැල්ලු වේවී කියලා හිතුනෙ උඹ එක්ක ගෙවුන මතක සේරම හිත පිරෙන තරම් ගොඩ ගැහිලා නිසා.

ඉතින් සුදු මැණික උඹ නැතත් පරන තැන් වලදි මතකෙ එක්කම ආයෙම හම්බෙමු. උඹටත් අදටත් ඒ මතක හිත අස්සෙම එහේ මෙහේ දුවනවා ඇති.

“❤මන් එනකම්.ඔයා
පරිස්සමින් සුදු මහත්තයා.”

බන්කුව ළග ඉදලා යද්දි හැමදාම කියන වචන ටික ආයෙම මගෙ හිතට ආවෙ ආයාසයෙන්.උඹනම් සුදු නෝනා හිත නිවන ඉනාවක් උනත් කාලෙක දැන්නම් හිත අවුලවන මතකයක්.උඹ නැතුව උඹ එක්ක ඉන්න මේ ජීවිතේ කවදා හරි උඹ නැතුවම ඉන්න පුලුවන් තැනකට ආවම ආයෙම උඹ එක්ක කතා කරපු මේ බන්කුව ළගට එන්න හිතාගෙන පල්ලියට සමුදුන්නෙ එදා වගේම ආපස්සට හැරෙන්නෙම නැතුව.

යාලුවො කෝල් පිට කෝල් දෙද්දි ආයෙම පැය ගානකට පස්සෙ හොටෙල් කාමරේට පැන ගත්තෙ ජසියක් මහන්න උනා බන් කියාගෙන.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වේදනාවත් එක්කම ජීවත් වෙනවට වඩා උඹ එදා දුන්න ආදරේ හිනාව හිතේ තියාගෙන මතක හිත කොනකට හිර කරගෙන ජීවත් වෙන්න තීරනය කලේ උඹ නැතුව ජීවිතේ ගෙවන්න බැරි උනත් ආයෙම නැගිටින්න ඕනම කාලෙ දැන් අැවිත් කියලා මටම ඒත්තු ගැනුන නිසා.

#ඉතින් සුදු නෝනා උඹත් මාත් මේ ලෝකෙ කොහේ හරි සතුටින් ජීවත් වෙයි.ඒත් උඹ එක්ක මතක ගෙවුන තැන් ඒ විදියටම උඹෙත් මගෙත් මතක හිර කරගෙන උඹයි මමයි ආයෙ එනකන් මග බලාගෙන ඉදීවී.

“❤බන්කුවට අපි නැතුව පාලු ඇති”

උඹ හැමදාම එතන ඉදන් අාවම කියන වචනෙ මට තදින්ම හිතට වැදුනෙ දරාගන්න බැරි පාලුවක් එක්ක.

ඇත්තටම සුදු නොනා බන්කුවට අපි නැතුව පාලු ඇතී……………………❤

පරන මතකය
එක්ක තාමත්
පරන තැන් වල
මන් ඇතී
පරන මතකය වෙනස් නොවුනත්
නුබ වෙනස් වී ගොස් ඇතී

පරන තැන් වල තිබුන මතකය
හිත පුරා දිව ගොස් ඇතී
නුබට අමතක මතක
එක්කම එකම තැන තව මම ඇතී……….❤

#නොරිදවා නොරිදවී ජීවත් වෙන්න❤

-තරී❤-

186 thoughts on “සුදු නෝනා ❤ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020”

        1. සෙසඳි

          තරියෝ….. ඔයා කියලා තියෙන දේ හරියටම හරි…. හැමෝටම පතන හැමදේම ලැබෙන්නෙ නෑ… ඒ නිසා හිමි වෙන දේට වඩා අහිමි වෙන දේවල් වැඩී… ඒ වල මතකත් වැඩි… අපි ඒවා අමතක කරන්න හදද්දි වෙන්නෙ තව තවත් ඒවා අපිට මතක් වෙලා අපේ හිත රිදෙන එකම විතරයි… ඊට වඩා ඒ මතක හිතේ තියන් ජීවත් වෙන එක සුන්දරයි….

    1. උක්කූං පුතා(SuMi )

      බෑනේ මේකිත් එක්ක කරන්න මොකුත්… anyway සුබපැතුම් හරිද

  1. උක්කූං පුතා(SuMi )

    අනේ ඒක කියවලා ගොඩක් දුක්වුණා.. මේ වගේ ආදර කතා ජීවිත කොච්චර තියෙනව ඇතිද.. හිතාගන්න අමාරුයි අපි ගෙවන මේ ජීවිතය..ඔයා ලියපු පලවෙනි කතාව මම හිතන්නේ මම කියවපු ඇත්තටම හරිම ලස්සනයි හිතට දැනුනු තවත් කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා.. තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

        1. නිෂා සශී ?

          කෝ කෝ උක්කුං පුතා…… එන්න එන්න කෝ ජොලි දාන්න එන්නෝ.?

          1. නිෂා සශී ?

            කිඋයන්කො මොකද්ද දාන සෙල්ලම කියල ✋

          2. උක්කූං පුතා(SuMi )

            නිෂා නංගියෝ කෝ අනේ අපේ පරණ සෙට් එක.. දාමු දාමු ජොලි

        1. උක්කූං පුතා(SuMi )

          කැකුළි මලා දැන් වෙන කැකුලියට ට්‍රයි කරනවා

          1. උක්කූං පුතා(SuMi )

            කුකුළට කොහොමත් ගැලපෙන්න කිකිලියෙක් තවම මට හරියන කිකිලියෙක් ලැබුනෙ නෑ ඒකයි ??

          2. අපොයි ඔහොම යද්දි සුපිරි කිකිලියක් සෙට් වෙයි.?
            ඔන්න කිකිලියෝ ඉන්නවනම් චුට්ටක් ට්‍රයි කරලා බලන්න…

          3. උක්කූං පුතා(SuMi )

            මගේ දඟ සෙට් එකේ ඉන්නේ කිකිළියො නෙවෙයි බස්සියෝ

          4. සෙසඳි

            කැකුලි මලා ?????? අපරාදේ කිව්ව නම් මාත් එනවා දවස් 7 නයිට් 1 ගහන්න… චොකලට් බිස්කට් 1 කන චාන්ස් 1 ඔයා නැති කරේ… කිව්වෙ නෑනේ…

          5. කොහෙන් කියලා ඔයාට ගැලපෙන කිකිළියක් හොයන්න ද???? කුකුල් හාමි

          6. උක්කූං පුතා(SuMi )

            සෙසදි ඒකිට corona හැදිලා මැරුණේ ඒක නිසා පැය 24ක් ඇතුලත වැඩේ කරා ??

      1. උක්කූං පුතා(SuMi )

        හා nooranuh නංගියෝ කොහොමද ඉතින් ගොඩක් දවසකට පස්සේ නේද

        1. Hehe ඔව් නේ අයියේ…ගොඩක් කලෙකට පස්සේ….ඔයත් එක්ක සෙල්ලම් කරන්න හිටියේ…හැබැයි නිෂා angel අක්කි මහී අක්කි ඔක්කමා ලෙඩ වෙලා නේ ☹️

          1. උක්කූං පුතා(SuMi )

            මාත් එක්ක සෙල්ලම් කරන්න..???

          2. උක්කූං පුතා(SuMi )

            අපෝ ඒ මොන වගේ සෙල්ලම් ද.. පිස්සුද නංගියා මේ සෙට් එක කවදාවත් නිදාගන්නෙ නෑ.. බස්සියෝ ටිකක් ඉන්න රෑට නිදි මරනවා

          3. එහෙම නිදි මරන්න හොඳ නෑ මගේ හූනු කොල්ලා වෙනුවෙන් ලස්සනට ඉන්න එපැයි

        2. ඔයා දන්නේ නෑ නේ අයියා ? අපි සෙල්ලම් කරනවා….අලුත් සෙල්ලමක්…එනවද?

          1. ? කියන්නේ නෑ…මන් දෝයියන්න යනවා අක්කි

    1. අනේ අයියේ ඔයාට කොහොමද?
      මට ඔයාව බලන්න එන්න බැරි වුණා නේ ගොඩ කාලෙකින්…..ඇප් එක ෆෝන් එකට support වුණේ නෑ….කෝ අයියේ ඔයා?

      1. උක්කූං පුතා(SuMi )

        එහෙමද නංගි ආයෙත් එන්නකො අපි ඔක්කොම ඉන්නවනේ ඔයත් පරිස්සමෙන් එන්න ඕනේ හරිද

        1. මං යනවා good නයිට් අයියේ…පරිස්සමින් ඉන්න දෙවි පිහිටයි♥️

      1. Hashini navanjana

        කතාව නම් තවම කියෙව්වේ නෑ.. බබෝ.. අක්කෙක්ද නංගියෙක්ද දන්නේ නෑනේ..? ගොඩාක් ගොඩාක් දවසකින් කතා අහුර පවුලට ආවේ… අදුරන අය තවම ඉන්නවද මංදා.. ? ගොඩාක් කතා තියෙනවා කියවන්න. කියවලම කමෙන්ට් දෙන්නම්කෝ.. ?

  2. ආදර කතා කියක් නම් මෙහෙම විසදිලා ඇත්ද.ආදරේ කියන්නේ අයිති කර ගැනීම ම නෙවේ පරිත්‍යාගය කියලා මං හිතන්නේ.සමහර අය ආත්මාර්ථකාමීකමින් ගොඩක් ආදරේ කරන අයව රිද්දලා යනවා.ගොඩක් ලස්සනයි කතාව.තවත් කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබේවා

    1. කතාව ලස්සනයි .අපි කාටත් පොදු දෙයක්.බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නෙ නෑ.නොහිතන දේවල් තමා වෙන්නේ .කතාව නියමයි.සුබ පතනවා හදවතින්ම ඔයාට.සතුටින් ඉන්න .
      ජේසු පිහිටයි !!!!????

      1. නිෂා සශී ?

        ආ අයේ අක්කී කෝමෙ කෝ ඔය සූටි මූණ පොඩ්ඩක් පෙන්නන්නකෝ…..?

          1. නිෂා සශී ?

            හම්මේ හිනාවෙ ලස්සන. අක්කි දත් මැන්දෙ නැ නේද මං දැක්ක පණුවෙක් අත වනනවා වගේ ???

          2. අන්න නංගා හරියටම කිව්වා.අදට හරියටම සතියක් දත් මැද්දේ නෑ ????

      1. මං සින්දුව ක් කිව්වොත් අයියා ට මාස ගානකට නින්ද යන් එකක් නෑ ? එතරම් මිහිරි

  3. නිෂා සශී ?

    කතාව ලස්සනයි සුබ පතනවා අක්කියෙක් වෙන්න ඇති නේද ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ?????

    1. උක්කූං පුතා(SuMi )

      නිෂා නංගියෝ ඔයාට කොහොමද අසනීප වෙලා කියලා ආරංචියක් ආවා දැන් හොඳයිද. තෙරුවන් සරණයි ඔයාට

  4. කතාව නම් ගොඩක් දුකයි හිතට වැදුනා ….හැබැයි සැබෑ ජීවිතේ මෙහෙම ආදර කතා ගොඩක් තියෙනවා?? කතාව ගොඩක් ලස්සනයි …. All the best තවත් ලස්සන කතා ගොඩක් ලියන්න ♥️♥️♥️♥️♥️♥️

          1. කෝ bn සෙල්ලම් කරන්න අයියා සඳ අක්කි ඉන්නවා කිව්වා නේ….

          2. නිෂා සශී ?

            දැන් ඉන්නෙ මං විතරද තරහ යනව අප්පා මෙව්ව දැකලා ?

          3. අයේෂා අක්කියෝ ඔයාට දෙන්නම් බුරියානි ??

          1. සෙසඳි

            මං ආවෝ… මහ හොර උන් ටිකක් මේ ඇප් එකේ ඉන්නෙ… හිත රිදුනා මගේ.. මං තමයි එද්දි ඔක්කෝටම එන්න කියාගෙන එන්නෙ… මෙයාලා ඇවිත් ජෝගී දාලා ඉවර වෙද්දි තමයි මට එන්න කියන්නෙ… ඔහොම යන්කෝ…. ?????? දැන් දන්නවා මං කස්ටියගෙ විදිහ… නපුරෝ….

          2. උක්කූං පුතා(SuMi )

            කවුද කිකිළි හොයනවා කිව්වේ මට මතක නෑනේ

          3. අක්කී මටත් කීවේ නෑ ඔය හිටියට. මං අහන්නේ ඔයා 1st වෙලා නිකමටවත් කතාවක් දාලා තියේ කියලා කීවද

          4. උක්කූං පුතා(SuMi )

            සෙසදි නංගියේ ඒකනම් ඇත්ත.. මාත් මේ නින්දෙන් මේ පැත්තෙ අවේ එතකොටයි දැක්කේ.. දැන්නම් ඉන්න අමාරුයි නීදි දෙවිදුව මට හඬ ගහනවා නිදාගන්න

          5. සෙසඳි

            ඇයි දිල් 4n 1 කැඩිලා කිව්වෙ… ඒකයි මංං කිව්වෙ නැත්තෙ… අනික මං කිව්වා නේද දෝගන්න කියලා… මං හිතුවා දෝ ඇති කියලා…

          6. සෙසඳි

            කමක් නෑ කමක් නෑ … අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් කියන්නෙ මේවට තමයි… ලොකූගෙ නිදි දෙව්දූ කොයි වෙලේද අඬගහන්නෙ නැත්තෙ… කොයි වෙලෙත් නිදි දෙව්දූ තුරුලෙමනේ…

  5. Gdak adara katha mehema tamai ane gdak dukai eka kiyeuwama et adare kiynnet aithi kara ganimama newine durin idan hri api adare karana kena diha balan apota sanasenna puluwan nm etana punchiyta hri sanasimak tiynva katawa hithatama wadinva ane mehema adara katha oni taram tiyenwa me loke mnwa krnnda itin wen wenna tiynva nm wen wenna wenvamai eka katawat walakvanna ba adare kiynnet parithyagayakne
    Hamoma sathutin parissamin inna budu saranai me katawa kiyeuwama gdak dukai ane mta ??????

  6. උක්කූං පුතා(SuMi )

    කතාව නම් හරිම ලස්සනයි… සැබෑ ජීවිතයේ මේ වගේ කතා කොච්චර ඇතිද.. හැමදාම මේ වගේ ලස්සන කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා..

    මම මහිංසා

    1. සෙසඳි

      මගෙ අක්කි… මට නම් දුකයි.. ඔයා කිව්වෙ නැත්තං කියන්න කවුරුත් නෑ …

      1. ? චූටි ?

        අයියා අක්කීගේ පාට් එක කලනෝනේ….අක්කී එනකම් අයියා ඒක කරයි….????

          1. අනේ දිල් අක්කි ජීවිතේ ඔහොම තමා? හැමෝටම ගොඩක් ප්‍රශ්න වගේම දුක් වේදනා විඳින්න වෙනවා….හැමෝටම ඒවට මුහුණදෙන ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ♥️
            මගේ අක්කි දුක් වෙන්න එපා ?

          1. සෙසඳි

            මේ ටිකේ දිල්ගෙ පිස්සුව තද වෙලා … ඔයිල් ගන්න යන්න විදිහක් නෑලූ ඇඳිරි නීතිය නිසා .. ????

          2. උක්කූං පුතා(SuMi )

            මොකෝ කියන්නෙ තොවිලයක් නටමුද

    1. ?????කතාව ගොඩක් ලස්සනයි. ????
      මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා.
      පරිස්සමින් ඉන්න.
      බුදු සරණයි

  7. උක්කූං පුතා(SuMi )

    ? හරිම ලස්සන කතාවක්
    ❤️ ගොඩක් දුක කතාවක්
    ? මේ වගේ කතා කොච්චර ඇතිද
    ? අපේ ජීවිත වලත්
    ? මේ වගේ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    මම
    හිමාෂි මදු

  8. ? චූටි ?

    හමුවීම වෙන්වීමක් කරමින් සුදු නෝනා
    නුඹ මාගෙන් බෝදුර ඈතට පිය මැන්නා
    මතකය අතරේ තවමත් මං නුඹේ හින්දා
    මතකය සිහි කරමින් යලි ඒ මඟ ආවා

    මතකය තවමත් ඇත රජවීලා
    නුඹ රුව ඇත හද තුල මැවිලා
    පෑරෙයි සිත අදටත් ගැස්සීලා
    බංකුව ඇත තවමත් හිස්වීලා

    කතාව ගොඩක් හිතට වැදුණු දුක්බර කතාවක් ….ලස්සනට ගලපලා තියෙනවා ..දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා….සුභ රාත්‍රියක්…

    1. උක්කූං පුතා(SuMi )

      කොමෙන්ට් කරන විදිහට නම් මට තේරෙන්නෙ අපි දන්න කෙනෙක් මෙයා.. මට හිතෙන්නෙම අපේ ලොක්කි කියලා මේ

          1. ? චූටි ?

            නෑ මං අයියගේ චූටි …??? හැමෝම මං කවුද කියලා හොයලනේ…ඒ පද ටික ගැලපෙනවද කියලා බලන්න කවුරුත් ඉඳල නෑ ….කවුරුත් …දකින්නට නැතුව ඇති ..අක්කී හිටියා නම් මෙහෙම නෑ ..

      1. උක්කූං පුතා(SuMi )

        අනේ මේ අපේ විදු නංගි නේද.. ගොඩක් කාලෙකට පස්සේ.. අයියා අමතක කරලා ගියානෙ මට හරි වේදනාවයි ?

        1. ? චූටි ?

          ආ…අනේ සොලි අයියා …මට බැන්නානේ හැමෝම ..මං ගියේ නෑ …පැත්තකට වෙලා හිටියා .මං හිතුවේ ඔයාට අමතක වෙලා ඇති කියලා මාව…???

        2. ? චූටි ?

          කොතනද වේදනා ….මටත් වේදනයි. අයියා මුකුත් කියලා නෑ …මගේ කවි ගැන…..???

    2. සෙසඳි

      ලස්සනයි මැණික වචන ටික.. ඒකත් අමතක උනා නම දැක්කම… කවුද මේ…? නම කියහන් බං… ආශිද?හිමාශිද? වෙන කවුරු හරිද?

      1. ? චූටි ?

        වෙන කවුරුහරි ….ස්තූති දිල්, සෙසඳි…දෙන්නටම…..ඒත් මං කියලා කියවගත්ත එකක් …ඒ හින්දා මට නම් සතුටු නෑ ….

        1. සෙසඳි

          එහෙනම් අපිටත් ස්තූතිය එපෝ….. සමාවෙන්න මැණික … ඔයා විදුසහනිද? ඒත් පැත්තකට වෙලා ඉන්න තරම් කවුද අනේ ඔයාට බැන්නෙ? ???????? මහී අක්කිගෙන් අහන්න ඕනේ… මේ මහිංසා ගැන

  9. මේ තනිකම මැද්දෙන්
    මං…. ❤❤❤
    යනවා හෙමිහිට දැන්
    මට ඕනේ…❤❤❤
    නුඹයි මං ජීවත්
    වෙන්නට නම්…❤❤❤
    මං ජීවත්
    වෙන්නට නම්…❤❤❤

  10. ♥️පුංචි සුරංගනාවි♥️

    කතාව හරිම ලස්සනයි.. මෙහෙම වැලලුණු ආදර කතා කොච්චර තියෙනවා ඇතිද..මගෙ හිතත් එක මතකයක නැවතුනා.. හරිම ලස්සනයි කතාව..
    ආදරේ කරන කෙනා වෙන කෙනෙකුට අයිති වෙනවා කියනිනෙ උහුලන්න පුළුවන් වේදනාවක් නෙවෙයි..හරි දුකයි මට..
    ඉතිං නංගියෝ..මේ වගෙ තව ලස්සන කතා ගොඩක් ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    දෙවි පිහිටයි ඔයාට..
    ආදරෙයි පැලෙන්න.

    1. උක්කූං පුතා(SuMi )

      අනිවාර්යෙන්ම නංගියා ඔයා අලියටම හලි.. ආදරය කරපු කෙනෙක් කවදාවත් තව කෙනෙක් ළඟට යනවට කැමති නෑ.. ඒ කෙනා හිතේ තියාගෙන තව කෙනකුට ආදරේ කරන්නත් බෑ.. ආදරය කරත් අනිත් කෙනා දුක් විඳින එක විතරයි ඒකෙන් වෙන්නේ… ඇත්තටම මේ කතාව අපි ආදර්ශවත් නේද නංගියා.. ඔයාට කොහොමද angel nangiya

      1. ♥️පුංචි සුරංගනාවි♥️

        මං හොදින් අයියෙ..චුට්ටක් සනීප නෑ.. ගෑස්ට්‍රයිටිස්..

        1. උක්කූං පුතා(SuMi )

          අනේ එහෙමද නංගියේ කිරි එකක් හරි bonnako..

          මගේ දඟ සෙට් එක ඔන්න ඔයාලත් එක්ක සතුටු වුණා මම යනවා එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    1. Akki adanna epa adanna hethuvak awama wenadatat wada hina wela inna akki etakota tamai hoda apiva adavana ayta penna oni apiva kawadavat adavanna ba kiyla akkiyo parissamin inna ????????????????????????

      1. සෙසඳි

        තැන්කූ මැණික … ඒත් හැමවෙලේම පොඩී දේටත් ඉක්මණට කඳුළු එන්වා… පොඩි දේකට දුක හිතුනා… දැන් හරි… පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

        1. සෙසඳි

          මාත් යනවා කස්ටිය පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ගුඩ් නයිට්

  11. නයෝ මධූ

    හැමෝටම ජීවිතේ හිතන දේවල් වෙන්නෙත් නෑ. ඒත් නොහිතන ගොඩක් හොඳයි කියලා හිතෙන දේවල්නම් වෙනවා. දුකයි කතාවනම්. මං දැන් ඇප් එකට ආවේ. ඊයේ එන්න බැරි වුනා අනේ. කතාව ලස්සනට ලියලා තියනවා නංගියෝ.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.