Katha Ahura

බඹර ඉසව්ව | 59 කොටස | නවකතාව

5/5 - (1 vote)

” කොහෙද විභූ මේ ..”

”ඇයි අහන්නේ ..ඕනම තැනක යන්න එනවා කිව්වා නේද ..”

මගේ ප්‍රශ්නේට විභූගෙන් හම්බුනේ ආයෙම ප්‍රශ්නයක් …

චන්ඩියෙක් වගේ විභූ ඒක කිව්වේ මට ඔච්චමට වගේ ..
මන් ඒකට හිනාවුනා .. ඇත්තටම විභූගේ මූනෙ තිබ්බ සතුට මට පෙනුන නිසා ..මගේ හිතේ තිබ්බේත් සතුටක් ..
ඒ වෙන කිසිම දෙයක් හින්දා නෙමේ ..මගේ කියලා මටම අයිති උන විභූ වගෙම අපේ පවුල ලස්සන කරන්න බලාගෙන ඉන්න .. මගේ පැටියා නිසා

විභූ කියපු දේට
“ඇත්ත බයක් නෑ දැනගන්න ඕන නිසා ඇහුවේ කියලා කියන්න ඕන උනත් “මන් නිස්සද්ද වෙලා වට පිට බැලුවා ..

පුරුදු පාරකින්ම ටිකක් ඉස්සරහට යද්දී මන් බෝඩ් කීපයකයම තිබ්බේ ගම්පහට නුදුරු ටවුන් එකක නමක්

“යක්කල ”

කඩවල් කීපෙකම සදහන් වෙලා තිබ්බා .
ගම්පහට ලගයී ..
සමහර විට අපේ නිවාසෙට වෙන්නැතී …
සීලා ආන්ටී ව බලන්න එක්කන් යන්න වෙන්නැතී..

මන් එහෙම හිතුවේ .. විභූ මේ හැමදේම කරන්නේ. මගේ සතුට වෙනුවෙන් කියලා දන්න නිසා
හිතේ තිබ්බේ සතුටක් ..
අපේ නිවාසේ ආයෙම .. ලස්සනට තියෙනවා දකින්න ලැබුන එකත් ලොකු දෙයක් නේද කියලා මතක් වෙද්දී පපුව හීල්ලෙන්න වගේ ආවා ..
මොකද ඒ තමයී මගේ ගෙදර ..
එකපාරම මගේ අවධානය බිදුනේ මගේ බලාපොරොත්තු වුන තැනට වඩා වෙනස් තැනක විභූ කාර් එක නවත්තපු නිසා

ඉස්සරහ තිබ්බේ
කලු පාට ලොකු ගේට්ටුවක් .. විභූ වාහනය නතර කරලා ..
එලියට බැස්සේ වචනයක් වත් කියන්නේ නැතුව ..
ගම්පහ ට ආවෙ නැති බව මට තේරුන නිසා මන් වටපිට බැලුවත
එහෙමම විභූ ගේට් එක ඇරලා ආයෙම ආවේ සීට් එකට …

“විභූ…”

මන් විභූගේ අත හයියෙන් අල්ලගත්තා …

බයට නෙමෙ ඒත් හිත නොසන්සුන් කියලා මට හිතුනා ..

“මහ ලොකු චන්ඩී නෝනා …”

උපහාසයෙන් දිලිසෙන ඒ මූන මාත් එක්ක ඔච්චමට කතාකලේ ..

විභූ වාහනේ ගේට් එකෙන් ඇතුලට දාද්දී මට දැකපු දෙයින් හීන් දාඩිය දැම්මා …

“දෙයියනේ ….
මන් ….
මන්.. කො…හො…මද.. මෙහෙම …
ස..ර්.ට මූණ දෙන්නේ …”

විභූ මාව එක්කන් ඇවිත් තිබ්බේ එයාගේ ගෙදරට ..
මට දැනුන අපහසුව වචන වලින් කියන්න පුලුවන් කමක් නෑ
මගේම වචන හිරවෙන්න ගත්තා
විභූ ඇයි මෙහෙම දෙයක් කලේ

වාහනේ ඒසී එකෙත් දාඩිය බින්දු පීදෙන්න ගත්තා

“අ…නේ … ව්….භූ අපි …යන්….”

ඇත්තටම මට බය හිතුනේ ..
ඉස්සරහාට මූන දෙන්න වෙන දේවල් ගැණ ..

මෝරපු කුසකුත් අරගෙන ..කොහොමද ..
මංගල ගමනක් යන්නේ.

අනික ..
මගේ ඔෆිස් එකේ .. ලොකු සර් ලගට …
ඇත්තටම මට මේ වෙලාවෙ බැන්නොත් දරාගන්න බෑ මට

මට ඇඩුනා ..
ඇස්වල කදුලු පොපියගෙන හිටියේ. වැටෙන්න බලාගෙන …

“දේ..දු… එන්න …
ඇයී මේ ….”

මගේ අත පය සීතල
වෙලා .. කකුල් අඩ පණ වෙලා ..
විභූ මාව අල්ලගත්තා
මට බැලුනේ ගේ දිහා

ව්භූ ඒ උනාට වෙනදට වඩා නිමිලා .. මාව සන්සුන් කරන්න වෙන්නැති කියල්ස හිතුනා

ඒත් එක්කම මන් දැක්කේ ගෙදර ඉස්සරහ ඉදන් එක අතකින් පත්තරෙත් අරගෙන .. අපි දිහා එක එල්ලේ බලන් ඉන්න සර් …

විභූ මට ශක්තියක් වෙනවා කියලා මම දන්නවා උනත් ..මේ. මන් කලේ ..ස්වාමියාට ද්‍රෝහී වීමක් …

විභු වාහනෙන් බැහැලා මගේ පැත්තේ දොර ඇරියා

” දේදූ බහින්න .. අප්පචිචී එනවා …”

මන් කාර් එකෙන් එලියට බැස්සේ නැති නිසාද මන්දා ..
මන් දැක්කා සර් දොර ලග ඉදගෙන මේ පැත්තට එනවා …

මොන දේට උනත් මන් මූණ දෙන්න ඕන …
අනේ ..ඇයී විභූ මාව මෙච්චර අසරන කරන්නේ …
මන් දන්නවා ..
මන් කලේ සර් ට සමාව දෙන්න බැරි වැරැද්දක්…ඒත් .. මට මේ තීරණය ගන්නම වෙනවා …

මන් හිතින් සර් ට හැමදේම කිව්වේ ..මූණට මූණ සිද්ද වෙන දේවල් වලට මට මූන දෙන්න බැරි නිසා …

මන් තද කරලා ඇස් පියා ගත්තා…

මොන දේ කිව්වත් අහන් ඉන්න හිතාගෙන මන් ඇස් පියාගත්තා ..

විභූ තවමත් හිටියේ මගේ අතින් අල්ලගෙන ?

“දුව…”

ලාවට වගේ ඇහුණ ඒ කරුණාවන්ත කට හඩ …
මට හීනයක් ද කියලා හිතුනා ..

මගේ ඇස් දිගේ බේරෙන කදුලු .. තවත් අතෝරක් නැතුව ගලනවා ..

මට ඇස් ඇරගන්න බැරි තරම් ..
මොකද්ද උනේ කියලා හිතාගන්න බැරි තරම් ..

“බබා..බබා….”

මාව කවුදෝ හයියෙන් හෙලෙව්වා ..
මන් බයෙන් වගේ ඇස් ඇරියේ ..

දෙයියනේ .. මගේ මූණ ඉස්සරහා ඉන්න විභූ …

අප්පච්චී ….

මගේ මූණටම කරලා විභූ හිමීට කිව්වේ සර් ආවා කියලා .. මන් හැරිලා බැලුවේ ඒ කිව්ව ගමන්මයී …

අනේ …වෙනදා තරම් ඒ මූණේ තියෙන. කරුණාවන්ත කම අදත් එහෙමම ඒ මූණේ තිබ්බා …

“ස….ර්….”

මන් සර් දිහ බලලා එහෙම කියලා විභූගේ උදව්වෙන්. කාර් එකෙන් බැස්සේ …

පිම්මටම මන් සර් ව බදාගත්තේ ඇස්වලින් කදුලු දෝරේ ගලද්දී …

මටපුදුම හිතුනා ඒ කරුනාවන්ත කමට

මේ සෙනෙහසට මන් ලෝබයී
කවදාවත් නොලැබුන සෙනෙහසක ..දරාගන්න බැරි තරම් පපුව හිරවෙන වේදනාවක් ….මගේ හිත ඇතුලේ පොරකනවා…

තාත්තා ගේ ආදරේ මෙහෙමද…

මේ විදියද …

මට හීනයක් වගේ ..
දැනුනේ …

“මගේ දරුවෝ දෙන්නා… ”

සර් කිව්වේ .. ඒ වචනේ විතරයී ..

ඒ වචන පේලියේ තිබ්බ ආදරේ මට මනින්න විදියක් නෑ ..ඒත් ඒ ආදරේ මන් මෙච්චර දවසක් ..පෙරුම්පුරපු තාත්තා ගේ ආදරේ …

“දේ..දු … යන් ගෙට …
ඔයා එන නිසා අම්මී .. ඔයාට දෙන්න රස කෑම උයලා … ”

කවදාවත් නැතුව විභූ අද හුරතල් වෙලා ..
ආදරෙ ලැබෙන කොට .. දරාගන්න බැරි තරම් ලැබෙනවා ..
මන් අද ඒක විදිනවා …

විභූ මගේ කරවටින් අතදාගෙන එයා ලගට අරගෙන සර් එක්කම දොර ලගට ආවා ..

එතකොටමයී ..
විභූගේ අම්මා ..
ගේ දොරකඩ ලග හිට ගත්තේ .. වතුර වීදුරුවකුත් අතේ තියාගෙන …

මට නුහුරු දේවල් .. විභූ නිසා මට ලැබෙන්න පටන් අරගෙන .. විභූ .. මන් දිහා බැලුවේ හරි අහිංසක විදියට …

එහෙමම අපි දෙන්නම අම්මාට දණගහලා වදින්න හදද්දී අම්මා මට එපා කියලා මාව අල්ලගත්තා ..
ඇත්තටම දැන් මට නැමෙන්න කරන්න අමාරු උනත් විභූගේ අම්මා අප්පච්චි වෙනුවෙන් මට ඒක අමාරුවක් නෙමේ

“දෙන්නේ ගුටී ….
මේ දෙවෙනි පාර .. .

විභූ මට එහෙම කිව්වේ රහසින් වගේ …

මන් විභූ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයකින් …

“මොකෝ.”

විභූ මාත් එක්කම සෝෆා එකෙ වාඩි වෙන ගමන් එහෙම ඇහුවමයී මතක් උනේ .. විභූ එහෙම කිව්වේ ඇයී කියලා …

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට මේ කාලය ගොඩක් අමාරු උනත් ..කවදාවත් නොවින්ද සෙනෙහසක් වෙනුවෙන් ..මට ඒක කරන්න පුලුවන් කියන හයියෙන් මන් හිටියේ …

මගේ හිත ඉබේටම සැහැල්ලු උනා ..
අලුත් හැගීමක් …
විභූ මට අයිති උනාටත් වඩා වෙනස් හැගීමක් ඒක …

කියන්න තේරුමක් තිබ්බේ නෑ

මට එහා පැත්තේ ඉන්න විභූ දිහා මන් බැලුවේ ..
ඉවසිල්ලක් නැතුව වට පිට බලලා ..

විභු ෆෝන් එක අතට අරගෙන මොකද්දෝ වැඩක වගෙ..
මන් ටිකක් වෙලා බලාගෙන හිටියා ..

“පුතා..
දැන් ඔක්කොම ප්‍රශ්න හරිද …?”

එක පාරම .. ගොරොසු හඩකින් කතාකලේ සර් …

“ගොඩක් දුරට අප්පච්චී .. ”

හ්ම් කමක් නෑ ..
ආයෙ කුලප්පුවෙන් දිව්වට කමක් නෑ ..
යනදිහාක යන්න ඕනේ මේ ලමයාව මෙහෙ තියලා .. ”

සර් අවධාරණය කරලා වගේ එහෙම කිව්වේ ..
විභූට තරමක් තදින්
ඒකට විභූ නිශ්ශබ්දව හිටියේ …

මන් බලන් හිටියා ..
විභු මොකක් හෝ දෙයක් කියයිද බලන්න ..

ඒත් එහෙම උනේ නෑ …
” දෝණි …
අනේ …
මගේදරුවෝ දෙන්නා .”

විභූගේ අම්මා මන් ලගින් වාඩි වෙන්න කලින් මගේ හිස අතගාලා එහෙම කිව්වේ හැබෑම ආදරෙන් …

“අපේ දෙන්නම.. සැරයී දෝණි ”

තවමත් ෆෝන් එකේ එබිලා ඉන්න විභූ වගේම එහා පැත්තේ ඉන්න සර් දිහාත් බලලා. විභූගේ අම්මා කිව්වේ .. මූනේ හිනාවක් පුරෝගෙන …

මන් හිනාවෙන් ඒක පිලිගත්තත් .. අම්මා කිව්ව කතාව ඇත්ත කියලා මේ කාලයට මන් අදුනගත්තා.. ඒ නිසා මන් විභූව හොදටම දන්නවා කියලා හිතුනා මට …

ඊලග කොටසට …

පියුමි සේනාදී …

11 thoughts on “බඹර ඉසව්ව | 59 කොටස | නවකතාව”

  1. Chamodya Madusanki

    ❤️❤️ කතාව ගොඩාක් ලස්සනයි අක්කියෝ..
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  2. සෙසඳි

    මං දැනුයි මැණික ක්තාව දැක්කෙත්.. කතාව කියෙව්වෙත්… හැමෝටම ගුඩ් මෝර්නින්ග් ?????? විභූගේ තාත්තයි අම්මයි නම් මාර හොඳයි අනේ…. දැන් කාලේ වගේ උනා නම් ගන්නෙ කොස්ස… ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.