Katha Ahura

සුරංගනාවි|කෙටි කතා|කතා අහුර රචක තරගය 2020

5/5 - (1 vote)

මේ මගේ පලවෙනි කතාව.හොදයිද කියලනම් දන් නෑ ඉතිම්.හොද නරක අනිවාරෙන් comment කරන්න.

         සුරංගනාවි

මම නමින් ප්‍රගීත් රශ්මික.ගොඩක් මිනිස්සු දකින්නෙ ජීවිතේ අඩු වයසින් විනාශ කරගත්තු කොල්ලෙක් විදිහට.

අපේ කෙළි මඩුව පාසල.A/L පන්ති වලට ළමයි භාර ගන්න දවස එදා.අපේ කොල්ලො කෙල්ලෝ ඔක්කොම එතන.අලුතින් කෙල්ලෝ ටික දෙනෙකුත් හිටියා.
අපේ සෙට් එකේ කොල්ලෝ හතර දෙනයි.නැව ගිලුනත් බෑං චූං  ගිලෙන්න ගිලෙන්න තවත් චූං තමා ඉතින් ඔක්කොම.වැරැද්දක් කොතනද අපි එතන.ඒත් සහෝදරයන්ටත් වඩා ලොකු බැදීමක් අපි ලග තිබ්බ.????

අපි හතර දෙනාම පැණිපාර දැම්මෙ අර අලුතෙන් ආපු කෙල්ලො පස් හය දෙනාට ???

” ඒයි තමුසෙලා ඔය මොකද කරන්නෙ ”
” කවුද බොල ඒ ”
අෆ්ෆට සිරි ඒ අපේ සදාදරනීය පිනා.ඔව් ඔව් ප්‍රින්සිපල්.වැඩේ මාට්ටු අපි හතර දෙනා දිහා බලන් නේද මේ කෑ ගහන්නෙ.
” නැගිටලා එනවා හතර දෙනාම ඉස්සරහට ”
” ඇ…ඇ…ඇයි සර් ”
” මෙහෙ එනව ඇවිත් ඉස්සරහින්ම වාඩි වෙනවා ”
වස නෝන්ඩිය කෙල්ලො ටික ඔක්කොම හිනා වෙනවා.මදැයි කෑල්ලක් සෙට් කරගන්න හැදුවා.පලවෙනි දවසෙම නෝන්ඩි උනා අලුත් කෙල්ලො ඉස්සරහා..කොහෙ හිටියත් ඉතින් අපේ ඇස්වලින්නම් කොහෙ බේරෙන්නද

මගේ ඇස් එක පාරම නතර උනේ අලුතෙන් ආව කෙල්ලො අස්සෙන් ලාවට පේන කවදාවත් දැකලා තිබුනේ නැති ඒ ලස්සන ඇස් දෙක ලග.??

නෝන්ඩියටද මන්දා කෙල්ල හිනියට හිනා වෙලා බිම බලා ගත්තා.ඒ හිනාවෙ පුදුමාකාර අහින්සක කමක් තිබ්බ.මං හිතින් ඒ හිනාව මගේ කර ගත්තා.ඒත් ඒ ආදරේ නිසාමද??නෑ මගේ සෙල්ලක්කාරකමට.

පසු දින පාසලේදී

මම ඊයෙ දැකපු අර ඇස් දෙක උදේම scl එනවා.අද තමයි ඒ ලස්සන හරියටම දැක්කෙ.ඇත්තටම සුරංගනාවියක් වගේ.
(ඇය නමින් ඉමේෂා දිල්‍ රුක්ෂි.සාමාන්‍ය උස තරමක් මහත,හීන් දෙතොල් හිනාව ඇත්තටම මිහිපිට සුරගනක්)

” මචං කවුද බං අර කෙල්ල ” 
” දන් නෑ බං ට්‍රයි කරලා බලපන් ”
” අපිට කොහෙන්ද බං ක්‍රීම් බනිස් ”
” පිස්සුද බං අවුලක් නෑ වචනයක් දාලා බලපන් ”
” ගුඩ් මෝර්නින් සුදූ ??මොකක්ද බං ඒ උනේ.ගනන්වත් ගත්තෙ නෑනෙ ”
” ඒකනෙ බං වෙන කෙල්ලො බලාගෙන ඉන්නවා උබ වචනයක් දානකන්.මේකි.ගනන්වත් ගන් නෑ ”
” ලොකුකම බං ඒකිගෙ අපිටත් මොකද බං.ඔය ගොන් ගස් ෆෝම් කරන් නැතුව හිටපන් “??
” මිදි තිත්තයි බං ”

පාසලේ විවේක කාලය

ඔන්න රැග් සීසන් එක පටන් ගත්තා.අපි ගියේ අලුත් කෙල්ලො සෙට් එක ලගට.
” ආ නංගිලා ”
අපි දැකපු ගමන් කෙල්ලො ටික ෆුල් හොල්මන්.කොහොමින් කොහොම හරි කෙල්ලො ටික සින්දුවකුත් කිව්ව.
මම ගියේ මගෙ සුරංගනාවි ගාවට.කෙල්ල බය වෙලා හොදටම.
” හායි ඒන්ජල්,නම මොකක්ද ”
” ඉ..ඉ..ඉමේෂා ”
” හෆොයි මේ මොකද මේ නම ඇහුවහමත් කෙල්ලො අඩනවද ”
කෙල්ලගෙ ඇස්වලින් කදුලු බේරෙනවා
” හරි හරි මැණික ඔන්න එහෙනම් අපි ගියා.”

හැමදාම මගෙ සුරංගනාවිව හම්බෙනවා ඒ උනාට කෙල්ල මූන උස්සලාවත් මං දිහා බැලුවෙ නෑ.

වෙනදා වගේම රස්තියාදුකාර ජීවිතේ ඒ වගේම ගෙවුනා.දවසක් ගෙදර ආපු ගමන් ෆෝන් එක අතට ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට.??facebook එකේ කෙල්ලෙක්ගෙන් request එකක්.මටත් මොකද කවුරු උනත් මොකද කියලා මාත් add කරා.

” හායි!! ”
මේ කවුද.අර request එක දාල තිබ්බ කෙල්ල.
” හායි!!කවුද ඔයා??මාව අදුරනවද?? ”
” මං ඉමේෂා ”
මේ මොකද මේ වැස්සි මට මැසේජ් කරන්නෙ.???
” ආ මේ අඩන බබානේ..මොකෝ මොකෝ අපිව මතක් වෙලා ”
” නිකන් ”

කොහොම හරි අපි යාලුවෝ උනා.දවසින් වැඩි හරියක්ම අපි දෙන්න කතා කරා මැසේජ් කරා.මටම පුදුමයි මූනවත් බැලුවෙ නැති කෙල්ල මේ විදිහට මාත් එක්ක කතා කරනවා කිව්වහම.

ඉමේෂාගෙන් මැසේජ් එකක්.
” ඔයාට කියන්න දෙයක් තියනවා ”
” කියන්න ”
” අනේ ප්ලීස් මං ගැන වැරදියටනම් හිතන්න එපා හරිද ”
” නෑ නෑ ලමයො කියන්න”
” මං ඔයාට ආදරේ කරනවා ”
මොකක්..මේ මොකද??දැන් මොකද කරන්නෙ.කමක් නෑ මාත් කැමතියි කියනවා.ටික දවසකින් අත අරින එකනේ.??

අපේ ආදරේට ටික දවසක් ගෙවිලා ගියා.

” මහත්තයෝ ඔයාගෙ ඔය ජරාව පාවිච්චි  කරන එක නතර කර ගන්නකො ”
” ඒ මොකටද ”
” අනේ මං නිසාවත් ප්ලීස්…ඔයාට ඔය දේවල් වලින් මොනවද ලැබෙන්නෙ.මගෙ හොද කොල්ලා වගේ ඔය මත්ද්‍රව්‍ය ඔයාගෙන් ඈත්ම කරලා දාන්න හාද ”
” පිස්සු හැදීගෙන එනවද ආ?? ඇයි ඔයාට ප්‍රශ්නයක්ද මං මොනව කරත් ඔයාට මොකද?? ”
” ඔහොම කියන්න එපා රත්තරනේ ඔයා මගේ පණ.මට ඔයාව ගොඩාක් වටිනවා.මට ඕනෙ තව එක දවසක් හරි ඔයා මගේ ලගින් තියා ගන්න ”
” අනේ මේ ”
” කියන්න ප්‍රගීත් ඔයා මං වෙනුවෙන් අපේ අනාගතේ වෙනුවෙන් වෙනස් වෙනවා නේද “??
” තමුසෙට පිස්සු හැදිලද මං යනවා??? ”

ඉමේෂා මොනවා කිව්වත් මට ඒ කිසි දෙයක් වැඩක් උනේ නෑ.මං මගේ ජිවිතය කර ගත්තෙ මත්ද්‍රව්‍ය.ඒ ඇස් ඉකි ගගහා අඩනකොට ඒ ඇස් මාවම හොයනකොට මං ඒ මොකුත් නොදැකපු ගානට එයාගෙන් ඈත් උනා.

මටත් පුදුමයි මං වගේ කොල්ලෙකට ඇයි මේ කෙල්ල මේ තරම් ආදරේ කරන්නෙ.

ටික දවසක් යනකොට තමා මටත් තේරුනේ මාත් එයාට ආදරේ කරන්න පටන් අරන් කියලා.කොයි තරම් මේ වගේ සම්බන්දකම් පටන් අරන් නතර කරන්න ඇතිද.ඒත් ඇයි මේ කෙල්ලව විතරක් මට මේ විදිහට දැනෙන්නෙ.මට එයාව අමතක කරන්න බැරිම තරමට මං එයාට ලං වෙලා මංවත් දන් නැතුවම.

මං ඉමේෂව එයාගෙ ආදරේ හොයාගෙන ගියා.ඔව් මං එයා ලගට ගියේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
” මට සමාවෙන්න.මට ඔයාගෙ ආදරේ තෙරුම් ගන්න බැරි උනා.ඔයාගෙන් ඈත් 
වෙලා හිටිය මේ දවස් ටිකට මට තේරුනා මට ඔයා නැති ලෝකයක් නෑ කියලා.මං වෙනස් උනා සුදූ.ඔයාගෙ මහත්තය ආයෙත් ඔයා ලගට ආවෙ පරණ ජිවිතේ ඈත්ම කරලා දාලා.”

එයා එක වචනයක්වත් කිව්වෙ නෑ.මගේ ඇස් දිහා බලාගෙන හිටියා විතරයි.

” මං දන්නව සුදූ මට සමාව දෙන්න බෑ කියලා.හ්ම්ම්ම්.පරිස්සමින් ඉන්න. ”
මම එයා ලගින් හැරුනේ එයාගෙ ඇස්වල කිසිම හැගීමක් දකින්න බැරි උන නිසා.ටික දුරක් ගියපු මම එකපාරටම නතර උනේ මගේ අත කවුරු හරි අල්ලගත්ත නිසා.ඔව් ඒ මගෙ පණ ඉමේෂා.මගෙ පපුවෙන් ඔලුව තියන් හොයපු ඒ ආදරේ අද මට හරියටම දැනුනා.

” ඇත්තටම මට සමාවෙන්න සුදූ මං ඔයාගෙ ආදරේ සෙල්ලමකට ගත්තා.එදා ඔයා කොච්චර ඇඩුවද ඔයාව දාලා යන්න එපා කියලා.මං ඒ කිසිම දෙයක් අහන් නැතුව ඔයාව දාලා ගියා.ඔයා මට කොච්චර ආදරේ කරාද.මං පවු කාර උනා සුදූ ඔයාගෙ අදරේ මගෙන් ඈත් කරන්න තරම්.ඔයාට ඕනෙ උනේ මාව හොද මිනිහෙක් කරන්න.මට.මට තෙරුම් ගන්න බැරි උනා ඒක.සමාවෙන්න.සත්තයි සුදූ ආය කවදාවත් ඔය ඇස්වලට කදුලු දීලා ඔය අහින්සක හිනාව ආය කවදාවත් නැති කරන් නෑ.මගෙ පණ ඔයා ”
” කමක් නෑ මගෙ රත්තරනේ.මගෙ මහත්තයා ආයෙත් මං ලගට ආවනේ.මට ඒ ඇති.”
” මගෙ මහත්තයෝ ආය ඒ නරක දේවල් කරන් නෑ නේද ”
” නෑ සුදූ සත්තයි.කවද හරි මං මේ ලෝකෙන් යනකන්ම මගේ ජිවිතේ අයිති ඔයාට විතරමයි.ඔයාගෙ මහත්තයා හැමදාම ඔයා ලගින්ම ඉන්නව මොන ප්‍රශ්නයක් ආවත් කවදාවත් ආය මං මගේ කෙල්ලව නැති කරගන් නෑ.”
” ආදරෙයි සුදූ මහත්තයෝ ඔයාට ගොඩාක්.”
ඉමේෂා ඇත්තටම උබ මට දෙවෙනි අම්මා කෙනෙක්

නිමි…

33 thoughts on “සුරංගනාවි|කෙටි කතා|කතා අහුර රචක තරගය 2020”

    1. කතාව ලස්සනයි .හැම කෙල්ලම නරක නෑ.හොඳත් නෑ.ඒත් වැරදි කරනවා කියලා දැන දැනත් ඒ කොල්ලව හදා ගන්න බලන්නේ ඇත්තටම ආදරේ නිසා.ඒ ආදරේ තේරෙද්දී සමහර විට ඒ ගෑනු ලමයා අයී නැති වෙන්නත් ඉඩ තියෙනවා.කොහොමත් මත්ද්‍රව්‍ය නෙවේ ජිවිතේ අයියලා මල්ලිලා .

      2
  1. Dulanjali piumika

    අයියෙක්ද අක්කෙක්ද නංගියෙක්ද මල්ලියෙක්ද කියල නම් දන්නේ නෑ… ඒත් කතාව නම් ගොඩක් හොදයි… ලස්සනට ලියලා තියෙනවා… අත්තටම සැබැ ආදරේකට ඕනම කෙනෙක් වෙනස් කරන්න පුළුවන්.. ජිවිතේ එක පාරක් වරද්ද ගත්ත කෙනෙකුට තවත් අවස්ථාවක් දිලා හදා ගන්නවා කියන්නේ ගොඩක් හොද දෙයක්.. මේ කතා⁣වෙන් ඒක ගැනත් කියවෙනවා…

    තවත් මේ වගේ කතා ගොඩක් ලියන්න… මේ සතියේ හොදම කතාව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ඔයාට බුදුසරණයි..
    ???

  2. Kollekge jiwithe hdnnat puluwan kellekta e jiwithe vinasa krla dannat puliwan kellekta eke anit pattat ehmmama tamai itin e mnwa unat katawa lassanai mave katawa oya lassanata liyla tiynva mekamai mage katawa hbai eya madin mawa dala giye na eya hoda kenek una mn nisama hamadeyak atinma eya hoda kenek una eya hodatama hoda welat mta adare kara mkddo nodanuvatvama karapu pawakata api ath una et eya tamat hoda kenek nisa mn sathutin oyge katawa mta mage atite mathak kala ?? ekta gdaaak tnx ??
    Aarei hamotama sathutin inna e wagema parissamain ??????????

  3. සෙසඳි

    ගුඩ් මෝර්නින්ග් හැමෝටම ??????? මං දැන්නෙ අනේ කතාව දැක්කෙ… ලස්සනයි…. තව තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

  4. හ්ම්………….. අයියෙක් වේවා, අක්කෙක් වේවා, මල්ලෙක් වේවා, නංගියෙක් වේවා… ( ඇයි වදේ කවදාවත් දැකලා නෑ නොව ඇප් එකේදි ඉතින් ??) අවසරයී…………..

    ඔබේ කතාව ගත් කලී…… ?? පට්ට හොදේ… හැම කොල්ලම ගොඩක්ම නරක නෑ සූට්ටයි නරක මගෙ හබී මරු මුරුස් වගේ… ??? දැන් මේක දැක්කම හබීගෙ මූන ආයිස් අප්පා මැවිලා පේනවා මට….. ??? එව්වා වැඩක් නෑ….. ගොඩක් අයගෙ ජීවිත අයාලෙ යන්නෙ අපි පතන විදිහෙ ආදරයක් අපිට නොලැබුනාම.. එහෙම අයාලෙ ගියපු ජීවිතේකට එයා පතන ආදරේ මුණගැහුනාම ඒක තේරුම් යන්නත් ගොඩක් කල් යනවා… හැබැයි ඉතින් සෝ…….. ලේට්…..අයාලෙ ගියපු සෙල්ලක්කාර ජීවිතේ ලස්සනට අලුත් වර්ෂන් එකකට කන්වර්ට් කරන්න පුලුවන් වෙන්නෙ ඉවසීම තියෙන අවන්ක ආදරයකටම විතරයි… ඉතින් හලෝ……. ඔයාගෙ කතාවෙන් ඔයාලස්සනට ඒ දේ කිව්වා… සුභ පතනවා ඔයාට… තවත් මේ වගේ කතා ගොඩාරියක් ලියන්න හාද…. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න… දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි….!!!!!!

    1. ආ……. තව දෙයක්… ඔයා ශැගී නේ… කෝ එතකොට ඔයාගෙ ස්කුබී ඩූ……. ???????

  5. Chamodya Madusanki

    අක්කෙක්ද අයියෙක්ද දන්නේ නෑ ඒත් කතාවනම් ගොඩක් ලස්සනයි…
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න???

  6. හීන ගේන….. සමනලුන්ට
    හීන වලට……පාට දෙන්න
    රෝස යායේ පාට පාට මල් තිබුනට
    ඇයි ඇදෙන්නේ සමනලුනී එකම මලට
    සුරංගනාවී …..රෝස සුරංගනාවී
    රෝස කැලෙන් අරන් ආව සුරංගනාවී

    රෑට රෑට සඳට හොරෙන් මාන බලන
    පුංචි තාරකා එකිනෙක රන්ඩුකරන
    රෝස කුසුම නෙලා ගන්න හීන පුරන
    නටු අග කටු සැඟවී ඇයි නිරන්තරම
    සුරංගනාවී …රෝස සුරංගනාවී
    රෝස කැලෙන් අරන් ආව සුරංගනාවී ….

    ඔන්න ඉතින් දැන් තමයි කතාව කියෙව්වේ ලස්සනයි හලිද ගොඩක් .පට්ට සුපිරි එලකිරි නියමයි හොදේ…
    තවත් කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
    ජේසු පිහිටයි .!!!!!!!!

    1. සම්බුදු සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!!!!
      දඟ පව්ලේ හැමෝටම ….
      ?????

      1. ඔයාටත්…. දග පවුලෙ හැමෝටමත් සුභම සුභ වෙසක් මගල්‍යක් වේවා…..

  7. nayomi nadeera

    පළවෙනි කතාව වුනාට හරිම ලස්සනයි … තවත් කතා ලියන්න ❤️❤️

  8. හරිම ලස්සනයි කතාව….තවත් කතා අරං එන්න ????….good luck ෂැගී ☺☺☺☺☺☺??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.