Katha Ahura

සොදුරු ආත්මය | අවසන් කොටස

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

අවසන් හමුවීම..

——————————————————————————————————————————————–

අනේ දෙයියනේ.. මොකක්ද මං කරන්නේ..??

මං එහෙමම ඇඳෙන් වාඩි වුණා.. අයියෝ මේ රන්වීර් සර්ට කොහොම අහු වුණාද මන්දා.. එතකොට දැං හැමදේම රැඳිලා තියෙන්නේ මේ පෙන් එක මතද..??

මේවා හිතද්දිත් මගේ ඔලුව පැලෙන්න වගේ.. රන්වීර්…!!! මොකක්ද මං කරන්න ඕනී..

“ඔය පෙන් එකට විස්තර එකතු කර ගන්න ගිහින් මගේ නංගි සාහී මැරුණා..”

ඇත්ත.. සාහී මැරුනේ මේ පෙන් එක හින්දා.. ඒත් රන්වීර්ටත් පෙන් එකක් හින්දා මැරෙන්න දෙන්න පුලුවන්ද..??

මං පිස්සුවෙන් වගේ කල්පනා කරා.. ඇත්තමයි මෙච්චර ප්‍රශ්න ගොඩක් හොල්මන් මනසකට දරා ගන්න බෑ..

අන්තිමේ මං තීරණයක් ගත්තා..

හැමදේම රැඳිලා තියෙන්නේ මේ පෙන් එක උඩ නම්, මං මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් ඕනි පෙන් එකෙන්මයි..

කොහොමත් පෙන් එක සර්ගේ අතට දුන්නට පස්සේ සර් අපිව මරනවා. මට ඒක දැනෙනවා..

එයා එකම සාක්ශියක්වත් ඉතුරු කරන එකක් නෑ..

මං රන්වීර්ගේ ලැප් එක අරන් පෙන් එකේ තිබ්බ හැමදේම තවත් පෙන් එකකට කොපි කර ගත්තා..

ඇන්විලොප් එකක් අරන් අලුත් පෙන් එක ඒකට දාලා තවත් ඇන්විලොප් එකකට දැම්මා..

ලොකු කිරි කෝෆි එකක් හදන් මං බිම වාඩි වුණා.. රෑ එකොළහට තව වෙලා තියෙනවා… මට ඕනි කාලය ගෙවා ගන්න..

මං කොලයක් අරන් රන්වීර්ට ලියුමක් ලිව්වා..

පේළි තුකකින් විතර කියන්න තිබ්බ හැමදේම මං ලිව්වා..

“මට ඔයාව ආරක්ශා කරන්න ළං වෙන්න බැරි වෙයි.. උගේ බෙල්ලේ නූලක් දාලා තියෙනවා. එකයි මට ඌට ළං වෙන්න බැරි.. මට මේ පාරත් මගේ සාහිව බේර ගන්න බැරි වෙයි..”

“අක්කා…”

මං අක්කව තුරුල් කර ගත්තා.. කරන්න දෙයක් නෑ.. මේක තමයි අවසානය..

මට හරි නම් ඇඬෙන්න ඕන.. ඉකි ගගහා ඇඬෙන්න ඕනි.. ඒත් මගේ ඇස් වලට කඳුලු ආවේ නෑ..

රෑ දහය කිට්ටු වෙද්දිම මං පාරට ආවා..

ටික දුරක් යද්දි මං ගාවට ඇවිත් නතර කරේ දවසක් මං එක්ක ආපු අන්කල්..

ඒ අන්කල් මං දිහා හොඳට බැලුවා. මගේ පරවෙච්ච මූණ දිහා.

අන්කල්ටත් තේරෙන්න ඇති මේ ජීවිතේ තව පාරක් අත ඇරපු කෙල්ලෙක් කියලා..

කළු පාලම උඩදි වීල් එක නතර කරා.. තව විනාඩි තුනක් ඉතුරුයි..

මං අන්කල්ට සල්ලි දුන්නා…

“මේක හෙට උදේම තැපැල් කරන්න.”

මං ඇන්ලොප් එකත් අන්කල්ටම දීලා අන්කල්ව පිටත් කරා..

මං දන්නවා මෙතනින් එහා වෙන කිසි දෙයක් මට පාලනය කරන්න බෑ කියලා.. මං එක අතකින් පාලමේ කොණට ගිහින් බැම්මක් අල්ල ගත්තා..

රන්වීර් මට සමාවෙන්න.. මේ දේ වැරදුනොත් ඔයා මට සෑහෙන්න වෛර කරයි..

ඈතින් සර්ගේ ජිප් එක ආවා.. මේ පැත්තෙන් එදා මට කරදට කරන්න ආපු වෑන් එක ආවා.. දෙපැත්තෙන්ම මාව වට කරලා..

මං පෙන් එක අතේ තද කරලා ගුලි කර ගත්තා..

“ආ.. සාහී… මගේ ස්වීට් හාර්ට්..”

සර් වාහනෙන් බැස්සේම සර්ගේ කොණ්ඩේ අතින් පිහිද පිහිද..

“අරූ ටිකක් දඟකරා.. ඉතින් අපිට ඌට ටිකක් සලකන්න වුණා..”

සර් එක්ක හිටපු එකෙක් වෑන් එකෙන් එළියට ගත්තේ රන්වීර්ව..

අනේ කඩවලේ…!! රන්වීර්ට හොඳටම ගහලා.. මූණ පුරාම ලේ.. ශර්ට් එකක් නොතිබ්බා හින්දා ඇඟ පුරාම තිබ්බ තැළුම් පාරවල් ලයිට් එළියෙන් මට මෙතනටම පෙනුනා..

මේ තරම් වෙලාවක් මගේ ඇස් වලට උනපු නැති කඳුලු දැං මගේ ඇස් වලින් ගලන්න පටන් අරන්..

“රන්වීර්..”

මං රන්වීර් ගාවට දුවන්න හැදුවේ..

“ඔහොම ඉන්නවා.. මං ඉල්ලපු දේ දීලා අරූ ගාවට යනවා..”

රන්වීර් හෙමීට ඔළුව උස්සලා මං දිහා බැලුවා.. මේ තරම් කාලයක් නොදැක්ක ලොකූ වේදනාවක් ඒ ඇස් වල..

“පෙන් එක දෙන්නම්.. රන්වීර්ට යන්න දෙන්න..”

මං සර් දිහා හැරුණා..

“තමුසෙට ඒ තරම් මූව වටිනවා නේද..?? මට ඉසිරියයි ඕයි.. තමුසෙගේ මොන මඟුලකට මං තමුසෙට ආදරේ කරාද මන්දා..?”

සර් ඒක කිව්වේ වාහනේටත් පාරක් ගහලා.

“සාහී.. ඕක දෙන්න එපා..”

රන්වීර්ගේ මළානික කටහඬ ඇහෙද්දි සත්තයි මාව හිරි වැටුණා..

මං රන්වීර් දිහා බලලා ආයෙත් සර් දිහා බැලුවා..

“එයාට යන්න දෙන්න.. ”

“ඌව අත ඇරපන්.. ”

සර් එහෙම කියපු ගමන් අරුන් දෙන්නා රන්වීර්ව අත ඇරියා..

මං රන්වීර් ළඟට ගියා.. රන්වීර් හයියෙන් හුස්ම ගන්නවා.

“ඒක දෙන්න එපා සාහි.. ”

එයා තවත් මොනවදෝ කියන්න හැදුවත් මට ඕන වුණේ රන්වීර්ට සමු දෙන්න..

මං රන්වීර්ව බදා ගත්තා..

“විනාඩියකින් මේ ඔක්කොම ඉවරයි. අමතක කරන්න එපා..”

මං රන්වීර්ගේ කනට කොඳුරලා එයාගේ කම්බුලකට අතක් තිබ්බා..

මගේ ඇස් වලින් බේරුනු කඳුලු කවුරුවත් දැක්කේ නැත්නම් හොඳයි..

“ලව් සීන් ඉවරයි නම් මට පෙන් එක දෙනවා..”

මං ආයේම හැරිලා සර් ගාවට ගියා..

“සාහී.. සාහි එපා.. ඕක කරන්න එපා..”

රන්වීර් කෑ ගහද්දිම මං සර්ට පෙන් එක දුන්නා.. සර් අතට පෙන් එක අරන් ලයිට් එළියට අල්ලලා හොඳට බැලුවා..

“මේක චෙක් කරපන්..”

සර් පෙන් එක ළඟ හිටපු එකෙක්ට දුන්නා..

“පෙන් එක චෙක් කරනකම් අපි පොඩි සෙල්ලමක් කරමු. මං ආසම එකක්.. ඕකව අල්ල ගනින්..”

මං හිතුව වගේම මූ අපිට යන්න දෙන්නේ නෑ.. අරුන් දෙන්නා රන්වීර්ව අල්ල ගත්තා..

“තමුසේ පොරොන්දු වුණා අපිට යන්න දෙන්න..”

“කවුද මම..??”

සර්ගේ අර කැත හිනාව ආයෙම.. වටේ එවුනුත් හිනා වෙනවා..

“තමුසේ මගේ ඔෆිස් එකට රිංගන් නටපු නාඩගම් ඔක්කොම බලලා, තමුසෙට ලව් කරලා අන්තිමේ තමුසෙට යන්න දෙන්න..”

සර් මගේ ළඟට ඇවිත් මගේ කොණ්ඩෙන් අල්ල ගත්තා..

“සාහිව අත ඇරපන්..”

රන්වීර් කෑ ගහද්දි එකෙක් රන්වීර්ගේ පිටට ගැහුවා..

“සර්..”

“තමුසෙව මං මරනවා.. කලින් පාර වගේ නෙවෙයි.. මෙතන ඉන්න හැම එකාම තමුසෙව රස බැලුවට පස්සේ.. අර බල්ලගේ ඉස්සරහම.. ”

සර්ගේ කතාවට වටේ හිටපු හැමෝම හිනා වුණා. මූ මං දන්න හැම එකාටම වඩා තිරිසනෙක්..

“බොස් පොලිසියෙන්..”

එකෙක් කෑ ගහද්දිම කට්ටිය පිස්සු බල්ලෝ ටික වගේ එහෙ මෙහෙ ගියා..

“පට්ට බැල්ලි… තෝ පොලිසියට කිව්වද..??”

සර් මගේ බෙල්ල මිරිකගෙන අහද්දි මං කරේ හිනා වෙච්ච එක..

“බොස් අපිව වට කරලා..”

ඊළඟ තප්පරේ හැමපැත්තෙන්ම වෙඬි වරුශාවක් ඇහෙද්දි සර් මාව ඇඳන් වාහනේ ගාවට ගියා..

මේක තමයි වෙලාව..

සාහී.. සාහී.. ඉක්මනටම මං ගාවට එන්න..

මං එහෙම හිතාගෙන සර් දිහා හැරුනා. සර් ඒ වෙද්දි අතට ගන් එක අරන්..

මං සර්ගේ ඇඟේ එල්ලිලා සර්ව තල්ලු කරා පාලමෙන් පහළට මාත් එක්කම.. වතුරට වැටෙන්න එක මොහොතකට කලින් මං සර්ගේ බෙල්ලෙන් නූල ගැලෙව්වා වගේ මතකයි..

ටිකෙන් ටික මට වතුර පෙවෙද්ද්දි සර් මගේ අතින් ගිලිහිලා මගේ ළඟ අක්කයි, සාහියි ඉන්නවා දැක්කා.. මට මතකයි මං එයාලට හිනා වුණා..

එහෙමම මගේ හුස්ම හිර වුණා..

මං අමාරුවෙන් ඇස් ඇරියා.. ලොකූ හුස්මක් එක්ක.. මං පුදුමෙන් වට පිට බැලුවා..

මං ඉන්නේ හොස්පිටල් එකේ.. මට ඔක්සිජන් බට ගහලා.. ඒත් කෝ සාහි..

අක්කවත් නෑ…

ඩොක්ටර්ස්ලා ආවා.. නර්ස්ලා ආවා.. මගේ කතාවේ හිටපු රන්වීර්වත්, සාහිවත්, අක්කවත් මං ගාවට ආවේ නෑ..

ඇත්තමයි මං හොල්මන් වෙලා..

මාත් සර් එක්ක වතුරට පැන්නේ මගේ අතින් වෙච්ච වරද හදා ගන්න.. සාහිට සාහිව දෙන්න.

ඒත් මං තාමත් සාහි එක්කම..

ටිකකින් දොර ඇරන් රන්වීර් ඇතුළට ආවා.. එයාගේ මූණ පළවෙනි දවසේ මං දැක්කා වගේමයි.. අපිළිවෙල කොණ්ඩේ, රතු පාට වෙච්ච හිතුවක්කාර ඇස්..

ආයේ මට ඔයාට ලෝභකම් හිතෙනවා..

“සාහි.. හැමදේම හොඳට ඉවර වුණා..”

රන්වීර් මගේ ඇඟ උඩින් ලස්සන රෝස මල් බොකි එකක් තිබ්බා..

ඒත් මට තිබ්බේ විසඳ ගන්න බැරි වෙච්ච, රන්වීර්ගෙනුත් අහන්න බැරි ප්‍රශ්න ගොඩක්..

————————————————————————

ඒ ප්‍රශ්න වලට උත්තරත් අරන් මං පසුවදනෙන් එන්නම්..

කතාව කියවපු හැමෝගෙන්ම පුංචි ඉල්ලිමක්.. කතාව පුරාම ඔයාලට දැනුණු හැඟිම් මට කියා ගෙන යන්න..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

පසුවදනෙන් හමුවෙමු..
බුදු සරණයි..!!
30

46 thoughts on “සොදුරු ආත්මය | අවසන් කොටස”

    1. Kathawa godaak lassanai .exam nisa busy ekai comment karanna beri une ..eth mn kathawa kiyeuwa puluwan welawata awith ….budu saranai .Good luck ..thawa me wage lassanata amuthuma kathawak aragena ikmanata enna
      Hadawathinma suba pathanawa oyata …?

  1. කතාව පට්ට අක්කියෝ… සුපිරි… මං හෙන ආසවෙන් කියෙවුවෙ.. ඉවර්ස් උන එකටනම් දුකයි වගේ අප්පා… ඒත් ඉතිං හැමදේකම අවසානයක් තියෙනවනෙ…

    තවත් ලස්සන කතාවක් ඕනි අක්කියෝ.. හරිද..ඉක්මනින් අරන් එන්න…

    1. නිෂා සශී ?

      ආ මගෙ නවා චූටි අක්කී කෝ ඔයා?…?? දැන් සදූ අක්කි ගියද දන්නෑ නේද මැණික

  2. අනෙ අක්කියො පොඩි ඉල්ලීමක් තිනො පුලුවන් නම් විතරක් අද අපි හැමොම වෙනුවෙන් පොදු එක කමෙන්ට් එකක් දාන්න හැබැයි ස්තූති කිරීම සපුරා තහනම්

    1. කතාව ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි පණ ඉක්මනට අපිට තව කතාවක් දෙන්න

      1. අනෙ මං ය්නො ඉන්න බැලියො ඔලුව සිදෙනො
        Good night
        තෙරුවන් සරණයි හැමොටම

        1. නිෂා සශී ?

          අනේ ඇයි මැණික ඒ. පිනිබෑවද හොර කෙල්ල. ඉක්මනට අඩුවෙයි බුදු සරණයි මගෙ චූටි කෙල්ලට. ගුඩ් නයිට් බබී….

    2. මාධවී ජයසිංහ

      ඔයාලා හැමදාම මාත් එක්ක හිටියා . හුගාක් ස්තූතියි. ඉස්සරහටත් මාත් එක්ක ඉන්න . ආදරෙයි පැලෙන්න.

  3. කතාව ඉවර වුනාම දුකත් හිතුන.ඇත්තටම ඔයා ලස්සනට කතාව ලියලා තියෙනවා..ම්ම් අන්තිමට මොකද්ද වුනේ කියලත් ලියලම පසු වදනක් දැම්මනම් හොදයි කියලා හිතෙනවා..ආයෙත් මේ වගේ ලස්සන කතාවක් ගේන්න ඉක්මනටම
    All the best ???????

    1. චතූර්යයා ඉන්දීවරී

      පබාකොටේ කොහෙද අලේ ගිහින් හිටියේ.. අද මායා කොටෙත් නෑ. ටිංකො පණත් නෑ.. ගොඩාක් අය අඩුයි.

    1. අනේ කතාවට මොනා කියන්නද හිතාගන්න බෑ මට..මේ තමයි මම මගෙ ජීවිතේ කියවපු පළවෙනි හොල්මන් කතාව..හරි සුන්දර හැගීම්බර කතාවක්.. අවසානය හිතාගන්න බෑ අප්පා..ඒ කියන්නෙ හොල්මං කෙල්ලට සාහි විදිහට අලුත් ජීවිතයක් ලැබෙන්නද..ඒත් රන්වීර් දන්නෙ නෑනෙ සාහි මැරුණා කියලා.. එතකොට කෝ අර සාකී..
      හරිම ලස්සනයි කතාව..සුභ පතනවා තවත් ලස්සනට මේවගෙ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා.. තවත් ලස්සන කතාවක් අරන් එන්න හොඳද..
      දෙවි පිහිටයි ඔයාට..
      I LOVE SODURU ATHMAYA..???

  4. නිෂා සශී ?

    කතාව ගැන කියන්න වචන නෑ අක්කියෝ ඒතරන් ඔයා සාර්ථකයි. මේක අමුතු වෙනස්ම කතාවක්. හොල්මන් කතාවක් උනාට ඒකෙ සතුට, කුතුහලය, බය, ආදරය මේ හැමදේම තිබුන. ගොඩක් හොදට කතාව මනේජ් කරල තිබුන සුපිරි කතාවක් අක්කි. ආයෙත් වෙනස්ම කතාවක් අරන් එන්න ඉක්මනටම. පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි අක්කි.
    ??????????????????????????????????????????

    1. චතූර්යයා ඉන්දීවරී

      ඔයාට කෝමද මැණික දැන්..සනීපෙන් ඉන්නෝද මා මැණික ??

      1. නිෂා සශී ?

        බේත් ගිල ගිල ඉන්නව අක්කි පණ. මං මේ දවස්වල ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරනව. ☺️☺️

        1. නිෂා සශී ?

          ගුඩ් නයිට්වේවා හැමෝටම ගොඩක් ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  5. මායා black

    අනේ මාව මොන්ගල් වුනා..?? අනේ සාහි යන්නම යනවා නේද? දුකයි..? හැමදාම රෑට දුවන් එන්නේ අක්කිගේ කතාව කියවන්න.. හරිම ලස්සන මන් ආසම කතාවක් මේක..❤️ ගොඩාක් වෙලාවට හිනා වෙලාම පන යනවා.. හරිම ආදරෙයි මන් මේ කතාවට.. කතාව ඉවරයි කියලා හිතෙද්දී දුකයි..? කතාව ගැන කියනවනම් අක්කි මන් කියවපු සුපිරි කතාවක්.. හොල්මන් කතාවක් වුනාට මට මේ කතාව හින්දි ෆිල්ම් එකක් වගේ දැනුනේ..??❤️

    මන් මේ කතාවේ එන චරිත වලට පට්ට ආසයි.. හොලමන් කෙල්ල, සාහිගේ අක්කා, සර්, රන්වීර් මේ හැමෝටම මන් ආසයි.. ශාකිට කැමති නෑ..?? සර් පවු අනේ..? එයා කොච්චර දුෂ්ට වුනත් මන් එයාට ආසයි..?❤️ ඉතින් අක්කි ඔයා සාර්තකයි.. අපි හැමෝම රෑට ඇවිත් මේ කතාව කියවනවා මොන වැඩ තිබ්බත්.. ඒ තරම්ම අපි කතාවට ඇබ්බැහි වුනා..? ‘සොඳුරු ආත්මය’ නම වගේම කතාවත් හරිම සොඳුරුයි..❤️ මන් ආසම විදියට අක්කි හොල්මන් කෙල්ලගේ චරිතේ නිර්මාණය කරලා තිබ්බා.. අපි හැමෝම එයාට ආදරෙයි..❤️

    ප්‍රශ්න නම් ගොඩායි..? ඒත් පසුවදන දෙනකන් බලන් ඉන්නවා..?❤️ බොහොම ස්තූතියි අක්කි මේ වගේ ලස්සන කතාවක් අපි වෙනුවෙන් ලිව්වට.. ඒ වගේම තව ලස්සන කතා ගොඩක් ලියන්න අක්කිට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..❤️❤️
    ආදරෙයි අක්කි..???
    අක්කිට සුබ අනාගතයක්!??
    All the best??

  6. චතූර්යයා ඉන්දීවරී

    කතාවනම් මාරම ලස්සනයි අක්කි පණ. ගොඩාක් ආසාවෙන් කියෙව්වේ. සොඳුරු ආත්මයක් හිටිය නිසා මට ඇත්තටම චුට්ටක්වත් බය හිතුන්නෑ. ආසා කළා හොල්මන් සාහිගේ ඒ දඟකාර බවට. මෙදා සැරේනම් හොල්මන් සාහි රන්වීර් එක්ක පැණි හඳට ගිහිල්ලම නවතී වගේ නේද අක්කි. ??????

    අනේ කතාව ඉවර වුණාට දුකයි අක්කි. ඒත් අවසානය හරීම ලස්සනයි. ඔන්න අක්කි හැමදාමත් කීවා වගේ අපි අක්කි එක්ක හැමදාමත් හිටියා. හලිද අක්කියෝ.. අක්කිට දැන් පැලෙන්න දෙයක් ඉතිරි වෙලා නැද්ද මන්දා කොටස් තිහක් පුරා අපිට පැලෙන්න ආදරේ කරලා..??????????

    අක්කි ඔයාගෙ ලව් ස්ටෝරි වගේම හොරර් ස්ටෝරීස් ලස්සනයි ගොඩාක්ම. අනේ අපි වෙනුවෙන් ආයෙත් කතාවක් අරන් ඉක්මණටම එන්නකෝ.. ප්ලීස්.

    ආ අක්කි ඔයාගේ පසු වදනෙදීවත් අපි හැමෝටම පොදුවේ එකම එක කමෙන්ට් එකක් හරි දාන්නකෝ. අක්කිගෙන් ඒ ඉල්ලීම මම කලිනුත් කලා. ඒත් ආයෙත් ඒ ඉල්ලීම කරනවා. අක්කි එක්ක මේ තරම් දවස් අත්වැල් බැඳගෙන හිටිය අපි වෙනුවෙන් ඒ දේ කරන්නකෝ. ප්ලීස්..

    ගුඩ් නයිට් අක්කි ඔයාටත් ඇප් එකේ හැමෝටමත් .. බුදු සරණයි !! උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ?????????????

    1. නිෂා සශී ?

      මගෙ අක්කි පණ දොයිදෝ….. අක්කි සදූ අක්කි ගියාද දන්නෑ නේද?

        1. චතූර්යයා ඉන්දීවරී

          අනේ චූටික්කි සඳූ මැණික පාන්දර නේ යනෝ කීවේ..පව් අනේ. දුකයි. අපෙ චූටික්කිගෙ සර්ජරි එක 100%ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම පතනවා.බුදු සරණයි මැණික

  7. Akkiyooo කතාව ගොඩක් ලස්සනයි .?හරිම ආසාවෙන් කතාවත් එක්ක හිටියෙ .??හරියට film එකක් වගේ .??e තරමටම ලස්සනයි .❤️❤️welaawakata akki apiwath හොල්මන් kalaane???.වෙන්නෙ මොනවාද කියලා හිතා ගන්නත් bari විදිහට .ආයෙත් ලස්සනම lassana කතාවක් අරන් ඉක්මනටම එන්න අක්කේ .api එතකල් balan ඉන්නවා ආසාවෙන් ??akkige hama wadakma සාර්ථක වෙන්න කියලා හදවතින්ම suba pathanawa ?තෙරුවන් සරණයි ඔයාට ??? akkiyooo ආදරෙයි ගොඩක් ❤️❤️❤️???????

  8. දැනුයි කතාව කියෙව්වේ..වෙනස්ම විදිහක ? කතාවක්..ඒ වගේම ලස්සනයි..බුදු සරණයි..පරිස්සමෙන් ඉන්න..ගුඩ් නයිට්…??????

  9. Oshani nimeshika

    කතාව හරිම ලස්සනයි ලස්සන අවසානයක් ඒත් සූටි සූටි පස්න ටිකක් තියෙනවා. පසු වදනෙන් ඒකට උත්තර හම්බවෙයි කියලා හිතනවා. මේ කතාව නම් වෙනස් කතාවක් හරිම ලස්සනයි .සුභ පතනව අක්කියෝ ඔයාට .තව කතාවක් අරගෙන එන්න අක්කියෝ??
    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම ??????????

    1. නිෂා සශී ?

      පරිස්සමින් මගෙ අක්කි ඔයට බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????

      1. චතූර්යයා ඉන්දීවරී

        පරිස්සමින් ගිහින් එන්න මගෙ සුදු මැණික . බුදු සරණයි ඔයාට.

        1. පරිස්සමෙන් ගිහින් එන්න නංගියෝ…බුදු සරණයි…ගිහින් ආව ගමන් මැසේජ් එකක් දාන්න..ඉක්මනට එන්න ඔයා නැතිව පාලුයි…?????

  10. Kathawa harima lassanai akki…godak asawen kiyapau kathawak me….thawath holmn kathawak hari adara kathawak hari aran ikmnta enna hode…anthimata ranveer sahiwa marry kalada…ethkota ara boss policiyen allagatthada….pasu wadanin apita danaganna puluwan wwi neda ??????????

    Good luck and all the best akkiyoo ?????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.