Katha Ahura

සොදුරු ආත්මය | අවසානයට පෙර හමු වීම | හොල්මන් කතා

5/5 - (2 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

අවසානයට පෙර හමුවීම…

—————————————————————————————————————————————–

“සාහි.. මොකක්ද ඕක..?? අර පෙන් එක නේද..??”

ඒ කියන්නේ රන්වීරුත් පෙන් එක ගැන දන්නවා. කොහොමත් එහෙම වෙන්න ඕනිනේ..

අක්කා කිව්ව කතාව සම්පූර්නයෙන්ම ඇත්ත.. එයා සාහි ගැන මට බොරු කියලා නෑ වගේ..

මං සතුටින් ඔළුව වනලා හිනා වුණා..

“එහෙනම් ඔයා තාමත් පරණ අරමුණ අමතක කරලා නෑ..”

ඔව් රන්වීර්.. මට අමතක වෙන්න දෙන්නත් එපා…

“සාහී.. ඔයාගේ අම්මයි, තාත්තයි මරපු එකා පැරිස් වලදි ඇක්සිඩන්ට් වෙලා.. අපි ඒකව අල්ල ගන්න කොච්චර වෙට්ටු දැම්මත් ඒකා රටින් පැන්නා.. අන්තිමේ කල පව් පල දෙන්න අරන්..”

මගේ ඇස් අක්කව හෙව්වා.. එයාගේ ආත්මෙට සැනසීමක් ලැබෙන්න ඇති.. හැම කතාවම මෙහෙම සතුටින් ඉවර වෙනවා නම්…!!

අනිත් කතා ගැන කෙසේ වෙතත් මේ කතාවෙ නම් සර්ට ගොඩක් විඳවන්න වෙයි… සාහිට මං සාධාරණය ඉශ්ඨ කරනවා..

මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ විසඳුන එකේ සතුට සමරන්නත් එක්ක මං බඩ පැලෙනකම් කෑවා.. අක්කත් කම්බුලකට අත තියන් බලන් ඉන්නවා..

රන්වීර් පෙන් එකෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරන් එයාගේ ඔෆිස් එකට ගියා. මොකද සර්ට ගේම දෙන එක ලේසි නෑ.. සර් තමයි ලංකාවේ ඉස්සරහින්ම ඉන්න තරුණ ව්‍යාපාරිකයා..

ඊටත් වඩා අර කුඩු කේස් එකෙනුත් සර් ලස්සනට බේරුණා. අනේ කඩවලේ…!! ඔයත් මට දුෂ්ඨයෙක්ටම ආදරේ කරන්න සැලැස්සුවනේ..

රන්වීර් ගියේ මාව එයාගේ කාමරේට දාලා වහලා ලංකාවේ තියෙන ඔක්කොම නීති රීති ටික දාලා. පොඩි ෆෝන් එකකුත් අතට දීලා..

එයා යන්න දොර ගාවට ගිහිල්ලත් ආයේ හැරිලා ඇවිත් මාව ඇදලා අරන් එයාගේ පපුවට තද කර ගත්තා..

අනේ මන්දා . ඒ උණුසුම මගේ හොල්මන් හිත හිරිවට්ටනවා..

රන්වීර් ගියාම මට දැනුනේ ලොකූ පාළුවක්.. අක්කත් මුකුත් නොකිය ඇඳේ කොණකින් වාඩි වෙලා ඉන්නවා..

“සතුටු නැද්ද අක්කේ..??”

“මට ඕන සතුටු වෙන්න නෙවෙයි.. සැනසෙන්න.. තමුසෙගේ සර්ගේත් අවසන් කටයුතු දකිනකම් මට සැනසිල්ලක් නෑ..”

හ්ම්ම්ම්.. බලන බලන තැන වෛරය.. මිනිසුන්ගේ විතරක් නෙවෙයි හොල්මන් හිතන්නෙත් වෛරය..

සමහරවිට සර් කරපු පව් වලට දඬුවම විඳින්න සලස්වන්න වෙන්න ඇති මට ආයේ මනුස්සයෙක් වෙන්න පුළුවන් වුණේ..

මං නිකමට පෙන් එක රන්වීර්ගේ ලැප් එකට දාලා ඒකේ තිබ්බ ෆොටෝ ටිකක් මං බැලුවා..

දෙයියනේ… මීට මාස දෙකකට කලින් සර් අවුරුදු දහ අටට අඩු ළමයි විසිපහක් රට යවලා තියෙනවා අවයව විකුණන ජාවාරමට..

සාහි හැමදෙයක් ගැනම හරියට හොයලා. ඒත් අන්තිම මොහොතේ සාහිත් කොටු වෙලා..

සමහරවිට එදා මං සාහිගේ ඇඟට රිංගුවේ නැත්නම් සර් මිනියවත් හොයා ගන්න නැති කරන්න තිබ්බා..

“තාමත් හිතන්නේ සර් ගැනද..”

“ඔව්.. එයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා මට..”

“ඇයි මට බොරුවට ආදරේ කරේ කියලද..?? තමුසෙත් බොළඳ කෙල්ලෙක්නේ බලන් ගියාම.. ආදරේ පෙන්නුවම හතර පහට නැවිලා ඉවරයි..”

අපෝ අක්කගේ සැර..

“අක්කේ.. ඔයා නපුරු වුණේ මැරෙන්න කලින්ද.. නැත්නම් මළ හොල්මන වුණාට පස්සේද..??”

අන්න එතකොට නම් එයා රැව්වා රැවිල්ලක්.. මට මෝහිණි මතක් වෙන්නම..

රන්වීර්ගේ මේසේ උඩ ඇල්බම් එකක් තිබ්බා. මේසෙන්ම වාඩි වෙලා මං හෙමීට ඇල්බම් එක පෙරළුවා..

ඒකේ තිබ්බේ රන්වීර්ගේ පොඩි කාලේ ඉඳන් ෆොටෝස්. චූටි කාලේ මාර හුරතල්.. ඒත් ඒකේ මැද ඉඳන් තිබ්බේ මමයි, එයයි ඉන්න ෆොටෝස්..

නෑ.. මං නෙවෙයි.. සාහි.. ඇත්තම සාහි..!!

ඒත් දැං මං සාහි අයින් කරලා සාහි විදියට රන්වීර්ට ළං වෙලා.. මං වැරදි ඇති..

මට තේරෙන්නේ නෑ.. රන්වීර් ගැන ලොකූ ලෝභකමක් මගේ හිතේ ඇති වෙලා වගේ..

“රන්වීර් සාහිට ගොඩක් ආදරෙයි කරා..”

ඔව් ඉතින් ඒක ඔයා මට නොකිව්වත් මං දන්නවා.. රන්වීර්ගේ හිතේ තියෙන ආදරේ අඳුන ගන්න බැරි තරම් පොඩි වයසකින් මං මැරුණේ නෑ..

ඕඕඕඕ කඩවලේ..!! ඔයා මට පිස්සු හදනවා..

රන්වීර් මට බඩගිනි වුණොත් කන්න කියලා ගෙනත් දීපු බිස්කට් පැකට් දෙකම ඉවර වෙලා.. ඒත් තාම රන්වීර් නෑ..

ඔව්.. මේ පිස්සු හොල්මන දැන් කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා..

එකපාරටම මගේ අතේ තිබ්බ ෆෝන් එක රින්ග්ස් ගියා.. රන්වීර් කිව්ව විදියට මේකේ නම්බර් එක දන්නේ එයා විතරයි..

එහෙනම් ඉතින් මේ රන්වීර්…

මං පොඩ්ඩක් උගුර එහෙම ටියුන් කරන් ෆෝන් එකට ආන්ස්වර් කරා..

“හෙලෝ…”

“තමුසෙලා ගොඩක් නැටුවනේ.. හැංගිලා.. දැං ඇවිත් එළිපිට නටනවා..”

දෙයියනේ… සර්ගේ වොයිස් එක.. මට නිකම් කරන්ට් එක වැදුණා වගේ..

“තමුසෙයි, මේ රන්වීර් බල්ලයි එකතු වෙලා මට ගේම දෙන්නනේ ප්ලෑන් කරේ.. දැං පුලුවන් නම් මගෙන් බේරෙනවා..”

“සර්..”

මං උගුරෙන් වගේ වචනයක් පිට කර ගත්තා. මොකද මං හිටියේ සෑහෙන්න බය වෙලා.. රන්වීර්ට කරදරයක්ද..??

මගේ හිත මුමුණන්නෙම ඒක..

“මං දන්නවා තමුසේ ගාව අර පෙන් එක තියෙනවා කියලා.. ඒක මට ඕන.. තමුසෙගේ ප්‍රේමවන්තයා ඕන නම්..:

“මොකක්..??”

“බබෙක් වෙන්න එපා සාහි. තමුසෙගේ සෙල්ලම් ඔක්කොම මං දන්නවා.. ඇහෙනවද අරූ කර ගහනවා සද්ඩ්ගේ..”

සර්ගේ නක්කල් හිනාව අස්සේ රන්වීර්ගේ සද්දෙත් ඇහෙනවා..

“සර්. රන්වීර්..”

” ඌ මැරෙනවා.. අද රෑ එකොළහට තමුසේ කළු පාලම උඩට නාවොත් පෙන් එක අරගෙන..”

“තීරණය තමුසෙගේ..”

තවත් තප්පර ගාණක් මට ඇහෙන්න හිනා වෙලා සර් ෆෝන් එක කට් කරා..

මේ මොනාද වුණේ දෙයියනේ…??

මං කොහොමද පෙන් එක දෙන්නේ..?? කොහොමද නොදී ඉන්නේ.. ?? මනුස්ස ලෝකේ නම් මට පෙන්නම බෑ..

ඒත් රන්වීර්ට මැරෙන්න දෙන්න පුලුවන්ද.. එහෙමෙයි කියලා මං කොහොමද පෙන් එක සර්ට දෙන්නේ..??

අනේ දෙයියනේ.. මං මොකක්ද කරන්නේ..??

———————————————————————-

තව එක හමුවීමයි…

සාහි කෙල්ල යන්න යාවි.. ඔයාලගේ ආදරෙත් අරගෙනම.. අලුත් කතවක් ඕනි කට්ටිය කෝ අත් උස්සන්නකෝ..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

අවසන් ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

29

50 thoughts on “සොදුරු ආත්මය | අවසානයට පෙර හමු වීම | හොල්මන් කතා”

    1. ඩිගි ඩිගි ඩිගි ඩිගාරේ..හුරේ මම දිනුම්..
      ????????????????????????????????????
      මෙන්න හැමෝටම මං ගානෙ..

      අඩෙ අප්පා.. මොකක්ද ඒ වුණේ..අයියෝ සල්ලි.. රන්වීර් අහුවුණානෙ.. දැන් මොකද වෙන්නෙ..මේ සර් හරි දුෂ්ටයි අප්පා..ඒ හොතම්බුවව මට කොත්තු රොටියක් කරලා මුහුදෙ මාළුවන්ට කන්න දෙන්න හිතෙනෝ..
      කෝ එතකොට අර පිස්සු හටන සාකී..එයාට කියන්න මට වචන එන්නෙ නෑ..????
      ඔහොම යාළුවන්ට වඩා හොඳයි උග්‍ර විෂ නයි පොලන්ගු..ඇයි යකෝ උන් දෂ්ට කරාම කෙලින්ම මරණය හොඳවුන් වගෙ ළඟ ඉන්න උන් තප්පරෙන් තප්පරේ මරනවනෙ..ඔය සර්ටයි සාකීටයි හොඳ පාඩමක් උගන්නන්න ඕන..

      එතකොට රන්වීරුත් හොල්මනක් වෙලා සාහී ළඟට ගියානම් ශෝයි නේද..ඒත් හොල්මන් කෙල්ල රන්වීර්ට ආදරේ කරනවද..අනේ මන්දා අලේ හිතාගන්න බෑ මට..
      හෙටින් කතාව ඉවරයි කියලා දැනෙද්දි දුකයි මට.. මොකද මං මේ කතාවට පට්ට විදිහට ආදරේ කළා.. එච්චරටම ලස්සනයි..
      හෙට ලස්සන අවසානයක් අරන් එන්න..
      ඔයාගෙ හැම වැඩක්ම අතිසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
      All the best sweetheart
      දෙවි පිහිටයි ඔයාට..
      I LOVE SODURU ATHMAYA..???????

          1. ගුඩ් නයිට් හැමෝටම.. ආදරෙයි පැලෙන්න..???????

      1. Ruwanikoshila

        මේක නං මාර ? ..අපිවත් හොල්මන් වෙනෝ ඉතිං ???..පට්ටම ලස්සනයි කතාව..??

    1. මායා black

      අනේ හෙටින් ඉවරයි..??
      කතාව පට්ට අක්කි අම්මෝ මේ සර් නම් අනේ මන්දා.. රන්වීර් පවු අනේ දැන් කොහොමද එයා බේරෙන්නේ? කෝ ඇත්ත සාහි? එයාද මෙයාලව සර්ගෙන් බේරන්නේ? ඒත් සර්වුත් පවු අනේ.?❤️
      අනේ කතාව නැතුව පාලු දැනෙයි..?

      ?????අපිට අලුත් කතාවක් ඕනේ……❤️❤️

      සුබ පතනවා අක්කිගේ ඉදිරි කටයුතු සාර්තක වෙන්න..??
      All the best??

          1. චතූර්යයා ඉන්දීවරී

            ගුඩ් නයිට් මෙනූ බබා

  1. අයියෝ හෙට කතාව ඉවර වෙනවා කියලා හිතනකොට මාරම දුකයි…අලුත් කතාවක් අරගෙන ඉක්මනට එන්න..ලස්සනයි කතාව..

    සුභ රාත්‍රියක් යාලුවනේ…

    1. චතූර්යයා ඉන්දීවරී

      අම්මෝ අක්කි එකෙන්ම අපිට තව කතාවක් ඕනෙමයි හලිදෝඕඕඕඕඕ…

      1. චතූර්යයා ඉන්දීවරී

        ගොඩාක් ලස්සනයි අක්කි කතාව. හෙට ලස්සන කමෙන්ට් එකක් දෙන්නම් මම. හාද?බුදු සරණයි අක්කි පණ. ????????????

        1. මායා black

          උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා අක්කි?

  2. මේ මොකක්ද වුනේ… අනේ රන්වීර්ට මොකද මේ වෙන්නේ. අනේ සාහි එයත් පව්. මදැයි කොල්ලෙක් ට ආදරේ කරන්න මනුස්ස ලෝකේට ආවා. කොහොම උනත් කතාව සුපිරි යටම ලියලා තියෙනවා…. ඇයි ඊයේ කතාව දුන්නේ නැත්තේ…??????????????? හොද ම තැනින් නවත්තලා තියෙන්නේ දැන් ඉතින් හෙට වෙනකන් ඉන්න එක තමයි අමාරුම වැඩේ…????????? ඔයාට හදවතින්ම සුභ පතනවා…. බුදුසරණයි….??????

    1. ??❤?????❤?????❤??
      ❤?????❤?????❤?????❤?ගුඩ් නයිට් දග සෙට් එක…??❤?????❤?????❤?????❤
      ??❤ආදරෙයි ඔයාලට පන වගේ..??❤
      ?❤?????❤?????❤?????❤?????❤?????❤??

  3. අපොයි මොකක්ද ඒ උනේ. අපේ සාහි කෙල්ල මොකක් හරි ජිල්මාට් එකක් දායි. රන්වීර්වත් බේරගෙන සර්ටත් දඬුවම් දෙයි. අනේ කතාව ඉවර වෙනවා නේද . ඒකට දුකයි අක්කි.අපිට තවත් කතාවක් ඕනි. ඔයාගෙ නවකතාවක් දෙන්නකො අක්කියෝ අපිට.
    කතාව ගොඩාක් ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️ . සුභ පතනවා ඔයාගෙ සියලුම බලාපොරොත්තු ,වැඩකටයුතු ඉටුවෙලා අනාගතය වාසනාවන්ත වෙන්න කියලා.???? All the best ? ??? ?????????

  4. නිෂා සශී ?

    අක්කි රන්වීර්ටනන් මුකුත් කරන්න එපා අර වංචාකාරයාටනන් මොනාහරි කරන්න ඔනි හොදේ. හෙටත් කතාව අරන් එන්ඩෝ. ආ මේ අලුත් කතාවක් ඔනි හලිය.ප් පරිස්සමින් සතුටින් ඉන්න අක්කි

    1. නිෂා සශී ?

      ගුඩ් නයිට්වේවා හැමෝටම ගොඩාරියක් ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම

  5. හපොයි මොකද්ද අලේ ඒ උනේ…. ඇත්තමයි අර සර් කාරයා එක්ක මට එන කේන්තියක්… දෙන්න හිතයි කන පැලෙන්න… ???

    අනේ සාහී මොකක් කරයිද මන්දා… රන්වීර් අහු උනේ කොහොමද අප්පා… අනේ එයා බේරෙයි නේද… අලුත් සාහිත් දැන් රන්වීර් කොල්ලට ආදරේ කරන්න පටන් අරන්නෙ… කොහොම හරි කමක් නෑ අන්තීමේති සතුටු හිතෙන අවසනයක් උනොත් ඒ ඇති…

    අනේ කතව ඉවර වෙන එකට නම් මට දුකයි… තවත් අලුත් කතාවක් ඕනි අක්කියෝ හරිද… කතාව නම් පට්ට… ගොඩක් ලස්සනයි…

    1. Naw oyata kohomada twin?????‍♀️ekama wayase nisa twinny

      ????anee ow ada sathutu hithana ending ekak oneee……me sahi agee inna holmana pawwwww☹eyage honeymoon sihini

  6. Ruwanikoshila

    මේක නං මාර ? ..අපිවත් හොල්මන් වෙනෝ ඉතිං ???..පට්ටම ලස්සනයි කතාව..??

  7. Oshani nimeshika

    අයියෝ හෙටින් ඉවරයි කියල කිව්වහම අපරාදෙ කියලා හිතුනා තව කතාවක් නම් ඔනි ඕනිමයි.????

    මොනා වෙයිද මන්දා සර් කාරය රන්වීර්වයි සාහිවයි දෙන්නවම එලොව යවයිද කියලා බය හිතෙනවා අප්ප එහෙම නම් වෙන්න එපා කතාව ලස්සනයි අක්කි.

    දග සෙට් එකට සුභ රාත්‍රියක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම
    අද මම හරි සතුටින් ඉන්නෙ ආආආආආආඅදරෙයි ගොඩාක්?????

  8. කතාව ලස්සනයි.
    අවසානෙත් ලස්සනයි නේද. තව කතාවක් ඕනිමයි.

    ඔයාලා හැමෝටම සුභ රාත්‍රියක්
    ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.