Katha Ahura

සොදුරු ආත්මය | එකොළොස්වෙනි හමුවීම | හොල්මන් කතා

5/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්…

එකොළොස්වෙනි හමුවීම..

—————————————————————————————————————————————————-

එකෙක් මගේ මූණට එබිලා මගේ බඩට පිස්ටල් එක තියද්දිම මට තේරුණා මං ආයේම මැරෙන්න පුළුවන් කියලා..

හිතේ ගොඩ ගැහිලා තිබ්බ ඔක්කොම ශක්තිය මාරයා ඉස්සරහා දිය වෙලා ගියා වගේ..

“ඉක්මනට දියන්..”

දැං නම් පිස්තෝලේ ස්පර්ශය මගේ බඩට හොඳටම දැනෙනවා..

“අනේ ප්ලීස්ස් මට..”

එතනින් එහා මට වචනයක් කියන්න වුණේ නෑ කොහෙදෝ ඉඳලා ආපු රන්වීර් එකෙක්ගේ බෙල්ලට පිහිය තිබ්බා..

“කටවහගෙන ශේප් එකේ මෙතනින් මාරු වෙයන්..”

රන්වීර් මහ ගැඹුරු කටහඬින් කිව්වා..

ඒත් කවුරුත් හෙල්ලුනේ නෑ..

ඒත් තප්පරෙන් තප්පරේ අරූගේ බෙල්ලේ තිබ්බ පිහිය බෙල්ලේ හම කපා ගෙන ඇතුළට යනවා.. බෙල්ලෙන් ලේ බිංදුව, බිංදුව මතු වෙද්දි අරූ කෑ ගහන්න ගත්තා..

එතකොට අනිත් දෙන්නා ඉක්මනටම වෑන් එකට නැග්ගා.. රන්වීර් අරූවත් වෑන් එකට තල්ලු කරා..

මං තාමත් ඉන්නේ ගල් පිළිමයක් වගේ..

උන් වෑන් එක ස්ටාක් කරද්දිම රන්වීර් කාටද් කෝල් එකක් අරන් වෑන් එකේ නම්බර් එක කිව්වා..

“ඔහොම හිට ගෙන බලන් ඉන්නවා..”

රන්වීර්ගේ සද්දෙන් මං මේ ලෝකෙට ආවේ..

ඇත්තටම මට හිතා ගන්න බෑ මං මොන වගේ කතාවක් මැද්දටද පැන්නේ කියලා..

“මෙහේ එනවා සාහී..”

රන්වීර් මගේ අතින් ඇඳගෙන එයාගේ බයික් එක ළඟට ගියා..

“නගිනවා.. තමුසෙගේ සර් එන්නේ නෑ කාර් අරගෙන..”

අපෝයි.. ඒ කටහඬේ තිබ්බේ නොරිස්සුමම විතරයි.. චුට්ටක් විතර ඉරිසියාවත් තිබ්බා..

මාත් මේ කොට්ට උරෙත් අල්ලගෙන බයික් එකට නැග්ගා.. මං කිව්වේ ටයිට් සාය..

රන්වීර් මුකුත් නොකියම බයික් එක පාරට දැම්මා.. මං හෙල්මට් දාලා නොතිබ්බා හින්දා මගේ කොණ්ඩේ හුළඟේ යනවා. හරියට මාව පා වෙනවා වගේ..

ඒක නම් මරු..

ඒත් රන්වීර් යන්නේ අපේ අපර්ට්මෙන්ට් පැත්තට නෙවෙයි..

කොහෙද යන්නේ කියලා මට අහන්න ඕන වුණත් රන්වීර් ඉන්නේ කේන්තියෙන් කියලා හිතුණා හන්දා මං ඇහුවේ නෑ..

ඒ ඇස් වල තියෙන වේදනාවට බය මං එයාගේ කේන්තියට බය නොවී ඉඳිවිද..??

අන්තිමේ එයා බයික් එක හැරෙව්වේ මුඩුක්කුවක් පැත්තට..

රන්වීර් ඉන්නේ මුඩුක්කුවකද..??

මං මීට කලින් මුඩුක්කුවකට ඇවිත් නෑ. හැබැයි මගේ හොල්මන් ආත්මේ දන්නවා මුඩුක්කු වල ඉන්නේ හොඳ මිනිස්සු නෙවෙයි කියලා..

මං බයටම රන්වීර්ව තද කරලා අල්ලා ගත්තා..

එයා බයික් එක නතර කරේ පොඩි ගබඩාවක් වගේ තැනක. බයික් එක වත්ත ඇතුලටම දැම්මා..

එයා කියන්නත් කලින් මං බයික් එකෙන් බැස්සා..

මට නොතේරෙන අමුතු හැඟීමකින් මගෙ හිත පෙලෙන්න පටන් අරන්..

සාහිට රන්වීර් එක්ක මොන සම්බන්දයක් තිබ්බද කියන්න මං දන්නේ නෑ.. ඒත් මං..?? රන්වීර් ගැන අංශු මාත්‍රයක්වත් මං දන්නේ නෑ..

“මෙහේ එනවා..”

මං හුස්මක්වත් ගන්න කලින් රන්වීර් මාව ඇතුලට ඇදගෙන ගියා..

රන්වීර් ගබඩාවේ දොර මහ හයියෙන් වැහුවා.. ඒත් එක්කමයි මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තේ..

සාහී.. අද නම් උඹට මහ නරක දවසක්..

රන්වීර් කණුවක් ගාවට ගිහින් ස්විච් එක දැම්මා.. දැනුයි ඇතුළ දැක්කේ මං..

පරණ වාහන කෑලි, යකඩ කෑලි හැමතැනම..

මෙහේද රන්වීර් ඉන්නේ..?? මේ යකඩ ගොඩේ..

එයා මාව තැකීමක් නොකර පරණ කැඩිච්ච කාර් එකක් අස්සෙන් යන්න ගියා..

“රන්වීර්…”

පළවෙනි වතාවට මන් රන්වීර්ට කතා කරා. මොකද තව මොහොතක් වත් මට මෙතන ඉන්න බෑ..

ඒත් එයා මුකුත් කිව්වේ නෑ..

දෙයියනේ මේ යකඩ ගොඩක් මැද්දේ මං තනි වෙලාද..??

මං හැදුවේ ගබඩාවේ දොර ගාවට යන්න..

ඒත් ඊට කලින් කවුරුහරි මාව ඇදලා ගත්තා.. රන්වීර්…

රතු පාට වෙච්ච ඇස් මගේ ඇස් වලම පැටලෙද්දි සත්තයි මට දැනුනේ වේදනාවක්..

හොල්මනක් වෙලා ඉද්දි මට මේ හැඟිම් දැනුනේ නෑ.. ඒත් දැං..

“තමුසේ කොහොමද මෙහෙම වෙනස් වුණේ..??”

රන්වීර් මගේ මූණට එබිලා ඇහුවා..

දෙන්න උත්තරයක් නැතුව මං අඩියක් පස්සට ගියා.. සාහි වෙනුවෙන් දෙන්න උත්තරයක් මට නෑ..

රන්වීර් මට පේන්නම එයාගේ අතේ තිබ්බ බෝතලේ කට තියාගෙන බොන්න ගත්තා..

අනේ.. !!!

මං මුකුත් හිතන්නත් කලින් රන්වීර් ගාවට පැනලා එයා බිබී හිටපු බෝතලේ ඇදලා ගත්තා..

“මෙහාට දෙනවා..”

අකීකරු කොන්ඩේ දෙපැත්තට ගසලා රන්වීර් මට කේන්තියෙන් කිව්වා..

කනත්තේ මහසෝනා එක්ක හිටපු මම ඔහොම ඉල්ලුවම දෙයිද..??

“බෑ..”

රන්වීර් මං ගාවට එද්දිම මං අඩියක් පස්සට ගියා..

“මෙහෙට දියන් ඕක..”

මං බෝතලේ තිබ්බ අත පැත්තකට දික් කරලා එකපාරටම බෝතලේ අත ඇරියා..

ස්ලාං….

බෝතලේ බිඳෙන හඬ අපි දෙන්නම නිහඬ කරා වගේ..

හැබැයි රන්වීර් මං දිහා බලන් හිටියේ මාව ගිනි තියන තරම් කේන්තියෙන්..

රතු පාට ඇස් තවත් ගිනියම් වුණා වගේ..

සාහීයෝ… උඹ නිදා ගෙන හිටපු සිංහයෙක්ව ඇහැර ගත්තා කියලා මතක තියා ගනින්..

ඊළඟ තප්පරේ රන්වීර්..

————————————————————–

ඇස් පියන් මවා ගන්න ළමයි..

ආදරෙයි පැලෙන්න. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

50 thoughts on “සොදුරු ආත්මය | එකොළොස්වෙනි හමුවීම | හොල්මන් කතා”

          1. මායා black

            අනේ ලැජ්ජයි වගේ..??❤️ මන් අද චුට්ටක් පාඩම් කරා අක්කි හැමදාම සෙල්ලම් කරන්න බෑනේ.. මටත් පාලුයි අනේ ඔයාලා නැතුව.. ❤️❤️❤️ ආදරෙයි අක්කියෝ ??

    1. මායා black

      අම්මෝ මේ කෙල්ලටත් ඕනේ නැති දෙයක් නෑනේ.. ඔය පෙරලගත්තේ? අනේ සාහි යාලුවෙලා හිටියේ රන්වීර් එක්කද❤️ පවුනේ සාහි දැන් එයා නෑනේ.. ඔය කොල්ලෝ දෙන්නා ඒක දැනගත්තම මොනා වෙයිද ?? මන් ඊයේ කියපු විදියටම රන්වීර් ආවනේ..?❤️ අනේ මේ හොල්මන් කෙල්ල ඇත්තටම කවුද අනේ.. එයා ගැනත් ඉක්මනට කියන්නකෝ.. එයාට එයාවම මතක නෑනේ.. මේ කතාව නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ අක්කි.. මට නිකන් මැවිලා පේනවා..?❤️

      අනේ හැබැයි චුට්ටයිනේ.. ඒකයි දුක..??? රන්වීර් දැන් කෙල්ලගේ කන අතගායිද දන්නේ නෑනේ..? එහෙම වෙන එකක් නෑනේ එයා ඉතින් සාහිට කැමතියිනේ..? ඒ හින්දා කනට ගහන්නේ නැති වෙයි හැබැයි බෙල්ල මිරිකයිද කියන්න බෑ..?? මට පිස්සු අප්පා..??

      අක්කිගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️
      All the best ??

      1. චතූර්යයා ඉන්දීවරී

        හොස්පිටල් ගියා මැණික.. ?????… එද්දි රෑ වුණා

          1. චතූර්යයා ඉන්දීවරී

            මාත් අද පාළුවෙන් හිටියේ මැණික ඔයාලා නැතුව.. ඔයාට කෝමද සුද්දී දැන්…

          2. සදෙව්මි විහන්සා

            ඔයාට කෝමද අක්කි.. ඇයි හොස්පිට්ල් ගියේ… මට ටිකක් හොදයි අක්කියෝ….. ඇදට වෙලා ඉන්න එක තමා අවුල්…

      1. චතූර්යයා ඉන්දීවරී

        ඔයා මෙහෙ හිටියානම් අල්ලන්න තිබ්බා සුද්දී.. ????? මම හොස්පිටල් ගියෝ…. ඒකයි මැණික කමෙන්ට් කරන්න බැරි වුණේ

        1. චතූර්යයා ඉන්දීවරී

          ඊයෙයි අදයි දෙකේම යන්න තිබුණා සුද්දි මට. අදනම් ගියේ ECG වගයක් ගන්නයි තව චෙකප් දෙකක් කරගන්න දින දීලා තිබුණ නිසා

          1. සදෙව්මි විහන්සා

            ඉතින් රිපෝට් ගත්තද අක්කියෝ.. කෝමද ඒවා…

          2. චතූර්යයා ඉන්දීවරී

            අපි ඒ ගැන කතා නොකර ඉමු චූටි.. මට බෑ ආයෙත් අඬන්න ඒ දේවල් ගැන හිතලා… ????????

          3. චතූර්යයා ඉන්දීවරී

            හශී පැට්ටෝ, දිල් පැට්ටෝ, සශී පැට්ටෝ, වීණාවි පැට්ටෝ , නෙත්මා පැට්ටෝ , නෙතූ පැට්ටෝ, ආශී පැට්ටෝ, විසාරා පැට්ටෝ , පබා පැට්ටෝ , හිමාෂි පැට්ටෝ , හිම බෝලේ, මාෂි පැට්ටෝ , නයෝ පැට්ටෝ , ටින්කර් බෙල් පැට්ටෝ, සුමිත් අයියා බබෝ, පවනි පැට්ටෝ, රුවන්ති පැට්ටෝ , රුවිනි පැට්ටෝ…..එකී මෙකී නොකී හැමෝම රාජකාරියට වාර්තා කරන්න රෙඩ් ලයින් එක ගහන්න කලින්….??????ඔයාලා නෑනේ අනේ පේන්න. මම උදේ කතා දෙකට උදේ හාර්ට් කමෙන්ට් දැම්මට පස්සේ යන්න බැරිවුණෝ…..

          4. චතූර්යයා ඉන්දීවරී

            (‘)….(‘)
            ( ‘ o ‘ )
            (‘)–(‘)
            (”’)-(”’)

            GOOD NIGHT & SWEET DREAMS MY LITTLE ANGELS .
            LOVE YOU ALL. UMMMMMMMMMMMMAHH

          5. සදෙව්මි විහන්සා

            හරි අපි කතා නොකර ඉමු… ඒත් හැමදේම හොදම විදිහට විසදේවි..

            GOOD NAIGHT AKKIYOO…
            UMMMMMMMMMMMMMA

          6. චතූර්යයා ඉන්දීවරී

            චාදී පැටියා , ලාස්ට් ක්වීන් …. අනේ මට සුට්ටක් අමතක වුණා සත්තලනේ ඔයාලා.. සොරි.

          7. මායා black

            අනේ මගේ චතූ අක්කියෝ මට හිතෙනවා දැන් ඔයා ලඟට එන්න.. මාව පරිස්සමින් බලාගන්න ඕනේ රෝස කැකුලක් වගේ..?? මන් වද දෙන්නේ නෑ.. කන්න ටිකක් දෙන්න වැඩිය එපා..? මට ඉතින් ඔයා ලඟින්ම ඉගෙන ගන්නත් පුලුවන්නේ.. ?
            හොඳට දොයියන්න.. good night ??

    1. චතූර්යයා ඉන්දීවරී

      සුද්දී කොහොමද ඔයාට… චූටි පැටියයි ඔයයි හොඳින් නේද? පරිස්සම් වෙන්න මැණික..බුදු සරණයි!සුබ රැයක් වේවා!!!

      1. Buddhika subhashini

        Good morning මගේ අක්කි … දැන් නම් අඩුයි අසනීප අක්කී ..කන්න බෑ තාම ..
        අක්කිට කොහොමද

    1. ගුඩ් මෝර්නින් හැමෝටම..

      මට ඊයෙ නින්ද ගියා අප්පා…කතාව නම් ලස්සනයි..මේ හොල්මන මැරෙන්නත් බයයිනෙ..අනේ මන්දා මං හිතූවා වගේ රන්වීර් සාකීගෙ කොල්ලා.. අම්මෝ දැන් රන්වීර් කෙල්ලගෙ කන අතගායිද නැතිනම් ඇදලා අරන් කිස් එකක් දෙයිද දන්නෙ නැහැ..මොකද සමහර කොල්ලො හිතේ තරහා පිට කරන්නෙ ඒ විදිහට…අනේ මන්දා මං පිස්සු කියවනවා නේද?

      මට දැනෙන විදිහට මෙතන අපිට උඩින් පේනවට වඩා සෑහෙන්න බරපතල කේස් එකක් තියෙනවා..අපි බලාගෙන ඉමුකො මොකද වෙන්නේ කියලා..කතාව හරිම ලස්සනයි..ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..දෙවි පිහිටයි ඔයාට…???????

  1. සදෙව්මි විහන්සා

    බින්දා නේද බෝතලේ….?? අපරාදෙනෙ…

    ඇත්තම කිව්වොත් අක්කියෝ මාවනම් පටලැවිලා ඉන්නේ.. අනේ ඉක්මනට මේ පටලැවිල්ල ලිහන්නකො අක්කියෝ…..

    කතාව දිගට දැම්මා කියලා කවුරුවත්ම බනින්නෙ නෑ අක්කියෝ… අනේ ටිකක් දිගට දෙන්නකෝ කතාව.. ඔයාගෙ කතා ගොඩක් ලස්සනයී අක්කියෝ… මම හදවතින්ම සුභ පතනවා ඔයාට.. බුදුසරනයි???

      1. සදෙව්මි විහන්සා

        ඕඕඕඕ අක්කියෝ… ගල් ගහලා වීදුරු බිදින්න එක්ස්පර්ඩ්…..???

        1. චතූර්යයා ඉන්දීවරී

          අම්මෝ මේ කෙල්ලනම්….????? අර කීව අහිංසක කම බේරෙනවා අප්පා ඒ වචන වලින්..ගල් ගහලා වීදුරු බිඳලා දොයියගත්තමනම් ඕනෑවටත් වඩා අහිංසක ඇති නේද?..දුකේ බැරුව ඇති බලන්න ඒ වෙලාවට…???????

          1. සදෙව්මි විහන්සා

            මේඒඒඒ… අක්කි කියන්නෙ මොන ගල් ගැනද ඔය….???

          2. චතූර්යයා ඉන්දීවරී

            මම කීවා කියලා හිතාගන්නකෝ චූටික්කී….???????

      1. චතූර්යයා ඉන්දීවරී

        ඔයාටත් සුමිත් අයියගෙ ලෙඩේ බෝවෙලාද සුද්දී… ????????????

  2. සදෙව්මි විහන්සා

    මේ
    ඇහුනද
    මම හොල්මනක්
    මන් ඇයි
    ඔයාට බය වෙන්නෙ
    නර ලොව
    හොල්මන් එක්ක ඉන්නෙ මම
    එහෙව් එකේ
    ඔයාට බය වේවිද මන්…..

    ටීක් බෝල ඇස් දෙක
    රතු කර ගත්තාම
    ලොවි මද වගේ
    බය උනේ නෑ මන්
    ගැස්සුනා මේ
    හොල්මන් හිත
    අසරණයි මන්
    කිසිදෙයක් ඔබ ගැන
    නොදන්නා නිසා
    යන්නෙ වෙයි
    මට ඉතින්
    යම් දිනෙක
    නැවත වරක්
    නර ලොවට
    ඒ දිනේ එන තුරා
    රැදෙන්නේ ඔබ ලගද
    ඔහු ලගද
    කියාදෙනු ඉතින් දැන්
    මේ සොදුරු ආත්මෙට…

    1. චතූර්යයා ඉන්දීවරී

      ලස්සනයි මැණික.

      මට මහන්සි මැණික . මම දොයියන්නම්. හෙට කතා තුනටම කමෙන්ට් දාන්නම්. හාද. මට ප්ලේස් එකක් අල්ලනවද ක්‍රොස් මයි ?කතාවේ.. ඔයත් ගොඩාක් රෑ වෙනකල් අවදියෙන් ඉන්නෙපා චූටික්කි… ඔයාලා අතර තියෙන ආදරය, සෙනෙහස, සතුට හැමදාමත් ඒ විදියටම රැඳිලා තියෙන්න කියලා හදවතින්ම පතනවා මැණික මම. බුදු සරණයි! ඔයාටයි නිම්න අයියටයි පවුලේ හැමෝටමයි.

    2. මායා black

      ඒක පට්ට අක්කි ?❤️
      Good night හොඳට බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න..?

      1. සදෙව්මි විහන්සා

        චතූ අක්කි, මායා කොටේ.. ගොඩාරියක් ස්තූතියි …????

  3. Mata penne boss ta wadiya nm ranveer hoda athi neda…eth eya hari apiliwelai ne??…eyawa tikal piliwelata hadala gani neda me pissu holmn kella???…ane kathawa thawa tikak digata dannakoo…

  4. Twinkabell anu

    ගොඩක් ලස්සනයි අක්කෙ කතාව..
    ත ටිකක් දිගට දාන්නකො..
    බුදු සරණයි..???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.