Katha Ahura

සොදුරු ආත්මය | දහනවවෙනි හමුවීම | හොල්මන් කතා

5/5 - (25 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

දහනවවෙනි හමුවීම…

—————————————————————————————————————————————————-

එකපාරටම මං ගාවට ඇවිත් නතර කරේ බයික් එකක්.

රන්වීර්…!!!

එයා මොනවද මේ වැස්සේ මෙතන කරන්නේ..?

රන්වීර් හිටියේ හොඳටම තෙමිලා.. ඇඟ දිඟේ වතුර බේරෙනවා.. එයා හෙල්මට් එක ගලවලා මං දිහා බැලුවේ කේන්තියෙන් රතු කර ගත්ත ඇස් වලින්..

මං අහිංසක පාටට බිම බලා ගත්තා.. සර් බලාපොරොත්තුවෙන් හිටපු මං ගාවට දෙයියෝ එවලා තියෙන්නේ රන්වීර්..

“මොකද මෙතන..?? ෆිල්ම් පෙන්නනවද. ?”

මං ඒ හිටියෙත් බිම බලා ගෙන..

ඔව් ඉතින්.. මං වටේ හිටපු අයගේ ඇස් වතුර වලින් තෙමිච්ච මං දිහා බලනවා.. ලස්සන ෆිල්ම් එකක් නම් තමයි.

“නගිනවා..”

හ්ම්ම්ම්ම්ම් මොකද කරන්නේ..?? තවත් නම් සර් එනකම් බලන් ඉන්න එකේ කිසි වැඩක් නෑ වගේ.. එක්කෝ එයාට අමතක වෙලා.. නැත්නම් එයත් මාව බයිට් එකට අරන්..

එහෙව් එකේ මං මෙතනට වෙලා බලන් ඉන්න එකේ තේරුමකුත් නෑ..

“දැං මං ආයේ කියන්න ඕනද..??”

ඇයි මේ පිරිමි තීරණයක් ගන්න අවාථාවක් නොදෙන්නේ..?? අඩුම ගාණේ හිතන්නවත්..??

ඇත්තමයි මට තිබ්බෙ නොරිස්සුමක්..

එක පැත්තකින් මගෙන් වචනයක් නැතුව අද, මෙතනට මේ මහ වැස්සේ එන්න කියලා මාව රස්තියාදු කරපු සර්.. අනිත් පැත්තේ දැං මෙතනට ඇවිත් මාව කන්න හදන රන්වීර්..

අනේ මන්දන්නෑ මොන නැකතකට මං මේ සාහිගේ ඇඟට ඇතුලු වුණාද කියලා..

මං හෙමීට රන්වීර්ගේ බයික් එකට නැග්ගා..

වැස්සෙම අපි ආවේ අර එදා ආපු මුඩුක්කුවටමයි..

අපි එද්දිම වගේ කොච්චියක් මහ හයියෙන් පිබගෙන ගියා..

අම්මෝ.. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්.. කොච්චියේ සද්දෙට මාත් කෑ ගැහුවා.. වැස්සත් එක්ක.. ඒක හරියට ෆිල්ම් එකක සීන් එකක් වගේ..

මනුස්සයෙක් වෙන එක මරු කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි..

රන්වීර් එදා මාව එක්කන් ආපු ගබඩාවටමයි ආවේ.. හැබැයි මාව එක්කන් ගියේ ගබඩාවේ පිටි පස්ස කොටසට..

මං හිතන්නේ එදා රන්වීර් කාර් එක අස්සේන් අතුරුදහන් වුණේ මෙතනට තමයි..

එයා ගාව තිබ්බ යතුරින් කාමරේ ලී දොර ඇරියා..

අම්ම්මෝ….!! කාමරේ ඇතුළ දැක්කම ඇත්තමයි මට පුදුම හිතුණා.. පිටතින් පේන මුඩුක්කු ගතිය ඇතුළේ දශමයක් වත් ගෑවිලා නෑ..

හරිම පිළිවෙළයි.. පිරිසිදුයි..

“ආ මේක අරන් පිහිද ගන්නවා. ”

රන්වීර් මට සාළුවක් දික් කරකම්ම මං හිටියේ පුදුමයෙන්..

“මෙහේ තමුසෙලාගේ ඇඳුම් නෑ.. අර ලොකු ශර්ට් එක තමුසෙට ඇති වෙයි. ඒක ඇඳ ගන්නවා..”

රන්වීර් දොර ළඟ හිටපු මාව ඇතුළට තල්ලු කරලා දොර වහගෙන යන්න ගියා..

මං සාලුව අරන් කොණ්ඩේ උඩින් පල්ලෙන් පිහි දැම්මා.. කොහොමත් කොණ්ඩේ පිහිදන එක මගේ දින චර්යාවේ තිබ්බෙම නෑ..

රන්වීර් පෙන්නපු ශර්ට් එක මං ඇඳ ගත්තා.. මං වගේ දෙකක් දාන්න පුළුවන්..

ඒත් මට ලස්සනට අති. හැබැයි ඉතින් චුට්ටක් කොටයි.. දණහිසෙන් අඟල් දෙකක් වගේ උඩ..

ඊට පස්සේ මං බැලුවේ වට පිට. මේසයක් තිබ්බා කොණේම.. ලැප් එකක්, ටැබ් එකක් වගේම පොත් ටිකකුත් තිබ්බා..

තව රාක්ක දෙකක් පුරවලා පොත් තිබ්බා. ඔක්කොම ඉංග්‍රීසි..

රන්වීර් මුඩුකුවක හිටියට උගත් කෙනෙක්ද..??

මං තව වටපිට බැලුවා.. ඇඳ ගාව තිබ්බ පොඩි මේසේ උඩ ෆොටෝ එකක් තිබ්බා..

මං ගිහින් ඒක අතට ගත්තා..

ඒකේ හිටියේ රන්වීර් සාහි එක්ක.. ඒ කියන්නේ මාත් එක්ක..

රන්වීර් වගේම සාහි ඉන්නෙත් පුදුම තරම් සතුටින්. මං මොහොතක් ඒක දිහා බලන් හිටියා..

“මෙහෙට දෙනවා..”

එකපාරටම ආපු රන්වීර් මගේ අතින් ඒ ෆොටෝ එක උදුර ගත්තා..

“මේ ඉන්නේ සාහි. මගේ සාහි. තමුසේ නෙවෙයි..”

රන්වීර් ඒ කිව්ව වචන මගේ පපුවටම වැදුණා.. රන්විර්ගේ සාහී..

එහෙනම් ඇත්තටම සාහි රන්වීර්ට ආදරේ කරලා.. එයාලා ආදරෙන් ඉඳලා.. ඒත් මං..?? මං මැද්දට පැනලා ඔක්කොම විනාශ කරලා..

මං එහෙමම ඇඳෙන් වාඩි වුණා..

සාහි ගොඩක් රන්වීර්ට ආදරේ කරන්න ඇති.. ඒත් මගේ හිත ආදරේ කරන්නේ සර්ට..

ඕඕඕඕ කඩවලේ.. මගේ ඔළුව රිදෙනවා..

මං අත් දෙකෙන් ඔළුව බදා ගත්තා..

රන්වීර් මුකුත් නොකියා මේසෙන් වාඩි වෙලා ලැප් එක ඔන් කර ගත්තා..

රන්වීර්, සාහි, සර් ඒ අස්සේ ශාකි.. මොන ලෝකෙටද මං මේ කඩන් පාට වුණේ..

ටිකකින් මට දැනුණේ ලොකු බඩගින්නක්..

බඩේ පණුවෝ ස්ටර්යික් කරන්න පටන් අරන්..

“රන්වීර්..”

“හ්ම්ම්ම්.”

“බඩගිනියි..”

රන්වීර් ඇහෙන්නේ නැති ගාණට වැඩ..

තවත් විනාඩි ගාණකට පස්සේ රන්වීර් මං දිහා නොබලම දොර ගාවට ගියා..

“එනවා යන්න..”

අම්මෝ ශාන්ත.. බලන්න ඒ වචන දෙකේ තියෙන ලස්සන.. හොඳට කන්න ඕනි බඩ පැලෙන්න..

“ඇදුම ඇඳ ගෙන එනවා..”

මට තිබ්බ හදිස්සියට තව පොඩ්ඩෙන් යන්නේ ශර්ට් එක පිටින්.. රන්වීර්ට නොබීපු වෙලාවට ඉවසීම තිබ්බට අනිත් අයට නෑනේ..

විනාඩි දෙකෙන් තුනෙන් මං ලෑස්ති වෙලා එළියට ආවා..

අපි ගියේ පාරේ අයිනේ තිබ්බ සයිවර් කඩේකට.. කට කපලා සෙනඟ.. අපිව දැකපු පොඩි කොල්ලෙක් එන්න මහත්තයා කියලා අපිට මේසයක් දුන්නා..

එයා අපිව අඳුරවා වගේ.. රන්වීර් නිතරම මෙතනට එනවා ඇති..

රන්වීර් ගේන්න කිව්වේ තෝසේ.. මාත් මනාපයි එව්වට..

කෑම ගෙනාවට පස්සේ අපි දෙන්නා කන්න ගත්තා.. සුවඳ වගේම රසත් උපරිමයි..

“අක්කා ආස හින්දා උණු උණු උරුඳු වඩයක්..”

අර පොඩි කොල්ලා මගේ පිඟානට උණුම උණු උරුඳු වඩයක් දැම්මා..

රන්වීර් කට කොණකින් හිනා වෙනවා..

සමහරවිට රන්වීර් එක්ක සාහිත් නිතරම ආපු තැනක් වෙන්න ඇති මේක..

අපි කාලා බයික් එකට නගින්න පාරට ආවම මං දැක්කේ දැකලා පුරුදු කාර් එකක්..

සර්ගේ… ඒත් කාර් එක ඇතුළේ හිටියේ ශාකී..

එහෙම කොහොමද වුණේ..??

යන්තම් අමතක කරලා නෝමල් මූඩ් හිටපු මම ආයේම සර්ගේ ලෝකෙට කඩන් වැටුණා වගේ..

රන්වීර් කෙලින්ම මාව ගෙනැත් දැම්මේ අපර්ට්මන්ට් එකට..

“ඉස්සර හිටපු කෙනා වෙන්න බැරි වුණාට කමක් නෑ.. ගිහින් වළේ වැටෙන්න එපා..”

රන්වීර් මට කියන් ගියේ එහෙම..

ඇයි යකෝ හැමෝම ගාව හරස් පද ප්‍රෙහේලිකා විතරක් තියෙන්නේ..??

කෙලින්ම කිව්වා නම් ඉවරනේ..

මං ඇවිත් පැයකට පස්සේ ශාකි ආවා.. ඒ මූණ නම් මැලවිලා.. එයා පරක්කු වෙනවා කිව්වට පරක්කුත් නෑ..

දැං සර් මට කෝල් කරයි.. දෙන්නම් වැඩක්.. මං ෆෝන් එක ඕෆ් කරා..

ඕක ඔන් එකේ තිබ්බොත්නේ කතා කරන්නේ..

මං ඔහේ ඇඳට වෙලා හාන්සි වෙලා හිටියා..

“සාහී.. සාහී..”

“කෝ නැඟිටින්න සාහි..”

“සාහි..”

————————————————————————————————-

හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ආදරය, වේදනාව, පළිගැනීම, වෛරය.. ත්‍රාසය.. ඔක්කොම එකතු වෙලා හිනාව ගේන සාහී.. සොඳුරු ආත්මය..

ආදරෙයි පැලෙන්න.. මාත් එක්කම හැමදාමත් ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

30 thoughts on “සොදුරු ආත්මය | දහනවවෙනි හමුවීම | හොල්මන් කතා”

    1. චතූර්යයා ඉන්දීවරී

      නෙතූ පණ ඔයාට කෝමද? අනේ අපෙ එර්න්ජල් මැණිකට සනීප නෑලු. ඔයා දැක්කද

      1. අනේ angel පණ ඔයාට මොකද වුනේ….
        අනේ කව්රු හරි කියන්නකෝ..එයා උදේ නැගිට්ටේ නෑ කියන්නේ…එයා හොස්පිට්ල් ඇඩ්මිට් කරා කියන්නේ . …අනේ මගේ අක්කියෝ ඔයාට මොකද්ද වුනේ….
        අනේ අපේ අක්කි ගැන විස්තරයක් කියන්න ප්ලීස් අක්කිගෙ පෝන් එක තියන් ඉන්න නන්ගී….
        අනේ එයාට මුකුත් නෑ නේද…අක්කි පණ හොදින් නේද…එයාට දැන් කොහොමද….
        අනේ හරි විස්තරයක් දන්න කෙනෙක් නැද්ද …..plz කියන්නකෝ…

      2. Oshani nimeshika

        කොහොමද නෙතූ පන ඒකනෙ අක්කියෝ ඒන්ජල් අක්කිට කොහොමද දන්නෙ නෑනෙ අනේ

      3. මට ටිකක් හොදයි අක්කී,,,අනේ මං දැක්කේ දැන් අක්කී අපේ ඒන්ජල්ට දැන් කොහොමද දන්නෑ නේද…ඒ කමෙන්ට් එක දැක්ක වෙලාවේ ඉදලා මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා අක්කී,,

    1. නිරෝෂා ලක්මාලි

      මුලින්ම කියන්න ඕනේ අද ටිකක් දිගට දාලා කතාව. හරිම ලස්සනයි අනේ කතාව. මේ සාහිට වැහිලා තියෙන හොල්මන නම් මරු. ඇත්තටම මෙහෙම සතුටින් ඉන්න හොල්මනුත් ඇති නේද. රන්වීර් සාහි ගැන ඇහැ ගහගෙන නේද ඉන්නේ. ඒකනේ යන යන තැනට හොයන් එන්නේ. මේ සර් ෆෝන් එකත් ඕෆ් කරන් එන්නෙ නැතුව හිටියේ ශාකි සර් ලඟ හිටිය නිසා ⁣වෙන්න ඇති නේද. මට නම් ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා දැන්. කමක් නෑ ඒවට ඉස්සරහට විසඳුම් ලැබෙයිනේ. හරිම ආසාවෙන් බලන් ඉන්නවා හැමදාම කතාව දානකන්..

      හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න..
      කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

      ❤️ All the very best ❤

      සතුටින් පරිස්සමින් ඉන්න..

      බුදු සරණයි!

        1. චතූර්යයා ඉන්දීවරී

          ඉන්නවා රත්තරං. අද මූඩ් එක අවුල් දෙයියෝ ඒන්ජල් මැණිකට සනීප නැති නිසා

          1. නිරෝෂා ලක්මාලි

            අනේ එන්ජල් නංගියා මොකද බබා වුනේ ඔයාට

          2. නිරෝෂා ලක්මාලි

            හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියා ඉක්මනටම සනීප වෙලා එන්න. බලන් ඉන්නවා. ආදරෙයි ගොඩක්..

    1. චතූර්යයා ඉන්දීවරී

      පබා මැණික.. කෝ ඔයා.. ඒන්ජල් පැටික්කි ගැන ආරංචියක් නැද්ද තාම

  1. චතූර්යයා ඉන්දීවරී

    අක්කියෝ.. අදත් ලස්සනයි කතාව. තෑන්ක්ස් අද දිග එපිසොඩ් එකක් දුන්නට. හෙටත් එන්න අක්කි අක්කි ලස්සන එපියක් අරන්. බුදු සරණයි!

    1. චතූර්යයා ඉන්දීවරී

      මාධවී අක්කියෝ . සොරි වෙනදා වගේ ලස්සන කමෙන්ට් එකක් දාන්න තරම් මූඩ් එකක් නෑ මට අක්කි දකිනවා ඇති ඒන්ජල් කියලා නංගි කෙනෙක් ලස්සන නිසඳැස් එහෙමත් දාලා කමෙන්ට් කරනවා. අන්න ඒ නංගිට සනීප නැතුව හොස්පිටල් ඇඩ්මිට් කරලා. ඉතින් වෙනද වගේ සතුටක් නෑ අද. ඒ නිසයි කෙටි කමෙන්ට් එකක් දුන්නේ. සොරි අක්කි ඒකට.

      අනේ මගෙ ඒන්ජල් මැණික..ඉක්මණට සනීප වෙලා ආයෙම එන්න මැණික..ඔයා නැතුව පාළුයි අපිට… බුදු සරණයි මගෙ නංගි බබා . ආදරෙයි හැමදාමත්..

      1. Oshani nimeshika

        චතූ අක්කි ඒන්ජල් අක්කි ගැන ආරන්චියක් ආවොත් කියන්න අක්කියෝ හරිම දුකයි අනේ ?????? පව් අපේ අක්කි ඉක්මනට සනීප වෙන්න අක්කියෝ

        1. චතූර්යයා ඉන්දීවරී

          මැණික එයාට සිහිය ආවලු.. අනේ මගෙ හිතට දැන් තමයි චුට්ටක් හරි සහනයක් දැනුණේ රත්තරනේ

          1. Oshani nimeshika

            මොකද වෙලා තියෙන්නෙ අක්කියෝ එයාට

          2. Oshani nimeshika

            අද අනිත් අයත් නෑ ඇප් එකම පාලුවට ගිහින්????

  2. කතාව හරිම ලස්සනයි අක්කියෝ…

    රන්වීර් කියන්නෙ හොද කෙනෙක් වගේ… සර් ගැනනම් මට හිතාගන්න බෑ….ශාකි නම් මහා නරක කෙනෙක් අප්පා… මටමම් හිතෙන්නෙම එහෙම..
    .හෙටත් දිග කොටසක් අරන් එන්න අයියේ ❤️??

  3. Me shaki bossui dennama pen eka gana hoyanawa atthe…ekane sahiwath amathaka une sirta…ranveer thamai sahiwa beraganna inne…????kathawa nm godak lassanai….???????

  4. Twinkabell anu

    කතාව ඊයේ කියෙව්වත් cmnt එකක් දාන්න මූඩ් එකක් තිබ්බෙ නැ අක්කි.. ගොඩක් ලස්සනයි අක්කි කතාව.. thnq දිග කොටසක් දුන්නට…??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.