Katha Ahura

සොදුරු ආත්මය | දාසයවෙනි හමුවීම

3.8/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

දාසයවෙනි හමුවීම..

———————————————————————————————————————————-

ඒත් මං දැක්කේ කවදාවත් මං දකින්න හිතපු නැති දර්ෂනයක්..

ශාකි සර්ගේ මේසෙට හේත්තු වෙලා සර්ගේ උරහිසකට අත තියන් ඉන්නවා.. හරියට…

හරියට කපල් එකක් වගේ.. දොර ඇරුණු සද්දෙට දෙන්නම ගැස්සිලා මේ පැත්ත බැලුවා.. ඒ එක්කම මං හයියෙන් දොර වහලා දැම්මා..

මගේ හිත කඩන් වැටිලා..

ශාකි… සර් එක්ක…!!!

මට හිතා ගන්නවත් බෑ.. එතකොට සර්…

මං එහෙමම ආවේ බාත් රූම් එකට. මට ඕනි වුණේ හිතන්න.. අඬන්න.. මේ ගෙවිච්ච පැය කීපයට මාත් ඒ දුඹුරු ඇස් වලට ආදරේ කරන්න අරගෙන..

සර්… ඇයි මාව ඒ තත්වෙට පත් කරේ…??

මිනිස්සු හරි අමුතුයි.. මිනිස්සුන්ගේ මේ හැඟීම් තේරුම් ගන්න හරි අමාරුයි මට.. හැඟීම් කියන්නෙම මහ වේදනාවක්..!!

මං ලොකූ හුස්මක් ගත්තා.. ඇස් වලින් බේරිච්ච කඳුලු බිංදු පිහිද ගත්තා..

මං හොල්මනක්…!!! ඔව්.. මං සාහි නෙවෙයි… හිතෙන හිතෙන වෙලාවට මූණ බෙරි කරන් අඬන මනුස්සයෙක් වෙන්න මට ඕන නෑ..

මං හොල්මනක්… හොල්මනක් විතරමයි…

මං මටම කියාගත්තා..

වේගයෙන් බාත් රූම් එකේ දොර ඇරගෙන මං ශීට් එකට ගියා.. එතකොට ශාකි ඇවිත්..

මං එයා දිහා නොබලම වැඩ කරන්න ගත්තා..

“සාහී..”

හුඟ වෙලාවකට පස්සේ ශාකිගේ මැලවිච්ච කටහඬ ඇහුණා..

“ශාකී.. සොරි.. මං ඔයාලට ඩිස්ටර්බ් කරන්න හිතුවේ නෑ..”

මං ෆයිල් එකේම ඇස් දෙක තියන් කිව්වා..

“සාහී ඔයා තරහා වෙලාද මාත් එක්ක..??”

අන්න ඒකට නම් මට එයා දිහා බලන්නම හිතුණා..

“ශාකී… තරහ වුණේ ඔයා.. මාව දාලා ආවෙත් ඔයා.. මාත් එක්ක කතා නොකරුවෙත් ඔයා.. දැං මගෙන් අහන්න එපා තරහද කියලා..”

මට විශ්වාසයි ශාකී කවදාවත් මෙහෙම උත්තරයක් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති..

“සොරි සාහී..”

ශාකී මගේ අතින් අල්ලා ගත්තා..

තව දුරටත් අරවා මෙව්වා හිතේ තියන් ඉන්න එක වැඩක් නෑනේ.. මං ශාකිට හිනාවක් දුන්නා..

ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට සර් ගාවට යන්න වුණා ෆයිල් එකකට සයින් එකක් ගන්න..

මේ පාර නම් දොරට තට්ටු කරලා එන්න කිව්වමයි ඇතුළට ගියේ.

නිකම් මොකටද හිත රිද්ද ගන්නේ…??

මං පුලුවන් තරම් සර් දිහා නොබලා ඉන්නයි උත්සහ කරේ..

සර් දකිද්දිම මට අකුණක් ගැහුවා වගේ මතක් වුණේ සර් මාව කිස් කරපු හැටි..

ඒත් මං බිම බලන් හිටියා..

සර් ෆයිල් එක ගන්න ගමන් මගේ අත ඇල්ලුවා..

මං දැනුනේ නෑ වගේ හිටියා..

අනේ මන්දා පපුව මොකක්දෝ වෙනවා වගේ.. හාර්ට් ඇටෑක් එකක්වත්ද..??

මට හැරිලා එන්න ඕන වුණත් කකුල් දෙක එතන හයි වෙලා වගේ.. මේ සර් කාන්දමක්ද මන්දා…

“සාහී..”

සර් කතා කරත් මං හිටියේ බිම බලා ගෙන. ඔය දුඹුරු ඇස් දිහා බැලුවොත් තමයි මගේ සීලේ බිඳෙන්නේ..

“සාහි.. ඔයා හිතන දෙයක්..”

“මං යන්නම් සර්..”

සර් කියලා ඉවර වෙන්නත් කලින් මං කියලා ඉවර කරලා එන්නයි හැදුවේ. මං දන්නවා ඉතින් ඔතනින් එහා වෙන දෙබස..

හොල්මනක් වෙලා පා වෙවී ඉද්දි ඔය දෙබස කී පාරක් මට ඇහෙන්න ඇත්ද..??

මං දොර ගාවට එද්දි මට ඇහුණේ මොකක් හරි බිම වැටෙන හඬක්…

මං හැරිලා බලද්දි දැක්කේ සර් කබඩ් එකක් පෙරලලා..

“ඇවිත් මේක අස් කරනවා..”

යකෝ මෙයාගේ දුශ්ඨකම..!!!!

මං සර්ට රවා ගෙනම ගිහින් එතන බිම වැටුණ ෆයිල් ටික අර ගත්තා..

“හවස ඕෆ් වෙලා මං එනකම් පහළ ඉන්නවා..”

සර් එහෙම කියා ගෙන රූම් එකෙන් යන්න ගියා..

දැං මං එයා කියන දේ අහන්න ඕනද..?? ඊයේ රෑ මාව කිස් කරලා, මට ආදරේ දීලා, අද අර ශාකිව තුරුල් කරන් ඉඳලා දැං එනවා එයා එනකම් ඉන්න කියන්න..

මිනිස්සු මේ වගේ වෙලාවට මොකද කරනවා ඇත්තේ…

මං ඉක්මනටම ෆයිල් ටික හදලා මගේ ශීට් එකට ගියා..

“සාහී.. හවසට පොඩි ට්‍රීට් එකක් මං ගාණේ. අපි යමු අයිස් ක්‍රීම් කන්න..”

අම්මෝ.. අන්න අයිඩියාස්ස්…!!

සර්ව මඟ අරින්නත් පුළුවන්.. මට අයිස් ක්‍රීම් කන්නත් පුලුවන්..

ඕෆ් වෙච්ච ගමන් මමයි, ශාකියි දෙන්නා ඔෆිස් එකෙන් පැන්නා..

කෙලින්ම ගියේ රියෝ එකට.. අයිස් ක්‍රීම් ඕඩර් කරලා මමයි, ශාකියි දෙන්නා මූණට මූණ බලන් හිටියා..

“සාහී.. ඔයා ඊයේ පරක්කු වුණාම මට කේන්ති ගියා.. මට කිව්වෙත් නෑනේ.. සොරි හොඳේ..”

ඔව් ඉතින් එහෙම වුණාම කේන්ති යනවා නම් තමයි..

ටිකකින් ශාකිට කෝල් එකක් ආවා.. එයා පුදුම විදියට කලබල වෙලා එළියට ගියා..

ඔන්න දැං මගේ මොබයිල් රාජයා රින්ග්ස් යනවා.. වෙන කවුද ඉතින්.. සර් තමයි..

මං ෆෝන් එක සයිලන්ට් දාලා බෑග් එකට දා ගත්තා..

තාම අයිස් ක්‍රීම් එක ආවේ නැති එකේ මං වට පිට බැලුවා..

මං දැක්කේ වීදුරුවෙන් එහා පැත්තේ කාත් එක්කද රණ්ඩු වෙන ශාකී..

ශාකි හයියෙන් හයියෙන් වචන පිට කරනවද කොහෙද .?? එයාගේ කොණ්ඩෙත් ගැස්සෙනවා..

මං නැඟිටිලා බැලුවේ ශාකි මේ රණ්ඩු වෙන්නේ කාත් එක්කද කියලා..

දෙයියනේ..!!! ඒ …..

———————————————————————————————————————-

ඇත්ත.. මනුස්ස හැඟීම් හරි සංකීර්ණයි…

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

55 thoughts on “සොදුරු ආත්මය | දාසයවෙනි හමුවීම”

        1. චතූර්යයා ඉන්දීවරී

          අයියෝ පව් අප්පා සාහි.. මම හලී ආදලෙයි අප්පා එයාට. සර් නම්… අනේ මන්දා…සරෙගෙ හිතේ ශාකි ගැන අදහසක් නැතුව ඇති නේද?? අයියෝ සාහි සර්ටම දෙන්න..දැක්කම වල්හාර් බිංගුල් වෙලා යන ඒ දුඹුරු පාට ඇස් දෙක සාහිට සින්නකර ලියලා දෙන්න අක්කි..????මම එනවා අත්සන් කරන්න සාහිගෙ පැත්තෙන්.?????????? සර්ගෙ පැත්තෙන් කවුරු අත්සන් කළත් කමක්නෑ…

          මම හිතන්නේ ශාකි රන්ඩුවෙන්නේ රන්වීර් එක්ක. එහෙම නැත්නම් හොල්මන් සාහිට තර්ජනය කළ අර මැරයෙක් එක්කද දන්නෑ. අර පෙන් ඩ්‍රයි එක හොයලා දෙන්න කියලා උන් ශාකිට කන්‍රටැක් එකක් දීලාද දන්නෑනේ…

          අක්කි දිග එපියක් දෙන්නකෝ අප්පා.. ඔයා හරි නෝටි අනේ.. අපි පව් නැද්ද….?????? අපි මේ නිදි මරාගෙන ඉන්නේ අක්කිගෙ කතාව කියෝලා රේට් කරලා පාටිදාන්නනේ.. එහෙව් එකේ අපිටත් සාධාරණයක් ඉටු කරන්න සුදි අක්කියෝ….

          1. චතූර්යයා ඉන්දීවරී

            හුටා.. හදිසියට බොරුත් එක්ක් ටයිප් කරලා. වසලා හමාරයි මම.. අයියෝ කඩවලේ….

            කන්ට්‍රැක් කියන එකට මොකද්දෝ ටයිප් වෙලා.සිංහල ස්පෙෂල් ඩිග්‍රී එකක් තිබිලත් මටම කියවගන්න බෑ ඒක…?????

            පෙන් ඩ්‍රයිව් කියන එකේ “ව්” හැලිලා.. ඔයාලා දැක්කේ නෑ වගේ යන්න අයින් වෙලා..හාද???

      1. චතූර්යයා ඉන්දීවරී

        මගෙ ටින්කො පණ…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

        1. චතූර්යයා ඉන්දීවරී

          හදා ගත්තු පැළ දාලා දැම්ම යන්නෑ මැණික කොහෙවත්.???? නෑ අනේ අද දානයක් නිසා බිසී වුණා නිරෝ මැණික…???????

      1. චතූර්යයා ඉන්දීවරී

        අද දානයක් තිබුණා පැට්ටෝ..ඉතින් බිසී වුණා ටිකක්..අක්කි හැමදේම තනියම කරගන්න එපාය.. ඒකයි පබෝ එන්න බැරි වුණේ..ඊටත් ෆෝන් එකේ පොඩි අවුලකුත් වෙලා තිබිලා හවස හදාගත්තේ …?????

        1. චතූර්යයා ඉන්දීවරී

          ඒකනේ නවා මැණික.. මම හිතුවේ නෑ ෆස්ට් වෙයි කියලා. ඒත් ෆස්ට් වෙලා අලේ….????? කොහොමද මැණික ඔයාට..හොඳින් නේද?

      1. චතූර්යයා ඉන්දීවරී

        කියන්න මා මැණික ඒන්ජල්…අද පාටි දාන්නැද්ද.. අන්න මම ඔයාගේ කතාවට මාගලක් දැම්මා… උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

        කෝ මායා කොටේ, ඉෂූ පැටියා, සශී පැටියා, අයියා බබා, හශී මැණික, ආශි මැණික, සදෙව්මි මැණික, රුවී මැණික, ඔෂී මැණික , දිල් මැණික, ස්වීට් ඒන්ජල්, නයෝ මැණික, මාෂී මැණික, නෙතූ මැණික, නෙත්මා බබා, පවනි පැටික්කි, කවි බබා, ලකී බබා, දිල්රු පැටික්කි සුභා පැටික්කි, හංස පැටියා, සාරා පැටික්කි, දුෂී මැණික, චාදි මැණික, විසාරා මැණික… නම් නැති අය තරහා වෙන්නෙපා.. මතක වුදියට ටයිප් කළේ… නම් මිසින් අය මතක් කරන්ඩෝ ඇවිත්

        1. මං දැක්කා අක්කියෝ…මම රිප්ලයි එකක් දැම්මා..ඔයා ෂෝයි මගෙ සුදු අක්කි..උම්මා…??????

          1. චතූර්යයා ඉන්දීවරී

            දිග රිප්ලයි එකක් නැත්නම් බලාගමු ඈ…..????

          2. චතූර්යයා ඉන්දීවරී

            අද කාලුත් නෑ වගේ… ???? මාත් දොයියන්නම් එහෙනම්. ගුඩ් නයිට් මගෙ සං කෙලිපැංචියෝ හැමෝටමයි අයියා පණටයි හංස පැටියටයි…. බුදු සරණයි !!!උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

            මට හොලෙන් කාලුත් බෝතල් පාටි ???????? එහෙම දානවා නෙවෙයි හලියෑ…. දාලා අහු වෙද්දෙන්කෝ… සාන්තට කියලා ගස්සවනවා… ??????????????

        2. Oshani nimeshika

          චතූ අක්කි පන මම ආවෙ දැන් අනේ ඔයාල දොයිද
          කතාව හරිම ලස්සනයි අනේ සර් කැමති සාහිට වෙන්න ඇති. සාකි සර්ට කැමති ඇති. දැන් සාකි කතා කරන්නෙ රන්වීර් එක්ක වෙන්න ඇති. අනේ මන්ද ඉතින් හිතුන දේ ඕක තමා.

          අද පාටි නෑ නේද හැමදාම පාටි දාන්නත් බෑනෙ නේද. අපෙ අයිය තාම පේන්න ආවෙ නෑ නේද ඇප් එකේ අසනීපයෙන් ඉන්න අයියටයි අක්කිල නංගිල හැමෝටමයි ඉක්මනට සනීප කියලා ප්‍රාර්ථනා කරනවා
          හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම ???????????

    1. Thilini Navodya

      කතාව නම් සුපිරි??.පට්ටම හොල්මනක් තමයි මේ.සහෙනා… ඒ නම ලස්සනයි අනේ.කතාව තව ටිකක් දිගට දාන්නකෝ.ආසයි අනේ කියවන්න.plzzz…හෙට දානකොට තව ටිකක් දිගට දාන්න ඔයාට පුලුවන්නම්.සුබ පතනව ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල???????❤️?

    1. Twinkabell anu

      ගොඩක් ලස්සනයි අක්කි…
      අනෙ තව ටිකක් දිගට දාන්නකො පුලුවන්නම්…???❤️

    1. කතාව සුපිරිම සුපිරි හොදේ.. අයියො සල්ලි..මොනාද අප්පා මේ වෙන්නෙ..මං ඊයෙ හිතුවා ඔය දේ වෙයි කියල..සර්ව තේරුම් ගන්න බෑ මටනම්..එයා ආදරේ සාහීට ලව්නම් සාකී එක්ක මොන ඉලව්වක්ද කරන්නෙ..

      සාකී රණ්ඩු කරන්නෙ රන්වීර් එක්කද..එතකොට සාහීයි සාකීයි දෙන්නම සර්ට ආදරෙයි..අනේ මටනම් පිස්සු ඩබල් වෙයි වගේ.. අයියෝ කතාව දිගගගට දෙන්නකො අලේ..හෙටත් කොටසක් අරන් එන්න..
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
      දෙවි පිහිටයි ඔයාට..????

  1. Nirosha Lakmali

    අද තමයි මං මේ කතාව කියෙව්වේ. කොටස් 15වම කියෙව්වා. හොල්මනක් වුනත් මාරම අමුතු අදහස් තියෙන හොල්මනක් තමයි මේ සාහිට වැහිලා තියෙන්නේ. ඒකත් මරු කිසිම බයක් නැතුව හිනාවෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක්. ඇත්තටම සාහි ආදරේ කරේ රන්වීර්ට නේද. මේ බොස් ගැන මේ හොල්මන් කෙල්ලට දැන් ආදරයක් පහල වෙලානේ. මදැයි කාලා බීලා ඉන්න හනිමූන් එහෙම යන්න ඇගකට ආවා. දැන් ඉතින් මොනවා වෙයිද. මේ බොසා ඇත්තටම සාහිට ආදරේද නැත්තම් බොරුවක් කරනවද මන්දා. මේ ශාකී බොස් එක්ක හිටියේ එකෙන් නම් හිතෙනවා මොකක්ම හරි අවුලක් තියේ රන්වීර් කියන විදිහට. ඒත් සාහි මැරිලානේ. රන්වීර් ඇත්තටම සාහිට ආදරේ නම් ඒ කොල්ලා පව් නේද. මේ පැත්තට ඔය වගේ හොල්මන් කොල්ලෙක්වත් ආවා නම් දඟ සෙට් එක පැල් බැදන් ඉදිනේ ඇප් එකේ..
    (විහිළුවක් කලේ තලා වෙන්න එපා අලේ..)

    හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා…
    කරන කියන හිතන පතන සියළුම පැතුම් ඉටුවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…

    සතුටින් පරිස්සමින් ඉන්න…

    ? Wish your all the very best ?

    බුදු සරණයි!

  2. Mm mta nm hitha hithkiyannema oya saki wai sir wai vishwasha karanna epa kiyalamai. Akki ranvir gana dhannako. Ara avilla inneth sir dha aiyyo mn dha holmn kella vitharak nemei apiwath patalila .kathawa nm superb akki. All the best akki. Budhusaranai.

  3. මායා black

    Sir ekkd randu karanne? Mw nikan karakawala athahariya wage..? aththatm ranviruth epa siruth epa kiyal paduwe paththakata wela innai thiyenne.. nikan mokatad ahaka yana baldi daganne..?

    Kathawa gana akki kiyanna deyak naa. Hamadama wage niyamai..?? kuthuhalaya uparimay. Sorry akki ada mata sinhalen type karanna bari una. 4n eke aulk.

    Akkita suba pathanawa hama katayuththakma sarthaka wenna.
    All the best ❤❤

        1. චතූර්යයා ඉන්දීවරී

          මගෙ මායා කොටේ.. ඇයි අද සිංහල ෆොන්ට් අමතක වෙලාද????????

  4. Hashini Navanjana.

    කතාවේ ඔක්කොම කොටස් ටික ඊයේ ඉදලා තමයි කියවන්න පටන් ගත්තේ… අනේ හරිම ශෝයී කතාවක් අප්පා… ???
    සාහි නම් මරු.. ???
    සහෙනා… හරිම ලස්සනයි ඒ නම. අක්කි මේ කතාව කලින් දුන්නා නම් අපේ චූටික්කිටත් ඒ නම දානවනේ මං. බලමුකෝ ඊලඟට එන බබීට වත් දාන්න… ???
    (කෙල්ලෙක් උනොත් හොඳයි ඉතිම්. ???)

    කතාව හරිම ලස්සනයි අක්කි.
    ??? වෙනස්ම විදියෙ ලස්සනම ලස්සන කතාවක්. බය හිතෙන්නේ නැති උනත් සුපිරියි….
    ???
    ඒ වගේම සාකිගෙ නියම වචන සෙට් එක. හිනා වෙවීම කියවන්න පුලුවන්..
    පිස්සු හොල්මන් කෙල්ලෙක් නේහ්… ???
    ? ? ? ? ? ? ?

    රන්වීර්ද ශාකි එක්ක රණ්ඩු කරන්නේ. එහෙම නැත්නම් අර මැරයෙක් වත්ද.. ???
    ඒ දෙන්නම නෙවෙයි නම් සර් වත්ද.. ???
    ඒක හෙටම බලමු නේද..
    ???
    මට හිතෙන්නේ ශාකි සර්ට ආදරේ කරාට සර් ආදරේ කරන්නේ නැතිව ඇති. ඒත් ඇයි එහෙනම් ශාකි සර් ලගින් ඒ විදියට ඉදියේ…
    ???
    අනේ මංදා………. ඉස්සරහටම බලමුකෝ මොකද වෙන්නේ කියලා.. ???
    නැත්නම් මටත් පිස්සු හැදෙයි මේවා කල්පනා කරලා.. ???

    අනේ පුලුවන් නම් මීට වඩා දිගගග…. ට… දෙන්නකෝ අක්කියෝ… ඒ තරම් ආසයි මේ කතාවට… ???

    දිගටම මේ වගේ ලස්සන කතා අරන් එන්න… ???
    බුදු සරණයි ???

    ❤❤❤❤❤❤❤❤❤❤

    1. Oshani nimeshika

      හශී පන කොහෙද අනේ අතුරුදහන් උනේ කොහොමද ඔයාට ඔයාගෙ සෝස බෝලෙ මතක් කලා කියන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ???????

      1. Hashini Navanjana.

        සෝස බෝලේ හොදින් ඉන්නවා ඕෂියෝ… මං ඉතිම් ඉදපු ගමන් අතුරුදන් වෙනවනේ… ? මේ වැස්ස දවස් වල හොඳට දොයියනවා.. ? රෝස බෝලෙත් තුරුලු කරන්..
        ????

  5. Me sahi kella dewani paratath marennada yanne ara pen drive eka nisa ??????????….
    mta nm ilaga kotasa kiyawanakan pissu wage appa???
    kotas 2k withra ekata danna barida dan naa….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.