Katha Ahura

සොදුරු ආත්මය | පසුවදන | හොල්මන් කතා

5/5 - (50 votes)

පසුවදන..

————————————————————————————————————————————

රන්වීර් තවත් මුකුත් නොකියම මං දිහා බලන් හිටියා..

එක මොහොතක, එක තප්පරයක මට හිතුනා රන්වීර්ට තුරුල් වෙන්න.. එයාගේ පපුවට තුරුල් වෙලා අඬන්න.. ඒ තරම් ආදරයක් මගේ හිතේ පිරිලා..

සර්ට මං ආදරේ කරා.. ඒක,නිකම් අයිස් කැටයක් දිය වෙලා යනවා වගේ කඳුලු වලින්ම දිය වුණා..

ඒත් රන්වීර් මගේ හිතේ ලොකු පිළිමයක් වගෙ දවසින් දවස ලොකු වෙන..

ඒත් මං හැඟීම් ඔක්කොම ඇස් යට හංගන් අහක බලා ගත්තා.. අයිති නැති දේකට මෙහෙම ළං වෙච්ච එකම වරදක්..

මං සාහි නෙවෙයි..

රන්වීර් මගේ අතක් අල්ලන් මං දිහා තාමත් බලන් ඉන්නවා..

“සාහි..”

“මේ බලන්න්කෝ.. ”

මං ආයේම රන්වීර් දිහා බැලුවා..

“අරූ මැරුණා.. දවස් තුනකට පස්සේ උගේ බොඩි එක හම්බුනේ.. අනිත් එවුන් පොලිසියෙන් අල්ලා ගත්තා.. හැමදේටම උදව් කරපු ශාකිව ඔයාලගේ ෆ්ලැට් එකේම මරලා දාලා තිබ්බා.. ”

“ඉතින් ඒ හැමදේම ඉවරයි..”

ඔව්.. මෙතන ඇත්තම සාහි හිටියා නම් සතුටු වෙයි.. අක්කත් සතුටු වෙයි..

ඒත් දැං මට සාහි වෙන්න ඕන නෑ.

“ඔයාව තව දවස් තුනකින් ඩිස්චර්ජ් කරයි. මං ෆින්ලන්ඩ් වලට ටිකට් දෙකක් බුක් කරා.. මාත් එක්කම යමු..”

රන්වීර් නැඟිටිලා මගේ කොණ්ඩෙත් අත ගාලා යන්න ගියා.. මං හොල්මන් වෙලා බලන් ඉද්දි..

මොකක්..?? දවස් තුනක්..?? ෆින්ලන්ඩ්..??

මාව කරකවලා අත ඇරලා වගේ..

රන්වීර් ආපහු ඇවිත් මගේ අතින් කොළයක් තිබ්බා.. මේ එදා රෑ මං රන්වීර්ට ලියපු ලියුම..

ආදරයෙන් රන්වීර්ට..,

ඉස්සර ඔයාගේ සාහි වෙන්න බැරි වෙයි මට.. ඒත් ආසයි දුර ඈතක ඔයාගේ උණුසුමත් එක්ක ජීවත් වෙන්න.. සොඳුරු ආත්මයක් වගේ..

සාහී…

ඔව් මං එච්චරයි ලිව්වේ..

ඒ හින්දද රන්වීර් මේ ඔක්කොම ප්ලෑන් කරේ..

ඒත් මං සාහි නෙවෙයි.. රන්වීර් දොරින් නොපෙනී යනකම් මං ඔහේ බලන් හිටියා..

ඇයි සාහි ආපහු මං ගාවට ආවේ නැත්තේ.. එයාට තිබ්බා ගඟේදි මාව මැරෙන්න ඇරලා ආයේම සාහි වෙන්න..

ඒත් ඇයි මං සාහි වෙලාම ඇස් ඇරියේ.. ඕඕඕඕ කඩවලේ.. සාහි කියන නමත් එක්කම මේ පිස්සු ගතිය එනවා ඇති..

මං හෙමීට රන්වීර් ගෙනාපු රෝස මල් බොකි එක අතට ගත්තා..

ඒකේ පොඩි ටැග් එකක් තිබ්බා..

සාහී…

දුර ඈතකදි හමුවෙමු. හැමදේටම ස්තූතියි. සතුටින් ඉන්න..

සාහි.. අක්කත් එක්ක..

මොකක්..?? ඒ කියන්නේ සාහි..??

දෙයියනේ.. සාහී මට සාහිවම දීලද..??

මං හිතන්නේ මේ මනුස්ස ලෝකයේ මං අහපු හොඳම ආරංචිය..

“රන්වීර්…”

“රන්වීර්…”

මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. යන්න ගියපු රන්වීර් කලබලෙන් දොර ඇරන් ඇතුළට ආවා.. ඒත් එක්කම නර්ස් කෙනෙකුත්..

“කීයටද රන්වීර් ප්ලයිට් එක..??”

මං එච්චරයි ඇහුවේ.. රන්වීර් පැනපු ගමන් මාව තුරුල් කර ගත්තා..

දැං ඉතින් මේ උණුසුමේ මැරුණත් කමක් නෑ.. අපෝ.. එහෙමෙයි කියලා ආයේ මැරෙන්න බෑ.. මේ පාරවත් කසාද බැඳලා පැණි හඳේ යන්න ඕනි..

“සාහි.. පිස්සු කෙල්ල..”

චුට්ටක් එහෙම ගති තිබ්බට මං සොඳුරු ආත්මයක්..!!!

නිමි…

———————————————————————————-

හැම හමුවීමක්ම ආදරයෙන් වැළැඳ ගත්තු ඔයාලට ගොඩක් ස්තූතියි..

කියන්නම ඕනි මීට කලින් කිසිම කතුවරයෙක් නොලිව්ව අලුත් අදහසක් අකුරු කරද්දි හිතේ ලොකු ගැස්මක් තිබ්බා කතා කියවන පාඨකයෝ කොහොම මාව කියවයිද කියලා..

ඒත් කියන්න හරි සතුටුයි.. ඔයාලා මේ සොඳුරු ආත්මය සොඳුරු විදියටම පිළි ගත්තා.. ලස්සන කවි ලියපු අය, දිගගග කමෙන්ට්ස් දාපු අය ගොඩක් හිටියා. ඔයාලට රිප්ලයි නොකරට අහිතක් හිතන්න එපා.. හැමෝටම පැලෙන්න ආදරෙයි..

මේක ෆැන්ටසියක් එක්ක ලියවුණත් මට කියන්න ඕනි.. අපි ශරීරය අලංකාර කර ගන්නවාට වඩා අපි අපේ ආත්මය සොඳුරු කර ගත යුතුයි.. චුට්ටක් ඒ ගැනත් හිතන්න..

ඇත්තමට කිසිම බයක් නැතුව අවධානමක් අරන් අලුත් අදහස් අකුරු කරන්න ඔයාලා හින්දා මට ශක්තියක් ලැබිලා.. ඉතින් ආයේ ආයේම හැමෝටම ස්තූතියි..

ඒ වගේම කතා අහුර ඇප් එකටත් බොහොම ස්තූතියි.. සැරින් සැරේ දිරි ගැන්වුයේ නැත්නම් මේ කතාව මං ලියන්න හිටියේ දෙසැම්බරයේ.. ඔන්න ඉතින් දැං කතාවම ඉවර වෙලා..

අලුත් කතාවක් ඕනි ළමයි අත් උස්සන්න..

අලුත් අත්දැකීමක් එක්ක අලුත් කතාවක් අරන් ඉක්මනටම මං එන්නම්..
බුදු සරණයි..!!

70 thoughts on “සොදුරු ආත්මය | පසුවදන | හොල්මන් කතා”

    1. චතූර්යයා ඉන්දීවරී

      අක්කි පණ. හෙට කමෙන්ට් එකක් කොටාන යන්නම්. හාද . බුදු සරණයි!!! අක්කි ඔයාට. ගුඩ් නයිට් . ??????????????????????????

      මායා කොටේ, පබා මැණික ,ඉෂූ මැණික, ටින්කො පණ, නිරෝ මැණික , සශී මැණික, නෙත්මා පණ, නෙතූ පණ, සදෙව්මි පණ, ඔෂී පණ,සෙව් පණ, නවා පණ, අයේෂා පණ , පියූ පණ.. ඔයාලා හැමෝටමත් බුදු සරණයි , ගුඩ් නයිට්.. මම නම් දැම්මේ කතාවට කමෙන්ට් කරන අයගෙන් මතක නම් ටික විතරයි. නම් නැති අය තරහා වෙන්නෙපා. ප්ලීස්.. නම් නැති වගේම කමෙන්ට් නොකළත් ඇප් එකේ ඉන්න හැමෝටමත් ගුඩ් නයිට්. ???????????

      1
        1. චතූර්යයා ඉන්දීවරී

          කොහෙද මගෙ ටින්කො කැකුළී වහන් වෙලා උන්නේ.. මම කැලෑ පොජ්ජ පීරලා හෙව්වා.. දිලාරු කැකුළා එක්ක පැල් කොටයක් තනන්න බැද්දට ගැච්චුවාද…???????? මයෙ කැකුළිගෙ හඳුන්පොත කී ගානෝ නේද දිලාරු කැකුළා නිසා.. අපිට පාටි පොජ්ජක් දෙන්නේ නැතෙයි.. මී පැණිනම් හොඳා . දඩමස් නම් වානා.. බිකෝස් මම පියෝ වෙජිටේරියන් හොඳේ.. ??????

          1
          1. Twinkabell anu

            මන් දිලා කැකුළා එක්ක ගම් පොජ්ජට මන් ගච්චන්න ඉන්නෙ චතූ කැකුළි.. කැලැ පොජ්ජට වහන් වෙලා මක්කැ කොරොන්නද චතූ කැකුළි දිලා කැකුළා වහන් වෙන්ට කැමති නැතයි කියනවනෙ.. මන් ඉතින් මක්ක කොරැන්ටද..
            කැකුළි මන් උබට හොදවයින් රා කළයක් ගච්චන්නකො?? තව බොටගෙ විලි වහගන්න හොද ගස් පොජ්ජකින් කොළ පොජ්ජ ටිකකුත් ගච්චන්කො….

            1
          2. චතූර්යයා ඉන්දීවරී

            හපුයි ඒ වැදි භාෂාවෙ. එයාලත් හොල්මන් වෙයි මේක තේරුම් ගන්න බැරිව…????

          3. Twinkabell anu

            පුංච් බණ්ඩා කැකුළා ගෙන්නන්නයි තෙරුම් කොර ගන්න….(හත්තීනා පුංච් බණ්ඩා දකීද දන් නැ ඇත්තටම )

            1
      1. Twinkabell anu

        චතූ කැකුළි කොහෙටද එ ගමන වහන් උනේ…කැකුළියේ කැකුළියේ මෙන්න බොගෙ අසනීපවලට බෙහෙත් දෙන්න ඩොක් කැකුලෙක් ඇවිත්…????

        1
      2. නිරෝෂා ලක්මාලි

        මං ආවේ නෑ අක්කියෝ දවස් දෙක තුනක් මේ පැත්තේ. මගේ නමින් අලුත් අක්කියෙක් ඇවිත් මාව බය වුනා අනේ.

    2. Twinkabell anu

      ගොන් බූරු ගොබ්බ හරක් රිලා වදුරු ඇටකිති හූනූ ඌරු වල් ඌරු
      මී හරක් ගැරඩ් මා පිළි හැකරැලි කංගු ගැඩවිලි නාම්බෙක් මේකට dislike දාලා.
      දුශ්ට කුරිරු නපුරු ආත්මාර්ථකාමී
      ඊර්ශියාකාර ලෝභ කෙනෙක් dislike දාලා.

      ඇදගන්නවා ඕයි ඒන්ජල් අක්කි කීවා වගෙ නයිටියක්.
      චීත්තේ ගැලපෙන්නෙත් නැ ඔහොම මිනිස්සුන්ට..හරකා.

      1
        1. නිෂා සශී ?

          ආයෙත් මේ dislike දාන හොරදෙටුව ඇවිල්ල. කෝ මේ සෙකට්‍රි මූව උලතියන්ඩ ලෑස්ති කරන්ඩ යකූ මේක උටම ගිය ඇප් එක. මෙච්චර මේ නිදි මරාගෙන ෆන් එකක් ගන්න හදනව මේ කොහෙද යන එකෙක් ඇවිත් සේරම කනව. යකූ මූ කොටියම කන්ඩඑපැයි.

          1
          1. Twinkabell anu

            නිශා ඔයා දන්නවද දැන් ඒ ඩිස්ලයික් දාන් කෙනා ගාව හොල්මනක් ඉන්නවා..
            ඔව් දැන් එයා ගාව මැරිච්ච සාහිගෙ අක්කා හො එයාගෙ ආච්ච් අම්ම ඉන්නවා කොන්ඩෙත් කඩාගේන…???????

            1
        2. නිෂා සශී ?

          ආයෙත් මේ dislike දාන හොරදෙටුව ඇවිල්ල. කෝ මේ සෙකට්‍රි මූව උලතියන්ඩ ලෑස්ති කරන්ඩ යකූ මේක උටම ගිය ඇප් එක. මෙච්චර මේ නිදි මරාගෙන ෆන් එකක් ගන්න හදනව මේ කොහෙද යන එකෙක් ඇවිත් සේරම කනව. යකූ මූ කොටියම කන්ඩඑපැයි.???

          1. නිෂා සශී ?

            අනෙ අයියෝ මගෙ 4න් රාජයා පිස්සු නටනෝ…..

          2. නිෂා සශී ?

            ඔය මදි ටින්කො ඔන්න දැන් කාමරේ අඩි සද්ද ඇහෙනව. සුදු පාට දුම් යනව ඔන්න දැන් හොල්මන් එනව ඔව් ඒ එන්නෙ පහන්දි dislike දාන ගැරඩියගෙන් පලිගන්න. ඔන්න ටින්කො බොරුනන් ඔක ශුවර් එකට උගෙ බෙලෙන්මයි අල්ලගන්නෙ??????

          3. Twinkabell anu

            සශි ඕකට බෙහෙතක් තියේ මේ පියවර නිවැරැදිව අනුගමනය කරලා බලන්න.. එතකොට හරියයි..

            හොද හුස්මක් ගන්න
            4න් එක අත් දෙකෙන්ම අල්ල ගන්න
            4න් එකෙ ගැටලුව සිහියෙ තබාගෙන ඕක හයියෙන්ම පොලවෙ පතිත කරන්න..
            ?????

          4. Twinkabell anu

            අනේ සශි ඇති නේහ්
            මොකද අපිත් දොයියන්න එපැයි
            මන් විතරයි මේ කාමරෙ ඉන්නෙ..
            මට බයයි?????

          5. නිෂා සශී ?

            එතකොට හරියයිද ටින්කො. 4න් එකෙ ලෙඩේ සදහටම හොදවෙයි කියල මට සාදාරන සැකයක් මතු උනා….???

          6. නිෂා සශී ?

            අඩන්න එපා මයෙ අම්ම. ඔය dislike දාන හාල්පාරුවන්ට විතරයි ඕම වෙන්නෙ. මේ දැන් අපි දෙන්න විතරද අනිත් අය දොයිද?

          7. නිෂා සශී ?

            මේ ටින්කෝ අපිත් දොයියමුද. නැත්තන් තව ටික්කින් මං ඇප් එකේම දොයියපතං වෙයි ???????

          8. Twinkabell anu

            ඔව් ඔව් එතකොට ආයෙ කවදාවත් ඔහොම වෙන් නැ.. අපිත් දොයියමුද මැණික

          9. නිෂා සශී ?

            එහෙනන් ටින්කො ගුඩ් නයිට්වේවා උම්ම්ම්ම හැමෝටමඈ

          10. Twinkabell anu

            ගුඩ් නයිට් උම්මා කැටේලා
            අයි ලයි යු උම්මා කැටේලා…

      1. නිෂා සශී ?

        ආදරෙන් කෑදරෙන් ඔයාව පිලියන්නව නිරෝ..?? කරන්න බලන්න ඔයගැන පොඩි හැදිවීමක්?

        1. Thanks hamotama. Hi nisha. Man Nirosha sanjeewani. 1989 inne kalutara. Mmm.. Tawa monawada danganna one mage yaluwanta. App eke goda kal hitiya. Eth comment kale ada

        2. නිරෝෂා ලක්මාලි

          මේ ලමයින්ට මාව අමතක වෙලා. අනේ අක්කි නම වෙනස් කරගන්න හොඳේ.

          1. නිරෝෂා ලක්මාලි

            Yanna epa akkiyo. Nama wenas karagannako e athi hode. Daga family ekata oyawa sadaren piligannawa. Sanjeewani kiyla nama daganna akkiyo..

  1. කතාව හරිම ලස්සනයි අනේ..මේ වගේ ආදරණීය හොල්මන් කතාවක් වෙන කොහෙවත් නැතිව ඇති.. හොල්මන් කියන නම කිව්වත් බයේ ගැහෙන කෙල්ලෙක් මම..ඒත් මේ සොඳුරු ආත්මය කතාව හැම කොටසක්ම මං ආසාවෙන් කියෙව්වා..
    මගෙ හිතේ ඊයෙ තිබුණ හැම ප්‍රශ්නෙටම මට උත්තර ලැබුණා..තැන්කූ අනේ..අන්තීමට රන්වීර්ගෙ ආදරේ අපේ සොඳුරු ආත්මය හිමිකර ගත්තා..හරිම සතුටුයි.. කතාව ඉවරවුනාට ඇත්තටම දුකයි..තවත් මේ වගෙ කතාවක් අරන් එන්න හොඳද..
    ඔයාගෙ හැම වැඩක්ම අතිසාර්ථක වෙන්න කියලා මම පාර්ථනා කරනවා..
    දෙවි පිහිටයි ඔයාට..
    ආදරෙයි පැලෙන්න..????
    All the very best sweetheart..???
    I LOVE SODURU ATHMAYA..??????????????????

  2. Yayy ?? thank u akki mehama wenassma widiyata holman kathawak dunnata…..mata thawa kathawak oneeeeeeeeeeee?‍♀️

    Good night daga set ekata…
    Aderey ????????

  3. Twinkabell anu

    අක්කියෝ තව කතාවක් ඔනි ඔනිමයි හරිද මේ වගෙ සුපිරි කතාවක්.
    පට්ට හැපි මටනම් රන්වීර්ට පරණ සාහිවම ලැබුණා.
    අර දුශ්ට සර් කාරයා මැරුණා
    පට්ට පට පට

    අකකි ඔයා නේද අර අපෙ අනිත් සුපිරි කතාව ලියන්නෙ..බඹර ඉසව්ව.
    අනේ ඒකත් කොහොම හරි දෙන්න බලන්න හොදෙ.

    බුදු සරණයි අක්කි.
    පරිස්සමෙන් ඉන්න..❤️❤️❤️?

    1. චතූර්යයා ඉන්දීවරී

      චූටික්කි බඹර ඉසව්ව ලියන්නේ අපේ පියුමි සේනාධි අක්කි පණ. පරවි කතාව ලීවෙත් ඒ අක්කි. මේ ඉන්නේ මාධවී ජයසිංහ අක්කි…

      1. Twinkabell anu

        අනේ එහෙමද මට ඒ නම් දෙක පටලැවෙනවනේ..

        සොරි මගෙ අක්කි පණේ..
        ආදරෙයි මාදවි අක්කි කොටේ..

        1. Twinkabell anu

          එහෙමත් කීන්න ඔනී අක්කි කොටෙ පචයක් කියනකොට තමා පොඩ්ඩක් ලයින් එකට එන්නෙ…???

          1. නිෂා සශී ?

            ටින්කෝ පච කීන්න අපා දිල් ගහයි හොදේ….

          2. Twinkabell anu

            ඔව් නේ.. එයානම් මට කවදාවත් බොරුවක් කියලා නැ.. ආයෙනම් මාත් කියන් නැ.

            ඇත්තමයි බොරුවක් නොවේ
            මී ඇස් පල්ලාආආආආආ…??

  4. නිෂා සශී ?

    අනේ අක්කි අයෙත් වෙනස්ම කතාවක් අරන් ඉක්මනට එන්න. ඔයා හරි අපි පිටින් ලස්සන උනාව වැඩක් නෑ ඇතුලාන්තයෙන් අවලස්සනනන්. අපිව නෙමෙයි අපේ ආත්මයයි හදාගන්න ඕනි. මොකද ශරීරය නෙමෙයි ආත්මයයි සංසාරෙ පුරාවට ගමන් කරන්නෙ. එහෙනන් සාහිටයි රන්විර්ටයි අපි සමුදෙමු. තව ලස්සන කතාවක් අරන් එන්න අක්කි. හැමදාම හිනාවෙලා පරිස්සමින් සතුටින් ඉන්න අක්කි පටියෝ බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????????????

    1. චතූර්යයා ඉන්දීවරී

      සුදුනෝනා. මාව හොයලා තිබුණා.. හෙට ඉඳන් එන්නම් මැණික..හාද උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ගුඩ් නයිට් පණ

      1. නිෂා සශී ?

        හා මගෙ අක්කි. බේත් බීල ඉක්මනට සනීපවෙන්න මගෙ අක්කි පණ. ගුඩ් නයිට් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම

  5. නිෂා සශී ?

    ????අනේ අක්කි අයෙත් වෙනස්ම කතාවක් අරන් ඉක්මනට එන්න. ඔයා හරි අපි පිටින් ලස්සන උනාව වැඩක් නෑ ඇතුලාන්තයෙන් අවලස්සනනන්. අපිව නෙමෙයි අපේ ආත්මයයි හදාගන්න ඕනි. මොකද ශරීරය නෙමෙයි ආත්මයයි සංසාරෙ පුරාවට ගමන් කරන්නෙ. එහෙනන් සාහිටයි රන්විර්ටයි අපි සමුදෙමු. තව ලස්සන කතාවක් අරන් එන්න අක්කි. හැමදාම හිනාවෙලා පරිස්සමින් සතුටින් ඉන්න අක්කි පටියෝ බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????????????

  6. නයෝ මධූ

    ඇත්තම කිව්වොත් මං මේ කතාව හරි ආසාවෙන් කියෙව්වා. ඒත් මතක විදියට කමෙන්ට් කරලා නෑ. ඒත් හැමදාම ලයික් කළා කතාවට.
    වෙනස්ම මාතෘකාවක් එක්ක ලියවුනු ඇත්තටම සොඳුරු හොල්මන් කතාවක් මේකනම්. සුපිරියි. ආයෙත් මේ වගේ කතාවක් ඕනේ………

  7. ?වෙනස්ම විදිහේ හොල්මන් කතාවක් උනාට ගොඩාක් ලස්සනයි..තවත් කතාවක් ඕනි හොදද..?හිතන පතන හැම හොද දෙයක්ම ඉශ්ඨ වෙන්න ඕනි..සතුටින් ඉන්න..පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි…?

  8. ?අහ් කියන්න අමතක උනානේ ගුඩ් නයිට් හැමෝටම..සදෙව්මි නංගි පරිස්සමෙන් ඉන්න..සනිප වෙන්න ඉක්මනට..ඒ වගේම ඇප් එක පැත්තට එන්න..බුදු සරණයි..

  9. චාදි කවීෂා

    අැත්තටම මම හොල්මන් කතා කියවන්න නෙවෙයි හොල්මන් කියන වචනෙටත් බයයි… එ්ත් අලුත්ම style එකකට ලියපු මේ කතාව මට එක දවසක්වත් කියවන්නේ නැතුව ඉන්න බැරි තරම් ලස්සන කතාවක් උනා..❤???

    ඔයාට සුබ පතනවා මේ වගේ අලුත් විදියට , තව තවත් ලස්සනම ලස්සන කතා ලියන්න ශක්තිය දෙෙර්යය ලැබේවා කියලා….❤??

    තවත් අලුත් කතාවක් අරන් එනකම් මඟ බලන් ඉන්නවා හලිද….?❤

    ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම පතනවා… තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න….(ඊයේ මට කමෙන්ට් කරන්න බැරි උනාට සොරි…)

  10. Buddhini Amaya

    ගොඩක් ලස්සනයි අක්කි කතාව ???
    තවත් කතාවක් ඕනී අක්කී ❤️????️???

  11. Matath oniii thawa lassanama lassana katawak….akki ikmnta aran enna hode oyage aluth kathawa…meka nam harima sweet holmnak…eyage pissu wada niyamai…wenasma widihe kathawak dunnata thanks akkiyoo

  12. අනිත් හොල්මන් කතා,වලට වඩා ගොඩක්ම වෙනස් කතාවක්.. ඇත්තමයි මම හොල්මන් කතා කියවන්න ගොඩක් බයයි.. ඒත් මේ කතාව කියෙව්වෙ ගොඩක් ආසාවෙන්.. අක්කා කිව්වා හරි අපි ලස්සන වෙන්න ඕනි සොදුරු වෙන්න ඕනි පිටතින් නෙමෙයි ඇතුලතින්…

    නරකට නපුරට ඉඩ හසර ලැබුනට කවදාවත්ම දිනුම නම් ලැබෙන්නෙ නෑ.. මොනතරම් රජෙක් උනත් ඒ කෙනා නරකයි නම් කොයිම මොහොතක හරි දඩුවම් ලැබෙනවා පොලියත් එක්කම…

    අක්කි ඔයාගෙ කතා ගොඩක් මම කියවලා තියෙනවා… එ කතා හැම එකක්ම ටිකක් වෙනස් විදිහෙ කතා වගෙම අදරය, වේදනාව, ත්‍රාසය මේ හැමදේම අක්කිගෙ කතා වල ගැබ් වෙලා තියෙනවා.. අක්කිගෙ කතා ගොඩක්ම ලස්සනත් ඒ නිසාමයි.. ඉතින් අක්කියෝ ඔයාට සුභ පතනවා මගේ මුලු හදවතින්ම.. ඔයාගෙ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.. මියුගුණ සමිදු පිහිටයි ඔයාට… බුදුසරනයි???

    සොදුරු ආත්මයක් ලෙසින්
    හිස් අහස් කුස පුරා
    සැරි සැරුව මිතුරියේ ඔබ
    නැවත ජීවය ලැබුවා
    මිනිස් දෙව් දුවක ලෙස
    නොසිතූව මොහොතකදි..
    ලැබූ ඒ නව දිවිය
    නූල් බෝලයක් විය
    පැටලිලි සහිත
    නොමිනුසුන් අභියසදි
    මුලා වූවත් විටෙක
    නැවත ඔබ නැගිටියේ
    සියලු තතු දැනගෙනයි
    ඉටු කරනට සාධාරණය…
    මගේ මිතුරියේ ඉදින්
    ජය ගත්තෙ ඔබ මෙදා
    සැනසුමත් ලන් කරන්
    මගෙ වියුරු ආත්මෙට
    ඔහු සමග සතුටින්
    ගෙවන්නට නව දිවිය
    පතමි මුලු හදවතින්
    සුභාසිංශන මෙලෙස………

  13. නිරෝෂා ලක්මාලි

    ඇත්තටම මාත් හොල්මන් කිව්වොත් පට්ට බයයි. කොටස් 15ක් ගියාට පස්සේ කමෙන්ට් දැකලයි කතාව කියෙව්වේ. හරිම ආස හිතුනා. මාත් හැමදාම කමෙන්ටි කලේ නෑ. තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    අනේ නිරෝෂා කියලා අලුත් අක්කියෙක් ඇවිත් නේද. අක්කි නම ටිකක් වෙනස් කරලා දාන්න හොදේ. මං නිරෝ. ඔයා සංජීවනි කියලා වෙනස් කරගන්න. ප්ලීස් අලේ..

  14. Harima lassanai kathawe end eka nm akki. Sahi ranvir ekathu una eka nm godak hodhai. Bostai sakitai eyalata labenna one dhaduwama labuna. Aththa sahi akkatai nidhahasa hambuna. Oya hamotama sadharanaya ishta kala. Onna mn?????ath dhekama issuwa new story ekk aran enna haridha. All the best akki. Budhusaranai.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.