Katha Ahura

සොදුරු ආත්මය | විසි අටවන හමුවීම | හොල්මන් කතා

5/5 - (5 votes)

කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසි අටවන හමුවීම..

———————————————————————————————————————————

මං අත් වලින් මූණ වහ ගත්තා..

හිත කොච්චර හයිය කරන් හිටියත් සර් කොයි තරම් කුරිරු මිනිහෙක්ද කියලා දැන ගත්තම ඇත්තමයි හිත ගැස්සුණා..

“තමුසේ..!!”

ඒ ඒ… රන්වීර්ගේ කටහඬ.. මං දෙපාරක් නොහිතම පැනපු ගමන් රන්වීර්ව බදා ගත්තා..

මට ඕන වුණේ මගේ හිතේ තියෙන වේදනාව බෙදා ගන්න කෙනෙක්.. කොහොමත් මං සාහි වෙච්ච දවසේ ඉඳන් රන්වීර් මට සමීපව දැනෙනවා..

“මේ මොන මඟුලක්ද..??”

එකපාරටම රන්වීර් මාව බිත්තියේ වැදෙන්නම තල්ලු කරා..

ආව්ව්ව්…!!!

මාව එහෙමම බිමට වැටුණා.. මං දන්නවා රන්වීර් පවා ඇත්තේ මං ගැන තරහින්..

තවත් මොහොතකට පස්සේ රන්වීර් මං ගාවට පහත් වුණා..

“තමුසේ මේ වෙලාවේ මොකද මෙතන කරන්නේ..??”

ඔව් හොඳ ප්‍රශ්නයක්.. ඒක විතරයි අහන්න ඉතුරු වෙලා තිබ්බ එකම ප්‍රශ්නේ..

මං රන්වීර්ගේ මූණ දිහා එකපාරක් ඔළුව උස්සලා බැලුවා.. ඇස් රතු කරගෙන. ඒ කියන්නේ රන්වීර් බීලා..

“මේ බලනවා.. මොකද මූණට වුණේ..??”

දැං නම් එයාට කේන්ති ගිහින්..

“කියනවා.. කවුද තමුසෙට මෙහෙම කරේ..?”

රන්වීර් මේක හෙල්ලෙන්නෙම කෑ ගහන්න ඇති..

“රන්වීර්… එයා…”

“තමුසෙගේ සර් නේද..?? කියනවා..”

රන්වීර් මගේ උරහිස් වලින් අල්ලලා හොලවන්න ගත්තා..

මගේ උරහිස් රිදෙනවා දැනුණත් මට ඒක රන්වීර්ට කියාගන්න හයියක් තිබ්බේ නෑ..

මට දැනුනේ මගේ ඔළුව කැරකෙනවා වගේ.. රන්වීර්ගේ පිටිපස්සෙන් සාහිගේ අක්කගේ චායාව පෙනී නොපෙනී යද්දි මං රන්වීර්ගේ ඇඟටම බර වුණා..

ඇඟම නිකන් තලලා දාලා වගේ.. මං ඇහැරුනේ මගේ කම්බුල් වල සීතල මොනවාහරි වැටෙනවා දැනිලා..

මං ඇස් ඇරියත් තාම ඉන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි වුණා.. ඇස් පියන් හිටපු හැම හීනෙකම පෙනුනේ මාව පුටුවේ ගැට ගහලා ඉද්දි සර් මගේ තොල් කිස් කරපු හැටි..

ඒත් එක්කමයි රන්වීර් මගේ මූණට එබුණේ..

“දැං කොහොමද තමුසෙට..?”

රන්වීර් මගේ කම්බුලකට ඇඟිලකින් ඇනලා ඇහුවා..

මං මුකුත් නොකියම හිනා වුණා..

පාස් පෝට් නැතුවම මිශන් ඉන්ක්‍රෙඩිබල් ෆිල්ම් එක ඇතුළට රිංගුවා වගේ..

මං එහෙමම වාඩි වුණා.. රන්වීර් මගේ පිටට අත තියලා මාව කෙලින් කරා..

“බඩගිනිද..??”

මං ඔළුව වැනුවා.. ඇත්තටම බඩ කුරු කුරු ගෑවේ ඔෆිස් එකෙන් එලියට බැස්ස වෙලේ ඉඳලා..

“මං කන්න මුකුත් ගේනකම් මේ කෝෆි එක බොන්න.. තනියම ඉන්න බය නෑනේ.. මේ මුඩුක්කුවට තමුසෙගේ සර් එන්නේ නෑ..”

ආදරෙන් කියන්න පටන් අරන් කේන්තියෙන් කියලා ඉවර කරපු හැටි..

මං බාගෙට හිනා වෙලා එයා අතින් කෝෆි එක ගත්තා..

රන්වීර් ශර්ට් එකකුත් අරන් දොර බාගෙට ඇරන් එළියට ගියා..

මං කෝෆි එකෙන් උගුරක් බිව්වා.. අම්මෝ රස.. හෙම්බත් වෙලා ඉන්න වෙලාවට කෝෆි කියන්නේ ඩිව ඔසුවක්..

“හොඳට හිටපු කොල්ලා තරහා කර ගත්තා නම් දැං කේන්තිය විඳවනවා..”

ඕඕඕඕ කඩවලේ… මං කෝකටත් හාර්ට් ඇටෑක් වලට බෙහෙත් අරන් ඉන්න එක හොඳයි වගේ.. හොල්මන් අක්කා හිටපු ගමන් කඩන් පහත් වෙනවා..

“රන්වීර් ඉස්සරත් ඔහොමයි.. සාහි එක්ක තරහ වුණාම හරියට රිද්දනවා..”

ඔව්… මං ආදරය කරපු හැමෝම රිද්දනවා.. මං දුඹුරු ඇස් වලට පිස්සු හැදිලා ආදරේ කරා. අන්තිමේ එයා මිනී මැරුවෙක්.. දැං මාව මරන්න හොයනවා..

අනිත් කෙනා මට පිස්සු හැදිලා වගේ ආදරේ කරපු කෙනා.. දැං මාව පන්න පන්න රිද්දනවා..

කොහෙද මේ මිනිස්සු කියන ආදරේ තියෙන්නේ..??

මං ලොකූ හුස්මක් ගත්තා..

අනේ මන්දා.. මට ටිකෙන් ටික මනුස්ස ලෝකේ එපා වෙලා.. මං මේක ඉක්මනට ඉවර කරලා හොල්මනක්ම වෙනවා..

ඔව්. මං සාහි වෙනුවෙන්, සාහිගේ පවුල වෙනුවෙන්ම සර්ව නීතිය ඉස්සරහට ගේනවා.. ඊට පස්සේ මං යනවා.. මගේ ට්‍රැවලින් හොල්මන් ලෝකෙට..

මං හෙමීට ඇඳෙන් නැඟිට්ටා..

මේ හැමදේම විසඳගන්න නම් සාහිගේ පෙන් එක හොයා ගන්න ඕනි.. මගේ හිත කියන්නෙම ඒක ඇත්තේ අර ගරාජ් එකේමයි කියලා..

මං හෙමීට දොර ඇරන් එළියට ඇවිත් ගරාජ් එක ඇතුළට ගියා.. මගේ පස්සෙන් අක්කා එනවා කියලා දැනුණා..

ඔව්.. එයා කවුද කියලා දැන දැනත් එයාට මළ හොල්මන කියන්න හිත දුන්නේ නෑ..

මං බිම හැමතැනම පෙන් එක හෙව්වා.. අක්කත් වාහන යට පවා බැලුවා..

හදිසියේවත් පෙන් එක හොයා ගන්න බැරි වුනොත් මට වෙනවා සාහි කරපු හැමදේම මූල ඉඳන් පටන් ගන්න..

මං හිත හිත ගරාජ් එකේ අඟලක් නෑරම බැලුවා..

“සාහී..”

“ඔයා මොනවද මෙතන කරන්නේ..? මං හැමතැනම ඔයාව හෙව්වා..”

එකපාරටම මං ගාවට ආපු රන්වීර් මගේ උරහිස් වලින් අල්ලා ගත්තා.. එයා ඇත්තටම බය වෙලා වෙන්න ඇති..

මං උත්තරයක් දෙන්නත් කලින්ම රන්වීර් ආයෙම කතා කරා..

“ඔයා දන්නවද සාහි අද පත්තරේ තිබ්බ දේ.. ”

රන්වීර් කියන් යද්දි මං දැක්කේ පරණ කාර් එකේ වීදුරුව ගාව තිබ්බ දාරේ උඩ තිබ්බ දිලිසෙන දෙයක්..

ඕඕඕ.. කඩවලේ.. මේක තමයි වාසනාව කියන්නේ…

මං රන්වීර්ව අත ඇරලා ගිහින් පෙන් එක අතට ගත්තා..

අම්මෝ දැනෙන සතුට.. !!!

මේ ගේම් එකේ බාගයක් ඉවරයි.. අක්කේ ඔයා පටන් ගත්තු දේ මං ඉවර කරනවා.. ඔව් ඉක්මටම..

“සාහී.. මොකක්ද ඕක..?? අර පෙන් එකද..??”

———————————————————————————-

ඔව්.. දැං තියෙන දැවෙන ප්‍රශ්නය.. සාහි අපේ රන්වීර්ට ආදරේ කරාවිද..?? තව හමුවීම් දෙකයි..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

28

31 thoughts on “සොදුරු ආත්මය | විසි අටවන හමුවීම | හොල්මන් කතා”

    1. සාහි රන්වීර් එක්ක එකතු වෙලා ඇත්ත සාහිටයි එයාගෙ පව්ලෙ අයටයි සාදාරනයක් ඉශ්ඨ කරයි. සාහි රන්වීර්ට ආදරේ කරයි නේද.
      සුභ පතනවා ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.??? All the best ? ? ? ?????????

    1. කතාව ලස්සනයි අලේ..හුරේ පෙන් එක හම්බුණා.. දැන් අර සර්ටයි සාකීටයි සොරි ඩොට් කොම් තමා.. හොල්මන් අක්කයි හොල්මන් කෙල්ලයි රන්වීරුයි මේ අපරාධකාරයන්ව නීතිය ඉස්සරහට ගෙනත් මැරුණු අයට යුක්තිය ඉටු කරයි නේද..

      අයියෝ කඩවලේ.. රන්වීර් දන්නෙ නෑනෙ සාහී මැරිලා කියලා.. දැනගත්තොත් මොනා වෙයිද.. අනේ මන්දා..අයියෝ ලෝභ නොවී කතාව චුට්ටක් දිගට දාන්නකෝ අලේ..
      දෙවි පිහිටයි ඔයාට..????

  1. චතූර්යයා ඉන්දීවරී

    කොහොමද මගෙ සත්තලනේ…. සමාවෙන්න උදේ කාටවත්ම රිප්ලයි බැරි වුණාට . අද මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි දානේ නිසා ගොඩක් බිසී වුණා.. හෙට ඉඳන් එන්නම් දිගටම. හාද? හැමෝටම බුදු සරණයි!උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. චතූර්යයා ඉන්දීවරී

      යාළුවනේ… අපේ දඟ සෙට් එකේ නෙතූ අමන්දාට චූටි කරදරයක් වෙලා. එයා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඉන්නේ කියලා මට එයාගෙ ගෙදරින් කතා කළා. ඒ වගේම අපේ ඇප් එකට අලුතෙන් එක් වුණ තාරකා කියන යාලුවත් සනීප නැතුව හොස්පිටල් ඇඩ්මිට් කරලා. අපි ඒ දෙන්නටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු නේද?
      නෙතූ, තරූ ඔයාලා දෙන්නට ඉක්මණට සනීප වෙලා වෙනදා වගේම ඇප් එකට ඇවිත් අපිත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා..බුදු සරණයි චූටික්කියෝ දෙන්නටම. පරිස්සමින් ඉන්න..

      1. Ane ?nathuu,tharuu ඔයාලා දෙන්නට ඉක්මනටම සනීප වෙලා ආපහු කලින් වගේමhamoma එක්ක සතුටින් inna ලැබේවා කියලා මමත් pathanawa?.තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම ???oyala එනකම් api හැමෝම balan ඉන්නවා .

          1. නෙතූ අක්කි ,තරූ අක්කි,සදූ අක්කි ඉක්මනට සනීප වෙලා එන්න??????

          2. නෙතූ අක්කියිටයි තරුටයි සදූ අක්කිටයි ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…

  2. ලස්සනයි අදත් කතාව .❤️❤️?ane තව කොටස් dekaine eth.??duka තමයි ඉතින් ???

  3. ??ada hodai habey meka iwara wenna yanawa hithaddi dukay……eka nemey oya pendrive eke monada thiyenne?mang witharada oka danaganna dagalanne?

  4. ????athiyanthan oya pen eka hoyagathey…habey oke mokakda affa thiyenne?mang witharak da oya pendrive eke thiyena eka danaganna dagalanne ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.