Katha Ahura

සොදුරු ආත්මය | විසි තුන්වන හමුවීම | හොල්මන් කතා

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.

විසි තුන්වන හමුවීම…

——————————————————————————————————————————

ඒත් එක තප්පරේකට මං දැක්කේ මළ හොල්මනගේ කේන්තිය පිරිච්ච මූණ..

ඊළඟ තප්පරේ ගෑණු කටහඬකින් විලාප තියෙන සද්දයක් ඇහුණා.. ඒත් ඒ කවුද කියලා හිතන්නත් කලින් මැරුණු සාහිගේ අතින් මං බිමට වැටුණා..

සිහියත්, අසිහියත් අතරේ මොහොතක් ඉඳලා ඉබේටම මගේ ඇස් පිය වුණා..

මං හිතන්නේ හුඟ වෙලාවකට පස්සේ මං ඇස් ඇරියේ.. ඇස් වලට ආලෝකය දරා ගන්න බැරිව ආයේ පාරක් ඇස් පියා ගන්න මට සිද්ධ වුණා..

වනේ කිසිම හොල්මනකට මෙහෙම නම් වෙන්න එපා..

මං අමාරුවෙන් ඇඳේ වාඩි වුණා.. ආව්ව්ව්ව්…!! මගේ උරහිස් දෙක නම් පුදුම තරම් වේදනයි..

ඔව් ඉතින් මරණය පෙනි පෙනී බේරුණා…

ශාකි ගෙදර ඇවිල්ලා.. කාමරේ ලයිට් දාන් ලැප් එකේ වැඩක්… වෙලාවට එයා දන්නේ නෑ මට වෙන වැඩ..

ඕඕඕඕඕ කඩවලේ…..!!!

කණ්ණාඩිය.. එතකොට සාලේ බඩු..!! ඔක්කොම ඇති පිස්සන් කොටුව වගේ.. ශාකි ඇහුවොත් මොකක්ද මං කියන්නේ..?

මං එහෙම හිත හිත ඇඳෙන් බැස්සා..

“හරි ශෝක්.. මෙයා වේලසන ඇවිත් නිදිනේ..”

මං එහෙමම බැලුවේ කණ්ණාඩිය දිහා…

මළ හත් ඉලව්වයි.. කණ්ණාඩියට මුකුත් වෙලා නෑ.. එතකොට මං දැක්කේ හීනයක්ද..??

මැරිච්ච සාහී කෝ..?? මළ හොල්මනත් නෑ…!!

අනේ මන්දා.. වෙන කිසිම දෙයක් මට තේරුම් ගන්න බෑ. ඒ තරම් මෙව්වා සංකීර්ණයි..

හ්ම්ම්, හා, ම්ම්ම් කියන වචන ටිකට පිං සිද්ද වෙන්න ශාකියගෙන් බේරුණා. ඒත් මං වත් මේවා හොයා ගන්න ඕනි..

ඊටත් වඩා ඇයි මට දැං බැරි මේ ඇඟෙන් ඉවත් වෙන්න. ඕඕ කඩවලේ…!! මාව මේ ඇඟට බැඳිලද..?? නෑ.. ඒක නම් වෙන්න බෑ..

තවත් පැය කීපයකට පස්සේ ශාකි නිදා ගත්තා.. මං කාමරෙන් එළියට ආවේ මළ හොල්මන හොයා ගෙන..

මට හොඳටම විශ්වාසයි මට සිහි නැති වෙන්න මොහොතකට කලින් මං එයාව දැක්කා. මෙතන වුණේ මොකක් වුණත් ඒක මළ හොල්මන දන්නවා ඇති..

මං අන්තිමටම ගියේ කිචන් එකට.. මං හිතුවා වගේම අර මළ හොල්මන ඉන්නවා බැල්කනිය ගාව බිම වාඩි වෙලා..

මාත් කිසි කතාවක් නැතිවම එයා ගාවින් වාඩි වුණා..

“මං බයෙන් හිටපු දේම වුණා.. සාහි ආවා පලි ගන්න.. ඒත් දැං එයාට ඕනි එයාගේ ශරීරය..”

මළ හොල්මන කතා කරන්නේ අහස දිහා බලන්.. මං දිහා බලන් නෙවෙයි..

“ඒත් එයා කෝ..?”

“එයා හිටියා නම් පණ්ඩිත කෙල්ල තමුසේ වෙනුවට මං ගාව ඉන්නේ සාහි. ඇත්ත සාහි..”

ඔව් ඉතින්.. මට මේ ඇඟෙන් යන්න පුලුවන් නම් මං යනවා. මොකටද අප්පා මං කුණු කතා අහන්නේ..

“ඒත් දැං ඉන්නේ ඉස්සර හිටපු සාහි නෙවෙයි.. පලි ගන්න ඉපදිච්ච බලවත් ආත්මයක්.. එයා ආයේ එනවා.. තමුසෙව මරන්න.. ”

“මට මේ ඇඟෙන් යන්න බෑ. පුලුවන් නම් මං මේ දැං යනවා. ඒත් යන්න බෑනේ අප්පා..”

හ්ම්ම්ම්ම්ම්..

“ඇයි එයාට පලි ගන්න ඕන…? මං එයාට වරදක් කරලා නෑ.. එයා හැදුවේ සර්ව මරන්න… හොල්මන් ඉන්නේ මිනිස්සු මරලා පලි ගන්න නෙවෙයි.. අපි මෙහෙම ආත්ම වෙලා ඉන්නේ අපි කරපු කර්ම ඉවර නැති නිසා. අපි තවත් මිනිස්සු මරන්න ඕනද..?”

මං කේන්තියෙන් කියද්දි එයා කරේ හිනා වෙච්ච එක. මට හොල්මන් හිනා වෙද්දි පේන්න බෑ..

“තමුසෙට මං එදත් කිව්වා. තමුසේ වටේ ඉන්න එවුන් හොඳ මිනිස්සු නෙවෙයි. තමුසේ රැවටිලා.. උන් තමයි..”

“අපෝ ඇති.. හොඳටම ඇති.. ඔයා කියන්න හදන්නේ එදා කියපු කතාව නම් මට තාම ඒ කතාව මතකයි..”

මං එයාටත් ගස්ස ගෙන කෙලින්ම කාමරේට ආවා..

ඇයි මේ මොන දේ මට වුණත් ඒ හැමදේටම සර්වයි, ශාකිටමයි බනින්නේ..? මං හිතන්නේ මළ හොල්මන මැරෙන්නත් ඇත්තේ එයාලා ගැන හිතලම වෙන්න ඇති..

ඒත් දැං ආයෙත් සාහි ආවොත් මේ ඇඟ හොයන් මං මොකද කරන්නේ..

ඇඳට ගිහින් ඇස් පියන් තුන් හතර පාරක් ට්‍රයි කරලත් මට මේ ඇඟෙන් අයින් වෙන්න බැරි වුණා..

මේ සාහි මැරෙන්න කලින් කරපු දේවල් වලටත් පරිප්පු කෑවේ මම.. දැං කරන ඒවටත් මටමයි පරිප්පු කන්න වෙන්නේ..??

අනේ මගේ හොල්මන් දෛවය.. ඇයි මේ තරම් කුරිරු..??

පහුවදා උදේම ඔෆිස් ගියා.

ගියා කිව්වට මං මුලින්ම ගියේ සර්ගේ රූම් එකට..

“සාහි.. ආ යූ ඕකේ නව්..??”

සර් මාව දැක්ක ගමන් මගේ උරහිස් වලින් අල්ලන් ඇහුවේ ඒක.. ඉතින් මේ දුඹුරු ඇස් වලට මං ආදරය කරන්න අරන්..

පැය බාගයක් විතර මං සර් එක්කම ඉන්න ඇති.. සර්ගෙන් මිදිලා එන්න හදද්දිත් සර් හිතුවක්කාරයෙක් වගේ මගේ බෙල්ල සිප ගත්තා..

හොල්මනත්, හොල්මන් කරනවා සර්..

මං සීට් එකට ඇවිල්ලත් කල්පනා කරේ මං සාහි විදියට සර්ට ආදරේ කරන එක හරිද කියලා..

හරි වැරැද්ද මට නොතේරුණත් මං සර්ට ආදරෙයි.. ඒත් ඒ වචනේ කියද්දිත් මට රන්වීර්ව මතක් නොවුණම නෙවෙයි..

ශාකි සර් එක්ක දවල් මීටින් එකකට ගියා..

ඒ අතරේ මං ගාවට ආවේ ඔෆිස් ක්ලිනිං එකේ ඇන්ටි කෙනෙක්..

“අනේ සාහි මිස්.. මිස් මට ඉස්සර ඉඳන් හරි කරුණාවයි නිසයි මිස්ට මේක කියන්නේ මම. මිස් මෙතන නැති වෙලාවේ ශාකි මිස් මැඩම්ගේ ටේබල් එක ඇවිස්සුවා.. කම්පියුටර් එකත් බැලුවා.. අනේ මිස් පරිස්සමින්. ”

මං තව මුකුත් අහන්නත් කලින්ම ඒ මනුස්සයා යන්න ගියා..

සාහි හොඳ මිනිස්සු එකතු කර ගන්න ඇති ඉස්සර.. එයත් හොඳ කෙනෙක් වෙන්න ඇති..

දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි ශාකි මගේ බඩු ඇද්දේ..?? එයාට මං ඉන්න වෙලාවේ හොයන දෙයක් හොයන්න තිබ්බා..

අනේ කඩවලේ..!! මගේ වටේ ඉන්න හැමෝම මාව පිස්සු හදවනවා…

හවස හතරට විතර ෆෝන් එකට බ්‍රේකිං නිවුස් එකක් ආවා..

‘රෙඩ් ලයින් ගබඩාවේ කුඩු පැටවූ ලොරියක් අත්තඩංගුවට…’

මොකක්..?? ඒ අපේ කම්පැනියේ ගබඩාවවක්..!!!

ඒ නිවුස් එකට මං විතරක් නෙවෙයි මුළු ඔෆිස් එකම කලබල වුණා.. ශාකිවත්, සර්වත් ඔෆිස් එකේ නෑ..

කට්ටිය කතා වුණේ ඔතන ඊට වඩා දෙයක් ඇති කියලා.. ඒත් සර්.. ???

නෑ නෑ.. මෙතන වෙන මොකක් හරි ඇති…

ටිකකින් එහා කොණේ ටේබල් එකේ අක්කා කෙනෙක් ෆේස් බුක් එකෙන් ෆොටෝ එකක් ගෙනත් පෙන්නුවා.. එයාලා කලබලෙන් බය වෙලා වගේ කතා කරද්දි මට මෙහෙම වාඩි වෙලා බලන් ඉන්න බෑනේ..

මාත් ගිහින් ඒ ෆොටෝ එකට එබුණා..

දෙයියනේ..!!!

———————————————————————————————-

සොඳුරු ආත්මය… ඔව්.. කුතුහලේ නම් උපරිම වැඩි වෙනවා ඉස්සරහට..

මතකනේ හැමදාම රෑට..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

23

157 thoughts on “සොදුරු ආත්මය | විසි තුන්වන හමුවීම | හොල්මන් කතා”

    1. Nethu Amanda

      කතාව ගොඩාක්ම ලස්සනයි අක්කී…කුතුහලේනම් උපරිමයි…???අයියෝ මේ හොල්මන් කෙල්ල නිදහසේ පාවී පාවී ඉන්නේ නැතුව ඇගකට රිංගලා කන කට්ටක්…
      හ්ම්ම් මට හිතෙන විදියට ශාකී හොයන්නේ පෙන් ඩ්‍රයිව් එක…සර් එක්ක ශාකී ඩ්‍රග්ස් බිස්නස් කරනවා…ඒ දේවල් සාහී දැනගෙන..ඒකයි එයාලා සාහිව මරන්නේ…පෙන් ඩ්‍රයිව් එකේ ඇත්තේ සර්ගේ ලැප් එකෙන් ගනිපු සාක්ශී…පොටෝ එකේ ඇත්තේ සර් එක්ක ශාකී…

          1. චතූර්යයා ඉන්දීවරී

            මිතූ බබා..කෝමැයි ඉටිම්.. සෑහෙන කාලෙකින්…

      1. Oshani nimeshika

        මිතූ මල්ලි පන කොහොමද මොකද අනේ උනේ 1st වෙන්න ඔයා දුවගෙන එනකොට නෙතූ 1st වෙලද

      1. චතූර්යයා ඉන්දීවරී

        මගෙ යාශි චූටික්කි… මාත් එක්ක තලා වෙලාද අලේ

        1. නිෂා සශී ?

          හොදට exam එකට මූනදීල ගෙදර ඇව්විත් මූන සෝදන්න මතක්කරලා…..

  1. සදෙව්මි විහන්සා

    ???????
    ?හනේ අපොයී
    ?සාහියෝ
    ?ඔයාවනන් කෝවක දාලා
    ?මකවන්න හිතයි මට
    ?හොල්මනක් නේද නුබ
    ?මේ තරම්
    ?මෝඩයිද හොල්මන්……
    ???????????
    ???????????
    ?ඇත්ත බොරුව
    ?රැවටීම ආදරය
    ?තෝරා ගන්න
    ?මේ තරම් ඉඩ ලැබිලත්
    ?එළදෙනක් මෙන් මෙසේ
    ?හැසිරෙන්නෙ කිමද ඔබ…..
    ????????????
    ????????????
    ?සොයා ගන්න සියලු දේ
    ?සවන් පත් යොමන්න
    ?නුබට සහයක් වන්නවුන්ට
    ?අවසානයක්
    ?ලස්සන අවසානයක්
    ?දිය හැක්කෙ සියල්ලට
    ?නුබට පමණයි සාහී
    ?නුබට පමණමයි…..
    ?සොදුරු ආත්මය සාහී
    ?සුභ පතන්නම් ඔබට
    ?ජය ගන්න
    ?සියලු බාදක…..
    ???????????

    1. හනෙ හපුයි අපෙ සදු අක්කි හොල්මන් වලටත් සාහිත්‍ය දරයෙක් වෙලානෙ ගොඩක් ලස්සනයි දිගටම ලියන්න ලියලා හොල්මනක්ම වෙන්න ???☺️☺️☺️

          1. නිෂා සශී ?

            අක්කි හොල්මන් වලටත් හොල්මන් පෙන්නනවනෙ. මරු ඒක ඈ…..

      1. සදෙව්මි විහන්සා

        මන් හොල්මනක් තමයී…….. මේ…….. මගේ හිනාව……….

        බුවාහ්………… හහ් හහ් හා………????

        1. චතූර්යයා ඉන්දීවරී

          මේ චූටි පැටියා ගැට කිඹුලෙක්ද? හැල කිඹුලෙක්ද??? ? ????

          1. Me sadu akkiyo e hinava nikam buvallekta adagahanavaa vagene ☺️☺️☺️☺️☺️

      1. චතූර්යයා ඉන්දීවරී

        කොහෙවත් ගියේ නෑ ඔෂී මැණික. ගෙදර අලේ හිටියේ. නැන්දම්මගෙයි මාමගෙයි බටර් ගෑවා.?????

    1. සදෙව්මි විහන්සා

      අක්කි පණ……. නැන්දම්මයි මාමයි ගියාද…..?

      මේමම කියන්නම්…. අයියගෙ කතාවට දාපු නිසදැස හරිම ලස්සනයි අක්කි පැණ…..??

      1. චතූර්යයා ඉන්දීවරී

        ටැංකූ සදෙව්මි පණ. තාම ගියේ නෑ අලේ. ඉන්නෝ… ඩොට්ට පුත්තරයා එනකල් ඉඳලා යයි සුද්දී

          1. චතූර්යයා ඉන්දීවරී

            වැඩි ටික ඩොට්ටගෙ ගානෝ….

            ඔයාට කෝමද මැණික දැන් ..ඔයාට හොඳ වුණාම කියන්න මැණික. මම ඔයා වෙනුවෙන් දළඳා මාළිගාවට භාරයක වුණා චූටික්කි. මට ඒක ඔප්පු කරන්න .අයියා & ඒන්ජල් පැට්ටි වෙනුවෙනුත් වෙනවෙනම භාර දෙකක් වුණා..ඔයයි අයියයි වෙනුවෙන් එකම දවසේ භාරය වුණේ..

          2. සදෙව්මි විහන්සා

            හයියූ…. ඩොට්ට අයියට බටර් විතරද ගාන්නේ…?

            හරි අක්කියෝ මම කියන්නම්….. අනේ ඔයාට මන් ආදරෙයි ගොඩාරියක්…?

          3. චතූර්යයා ඉන්දීවරී

            දැනටනම් බටර් විතරයි මැණික….???

          4. චතූර්යයා ඉන්දීවරී

            මායා කොටේ, සශී පණ, ටින්කො පණ, ඉෂූ පණ, සුමිත් අයියා, තාරකා පණ, හශී පණ, ආශි පණ, නිරෝ පණ, රුවී පණ, රුවන්ති පණ, තිලිණි පණ, මාෂි පණ, නයෝ පණ, නවා පණ, හිමා පණ , හිම බෝලේ, නෙත්මි පන,වීණාවි පණ, දිල්රු පණ,දුෂී පණ, විසාරා පණ, කවී පණ, ලකී පණ, හංස පැටියා, දුල් පණ, සෙව්මිණි පණ, අයේෂා පණ……කෝ අනේ ඔයාලා. හැමෝම හොඳින් නේද?පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම..ආදරෙයි ගොඩාක්ම.. ගුඩ් නයිට් . උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා .. ආආආආ නම් නැති අය තරහා වෙන්නෙපා. මතක් වුණ විදියට දැම්මේ…

          5. Oshani nimeshika

            අක්කි ඔයා නම් ඇත්ටතටම අපේමලොකු අක්කි වගෙම තමා ආදරෙයි ගොඩාක්?????

          6. චතූර්යයා ඉන්දීවරී

            තංකූ ඔෂී මැණික. මාත් ආදරෙයි අප්පා මෙන්න මෙච්චලක් ඉතල… ?????

  2. Oshani nimeshika

    හරිම ලස්සනයි කතාව සාහිට ඇත්තටම මොලයක් නැද්ද අප්පා මල හොල්මනගෙන් වත් කිසිම විස්තරයනක් අහන්නෙ නෑනේ සුභ රාත්‍රියක් බුදු සරණයි හැමෝටම

  3. ඔන්න මම ආවා.හයියෝ දැන්නම් මට කතාව කියවන්න බයයිනෙ.. නපුරු ආත්මයක් ඇවිත්..????
    හොල්මනක් කොහොමද ආයෙ මැරෙන්නෙ..එතකොට මොකක්ද අර කුඩු කතාව මොකක්ද ඒ පොටෝ එක.අයියෝ කඩවලේ මටනම් මුකුත්ම තේරුම් ගන්න බෑ.ඔයාගෙ කතාව ලස්සනයි.ඒත් මට දැන් කියවන්න බයයි.ඔයාගෙ හැම වැඩක්ම අතිසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..හෙටත් එන්න හලිද

      1. සුමී අයියා බබා.. චතූ අක්කි බබා.. මායා බබා..සදූ බබා..ඉෂූ බබා..නෙත්මා බබා. හංස බබා..පබා බබා..මිතූ මල්ලි බබා..නෙතූ අක්කි..දිල් අක්කි..ඔෂී බබා..අනේ නම් නොකීවට තලා වෙන්න එපා මතක් වුණ නම් ටික කිව්වෙ..කෝ ඔයාලා

        1. සදෙව්මි විහන්සා

          අක්කි මන් ඔයාට බඩ්ඩක් කීනෝ… අයියට කීන්න එපා…. අපේ අයියා අලියෙක් වගේ ඉදියට ඔල්මන් කතා වලට බයයී… ඒකයි මේ පැත්තෙ එන් නැත්තේ.. මහ බයගුල්ලෙක් අපේ අයියා….. මන් මේම කීවා කියලා කාටවත්ම කීන්න එපා…..???

          1. මේ ඉන්නෙ මගෙ මල්ලි බබා..කෝ අනේ චොකලට්

          1. දැන් අවුලක් නෑ ඉතින්..ඔහේ ඉන්නවා මම.හිරවෙලා වගෙ..
            ඉස්සර වගෙ ගොඩක් මහන්සි වෙන්න බෑ.ඉක්මනට අසනීප වෙනෝ.. දඟ වැඩ නැතුව ඉන්න එක තමා ලොකුම අමාරුව

          2. දැන් අවුලක් නෑ ඉතින්..ඔහේ ඉන්නවා මම.හිරවෙලා වගෙ..
            ඉස්සර වගෙ ගොඩක් මහන්සි වෙන්න බෑ.ඉක්මනට අසනීප වෙනෝ.. දඟ වැඩ නැතුව ඉන්න එක තමා ලොකුම අමාරුව අක්කියෝ

    1. සදෙව්මි විහන්සා

      අක්කියෝ…. ඔයාට කෝමද දැන්…

      මේමම කියන්නම්කෝ…… අයියගෙ කතාවට දාපු නිසදැස හරිම ලස්සනයි අක්කියෝ..??

      1. අනේ තැංකූ මගෙ සුදු මැණික..නෑ නෑ නිල් මැණික්..සුදු මැණික් නෑනෙ අලේ..

        1. Oshani nimeshika

          ඒන්ජල් අක්කි කොහොමද දැන් මටත් බය හිතෙනව දැන් න්ම් කතාව කියෙව්වහම

          1. මම යනෝ අලේ..ඔක්කොටම සුබ රාත්‍රියක්.. ආදරෙයි පැලෙන්න..???

        2. mage akki pana man inno kumada uyata me mage nangi mava kano hali amalu ven appa cament eka type karanne menna mage oluvath allagena aga uda nagi no man yano bay aa choko ???????????

          1. නිෂා සශී ?

            අක්කි පණ කෝමෙයි ඉතින් දැන්. කෝ තුත්තක් හිනාවෙන්න…..???????????මේව කාල අපි සැපෙන් ඉමු දෝණි අක්කියෝ…..

        1. අයියෝ කඩවලේ … මට මුකුත්ම හිතාගන්න බෑ. අර පොටෝ එකේ හිටියෙ කවුද, ඇයි ශාකි සාහිගෙ ටේබල් එක ඇද්දේ, එතකොට කවුද සාහිව මැරුවෙ මට නම් මාර ප්‍රශ්න ගොඩාක් තියෙනවා.????? ඇයි තව සර්ද රන්වීර් ද හොද මට නම් දැන් පයිත්තියන් වගේ .කතාව මාරම ලස්සනයි අක්කි ??. සුභ පතනවා ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
          ??? All the best ? ? ?

        1. හම්බුනා අක්කියෝ. ඒ මනුස්සයා මාව එපා කීලා මගෙ නංගිව බදින්න යනෝ ????

  4. නිෂා සශී ?

    අම්මෝ ඒක මං ඊයෙ හිතුව හරි ඒ ඉදල තියෙන්නෙ මල හොල්මන තමයි ඇවිත් තියෙන්නෙ. අක්කි කතාව ගොඩක් ලස්සනයී. මේ සාහිත් වැටුනෙ පුදුම ආගාදයකත් තමයි. ඉක්මනට ප්‍රශ්න විසදන්න කියන්න බෑ එතකොට කතාව ඉක්මනට ඉවරවෙනවනෙ. හෙටත් කතාව අරන් එන්න අක්කි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????????????

          1. නිෂා සශී ?

            සැපෙන් දුක විදගන ඉන්නව නිම් පැට්ටී

  5. මායා black

    අනේ අක්කි ඔන්න ඔහේ සාහිට කියලා මේ කෙල්ලව මරලා දාන්න.. එයාට මේ ලෝකේ ජීවත් වෙන්න බුද්ධිය මදි..? ගොන් බෝතලයක්..?? හැබැයි දුකයි මට සර් ගැන හිතද්දි.. මාත් එයාට ලව්නේ..?❤️ දැන් වැඩක් නෑ..? මළ හොල්මන ශෝයි අනේ..? එයාට මන් ඒ දවස් වල ඉදන්ම කැමතියිනේ.. අර ශාකිගේ ඇට මායම් මට කොහොමත් පේන්න බෑ.. මන් එයා ගැන මුකුත් කියන්නේ නෑ.. කතාවේ කිව්වා වගේම කුතුහලය උපරිමයි.. සුපිරියි..❤️❤️
    අපි කොහොමත් අක්කිත් එක්ක දිගටම ඉන්නවා..? අපිට ලස්සන කතා ටිකක් දුන්නොත් අපිව දුම්මල ගහලත් යවන්න බැරි වෙයි..?? දිගටම ලියන්න සුබ පතනවා අක්කි..
    All the best ??

    1. සදෙව්මි විහන්සා

      අනේ…. මගෙ මායා කොටේ…. කොහෙද අප්පා ගියේ…… මන් කොච්චර හෙව්වද…..? දැන් හොදයිද මගෙ නංගියෝ…..??

      1. මායා black

        මගේ අක්කි ආවානේ අද.. ඉතින් එයාට චුට්ටක් වද දෙන්න ගියා..? මට හොඳයි සදෙවුමි අක්කි.. ? මන් දැක්කා අක්කි මාව හොයලා තිබ්බා සොරි රිප්ලයි කරන්න බැරි වුනා..❤️

    2. චතූර්යයා ඉන්දීවරී

      අනේ මගෙ මායා කොටේ .ගොඩාක් කාලෙකින් අලේ .. එන්නකෝ සුට්ටක් ආශ්‍රය කරන්න….??

      1. මායා black

        චතූ අක්කි මාව ආශ්‍රය කරලා අක්කි නරක් වුනොත් ඔන්න ඩොක්ටර් අයියට මන් වගකියන්නේ නෑ ??

      1. මායා black

        මට දැන් හොඳයි ඒන්ජල් අක්කි?? අක්කිට කොහොමද?

        අපේ අක්කා අද ගෙදර ආවා ඉෂූ අක්කි..ඒකයි මට එන්න බැරි වුනේ..?❤️

        මන් හොඳින් ඕෂි අක්කි ඔයාට කොහොමද?❤️?

  6. සදෙව්මි විහන්සා

    හැමෝටම හොල්මන් වැඩි වැඩියෙන් පේන අත්භූත රැයක් වේවා….!

    ?????GOOD NAIGHT & SWEET HORROR DREAMS ALL OF YOU……?????

      1. Oshani nimeshika

        සුභ රාත්‍රියක් හැමෝටම මල හොල්මන ඇද යටින් එබී බලන සුභම සුභ රාත්‍රියක් ?????

        1. නිෂා සශී ?

          එක පැත්තකට නිදාගෙන අනිත් පැත්ත හැරෙද්දි බලාගෙන මල හොල්මන ලග ඉදී. ගුඩ් නයිට්වේවා හැමෝටම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.