Katha Ahura

සොදුරු ආත්මය | විසි පස්වෙනි හමුවීම | හොල්මන් කතා

5/5 - (1 vote)

කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසි පස්වෙනි හමුවීම..

———————————————————————————————————————

“සර්..”

මගේ ඇස් පිය වුණේ සර් පෙනි නොපෙනී යද්දි..

කවුරුහරි මාව උස්සනවා වගේ දැනුණා.. ඒත් එතනින් එහා මුකුත් මට දැනුනේ නෑ..

ලොකූ මත්බවකින් මගේ ඔළුව කැරකෙනවා වගේ දැනෙද්දී මං ඇස් ඇරියා..

ඒත් මං දැක්කේ අන්ධකාරය විතරයි.. එක මොහොතක මට හිතුණා මගේ ලෝකෙම අඳුරු වෙලා වගේ කියලා..

මං අත් දෙක හොලවන්න හැදුවා.. ඒත්.. ඕඕඕ ශිට්ට්..!!

මාව මාව පුටුවකට තියලා ගැට ගහලා..

එතකොට.. එතකොට සර්ට මාව බේරගන්න බැරි වෙලාද..??

මගේ කටත් ගැට ගහලා.. කෑ ගහන්නවත් බැරි විදියට.. අද නම් මට ගැලවීමක් නෑ වගේ..

මුං මාව මරලා දාවිද..?? මේ ජිවීතෙන් මං මැරුනොත් මගේ ආත්මෙට වෙන දේ මං වත් දන්නේ නෑ..

ඒ මදිවට කළුවර ඇරෙන්න මුකුත්ම පේන්නේ නෑ.. දරා ගන්න බැරි තරම් නිහඬබවක්..

මට මේ ඔක්කොම පෙනුනේ ලොකූ අනතුරක් අත ළඟ වගේ..

එකපාරටම අඩි සද්දයක් ඇහුණා.. කවුරුහරි ඇවිදන් එනවා වගේ…

ඒත් එක්කම ලොකූ එළියක්.. කවුරුහරි ලයිට් එක දාන්න ඇති.. ඇස් වලට දරා ගන්න බැරි තරම් ආලෝකයක්. මං තදින් ඇස් පියා ගත්තා..

ඒ අතරේ අර ආපු කෙනා මගේ කොණ්ඩේ අත ගානවා.. මං ඇස් පියා ගෙනම ඔළුව එහාට මෙහාට කරා..

“අනේ සාහි පැටියෝ..”

ඒ කටහඬ…!!!!

මං එකපාරම ඇස් ඇරලා බැලුවා.. බලන්න ඕන වුණා.. ඇස් ඇරියත් මට මුකුත්ම පෙනුනේ නෑ.

ඒ කටහඬ… මං දන්නවා කාගෙද කියලා. ඒත්….?? ඒත් එහෙම වුණේ කොහොමද..??

මගේ ඇස් වලින් කඳුලු පේළි දෙකක් ගලන් ගිහින් ටිකකින් එළියට හුරු වුණා..

ඔව්.. දෙයියනේ… මේ සර්මයි…!!

“මොකද සාහි මේ කඳුලු.. ඔයාට දුක හිතුණද..??”

මං හයියෙන් හුස්ම ගන්න ගමන් සර් දිහාම බලන් හිටියා..

“ඔයා පුදුම වෙලා කියලා නම් කියන්න එපා.. මේ හැමදේම වෙනස් වුණේ තමුසේ හින්දා..”

සර් මගේ මූණට පහත් වෙලා මගේ නිකටෙන් ඉස්සුවා..

“මං හිතුවේ තමුසෙට හැමදේම අමතක වෙලා ඇති කියලා. ශිට්ට්.. තව පොඩ්ඩෙන් තමුසේ මාවත් වෙනස් කරනවා.. ඒත් තමුසේ හැංගිලා මටම ගේම් දැම්මා නේද..??”

ඊට පස්සේ මහ කැත විදියට සර් හිනා වුණා..

ඇත්තමයි.. දැං නම් ඒ හිනාවට මට බයත් හිතුණා..

ඊටත් වඩා සර් මට ආදරේ කරලා නෑ.. මං හිතපු කෙනා නෙවෙයි සර් කියන්නේ..

පපුව උල් යමකින් හාරනවා වගේ වේදනාවක් මට දැනුණා.. මිනිස්සු ආදරේට බොරු කරාම මේ තරමටම රිදෙනවා ඇති. ඒකනේ උන් වස බීල අපි ගාවට එන්නේ..

ඒත් සර්…!! කඩවලේ.. මං කොයි තරම් ඔයාට ආදරේ කරාද සර්..??

“ඔව්.. උඹ අඬපන්.. හැබැයි ඉස්සෙල්ලා අර පෙන් එක මට දියන්. ඊට පස්සේ එදා බැරි වෙච්ච දේ අද උඹට කරන්නම්..”

ඒ වචන.. මෙච්චර දවසක් මං නොදැක්ක දේවල් මට පෙන්නුවා වගේ.. මේ හැමදේම කරලා තියෙන්නේ සර්ද..??

එදා බැරි වෙච්ච දේ කිව්වේ.. ?? සාහිව මරපු එකද..?? එහෙනම් ඒකද මැරුණු සාහි සර්ව මරන්න ආවේ..??

මං කොච්චර මෝඩද..??

මට හයියෙන් ඉකි ගැහුණා. කට ගැට ගහලා හින්දා මගේ හඬ පිට වුණේ නෑ.. ඒත් හයියෙන් මගේ උරහිස් ගැස්සෙන්න ඇති..

“කියපන්.. කොහෙද ඒක..?? කියපන්..”

සර් මගේ කොණ්ඩෙන් ඇදලා මහ හයියෙන් ඇහුවා..

“කියපන් බැල්ලියේ කොහෙද පෙන් එක…???”

මං දන්නේ නෑ. මගේ බෑග් එකේ..

සර් මගේ කට ගැට ගහලා තිබ්බ රෙද්ද ඇදලා ගැලෙව්වා. ආව්ව්ව්ව්ව්ව්.. මගේ කම්බුල් වලින් දැනුනේ ලොකු වේදනාවක්..!!

“කියපන්…”

“බොස් බෑග් එකේ නෑ..”

එතනට ආවේ අර එදා පාරෙදි මට කරදර කරන්න හදපු කෙනා..

එහෙනම් මේ ඔක්කොම එකට..

“කොහෙද ඒක දැම්මේ..??”

සර් මගේ කොණ්ඩේන් ආයෙම ඇදලා කම්බුල් හිර කරා..

“කියපන්…”

“මං දන්නේ නෑ..”

මං හරි අමාරුවෙන් වචන දෙක තුනක් උගුරෙන් පිට කර ගත්තා.

“හොඳට මතක් කරපන්..”

සර් මගේ ඔළුව තල්ලු කරලා අඩි කීපයක් ඉස්සරහට ගියා..

“කොහොමහරි මේකිගෙන් පෙන් එක තියෙන තැන අහගනින්..”

මං ගල් වෙලා බලන් ඉද්දි සර් බර අඩි තිය තිය දොර ගාවට ගියා..

ඒත් එකපාරටම හැරිලා ආයේ මං ගාවට ආවා..

“මං උඹට ආදරේ කරා සාහී.. ඒත් උඹ..??”

සර් මගේ මූණට බලෙන්ම පහත් වෙලා මගේ රිදෙන තොල් රිදෙන්නම සිප ගත්තා..

ඊට පස්සේ සර් යන්නම ගියා..

මට දැනුනේ සර් මගේ හදවත පාගලා දාලා ගියා වගේ..

මං ලොකූ සුසුමක් හෙළලා ලොකූ හුස්මක් ගත්තා..

සාහි.. උඹට ගොඩක් වැරදුණා..

“උඹ මතක් කර ගනින් පෙන් එක හැංගුවේ කොහෙද කියලා..”

අර මිනිහා එහෙම කියලා කාමරේ දොර වහන් සර් පස්සෙම යන්න ගියා.

මට මෙහෙම වෙලා මදි.. අර හොල්මන මට කොච්චර කිව්වද..? සර්ව, ශාකිව විශ්වාස කරන්න එපා කියලා..

ඒත් මං…??

ඇයි සර් මට මෙහෙම කරේ.. ආදරේ ගැන කොච්චර හීන මැව්වද මම..??

සර් හැප්පුනේ වැරදි කෙනා එක්ක.. මං අහිංසක කෙල්ලෙක් නෙවෙයි.. මං සාහී. හොල්මන් ආත්මයක් ජීවය දුන්න..

මං අඬන්නේ නෑ… අඬන්නේ නෑමයි..

මං ආයාසයෙන් ඇස් වලට කඳුලු උනන එක නවත්ත ගත්තා..

මං මෙතනින් පැනලා යන්න ඕනි.. සර්ගේ ඇත්ත ලෝකෙට හෙළි කරන්න ඕන. හැමදේම ඇත්තේ ඒ පෙන් එකේ.. ඒක හොයා ගත්තා නම් ඔක්කෝටම උත්තර ලැබෙයි..

“හෙලවෙන්න එපා…”

මට පිටි පස්සෙන් ඇහුනේ මළ හොල්මනගේ කටහඬ..

ඔව්.. එයා ආයේම ඇවිත්…!!!

මට දැනුණා එයා මගේ අත් දෙක ලිහුවා.. කකුල් දෙකත්..

මට එයා ගැන දැනුන හැඟිම කියා ගන්න බෑ.. මං පුටුවෙන් නැඟිට්ට ගමන් එයාව බදා ගත්තා..

“පස්සේ ලව් කරන්න සාහි. දැං මෙතනින් පනිමු..”

මළ හොල්මන මට පෙන්නුවේ කාමරේ තිබ්බ පොඩි කවුළුවක්..

“බලන් ඉන්නේ මොකක්ද..? ඔතනින් පනිනවා..”

මොකක්..?? මෙතනින් පනින්න..??

අපි හිටියේ තට්ටු තුනක් උඩ.. මගේ කොණ්ද කැඩෙයි..

“පනිනවා..”

මට හිතන්නවත් මොහොතක් නොදී එයා මාව එතනින් පහළට තල්ලු කරා..

දෙයියනේ…!!!

මාව පහළට වැටෙද්දිම…..

————————————————————-

ආදරේ කියන්නේ නිකම්ම නිකම් හැඟීමක් නම් මේ තරම් වේදානාවක් කොහේවත් නැතුව ඇති…

සාහී… අපි ආදරෙයි..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!
25

103 thoughts on “සොදුරු ආත්මය | විසි පස්වෙනි හමුවීම | හොල්මන් කතා”

          1. Oshani nimeshika

            කට්ටියට කොහොමද අද ටිකක් පරක්කුයි මම

    1. අන්න දැන් තමයි හරියටම කතාව තේරෙන්නේ…..හම්මේ දැන් නම් මරු….සාහිට ඇත්ත තේරුන එක නම් හොදයි …. ඔයාට ආයේ බනින් නෑ සාහී….

    1. අලේ ඇයි අප්පා ඔහොම..මොකක්ද අර හැල ගෙම්බා කරපු ගෙබි වැඩේ.. මදැයි මේ හොල්මන ලව් කරන්න හැදුවා..ඔයිට වඩා එහෙට මෙහෙට පා වෙවී ඉන්න එක ජොලි නැද්ද..අනේ අර මලහොල්මන ශෝයි අප්පා..ආදරේ හිතෙනවා..?????
      දැන් ඒ සර්වයි සාකීවයි අල්ලගන්න ඕන.. මිනිමැරුම එළි වෙන්න ඕන.. එතකොට කෝ පෙන් එක හත්වලාමෙ..
      හයියො කඩවලෙ මට පිස්සු වගේ..
      කතාව හරිම ලස්සනයි අක්කියෝ..හෙටත් එන්න හලිද..
      දෙවි පිහිටයි ඔයාට..????

          1. චතූර්යයා ඉන්දීවරී

            අලේ මගෙ මිතූ පැටියා.. කෝමද අනේ ඉටිම්. එන්නකෝ සුට්ටක් ආශ්‍රය කරන්න….?????

    1. හම්මෝ යන්තම් ඇති සාහි දැනගත්තනි සර් කාරය බොරු කරන්නේ කියල.දැම් ඉතින් තියෙන්නෙ රන්වීර් සෙට් කරන එක විතරයි…????????❤❤❤❤❤❤❤❤❤❤❤කූමද කට්ටිය……..

      1. සදෙව්මි විහන්සා

        අනේ මගෙ මලයණ්ඩි… කොයි අප්පා වහන් වෙලා ඉදියේ….??

  1. Adath කතාව niyamai.ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි .ඇති යන්තම් saahita ඇත්ත තේරුණා .sir හරි නරකයි .????

        1. මායා black

          හැමෝම කොහොමද කියලා අහලනේ මන් වෙනසක් කරන්නම්? කෑවද පියුමි???

  2. කතාව සුපිරිරිරි ????? ලස්සනට ලියලා තියනවා.. සුපිරිම හොල්මන් කතාවක්..✌️✌️✌️ අනේ පුළුවන් නම් ටිකක් දිගට කතාව දාන්න… ???

    #All the best dear ✌️?

    1. මන් නම් මුල ඉදන්ම ඔය සර්ට කැමති නෑ.ඒත් මෙච්චර නලකයි කීලා හිතුවෙ නෑ .මළ හොල්මනට අද නම් ආදරේ හිතුනා ගොඩාරියක්.කතාව ඉවර වෙන්න ලග නිසා,දුකයි.
      සුභ පතනවා ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අක්කි
      ??? All the best ? ? ? ?????????

    1. සදෙව්මි විහන්සා

      ?????????????
      ?මිනිස් ලොව සියලු සිත්
      ?මුදු මොලොක් නොමැති බව
      ?ඉදින් දැන්වත් නුඹට
      ?වැටහුනිද යෙහෙළියේ
      ?පමා වූවත් ඔබට
      ?වැටහෙන්න ඒ දේ
      ?ලොකු දෙයක් ඔබට එය
      ?වැටහුනි නම් මෙලෙස
      ?නර ලෝකයට වඩා
      ?සිය ගුනයකින්
      ?බිහිසුනුයි බියකරුයි
      ?රැවටීම් බහුලයි
      ?මිනිස් ලොව සැමකල්
      ?සොයා ගෙන හොද අයව
      ?එක් වීලා ඔවුන් හා
      ?එක්ව විසදා ගන්න
      ?පැටලැවුනු සැම දේ
      ?මුණගැහුණු අභියෝග
      ?ජය ගන්න යැයි කියා
      ?පතන්නම් පැතුමන්
      ?එකසිතින් ඔබට මා………..
      ??????????????

      1. සදෙව්මි විහන්සා

        මායා කොටේ, පියුමි පැටියෝ, මිතූ මල්ලියෝ, ඉෂූ පැටියෝ ගොඩාරියක් ස්තූතියි ????????

  3. මායා black

    ඇත්තටම සර් සාහිට ආදරේ කරාද?
    මොකක්ද සර් කියපු කතාවේ තේරුම? මේ හොල්මන් කෙල්ල මුකුත් කලේ නෑනේ.. සර් හිතන් ඉන්නේ මෙයා මොනා හරි කලා කියලද? රන්වීර් හොඳ ඇති.. ඒත් එයා සාහිගේ ආදරේ.. මේ හොල්මන් කෙල්ල සාහි නෙවෙයිනේ.. මෙයාට රන්වීර් ආදරේ කලේ නෑ.. මෙයාට සර් ආදරේ කලේ.. මෙයාත් සර්ටයි ආදරේ.. අනේ මන් පවු..?? ඇයි සර් නරක කෙනෙක් වුනේ.. හැබැයි සර් කියපු විදියට සර් වෙනස් වෙන්න තිබ්බා.. අතමැද්දෙන් කවුද පැන්නේ? ශාකි මැද්දෙන් ගේමක් දීලද? ඕයේ මන් හොල්ම්න් වෙලා..??
    අවසානය ගොඩාක් ලස්සන වෙයි නේද? හැබැයි මේ කෙල්ලට යන්න වෙයි නේද? මොකද මේ ශරීරය සාහිගෙනේ..
    All the best akki??

      1. මායා black

        අනේ බොහොම ස්තූටියි අක්කියා? මන් ඔය ඔක්කොම කාලා ඉක්මනටම ලොකු වෙන්නම්..??

    1. මායා black

      ගුඩ් නයිට් හැමෝටම..???
      සැප නින්දකට ආර්පිකෝ මෙට්‍රස්..??

  4. කොමැයි කස්ටියට
    කතාව ශොයි ඒත් ඉවර වෙන්නනෙ යන්නෙ දුකයි
    ඉතින් ලමයි good night

    1. සදෙව්මි විහන්සා

      අපි ඔඩින් අලේ..
      ගුඩ් නයිට්… හොල්මන් පේන අත්බූත රාත්‍රියක් මැණික…

  5. Oshani nimeshika

    මන් එනකොට කට්ටියම ගිහින්????

    කතාව නම් මරු මදෑ දැන් වත් මොට්ට සාකිගෙ මොලේ පෑදුනා මල හොල්මන හින්ඩ බේරුනා.ඒත් එයා පහලට වැටිල මැරෙයිද දන්නෙ නෑ?????? හයියෝ මොනා වෙනවද කියලා හිතා ගන්න නෑ.

    සර් සාහිට ආදරේ කරල හැබැයි කවුරු හරි මොකක් හරි කරල සර් හිතන්නෙ ඒක සාහි කලා කියලා.

    කට්ටියම නිදි වගේ හැමෝටම සුභ රාත්‍රියක් බුදු සරණයි

  6. O kadawule …mokak da affa me wunee??sir karaya ehenam hoda kenek neme…paw sahi?pen eke mokak da thiyenawa athey??????

    Mona unath papuwa buk gala giya meka kiyawala?

  7. වෙලාවකට හිතෙනවා හොල්මනක් එක්ක ආදරේ කලා නම් හරි කියලා ? එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනෙ. හැමදාම සතුටින් ඉන්න පුලුවන් ? දාලා යන්නෙත් නෑ හුලඟ වගේ ලඟම ඉඳියි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.