Katha Ahura

සොදුරු ආත්මය | විසි හතරවන හමුවීම | හොල්මන් කතා

5/5 - (2 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්…

විසි හතරවෙනි හමුවීම…

————————————————————————————————————————-

දෙයියනේ…!!!!

ඒ ෆොටෝ එකේ හිටියේ සර්… අර ඇල්ලුවා කිව්ව කුඩු කන්ටේනර් එක ඉස්සරහ.. එතන තව කවුද මිනිහෙකුත් හිටියා..

ඒත්… ??? කවුද මේක අන්තර්ජාලයට දැම්මේ..?? කුඩු අල්ලපු නිවුස් එක ගිහින් වැඩි වෙලාවක් නෑ.. මේ ෆොටෝ එක එළියට ඇවිල්ලා..

එතකොට මේවා ඇත්තද..?? කඩවලේ…!! මට දැං පිස්සු පයිතියන් හැදෙනවා. ඒ කියන්නේ සර් මේවට සම්බන්දද..??

අනේ මට මුකුත්ම හිතා ගන්න බෑ..

මං සීට් එකට ගිහින් ඩෙස්ක් එකේ ඔළුව තියන් කල්පනා කරා.. මේ සිද්දි එකින් එක ගළපගන්න තාමත් මට බෑ..

මං සර්ට ගොඩක් ආදරෙයි.. සර් මේ වගේ වැඩ කරනවා කියලා මට තාමත් විශ්වාස කරන්න අමාරුයි. සමහරවිට මේක අපේ කම්පැණි එකට විරුද්ධව යන මඩ බාල්දියක් වෙන්න ඇති..

ඒත් අර ෆොටෝ එක..

මං සිය පාරකට වඩා සර්ටයි, ශාකිටයි කෝල් ගන්න ඇති.. ඒත් කවුරුවත් ආන්ස්වර් කරේ නෑ..

මං අපාට්මන්ට් එකට එන ගමනුත් කල්පනා කරේ මේ ගැනමයි.. මඟදි මං ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකෙන් බැස්සා..

මට තවත් මේ පීඩනය දරන් ඉන්න බෑ.. මං අර අහිංසක සාහි නෙවෙයිනේ..

මං වීල් එකක නැගලා මට මතක විදියට සර්ගේ ගෙදර හොයන් ගියා..

මං වීල් එකෙන් බැහැලා ගේට් එක ළඟ ඉඳන් බෙල් එක ගැහුවා ගැහුවා.. ඒත් කිසිම කෙනෙක් නෑ..

අඩුම ගාණේ මුර කාරයෙක්වත්..

ඇයි දෙයියනේ මේක හරියට භූත මන්දිරේ වගේනේ..

මං ආපහු අපර්ට්මෙන්ට් එකටම ආවා.. අඩුම ගාණේ ශාකි ඇවිල්ලද කියලාවත් බලා ගන්න..

මේ ඔක්කොම පැටලිච්ච නූල් බෝලයක් වගේ.. කොහෙද ඉතින් මේක මැද්දටම මටම එන්න ඕන වුණා..

අපරාදේ මගේ හොල්මන් ජීවිතේ…!!

ශික්…!! අද පඩිපෙළේ පඩි ගාණත් වැඩි වෙලා වගේ.. හිතේ තිබ්බ මහන්සියය මට පඩි පෙනුනෙත් හරහට..

ඕඕඕ.. දොර ඇරලා.. ශාකි ඇවිල්ලා ඇති..!!

මං ටක් ගාලා ඇතුළට ගියා.. ඒත් ලයිට් ඕෆ් කරලා..

හිතට පොඩි තිගැස්සමක් දැනුණත් මට ශාකිට කතා කරන්න තියෙන වුවමනාව වැඩියි..

මං සාලේ ලයිට් එක දාන ගමන් කාමරේට එබෙන්නයි හැදුවේ..

ඒත් පිටිපස්සෙන් ඇහුන අඩි සද්දෙට මං එකපාර හැරිලා බැලුවා..

කලු රෙද්දකින් මූණ වහගත්තු මිනිහෙක් එකපාරට මගේ ළඟට පැන්නා..

මං හයියෙන් කෑ ගහගෙන එහාට පැන්නා.. තවත් මූණ වහගත්තු මිනිහෙක් කාමරෙන් සාලෙට ආවා..

ඕඕඕඕ… කඩවලේ.. !!!!

මං දැනුයි හරියට දැක්කේ.. මුන් මුළු ගේම අවුස්සලා..

“ශාකී… ශාකී..”

මං පුලුවන් තරම් හයියෙන් කෑ ගහගෙන එන්නයි හැදුවේ.. ඒත් එක මිනිහෙක් මගේ ඉස්සරහට පැනලා මගේ කම්බුලකට ගැහුවා..

“අල්ල ගනින් ඕකිව..!!!”

එකෙක් කෑ ගහද්දි තව එකෙක් මාව අත් දෙකෙන් අල්ලා ගත්තා..

මුංගෙන් වාශ්ප වෙලා දුවන්න දැං මං හොල්මනක් නෙවෙයි..

මං හයියෙන් දැඟලුවා..

“මට යන්න දියන්.. මාව අත ඇරපන්..”

ලොකූ අසරණකමක් හිතට දැනෙද්දී මං තව තවත් දැඟළුවා..

එකපාරටම සාලේ තිබ්බ ටීවී එක බිමට වැටුණා… එතන තිබ්බ මල් පෝච්චියක් පා වෙලා ඇවිත් මාව අල්ලන් හිටපු එකාගේ ඔළුවට වැදුනා..

මළ හොල්මන.. !!!

එයා ආයේ ඇවිල්ලා.. මාව බේර ගන්න..

ඒත් එක්කමයි මාව අල්ලන් හිටපු අනිත් එකා බිත්තියට හිර වුණේ..

“සාහී.. දුවන්න.. දුවලා බේරෙන්න..”

මළ හොල්මන හැමදාමත් වගේ ඇවිත් මගේ ජීවීතේ බේර ගන්නවා..

ඉඩ ලැබුනු පළවෙනි තප්පරේම මං ගෙදරින් එළියට පැන්නා.. බෑග් එක..!!

අඩි දෙක තුනක් ආපස්සට හැරිලා ඇවිත් මං හෑන්ඩ් බෑග් එකත් අරන් පඩි පෙළ බැස්සා..

අනේ මොනවද මේ වෙන්නේ..?

මටම පාලනය කර ගන්න බැරි තරම් වේගයෙන් මගේ පපුව ගැහෙනවා..

මට දැනුනා තව කවුරුහරි උඩ ඉඳන් පහළට බහිනවා.. මං තව තවත් හයියෙන් පඩි බැහැගෙන පහළට ආවා..

කොහෙටද මං යන්නේ..? ශාකිත් නෑ.. සර් වත් නෑ… මං දන්න වෙන කවුරුත් නෑ..

මං දුවගෙන ගේට්ටුව ගාවට ආවා.. අරූ මගේ පස්සෙන්ම දුවන් එනවා..

මං ගේට්ටුව ගාවට යද්දිම පාරෙන් ඇතුළට කාර් එකක් දැම්මා.. සර්…!!

ඔව් ඒ සර්ගේ කාර් එක…!

මං එහෙමම නැවතුනා.. කාර් එකත් මගේ ඉස්සරහම නැවත්තුවා..

ඒ තප්පරේම මගේ පිටිපස්සෙන් ආපු අර මිනිහා මගෙ උරහිසකින් අල්ල ගෙන ලේන්සුවක් මගේ නහයට තද කරා..

මං ඌව තල්ලු කරන්න හැදුවත් ඒ තරම් හයියක් මට නෑ වගේ..

ලොකු නිදිමතක් එක්ක ඇස් පිය වෙද්දි මං දැක්කේ සර් කාර් එකෙන් බැහැලා මං ගාවට එනවා.. බොඳ වෙච්ච ඇස් වලින් මං සර්ට කතා කරා..

මට දැනුණේ මාව බිමට වැටෙනවා වගේ..

“සර්….”

——————————————————————————-

සාහී….. මගේ සොඳුරු ආත්මය..!!!

තව හමුවීම් හයයි…!!!

ආදරෙයි පැලෙන්න.. මාත් එක්කම ඉන්නකෝ..

කතාව ගැන ඔයාලට දැනෙන දේ මටත් කියන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!
24

70 thoughts on “සොදුරු ආත්මය | විසි හතරවන හමුවීම | හොල්මන් කතා”

        1. නිදහසේ හිටිය මන් කොටු වෙලා සිරුරකට …..
          ආයෙමත් යම ලොවට ටිකට් එක එන හැඩයි….
          අපොයි මේ සිරුරකට හිර වෙලා විදින් දුක….
          දන්නවානම් කලින් එන්නෙ නෑ ලොවෙත් මන්….
          බේරුවට හොල්මනට ආදරෙයි පැලෙන්නම…..

          1. අපොයි දෙවියනේ තව කොටස් 6 කීලා නේද මේ දාලා තීන්නේ…අනේ මගෙ හුස්ම ටික ගියා….⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️

          2. Oshani nimeshika

            කොහොමද කට්ටියට හිදින් නේද හැමෝම

          3. මායා black

            ගුඩ් නයිට් හැමෝටම? පබා අක්කි ලස්සනයි..❤️?

          1. Oshani nimeshika

            පව් අනේ අපේ කිඹුල් පැටිය එක පාරක් එයාටත් අවස්තවක් දෙන්නකො අනේ??

    1. කතාව ඉවරවෙන්න ළගයිද… අයියෝ… දුකයි වගේ අප්පස්… ඒත් ඉතිං ඕනිම දේක අවසානයක් තියෙනවනෙ..

      කතාව නම් සුපිරි අක්කියෝ… මේ සාහිටත් පිස්සුනෙ අප්පා… අර මල හොල්මනගෙන් ලස්සනට විස්තරෙ අහගන්න තිබ්බනෙ… ඒත් කොහෙද ඉතිං… පණ්ඩිතයිනෙ පණ්ඩිතයිනෙ..

      සාහිට සිහියත් නැති උනා… අර සර් කාරයා සාහිට උදව් කරයිද මොනා කරයිද මන්දා… මටනම් ඌව සතපහකට සුවර් නෑ… ඒ වගේම තමා ශාකිත්…

      කොහෙද ඉතිං මේ හොල්මන් එළදෙන පරන දේවල් හොයල විස්‍යතරයක්වත් දැනගන්නෙ නෑනේ… සෙද්ද…

      1. Oshani nimeshika

        නවා කොහොමද ඔයාට මේ දවස් වල ඇප් එක පැත්තෙ එන්න අමරුයි නේද හැමෝම බනිනවනෙ??? විහිලුවක් කලේ ????

        1. නෑ පබෝ මේ අයියා කෙනෙක්… මට මතක විදිහට… ඔය නේද ඉස්සර කතා දැම්මේ අයියෙ..

          1. හපොයි… සොරිවෙන්න ඕනි… මං කියලා තියෙන්නෙ වෙන කෙනෙක් ගැනනෙ…
            වස ලැජ්ජාවයි… ??

          1. Oshani nimeshika

            අප්ප අයිය කෙනෙක්ද අනේ සොරි පස්සෙ ඒක දැක්කෙ????

  1. සදෙව්මි විහන්සා

    කෝමද කස්ටිය……?

    අක්කි අදත් ලස්සනයි අනේ කතාව.. පිස්සු නිසදැසක් හෙට දෙන්නම්… මගෙ හිතම අවුල් අද..

    හැමෝටම ගුඩ් නයිට්……

      1. ඇයි අක්කියෝ… මොකද අවුලෙන් අක්කි පන…

        ගුඩ් නයිට් අක්කියෝ..

    1. මායා black

      ඇයි අක්කි මොකක්ද අවුල? කෝ කට්ටිය? අද ගොඩාක් අය අඩුයිනේ.. චතූ අක්කි නිෂා අක්කි අනූ අක්කි ඕෂි අක්කි හැමදාම එන කට්ටියනේ කෝ මෙයාලා? ඇප් එකම පාලුවට ගිහින්.. අයියා නම් නිදි ඇති.. ගුඩ් නයිට් අක්කි..?

      1. මායා black

        ඒන්ජල් අක්කිත් නෑ ඉෂූ අක්කිට examne.. නිරෝ අක්කි කෝ ඔයාලා..

        1. Oshani nimeshika

          මම ඉන්නවා මායා පන මට පොඩි ඔලුවෙ කැක්කුමක් හැදිල ඒකයි ආවෙ නැත්තෙ???

  2. මායා black

    මල හොල්මන පට්ට අනේ..?
    හැමදාමත් වගේ කතාව නියමයි..❤️
    අනේ ඉවර වෙන්න ළඟයිනේ..? අක්කි තව කතාවක් දාන්නකෝ.. අක්කි කතා ලියන විදියට මන් ආසයි..❤️ තව කතාවක් දෙනකන් බලන් ඉන්නවා.. දිග එකක් ඕනේ..
    මට චුට්ටක් දැන් කතාව තේරෙනවා.. ඒත් අවසානය ගැන නම් තියෙන්නේ කුතුහලයක්.. අපි බලමු..
    All the best akki?

    1. Oshani nimeshika

      ඔයා කිව්ව වගේ ගොඩාක් අය අද අඩුයි ඇයි දන්නෙ නෑ චතු අක්කි අශි අක්කි එහෙම පේන්න වත් නෑ

  3. Oshani nimeshika

    කතාව නම් හැමදාම වගේ කියන්න දෙයක් නෑ ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

    මම හිතන්නෙ සර් සාහිට උදව් කරන එකක් නෑ සර් බොරුවට සාහිට ආදරේ කරල ඇත්තෙ සාකිත් නරකයි.

    රන්වීර් තමා හොද කෙනා. අන්තිමට ආපහු ඇත්තම සාහි ඇගට ඇවිත් හොල්මන් සාහි අයෙත් හොල්මනක් වෙල ආතක් එකේ ඉදියි හිතුන දේ කිව්වේ???????

    අද ඇප් එක පාලුවට ගිහින් කොහෙද අනේ අපේ දග සෙට් එක ගියේ හෙට අනිවාරෙන් එන්න හරිද හරිම පාලුයි ඔයාල නැති උනහම දුක හිතෙනවා?????

    හැමෝටම
    හොල්මන් කනට කොදුරන
    ඇද යටින් එබී බලන
    ජනේලයෙන් එබී බලන
    සුභ රාත්‍රියක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම ?❤️?❤️?❤️?❤️?❤️?❤️

  4. මගෙ අම්මියො මොකක්ද අලේ ඒ වුණේ..මටනම් මුකුත්ම තේරුම් ගන්න බෑ..මට හිතෙන්නේ ඔය කුඩු ව්‍යාපාරයට සර් වගේම සාකී සම්බන්ධ යි.එතකොට ඔය ගෙන සාක්ෂි තමා අර පෙන් එකේ තියෙන්නෙ…
    ඔය අර මිනිස්සු හොයන්නෙ ඒක තමයි.අනේ මන්දා මොනා වෙනවද කියලා.. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..
    හෙටත් දිගගග කොටසක් අරන් එන්න හාද..
    දෙවි පිහිටයි ඔයාට…?????

  5. අනේ…. දෙයියනේ. මක්කෙයි මේ වෙන්නෙ. මුකුත්ම හිතාගන්න බෑ අප්පා.සර්ද සාහිව අල්ලගන්න කට්ටිය එවන්නෙ.ඒකට ශාකිත් සම්බන්ධද දන්නෑ. මේවා හිතන්න ගිහින් පිස්සු ඩබල් වෙනවා. අනේ කතාව ඉවර කරන්නද යන්නෙ. අනේ අක්කි අපිට ඔයාගෙ නව කතාවක් දෙන්නකෝ. ඔයා ලියන නවකතා හරිම ලස්සනයි.
    සුභ පතනවා ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    ??? All the best ? ? ?

  6. හලෝ ලමයී.කූමද………❤❤❤❤❤❤❤❤
    කතවනන් ලස්සන්යි.මට අර් සාහිට අර් දුඹුරු ඇස් තියන සර් කාරයව මීට් වෙනකොටනන් කේන්ති යනව.අර රන්වීර් හොදයි ඔක්කොටම වඩා…..
    ❤❤❤❤❤කෝ අනේ ලෙඩ වෙලා හිටපු අය ඔක්කොම හොදිම් නේද❤❤❤❤❤❤❤❤❤ කෝ අපේ නෙතුව

  7. Anee paww…sahi hithan hitiyata sir awe eyawa beraganna kiyla ehema wena ekk na????sir awith atthe pen eka hoyagena wenna athi ….dan ithin ranveerge pihita thamai sahita ????

  8. Aneee memokak da anee ape holmanata wunee….kawda danne nahe oya kattiyawa yawwe?shaki gana nam sakay wageee……ara mala holmana sweet anee?mona unath mang eyata asai

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.