Katha Ahura

හිතුවක්කාරයෝ |දහතුන්වෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා

2.8/5 - (5 votes)

දහතුන්වෙනි දිගහැරුම

” හ්ම්…මං දන්නෑ ආදි…මං දන්නෑ…මට හිතෙන්නෙ…හහ්….ශාක්‍ය මැරෙන්න ඇති…අනිත් අය කොහේ ගියාද මංදා….මට හිතාගන්න බෑ…මේක..
මේක හරියට හීනයක් වගේ..හැමදෙයක්ම …” දෙනුවන් අඩ අඩම මගේ ඔලුව අතගගා කියවනවා…

” කට්ටිය බේරෙයි නේද දෙනුවන් ..
ආ…අපි දෙන්නට බේරිලා යතෑකි වෙයිද මේ කැලෙන් …හහ්..ඉහ්..”

” ඔව්…අපි යමු…කෝ…අඩන්නෙපා..ඔය කදුලු පිහිදගන්න …අපි යමු…අපි අදවත් මෙහෙන් යන්න ඕන…පරක්කු වෙන්න බෑ….” දෙනුවන් මාව අහකට කරලා මගේ කම්මුල් දිගේ බේරෙන කදුලු එයාගෙ අතැගිලි වලින් පිහිදැම්මා…

” ඔ..ඔයා..ඔයා බෑග් එක ඕන්නෑ…ඔයාගෙ බෑග් එකේ තියෙන ඔයාට උවමනා කරන කලමනා ටික දෙන්න…මගේ බෑග් එකට දාගන්න…කෝ…කෝ දෙන්න..” දෙනුවන් එයා එල්ලන් හිටිය බෑග් එක අතට අරගෙන ඇරියා…මාත් පුදුමයෙන් මෙයා දිහා බලාගෙනම බෑග් එක කරෙන් ගලවලා අතට අරන් ඇරියා..

” ඇයි…ඇයි දෙනුවන් …??”

” අපි ඉක්මන් කරන්න ඕන….ඔයාට බෑගුත් එල්ලගෙන දුවන්න බෑනෙ…අත්‍යාවශ්‍ය ම ඒවා විතරක් මගේ බෑග් එකට දාන්න….කෝ දෙන්න…” දෙනුවන් එහෙම කිව්වා..මගේ බෑග් එකේ තිබ්බ බිස්කට් දෙක තුනකුයි ස්නැක් පැකට් එකකුයි වතුර බෝතලයයි raincoat එකයි එයාගෙ බෑග් එකට දැම්මා…මගේ බෑග් එක ගහමුල තියලා අපි දෙන්නම නැගිට්ටා..

” බැහැ…බරයි..ඔයාගෙ වතුර බෝතලේ එපා..මං ලග වතුර තියෙනවනෙ…ඒක එපා..” එහෙම කියලා මගේ වතුර බෝතලේ එයා ගහ මුල තියලා බෑග් එක කරට දාගත්තා..

” ඔයාට ඇවිදන් යන්න පුලුවන්ද …කකුල් අමාරුද…” දෙනුවන් ඇහුවා .ඇත්තටම මට පුදුම විදිහට කකුල් රිදෙනවා ..දුවලා දුවලා කකුල් හිරිවැටිලා වගේ..ඒත් මට ඒක මෙයාට කියන්න බැහැ..

” නෑ…මට පුලුවන් …ශේප්..හැබැයි දුවන්න බෑ දෙනුවන් …ඇවිදන් යං…” මං කිව්වා…දුවන්න ගියොත් නං දැන් මං මැරිලම වැටෙයි.

” ඕන්නං මං ටික දුරක් ඔයාව උස්සන් යන්නං..” දෙනුවන් කිව්වෙ කදුලු අතරින්ම හිනාවෙවී..ඒ කතාවට මටත් හිනා ගියා..

” නෑ නෑ ඕන්නෑ….අපි යං….” මං එහෙම කිව්වා..මොකද මට මේ වෙද්දි මෙයා ගැන අමුතු අමුතු හැගීම් පහල වෙන්න අරන් තිබ්බෙ..රහල්ට මගේ හිතේ තිබ්බ ඒකපාර්ශ්වික ආදරය කොහෙන් ගියාද නෑ…ඒ වෙනුවට දෙනුවන් ගැන හිතේ අමුතු කැමැත්තක් ඇතිවෙලා තිබුනෙ..කැලේට ආවත් හරි දෙනුවන් මාව හැමතිස්සෙම වගේ ආරක්ෂා කරා…ඒ හින්දා දැනුත් මෙයා මගෙ ලග ඉන්න හින්දා කැලේ ඇතුලෙ අතරමං උනත් මට බයක් නෑ..අපි දෙන්නා ඉස්සරහට ඉස්සරහට ගියා…දිව්වෙ නැති උනත් අපි වේගෙන් ඇවිදගෙන ගියේ…ගස්කොලන් අතරින් වටපිට බලබල අපි ටික ටික යද්දි කුරුල්ලො කෑගගහා රෑන් රෑන් ඉහල අහසෙ පියාඹනවා…ගස්වල වදුරො ලැගලා අපි යද්දි මහ සද්දෙන් උන් කෑගහන්න ගත්තා…මං නං දෙනුවන්ගෙ අතේ එල්ලිලා ඒ හරියෙදි ඇවිදන් ගියේ….අනේ සැහැසි…නිම්සරා..ඔයාලාට මොනා උනාද දන්නෑ..මං ලගින් හිටියානං අපිත් එක්කම මෙහෙම බේරිලා එන්න තිබුනනේ…මගේ අම්මා..අයියෝ..අම්මායි තාත්තයි බයවෙලා ඇති…පව් ඒ අය..අපේ හිතුවක්කාර කම මෙච්චර දුරක් අපිව එක්කගෙන ඇවිත් ගොඩක් අයට දුක් දෙනවා..

” ශික්…මේක මගේ වැරැද්ද …අයියෝ..ශාක්‍ය …ඌ…ඌ.මැරුනෙ මං නිසා…” ඉස්සරහට ඇවිදන් යද්දි එකපාරටම දෙනුවන් කිව්වෙ කැඩිච්ච කටහඩින්…එයාගෙ මූණ දිහා බලපු මං දැක්කෙ එයාගෙ ඇස් වල කදුලු..

” නෑ..දෙනුවන් …ඒක අපේ වෙලාව…ඔයාගෙ වැරැද්දක් නෑ….” මං කිව්වා..ඇත්තනෙ..දෙයක් වෙන්න තියෙනවනං කොහොමහරි වෙනවා..

” නෑ…මෙහෙම කැලේ පනිමුයි කියලා ඉස්සෙල්ලාම කිව්වෙ මං….මට එහෙම කාලකන්නි අදහසක් ආවෙ නැත්තං තවමත් ශාක්‍ය පණපිටින් …අනිත් අයටත් මෙලහකට මොනා වෙලාද දන්නෑ…අපි දෙන්නට ඉස්සරහට මොනා වෙයිද දන්නෑ….” දෙනුවන් කිව්වෙ අඩ අඩ…

” අපිට මුකුත් වෙන්නෑ…අපි යමු කොහොමහරි මේකෙන්..” මං අඩ අඩම කිව්වා…දෙන්නම ඔහේ ටික ටික ඉස්සරහට ඇදුනා…අපේ වාසනාවකට අපිට ඉස්සරහට හාවො කුරුල්ලො ඇරෙන්න වෙන සත්තු හම්බුන්නෑ…

” ස්…ආ..මගේ කකුල ඇදුම් කනවා වගේ…පොඩ්ඩක් නතර වෙමු බං….” දෙනුවන් කිව්වෙ ලොකු ගහක ලොකු මුලක් උඩ වාඩිවෙන ගමන්…හම්මෝ…මටත් පට්ට මහන්සියක් තිබ්බෙ…කියන පරක්කුවට මාත් එයා ලගින්ම මුලේ වාඩි උනා…එයා වතුර ටිකක් බීලා මටත් වතුර ටිකක් දුන්නා…කැලේ ඇවිදිනකොට වැඩිය වතුර බොන්න නරකයි…එකක් එතකොට බඩ කොරවෙනවා…අනිත් එක ඉතින් මට චූ බරක් ආවත් දැන්නං මං පුදුම විදිහට අසරණයි..මගේ යාලුවො දෙන්නත් නෑ..මේ කොල්ලෙක් එක්ක ඉද්දි ඕවා කියතෑකි යෑ….

” අම්මෝ…කකුල් දෙක දැවිල්ලයි..” දෙනුවන් එහෙම කියාගෙන සපත්තු ගැලෙව්වා…එයාගෙ කකුල් රතූ වෙලා..ඉදිමිලත් එක්ක…එහෙම්මම එයා කලිසම පොඩ්ඩක් දණහිස තෙක් උඩට කරලා බැලින්නං මගේ ඇස් ලොකූ උනා ඒක දැකලා…කූඩැල්ලො එක පහක් විතර එයගෙ ඒ එක කකුලක එල්ලිලා ලේ බොනවා..කලුම කලු පාට තඩි කූඩැල්ලො …

” ඊයා…අයියෝහ්….” මං එක දැකපු හැටියෙ අත් දෙකෙන්ම ඇස් දෙක වහගත්තෙ මහ අප්‍රසන්න දර්ශනයක් හින්දා…දෙනුවන් නං හිනා වෙනවා..මං ලාවට වගේ දැක්කෙ එයා බෑග් එකෙන් ලුනු දාලා තිබ්බ ඉටි කවරෙ අරගෙන කූඩැල්ලො ලගට ලුනු දානවා…කූඩැල්ලො ඔක්කොම අයින් කරලා මුලු කකුල් දෙකේම සිද්දාලේප ගාගත්තා…

” ආ…ඔයත් ගාගන්න…කොහොමත් කකුල් අමාරු ඇතිනෙ…” එහෙම කියලා එයා මටත් දුන්නා සිද්දාලේප …මාත් කකුල් වල සිද්දාලේප ගාගත්තා…..

” අම්මෝ…හොදවෙලාවට මං කොල්ලෙක් උනේ…” දෙනුවන් එකපාරටම කිව්වා..

” ඇයි…??”

“නෑ…ඔයාලා හරි ළාමකයි නෙ අනේ…පොඩ්ඩ ඇත්නං බය වෙනවා කෑගහනවා වැටෙනවා..” දෙනුවන් කිව්වෙ හිනා වෙවී..

” හ්ම්…ඔව් නේද…දැන්නං මටත් හිතෙනවා අපරාදෙ කෙල්ලෙක් උනේ කියලා..කොල්ලෙක් උනානං හොදයි කියලා හිතෙනවා..ඔයාලා ඉන්නෙ හරිම සැහැල්ලුවෙන්නෙ…මාත් ආස ඒ සැහැල්ලුවට…” මං ඇත්තම කිව්වා…පිරිමි වෙලා ඉපදෙන එක කොච්චර ලොකු වාසනාවක්ද….

“නෑ..නෑ..ඔයා කොල්ලෙක් නූන එක හොදයි…” එයා කිව්වෙ අමුතු කතාවක්..

” ඇයි…??”

“නෑ නිකන්….” දෙනුවන් එහෙම කිව්වහම මං බැලුවෙ ඒ මූණ දිහා…

” ඔහොම බලන්නෙ…??”

“අයියෝ ආදි…මං ඒක නිකන් කිව්වෙ …??”

” ශ්..ශ්…”

” ඇයි බය වෙලා වගේ ඉන්නෙ..ඔහොම ඇස් ලොකු කරලා බලන්නෙපා..මං බයවෙනවා…”

” කෑගහන්නෙපා ගොනෝ…”

” ඔයා කොහෙද බලන් ඉන්නෙ….”

” සද්ද කරන්න එපා…

” ඇ..ඇයි..ආහ්..මගේ පිටිපස්සෙ මොකෙක් හරි ඉන්නවද….” දෙනුවන් එහෙම අහද්දි මං ඔලුවෙන් ඔව් කිව්වා..දෙනුවන් දිහා බලපු මං එකපාරටම දැක්කෙ එයාට ටිකක් එහායින් ගහේ කදේ එහා පැත්තෙ ඉදලා අපි ඉන්න පැත්තට බඩගාගෙන එන සර්පයෙක්ව…මෙයා එක එක ඒවා කියවද්දි මං බයවෙලා වගේ බලා හිටියෙ ඒ සර්පයා දිහා…ඌ ටික ටික ටික ටික කද දිගේ අපි ඉන්න පැත්තට ඇවිත් නතර උනේ අපි දිහා බලාගෙන..කදට පිටුපාලා මා දිහා බලා හිටිය දෙනුවන් සර්පයා දැක්කෙ නෑ….ඌ කලුම කලු පාට කැත සතෙක්…පොඩ්ඩක් හෙල උනත් ඇති ඌ ඇගට පනින්න….දෙනුවන් පොඩ්ඩක් හරි හෙලවෙනකං ඌ බලන් ඉන්නෙ…ඒක මට දැනෙනවා..මේ මෝඩයා කියවන එක නතර කරන්නෙත් නෑනෙ…කියවිල්ල නතර කරලා හෙලවෙන්න එපා කියලා හිමින් කිව්වට අහන්නෙත් නෑ මේ පිස්සා..

” මොකෙක්ද ඉන්නෙ…” දෙනුවන් ඇහුවෙ බයෙන් බයෙන්..හැබැයි පිටිපස්ස බලපු නැති එකනං වාසනාවක්…

” ස…ර්..ප…යෙ..ක්..” මං හඩ පිට නොකර තොල් වලින් විතරක් කිව්වා..එයාගෙ ඇස් ලොකු උනා ඒ ගමන..

” හෙලවෙන්නෙපා..ඌ ඇගට පනී…”

” මගුලක්ද කියවන්නෙ…හෙලවෙන්නෙපා කියන්නෙ ඌ මගේ ඇගට පැන්නොත්…” ඒපාර දෙනුවන්ට තරහ ගියාද කොහෙද…ඇගට පනින්න තමා ඌ මාන බලන්නෙ…පොඩ්ඩක් හෙල උනත් ඇති…ඒත් එක්කම මෙයා හිමින් හිමින් මගේ කකුල උඩ තිබ්බ අත තද කරලා අල්ලගත්තා..එකපාරටම මෙයා නැගිටලා එහාට පැන්නෙ මාවත් ඇදගෙන…මං හිතුවා හරි තමා….අපි ගහ ලගින් මෙහාට එනවත් එක්කම සර්පයා ඇගට පනින්න හදලා තියෙන්නෙ…හොද වෙලාවට ඊට කලින් අපි නැගිට්ටෙ …දැන් ඌ දෙනුවන්ගෙ බෑග් එක බදාගෙන ඉන්නවා…

” ශික් මේ කැ@$ සර්පයා බෑග් එක බදාගෙන..ගන්නත් බෑ…@$@&…” දෙනුවන් කේන්තියෙන් කියවනවා ඌ දිහා බලාගෙන..

” චී අනේ කුනුහරුප කියන්නෙ…”

” ආම්..හරි හරි ..සොරි සොරි ….දැන් මොනා කරන්නද ..බෑග් එක නැතුව තමා යන්න වෙන්නෙ…එන්න….” එහෙම කියලා දෙනුවන් ඉස්සරහට යන්න ගියා..මාත් එයා පස්සෙන්ම ඉතින් ඇදුනෙ අපරාදෙ බෑග් එකේ තියෙන කෑම ටික කියලා හිත හිත..දැන් ඉතින් අද මේ කැලෙන් යන්න පුලුවන් උනත් නැතත් අපිට බඩගින්නෙයි තිබහෙනුයි තමා ඉන්න වෙන්නෙ…

” ආදී…අපි ඉක්මන්ට යං හලෝ….අද රෑත් මේකෙ ඉන්න බෑ….කලින්නං අපිට ඉන්න ආරක්ශිත තැනක් හම්බුනා…ඒත් අදත් එහෙම හම්බෙයිද කියලා කියන්නෙ කොහොමද …ගස් උඩ ඉන්නත් බෑ…අපි කොහොමහරි පාර හොයාගෙන යං…” දෙනුවන් මගේ අතින් අල්ලගෙන ඉස්සරහට ගියා..අපේ වේගෙ අපි එන්න එන්න වැඩි කලේ කැලේ ඇතුලෙ කලුවර ටික ටික වැටි වෙද්දි ..රූස්ස ගස්වල කොල අතු අතරින් මං දැක්කෙ අහස කලු වෙලා වගේ…අනේ දෙවියනේ වහින්න නං එපා…දැන් raincoat එකත් නෑ…..දැන් දැන්නං කැලේ ඇතුල මාරම සීතලයි…වෙලාව දැන්නං 12ටත් කිට්ටුයි…වෙලාව හරි ඉක්මන්ට ගිහින්…බඩත් ගිනී දැන්නං…

ටික දුරක් ගස්කොලන් අතරින් අපි ඉස්සරහට වේගයෙන් ඇවිදන් ගියා…ඒත් එකපාරටම දෙනුවන්ගෙ ගමන නතර උනේ වටපිට බල බල ගිය මං ගිහින් හැප්පුනෙ එයාගෙ ඇගේ..

” ඇහෙනවද ආදි…ඒ සද්දෙ….” දෙනුවන් ඇහුවෙ හොදට කන් දීගෙන…මාත් කන් දුන්නා මොකද්ද සද්දෙ කියලා අහන්න…මං හොදට ඇහුම්කන් දුන්නා..අවටින් හමන හුළගේ හඩ.. හුලගට ගස්කොළන්වල කොල හෙලවෙන හඩ..කුරුල්ලන්ගෙ අත්තටු හඩ…කිචි බිචිය…වදුරන්ගෙ කෑගැහිල්ල…ඒ හැමදෙයක්ම මැදින් මට ඇහුනෙ මං අහන්න බලාගෙනම හිටිය ඒ සුන්දර හඩ….

*****************

මොකක් වෙන්නැද්ද ඒ සද්දෙ…අනුමාන කරමුද…

M.Ashka Rashmi❤️

6 thoughts on “හිතුවක්කාරයෝ |දහතුන්වෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. ම්ම්ම්…ගෑනු ළමයෙක් ගෙ වත්ද..?
    අනේ මන්දා…හිතා ගන්න බැහැ..?

    කතාව නං නියමෙටම යනවා…
    Good luck ??

  2. Priyadarshani

    දිය ඇල්ලෙ සද්දෙ නේද ඇහෙන්නේ…අනේ අනිත් අයටත් තැන හොයාගන්න පුලුවන් උනොත් හොදයි ….
    කතාව ගොඩාරියක් හොදයි අක්කී …???
    Good luck ….

  3. දිය ඇල්ලෙ සද්දෙ නැත්තම් අනිත් යාලුවො තමා අනිවාරෙන්… කතාව නම් සුපිරියි පට්ටයි විශිෂ්ටයි උත්කෘෂ්ටයි අන්ගිභවනීයයි… ???❤️??

  4. Anu Jayasingha

    Ou ou…diya elle sadde wenna oni….eyala ethent yddi yaluwo tikakth ethana hitiyoth hodai aneee….kathawa maru…den denuwan nisa rahal kelee…?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.