Katha Ahura

හිතුවක්කාරයෝ |දහසයවන දිගහැරුම |අවසාන කොටස|ත්‍රාසජනක කතා

3.3/5 - (14 votes)

දහසයවන දිගහැරුම

ඒත්…ඒත් එකපාරටම ඇහුනෙ වෙඩි හඩක්…අපි දෙන්නම දෙන්නගෙම තුරුලෙන් මිදිලා බැලුවෙ ඉස්සරහ…..අපි දැක්කෙ පිඹුරා කෑගගහ එහෙට මෙහෙට දගලනවා…ඒත් එක්කම ඌ දගලලා දගලලා හුම් සද්දයක් නැතුව බිම වැටුනෙ අපි දෙන්නම පුදුමයෙන් බලා ඉද්දි….ඒත් එක්කම අපිට ඇහුනෙ පිරිමි කටහඩවල් ටිකක්….ඉස්සරහ බලපු අපි දැක්කෙ අපි දිහාට දුවගෙන එන ආමි එකේ අයයි වන ජීවී එකේ කියලා හිතන්න පුලුවන් කොල පාට ඇදුම් ඇදගත්තු අයයි…

” තාත්තා…” දෙනුවන් එකපාරටම කෑගහලා කතාකලේ…මොකක්..තාත්තා …මං පුදුමයෙන් බලන් ඉද්දි අපි ඉස්සරහට දුවගෙන ආපු ආමි ඇදුම ඇදන් ඉන්න අන්කල් දෙනුවන් ලගට ඇවිත් එයාව බදාගත්තා..හුටා..මේ දෙනුවන්ගෙ තාත්තද…මෙයාව මං කවදාවත් දැකලා තිබුන්නෑ..

එතන ඇති අඩුම ගානෙ පනක්වත් කට්ටිය..මේ අය ඇවිල්ලා තියෙන්නෙ අපිව බේරගන්නද..අම්මෝ..දෙවියනේ ඔබ අපේ මූණ බැලුවා ඒනං…පිඹුරා කන්න කලින් ආපු එක හොදයි..හි හි..

කට්ටිය අපිව අරන් ගියා කැලෙන් එලියට..දෙනුවන්ගෙ කකුලෙ ඇනිලා තියෙන්නෙ විස කට්ටක්…එයාට උණත් ගැනුනා..එයාව ඉක්මන්ටම hospital අරන් ගියා එයාගෙ තාත්තා…මං යද්දි මගේ දෙමව්පියොත් ඇවිත් හිටියා ..මගේ විතරක් යෑ..අපේ කට්ටියගෙම පවුල් පිටින් ඇවිත් සිංහරාජෙ ඉස්සරහ කෑගහනවා ලමයි හොයලා දෙන්න කියලා…ශිකේ..මීඩියා වලිනුත් ඇවිත්..ලැජ්ජාවේ බෑ…මාව ඒ අය අරන් ගියේ පොඩි කැබින් රූම් එකකට…අම්මයි තාත්තයිත් ආවා …අම්මෝ.අම්මා මාව ඉබිනවයි බදාගන්නවයි ආයෙ ඉබිනවයි බදාගන්නවයි..මට හුස්ම ගන්නවත් බෑ….තාත්තා නං ආයෙ කතා දෙකක් නෑ හිල් වෙන්න ටොක්කක් ඇන්නා..තව පොඩ්ඩෙන් මට චූත් යනවා…

ඉස්සෙල්ලාම වනජීවි එකේ ඇන්ටිලා ටිකක් ඇවිත් මට කන්න දුන්නා..හම්මෝ..මාත් පට්ට බඩගින්නෙ හිටියෙ..කන ගමන්ම මගෙන් විස්තර ගත්තෙ අනිත් යාලුවන්ව හොයන්න යන්න…මං ඉතින් සේරම කියලා දැම්මා…එක සිද්දියක් වත් මගාරින්නැතුව සේරම…හැබැයි මගෙයි දෙනුවන්ගෙයි parts ඇරෙන්න..නැත්තං මට තාත්තගෙන් තව ටොක්කක් කතෑකි..

” අයියෝ ලමයො..ඔයාල නං මාර බේරිල්ලක් බේරිලා තියෙන්නෙ….මේ අපි වත් ඇල්ලෙන් එහාට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ…ඒක හරිම භයානක පැත්තක්නෙ…ඔයාලගෙ පෙර පිනකට තමා බේරිලා ඇවිත් ඉන්නෙ…” ඒ එක ඇන්ටි කෙනෙක් එහෙම කිව්වා..හ්ම්හ්ම්..

මං කියලා යාලුවො කට්ටිය ඉන්න ඉසව් එයාලා වෙනම ටීම් එකක් යැව්වා කට්ටියව බේරගෙන එන්න…ඒකට ආමි එකේ සපෝර්ට් එකත් හම්බුනා…ඒ වගේම කැලේ ඇතුලෙදි හම්බුන අර කලින් අවුරුද්දෙ කැලේ පැන්න කොල්ලො තුන් දෙනාගෙ කියලා හිතන්න පුලුවන් ඇටකටු හම්බුන එකත් කියන්න අමතක කරේ නෑ…එයාලා ඒ ගැනත් වැඩිදුර පරීක්ෂණ කරනවා කිව්වා..කැලේ ඇතුලෙ අපිට හම්බුන අවතාරය ගැන කියනකොටනං හැමෝම මට හිනා උනා…කවුරුවත් පිලිගත්තෙ නෑ මං කිව්ව ඒ කතාව…ඒ වගේම ශාක්‍යට වෙච්ච දේ කිව්වහම එයාගෙ අම්මලා තාත්තලා මරලතෝනි දුන්නා…එයාලට හරිම දුකයි..එයාලට විතරක්ද…මටත් දුකයි…ඒත් මොනා කරන්නද…

අපි රෑ ගත කරපු ගල්ලෙන කාපු බීපු කෑම..කැලේ ඇතුලෙ හම්බුනු සත්තු..අපේ හැම අත්දැකීමක්ම මීඩියා වලින් එකතු කරගත්තා…මං ෆුල් ගේමක් දුන්නෙ කැමරාවට මූණ නොපෙන්නා ඉන්න…ඊයා..විලි ලැජ්ජයිනෙ අප්පා…අම්මලා කිව්වත් දැන් ගෙදර යන් කියලා යාලුවො ගැන හරි ආරංචියක් නැතුව මට මෙහෙන් යන්න බෑ කියලා මං මුරණ්ඩු උනා…ඇත්තනෙ ඉතින්…කැලේ ඇතුලෙ අපි ගෙව්ව චූටි කාලෙ ඇතුලෙදි අපි හැමෝම හැමෝටම පිහිට උනා..හැමෝම ගැන හොයලා බැලුවා ..අන්තිම මොහොතෙ ඇරෙන්න..ඉතින්..එහෙව් එකේ එයාලා ගැන තොරතුරක් නැතුව මට සිංහරාජෙන් යන්න බෑ…

පැය අටක මිශන් එකකින් පස්සෙ එයාලා මගේ යාලුවො ටික හොයාගෙන තිබුනා…ශාක්‍යගෙ නං සම්පූර්ණයෙන්ම බොඩි එක හොයාගෙන නෑ..හොයාගන්න තිබිලා නෑ…තිබුන ටික කොයි එකටත් කියලා එයාලා අරගෙන ආවා..ඒවා අරගෙන එන හැටි දැකලා මට ආයෙම ඇඩුනා..සැහැසියි නිම්සරායි ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ මාව බදාගෙන අඩපු එක…ඒ දෙන්නා නං එකට ඉදලා තිබුනෙ..දියකඩිත්තක් ලග අඩ අඩ ඉද්දි හොයාගෙන තිබුනෙ….රහල් නං මගේ මූණවත් බැලුවෙ නෑ…එයා එකෙන්ම අම්මලා තාත්තලා එක්ක ගෙදර ගියේ අනිත් යාලුවො ගැනවත් බලන්නැතුව…අනේ අම්මපා මාත් කාලයක් නැහීගෙන ආදරේ කරපු කොල්ලෙක්නෙ…ශික්..කියන්නත් ලැජ්ජයි..රහල්ව හොයාගෙන තිබුනෙ ගහක් උඩ ඉදගෙන ඉන්නකොටලු…සදුන් නිර්වාන් එකට ඉදලා තිබුනෙ…උනුත් ආව හැටියෙ මාව බදාගෙන ඇඩුවෙ ශාක්‍යව මතක් වෙලා…එයාලාව කැලේ ඇවිදන් යද්දි හොයාගෙන තිබුනෙ…කාටවත් කිසිම කරදරයක් නෑ…ශාක්‍ය ඇරෙන්න..එයානං අපිව සදහටම දාලා ගියානෙ….

දෙනුවන්..එයා hospital එකේ..මහ ලොකු අමාරුවක් නෑ එයාට….එයාටත් ඉක්මන්ට සනීප වෙයි…අම්මෝ…ආයෙ trip තියා..මට ගෙට එහා පැත්තෙ තියෙන රබර් කැලේටවත් යන්න දෙන එකක් නෑ අම්මලා..සිංහරාජෙන් අපි එද්දි පාන්දර 1යි වෙලාව…හැමෝටම සමු දීලා කතා බහ කරලා අත්දැකීම් බෙදාගෙන…හම්මො…..ඒකත් මාර ජොලි වැඩේ හැබැයි…මගෙයි දෙනුවන්ගෙයි කෑගැහිල්ලට ආමි එකේ අයයි වනජීවි එකේ අයයි නොඑන්න අපි දෙන්නා වගේම අපේ අනිත් යාලුවොත් ශාක්‍ය වගේම කැලේ ඇතුලෙදි මළගම් යනවා සත්තයි…..

හැබැයි මේකත් කියන්නම ඕන…මේ චාරිකාව මට කවදාවත් අමතක වෙන්නෙ නං නෑ…හරිම සුන්දර භයානක ත්‍රාසජනක අත්දැකීමක් අපි ලැබුවෙ…

පහුවදා පත්තරේ මුල් පිටුවෙම ගියේ අපේ විස්තරේ තමා…

” හිතුවක්කාරයෝ සිංහ රජදහන ජය ගනී…” හෙඩ්ලයින් එක ගියේ..හැබැයි..හැමෝම නෙවේ..ශාක්‍ය ඇරෙන්න…අපි හැමෝම ශාක්‍ය වෙනුවෙන් පින් දුන්නෙ හොද ආත්මයක් ලබන්න..ඒ වගේම අපි දෙවියන්ට පිං දුන්නා අපිව කරදර වලින් බේරලා ජීවත් වෙන්න අවස්තාව උදාකරලා දුන්නට…ඉතින් මේක තමා මගේ කතාව..

නිමි.

කතාව කට්ටියට කොහොම දැනෙන්නැද්ද කියලා මට හිතාගන්න බැහැ…හරිම අමාරුවෙන් ලියපු කතාවක් මේක..මොකද මං පොඩි රහසක් කියන්නං…අවුරුදු 21ක් වෙන මගේ ජීවිත කාලෙ පුරාවටම මං කවදාවත් සිංහරාජෙට නං අඩියක්වත් තියලා නෑ…???සිංහරාජෙ ගිය අය කතාව කියවනවං ඒ අයට වෙනසක් හම්බෙන්නැති…මොකද මේ හැමදෙයක්ම වගේ මගේ මනඃකල්පිත ලෝකයක්..මගේ imagination තමා ඔක්කොම..මුලු සිංහරාජෙම මගේ room එක තමා කියලා හිතලා කතාව ලිව්වෙ..මනසින් චිත්ත රූප මවාගෙන full game එකක් දුන්නෙ ඔයාලට රසවත් කතාවක් ඉදිරිපත් කරන්න..bt කතාව රසවත්ව ඔයාලට තිබුනද කියලා හිතාගන්න බෑ.හැබැයි මේකත් කියන්නම ඕන…සිංහරාජෙ ගැන තොරතුරු හොයාගන්න මට උදව් කලා මගේ හොදම යාලුවෙක් සදුන්…ඔයාට ගොඩාක් ස්තූතියි සදුන්…සම්පූර්ණයෙන්ම මේක මනඃකල්පිත කතාවක්…හැමදෙයක්ම…හැබැයි කූඩැල්ලො ඇරෙන්න..මොකද මං ගිහිල්ලා නැති උනත් මං අහලා තියෙනවා කූඩැල්ලො විමානෙ කියලා සිංහරාජය .අනික් කරුණ තමා මං කෙල්ලෙක් උනත් මෙච්චර කල් ලියලා තිබ්බ කතා වලින් දෙකක්ම මං ලියලා තියෙන්නෙ කොල්ලෙක් කතාව කියන විදිහට …මේ පළවෙනි කතාව කෙල්ලෙක් කතාව කියන විදිහට ලිව්ව.??ඉතින් මට ලියන්නනං ඒ හැටි අමාරු උනේ නෑ ඒ නිසා..මට අමාරු උනේ වටපිටාව ගලපගන්න තමා ප්‍රධාන වශයෙන් ම. ඉතින්…දවස් දහසයක් පුරාවට මා එක්ක සතුට බෙදාගත්ත ඔයාලා හැමෝටම ස්තූතියි ..ත්‍රාසජනක කතාවක් කිව්වට ඇත්තටම මගේ අත යන්නෙම ආදර කතායි හොල්මන් කතායි වලට..ඒ හින්දා නොදැනුවත්වම ත්‍රාසජනක කතාවෙ ඒවත් ඇතුලත් උනා…හැබැයි මං හිතුවට මේක adventure story එකක් කියලා ඔයාලාට ඒක දැනුනද මං දන්නෑ…දැනුනනං මං සාර්ථක යි කියලා හිතනවා…..රශ්මිකගෙ කතාව කියවද්දියි මටත් හිතුනෙ මාත් adventure story එකක් ලිව්වනං හොදයි කියලා…මං හිතුනු දේ ක්‍රියාවට නැංවුවා..මගේ කතාව කියවපු අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝටම i love u.. comments කරපු rates දාපු හැමෝටම thank you very much…

❤️ආශ්කා රශ්මි❤️

21 thoughts on “හිතුවක්කාරයෝ |දහසයවන දිගහැරුම |අවසාන කොටස|ත්‍රාසජනක කතා”

  1. කැම්පස් ගියාට කමක් නෑ අපිට කියවන්න කතා දාන්න ඕන. Dr.Ashka Rashmi..my congratulations
    (S.I Deneth Rashmika) මටත් Next year වල ඔයාලට සමුදෙන්න වෙනවා

    2
  2. අම්මෝහ් මාරම ආසාවෙන් දවස් කීයක් කියෙවුවද… ?
    දැන් ඉතිම් හෙට ඉදලා පාලුයි… ?
    ඉක්මනටම තව කතාවක් ඕනි අක්කියෝ….?
    මේ වගේ එකක් නම් ශෝක්… ❤️
    ලස්සන කතාවක් දුන්නට තෑන්කූ__ඇන්ඩ් ගුඩ් ලක් ….???????

    2
  3. Aaaane oya doctor kenekda niymaine my congratulations dear……. kathawa lassanai. ……. oyage wada padu karaganne nathuwa puluwan welawata katha danna ko. …….

    1. Ashka Rashmi

      Ayyo na dear…?tama mn upadiya gatte na❤️ mn tama 1st year student kenek colombo campus molecular biology and biochemistry wala..❤️thank you oyage comments wlta..hamadama kathawa kiyewwata adarei oyla hamotama❤️

    2. Harima lassanai nangiyo.Holman kathawakata wada baya hithuna matanam.thawath katha danna baba.hama episode akakama kuthuhalayak thibuna.good.all the best.

  4. Hemanthi ruwan kumari

    නංගියේ ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි. මං ගොඩක් කැමති කතාවේ තිබ්බ love story ට තමයි.ඇත්ත ආදරයක් තියෙනවා නම් ඒ අය අපිත් එක්ක ඉන්නවන මොනවද කරන්න බැරි මරු කටට හරි ගිහින් එන්නම් කො.
    ආයෙ අලුත් කතාවක් ඉක්මනින් ලියන්න. අපි මග බලා න් ඉන්නවා.

  5. ?සිහින සිත්තරාවී°°KKD?

    මන් නිවිතිගල ඉදලත් සින්හරාජෙට ගිහින් නෑ අක්කියෝ… කතාව නම් ගොඩාක් ලස්සනයි… පියුමි අක්කි වගේ ඔයත් ඔයාට පුලුවන් වෙලාවට කතාවක් දාන්න අක්කියෝ… ඔයාගෙ කතා වලට මන් ගොඩාක් ආදරෙයි….

    1
  6. Kiyanna santhosai mth ithin rpure kittuwa hitiyata sinharaje gihin na… ???…
    Kathawanm supiriyatama thibba akkiyo…
    Idiri wadakatayuthu sarathaka wenn kiyl mn suba pathanawa.. puluwan welawaka api wenuwen thawa katha dann..

  7. Thakshi Deepali Jayasuriya

    කතාව නම් නියමයි අක්කියෝ….ඔයාගේ වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං….තෙරුවන් සරණයි

  8. කතාව ගැන කියන්න වචන නෑ නංගියෝ……ඇත්තටම ගොඩාක් ලස්සනයි…….????

    තව කතා ගොඩාක් ඕනි…..ඔයාගෙ ඉගනීමේ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා….

  9. Kathawa harima lassanai nangiiiooo.man harima asawen eka digatama kiewwa .mokada man Katha ahurata aluth kenek..ithin man baladdi full story Ekma eka para kiyawanna Mata chance eka labuna…athatama harima lassanai….♥️♥️thawa adventure ekka dannkoo..oyage story eke style eka oya present karana widiya harima attractive…all the best nanga.
    -Ishi-

  10. Janakasuresh

    කතාව නම් සුපිරි ….හොදටම තිබුනා..මටනම් සිංහරාජයේ යන්නත් බය හිතෙනවා …..කතාවෙ අර කොල්ලා මැරෙන එකට දුක හිතුනා …ඒත් කතාව ලස්සනයි …අයේ එකක් ලියන්න ..?????️?️?️?️

  11. ameshasonali

    ෂෝයි ෂෝයි …
    ලස්සන කතාව . මම ආසාවෙන් කියෙවුවා.
    Good luck .
    Amesha Sonali

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.