Katha Ahura

හිතුවක්කාරයෝ |පහළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3/5 - (3 votes)

පහළොස්වැනි දිගහැරුම

” දෙනුවන්…අර…” මං දැක්කෙ අපිට ටිකක් ඉස්සරහින් බිම වැටිලා තිබ්බ සුදුපාට කොල ටිකක්…දෙන්නම එතෙන්ට දුවගෙන ගිහිල්ලා බැලින්නං ඒ සදුන් පාර මතක් වෙන්න කියලා බිම හල හල ගිය සුදු කොල කෑලි ටික කියලා අදුනගන්න අමාරු උනේ නෑ…

” පාර මේ ලගමයි ඇත්තෙ…මේ හරියෙන් ඉස්සරහට යන්..මේ තියෙන්නෙ අර කුණ කටුවා හිටිය ගහ…” දෙනුවන් පෙන්නුවෙ අපි ඉස්සරහින් තිබ්බ රූස්ස ගහ…ගහ දැක්කම මතක් උනේ අපි සෙට් එක ගහ වටේ හිටගෙන photos ගත්තු හැටි..අනේහ්…අපේ සෙට් එකේ දැන් ශාක්‍ය ජීවතුන් අතර නෑනෙ…අනිත් අයටත් මොනා වෙලාද දන්නෑ…මගේ ඇස් වල කදුලු ආයෙම අලුත් උනේ එයාලාව මතක් වෙලා..

” යමු ආදි..දුවලා යං…” දෙනුවන් මාව අල්ලගෙන ඉස්සරහට දුවන්න ගත්තා…ඇත්තටම මටත් ඉවසිල්ලක් නෑ මෙහෙන් එලියට යනකන්…ඒ හින්දා කදුලු හංගගෙන එයා එක්ක ඉස්සරහට දුවලා යන්න ගියේ අලුත් පණක් ලැබිලා වගේ..මහ වැස්ස ගානක්වත් නෑ අපිට…තවත් කිලෝමීටර් එකක් විතර ගිය තැන අපිට හම්බුනා අපි කැලෑවට පැන්න තැන…ඒ ගාල අස්සෙන් එහාට ගියාම අපි ඉස්කෝලෙ සෙට් එකත් එක්ක ආපු පාරට වැටෙනවා…මං දුවලා යන්න ගියේ ඒ ගස්කොලන් අතරින් එහා පැත්තට යන්න…ඒත් …ඒත් එකපාරටම මාව දෙනුවන් අතින් ඇදලා නැවැත්තුවා ..

” ඇයි…??” මං ඇහුවෙ අපි ඉක්මන්ට යන්න ඕන හින්දා..ඒත් මෙයා එකතැන නතර වෙලා මං දිහා බලාගෙන ඉන්නවා..ඒ බැල්ම නං මට ඇල්ලුවෙ නෑ පුතෝ..මාව තවත් සීතල වෙලා ගියා ඒ බැල්මට..

” ආදි…” එයා කතාකලේ හරි හිමින්..

” ඇ..ඇයි දෙනුවන් …ඇයි..මොකක් හරි ප්‍රශ්නයක් ද…” මං ඇහුවෙ එකපාරටම නතර වෙන්න තරං මොකද්ද උනේ කියලා…

” මේ..ම්..මට ඔයාට දෙයක් කියන්න තියෙනවා…”

” මොකද්ද …??” මං සැකෙන් සැකෙන් ඇහුවෙ..පොඩි බයකුත් හිතට ආවා මෙයා මොනා කියයිද දන්නෑ කියලා..මං එහෙම ඇහුවම මෙයා මං ලගටම ආවා…

” හ්ම්…” ලොකු හුස්මක් පිට කරපු එයා එකපාරටම මාව බදාගත්තෙ මං ගල් ගැහිලා වගේ බලන් ඉද්දි…

” I Love You ආරාධ්‍යා …I Love You So Much..” දෙනුවන් කිව්වෙ මාව බදාගෙනම ඉන්දැද්දි..මට නිකන් හීනයක් වගේ..මේ මොනාද දෙයියනේ මට ඇහෙන්නෙ..මේක විශ්වාස කරන්නත් පුලුවන් දෙයක්ද…නැත්තං වැස්සට තෙමිලා ඉන්න නිසා මොලේ පෙගිලා විකාර ඇහෙනවවත්ද..හිතාගන්න බැරුව මං හෙලවෙන්නෙවත් නැතුව හිටියෙ බයවෙලා වගේ…නෑ..බය නෙවේ..මං පුදුම වෙලා හිටියෙ..

” මං දන්නවා..මං රහල් තරං ලස්සන නෑ තමා..එයා තරං දක්ශත් නෑ…ඒත් …ඒත්.. එයා ඔයාට ආදරේ කරනවට වැඩියෙන් මං ඔයාට ආදරෙයි…ඔව් ආදි…හය වසරෙ ඉදන් මං ඔයාට ආදරේ කරන්නෙ ….රහල් මේ ලගකදි ඉදන් ඔයාට කැමැත්තෙන් හිටියට මං ඉස්සර ඉදන්ම ඔයාට ආදරෙයි පණ…” හෝ ගාලා කියවනවා මෙයා..දැන්නං මට හුස්ම ගන්නත් අමාරුයි ..

” හම්මෝ..ඇති..මට හුස්ම ගන්න බෑ…” අමාරුවෙන් වචන පෙලගහලා මං කිව්වා..ඒ ගමන නං මෙයා අහකට උනා…හම්මෝ..දැනුයි හුස්ම ටිකක් ගත්තෙ…ෆුහ්..

” ආදි…මං දන්නවා ඔයා කැමති රහල්ට කියලා..මං..මං බල කරන්නෑ…ඔයාට කැමැත්තක් කරන්න…මං කිව්වෙ මට ..මට දැනුනු දේ…” දෙනුවන් කිව්වා..මට හිතාගන්න බෑ..මාත් ඔයාට ආදරෙයි දෙනුවන් …මං රහල්ට ආදරේ කලා තමා..ඒත්..මේ කැලේ trip එක මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරා..මට රහල් වගේ කෙනෙක් නෙවේ ඕනා..ඔයා වගේ කෙනෙක්…

” එහෙනං මාත් මට හිතෙන දේ කියන්නද දෙනුවන්…ආ…”

” හා..මොකද්ද ..”

” මාත් කෙනෙක්ට ආදරේ කරනවා දෙනුවන්…”

” හ්ම්..කාටද..රහල් ටද..” එයා ඇහුවෙ දුකෙන් වගේම කුතුහලයෙන් .

” නෑ..

” එහෙනං …”

” ම්…එයාගෙ නම පටං ගන්නෙ මේ.’..ද..’.අකුරෙන්..’දෙ’ කියන්නත් පුලුවන්…” මං කිව්වෙ එයා දිහා හොරේන් බලලා..මං හරි ආසයි මේ වගේ වැඩ කරන්න…ඒ ගමන මෙයා මා දිහා බලා හිටියෙ පුදුමයෙන් වගේ…එයාගෙ ඇස් නටනවා සතුටට…

” අ..අ..ආදි..”එයා ගොතගහන්න ගත්තෙ ඒ ගමන.

” මාත් ඔයාට ආදරෙයි දෙනුවන් …මං පිලිගන්නවා මාත් මෙච්චර කල් රහල් ගැන තමයි හිතුවෙ..ඒත් නොහිතපු විදිහට වෙච්ච මේ දේවල් එක්ක බැලුවම මං රහල්ට වඩා දැන් ඔයාට කැමතියි වගේ…” මං ඇත්තම කිව්වා..

” ඔය ඇත්තමද ආදි…මට..මට හිතාගන්න බෑ..මට මාරම සතුටුයි…” දෙනුවන් හිනාවෙලා ඇවිත් මාව තුරුල් කරගත්තා…කැලේට එද්දි නං හිටියෙ රහල්ගෙ නොදත් Girl friend විදිහට …දැන් කැලෙන් යන්න වෙලා තියෙන්නෙ මට දෙනුවන්ගෙ Girl friend විදිහට …ඒකෙත් හැටි…හි හි..

” ඔය ඇති..දැන් අහකට යනවා…” මං කිව්වෙ දෙනුවන්ව අහකට කරන්න හදන ගමන්.

” අපෝ බෑ..තව ටිකක් වෙලා ඉන්න ඕන…කැලෙන් එලියට ගියාම මෙහෙම බදාගන්නවත් පුලුවන්ද …බෑනෙ…” දෙනුවන් මාව තවත් තදින් බදාගන්න ගමන් කිව්වෙ හිනාවෙවී…

අපි දෙන්නා කොහොමහරි අන්තිමේදි පාර හොයාගෙන අපි ආපු නියම පාරට වැටුනා…ඒක චූටි අඩිපාරක් හින්දා වගේම ඒ පාර අපි දෙන්නටම මතක තිබ්බ හින්දා අපි කැලෙන් ටික ටික එලියට ආවා….හැබැයි ටික දුරක් යද්දි එකපාරටම දෙනුවන් කෑගහන්න ගත්තෙ කකුලක් අල්ලන්…

” දෙනුවන් …ඇ..ඇයි …ඇයි මොකද්ද උනේ…”එයා කකුල අල්ලන් අඩ අඩම බිම වාඩිවෙද්දි මං ඇහුවෙ බයෙන් බයෙන්…

” රිදෙනවා …ආහ්…කටුවක් ඇනුනා අප්පා…ආහ්…” එයා කෑගගහා කිව්වෙ වේදනාවෙන්..අනේ දෙවියනේ ..ඇත්තම තමයි…සපත්තුව පසාරු කරගෙන ලොකු කටුවක් ඇනිලා මෙයාගෙ කකුලෙ…

” ඉන්න බෑහ්…ආදි….අනේහ්..අරන් දාන්න ඒක…රිදෙනවා ….ආහ්..” කකුල අල්ලන් බෙරිහන් දෙනවා මෙයා..මටත් එකපාරටම ඇඩුනා එයාගෙ වේදනාව දැකලා..එයා ලගින්ම ඉදගෙන කකුල මගේ උකුල උඩින් තියාගත්තා

” දගලන්නෙපා …මං අරන් දාන්නං…” එයා හොදටම දගලනවා..මං හිමින් හිමින් ඇල්ලුවෙ ඒ කට්ට..ටිකක් තදට ඇනිලා වගේ..පුලුවන් උපරිම ශක්තිය දාලා මං කට්ට එලියට ඇද්දා…

” ආහ්..අම්මෝ…රිදෙනවා …” දෙනුවන් හොදටම අඩනවා…මං එයාගෙ ඒ කකුලෙ සපත්තුව ගලවලා බැලින්නං හොදටම ලේ එනවා…

” අනේහ්…ලේ එනවා…” මටත් හයියෙන් ඇඩුනෙ මට කාගෙවත් ලේ දකින්න හරි අමාරුයි..මං බයයි ලේ දකින්න…

” අඩන්නෙපා..ආ…මේකෙන් බදින්න තුවාලෙ…..” දෙනුවන් මට දුන්නෙ එයාගෙ සාක්කුවක තියලා එලියට ගත්තු ලොකු ලේන්සුවක්..ඒක මං ගානට නවලා තුවාලෙ තද වෙන්න ගැටගැහුවා…මගේ වාරුවෙන් දෙනුවන් නැගිටලා කකුල බිම තියන්න බැලුවා…ඒත් මං හිතන්නෙ එයාට අමාරුයි ..

” බෑහ්…අමාරුයි ආදි..ඇවිදින්න බෑ…” එයා ආයෙම වාඩි උනා බිමින්…අනේ රත්තරං ..බෑ කියලා බෑනෙ..තුවාලෙ ඒ කට්ටෙ විස තිබුනොත් ඔයාට අසනීප වෙයි…බෑ බෑ..කොහොමහරි මං ඔයාව අරන් කැලෙන් යනවා…

” බෑ…දෙනුවන් …මං ඔයාව කොහොමහරි අරන් යනවා..ඔයා මට වාරු වෙවී තනි කකුලෙන් ඇවිදින්න..මං..මං ඔයාව ඇවිදන් යන්නම්…අනේ තව ටික දුරයිනෙ…එන්න යං…ඔයාට අමාරුයිත් එක්කනෙ..ඉක්මන්ට ගිහින් බෙහෙත් දාගමු …අනේ එන්නකෝ ..” මං බලෙන්ම එයාගෙ අතක් අරන් කර වටේ දාගෙන හැදුවෙ එයාව නැගිට්ටවන්න..

” බෑ..මාව ඔයාට වත්තන් කරගන්න අමාරුයි …මං කියන්නද…ඔයා යන්න…ඔයා ගිහින් කාවහරි එක්ක එන්න…යන්න…” දෙනුවන් කිව්වෙ මගේ අත අහකට කරන ගමන්.මට ආවෙ ලොකු කේන්තියක් ..කැලේ හැමදේකින්ම මාව බේරගත්තු එයා එයාව දැන් දාලා යන්නද කියන්නෙ…ඔහොම තියා කොහොම කිව්වත් මං යන්නෑ යන්නෑ යන්නෑමයි…

” බෑ…මං යන්නෑ…ඔයාට ඇවිදින්න බැරි නං මාත් මෙතනම ඉන්නවා..ඔයාට ඇවිදින්න පුලුවන් වෙනකන්ම මං ඉන්නවා…හෙලවෙන්නෙවත් නෑ තමුසෙ ලගින්…” එහෙම කියාගෙන මාත් එතනින් වාඩි උනේ කේන්තියෙන් .

” අම්මෝ..කේන්ති ගියාම මෙයාගෙ ලස්සන..හරි හරි..අපි යංකො ඒනං කෝමහරි…කෝ..මට උදව් කරන්න…” එයා නැගිටින්න හැදුවෙ…මාත් උදව් කරලා එයා මට වාරු වෙලා නැගිට්ටා…ටික දුරක් අපි ගියා ..හිමින් හිමින් තමා අපිට යන්න උනේ…දැන්නං වැස්ස පායලා…හිතුවට වඩා මෙයා මාර බරයිනේ…අම්මෝ…තවත් ටිකක් ඉස්සරහට ඇවිදන් යන්න ඇවිදන් යන්න අපි කැලෙන් එලියට යන බලාපොරොත්තු එන්න එන්නම වැඩි උනා…ඒත්…අපි බලාපොරොත්තු පොදි ගැහුවා වැඩී කියලා තේරුනෙ අපි යන මග ඉස්සරහට හම්බුන සතා දැකලා…ඌ වෙන මොකෙක්වත් නෙවේ…තඩි පිඹුරෙක්..

” ආහ්..අර..දෙ….දෙ…දෙනුවන්…හෑ…” මට යටිගිරියෙන් කෑගැහුනා…ඒත් එක්කම මං දෙනුවන් වත් අරගෙන ආපස්සට හැරිලා දුවන්න හැදුවෙ…ඒත් අපි දෙන්නටම වාරු නැතිවෙලා එකතැන බිම ඇදගෙන වැටුනෙ අපි නොහිතපු මොහොතක…ඒත් එක්කම මං දැක්කෙ පිඹුරා අපි ඉන්න දිහාවට වේගෙන් ඇදෙනවා…අපි දෙන්නම යටිගිරියෙන් කෑගැහුවෙ බේරගන්න කියලා.මං වටපිට බැලුවත් පිඹුරට දමලා ගහන්න මොකක් හරි දෙයක් තියෙනවද කියලා..ම්හු..කිසිම දෙයක් නෑ අවට…අඩුම තරමෙ පොලු කෑල්ලක්වත් නෑ…ඒත් අපේ අවාසනාව…ඌ අපිට අඩි දෙකතුනක් දුරින් ලගට එද්දි මං ජීවත් වීමේ ආසාව අතෑරියා..

” දෙනුවන්…අනේහ්…” මං අඩාගෙනම දෙනුවන්ට තුරුලු උනේ එයා මාව බදාගත්තෙ අපි ඉස්සරහටම ආපු පිඹුරව දැකලා…මං ඇස් දෙකත් පියාගෙන ඒ පපුවට තුරුල් උනේ දැන් මැරෙන්න ලගයි කියලා හිත කෑගහලා කියද්දි . ….

************************

මොකද්ද වෙන්නෙ දෙන්නට..ආ…හෙට අන්තිම කොටහ…බලන්න එන්ඩ හොදේ..

M.Ashka Rashmi❤️

5 thoughts on “හිතුවක්කාරයෝ |පහළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Thakshi Deepali Jayasuriya

    අප්පේ…මටත් උනේ ඕකමයි..කැමැත්තෙන් හිටියේ වෙන කාටවත්…හම්බවුනේ වෙන කවුරුත්…. ???? එ්කනම් හිතටම වැදුනා රශ්මි අක්කියො…අනේ දෙන්නට කරදරයක් නම් වෙන්න එපා…එයාලාව හොයන්න අාපු කවුරු හරි පිඹුරට වෙඩි තියලා හරි එයාලාව බේරගනි….නේද..අනේ කියන්නකෝ….මරන්න නම් එපා දෙන්නගෙන් එක්කෙනෙක්වත්…අනිත් අයවත් මරන්න එපා…ප්ලීස්….හෙටින් කතාව ඉවර වෙනවා කියලා හිතෙද්දි හරිම පාළුවක් දැනෙනවා හිතට….අපි වෙනුවෙන් තව කතාවක් ගේනවා නේද…දිගට කොටස් දාන්න අමාරුයි කියලා දන්නවා වැඩ එක්ක..එ්ත් චඋටි චූටි කොටස් හරි දාලා තව ලස්සන කතාවක් අරන් එන්න…බලන් ඉන්නවා මං…බුදුසරණයි අක්කියෝ..ඔයාගේ හැම වැඩක්ම අතිසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං

    2
  2. අනේ හුස්ම ගන්නත් අමතක උනා දෙය්යනේ….අනේ කාටවත්ම මොකුත්ම වෙන්න දෙන්න එපා රශ්මි….plssss…….

    Good luck dr…කතාව ගැන කියන්න වචන නෑ…සුපිරියි……..?????????????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.