Katha Ahura

හිතුවක්කාර ආදරී | 12 කොටස | නවකතාව

5/5 - (4 votes)

12 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

“වෙන කොහෙද බන් මගෙ චූටි බබී බලන්න  මිසක්”

බයවෙලා වගේ මගේ දිහා බලන් අහපු නිකියා දිහා බලලා හිනාවෙලා මං කිව්වෙ නිකියා තවත් පුදුම වෙද්දී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“පුළුවන්නම් මේක කොහාට හරි විසිකරපන් බන්”

“මේක දකින කොට පරණ මතක් අලුත් වෙනවා”

ඒත් එක්කම මං නිකියගෙ ලගට ගිහින් මගේ වම් අතේ වෙදගිල්ලෙ දාලා තිබ්බ මුද්ද දිහා බලල බර හුස්මක් හෙලල ඒක ගලවලා නිකියගෙ අත උඩින් තියලා එහෙම කිව්වෙ නිකියා ඇස් දෙකත් ජිල් බෝල කරන් මං දිහා බලන් ඉද්දි

“මං දිහා ඔහොම බලාන්නෙපා යකෝ”

නිකියා මං දිහා බලන් ඉදපු විදියට මට හිනායද්දි මං ඒ හිනාවෙන්ම ඒකිගෙ ඔලුවට එකක් ඇනලයි කිව්වෙ

“සෝනූ ඒ කියන්නෙ උබ”

“ම්ම්හ්හ්හ්හ්”

“මාව දාලා ගියපු අයට ආයේ මගෙ ජීවිතේ කිසිම ඉඩක් නෑ”

“අද ඉදන් මං හැමදේම අලුතෙන් පටන් ගන්නවා බන්”

මං බර හුස්මක් පහත හෙලලා ලස්සනට හිනාවෙලා එහෙම කියලා නිකියා දිහා බැලුවෙ ඒකිත් ඇස් වල කදුලු පුරෝගෙනම ඇවිත් මාව බදාගනිද්දී

“උබට වරදින්නෑ බන්”

ඒත් එක්කම මාව අත ඇරල මගෙ කම්මුල් දෝතට අරන් ඒකි එහෙම කිව්වෙ මගෙ ඇස් වලටත් කදුලු පිරෙද්දී

“හරි හරි මේ ඉක්මණට ලෑස්ති වෙයන් යන ගමන් උබවත් ඔෆිස් එක ලගින් හලාගෙන යන්න”

මං ඇස් වල කදුලු පිහිදන් එහෙම කිව්වෙ නැත්නම් ඕකි තව ටිකකින් මාව නෝන්ඩි කරන්න ගන්න නිසා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මං අයියලගෙ දිහා ඇවිත් ගේට්ටුවෙන් ඇතුලට වාහනේ දානකොටම දුවන් ආවෙ අක්කා

“ආ ආයි ආයි ආයි අම්මේ මගේ කන”

“රිදෙනවා බන් ආව්හ්හ්”

“අනේ අතඇරපන්කෝ අක්කේ”

ගෙට ඇතුල් වෙන්න හදනකොටම අක්ක පැනපු ගමන් මගෙ කනින් අල්ල ගත්තෙ මට රෑ තරු දවල් පෙනෙන්න අරන් මං මරලතෝනි තියල කෑ ගහද්දි

“යේ යේ බේබි ඇවිත්”

ඒත් එක්කම මගෙ කෑහැගිල්ලට චූටි බබී සලේට දුවන් ඇවිත් කෑ ගහගෙන මාව බදාගත්තෙ අක්කා ඔරවගෙනම මගෙ කන අත අරිද්දී

අපොයි දෙයියනේ අනේ මගෙ අහිංසක අයියා මේකි එක්ක කොහොම පවුල් කනවද දන්නෑ

“ආව්හ්හ්හ් උබ මගේ කන ගලෝගන්නද හැදුවෙ අක්කෙ”

“කන මේ පොඩි එකා ඉන්න නිසා කියන්නෑ මං ඉතින් තොගෙ මොකක්ද ගලොගන්නෙ කියල”

මං කනත් අතගගා එහෙම ඇහැව්වාම අක්කා මූණත්‍ රතු කරන් පොඩි එකාව පෙන්නල කිව්වෙ ඒක ඒ ගස්සලා කියපු විදියට මගෙ කටින් හිනාවක් පනිද්දි

“ඔව් ඔව් උබ හිනාවෙයන් කෝල් එකක් ආන්සර් කරන්නෑ”

“සේරටම කලින් උබේ ඔය ෆෝන් එක උබේ අර වාහනෙ යද්දි තියපන් ඒකෙ රෝදෙට”

“හරි ඉතින් සොරි සොරි”

“හොරි හොරි තමා”

ඔලුවත් කස කස මං වටපිට බල බල එහෙම කියද්දි අක්කා මට කටත් ඇද කරල එහෙම කිව්වෙ බබී හිනාවෙවී මගෙ ඇගේ එල්ලෙද්දි

“අම්මේ ඉතින් මගෙ කෝලම”

එහෙම කියල මං පාත් වෙලා බබියයව තුරුල් කරන් ඒ කම්මුලක් සිපගත්තේ අක්කා අපි දෙන්නටත් ගස්සගෙන ගෙට යද්දි

මං බබීවත් එක්කන් ගෙට ගිහින් සාලෙන් වාඩි වෙලා කෙල්ල එක්ක කියව කියව හිටියෙ මේ කෝලමගෙ වැඩ වලට හිනාවෙවී

අම්මෝ ඉතින් අපේ බබියා මගෙ අතේ තුවාලෙ දැක්කාම ප්‍රශ්න වැලයි.ඒකට බෙහෙත් දානකොට රිදුනද කට්ටෙන් ඇන්නද අම්මේ පුදුම කියවිල්ලක් තමා මේක නම් කට රිදෙන්නැද්ද මන්දා

ඒත් එක්කම තමයි අක්කා තේ අරන් ආවෙ
පේන විදියට නම් දැන් නම් ටිකක් ශේප් වගේ

මං ඉතින් අක්කටත් ගොන් හිනාවක් දාලා තේ එකේ බිස්කට් පොගවන් කන්න ගත්තෙ බබියත් මාව අනුගමනය කරද්දී

“නංගි කෝ උබේ මේ ඇගිල්ලට දාලා තිබ්බ මුද්ද”

ටික වෙලාවකින් අක්කා ඇහැව්වෙ මගෙ දකුණු අත අල්ලන් වෙදගිල්ල ඇස් වලින් පෙන්නන ගමන්

“ආහ් ඒකද ඒක මං අයින් කරා”

වැඩිය ගණනකට නොගෙන මං ඒක කිව්වෙ අක්කා ඇස් කටේ දාන් මං දිහා බලද්දි

“ඒ කියන්…නේ උබ මෙ..මෙ”

“හ්ම්ම් හැමදේම අලුතෙන් පටන් ගන්නවා”

අක්කා ගොත ගගහ එහෙම අහද්දී මං ලස්සනට හිනාවෙලා එහෙම කිව්වෙ අක්කා පුදුමෙන් මං දිහා බලද්දී

“ඔය ඇත්තමද බන්”

“ඔව් ඔව් බන් උදේ ඉදලම හැමෝම අහන ඔය ප්‍රශ්නෙට මට දැන් උත්තර දීලාම එපා වෙලා ඉන්නේ”

විශ්වාස කරන්න බෑ වගේ මගෙ අත් දෙකෙන්ම අල්ලන් ආයිමත් අක්කා ඇහැව්වෙ මං කටත් ඇදකරන් එහෙම කියද්දී

“ඇති යාන්තම් දැන්වත් උබේ මොලේ පෑදුනා”

ඒ සැණින් මට කින්ඩියට වගෙ එහෙම කියාගෙන මගෙ ඔලුවටත් එකක් ඇනලා අක්කා එහෙම කිව්වෙ මගේ මූණ හතරැස් වෙද්දී

අනේ අම්මපා මුන් සේරම එකයිද කොහෙද මාව බයිට් එකට ගන්නමනේ බලන් ඉන්නෙ

°°°°°°°°°°°°°°°°°°°°°°°°°

බබී එක්ක දවසම නට නට ඉදලා මං හවස් වෙලා අර්පාට්මන්ට් එකට ආවෙ නිකියාවත් ඔෆිස් එකෙන් අරගෙන

වොෂ් එකකුත් දාගෙන ඇවිත් නිකියා උයද්දි මාත් කුස්සියට වෙලා වෙනදා වගේ ඒකි එක්ක කෝප්පයක් හෝද හෝද හිටියෙ කාම්මැලි කමට

“නිකී මේ…..”

“හ්ම්ම්ම් කියපන්”

“මං හිතුවෙ ප්‍රයිවට් ස්කූල් එකක ටීචින් වලට ඇප්ලයි කරන්න කියල”

“ඕකෙ මොනාද බන් ආයි හිතන්න බලන්න මනින්න කිරන්න දෙයක් තියෙන්නෙ”

“කොච්චර හොද දෙයක්ද”

“හෙටම ඇප්ලයි කරපන්”

ඒක කිව්වා විතරයි නිකියා කට කනේ තියන් වැඩේට කැමැත්ත ප්‍රකාශ කලේ මට හිනාවකුත් යද්දී

ඒත් එක්කම මගෙ ෆෝන් එක ට කෝල් එකක් ආවෙ සේව් කරල තිබ්බ නැති නම්බර් එකකින්

නිකියත් මගෙන් කවුද කතා කරන්නෙ කියල අහද්දි මං උරහිස් දෙකත් උස්සලා තොල් නොපිට පෙරලුවෙ දන්නෑ කියන්න

ඒත් එක්කම මං ෆෝන් එක ආන්සර් කරල ස්පීකර් දැම්මෙ කවුද මේ කතාකරන්නෙ කියලා කල්පනා කරන ගමන්

“හෙලෝ බබා”

“කොහොමද ඉතින් ඔයාට”

මං හෙලෝ කියන්නත් කලින් එහාපැත්තෙ කතාකරන කෙනා එහෙම කිව්වෙ මගේ යි නිකියගෙයි දෙන්නාගෙම ඇස්  ජිල් බෝල සයිස් වෙද්දී

මේ කටහඬ මට කොහෙදි හරි අහල පුරුදුයි වගෙයිනේ අනේ දෙවියනේ ඒ ගමන මේ මොකක්ද දන්නෑ මේ කුණ්ඩවාලෙ

“හෙ..හෙලෝ කවුද මේ කතාකරන්නෙ”

______________________________________

ඒ කවුද ඒ කකතාකරන්නෙ?????

1 thought on “හිතුවක්කාර ආදරී | 12 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.