Katha Ahura

හොල්මන් බංගලාව | දහවෙනි කොටස ☠️ | හොල්මන් කතා

4.7/5 - (10 votes)

10වෙනි කොටස

අපේ ජිවිතත් එකම තැන කැරකෙමින් ආත්ම ගත සන්සාර චක්‍රය පුරුදු අය හමුවෙමින් වෙන්වෙමින් ගලා ගෙන යන්නේ හරීම අපූරුවට. අහම්බෙන් ආපූ trip එකක් නිසා පුනර්බවය පිළිබද තොරතුරු දැනගන්න පුලුවන් වෙයි කියලා , කවුද හිතුවේ. මාගේ ජිවිතය තිබුනු පුන්චි කාල පරිජ්ජේදය තුල මන් විශ්වාශ කරේ හොල්මන් කියන දේවල් ඇත්තටම මේ ලෝකය තුල තිබ්බත් එයාලා ගොඩක් නපුරු ඇති කියලා. මොකද  හොල්මන් film වල තියෙන්නෙ එහෙමනී.  ඒත් අන්තිමට හොල්මන් වලට වඩා නපුරු මිනිස්සු කියලයී දැන් නම් මට  තෙරෙන්නේ…. කලින් ආත්මේ සිද්ද උනු දෙයීන් මට මගේ පන වගේ හිටපු අයියා වගේම සීයත් දුක් විදිනවා. මන් එයාල වෙනුවෙන් අනිවාරෙන්ම උදව් කරන්න ඕනී. වැරදී කාරයන්ට දඩුවම් දීලා . එයාලගේ ආත්ම නිදහස් කරන්න ඕනී. ඒක තමා මට එයාල වෙනුවෙන් කරන්න පුලුවන්..මගේ සිතුවීලි මතින් මදකට මා පියවි සිහියට පැමිනියේ මාගේ සහෝදරයා පෙනෙන්නට නොසිටි නිසාය.

“අයියේ ….. අයියේ …. ඔයා කොහෙද? ”

“මන් මෙතන මැණික …. ඔහු වැව අසල තිබූ විශාල රැක්ශයක් යටට වී සිටියේ සිනාසෙමිනි.”

“ඇයි අයියේ”……………..” ඔයාට මතකද මැණික… ඉස්සර අපි මෙතන සෙල්ලම් කරා. ඔයාට මල් ඕනී උනාම ඔයා මෙතන ඉදන් අයීයේ අතන මල් ගොඩායී කිය කිය. මේ අත්ත උඩට නැගලා කෑ ගහනවා. ඒක මට මතක් උනා ඒකයී .මැණික. ?”

“අයියේ ඔයා මන් අදුරගත්තනම් නංගී කියලා එතකොට ඇයී ඔයා එදා රෑ මාව බය කරේ…”

“මුලින්ම මන් ඔයාව හරියට අදුර ගත්තේ නෑ .ඉතින් මට ඕනී උනේ ඔයාලට මෙහේ හොල්මන් ඉන්නවා කියලා අගවන්න. ඔයා එදා ගොඩාක් බය වෙලා . කෑ ගැහුවනී. “අයියේ” කියලා එතකොට ඔයාව හුරුපුරුදු ගතියක් මට දැනුනා. ඉට පස්සේ තමා ඔයා මගේ මැණික කියලා දැනගත්තේ”

“එතකොට අයියේ ඔයා නේද අපිට යන්න දෙන්නැතුව වාහනේ යතුර හැන්ගුවේ .අනික වාහනේ හුලං බැස්සුවේ”

ඔව් මැණික ඔයා හරී. මම ඔයාලට යන්න දුන්නැත්තේ හේතු දෙකක් උඩ පලවෙනි එක ඔයා,  ..මට ඕනී උනා ඔයා මේ හැමදේම දැනගන්නවට….. දෙවෙනි එක තමා මේ හෝටලය ඇතුලේ ඉන්නේ ඔයාලා කට්ටිය විතරයී .ඔයාලටත් තේරෙන්න ඇතිනි . මේක ලොකු හෝටලයක් උනාට වෙන costement ලා කවුරුත් නෑ. මෙහෙ හොල්මන් ඉන්නවා කියලා කවුරුත් මේ හෝටලේට එන්නෑ බයට. ඉතින් මේක දැන් අයිතිය තියෙන විජේසේකර කාරයා හෝටලේ විකුනන්න හදන්නේ එහෙම උනොත් මට පළිය ගන්න බැරී වෙනවා. ඒ හින්දා ඔයාලට යන්න දෙන්නැතුව තියාගත්තා….”

“අයියේ දැන් ඔයා එයාගෙන් පළිය ගත්තොත් ඔයාට පව් සිද්ද වෙයි නේද? එතකොට ඔයාගේ ආත්මෙට සැනසීමක් ලැබෙයිද?”

“මැණික කිසිම කරදරයක් කරන්නැතුව හොදට හිටපු අපේ ජිවිත නිකරුනේ විනාශ කරපු ඒ නරුමයා කරපු වැරදි වලට දඩුවම් දෙන එක වැරදිද? එතකොට ඌ කරපු දේට ඌට නිකන් යන්න දෙන එකද හරී… අනික මගේ පළිය අවසන් වෙනකන් මාගේ ආත්මෙට කිසි  නිදහසක් නෑහෑ.”

“හරී අයියේ දැන් අපි කොහොමද එයාව මේකට ගෙන්න ගන්නේ “මන් කියන්නේ හෝටලේ ඇතුලට”

“තරූ ඔයා කොහෙද තරූ … සුදූ… සුදූ……සුදූ”

“මැණික ඔයාගේ යාලුවෝ එනවා නේද? මන් යන්නම් . ඔයා පරිස්සමට ඉන්න ඕනී හරිද?”

“අයියේ මට ඔයාට කතා කරන්න ඔනී උනාම ඔයා එනවා නේද?”

” හරී මැණික , මට කතා කරන්න ඕනී උනාම ඔයා “අයියේ” කියලා තුන් පාරක් කතාකරන්න එතකොට මන් ඔයා ලගට එන්නම්”

“හරී අයියේ”

——————————————————-

” සුදූ අනේ ඔයා කොහෙද ඉන්නේ”

“මන් මෙහේ”

“කොහෙද අනේ ඔයා අතුරුදහන් උනේ මගේ කකුල් දෙකත් වෙව්ලනවා . ඔයාට කරදරයක් නෑ නේද? මට උදේ පාන්දර ඇහැරුනේ වතුර තිබහ වෙලා එතකොට ඔයා ඇදේ නැහැ අපි හැමතැනම හෙව්වා දැන් උදේ 6ත් වෙලා…කොහෙද අනේ ඔයා යන්නේ.යන තැනක කියලා යන්න බැයිද?”

“සොරී සදූ දැන් අපී හොටෙල් එකට යන්ද? කෝ නදී අනිත් අය.”

“නංගී…. මායී , සදුයි, නදීයී, රදීකයි විතරයි මේ පැත්තට ආවේ අනිත් අය අර පැත්තෙ ඔයාව හොයනවා”

“අහ් හරී චතුක අයියේ අපි යන් ඒ පැත්තට”

“කොහොමින් කොහොම හරී කන්ඩායමේ හැමෝම අයේත් එකතු උනේ හැමෝගෙම හිත් වලට ලොකු සැනසීමක් ලබා දෙමින්.” ගොඩාක්ම බය වෙලා හිටියේ සදුයි ,ශාලු අයියයි .සමහරවිට ජාන වල ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් මොකද ඉතින් දෙන්න සහෝදරයොනී.හී?

සුදූ ඔයාට කරදරයක් නෑ නේද? ඔයා හොදින් නේද? කියමින් ශලු අයියා මා බදා ගත්තේ බිය මෙන්ම සතුට එකතු ඌ හැගීම් ගොන්නකින් මුහුණ  පුරවාගනිමිනි.

උදේ ආහර වේල ගත් අප සියලු දෙනා වාඩි වී කතා බස් කරන්නට විය. බොහෝ දෙනෙකුගේ කතාව ඌයේ මා වැව සමීපයට යෑමට හේතුවයි.එසේම මෙහි තත්වය එන්න එන්න අවධානම් බව බොහො දෙනාගෙ මතය විය.”

“අහන්නකෝ. අපි අදම මේ වහනය හදාගෙන පිටත් වෙමු. මැනේජර්කාරයා කිවුවා අද වාහනේ හදාගන්න කෙනෙක් එක්කන් එන්නම් කියලා”

“ඔයාලා යන්න මන් එන්නෑ භානුක අයියේ”

“සුදූ මේ හොල්මන් පිරිච්ච මගුලක් ඇතුලේ උබට ඉන්න පිස්සුද බන් . උබව තනියෙන් දාලා යන්න බෑ උබ එන්නම ඕනී”

“අයියේ මට ඔයාලට කියන්න දෙයක් තියේ. මන් කියන දේ හොදට අහගන්න…………..” කොහොමහරි මන් ඔවුනට මා එදා රාත්‍රියේ බිය උනු හොල්මන , මා දුටු සිහින, ඒ වගේම අර පොටෝ ගැන , වැව අසලදී මගේ අයියා මට කියපු දේවල් ඒ ඔක්කොම දේවල් එයලට කිව්වා ”

ඇත්තටම සුදූ මේ ඉන්නේ ඔයාමයී මේ 4ටෝ එකේ . මේ මේක අරන් තියෙන්නේ  1999දී නේද? මෙච්චර කල් පැහැදිලිව 4ටෝ තියෙන්න පුලුවන්ද? ”

“ඔව් මගෙ අයියා ඒ 4ටෝ ටික පරිස්සම් කරා”දැන් ඔයාලා ඔක්කොම දෙවල් දන්නවනී ඔයාල මට උද්ව් කරනවද ….. හෝටලෙන් යනවද? හැමෝගේම මුහුනු තුල දුක වේදනාව පිරුනූ අතර මම සදූ නදී තිදෙනාගේ  ඇස් කදුලින් බර විය.

“මටත් හොල්මන් මෙහෙ ඉන්නවා කියලා තේරුනා එයාල මුලින් අපිව බය කරා පස්සෙ බය කරේ නෑ “ඔව් ඒක ඇත්ත මටත් ඒක තේරුනා ඒත් මන් ඒක විශ්වශ කරේ නෑ ඒ නිසා අනිත් අයට කියන්න ගියෙත් නෑ”

අන්තිමට හැමෝම මෙහෙ හොලමන් කියලා දැනගෙන ඉදලනී බලන් යද්දි  . …. ඒක තමා මේ බය ගුල්ලන්ට මෙහෙන් ඉක්මන්‍ට යන්න ඕනී උනේ

කොහොමහරි අන්තිමට       හැමෝගේම අදහස උනේ මට උදව් කීරිමයී . ඇත්තටම මේ වගේ යාලුවෝ , සහෝදරයෝ ඉන්න එක මොනතරම් දෙයක්ද? මාගේ හදවතින්ම ඔවුන් කේරේ ලොකු සතුටක් මෙන්ම ආදරයක් ඇති උනී.

අහන්නකො අපි දැන් කොහොමහරෙ විජේසේකර කියන මනුස්සයා මෙතනට ගෙන්න ගන්න ඕනී. මගේ දෙමාපියෝ ඇක්සිඩන්ට් කරපු මනුස්සය දැන් මේ ලොකේ නෑ . අජිත් කියන කෙනත් ඇක්සිඩන්ට් එකකින්ම නැති වෙලා . මට කියන්න…. , අපි කොහොමද එයාව මෙතෙන්ට ගෙන්න ගන්නේ එයාව ගෙන්න ගන්නැතුව අපිට මගේ අයියට උදව් කරන්න බෑනී.”

“සුදූ අපි මැනේජර්ට කියමූ හෝටලේ අයිති කරයා හම්බෙන්න ඕනී කියලා ”

“පිස්සුද රදීක ඒ වැඩේ හරියන්නේ නෑ එහෙම කිව්වා කියලා ඒ මිනිහා එන්නෑ . ඌට පිස්සු නෑනී කොහෙවත් යන මනුස්සයො ටිකක් හම්බෙන්න එන්න.”

“ඒක ඇත්ත චතුක . අපි මෙහෙම වැඩක් කරමුද?”

” මොකද්ද ශාලු අයියේ”

“දැන් මේ හෝටලේ ආදයම නැති නිසා විකුනන්නනි හදන්නේ … දැන් හෝටලේට හොල්මන් කතාව නිසා මිනිස්සු එන්නෙත් නෑ.අනික මේ හොල්මන් කතාව දන්න කිසිම කෙනෙක් මේ හෝටලේ ගන්න කැමති වෙන්නෙත් නෑ . ඒ හින්දා අපී මේ හෝටලේ සල්ලි වලට ගන්න කැමතීයී කියලා ඒ ගැන කතා කරගන්න එන්න කියලා කියමුද?”

“ඒක නම් නියම අයිඩියා එකක් ශාලු අපී එහෙම කරමු නේද?”

“හරී එහෙනම් අපි ඒ වැඩේ කරමූ. මන් අයියාගෙන් අහලා බලන්නම්.”

“ඔයා කොහොමද එයාටකතා කරන්නේ. තරූ ඔයාට බය හිතෙන්නැද්ද ?”

මුලින්ම බය හිතුනා සදූ . එත් එයා මගෙ අයියා කියලා දැනගත්තම. ඒ වගේම මගේ දැකපූ හීන ගැනත් හිතුවම ,   කලින් ආත්මේ සමහර දේවල් මට මතක් උනා අනික දැන් එයාව මට දැනෙනවා .මන් දැන් කැමති මගෙ අයියා හැමදාටම මාත් එක්කම ඉන්නවට .ඒත් එයා ඉක්මන්ට මගෙන් ඈත් වෙනවා කියලා හිතුවම මට ගොඩක් දුක හිතෙනවා…කොහොමත් ජීවිතේ හැටි එහෙමනී. අපි කැමති අය එක්ක අපිට හැමදාටම එකට ඉන්න බෑනී…. ?

කොහොමහරී එදා හවස් වරුවේ මන් කාමරේට ගිහින් දොර වහගත්තේ අයියා එක්ක කතා කරන්න කියලා… “අයියේ අයියේ අයියේ”  කියා මන් තුන් වතාවක් කතා කල අතර අයියා පැමිනියේය.

“මන් අවා මැණික. මන් අවා”

අයියේ අපි හිතන්  ඉන්නේ මේ විදිහට ඒ මනුස්සයාව මෙතනට ගේන්න ගන්න කියමින් අපේ සැලැස්ම මා ඔහුට පැහැදිලි කරන්නට විය . අයියේ ඔයාගේ සීමාව කොච්චරක් ද තියෙන්නේ මන් අහලා තියෙනවා .අමනුශ්‍ය ආත්ම වලට යන්න පුලුවන් සීමාවක් තීයේ කියලා. ” 

“ඔව් ඔයා හරී . මට මේ හෝටලය සහ කෑලවේ ඉම තියෙන්නෙ මැණික ඊට වඩායන්න බෑ” ඔන්න ඉතින් අයියත් එක්ක විස්තර කතා කරලා අපි වැඩේට එන්ටර් උනා. ඒත් අයියා නම් කැමතී උන්නෑ මම ඒ වැඩේට හවුල් වෙනවාට තවත් කෙනෙක්ට කරදරයක් කරන වැඩක්නී .ඒත් ඉතින් වැරැදිකරයෝ නිදහසේ ඉන්නවා කියන්නේ තවත් අයගේ ජීවිත වලට අනතුරක් තියෙනවා කියලා. කොහොම උනත් එයාව ගෙන්න ගන්න අයියට මගෙන් උදව් ගන්නම වෙන නිසා එයා අකමැත්තෙන් උනත් කැමති උනා..

…………………………………………………

කොහොම හරී මැනේජර්කාරයාට කියලා විජේසේකර කරයාව අපේ වෑඩේට ගානට සෙට් කරගත්තා. එයා එනවා කිවුවේ හෙට .ඔව් හෙට දවස තමයී මේ ප්‍රශ්න ඔක්කොම විසදෙන දවස. යුක්තිය සධාරණය ඉෂ්ට වෙන දවස වැරදි කරුවන්ට දඩුවම් ලැබෙන දවස”  මා දින ගනනක් ඒ ද්වස වෙනුවෙන් බලා සිටියේ මගේ අයියා වෙනුවෙන්මයි…අපිට උනු අසාදාරනයට සාදරනයක්  බලාපොරොත්තුවෙන්මයි.

—————————————————–මන් = සනූ

ඔන්න යාලුවනේ අන්තිම කොටසට කලින් කොටස . අපි බලමුකො ප්‍රශ්න ටික විසදෙයිද කියලා .. කතාව කොහොමද කියන්න…. ඔයාලා හැමෝටම බුදුසරනයි …දෙවිපිහිටයී …පරිස්සමට ඉන්න යාලුවනේ ….

 

 

3 thoughts on “හොල්මන් බංගලාව | දහවෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.