Katha Ahura

හිතුවක්කාර ආදරී | 20 කොටස | නවකතාව

5/5 - (10 votes)

20 කොටස ❤️❤️

පසුගිය කොටසින් ,

“මේ අර දිනූෂයා ඇවිත් උබට මොනවද කියපන්කො කිව්වෙ”

“ආ මාත් මේ උබෙන් අහන්න හිටියේ සේරටම කලින් උබ කියපන්කො මට ඌ මේ නැට්ට ගිනිගත්‍ත හනුමන්‍තා වගේ එකපාරටම තෝව හොය හොය ඇවිදින්න තරම් උබ මොනාද ඌට කලේ කියලා”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

ඒත් ඒක්කම නිකියා එහෙම ඇහැව්වාම මං මගෙ දත් සෙට් එකම එළියට දාලා එකිට ගොන් හිනාවක් දැම්මෙ ඒකිත් ෆෝන් එක පැත්තකින් තියලා සෝෆා එකේ හරි බරි ගැහිලා ඉදගන්නකොට

“අර බන් ඉස්කෝලෙට ටිකක් එහාට වෙන්න තියෙනවා නෙද කැෆේ එකක්”

“අර එදා උබයි මායි ගියේ”

“අහ් ඔව් ඔව්”

මං කියද්දී ඒත් එක්කම මං කියපු තැන මාතකෙට ආවා වගෙ නිකියා කිව්වෙ ඔලුවත් වන වන

“අද මං ඉස්කොලේ ඉවර වෙලා ඒකට යද්දි දිනූෂ යා ඉන්නවා කෙල්ලෙක් එක්ක ඒකට වෙලා”

“උගෙ යාලුවෙක් වෙන්න ඇති බන්”

“යාලුවෙක් නම් අහවල් දේකටද යකෝ මූණ අත ගගා ඉන්නෙ එකිගෙ”

“ඇහ්”

නිකියා එකපාරටම කියපු ගොන් කතාවට මං ඒකිගෙ ඔලුවටත් එකක් ඇනලා කිව්වෙ මං ඒ කියපු දේත් එක්කලා ඒකි මං දිහා පුදුම වෙලා වගෙ බලද්දි

“ඇත්තටම මූණ අතගෑවද බන්”

“ඉතින් බන් උබ ෆොටෝ එකක් එහෙම ගහගත්තෙ නැද්ද යකෝ”

“ම්ම්ම්ම්හ්හ්හ්”

අනේ දෙයියනේ ඔබ වහන්සේ ඇයි මේ තරම් බුද්ධිමත් යාලුවෙක් මට ලබාදුන්නේ

ඒත් එක්කම මේකි කියපු ගොන් කතාවට මං හොද හුස්මක් අරන් පහත හෙලලා වටපිට බලමින් එහෙම හිතුවෙ ඒකි මගෙන් උත්තරයක් ලැබෙනකන් මං දිහා බලන් ඉද්දි

“තොට ඒකද මෙතන තියෙන ප්‍රශ්නෙ”

“උබ හිතුවද යකෝ ඔය එක එක වදුරොයි වැදිරියොයි ලව් කරන එව්වා ෆොටෝ ගහන්න මට මොංගල් කියලා”

“ඇයි එහෙම නැද්ද”

සැක් ඒක කිව්වා විතරයි එකපාරටම මේකි මගෙන් එහෙම ඇහුවෙ නැතැයි

අනේ සාන්ත මට හොද දෙකෙ හතරෙ පොල්ලක් දීපන් ඔලුවට ගහගන්න

“මං තොට ”

ඒත් එක්කම ඒකි ව අනුභව කරන සයිස් එකෙන් ඒකි දිහා බලලා මං එහෙම කිව්වෙ ඒකි මං දිහා බලලා ගොන් හිනාවක් දාද්දි

අනෙ අම්මපා මාත් මේකිටම මේක කියන්න හැදුවනේ මීට වඩා හොදයි පිස්සන් කොටුවට ගිහින් පිස්සොත් එක්ක ගණන් හැදුවනම්

“හරි හරි කියපන්කො ඉතින්”

“මං ආයෙ මැදින් ඇඩ් දාන්නෙ නෑ”

ටික වෙලාවකින් ඒකි හිනාවෙලා කිව්වෙ තාමත් මූණ හතරැස් කරන් ඉන්න මං දිහා බලලා

ටිකාවෙලාවකින් මං ආයෙත් කතාව පටන් ගත්තෙ ඒකිත් ඇස් දල්වාගෙන අහන් ඉද්දි

“උන් දෙන්නා මාව දැක්කෙ නෑ ඉතින් මං ටිකක් වෙලා උන් දෙන්නගෙ පෙම් රැගුම් දිහා බලන් ඉදලා ටිකක් නැලවිලා හායි දිනූෂ අයියා කියාගෙන උන් දෙන්නගෙ ටේබල් එක ලගට ගියා”

“මාව දැක්කා විතරයි අර දිනූෂ යා පුටුවෙන් නැගිට්ටෙ ඉද්ද ගැහැව්වා වගෙ යකෝ”

“එතකොටම අර කෙල්ලත් නැගිටලා දිනූෂ ගෙ අතේ එල්ලිලා ඇහුවා කවුද බබා මේ කියලා”

“දිනූෂ යා මුකුත් ම කියන්න කලින් මං ටක්ගාල කිව්වා මං දිනූෂ ගෙ යාලුවෙක් දිනූෂ ගෙ වෙඩින් එකෙන් පස්සෙ මං රට ගියා මේ ළඟදි තමා අවෙ කියලා”

“අම්මෝ බන් පව් යකෝ දිනූෂ යා”

ඇස් දෙකත් කටේ දාගෙන එකපාරටම නිකියා එහෙම කිව්වෙ මං හිනාවෙද්දී

“ඌ පව් කොහෙද යකො අර කෙල්ලයි පව් ඒක කිව්වා විතරයි අර කෙල්ල බය වෙලා වගෙ අර දිනූෂ යා දිහා බැලුවෙ”

“තවටිකක් වෙලා එතන හිටියොත් වැඩේ දෙල් වෙයි කියලා මං ටග්ගාල දිනූෂ යාගෙ පැත්ත හැරිල මට පරක්කුයි එහෙනම් වයිෆ් වයි බබාවයි මතක් කරා කියන්න මං දවසක ගෙවල් පැත්තේ එන්නම්කො කට්ටියටම බලලා යන්න කියලා ඉක්මණට එතනින් ලෙස්සල ආවා”

“අම්මෝ බන් ඒ වෙලාවෙ අර දිනූෂයගෙ මූණ ආයි නෑ හරියට අර කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගෙ යකෝ බලන්න ලස්සනයි”

“මං එතනින් ආවා විතරයි දිනුෂයා අර කෙල්ලගෙ පැත්ත හැවෙනවත් එක්කම ඒකි දුන්නා මූට අතදිහ ඇරලා හොද කම්මුල් පාරක් ආයෙ නෑ දිනූෂ යට නම් දවල් තරු පේන්න ඇති”

“කැෆේ එකෙ ඉදපු මිනිස්සුත් කටවල් ඇරන් බලන් හිටියෙ ”

“උබ කොහොමද ඒක දන්නේ ඒ කියන්නෙ උබ හැංගිලා බලන් හිටියද”

“නැත්තං යකෝ ඒ වගේ අනගි අවස්ථාවක් මගඇර ගන්න පුලුවන්ද එහෙම”

අමතක උන දෙයක් මතක් උනා වගේ නිකියා එක පාරටම මගෙන් අහද්දී මං ඒකි දිහා බලලා ගොන් හිනාවක් දාලා කිව්වාම ඒකි මං දිහා බලන් හිටියේ හරියට තෝ නම් මකලාවත් හදන්න බෑ වගෙ බැල්මකින්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔහොම දවස් දෙකක් ගෙවිලා ගියේ කිසිම විශේෂත්වයක් නැතුව සුපුරුදු පරිදි

“නංගි අද නම් හුඟක් රෑ උනා බන් අද ඉදල පලයන්කෝ”

“නිකී නංගිවත් හිටියා නම් මගෙ හිතට බයක් නෑ බන්”

“බෑ අක්කා අද මං මෙහෙ නැවතුනොත් නිකියා අර්පාට්මන්ට් එකේ තනියමනෙ”

අයියලගෙ දිහා ඉදලා මං අර්පාට්මන්ට් එකට එන්න හදද්දී අක්කා කිව්වෙ අද වෙනදට වඩා රෑ වුන නිසා

මගෙ වෙලාවටම අදම නිකියාටත් අසනීප උනානේ

“සොහාන්වත් හිටිය නම් උබව ගිහින් දානවා ඇයි දන්නෑ අද මෙච්චර පරක්කු”

“ඔහොම ඉන්නකො මං තව සැරයක් කෝල් එකක් දීලා බලන්න”

“එපා එපා අක්කා ”

අයියට කෝල් එකක් දෙන්න ගේ ඇතුලට යන්න හදපු මං අක්කගෙ අතින් අල්ලන් නතර කර ගත්තෙ ඒත් එක්කම රැවුලා ගෙ වාහනේ ගේට් එකෙන් වත්ත ඇතුලට දාද්දි

“ඒ ශශී ගේ වාහනේ නේද”

ඒත් එක්කම අක්කා පුදුමෙන් වගේ වාහනේ දිහා බලලා මගෙන් ඇහැව්වෙ මාත් වාහනේ දිහාවට ම ඇස් යොමාගෙන ඉද්දි

ඒකනෙ මේ රැවුලා මොකො මේ වෙලාවෙ මෙහෙ කරන්නේ

ඒත් එක්කම අයියායි රැවුලා යි වාහනෙන් බැහැලා අපි දිහාවට ආවෙ හිනාවේගෙන

“කෝ අයියා වාහනේ”

“මග හිට්ටා බන් හොද වෙලාවට මේකා හම්බුනේ”

ගෙට ගොඩ වෙද්දිම මං අයියගෙන් ඇහැව්වාම අයියා කිව්වෙ රැවුලා වත් පෙන්නලා

“මොකෝ මේ එළියට වෙලා”

“මං මේ යන්න කියලා හැදුවෙ”

“මෙච්වර රෑ වෙලා තනියම උබට පිස්සුද බන්”

මං එහෙම කිව්වාම ඒ සැණින් අයියා මූණත් රතු කරන් මගෙන් ඇහැව්වෙ රැවුලාත් මං දිහා බලද්දී

“රෑ කොහෙද තාම අටටත් නෑ අප්පා”

“අනික නිකියත් තනියමනේ අයියා මං කැබ් එකක් දාගෙන යන්නම්”

මං එහෙම කිව්වෙ අයියාගෙයි අක්කගෙයි මූණු දිහා මාරුවෙන් මාරුවට බල බල

“මොනාද බන් ඔය තරම් හිතන්නෙ”

“මං මේකි එක්ක යන්නම් උබට අමතක උනාද මාත් යන්නෙ මේකි යන තැනටමයි කියල”

ඒත් එක්කම කල්පනා  කරමින් ඉදපු අය්යගෙ පිටට තට්ටුවක් දාලා රැවුලා එහෙම කිව්වෙ මගෙ ඇස් ජිල් බෝල සයිස් වෙද්දී

“අප්පට සිරි ඔව්නේ”

ඒ සැණින් අයියාත් අක්කා දිහා බලලා හිනාවෙලා ඒ යෝජනාව සභාසම්මත කලේ රැවුලා ගෙ මුවේ හිනාවක් ඇදෙද්දී

අපොයි දෙයියනේ මේකා කියන කුණු කතා සේරම අහගෙන මේ රැවුලා එක්කා ඔය වාහනේ යනවට වඩා හොදයි මෙහෙ ඉදන් අර්පාට්මන්ට් එකට පයින් යන එක

සැක් විතරක් අද නම් මගෙ වෙලාව අන්තිම නරකයි වගේ

______________________________________________

2 thoughts on “හිතුවක්කාර ආදරී | 20 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.