Katha Ahura

හිතුවක්කාර ආදරී | 19 කොටස | නවකතාව

4.3/5 - (33 votes)

19 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

“අනේ අම්මෝ මේකා රෑට රෑට යකඩ ද මන්දා කන්නෙ මේකාව ඇදන් දුවන් ආවට මට ගාණක් දෙන්න ඔනේ”

අනේ මගෙ හුස්ම හිරවෙලා මෙතනම මැරිලා වැටෙයිද දන්නෑ ඒ තරම් මහන්සි

රැවුලාටත් කුටු කුටු ගගා බැන බැන මං හති ඇරියේ ඒකා මං දිහා කටත් ඇරන් බලන් ඉද්දි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“අයියෝ මං දිහා බලන් ඉන්නැතුව ඔය දොර අරින්න ඉක්මණට”

“මොකක්”

ඒකා මං දිහා ඒ බලන් ඉදපු විදියට මට හිනායන්න ආවත් මං ඒක ආයාසයෙන් මැඩගෙන කලබලෙන් වගේ පිටිපස්ස බලල කිව්වෙ ඒකා මං දිහා කටත් ඇරන් බලාන් ඉද්දි

ඒත් එක්කම මං ඒක කිව්වා විතරයි ඒකා කෑගැහව්වෙ මං හරියට ඒකගෙ කලිසම ගලවන්න කිව්වා වගේ

“අයියෝ මෝඩ රැවුලෝ ඉක්මණට ඔය දොර අරිනවා”

“අර කුලුමීමා මෙතනට සම්ප්‍රාප්ත වෙන්න කලින්”

“එහෙම උනොත් තමුන්ට වෙන්නෙ මෙතනට වෙලා මගෙ කෑලි ඇහිදින්න තමා”

කලබලෙන් වගේ ලිෆ්ට් එකේ දොර පැත්ත බල බලා මං රැවුලා ට කෑගැහව්වෙ ඒකා නිකන් හොල්මන්ද පොල්කොළ සීන් එකෙන් මං දිහා යි ලිෆ්ට් එකේ දොර දිහා යි මාරුවෙන් මාරුවට බල බල දොර අරිද්දි

ඒත් එක්කම ලිෆ්ට් එකේ දොර විවර වෙනවා මං ඇස් කොණින් දකිද්දී ඒ සැණින් මං රැවුලාවත් පෙරලගෙන ඒකා බාගෙට ඇරලා තිබ්බ අර්පාට්මන්ට් එකේ දොරත් තල්ලු කරන් ඒකාවත් ඇදගෙන අර්පාට්මන්ට් එක ඇතුලට රිනගලා දඩස් ගාලා දොර වැහුවෙ රැවුලා ට හිතන්නවත් ඉඩ නොතියා

“අනෙහ් දෙයියනේ ඇති යාන්තම් බේරුනා”

ඒත් එක්කම දොරත් පිටදීලා මං සැනසුම් සුසුමක් හෙලලා එහෙම කිව්වෙ ගැහෙන පපුවට ත් අතකුත් තියාගෙන

“පුහ්හ්හ්…….”

ටික වෙලාවකින් ඔලුව උස්සල බලද්දී යි මං දැක්කෙ ආලවක යක්ෂ වර්ෂන් එකෙන් මාව අමුවෙන් අනුභව කරන සයිස් එකට මං දිහා බලන් ඉන්න රැවුලා ව

ඒ සැණින්  ඒකගෙ ෂර්ට් එකයි ඒ මූණයි දැක්ක ගමන් මගෙ කටින් හිනාවක් පැන්නෙ ඒ මූණ තවත් රතුවෙද්දි

මගෙ අතේ තිබ්බ බීම බෝතලේම ඒකාගෙ සුදුපාට ෂර්ට් එකේ හැලිලා

“නවත්ත ගන්නවා ඔය හිනාව”

“තමුසෙට මාව ජෝකර් කෙනෙක් වගෙද පේන්නෙ ආහ්”

ඒකා සද්දෙට කෑ ගහල කිව්වාම මං හිනාව නවත්ත ගත්තෙ අත් දෙකෙන්ම කට වහගෙන

“බලානවා අයිසේ”

“මගෙ අලුත්ම සුදු ෂර්ට් එක තමුසෙ කෑවනෙහ්”

“අපෝ කෑ ගහන්නෙපා මෝඩයෝ මං එකට දහයක් අරන් දෙන්නම්”

ඒත් එක්කම මං එහෙම කිව්වෙ මෙ රැවුලා මේ ගිරිය පුප්ප්ගෙන කෑ ගහන විදියට මේකාගේ නහරයක් පුපුරයි කියල මට ඇති වෙච්ච සාධාරණ සැකේට

“නෑ මට මේකමයි ඔනේ”

අනෙ ඇතතමයි ඔන්න ඔය වෙලාවට තමයි මට හිතෙන්නෙ මේකගෙ ඔලුව පලන්න ඇයි යකෝ

“එහෙනම් ඉතින් මෙතන ගිරිය පුප්පගෙන කෑගහන්නැතුව ඕක ගිහින් හෝදගන්නවා ඉවරනෙ”

“මං මොකටද හෝදන්නෙ මේක මගෙ ඇගේ ඉබේ හැලුනෙ නැහැනේ තමුසෙනෙ හැලුවෙ”

රැවුලා මූණත් රතුකරන් කිව්වෙ මං දිහා කන්න වගේ  බලාගෙන

අපොයි දෙයියනේ මීට වඩා හොදයි අර දිනූෂ යට මාට්ටු උනානම් සැක් විතරක්

“අම්මෝ හරි හරි”

“දැන්වත් ඔය බෝක්කු කට වහගන්නවද ටිකක්”

“මගෙ කන් දෙකත් අගුල් වැටිලා වගේ”

“ඔය ෂර්ට් එක ගලවන්න”

“ඇහ්”

මේකාගෙ කන්කරච්චලේ ඉවසන් ඉන්න බැරිම තැන මං වැඩිය ගණනකට නොගෙන ටික වෙලාවකින් එහෙම කිව්වෙ අහක බලන් අතත් දික් කරල

ඒත් එක්කම ශශී ගෙ ඇස් ජිල් බෝල සයිස් වුනේ කෙල්ල මේ කියපු දේට

“ඇහ් නෙවෙයි හලෝ”

“ඕක ගලවලා දෙනවා ඉක්මණට”

මං කිව්වෙ තාමත් මං දිහා ඇස් දෙක එළියට පනින සයිස් එකෙන් බලන් ඉන්න රැවුලා දිහා බලලා කෑ ගහලා

“දැන් තමුසෙ ඕක ගලවනවද නැත්නම් මං ගලෝගන්නද ”

“එහ්…..ඒ මොකටද ”

මං අඩියක් ඉස්සරහට තියලා ඇස් හීනි කරලා ඒකා දිහා බලල ඇහැව්වෙ රැවුලා බයවෙලා වගෙ මං දිහා බලල එහෙම අහද්දී

ඒත් එක්කම තමා මට තේරුනෙ මං කියපු කතාව අපොයි දෙයියනේ මේකා හිතන් ඉන්නවද දන්නෑ මං මේකාව රේප් කරන්න හදනවා කියලා

“ඕක ඇදන් ඉද්දි මං කොහොමද ඕක හෝදන්නෙ මෝඩයෝ”

“තමුසෙ එක්කම ඕක වොෂින්මැෂින් එකට දාන්නද කියන්නෙ මට”

මං සද්දෙට එහෙම ඇහැව්වා විතරයි මේකා පටස් ගාල ෂර්ට් එක ගලවලා මගෙ ඇගට දැම්මෙ මං ඒකාටත් ගස්සල ඒකත් අරන් වොෂ් රූම් එකට යද්දි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ටික වෙලාවකින් මං රැවුලාගෙ දිහා ඉදලා දොර ඇරලා හරියට ඉබ්බා කටුවෙන් එළියට ඔලුව දානවා වගේ ඔලුව විතරක් එළියට දාලා බැලුවෙ තත්වය සාමකාමී ද කියලා

පේනන තරම් අවුලක් තිබ්බ නැති නිසා රැවුලා ඇවිත් ආපහු තව මොකක් හරි කුණු කතාවක් කියන්න කලින් දොරත් ඇරන් ටග්ගාලා එළියට පැනලා අර්පාට්මන්ට් එකේ දොර අරින්න හදවත් එක්කම ඇතුලෙන් දොර ඇරිලා අතක් ඇවිත් මාව ඇතුලට ඇදලා ගත්තෙ මට දෙයියො බුදුන් සිහිකරලා

ඒ ඇදලා ගත්ත විදියට තව ටිකෙන් මගෙ නහය ආයෙ කතා දෙකක් නෑ කෙළින්ම ෆ්ලැට් තමා

පෙර දැනුවත් කිරීමෙන් තොරව මාව ඒ ඇදල ගත්ත එකාට හොද දෙකක් කියන්න හිතන් මං පිටිපස්ස හැරුනෙ මගෙ නහයත් අතගාන ගමන්

“සෝනූ මට කියපන් ඒ පාර උබ අර දිනූෂ යට අඹරපු ගුලිය මොකක්ද කියල”

“අන්න ඌ අද උබව හොයාගෙන ආවේ මාරාවේශෙන්”

“හැබැයි ඉතින් අද නම් ඌට උබව අහුවුණා නම් ඌ උබව සම්බෝල කරනවා”

ඒත් එක්කම නිකියා ඉණටත් අත දෙකතියන් කියාගෙන කියාගෙන ගියෙ මං ඒකිට ගොන් හිනාවක් දාලා වොෂ් එකක් දාගෙන එන්නම් කියලා එතනින් ලෙස්සල ආවෙ නැත්නම් ඉතින් ආයි නෑ ඕකි මට කෙලින්ම දෙන්නෙ ප්‍රශ්න පත්තරයක්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“නිකී”

“හ්ම්ම්ම්ම්”

“නිකියෝඕ”

“හ්ම්ම්ම්ම්”

ටිකක් රෑ වෙලා සෝෆාවට වෙලා ටීවී එක බල බල ඉන්නකොට නිකියා ලැප් එකත් උකුල උඩින් තියන් මගේ ලගින්ම වාඩිවෙලා හිටියේ ඔෆිස් එකේ වැඩක් කර කර

ටික වෙලාවකින් මං ටීවී එක දිහාම බලන් සෝනූවට කතාකලේ ඒකි මං කියන කියන එකට හුම්  හුම් ගගා  ඉද්දි

ඒත් එක්කම මං බෙල්ල හරවලා බැලුවෙ මේකි යකෝ කට හොලවලා උත්තරයක් දෙන්න බැරි තරම් බිසී වෙලා මොකො කරන්නෙ කියලා

යකෝ බැලින්නම් මේන් මේකි ඒ ගමන ෆෝන් එකට එබීගෙන මං ශේප් එකේ එබිලා බැලුවෙ කා එක්කද මේ චැට් කරන්නෙ කියලා

අහ් භානුක අයියනේ මේ ඒත් එක්කම මේකි ෆෝන් දිහා බලන් හිනාවුනේ පැණි පෙර පෙර

ඉදකින් විතරක් මේකිගෙ ඇඹල හිනාව යකෝ මේ තනිකඩ මං මේ ලගපාතක ඉන්නවා කියලවත් ගාණක් නැති හැටියක්
සැක් විතරක්
???

“ඌයි ගෑණියේ”

ටික වෙලාවකින් මං නිකියාගෙ අත කෙනිත්තුවෙ මේකිගෙ සංවේදී ඉන්ද්‍රියන් වත් වැඩ කරනවද කියල බලන්න

“ආ උබට කතාකරන්න පුලුවන්නේ”

මං ඒ කොනිත්‍තපු තැනත් පිරිමදිමින් ඒකි මං දිහා කන්න වගේ බලද්දී මං කිණ්ඩියට වගේ හිනාවෙලා කිව්වෙ ඒකිට

“ඇයි උබ ඒක දැන්ද දන්නෙ”

ඒකි මූණත් රතුකරන් එහෙම කිව්වෙ මං ඒකිට ගොන් හිනාවක් දාලා ටීවී එකත් වහලා ඒකි දිහාවට හැරෙද්දි

“ඒක නෙවෙයි බන්”

“මේ අර දිනූෂයා ඇවිත් උබට මොනවද කියපන්කො කිව්වෙ”

“ආ මාත් මේ උබෙන් අහන්න  හිටියේ සේරටම කලින් උබ කියපන්කො මට ඌ මේ නැට්ට ගිනිගත්‍ත හනුමන්‍තා වගේ තෝව හොය හොය ඇවිදින්න තරම් උබ මොනාද ඌට කලේ කියලා”

_______________________________________

ඒකනේ සෝනූ මොනවද කරන්න ඇත්තේ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.