Katha Ahura

හිතුවක්කාර ආදරී | 21 කොටස | නවකතාව

4.7/5 - (19 votes)

21 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

අපොයි දෙයියනේ මේකා කියන කුණු කතා සේරම අහගෙන මේ රැවුලා එක්කා ඔය වාහනේ යනවට වඩා හොදයි මෙහෙ ඉදන් අර්පාට්මන්ට් එකට පයින් යන එක

සැක් විතරක් අද නම් මගෙ වෙලාව අන්තිම නරකයි වගේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“මේ හලෝ මං තමුන්ගෙ ඩ්‍රයිවර් නෙවෙයි”

“ඒ නිසා ඉස්සහින් නගිනවා”

මං රැවුලා ගෙ වාහනෙ ලගට ඇවිත් වාහනේ පිටිපස්සෙ දොරට අත තියද්දිම මේකා කිණ්ඩියට වගේ හිනාවෙලා මට කිව්වෙ ඒ කටේ සද්දෙට මං ගැස්සිලා යද්දී

ඉතින් ඕක ටිකක් හිමීට කියන්න බැයිද මේකට ඒ බයවෙච්ච පාරට තව
ටිකෙන් මට හාර්ට් ඇටෑක් එකක් එනවා

“ඉස්සරහින් නගින්නත් මං ඔයාගෙ වයිෆ් නෙවෙයිනෙ”

එත් එක්කම මං කින්ඩියට හිනාවෙලා ඒකාට කෑ ගහලා වගේ කිව්වෙ අක්කයි අයියායි විතරක් නෙවෙයි ඒකගෙත් කට ඇරෙද්දි 

ඒ සැණින් මේකා මූණත් රතු කරන් මගෙ ලගට ඇවිත් මාව ඇදලා අරන් ඉස්සහින් මාව වාහනේ ඇතුලට ඔබල දඩස් ගාල දොර වැහැව්වෙ මං ඉක්මණට එළියෙ තිබ්බ  මගෙ අඩුබඩු ටික ඇතුලට ගනිද්දී

නැත්තම් ඉතින් මට වෙන්නෙ එව්වා රෙපෙයාර් කරගන්න තමා මේකට තියෙන මූලග්ගායට

අනේ ඇත්තමයි මේකා නම් ගිය ආත්මෙ මකබාස් කෙනෙක්ද කොහෙද මේ ආත්මෙ වැරදිලා ඩොක්ටර් කෙනෙක් උනාට

මේ වෙද්දී මේකාගෙ හොස්පිට්ල් එකේ ලෙඩ්ඩුන්ගෙ අත කකුල් එම තියෙද දන්නෑ මේ අදින විදියට

හිතින් මේකාට බැන බැනම මේකාගෙ ඇදිල්ලේ තරම පෙන්නන්න රිදුම් දෙන වැලමිටත් පිරිමදින ගමන් මං ඒකාට ගස්සල අහක බලාගත්තේ ඒකාත් වාහනේට නැගලා සද්දෙට දොර වහද්දී

“මගෙ වයිෆ් වෙන්න ඔච්වරටම ආසයි නම් අපි යන ගමන් කච්චේරියට ගිහින් ඒ වැඩෙත් ඉවරයක් කරගෙනම යමු”

ටික වෙලාවකින් මේකා මං දිහාට මනමාල බැල්මක් දාලා මට ඇහැකුත් ගහලා එහෙම කියලා වාහනේ ස්ටාර්ට් කලේ මං ඒකා දිහා බලලා අංශක තුන්සිය හැටටම රවලා අහක බලාගනිද්දී

මේකාට අද මොනා වෙලාද යකෝ අද හොස්පිට්ල් එකේදි පිස්සු බලු බෙහෙතක්වත් විදගෙනද දන්නෑ පීඩනේ වැඩිකමට

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

රැවුලා නිහඬවම වාහනෙ අරන් ගියේ මං පාර දිහාම බලන් ඉද්දි

ඒත් එක්කම මේකා වාහනේ පාලු පාරකට හැරෙව්වෙ මං ටිකක් කලබල වෙලා වටපිට බලද්දී

“ඒයි ඒයි මේ කොහෙද යන්නෙ”

“මාව අර්පාට්මන්ට් එකෙන් දාල තමුසෙ ඕන දිහාවක යනවා”

ඒත් එක්කම මං බය වුණු බවක් නොපෙන්වා ටිකක් සද්දෙට කිව්වෙ ඒකා මං දිහා බලලා කිණ්ඩියට වගේ හිනාවෙද්දී

“ම්…මෙහ් කො…කොහෙද ”

“අ…ඇයි මෙතන නැවැත්තුවෙ”

ටික වෙලාවකින් මේකා වාහනේ නැවැත්තුවෙ මං බය වුන පාරට මට වචනත් ගොත ගැහෙද්දි

අනේ දෙයියනේ මාව බේරගන්නෝ මේ රැවුලා අද මාව මරලා හංගන්නද කොහෙද හදන්නේ අනේ ඇත්තමයි මටත් මගෙව් මකර කට වහගෙන ඉන්න බැරි හැටියක්

මාලුවා නහින්නෙත් කට හින්දා  කියනවනේ

“බය වෙන්න එපා මං ගැරඬි මරලා පව් පුරව ගන්නෑ”

ඒ සැණින් මේකා ඒ කියපු කතාවට මං ඒකා දිහා බලලා රවන්න පුලුවන් උපරිම රවලා අහක බලාගත්තෙ ඒකා සද්දෙට හැක හැක ගාලා හිනාවෙද්දී

හැච හැච තමා හරි හිනා පොලොස් කොට්ටෝරුවා හිනාවෙන කැත විතරක්

“සෝනූ”

ඒකා කතාකලත් මං ගනන් ගන්නෙ නැතුව අහක බලන් හිටියෙ පුපුර පුපුර

“සොරි මැණික කෝ මං දිහා බලන්නකෝ ඉතිං”

ඇහ් මොකක්ද යකෝ ඒ කිව්වෙ මට වැරදියටවත් ඇහුනද නෑ නෑ සෝනූ පොඩ්ඩක් කොනිත්තගෙන බලපන් මේක හීනයක්ද දන්නෑ

“ආව්හ්…….”

ඒ සැණින් මං මගෙ අත කොනිත්තගත්තෙ වේදනාවට මාගෙ මුවින් කෙදිරියක් පිටවෙද්දී

“පිස්සි”

එත් එක්කම මේකා මං දිහා බලලා හිනාවෙන ගමන් එහෙම කිව්වෙ මං ගල්ගැහිලා වගෙ ඒ හිනාව දිහා බලන් ඉද්දී

ඒත් එක්කම ටික වෙලාවකින් රැවුලා මගෙ උරහිසින් එයාගෙ අතක් තිබ්බෙ ඒ හිනාවෙ අතරමං වෙලා ඉදපු මං  එකපාරටම ඒ ස්පර්ශෙට ගැස්සිලා යද්දී

මං මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව ඉද්දී රැවුලා මං දිහාබලන් හිටියේ දිලිසෙන ඇස් වලින් අද ඒ බැල්ම හරි වෙනස්

අනේ දෙවියනේ මේකා ඒ පාර මොකක්ද මේ කරන්න යන්නේ

ඒකාගෙ ඇස් දිහා බලන් ඉන්න බැරි තැනම මං ඔලුවත් බිමට බරකරගෙන එහෙම හිතුවෙ ඒත් එක්කම ඒකා මගෙ නිකටින් අල්ලලා ඔලුව උස්සද්දි

“අයි ලව් යූ මැණික”

මගෙ ඇස් ඒ ඇස් අතරෙ අතරමං වෙන්න හදද්දිම මං මගෙ ඇස් ඒ ඇස් වලින් ගලවගන්න උත්සහ කරද්දී එකපාරටම ඒකා කිව්වෙ මාව ගැස්සිලා යද්දී

එත් එක්කම මට හිතනවත් ඉඩක් නොතියා එකපාරටම මගෙ අතින් ඇදලා අරන්  ඒ උණුසුම් පපුවට මාව තුරුල් කරගෙන මගෙ හිස්මුදුනෙ ඒ සීතල දෙතොල් තද කලේ මාව හිරිවැටිල යද්දි

“මට තවත් මේක හංගන් ඉන්න බෑ මෙච්චර කල් මං ඉවසුවෙ ඔයාට හිතහදාගනන කාලයක් දෙන්න ඕනි කියලා හිතුන නිසා ඒත් මට තවත් මේක හංගන් ඉන්න බෑ බන්”

මගෙ අතපය ලොක් වෙලා වගේ මුවත් ගොළු වෙලා ටිකවෙලාවකින් මාව ඒ තුරුලෙම තියාගෙන එයා එහෙම කිව්වෙ මගෙ ඇස් වලින් කදුලු වැල් කඩන් වැටෙද්දී

ඒ වෙලාවෙ එයාගේ උනුසුමට මට ලෝබ හිතුනත් මං මගෙ හිත ගල් කරගත්තේ විනෝද් අන්තිම දවසෙ මට කියපු දේවල් මගෙ කන් වල රැව්පිළිරැව් දෙද්දී

“මට ගෙදර යන්න ඕනෙ”

කතාකරන්න පුලුවන් උන හැටියෙ මං එකපාරටම එහෙම කිව්වාම එයා කලබලෙන් වගේ ඒ උණුසුම් පපුවෙන් මාව ඈත් කලේ මගෙ මූණ දිහා බලන ගමන්

“ඇ…ඇයි මැණික  මේ”

“මට ගෙදර යන්න ඔනේ ප්ලීස්ස්”

ඒත් එක්කම එයා කලබලෙන් වගෙ එහෙම අහද්දී මං ඒ ඇස් මගඅරිමින් පිටිඅල්ලෙන් මගෙ කදුලු පිහින ගමන් කිව්වෙ මගෙ ඉකිය ආයාසයෙන් මැඩගෙන

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පැය බාගෙකින් විතර වගේ රැවුලා අර්පාට්මන්ට් එක ළඟින් වාහනේ නවත්තපු ගමන් මං මුකුත් ම නොකියා වාහනෙන් බැහැලා ලිෆ්ට් එකට ගොඩ උනේ එයත් මගෙ පිටිපස්සෙන් වැටෙද්දී

අපෙ අර්පාට්මන්ට් එක ලගට ඇවිත් එකේ දොර අරින්න හදනකොටම එයා මගෙ වැලමිට ලගින් ඇදලා ගත්තෙ මාව පරඩැල වගේ ඇඳිලා ගිහින් ඒ පපුවෙ වදිනකොට

ඒත් එක්කම මට හිතන්නවත් ඉඩක් නොතියා මගෙ උරහිස් දෙකෙන් අල්ලලා එයා මගෙ නලලට ඒ දෙතොල් තිබ්බේ ඒ දෙතොල් පහසට මාව ආයෙමත් පාරක් ගැස්සිලා යද්දි

මටත් නොදැනීම ඒ දෙතොල් පහසට මට ලෝබ කමක් දැනුනත් ඒත් එක්කම මතක් උන දෙයක් එක්ක මං මගේ හැගීම් වලට වැට කඩොලු දැම්මෙ මගෙ හිත ගල් කරගනිමින්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

වොෂ් රූම් එකට ඇවිත් ඇදුම් උනාදාලා මං  වතුර මල යටට ආවෙත් රැවුලා ගැන කල්පනා කරමින්

ගෙවී ගියපු කාලෙ හැම දවසකම වගේ මං කලේ එයා එක්ක කොක්කක් පටල ගත්ත එක මං පටල ගත්තයි කිව්වට මං  එයාව ගනන්ගන්නැතුව යන්න  හදපු හැමවෙලේකම වගේ එයා කලේ මොකක් හරි කරලා මාව අවුස්ස ගන්න එක්ක

පස්සෙ මාත් පුරුද්දට වගේ එය එක්ක රංඩු වෙන්න ගත්තෙ මගේ යටි හිතත් ඒ පුංචි පුංචි රංඩු වලට ආසා වුන නිසා

ඒ උණුහුමට ඒ හිනාවට මගෙ යටි හිත ආසා වුනත් ඒ හැමවෙලේකම මට මතක් වෙන්නෙ මට කවමදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියන එක

ඒත් රැවුලාගෙ ඇස් වලින් මං  බොරුවක් දැක්කෙ නෑ ඒ ඇස් වලින් මං දැක්කෙ ආදරේ

______________________________________________

ඔන්න එහෙනම් රැවුලා සෝනූ ට ආදරෙයි කිව්වා ඈ???

1 thought on “හිතුවක්කාර ආදරී | 21 කොටස | නවකතාව”

  1. අඩේ සෝනු රැවුලා එක්ක යාලු වෙයිද ?? ගොඩක් ලස්සනයි අක්කියො කාතාව අනෙ හෙටත් අනිවරෙන් කතාව දාන්න හොන්ද ☺️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.