Katha Ahura

හිතුවක්කාර ආදරී | 22 කොටස | නවකතාව

5/5 - (21 votes)

22 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

ඒ උණුහුමට ඒ හිනාවට මගෙ යටි හිත ආසා වුනත් ඒ හැමවෙලේකම මට මතක් වෙන්නෙ මට කවමදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියන එක

අද රැවුලාගෙ ඇස් වලින් මං  බොරුවක් දැක්කෙ නෑ ඒ ඇස් වලින් මං දැක්කෙ ආදරේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

ඒ ආදරේට ඒ උනුහුමට මගෙ හිත ආස කලත් එත් ඒ ආදරේට ලෝබ වෙලා මේ වෙලාවෙ ආත්මාර්ථකාමී වෙලා එයාට ලං වෙලා මට බෑ එයාගෙ ජීවිතේ විනාස කරන්න

ඒ නිසා හොදම දේ තමයි එයාගෙන් ඈත් වෙලා ඉන්න එක

මගෙ හිතයි මොළයයි අතර ඇති වුන ඒ සටනින් අන්තිමටම මොළය ජයගනිද්දි මගෙ හිත ඇතුලෙ එයා ගැන දලු ලා වැඩෙන එයා ගැන ඇතිවුන ඒ ආදරේට එරෙහිව මං වැටකඩොලු බැන්දෙ අවසානයේ තීරණයකට ඇවිත්

ඇස් වලින් ගලන් යන කදුලුත් පිහදාන් මං ටවල් එකත් ඇදන් කාමරෙට ආවෙ ඉස්සරහට පුලුවන් තරමක් එයාව මගඇරලා එයාගෙන් ඈත් වෙලා ඉන්න හිතාගෙන

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එදයින් පස්සෙ අදට සති දෙකක් ගතවුනේ මං රැවුලා ව දිගින් දිගටම මග අරිද්දී

රැවුලා ව දැක්කම වෙනදට මොකක් හරි හේතුවක් හදන් එල්ලෙන්න හදන මං දැන් එයාව දැක්කත් නොදැක්කා වගෙ යන්නේ මගෙ හිතට මං ම දාගත්ත තහංචිය නිසා

ඒ වෙලාවට රැවුලා මොකක්ම හරි කරලා මාව අවුස්සන්න හදනකොට මං කරන්නෙ ඒ ඇස් මගඇරලා ගනන් නොගෙන ඉන්න එක ඒ වෙලාවට ඉතින් ඒ මූණ සැණින් අදුරු වෙලා යන්නෙ හරියට වහින්න  කලින් අදුරු වළාවන්ගෙන් වැහිලා තියෙන අහස වගේ

ඒ වෙලාවට ඒ මූණ දැක්කාම මගෙ හිත කෑ ගහල අඩද්දී ඒ මූණ දිහා බලන්න බැරිකමට මං කරන්නෙ ඒ ඇස් මගඇරලා යන එක

අදත් ඉතින් ඒ වගේම දවසක් තමයි.මං අර්පාට්මන්ට් එකට ඇවිත් ලිෆ්ට් එකට ගොඩවෙලා ඒකේ දොර වැහෙන්න ඔන්න මෙන්න් තියෙද්දි කොහෙදෝ ඉදලා දුවන් ඇවිත් රැවුලා ලිෆ්ට් එකට ගොඩවුනේ මගේ හාර්ට් එකත් එකසිය ගානට ගැහෙන්න ගනිද්දී

ඒ මොකද කියනවා නම් මේ වෙලාවෙ මේක ඇතුලෙ ඉන්නෙ මායි මේකයි විතරක් නිසා

“කියනවා ඇයි තමුසෙ මාව මග අරින්නේ ආහ්”

ඒත් එක්කම එකපාරටම මේකා මගේ වැලමිටෙන් ඇදල අරන් බිත්තියට හේත්තු කරලා මගෙ ඇස් වලට එබිලා එහෙම මගෙ ඒ ඇස් වල තිබ්බ හීන් කදුලු පටලෙ දැකලා මගෙ ඇස් ගැස්සිලා යද්දි

“තාමත් ඔය තිතේ ඉන්නෙ අර විනෝද් කියන එකාද”

“මට ආදරේ නැද්ද මැණික ඒකද මාව මෙහෙම මග අරින්නෙ”

“ම්ම්ම්ම්…… ඒකද?”

ඒ සැණින් බිමට බරවෙලා තිබ්බ මගෙ මූණ ඒ දෝතට අරන් බිඳුණු කටහඩින් මගෙ ඇස් දිහා බලන් එයා අසරණව එහෙම ඇහැව්වෙ මගෙ ඇස් වලත් කදුලු පිරිලා මගෙ හිතත් අසීමිතව රිදුම් දෙද්දී

එපා එපා මෝඩයෝ ඔය ඇස් වලින් මං දිහා ඔහොම බලලා ඔය කදුලු ඉස්සරහ මාව මෙහෙම අසරණ කරන්නෙපා

මගෙ හිත ඇතුලෙන් කෑ ගහලා එහෙම කියද්දි ලිෆ්ට් එකේ දොර ඇරෙනවත් එක්කම මං එයාවත් තල්ලුකරන් කොරිඩෝ එකේ දුවන් ඇවිත් අර්පාට්මන්ට් එකට ඇතුල් වෙලා එහෙම්මම දොරට පිටදීලා අඩාගෙනම හිටගත්තේ එක අතකින් මගෙ පපුවත් මිරිකගෙන

එහෙම්මම දොර දිගේ රූටලා පහළට ඇවිත් දණිස් දෙකේ මූණ ඔබාගෙන මං ඉකිගසමින් ඇඩුවෙ ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ මැවි මැවි පෙනෙද්දී

ටික වෙලාවක් එහෙම ඉදලා මං කාමරෙට ඇවිත් ඇදුම් උනා දාල වොෂ් රූම් ආවෙ හිතට කියාගන්න බැරි දුකක් ඇතිවෙද්දි

වොෂ් එකක් දාගෙන කාමරේට ඇවිත් මං කුස්සියට ගිහින් කිරි එකක් විතරක් බීලා කන්නෙත් නැතුව එහෙම්ම ඇදට වැටුනේ බඩේ ගින්දරට වඩා හිතේ ගින්දර ඊට වඩා වැඩි නිසා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔහොම්මම තවත් දවස් දෙකක කාලයක් ගෙවිලා ගියේ මං තව තවත් රැවුලා ව මගඅරිද්දි

නිකියාගේ නැන්දා හොස්පිට්ල් නිසා නිකියා නිවඩුවක් දාලා ටිකක් දවල් වෙන්න ඇරලා හොස්පිට්ල් යන්න ලෑස්තිවෙද්දි මාත් නිකියා එක්ක හොස්පිට්ල් යන්න ලෑස්ති වුනේ මේ දවස් ටිකේ ඉස්කෝලෙත් නිවාඩු නිසා මං ගෙදර හිටිය කියල කරන්න වැඩක් ඇති එකක් යැ

ඇන්ටිව බලලා නිකියත් මාත් එක්ක අර්පාට්මන්ට් එකට එන්න හදද්දී එකිට ඔෆිස් එකෙන් කෝල් එකක් දීපු නිසා ඒකි එහෙම්මම ඔෆිස් එකට ගියා.

මාත් එහෙම්මම අර්පාට්මන්ට් එකට එන්න ආවෙ කම්මැලි කමේ

අක්කල ගෙදර හිටියා නම් එහෙ ගිහින් බබියා එක්ක නට නට වත් ඉන්න තිබ්බා
දැන් ඉතින් ගෙදර ගිහින් අර රැවුලා ගෙ මූණ මතක් වෙන සැරයක් ගානෙ හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ

අනේ මන්දා කොච්වර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බෑනේ මේකව හැබැයි ඉතින් එහෙමයි කියලා ආදරේ කරන්නත් බෑ.

“හ්ම්ම්ම්හ්”

අර්පාට්මන්ට් එකට ඇවිත් කල්පනා කර කරම මං බර සුසුමක් හෙලලා ලිෆ්ට් එකට ගොඩ වුනේ රැවුලා ව මතක් උන නිසා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“චහ්………”

ඒ මොකක්ද ඒ වුනේ එකපාරටම කවුද මේ ලයිට් එක ඕෆ් කලේ දෙයියනේ හොරෙක් වත් පැනලද දන්නෑ.

මං දොරත් ඇරගෙන සාලේ ලයිට් එකත් දාගෙන  සෝෆා එක ලගට ඇවිත් බෑග් එකත් සෝෆා එක උඩට දාලා කුස්සියට යන්න හදනකොටම එක පාරටම කවුරු හරි ලයිට් එක ඕෆ් කලේ මගෙ හිතත් ගැස්සිලා යද්දී

හිතට එක එක බහුබූත අදහස් ගලාගෙන එද්දි මං ස්විච් එක තියෙන පැත්තට ආයෙත් ලයිට් එක දාන්න හිතාගෙන අඩි දෙක තුනක් තියද්දිම ආයිත් එකපාරටම ලයිට් එක පත්තු වුනේ මට හීන් දාඩිය දානකොට

ඒ ගමන කවුද මේ හැංගිමුත්තන් කරන එකා

“සලාංංං……”

“බබාහ්…..”

ඒත් එක්කම එකපාරටම මල්පෝච්චියක් බිදුන හඩින් ගැස්සිලා ගිය මං ගැහෙන පපුවට අතකුත් තියන් මගෙ බෑග් එකෙන් ෆෝන් ගන්න හිතන් සෝෆා එක ලගට දුවන්න හදද්දී මගෙ පිටිපස්සෙන් ඇහුන ඒ හඩින් මාව ගල්ගැහිල ගියේ ඒ අඩිසද්දෙත් මට ළඟ ළඟ ම ඇහෙද්දී

______________________________________________

ඒ සැගවුනු අමුත්තා කව්ද???????????

1 thought on “හිතුවක්කාර ආදරී | 22 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.