Katha Ahura

හොල්මන් බංගලාව | තුන්වෙනි කොටස ☠️ | හොල්මන් කතා

4.2/5 - (115 votes)

3 වෙනී කොටස

ඔව්. මන් දැක්කේ වැවේ අවුරුදු 23ක වගේ පිරිමි ලමයෙක් වතුර ඇතුලේ පා වෙනවා. එයා මන් දිහා බලාගෙන හිටියා….. ?. මන් බයෙන් වෙව්ලමින්. දුවගෙන ගිහින් නැවතුනේ මගේ බෙස්ටිව බදාගෙන . මාගේ නෙත් වලින් කදූරූ රූරා වැටුනේ තිබ්බ බය හින්දමයී…

“සූදූ මොකද උනේ . ඇයී ඔයා බය වෙලා. මොනවද ඔයා දැක්කේ?”

“අර අ..ත.. න   ක..ක ..වුද  පා ..ක්ක්ක් ……. පාවේනවා.” ශාලූ අයියේ

භානූක අයියා ගොස් බැලූ නමුත් එතන කවුරුත්ම හිටියේ නැහැ.නමුත් මා දුටු දෙය සැබැවක් වූ අතරම.මා හට මේ ‍තැන ගැන දැඩි බියක්  දැනුනේ ජීවිතයේ පලමු වතාවටයි.

“ඔන්න සුදූ ගෙදර ගිය ගමන් අක්ශි ඩොක්ට කෙනෙක් හම්බුනොත් හොද නැද්ද?”

“ඒ ඇයි රදීක අයියේ “සදූ ඇසුවේ කල්පනාවෙ ගිලෙමින්.ඇයී ඉතින් මේ හොල්මන් අස්සේ කාටද අනේ ඇස් දොස්තරලා මතක් වෙන්නේ.

“නෑ බන් කෙල්ලට මගුලක් කතා කරනම් හරී”

“ඒ මොකටද භානු”

“නෑ ශාලූ මන් අහලා තියෙනවා හිතේ තියෙන දෙවල්ලු අපිට ඇත්තම විදිහට  පේන්නේ කියල. කෙල්ල වැවේ දැකලා තියේන්නේ කොල්ලේක්නි.”

“අනේ මේ භානු මෝඩයෝ කටවහගෙන ඉන්නවා . මන් දැක්ක දේ ඇත්තක්. කවුද දන්නහෑ . Girls school එක ලගට වෙලා හැමදාම බලන් ඉන්නේ. නෙත්..මි අක්…”මාගේ කට තද කල භානූ අයියා ලැජ්ජවෙන් බීම බලා ගත්තේ රතු වූ ඔහුගේ මුව කමල සගවමින්….

“කවුද බන් චතු . යකෝ භානුටත් ඒනම් මල්සරා විද්දා ඈ . යකෝ බොක්ක, කියලා අපිට මූ කතා කරන්නෙ කෝ කිවුවෙවත් නෑනී මේ හැලපයා. ?”

“කියන්න තාම රදීක හිටියේ තාම බන් සෙට් නෑ හරියට . ”

අපි කතාවෙන් කතාවෙන් අපේ වහනය අසලට නැවත පැමීනී අතර මා නදීගේ අත තද කර අල්වා සිටියේ . කලින් සිදුවූ සිදුවීම ගැන මා තුල ඇතී වී තිබූ බිය නිසාවෙන්. ඇත්තෙන්ම මා දුටු දෙය මායාවක්ද? නොඑසේ නම් . මාගේ සිත තුල ඇති වූ යම් සිතුවිල්ලක් පමණක්ද? ඇත්තෙන්ම මා දුටු දෙය සැබෑවක් නම් අනෙක් අයට එය නොපෙනූනේ මන්ද? මා නොයෙක් සිතිවිලි වල අතරමං ඌ අතර පියවි සිහියට පැමිනියේ රදීක අයියාගේ සුපුරුදු ටකරන් වොයිස් සද්දෙන් ?

“ඒ මේ සුදු මගේ කෙල්ලගේ අත එහෙම කඩන්න එපා. ඔහොම අල්ලන් හිටියොත් මගේ සූටී සෝස මලට සිදෙයිනි . “මාගේ කනට කර රහසින් කියූ වදන් නදීටද ඇසුනු අතර ඇය ලැජ්ජාවෙන් රතු වූයේ ජම්බු ගෙඩියක් මෙනී.

“නදී… රාදික අයියා ඔයාට කැමතියිලු ” ඔයා කැමැති වෙන්නෙ චොකලට් දුන්නොත් විතරයි නෙද? .. ලොකුම චොකලට් එක දෙන කෙනාට නේද කැමැති වෙන්නේ. ස්කෝලෙ දිල්ශාන් ඔයාට කැමැතියි කියද්දී දුන්නේ දාහක චොකලට් එකක් නේද ?” නදී මා දෙස බලා ඔරවන්නට විය. ඔව් අනේ මන් ඉතින් තාම සූටීයිනී. හී දිල්ශාන්  කියලා කවුරුත් ඇත්තෙත් නෑ. මන් රදීක අයියා අවුස්සලා චොකලට් කන්න හැදුවේ. හී.නදීට චොකලට් හම්බෙනව කියන්නේ එකේන් බාගයක්  මටනී. කොහොමහරි රදීක අයියගේ සිගිති මූන අදුරු වුනා කියලානම් සීයට දාහක්  ශුවර් . පවු අනී. එයා හිතන්න ඇති මන් කිවුවේ ඇත්තමයි කියලා.

කොහොමින් කොහොම හරී මගෙ යලුවන්ගේ . නෑ නෑ යාලුවෝ කියනවට වඩා සහෝදරයෝ කියන එක තමයි හොද . මොකද අපී හැමෝම ඒ තරමටම ලගයී . තමන්ගේම අය වගේ තමා ඉතින් . විහිලු  තහලු මගීන් නැවත වාහනයට නැග ගමන් ඇරඹූවේ හෝටලය වෙතයි. . එසේම map එකෙන් බලාගෙන ආ පාර වැරෑදී ඇති බව අපට පසක් වන්නට වැඩිවේලාවක් ගත වූයේද නැත.

මමත් map එකෙන් පාර බැලූ  අතර මගේ 4n ekee map එක බඹරයක් මෙන් කැරකෙන්නට වූයේ සිතිමටවත් ඉඩක් නොතබමින්. 4න් එකෙ අවුලක් වගේ කියා සිතූ. මා 4න් එක ඔෆ් කලේ හිතේ තිබූ බිය අනෙක් අයට සගවමින්.. බය හිතෙන්නෙ නැත්තේ නැහැනී මේ ටිකට උනූ දේවල් එක්ක… එසේම අපී තව ටික දුරක් ඉදිරියට ගමන් කරන විට භානුක අයියා එකවර වාහනයේ තිරින්ග යොදා නතර කරේ අප සියල්ලන්ම සීට් වලින් බිමට වට්ටමින්.

“මොකෝ භානුක මොකක් හරි ප්‍රශ්නයක්ද? ශාලු අයියා  ඇසුවේ සැමගේ අවදානය ඔහු දෙසට ගනිමිනි.”

එක්වරම භානුක අයියා වාහනයෙන් බැස වාහනය ඉදිරියට ගමන් කර සතර දෙසම විමසිල්ලෙන් බලමින්  පරික්ශා සහගත බැල්මක් හෙලූවේ සැමගේ කුතුහලය මදකට අවුස්සමිනි..  ” නෑ බන් මන් දැක්කනි කලුපාට මොකද්ද එකක් එකපාරට පාර හරහා යනවා . හෙවනැල්ලක් වගේ බන් පෙනුනේ. මන් හිතන්නෙ මනුස්සයෙක්”

“උබට විකාරද භානු ඒ පාර සූදූට විතරක් නෙවේ උබටත් අවතාර පේන්න අරන් යකඩෝ මේ වගෙ බය ගුල්ලො එක්කනි අපිත් tripයන්නේ. දා ගනින් ගිහින් බෙල්ල වටේට සුර ටිකක් මනෝ විකාර පේනවා කියලා. පාර පැනපු ඇට ගෙම්බා ඉන්න එපැයී බන්  උබ  ඔච්චර දැක්කනම්. තව ඩින්ගෙන් මගේ දත් ඇන්දත් බඩට යනවා බ්‍රේක් ගහපු ගැහිල්ලට.” රදීක අයියා කෑ ගැසුවේ තරහින් පුපුරු ගසමින්. රදීක අයියා දැන් කොහොමත් තරහින්නි ඉන්නේ දිල්ශාන් කියලා බොරු කොල්ලෙක් ගැන කියපු හින්දා .. හී ☺️☺️.ඒකේ තරහත් භානු අයියා පිටින් ගියා.??.පවු අප්පා.

“හරී භානූ දැන් අපි යන් තව පරක්කු වෙන්න කලින්.”ශාලු අයියා හඩ අවදි කලේ මොවුන් අතර පැවති හොල්මන් වාදය මදකට අවසන් කරමින්.

 කෙසේ හෝ අවසානයේ     හෝටලයට පැමිනි අතර එය අදුරු පෙනුමකින් යුක්ත විය. සැබැවින්ම වෙලාව 4හමාර පමන වූ නමුත් හවස 6හමාර තරම් අදුරු මුස්පේන්තු පෙනුමෙන් යුතු වූ හෝටලය දකින් ඕනෑම අයෙකු මදකට හෝ බිය වැද්දීමට සමත් විය.. එසේම පාලු මූසල හැගීම් වලින් හදවත පිරීයන්නට විය.  දසතින්ම විහිදී ඇති අවුරුදු 100ක් ව්තර පැරනී ගස් වල කොල හැලී ඇටසැකිලි මෙන් සුලගට සෙලවෙන්නේ බෝහෝ වේදනාවකින් බව දකින ඔනෑම අයකුගේ හදවතට දැනේනු ඇත.එසේම මෙම හෝටලය කදූ වලල්ලකින් වටවී ඇතත් එහි අලංකාරය වෙනුවට  එහී බයානක පෙනුමක් එලි දක්වයි . අපි සියලු දෙනාගේ මුනූ වල ඇදී තිබූනේ හෝටලය ගැන තෘප්තිමත් නොවූ ස්බාවයකි. ඇත්තෙන්ම සතුටු වෙන්න පුලුවන් කමක් නෑනී. හෝටලය තුළට ඇතුල් වූ විට මෙහි පවතින භයානක මෙන්ම පාලුවට ගිය ස්බාවය වැඩි වැඩියෙන් දැනෙන්නට විය. ඔව් මෙය හෝටලයක් මෙන් නොව හැම තැනම කාමර සහ විවිධ දෙසට පාරවල් පවතී. එසේම හෝටලය ඉතා විශාල ඌ අතර ” මෙය හෝටලයක්ද නැත්තම් හොල්මන් බංගලාවක්ද?” යැයී  නදීක අයියා පැවසූ අතර ඇත්තෙන්ම මේය ඒ තරමට පැරනී මෙන්ම ගරා වැටුනු ස්භාවයක් ඉසිලීය.

මේහි මැනේජර් යැයි පවසන තරබාරු උස මිනිසෙකු පැමිනි අතර ඔහුගේ පෙනුම මෙහී තිබූ පෙනුමටම ගැලපිනි.

“මහත්තයලා , wash එකක් දා ගෙන කාලා ඉන්න. කෑම හදලා තියෙන්නේ. ” මැනේජර් පැවසීය.

“හා හොදයී. අංකල්”

“මේ බන් මේක පාලු හොටලක්නී. මේකේ මැනේජර් කාරයාත් හොල්මනක් වගේ.”

“හොල්මනයී .. හොල්මන් බංගලාවයි. ඒකත් මරැ හැබැයී ‍‍රදීක.”

අම්බෝ හරිම බඩගිනියි. හොල්මන් වගේද අනේ කෑම … කෑම කිවුවම හැම දේම අමතකයීනි. මගේ බඩේ පණූවෝ බොක්ශින් ගහන්න ගත්තෙ කෑම ගැන කිවුව ගමන්මයී.ඔන්න. ඉතින්.මගේ යාලුවෝ දේන්නත් ඇදගෙන දිව්වේ කාමාරේට…

“සදු, නදී එන්න . එන්නකෝ. ඉක්ම්න්ට යන්කෝ. මට බඩගීනී. එන්නකෝ.?.”

අපී තුන් දෙනාම එක කාමරයකට ගිය අතර මන් wash room එකට ඉක්මනින් ගොස් wash දමා ගත්තේ තිබ්බ බඩගින්න වැඩි කමටමයි..

“ඉක්මනින් එන්නකෝ. නදී. මට බඩගිනීයෝ. ඔයා පැල වෙලාද . මුල් කපන්න එන්නද? යකෝ මනමාලී වරකෝ එලියට. උබේ කුමාරයා මේ රිලවී එනකන් බලන් ඇතී. දැනටමත් පල්ලෙහාට වෙලා.. වරකෝ ඇති නෑවා”

“යකෝ වැස්සියෙ එනකන් හිටපිය. නැත්තන් පල මන් එන්නම් සදු එක්ක. ”

ම්ම් මට ඔන්නෑ කවුරුත් මන් තනියම යනව ම්ම්. අවේත් තනියම යන්නෙත් තනියම … ?. ඔව් මන් තනියම  ගිහින්. කෑම වලට වැඩේ දෙන්න පටන් ගත්තා . යකෝ කන වෙලාවටවත් නිදහසේ කන්න නෑනී . ගස් ගෙම්බෝ එනවනි එකත් නැති කරන්න.

ඔව් ඔව් රදීක අයියා ආවේ. ” කෝ සුදු.. නදී”

ආආ ” රදීක අයියේ…ඔයාගේ සෝස මල සෙන් පවුඩර් දාල හැඩ වෙලා උඩු මහල් තලයෙන් කුමාරිකාව වගේ බිමට බසී.එතකන් හිටියොත් හෙට උදේ සිරස්තල වලට දාන්න වෙන්නේ බඩගින්නේ බන්ගලාවක් තුල ලස්සන කෙල්ලෙක් මියයයි කියලා තමා ඒ හින්දා මන් මේ තනියම කෑම කනවා. මොකද ඉතින් නදී නාන්නේ හත් දවසකින් නාලා නෑ වගේනී අනී.”

“සුදු දිල්ශන් කියන්නෙ කවුද?.” හික්ස්.. ඔන්න ඉතින් නියම පොටට රදික අයියා ජොයින් වෙනවා. මට කෑම ටික ඉස්මොලේ ගියේ  මා කීව බොරුව නැගලාම යන බව දැන ගත් නිසයී ??. හික්ස් ඔන්න ඉතින් රදීක අයියා ඔය හොදටම ඇන්දිලා ඉන්නේ. තව බොරුව කිවුව කෙනා ලගටම ඇවිත් තියෙන්නේ තව ටිකක් ඇදගෙනම නාන්නද කොහෙද???? . ඔන්න ඔහේ තව චුට්ටක් අන්දනවා…☺️

“ආ අයියේ එ කොල්ලා  නම්  හැන්ඩියා  පට්ට ලුක් එකක් තියෙන්නෙ ඈ . ඉක්මන්ට නදීව දා ගන්න වෙයී. නැත්තම්. ඉතින් සොරි ඩොට් කොම් තමයි. අනික කොල්ලා මරූ ඈ . නදීලගේ ගෙවල් හරියෙලු ඉන්නෙත් … නදීත් හැමවේලේම එයා ගැනමයී කතාව”

හීක්ස් මන් හිනාව මැඩ ගනිමින්. පච කියන්නට වූ අතර ඔහු එය විශ්වස කරන්නට කරේ සීරීයස් මුහුනකින් . පවු අප්පා.මොනවා උනත් නදීට පණ ඇරලා…

ශාලු අයියා මා හට කතා කලේ මන් ඉහල මහලට යන්න හදන විටයී.. ” නංගි ඔයා පරිස්සමට ඉන්න. මේ තැන එච්චර මට අල්ලන් නෑ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා . මොකක් හරි ප්‍රශ්නයක් උනොත් රෑට ඔයාලට. මට කෝල් කරන්න . මන් එන්නම්  .”

“හරී අයියේ?”

ඔහු මා දෙස බලා ඔහුගේ සුපුරුදු සිත වසග කරවන සිනහව මා වෙත පෑ අතර මාගේ නලලට තොල් තබා මට ඉහලට යන් ලෙස පැවැසීය .

හවස 8. 30ට පමන අපී සියලු දෙනා පහලට බැස ගත් අතර .එහිදි සින්දු කියමින් විනෝද විය.. එසේම සින්දු කියමින් සිටි ශාලු අයියා දෙස මා බලමින්. මනෝ ලෝකයේ අතරමන් වූ අතර. එකවර විදුලිය විසන්දි වූයේ අපේ සිත් තුලද අනිසි බියක්  ඇති කරවමින්..

“මොන මගුලක්ද බන් මේ ” අපි හොටෙල් එකකටද නතර වෙන්න ආවේ නැත්තන් . නැත්‍නම්  ගුහාවකද? …ශික් ඉදලා ඉදලා මදෑ trip එකක් අවා, ඒකත් කනවා .”

“මේ මගුලේ ජෙනියක්වත් නැද්ද බන්. ” ශාලු උබ කොහෙද යන්නෙ ?”

“මන් ඉටිපන්දමක්වත් හොයාගෙන එන්නම්. භානුක”

එසේම එකවර දැඩි සුලගක් හෝටලය වටා පැතිරුනු අතර ඇග කිලි පොලායන්නට විය . එසේම වීදුරු බිදී වැටේන හඩ සේ හඩක් ඇසෙන්නට විය . එසේම අධික වර්ශ්වක් ඇද හැලෙන්නට විය . එසේම මාගේ දෙසවන් වලට යමෙක් බෝහෝ වේදනාවෙන් කෑ ගසන හඩක් ඇසෙන්නට ඌ අතර ඒ හඩ ක්‍රම ක්‍රමයෙන් ලන් වන්නට මෙන්ම දැඩි වන්නට විය.

“ඔයාලට කවුරු හරි කැගහනව ඇහෙනවද? ”

“නැ තරූ එහෙම ඇහෙන්නැ . ඔව් සුදු අපිටත් ඇහෙන්නෑ” සදූ සහ රදීක අයියා  එසේ පැවසුවේ මගේ හදවතේ ගැස්මද වේගවත් කරමින්…

 හඩ ක්‍රම ක්‍රමයෙන් ලන් ඌ අතර මා සිටි තැනීන් පිටුපස දෙස මා බැලූ අතර ඇස් දේක  රතු පාට ඌ යමක් මා දෙස බලා සිටින්නට වූ අතර දැඩි අදුර නිස මට කිසිවක් හරියාකාරව පෙනුනේ නැත . නමුදු මාගෙ හදවත දැඩි බියෙන් වේගයෙන් ගැහෙන්නට විය. නමුද මා අසල සිටි කිසිවෙක් මා දුටු දෙය නොදුටුවේ මා තවත් බියට පත් කරමින්. ඇත්තටම මටම මේ පිස්සු විකාර පේන්නේ ඇයී? ඔක්කොටම කලින් මනෝ වෛද්‍යවරයක් හම්බුනනම් හරි වගේ..

“ශාලු තාම නෑනී. එයාට කරදරයක්ද? මන්දා ”

“ඔව් රදීක අපි යන් එයාව හොයන්න . ඔයාල මෙතනටම වෙලා ඉන්න. මමයි රදිකයි  යනවා එයාව සොයන්න. ” භානූ අයියා හා රදීක අයියා ශාලු අයියා    සෝයාගැනීමට ගිය අතර නමුත් බොහෝ වෙලාවක් ගත වූ නමුත් ඔවුන් නොපැමිනියේය. මාගේ සිත තුල ශාලු අයියට කරදරයක්ද ? යැයි සිතීම මත ඇති වූ දැඩි බිය නිසා මා ශාලු අයියව සොයා යෑමට තීරණය කර නැගී සිටින්නට විය.

“ඔයා කොහෙද යන්නෙ සුදූ”…. ආ ආ ම්ම් මන් මන් wash room යනවා. ” ඔව් ඉතින් මන් ශාලූ අයියා හොයන්න  යනවා කිවුවනම්  යන්න දෙන්නැනී මේ කලුවරේ.

“සදූ ඔයත් මෙයා එක්ක යන්න. ”

මන් සදූ සමග ඉදිරියට ගමන් කල අතර දැඩි සුලග සහ දැඩි අන්දකාරය මත මා ඇගේ අත අල්ව සිටි නමුදු . යමක් මා අදින බව  මට දැනෙන්නට ඌ අතර ඇගේ අත මට අත හැරෙන්නට විය… මා යම් නාදයක් දෙසට වශී උවකු මෙන් ගමන් කරන්නට ඌයේ මට මාව පාලනය කරගැනීමටත් නොහැකි වෙමිනි.එසේම ඒ නාදය බොහෝ හුරුපුරුදු බවක් මා සිතට දැනෙන්නට විය.

මා යම් කාමරයක් තුලට ඇතුලු ඌ අතර එහි යම් මිනිසෙක් මිහිරි ලෙස පියානෝවක් වාදනය කරන්නට විය. ඔහු මා දෙස සිනා සී බැලූ අතර ඒ සිනව ක්‍රම ක්‍රමයෙන් වැඩි වී මාගේ දෙකන් තුළ දෝන් කාර දෙන්නට ඌ අතර ඔහුගේ මුහුණ  දැකීමේන්. මාගේ බිය දෙගුන තෙගුන වී කකුල් ද අප්‍රාණික  විය.——————————————————-

මන් සනූ

ඔන්න යාලුවනේ හොල්මන් කොටසට දැන් join උනා. එ වගේම මාගේ පලවෙනී කතාව නිසා ගොඩාක් අඩු පාඩු ඇතී. ඒවා තිබ්බොත් කියන්න. ? . ඔයාල හැමෝටම බුදුසරනයි . දෙවිපිහිටයි. හැමෝම පරිස්සමට ඉන්න ?

2 thoughts on “හොල්මන් බංගලාව | තුන්වෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.