Katha Ahura

හොල්මන් බංගලාව |දෙවෙනි කොටස ☠️ | හොල්මන් කතා

4.5/5 - (26 votes)

2 කොටස

මන් කැ ගහගෙන ඇහැරුනේ “අම්බෝ බේරගනීයෝ. මෙන්න මගේ අයිස් ක්‍රීම් එකට පණ ඇවිල්ලා.. ” ඔව්නි මන් හිනේන් අයිස් ක්‍රීම් කන ගමන්නි හිටියේ . ඉතින් මගේ කනට හූ කිවුවම. මන් හිතුවේ අයිස් ක්‍රීම් එක කතා කරා කියලා.? ….. මුන් ටික මගේ කනට හූ කියලා. මෙන්න බොලේ මේ පාන්කඩයෝ ඔක්කොම මට හිනා වෙනවා .  මේ රදීක පිස්සා තමයි මගේ හිනේත් කා බසීනියා කරලා තව හිනා වෙන්නේත්. ම්ම්ම් මගේ සූටි සිත රිදව්වනී. ??. මන් ඉතින් හැමෝටම රවලා ග්ලාස් එකේන් එලිය බලාගෙනම ගියා.

ඔන්න ඉතිං වෙලාව 10ට ඉතර උනාම. කෑම කන්න කඩයක් ගාව නතර කරා.මන් ඉතින් හැමෝම එක්ක තරහයිනි… හැමෝම මට කන්න කතා කලාට මන් අනිත් පැත්ත බලන් හිටියා. මෙන්න බොලේ මුන් ටික මේ අහින්සක මාව දාලා ගීයානී. අප්පෝ බඩජාරියෝ.තව ටිකක් කතා කලානම් මන් එනවනී ?. අනේ මගේ බඩේ පණු පැටව් ටික පවුනී. එයාලව මන් බලාගන්න ඕනීනී… ම්ම් මහ හොද නැති  බඩජාරීයෝ සෙට් එකක්  . මන් හිතෙන් බැන බැන හිටියේ . යන්නත් ලැජ්ජයිනි.මගේ බඩේ පණුවෝ බොක්සිං ගහන නිසා මාත් යන්න හදද්දී මගේ ක්‍රශ් එක මන් ලග. හිතේ තියෙන සතුට හන්ගගෙන මන් එයා කිය්න්නෙ මොකද්ද කියලා බලන් හිටියා.

“සූදු ඔයාට මොනවාද ගෙනත් දෙන්න ඕනෙ ” ඔහුගේ හිනාවෙද්දි වල ගැසෙන කම්මුල් දෙස බලා සිටි මා මනෝ ලෝකයේ අතරමං වුනා.

“ආදරේ” … ලෙස පැවසූ මාගේ බොළද වදන් වලට ඔහුගේ  ඇස් ගැස්සුනු බව දැක්කම තමයී මං පියවි සිහියට අවේ.  . අප්පට වස නෝන්ඩියයී…? ලැජ්ජාවෙන් නෙත් බිමට හැර වූ මා “නෑ නෑ අයියේ මොනා හරි ඉක්මන්ට අරන් එන්න. ” කිවු මා දෙස  සිනා සී බලා  ඔහු හැරී නැවත කඩේ දෙසට    ගියා..ආ මට කියන්න බැරි උනානී. හැමෝම මට ආදරේට සුදූ කියලා කියන්නේ. ඒකයි එයත් සූදූ කියලා කියන්නේ හී නැතුව වෙන දේකට එහෙම නෙවෙයී හොදේ .ඔයලා වැරදියට තේරුම් ගත්තොත් එහෙම ඒකයි කලින්ම දැනුවත් කරේ .??

අපි නැවත අපේ ගමන ආරම්භ කල අතර. Map එකෙන් පාර බලාගෙන නුවර එලියට ගියා .

“අපි ඇවිදින්න හෙට යමු නේද? දැන් වෙලාව 3ට ඉතරනී. ” හොටෙල් එක හොයා ගන්න ඕනී ඉස්සල්ලාම.”

“ඔව් චතුක එහෙම කරමු . මැප් එකෙන් බලන්නකෝ. කොහෙද හෝටලය තියෙන්නේ කියලා. ” ලෙස පැවසූ භානුක අයියා රථය කෑලෑ පාරක් තුලට අතුලු කරා.

“මේ කෑලෑව අස්සෙද  බන් හොටෙල් එක තියේන්නේ.  මෝකෝ බන් කෑලෑ හොටෙල් එකක් උබ හොයා ගත්තේ . රදීක”

“මට කෙල්ලෙකුත් නෑනී බන්. මන් මේ වෘක්ෂ දේවතාවක්  සෙට් කරගන්න කියලා කෑලෑවට අවේ” හී උබට ඔන්නම් කෑලෑවල හොල්මන් ඉන්නවා එක්කෙනෙක් දා ගනීන්. නදීක.”

“අනේ පල යන්න. උබේ princess මේ උබ ඉස්සරහම ඉන්නේ. ” උබේ කුමාරිහාමීව එහෙනම් මන් set කර ගන්නම්. උබ  වෘක්ෂ දේවතවත්  එක්ක කෑලෑවට  වෙලා  හිටපං ”

“පල යන්න. ගස් ගෙම්බා”

——————————————————-

නදී,, රදීක අයියාටත් / චතූ අයියටත් රවනවා. හී ඔව් රාදීක අයියා නදී කෙල්ලට ලව් . එත් එයා තාම කියලා නෑ… රදීක අයියා trip එක යන්න අවේත් නදී එන නිසාමයී.?.නදී කෙල්ලත් ඉතින් නොදන්නවා  වගේ හිටියට එයත් ඉතින්  ඒක  දන්නවා.??.

කොහොමහරී හැමෝම හිනා වෙවී. අපි කෑලෑව අතුලට පැමිනි අතර එකවර භානු අයියා වාහනය නතර කරේ සියලු දෙනාගේ අවධානය ඒ දෙසට හරවමින්.

“මොකෝ බන් තෙල් ඉවරයිද?”

“නෑ ශාලූ . පාර ඉවරයිනී. මේ පාරේන් නේද ? හෝටෙල් එකට යන්න තියෙන්නෙ. ”

“ඔව් භානු මේ හරි පාර” රදීක අයියා කීව්වේය.

නඩේ ගුරා වුනු චතුක අයියාගේ කීම මත අප සැවොම වාහානයකට යා නොහැකී කුඩා පාරේ ඉදිරියට ගමන් කල අතර මටයි / සදුටයි/ නදීටයි මැදින් ගමන් කරන ලෙසෙ ශාලු අයියා පැවසුවේ අපගේ ආරක්ශව සදහායී..

“අර අතන වැවක් නේද? තරූ”

“ඔව්මයී යමූ ඉක්මන්ට නදී ” කියමින්. මා හැමොම පසු කර වැව දෙසට දිව ගියා. අපි නගරවල ජීවත ගත කල අතර වැවක් දකින්නෙ කලාතුරකින් . මොකද ඉතින් නගරේ වැව් තියෙනවා කියලා යෑ .කුනු කානු නම් තියේ ලොකුවටම.  මගේ හිත සතුටින් පිරුනේ උදේ  සිට මේයාල හැමෝමත් එක්ක තරහ බව පවා  මොහොතකින් අමතක වෙමින් . ඒ තරමට මන් වැව් වලට කැමතියි….??.

“සුදූ වැඩිය ඈතට යන්න එපා . ගිලෙනවද දන්නෑනී” මාගේ ප්‍රේම භුංගරාජයා කිවුවා. ඔව් ඔව්  ඒ ඉතින් මගේ ශාලු සුදා තමා. වැව සමීපයට ලන් ඌ මා දෙපා තේමා ජල දෝතක් අතට ගෑනීමට නැවුනූ විට මා දුටු දෙයින්. මාගේ දෙපා පණ නැතී විය. අම්බෝ මේන්න………

——————————————————- මන් සනූ

යාලුවනේ කතාව කොහොමද? තාම හොල්මන් කතාවට අවතිර්න උනේ නෑ නේද? ඊලග කොටසින් හොල්මන් තමා ඉතින් …. හී . කතාව ලස්සනයිද කියන්න. බුදුසරණයි දෙවිපිහිටයී ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න…

3 thoughts on “හොල්මන් බංගලාව |දෙවෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.