Katha Ahura

හොල්මන් බංගලාව | හයවෙනි කොටස ☠️ | හොල්මන් කතා

5/5 - (3 votes)

6වෙනී කොටස

සදූ ඇයි කෑ ගන්නේ මොකද උනේ . ඇයී පැටියෝ… කෑගන්නේ…… ශාලූ අයියා බියෙන් මෙන්ම තිගැස්මෙන් තම සොහොයුරියගේ කට හඩ ඇසුනූ කාමරය දෙසට ගමන් කරන්නට විය…………

——————————————————- “ඇයි මහත්තයෝ… කවුරු හරී හොයනවද? ”

“ඔව් මැනෙජර් මාමේ අපේ යාලුවෙක් අතුරුදහන් වෙලානී.”

“ඒ ලමයා එලියට ගිහින්ද දන්නෑ නේද?”

“අපි ඉන්න තැන දන්නවනම් තමුසෙට කියන්නෑනී. මේ මගුලකට ඇවිත් තමයි ඔක්කොම. ෂික් …”

“රදීක පිස්සුද ඔයාට .. නෑ අන්කල් මෙයාට පිස්සු එයා කියන එවා වැඩිය ගනන් ගන්න එපා.  ඒ ළමයා එලියට ගිහින් නම් නැතුව ඇතී… අංකල්”

“හරී මහත්තයා මන් බලන්නම් අර පැත්තේ……. ”

——————————————————-   සදූගේ කෑගැසීල්ලෙන් එතනට පැමිනි ශාලූ දිව විත් තරූව බදා ගත් අතර ඇයගේ කොපුල් සිබ සනසා ඇයට සිහිය ගැනීමට  වෙර දරන්නට විය… (ඇය සිහිසුන් වී ඇද වැටී සිටියේය)…. “සුදු ඇස් අරින්න මැණික ඔයාට මොකද්ද උනේ අනේ ඇස් අරින්නකෝ…………

“අනේ අයියේ තරූට මොකද උනේ එයාට නැගිටින්න කියන්නකෝ… අනේ අයියේ ….”

ශාලු තරූව වඩා ගෙන ඉහල මහලේ ඇගේ යහන වෙත රැගෙන ගොස් තබා පහත මහලට පැමිනෙන්නට විය….

—————————————————–

“අඩෝ සුදුට මොකද බන් උනේ .”

“කවුද චතුක දන්නේ”සමහර විට එයත් හොල්මනක්වත් දැක්කද දන්නෑ . නෙද ? භානූ දැක්කා වගේ..”

“ඒක තමා” රදීක.. එහෙම වෙන්න ඇතී.. ඔයා එදා මගේ ඇගේ හැප්පිලා ඇයී හොල්මන් සීයේ කියලා කෑ ගැහුවේ…. ” ශාලු අසා සිටින්නට විය.

“ඇයි බන්. ඇගේ හැප්පුනාම මට තේරුනා ඔයා පිරිමි ලමයෙක් කියලා . අනික ඉතින් බන් තරුණ අයට වඩා හොල්මන් කරනවා කියලා මන් අහලා තියෙන්නේ. වයසක අයනී ශාලු”

හික්ස් හැමෝම ඔහුගේ වැඩ ගැන මතක් වී සිනාසෙන්නට විය.???? ඒත් ඔවුනට තව දුරටත් මේ හෝටලට තුල ඉන්නට තරම් කැමත්තක් නෝවූ අතර සදූ සනීප ඌ වහාම මෙයින් නිකම යෑමට ඇවැසිව තිබිනි.

————————————————————————————————————–

මම අවදි වූයේ මාගේ සහෝදරයාගේ සුපුරුදු සිනහව සමග ඇති වූ  වර්ෂාව තුලිනි. ඔව් ඔව් මගේ අයියා මෝඩයා මට වතුර ගහලා…..

“ඒයි ඔහොම ඉන්නව පිස්සා. ”

“ඇයි මාගේ සෝස මල . ඔයාට තරහ ගියාද?” එන්න මගේ චූටි කුමාරී මන් ඔයාට අයිස් ක්‍රීම් ගෙනාවා  ”

“අනී මගේ හොද අයියා පණ ” කිය මාගේ අයියාගේ නළල සිප ගත් මා ඔහුට කුචු කවන්නට විය…

ඔහු මා ඔසවා වටේට කැරකෙන්නට විය. “අයියේ අපි යන්ද වැව පැත්තේ නෙලුම් මල් කඩන්න.. හවසට පන්සල් යන් . ඉයේ නතාලී අක්කා කිවුවා වැවේ මල් පිරිලා කියලා..”

“හරී මගේ මැණික අපි යන්…”

අපී වැවට ගියේ සිනාසෙමිනි.වැව හැමදාමත් පුරුදු මගේ අයියා පණ මල් කඩන තුරු මා වතුරට කකුල් දාමා සොලවන්නට විය.එකවිටම මගේ අයියා ගිලෙන්නට වූ අතර? මාගේ කකුල් වල වැල් ජාතියක් පැටලෙන්නට වූ අතර මා කෙතරම් ඒ වැල් වලින් බේරී අයියා ලගට යාමට ප්‍රයන්ත දැරුවත් නොහැකී විය..  මා අයියව බේර ගැනීමට නොහැකිව කෑ ගසන්නට විය….

“අයියේ……අනේ… මගේ අයියේ…… අයියේ…..බේර…..ගන්නකෝ.. අනේ කවුරුත් නෑ…ද්..දෝඕඕ….”

එකෙනෙහිම මා අවදී විය. ඔව් මා දුටුවේ හීනයක් ඒක ඇත්තක්ම වාගේ අනේ මගේ ඇස් දේකේ කදුලූ ගලගෙන යනවා.. ජීවිතේට සමීප විදියට ඒ හීනය කොහොම බද්ද උනාද?  එවේලෙම සදූ වගේම නදී ශාලූ අයියත් කාමරයට ඇතුලු වූ අතර මා අසලට පැමිනි ශාලු අයියාව  බදා ගත්  මා හඩන්නට විය….

“මොකද වුනේ මැණික”…. මැණික යන වචනය ශාලූ අයියා කිවූ විට මට එහි හුරුපුරුදුකම වෙනදට වඩා වැඩියෙන් දැනෙන්නට විය.”මට තව තවත් ඉකි ගැහුනී….

මන් බෝහෝ වේලවක් ඔහුගේ උරහිසට වී හැඩූ අතර පසුව මන් ඇස් පිස දමා ලැජ්ජාවෙන් ඔහුගේ මුහුණ බලා  ඔහුගෙන් ඈත් විය.අප්පොච්චීයෝ මන් බදාගෙන හිටියේ මගේ පිස්සු කොල්ලනී. හී ලැජ්ජාවේ බෑ..

“සදූ මෙයාව හොදට බලා ගන්න. මන් පල්ලෙහාට යන්නම්.”

“හරී අයියේ”

“තරූ ඔයාට මොකද්ද උනේ? .. ඔයාට ඉයේ රෑ මොකද උනේ තරූ?කාටද කෙල්ලේ අයියේ…අයියේ.. කියලා කෑ ගැහුවේ.. මන් ගොඩාක් බය උනා කෙල්ලේ අම්බෝ යන්තම් ඔයාට කරදරයක් නෑ”

ඔව් මන් ඇත්තටම අයියේ කිවුවේ කාටද ඇයි මන් දැක්ක හීනේ බොද වෙලා පේන්නේ. මොකද්ද මට වෙන්නෙ. ඒ දේවල් ගැන මා හට කිසිම අවබෝදයක් නොතිබිනි.. “අනේ සදු මට ටිකක් ඉන්න දෙන්න. මගේ ඔලුවත් රිදෙනවා”

මන් ඉයේ රාත්‍රියේ දුටු දෙය  හෝ මට බොද වු සිතුවමක් මෙන් පෙනෙන මේ සිහිනය අතර යම් සම්බන්ධයක් තිබෙන බව දැනුනත් .. ඇත්තෙන්ම මට එය වෙනත් අයෙකුට කීමට අවශ්‍ය වූයේ නැත. ඇත්තෙන්ම මාගේ සියලූ දේ ගැනම දන්නා මගේ සහෝදරීය හා සමාන යාලුවා වූ සදූටවත් මන් මේ පිළිබදව පැවසුවේ නැත්තේ මගේ හදවත කිවූ නිසා පමණක් නොව මේ සිහිනයෙන් පසුව මේ ස්ථානය බෝහෝ හුරු පුරුදු බව දැනුන නිසාය. මාගේ සිතිවිලි ජාලව මදකට බීදී ගියේ මගේ මිතුරියගේ කටහඩිනි.

“තරූ තරූ … මොන ලෝකෙද යකෝ උබ ඉන්නේ… මෙන්න නැන්දා cl කරනවා..”

අප්පට කිරි අප්පොට බල්ලො පැනපි කිවුවලු .  දැන් නම් හොදට අහගත්තෑකී තමා… මෙහෙට ඉයේ ආවට පස්සේ මන් ගෙදරට කතා කරේ නෑනී . එක අතකට කොහෙ කතා කරන්නද? මට උනු ප්‍රශ්න වල හැටියට…අප්පට මේ සදුගේ 4න් එකට කෝල් ගන්නෙ ඇයි?.. මට ලස්සන සූටී 4න් රාජයෙක් ඉන්නවා කියලා ගෙදරට අමතක වෙලාවත්ද? ඒකත් හොදා මට තවත් අලුත් 4න් එකක් ගත්තෑකී.හී.?.. මන් මොනා හිතනවද මන්දන්නෑ . මෙන්න මේකී මට ඔරවනවා. ටක් ගාලා 4න් එක ආන්සර් කරා   නැත්නම්   මේ ගිනී පිබින මකරී මගේ ලස්සන මූනටත් ගින්දර පිම්බොත් .ඔව් ඔව් වෙන කවුද මෙන්න මේ සදූ මකරී තමා…….

“හලෝ මගේ අම්මා කෙල්ල… කොහොමහොද ඉතින්.”

“හොදා කතකරන විදිය. කොච්චර කෝල් කරාද මන් කෝල් සීයක් ඉතර අරන් ඇති ඔයාගේ 4න් එකට පස්සෙ එක off  ”

“අහ් මෙහාට සිග්නල් නෑ අම්මේ .හී.”

“හොදා කිවුව බොරුව …. සදු  ළමයගේ 4න් එකට. ශාලු ළමයගේ 4න් එකට සිග්නල් තියෙනවා..ඔයාගේ එකට විතරයි නැත්තේ නේද?”

අප්පා අතේ පුපුරන බොරුවක් කිවුවනී. අයියෝ ෂික් … “අම්මේ ඔයාගේ හස්බන්ඩා කෝ..” කතාව වෙන පැත්තකට යොමු කරන්න ඔනීනේ නැත්තම් බැනුම් තමයී ඉතින්”

“පිස්සු කෙල්ල ගුටි දෙන්නෙ. අප්පච්චි බිස්නස් වැඩක් කරනවා..”

“ඒක නේවේ අම්මා ශාලූ අයීයට ගත්තේ ඇයී?”

“මාගේ අනාගත බෑනගෙන් මගේ කෙල්ල ගැන විස්තරයක් දැන ගන්නනී ”

අයියෝ අම්මත් මොනා කියනවද  මන්දා . ලැජ්ජාව ටැන්කියෙන් එකයී. ඔව් ඔව් අපේ අම්ම දන්නවා මන් ශාලු අයියට කැමතියි කියලා.

 අම්මා  එක්ක ගොඩාක් වෙලා කතා කරලා කෝල් එක තිබ්බා.. කියන්න සතුටුයි මගේ 4න් බබා ඔෆ් වෙලා කියලවත් මන් දන්නෑ.

මන් උදේට කෑවෙත් නැති නිසා දවල් කෑම ගන්න.wash එකකුත් දාගෙන ලස්සන කලු පාට ගවුමක් ඇන්ද  එාකේ කහපට මල් වැටිච්ච ගව්මක් . ඉන ගාවට තිබුනු මගෙ කොන්ඩෙත් කඩලා පල්ලෙහාට ගියේ දවල් ආහරය බුක්ති විදින්න… ඔන්න ඉතින් මන් පල්ලෙහට බහිද්දි මගේ දිහා හැමෝම වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා විශේශයෙන්ම ශාලු අයියා..   මන් ඇස් වලින් ඉගි කරලා රදීක අයියාගෙන් ඇහුවේ ඇයි කියලා . එයා මහපට ඇගිල්ල උරුක් කරලා කිවුවා නියමයි කියලා.. කොහොමත් මන් සූටී කාලේ ඉදන් ආසම පාට උනේ කලූ පාටට. ගොඩාක් අය කැමති නම් නෑ . එත් මන් කැමැතියිනේ…. කෑම මේසේට කෑම යවලා   තිබිච්ච නැති නිසා මන්    එලියට ආවේ මෙහි හුරුපුරුදු බව වඩාත් ලන් වෙද්දී.. මන් එලියට ඇවිත් පැද්දෙන ඔන්චිල්ලවක වාඩි උනේ . වටපිට බලමින්. ඇත්තෙන්ම මන් කලින් මෙහි ජීවත් උනා වගේ දැනුනා.. ඒ වගේම ජීවිතේ  ඒ දවස් ගොඩාක් සුන්දරයි වගේ හැගීමක් ළය පුරා ගමන් කරා. එකවිටම මගේ සිතිවිලි ජාලාව විසිරී ගියේ ශාලු අයියාගේ කටහඩින්.

” නංගී ජසියක් දාගත්තෙ නැතුවද එලියට ආවේ … ඔයාට සීතල නැද්ද?”

අප්පට මළකෙලියයි ජූලි හතයි කිවුවලූ. මන් මොන සිහියේ ඉන්නවද මන්දා..දැන් නම් සීතලයි වගේ සිතමින් මා දෑත් හකුලන්නට විය.

“සුදූ මන් ඔයාට තෑග්ගක් ගත්තා මෙන්න ඇරලම බලන්නකෝ….” කියමින් ශාලු අයියා කවරයක් මා අත තැබීය.මා එය හැර බැලුවේය.

“වාව්ව්ව් හරිම ලස්සන තද රෝස පාට ජර්සි එකක් . එකේ මැද පැන්ඩා බබාලා දෙන්නෙක් ඉන්නවා… හී ”

“තැන්කියු අයියේ ඒක හරිම ලස්සනයි” කියූ මම එය හැද ගත්තේය.

” මට කලින් ඕක දෙන්න බය හිතුන ඔයා ගන්නැති වෙයි කියලා  ”

“එහෙම නෑ . යන්ද පල්ලෙහා පැත්තේ රවුමක් දලා එන්න.”

“හා යන්”

අපි දෙදෙනා පහලට බැස ගත් අතර ගල් පඩියක් උඩ අපි හිද ගත්තේය.

“නන්ගී ඉයේ මොකද උනේ .ඔයාට අවුලක් නෑ නේද?  අපි ගිහින් බලද්දී ඔයාට සිහියත් නෑ. ”

අහ් අයියේ එහෙම අවුලක් නෑ . මන් ඔහුව මගහැරීමට පැවසුවේ මේ හරියනම් ලස්සනයි නෙද? යනුවෙනී., මන්ද කතාව වෙනතකට යැව්වේ  මා දුටු දෙය පැවැසීමට මා මැලී වූයේ වෙනත් හෝටලයකට යාමට වෙයි යන බිය නිසයී.මන්ද මා හට මෙහි ගත කීරීමට යටි හිත බල කලේ මා නොදන්නා හේතු නිසයී.   අයියේ අර හරියට  යන්ද ඒ හරිය ලස්සනයී වගේ නේද?.

” දැන් බෑ සුදු මෙතන ඉමු. ”

“බෑ මට යන්න ඔනී”. කියමින් මා නැගී සිටි අතර එකවර මාගේ පය පැකීලීබිමට වැටෙන්නට ගිය අතර ශාලු අයියා මා අල්වාගෙන මා දෙස බලා සිටිමින්. මගේ දෙතොලට  ලන් වී විය . ඔව් ඔහු මගේ තොල් සිපගන්නට වූ අතර විනඩි කිහිපයකින් ඔහු මගේන් ඈත් වූයේ වරදක් කල පොඩි ලමයෙක් අම්මා දෙස බලන අයුරින් මා දෙස බලමිනි… මටනම් මාර හැපී මට ඔනී උනේ එයාව මගේ කර  ගන්නනී… හී.

ඔහු මාගේ සුරතින් අල්වා ගත් අතර අපි යමු උඩට කියා ශාලු අයියා පවසා ඉදිරියෙන් ගමන්   කරන්නට වූ අතර මන් ඔහුගේ දෑස් දෙස බලමින්  ඔහු පිටුපස ඇදී ආවේ සිතේ බලාපොරොත්තු පොදි බැදගෙනයි. … අන්න අර හිකනලා හිනා වෙනවා . ඇයි මේ ගස් ගෙම්බා අපී දිහා බල බල හිනා වෙන්නේ … අප්පා වස නොන්ඩිය. ඔව් ඔව් මේ රදික පිස්ස හිනා වෙන්නේ …. මේ අහින්සක මගේ දීහා බලලනී. හී ඇයි අනේ ශාලු අයියා මගේ අතින් අල්ලන්නි හිටියේ මන් ටක් ගලා අත ගනීමින් . හොටෙල් එකට දුවන්නට වූයේ ඔහුගේ නෝන්ඩි සිනහව මගහරිමින්..ඒත් ඉතින් හරි ගියෙ නෑ. මොකද ඉතින් රදීක අයියට තියෙන්නෙ කටක් නෙවේනී. කතාවටත් කියනවනී රට වටේට් වැට බැන්දත් කට වටේට වට බදින්න බෑ කියලා. ඒ වගේ තමා ඉතින්…

“යකෝ trip ඇවිල්ලා මුන්ටනී ලොකුම සප්‍ප්‍රයිස් එක හම්බෙලා තියෙන්නේ… හොල්මන් ගුහාවක් ඇතුලට වෙලා හරී love කරපල්ලා”

“ඔයාගේ කුමාරිහාමී ඔය ඇතුලේ ඉන්නේ.. එයාට කෙලින්ම කිවුවනම් ඉවරනී ඉතින්. ” මා කිව්වේ ඔහුව ඇවිස්සීමේ බලාපොරොත්තුවෙන් වූවත්  ඔහුගේ මුහුන එකවර අදුරු වූයේ මෙතරම් වෙලා පැවති ඔහුගේ සුන්දර සිනාවද මකා දමමින්.

“ශාලූ වහනේ යතුර ඔයා ලගද?”

“මොන යතුරද?”

” යකෝ අපි ගුවන්‍ යානයක අවේ නෑනී. ආව මගුලේ තමයී …එකේ යතුර උබ ලග තියෙනවද නැද්ද?  ”

“නෑ බන් . ”

“මේ හොල්මන් ගුහාවේ ඉන්න බෑ බන් . යන්න යතුර නෑ බන්. හෙවුවට හම්බුනේ නෑ. භානුට මළ පැනලා යතුර නෑ කියලා”

ඇත්තටම මේකේ හොල්මන් ඉන්නවා තමයි… ඉයේ මන් දැක්ක දෙවල් වලින් ඒක සීයට සීයක් ඔප්පු උනා එත් මාගේ හිතනම් කිවුවේ මේක දලා යන්න එපා කියලමයී. මගේ ඇස් වලට කදුළු උනන්නට වුනේ යන බව දැන් වූ මොහොතේදීමයී……කෙසේ වෙතත් හොල්මන් ඉන්නව කියලා දැන දැනම මෙහි නතර වීමට කිසිවෙකු එකග නොවෙයි. .එසේම සිත කෙතරම් බල කරත් මා සහ මේ හෝටලය අතර සම්බන්දයක් තිබේ යැයී පිලිගැනීමට හෝ තව කෙනෙකුට පැවසීමට සාක්ශිද මා සතුව ඇත්තේද, නෑ. . ඉතින් මා මෙහි නතර වන්නේ කුමටද? කෙසේ නමුත්  මාගේ යටි   හිතේ ප්‍රර්තනාව ඌයේ යතුර හම්බෙන්න එපා කියලායී . රෑ පුර යතුර සේව්ව නමුත් යතුරනම්  ඉතින් හම්බුනේ නැහැ.

මා ඉහල මහලට ගොස් මාගේ කාමරයට පැමිනියේ නින්ද සොයා ගනිමිනී. නින්ද අහලකටවත් නොපැමිනි‍යේ මා ඉයේ දුටු සිහිනය පිලිබද සිතමින් සිටි නිසායි. කෙසේ නමුත් මැදියම් රැයේ . මාගේ නිදි දෙව්දුව මාව  හොයාගෙන ආවේ නින්ද ඉක්මනින් ම ලගා කරමින් ……

——————————————————-මන් = සනූ

ඔන්න යාලුවනේ ඔයාලටත් ප්‍රශ්නයක් ඇති නේද? තරු හෙවත් සුදු දැක්ක හීනේ තෙරුම මොකද්ද කියලා…. කතාව ලස්සනයිද කියන්න. හිමිහිට ඔයාලගේ ප්‍රශ්න විසදන්නම්කෝ මන්.? රදීක කියන චරිතය දගයි වගේ නේද? තරූටත් වඩා……. හැමෝටම බුදුසරණයි . දෙවිපිහිටයි. පරිස්සමට ඉන්න.???

5 thoughts on “හොල්මන් බංගලාව | හයවෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.