Katha Ahura

හිතුවක්කාර ආදරී | 06 කොටස | නවකතාව

4.7/5 - (16 votes)

පසුගිය කොටසින් ,

ඒක දැකලා මට ආපු කෙන්තියට මං ලග තිබ්බ මල්පෝච්චියත් පොලේ ගහලා එළියට ආවෙ නිලූ නැන්දා මං දිහා බය වෙලා වගේ බලන් ඉද්දී

මං එහෙම්මම වාහනේට නැගලා ඒක ගේට්ටුවෙන් එළියට අරන් ටික වෙලාවක් පාර අයිනේ නතර කරන් හිටියේ හිත සන්සුන් වෙනකන්

~~~~~~~~~~

දැන් ක්ලබ් එකට යන්න තරම් මානසිකත්වයක් නොතිබුණු නිසා මං කෙළින්ම ගියේ අපාර්ට්මන්ට් එකට

මං අපාර්ට්මන්ට් එකට ඇවිත් එකදිගටම බෙල් එක ගහන් ගියේ හිතේ තිබ්බ නොසන්සුන් කමට

“ආ මේ උබද”

“මං මේ දුවන් ආවෙ කවුද මේ බෙල් එක උඩ නැගගෙන ඉන්න එකා කියලා බලලා ඌට කන් වල ඇගිලි ගහගන්න හොද දෙකක් කියන්න”

දොරත් ඇරලා හරියට ඉබ්බා කටුවෙන් එලියට ඔලුව දානවා වගෙ ඔලුව විතරක් එලියට දාලා නිකියා කිව්වෙ මට ඇතුලට එන්න සම්පූර්ණයෙන්ම දොර ඇරලා

හැබැයි බොරු කියන්න ඔන්නෑ මේකිගෙ මේ මොන්ගල් වැඩ දැක්කාම මට ප්‍රශ්නත් අමතක වෙනවා.

“කෝ උබ කිව්වෙ නෑනේ ඉතින් ”

“මොනාද”

ගෙට ඇතුල් වෙලා මං නිකියගෙන් ඇහැව්වෙ ඒකි පුදුම වෙලා මං දිහා බලද්දි

“කන් වල ඇගිලි ගහගන්න දෙකක්”

“අනේ මේ ඉතින් මං උබට කිව්වයි කියලා හිතාගනින්”

මං හෙන සීරියස් පිට කිව්වාම ඒකි මූනත් හතරැස් කරන් මට කිව්වෙ මං හිනාවෙද්දී

අම්මෝ මොනාවුනත් අර හොදම යාලුවව අවුස්සලා ගන්න ආතල් එක කුලුහරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ කියන කතාවනම් ඇත්ත තමා

“ඒයි ඒයි ඔහොම ඉදපන්”

එකපාරටම හිනාවෙවීම කාමරේට යන්න හදපු මාව නිකියා නතර කලේ දුවන් ඇවිත් මගේ ඉස්සරහින් හිටගෙන

“පිඹපන් බලන්න”

“මේ මොකද යකො මේ ”

මං පුදුම වෙලා අඩියක් පස්සට පැනලා මේකි දිහා බලද්දි මේකි කිව්වෙ මගෙ මූනට ලං වෙලා

අම්මේ මේකි මට අතවරයක්වත් කරන්න යනවද දන්නෑ දෙයියනේ අම්මෝ දැන්නම් බයෙත් බෑ

“කෝ කෝ මෙහෙ වරෙන් බලන්න මට ගදක් එහෙම එන්නෑනේ අද උබේ ලගින්”

“යකෝ මගෙ සංවේදී ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වෙලාද දන්නෑ”

ඒ සැණින් මේකි කිව්වෙ මගෙ මූනට එබිලා ඒකිගෙ නහයෙන් ඉව කර කර බලන ගමන්

“මං බීලා නෑ යකෝ”

ඒත් එක්කම මං කිව්වෙ අඩියක් පස්සට පැනලා ටිකක් සද්දෙට මං එහෙම කිව්වා විතරයි මේකි මං දිහා බැලුවෙ නිකන් ලෝකෙ අටවෙනි පුදුමෙ දිහා බලනවා වගේ ඇස් කටේ දාන්

“ඒක තමා මටත් තියෙන ප්‍රශ්නෙ”

යකෝ මේක මාර වැඩක්නේ බිව්වත් එකයි නොබිව්වත් එකයි

“අඩේ මේ බලපන් මයෙ අම්මා උබට මොකක් හරි අසනීපයක්වත් ද”

“නෑ නෑ මේ බලපන් උබේ ඇග රස්නෙත් නෑ”

“මේ උබේ කොහේ හරි රිදෙනවද ”

ඒ ගමන මේකි කියවන්නෙ කැපිච්ව පනුවා වගේ දගල දගල මෙගෙ නලලටයි බෙල්ලටයි පිටිඅල්ල තියලා බලලා මාව හතර පැත්තට හරෝ හරෝ බලන ගමන්

අර්ර්ර් අනේ ඇත්තමයි ඒ පාර මේකි මාව බයිට් කරන්න පටන් අරන්

“ඕක නවත්තපන් බන්”

“මොන මගුලක්ද මේ”

ඒ සැනින් මං කෑ ගහල කිව්වෙ කේන්තියටත් වඩා ඒ වෙලාවෙ ඇතිවෙච්ච ලැජ්ජාවට

“ඉතින් යකෝ ඇත්තනේ මං කිව්වෙ උබ නොබී සිහියෙන් ගෙදර ආවා කියන්නෙ මට නම් ඒක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්”

“අනේ මේ පලයන් යන්න පැත්තකට”

ඒ සැනින් ඒකිවත් තල්ලුකරන් මං පුපුර පුපුර ආවෙ කාමරේට මගේ මේ රැවුල ගිනි අරන් ඉන්න වෙලේ මේකි එනවා සුරුට්ටු පත්තු කරන්න

“සෝනූ”

“හ්ම්ම්ම්ම්ම්”

“සෝනූ………..”

“ඇයි බන් කියපන් අහන් ඉන්නෙ මං”

නිදාගන්න කියල ඇදට පැනපු ගමන් මුනින් අතට හැරිලා ඇද බදාගෙන හිටපු මට කතාකලේ නිකියා

“උබ අද ක්ලබ් ගියේ නැත්නම් කොහෙද ගියේ”

“ම්ම්ම්ම්හ්”

නිකියා මගෙන් ඇහැව්වෙ මුනින් අතට හැරිල ඉදපු මං උඩුබැලි අතට හැරිල බර හුස්මක් පහත හෙලද්දි

“ගෙදර”

“ඇහ්”

“කොහේ කිව්වා”

“ගෙදර ගෙදර බන්”

මං කිව්ව සැණින් නිකියා ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් බැලුවෙ මං දිහා ඒකි බලන් හිටපු විදියට මට හිනාත් ගියා

ආයේ නෑ තව පොඩ්ඩෙන් ඒකිගෙ ඇස් ගෙඩි දෙක එලියට පැනලා බල්ටි ගහනවා

නිකියාට මගෙ ජිවිතේ හංගන්න දෙයක් නැති නිසා මං සේරම අකුරක් නෑර ඒකි එක්ක  කිව්වෙ ඒකි ඇස් කටේ දාන් අහන් ඉද්දි

“ඒ කියන්නෙ මේ පාර උබට ලේසි වෙන්නෑ වගේ පුතෝ”

සේරම කියලා ඉවර උනාම ඒකි කිව්වෙ මං දිහා බලලා

“හ්ම්ම්ම්ම්ම්”

“හරි හරි අපි මොකක් හරි කරමුකෝ බන් ඕකට”

“දැන් උබ ඕක ගැන ඔය හැටි හිතන්න ඔනෙ නෑ”

“ඔය කිව්වට ඌ උබව හෙට බදින්නෑනේ බන්”

නිකී කිව්වේ මගෙ උරහිසටත් පාරක් ගහලා

“සේරමත් හරි බන් ඌ මං දිහා බලන් විදිය තමා”

“හරියට නිකන් අර බල්ලෙක් මස් කෑල්ලක් දිහා කෙල හල හල බලන් ඉන්නවා වගේ බන් ”

“අන්න ඒ වෙලාවට නම් මට දෙන්න හිතෙනවා උගේ අනාගතේම අදුරු වෙන්න”

මං කිව්වෙ දිනූෂ මං දිහා බලන් ඉදපු මතක් වෙලා

“හා හා කලබල වෙන්නෙපා බන් අපි ඕකට හිමීට මොනාහරි කරමුකෝ බන්”

“උබ කෝකටත් හෙට අයියලගෙ දිහා ගියාම අයියට කියලා බලපන්”

“දැන් නිදාගනින්”

“ගුඩ් නයිට්”

නිකියා එහෙම කියල ඇදට ඇවිත් පෙරලුනේ මාත් රෙද්ද ඔලුවෙ ඉදන් පෙරව ගනිද්දී

එක අතකින් ඒකි කියන එකත් ඇත්ත කලබල වෙන එකෙන් මේක ඉක්මන් වෙන්න බැරිත් නෑ.

සුපුරුදු පරිදි ඉතින් මං උදේ ඇහැරුනෙ නිකියගේ ගාණ්ඨාරෙ සද්දෙට තමා

ඒකිට කුටු කුටු ග ගා බැන බැන ම වොෂ් රූම් එකට රින්ගලා වොෂ් එකක් දාගෙන මං යන්න ලෑස්ති වුනේ අයියලගෙ දිහා

ලංකාවට ආවත් හරි එකපාරයි එහෙ ගියෙ දැන් ඉතින් එහෙ ගියාම ඕකට කියන සේරම කුප්ප කතා ටිකත් අහගන්න කන් දෙකත් සුද්ද කරන් එහෙම යන්න එපැයි

_____________

1 thought on “හිතුවක්කාර ආදරී | 06 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.