Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 26 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-26 වන කොටස-

මං ඉස්සරහට යද්දි ඇහුනෙ අඩි සද්දයක්… එතන තිබ්බෙ පොඩි පැසේජ් එකක් නිසා හැංගෙන්නවත් ඉඩක් නෑ… මං ප්‍රිස්ටල් එකත් ඉස්සරහට දික් කරගෙනම ගියා…

එක පාරටම මගෙ ඉස්සරහයින් මතු උන කට්ටියව දැක්ක පාරනම් මට පුදුම හිතුනා…

“දේව්.. උබ හොදින් නේද?”

“මං හොදින් බං.. ඒත් උඹලා කොහොමද ඇතුලට ආවේ?”

“ඒවා ගැන පස්සෙ කතා කරමු… දැන් යමන් ඉක්මනට.. ”

ඇවිල්ල හිටියෙ ඩෙවෝනුයි,චනුකයි,සලිතයි… මේ මොහොතෙ හැටියට මට එයාලව දැක්කහම දැනුන සතුට කියා නිමකරන්න බෑ…. මාව දැක්ක
ගමන්ම තුන් දෙනාම ඇවිත් මාව වැලදගත්තා..

අර තුන් දෙනා යන පිටිපස්සෙන්ම මාත් ඇවිදගෙන ගියා… මටනම් මේ ගෙදර ගැන කිසිම දැනුමක් නෑ… බලන බලන තැන වටවෙලා බිත්තිවලින්… මං තනියම් මේ ගෙදරින් පැනගන්න හිටියනම් මට වෙනම පිස්සුවක් හැදෙනවා sure…

ඒත් ඉතිං මුං තුන්දෙනානම් පුරුදුකාරයෝ වගේ ඇවිදිනවා… මටත් මොකෝ.. මාත් ඉතිං ගියා.. ඒත් එක පාරම අපිව වට කලේ මිනිස්සු 5 දෙනෙක්.. අපි අතර දෙනාට පස් දෙනා මොකද කියලා හිතාගෙන දෙවරක් නොහිතම ෆයිට් එක පටන් ගත්තා…

මං ඉස්සරහට අපූ එකාට මං දුන් ෂොට් එකෙන් උගේ නාස් පොල්ල කඩාගෙන ගියා… නහයෙන් ලේ ගලාගෙන යද්දි මූ මටත් රවාගෙනම ආයිත් ඉස්සරහට ආවා… දෙවරක් නොහිතම මං කලුල නමලා දන්හිසෙන් උගෙ බඩට ගැහුවා…

එහෙම්මම ඌ විසිවෙලා ගිහින් බිම ඇදගෙන වැටෙද්දි මගේ ඉස්සරහට තව එකෙක් ආවේ තඩි පොල්ලකුත් උස්සගෙන… ඌ මට පොල්ලෙන් ගහන්න හදද්දිම මං ඒ පොල්ල අල්ලගෙන එහෙම්මම ඇබරෝගෙනම උට අත මිට පොලවලා මූණටයි බඩටයි ගැහුව පාර ඌත් විසිවෙලා ගිහින් වැදුනේ බිත්තියේ…

අරුන් පස් දෙනාම බිම පතබෑවෙලා ඉන්නවා අතින් කටින් ලේ පෙරාගෙන…

අපි තවත් එතන නොයිදම ආවා.. ගෙයින් එලියට අඩි තියද්දි මං දැක්කෙ මිදුලේ වැටිලා ඉන්න මිනිස්සු ටික..

“ඈ බං.. මුන් ගුටිකෑවේ උඹලගෙන්ද?”

“නැතුව් නැතුව… උඹත් පරිස්සම් වෙයන් අපෙන්..”

“පලයං බං යන්න..උඹලගෙ හැටි මංනෙ දන්නෙ..”

“අහ් හා.. රන්ඩුවෙන්නෙ නැතුව යමන්ලා..”

අපි ඉක්මනින් අර ගෙදරින් පිටත් උනා… ආයි කතා නොකර අපි බයික් වල නැගලා ඉගිලුනා.. කා අතරවත් කිසිම කතාවක් තිබ්බෙ නෑ..

මෙයාලා යන්නෙත් වෙනදා අපියන සුපුරුදු පාරලත් නෙවෙයි… මං ඒ ගැන ප්‍රශ්න නොකරන්න ගියේ මොකද මට යාලුවෝ ගැන තියෙන්නෙ විශ්වාසයක් මිසක් අවිශ්වාසක් නෙවෙයි නිසා..

මොකද එයාලත් හොදාකාරවම මොලේ පාවෙච්චි කරලා වැඩ කරනවා කියලා මං දන්නවා.. ඒකනෙ ඉතිං මේ වැඩේට එයාලව joint කරගත්තේ මං..

පැයක විතර ගමනකින් පස්සෙ තමා බයික් ටික නතර උනේ.. ඒකත් මට නුපුරුදු තැනක.. අනික ඒ තැන ටව්න් එක පහු කරලා ගොඩක් දුර ආවට පස්සෙ තමා හම්බවෙන්නෙ.. බැලූ බැල්මට පිටිසර පැත්තක්… බයික් ටික නතර කරලා තිබ්බේ පුංචි ගෙයක් ලග..

ඒ ගේ වටේටම තිබ්බෙ කැලේ… අහල මායිමකවත් තවත් ගෙයක්නම් මට පෙනුනෙම නෑ… ඒත් ඒ පරිසරේනම් මගෙ සිත් ඇදගත්තා… මොකද ඉතිං නාගරික ප්‍රදේශයක ජීවත් වෙලා මේ වගේ තැනකට ආවාම කාටද ආස නොහිතෙන්නෙ.. ඒදේ අත්විදලා තියෙන අයනම් හොදාකාරවම දන්නවා ඇති..

අපි බයික් වලින් බහිනවත් එක්කම වගේ ගේ දොරත් ඇරගෙන එලියට ආවේ බුවනෙකයි,මිනුරයි… මං ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියේ මේ වෙන දෙයක් හිතාගන්න බැරුව..

මං මාරුවෙන් මාරුවට හැම කෙනා දිහාම බැලුවේ මේ වෙන්නෙ මොනාද කියලා තේරුම් ගන්න බැරි නිසා..

“හැමදේම කියන්නම්.. මුලින්ම ගෙට වරෙන්කෝ..”

මගෙ හිතේ තියෙන දේ තේරිලාද කොහේදෝ ඩෙවෝන් මගේ පිටට තට්ටුවක් දාගෙනම ගෙට ගියා.. අනිත් අයත් ඩෙවෝන්ව අනුගමනය කරද්දි මාත් ඒ පස්සෙන්ම ගෙට ගොඩඋනා..

“මේ වතුර එකත් බීලා,මේ ටිකත් කාලා ඉදපන්කෝ මුලින්ම..”

මිනුර මට කන්න කෑම එකකුයි වතුර වීදුරුවකුයි ගෙනත් ස්ටූල් එක උඩින් තියෙන ගමන් කිවුවා..

මාත් හිටියේ යකෙක් කන්න පුලුවන් සයිස් එකේ බඩගින්නක.. මොකද ඉතිං අරුන් හිර කරන් ඉද්දි මට ගෙනාපු කෑම එක කන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑනේ..

“උඹලා කාලාද ඉන්නේ?”

මං හැමෝගෙන මූණවල් දිහා බලනගමන් ඇහුවා… උන් බඩගින්නෙ ඉද්දි මට කන්න බෑනේ… උන්ටික මං වෙනුවෙන්නෙ මෙහෙම අමාරුවක වැටිලා ඉන්නේ..

“අපි කෑවා බං.. උඹ කාපන්කෝ..”

සලිතයා මට ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩිවෙන ගමන් කිවුවා.. මාත් ඒ සැනින්ම කන්න පටන්ගත්තෙ බඩගින්න හොදටම උග්‍ර වෙලා තිබ්බ නිසා…

මං ඉක්මනින් කාලා අතත් හෝදගෙන ඇවිත් අරුන් ටික ඉන්න තැනට ගිහින් වාඩිඋනා..

“දැන්වත් කියපන්කෝ.. ඇයි උඹලා මෙහෙට ආවේ.. එතකොට මේක කාගෙද? ඩෙවෝන්ගෙ ගෙදරට මොකද්ද උනේ??”

❤️❤️❤️

දේව්ට තියෙන ප්‍රශ්න කන්දරාවම ඔයාලටත් ඇති නේද.. ඒ ප්‍රශ්න කන්දරාවට උත්තර දැනගන් තව ඉවසන්න වෙනවා ළමයි… ඒත් ක්මනටම උත්තරයක් ලැබෙයි… හිතන්න දෙයක් ඉතුරු කලා ඔන්න..

ඒ ගැන හිත හිත හිතෙන දේවල් comment එකකින් කිවුවා කියලා මං තරහා වෙන්නෙ එහෙම නෑ.. ඒක නිසා comment එහෙම දාගෙන යන්නකො වස්තුලා..

බුදු සරණයි….

මං,
✴️Nawanjana✴️

8 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 26 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    මටත් දෙව්ට වගේ පිස්සු වගේ…??? ඔයා අපිව දාන අමාරුවක කෙල්ලේ….මොකද නවෝ මේ වෙන්නේ ??

    කතාව ලස්සනයි …. අනේ දිගගගගගග කොටස් දාන්න මගේ සුද්දී…. ?????

    හෙටත් එන්ඩෝ…. ???????

    බුදුසරණයි !!!!!

  2. Matanam hitenne uncle dewonge gedara danna nisai oya gedarata yanna athte. ???????
    Ane tawa tikak digaaaaaaa kotas dannako. Katawa godaaaak lassanai.
    Good luck. ??????????

  3. Nirosha Lakmali

    Ankal gena yaluwo denagaththe kohomada. Hoduwawak wath yaluwanta lebenna athi ekai me gollo okkoma දේව් inna thena denaganna eththe. Ankal gen berila horenma me gedarata anna athi. Diga kotasak dannako. Pls. Good luck

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.